𝔹 𝔸 𝔻 𝕌 𝕃 𝕃 𝔸

𝔹 𝔸 𝔻 𝕌 𝕃 𝕃 𝔸 Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from 𝔹 𝔸 𝔻 𝕌 𝕃 𝕃 𝔸, Travel Service, Badulla.

19/07/2024
දිවයින පුරා ඉදි වූ වෙසක් තොරන් සහ පහන් කූඩු
29/05/2024

දිවයින පුරා ඉදි වූ වෙසක් තොරන් සහ පහන් කූඩු

මුතියංගන රජමහා විහාරය 🌄 | Muthiyangana temple🇱🇰බදුල්ල ⛰️ | BADULLAනමුණුකුලත් නමදින ලොව එකම      ෴ මුක්තක ධාතු ස්තූපය ෴  ...
09/12/2022

මුතියංගන රජමහා විහාරය 🌄 | Muthiyangana temple🇱🇰
බදුල්ල ⛰️ | BADULLA

නමුණුකුලත් නමදින ලොව එකම

෴ මුක්තක ධාතු ස්තූපය ෴

🟢ගෞතම බුදු රජාණන් වහන්සේ සිය බුද්ධත්වයෙන් අටවන වෙසක් පොහොය දා පන්සියයක් රහතන් වහන්සේලා සමඟ කැළණියට වැඩම කළ අවස්ථාවේ ඉන්දික දිව්‍ය පුත්‍රයාගේ ආරාධනාවකට අනුව මුතියංගනයට වැඩම කළ සේක. වර්ථමාන මුතියංගණ සෑය පිහිටි භූමියේ නිරෝධ සමාපත්තියෙන් වැඩවුන් බුදුන් වහන්සේ තම දාඩිය බිඳු, මුතු බවට පත් කළ සේක.

🟠දේවානම්පියතිස්ස රජ දවස දෙතිස් ඵල බෝධියක් රෝපණය කර, මුක්තක ධාතු ( මුතු බවට පත් කළ දා බිඳු ) හා කේශ ධාතු නිදන්පිත කරමින් බුදුන් වහන්සේ නිරෝධ සමාපත්තියෙන් වැඩවුන් පිංබිමේ මුතියංගනය චෛත්‍ය ඉදිකරන ලද බව බුද්ධඝෝෂ හිමියන්ගේ සමන්ත ප්‍රාසාදිකා අටුවාව හා ථූපවංශය යන මූලාශ්‍රයන් හී සඳහන් ය.

🔵 වෙස්සන්තර ජාතකය ඇතුළත් පැතිකඩ සිතුවමක් මුතියංගණ රජමහා විහාරයේ ඇති අතර ඉඩෝර කාලය පැමිණි විට එම සිතුවම පෙරහනයකින් නමුණුකුල කඳු මුදුනට ගෙන යාමෙන් වර්ෂාව ඇති වන බව ජනප්‍රවාදයේ එන විශ්වාසයකි. ඉපැරණි චෛත්‍ය, බෝධිඝරය හා විහාරගෙය යන විහාරාංග වලින් සමන්විත මුතියංගණ රජමහා විහාරයේ මකර තොරණ ඉතා විශේෂ නිර්මාණයකි. හිඳි බුද්ධ රූපයක් හා දෙපස මොණර රූප දෙකකින් යුත් එම සුවිශේෂී මකර තොරණ වෙනයම් ස්ථානයක දකින්නට නොලැබෙන බව නම් විශ්වාස ය. එමෙන්ම මුක්තක ධාතු නිදන්පිත ලොව එකම චෛත්‍ය වන්නේ ද මුතියංගණ සෑ රජුන් ය.

🟠 ක්‍රිස්තු පූර්ව 3 වන සියවසේ සිටිම මහරහතුන් වැඩසිටි මුතියංගනය පිංබිම අවසන් වරට ප්‍රතිසංස්කරණය වී ඇත්තේ මහනුවර යුගයේදී ය. 1979 වසරේදී පුරාවිද්‍යා ආරක්ෂක ස්ථානයක් ලෙස නම් කරන මුතියංගනය වෙසක් පෙරහැර කාලයට බොහෝ සේ සංචාරක ආකර්ශනය දිනාගනී.

දුන්හිඳ ඇල්ල 🏞️  |  Dunhida waterfall🇱🇰බදුල්ල ⛰️  |  BADULLA      🟢    දුන්හිද යනු ශ්‍රි ලංකාවේ ඇති අලංකාර දිය ඇල්ලකි.බද...
09/12/2022

දුන්හිඳ ඇල්ල 🏞️ | Dunhida waterfall🇱🇰
බදුල්ල ⛰️ | BADULLA

🟢 දුන්හිද යනු ශ්‍රි ලංකාවේ ඇති අලංකාර දිය ඇල්ලකි.බදුල්ල නගරයට කි.මි 5ක් පමණ දුරින් පිහිටයි. එහි උස අඩි 210 කි. එනම් මී 64කි. දිය ඇල්ල පාමුල පැතිර පවත්නා මීදුම (ජල වාෂ්ප ) මෙයට එම නම ලැබීමට හේතුවයි. (සින්හලෙන් "දුන්" යනු මීදුම හෙවත් දුම යන්නයි ) බදුලු නගරය හරහා ගලා බසින බදුලු ඔය මේ මනරම්දිය ඇල්ල නිර්මාණය කරයි.

🔵දුන්හිඳ දිය ඇල්ල
🔵ස්ථානය •••••බදුල්ල, ශ්‍රී ලංකාව
🔵සම්පූර්ණ උස •••අඩි 210, මී. 64

දිය ඇල්ලට ලගා වීම සදහා කි.මි. 1ක පමණ දුරක් යාමට සිදුවේ. එම මාර්ගයේ මද දුරක් ගමන් කරන විට තවත් කුඩා දිය ඇල්ලක් හමුවන අතර එය "කුඩා දුන්හිඳ" ලෙස හැඳින්වේ. මාර්ගය අවසානයේ දිය ඇල්ල නැරඹීම සදහා නරඹන්නන් හට ආරක්ෂිත වේදිකාවක් ඉදිකර ඇත.

ශ්‍රී පාදය ඇරඹෙන උඳුවප් පොහොය දිනය අදයි
07/12/2022

ශ්‍රී පාදය ඇරඹෙන උඳුවප් පොහොය දිනය අදයි

😂😂😂😂😂😂
07/05/2020

😂😂😂😂😂😂

Address

Badulla
90000

Telephone

+94759268707

Website

Alerts

Be the first to know and let us send you an email when 𝔹 𝔸 𝔻 𝕌 𝕃 𝕃 𝔸 posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to 𝔹 𝔸 𝔻 𝕌 𝕃 𝕃 𝔸:

Share

Category