Uva Wellassa ඌව වෙල්ලස්සේ අපි

Uva Wellassa ඌව වෙල්ලස්සේ අපි Uva Wellasa People ඌව වෙල්ලස්ස අපි

15/05/2024
පෞද්ගලික බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටීමෙන් අද පස්වරුවේ සිදුවූ අනතුර ජායාරූප ස්තුතිය - BhaNu M. Dayarathna & Navin Drift...
15/05/2024

පෞද්ගලික බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටීමෙන් අද පස්වරුවේ සිදුවූ අනතුර

ජායාරූප ස්තුතිය - BhaNu M. Dayarathna & Navin Drift Miurubhash*tha lI

ගැරඩි ඇල්ල ගැන මේ ලස්සන ඉතිහාස කතාව අහලා තියෙනවාද??  🌊🧚🏻‍♀️🌸🌈🍀🌿👇ගොඩක් දෙනෙක් දන්නේ මේ ඇල්ලට මේ නම වැටුනේ මේ ඇල්ල ගැරඩියෙ...
15/05/2024

ගැරඩි ඇල්ල ගැන මේ ලස්සන ඉතිහාස කතාව අහලා තියෙනවාද?? 🌊🧚🏻‍♀️🌸🌈🍀🌿👇

ගොඩක් දෙනෙක් දන්නේ මේ ඇල්ලට මේ නම වැටුනේ මේ ඇල්ල ගැරඩියෙක් ආකාරයට ගලා බසින නිසා කියලනේ...

හැබැයි ඔයාලා නොදන්න තව කතාවකුත් තියෙනවා...
ඒ තමා..

ඔන්න කොත්මලේ පැත්තේ තිබුණලූ වටිනා රන් රිදිබඩු පිරිලා තිබුණ නිධානයක්... ඉතින් ඔය කියන නිධානේ ගන්න ගොඩක් මිනිස්සු උත්සහ කරලා..

කොහොම කොහොම හරි යන්ත්‍ර මන්ත්‍ර දන්නා අයත් ඇවිල්ල ඕක ගන්න හැදුවලු ඒත් බැරි උනාලු.

මේ නිදානය තිබිල තියෙන්නේ දියල්ලක් පා මුල..

ඒක ආරක්ෂා කරන්න ඉදල තියෙන්නේ ගැරඩියෙක්. මුත් ඉතින් අපේ ගෙවල් වලට එනවා වගේ පොඩි එකෙක් නෙවෙයි මහා දාර පිඹුරෙක් වගේ හෙන පත එකෙක්.

ඉතින් ආපු කාටවත් මේ නිදානය ගන්න නම් ලැබුනේ නෑ. ඔක්කොම ගැරඩියට බිලිවෙලා මැරිලා ගියා.

ඔන්න ඔහොම ඉන්න කොට මේ නිදානය ගැන ආරංචිය මුළු තුන් රටේම පැතිරුණ ඉතින් මේ ආරංචිය දැනගන්න ලැබුන මායා රටේ එක කට්ටඩියෙක් මේ නිදානය කොහොමහරි ගන්න ඕනේ කියල හිතල ගියා කොත්මලේට.

මේ මිනිහ කොත්මලේ ආවේ තමන්ගේ බිරිදත් එක්ක. ඉතින් දෙන්නම ආව. ඒ උනාට ගෑනි දන්නේ නෑ මේ ඇවිත් ඉන්නේ නිධන් හාරන්න බව .

ඉතින් මෙහෙම නිධානේ ගැන හොයන මේ මනුස්සයට හොයාගන්න පුළුවන් වුනා මේ ගැරඩියගේ බල බිදෙන වෙලාව.

ඒ වගේම මේ නිදනේ ගන්න ඕනේ විදියත්. ඒ අනුව නිධානේ ගන්න නම් ගැරඩියගේ බල බිදෙන වෙලාව බලල ගැරඩිය අල්ල ගන්න ඕනෙලු.

ඊට පස්සේ ඒ ඇල්ලෙන්ම නාලා. අර අල්ලගත්තු ගැරඩියගේ ඔලුව තම්බල කන්න ඕනෙලු. ඊට පස්සෙලු නිධානේ ගාවට යන්න පුළුවන්.

ඉතින් කොහොම හරි මේ මනුස්සය තමන් දන්නා වැඩ සේරම දාලා ගැරඩියව අල්ලාගෙන ඉවරවෙලා ගෑනිට දීල කිව්වලු මේකාව තම්බල උයන්න මම නාගෙන එන්නම් කියලා.

ගෑණිත් ඌව හොදට සුද්ද කරලා ඉව්වලු. ඔන්න ඔක්කොම උයලා ඉවර වුණා විතරයි ගේ දොරකඩට හිගන්නෙක් ඇවිල්ල කන්න මුකුත් ඉල්ලනවලු..

ඉතින් මෙයත් මොකෝ කලේ කැන්ද කොලයක් කඩලා මිනිහට බත් බෙදුවලු. දැන් අර ගැරඩියා උයපු මස් බෙදන්න මේ ගෑනිට ලොබයිලු.

කමක් නෑ ගැරඩියාගේ ඔලුව බෙදනවා කියලා හිතල ගැරඩි ඔලුව හිගන්නට බෙදුවලු.

කොහොම හරි හිගන්න බත් කාලා පින් දීල යන්න ගියාලු. ඔන්න ඔය අතරේ නාන්න ගිය මනුස්සය ගෙදර ඇවිත් කෑම ඉල්ලුවලු.

“ මතක් කරලා අර ගැරඩියගේ ඔලුවත් බෙදල ගේන්න” කියල කිව්වලු.

එතකොට ගෑනි කියනවලු “ මොකටද ඔය මස් නැති ඔලු කන්නේ මේ තියෙන්නේ හොද කෑලි ඕනේ තරම්” කිව්වලු.

“ උබට ඒවායින් වැඩක් නැනේ කියපු දේ කරපංකෝ”

“ගැරඩි ඔලුව නෑ , හිගන්නෙක් ආවා මම ඒක ඌට දුන්නා”

මේක අහපු ගමන් මිනිහට යකා ආවලු ගෑණිත් එක්ක .

“ යකෝ මම ඒක ගෙනාවේ හිගන්නට දෙන්න නෙමෙයි මට කන්න. ඒක කාල මේකේ තියන නිදානේ ගන්න.”

කියා කියා ගෑණිට ගහලා ගහලා කෙස්වැටියෙන් අල්ලාගෙන ගිහින් තල්ලු කලාලු ඇල්ලෙන් පහලට...

ගෑනි ඇල්ලෙන් වැටිලා මැරුනලු. මිනිහා හිස් අතින්ම ආපහු මායා රටට ගියාලු.

ඉතින් මේ කතාව හැමතැනම පැතිරුනා . ඊට පස්සේ මේ නිධානේ තිබුන ඇල්ල “ගැරඩි ඇල්ල” කියලා ප්‍රසිද්ද වුනාලු. අදටත් ඒ ඇල්ල හදුනන්නේ ගැරඩි ඇල්ල කියල තමයි.
ඔන්න ඕකයි කථාව.

ආ අර හිගන්නෙක් ආවා නේද ඒ හිගනෙක් නෙමෙයි බහිරවයෙක්. ගැරඩියා මැරුව කියල දැනුන ගමන් හිගන වෙස් අරගෙන ආවේ ඒක නවත්තන්න. ඒකා යනකොට නිධානෙත් අරගෙන ගිහින් තියෙන්නේ. ඒ කියන්නේ දැන් එතන නිදානේ නෑ.

ඔන්න ඕකයි කතාව
පින්තූර මුල්හිමිකරු සතුයි.📸🙏

ලංකාවෙ ලස්සනම ස්ටේෂන් එකක්.. ඉදල්ගස්සින්න. ❤️ඡායාරූප ව්ද්ල මුල් හිමිකරුවන්ට ස්තූතියි.
15/05/2024

ලංකාවෙ ලස්සනම ස්ටේෂන් එකක්.. ඉදල්ගස්සින්න. ❤️
ඡායාරූප ව්ද්ල මුල් හිමිකරුවන්ට ස්තූතියි.

15/05/2024

15/05/2024

15/05/2024

බැදපු අය බදින්න ඉන්න අයට දෙන අවවාද මොනවාද ?

රංගල නාන තඨාකය...ගොඩක් දෙනෙක්ගේ ජීවිතය නැතිඋන මරනීය තැනක් තමයි මේ...ලස්සනට තිබුනට මෙතන ගොඩක් බයානක තැනක් මෙතන නාන්න ගියප...
14/05/2024

රංගල නාන තඨාකය...

ගොඩක් දෙනෙක්ගේ ජීවිතය නැතිඋන මරනීය තැනක් තමයි මේ...ලස්සනට තිබුනට මෙතන ගොඩක් බයානක තැනක් මෙතන නාන්න ගියපු ගොඩක් දෙනෙක්ගේ ජීවිත මෙතනදි නැති වෙලා තියෙනවා..
ඒ නිසා යන හැමෝම පරිස්සමින් යන්න කියලා ඉල්ලනවා...

𝕍isit 𝕊ri 𝕃anka ☘☘
____________________

📸credit goes to respective owners

14/05/2024

ඇල්ල නගරයේ සතියකට බැක් පැකර්ලා 10 කට නගරයෙන් පිට නතර වීමට තැනක් අවශයයි (Bungalow)

ආරුක්කු නවයේ පාලම Nine Arch bridge
14/05/2024

ආරුක්කු නවයේ පාලම Nine Arch bridge

Airport Jobs 2024 ගුවන්තොටුපල ක්ෂණික රැකියා පුරප්පාඩු වැටුප 55,000👇👇Apply link👉https://cutt.ly/nwSkxA4L  (J3)Age 21/40වි...
14/05/2024

Airport Jobs 2024 ගුවන්තොටුපල
ක්ෂණික රැකියා පුරප්පාඩු
වැටුප 55,000👇👇
Apply link👉https://cutt.ly/nwSkxA4L (J3)

Age 21/40
විස්තර සඳහා පහත සබැඳිය ක්ලික් කර විස්තර බලන්න 👇👇👇👇
Apply link👉https://cutt.ly/nwSkxA4L (J3)

වැඩි විස්තර සඳහා ඔබේ දුරකථන අංකය වහාම අදහස් පෙට්ටියේ කමෙන්ට් කරන්න

ශ්‍රී ලංගම 70 / 80 දශකයේ කාන්තා අභිමානයඋපුටා ගැනීමකි
14/05/2024

ශ්‍රී ලංගම 70 / 80 දශකයේ කාන්තා අභිමානය

උපුටා ගැනීමකි

මෙහෙම බස් එකක් දැකලා තියෙනවාද.?ලංකාවම එකයි.බඹරැල්ල - පන්විල📷 Credit goes to original photographer
14/05/2024

මෙහෙම බස් එකක් දැකලා තියෙනවාද.?
ලංකාවම එකයි.

බඹරැල්ල - පන්විල
📷 Credit goes to original photographer

මේ පින්තූරයේ වැඩ හිඳින්නේ බුදුන් වහන්සේ දෙසූ ධර්මය පිළිබඳ නිවරද අර්ථ විග්‍රහයන් ඉදිරිපත් කර ග්‍රන්ථ රැසක් රචනා කළ මහාචාර...
14/05/2024

මේ පින්තූරයේ වැඩ හිඳින්නේ බුදුන් වහන්සේ දෙසූ ධර්මය පිළිබඳ නිවරද අර්ථ විග්‍රහයන් ඉදිරිපත් කර ග්‍රන්ථ රැසක් රචනා කළ මහාචාර්‍ය අතිපූජ්‍ය රේරුකානේ චන්දවිමල මහනාහිමියන් ය. (පින්තූරය ලබාගෙන ඇත්තේ චන්දවිමල නාහිමියන් අපවත් වීමට ටික කලකට පෙරදී ය).

විදුදය සරසවි පුස්තකාලයේ සම්පූර්ණ පොත් රාක්කයක්ම සමන්විත වන්නේ උන්වහන්සේ රචනා කළ පොත්වලිනි.

පොකුණුවිට පන්සලේ ඉතා අල්පේච්ඡ ජීවිතයක් ගතකළ චන්දවිමල හිමියන් තම ජීවිතයේ අවසන් සමයේදී වැදගත් ප්‍රකාශයක් කර තිබේ.

"රේරුකානේ චන්දවිමල ලෝකයේ වෙසෙන අයගෙන් වඩාත්ම දුප්පත් අයෙකි. අතෙහි පොල්කටුවක් පමණක් ඇති හිඟන්නාටද ''මේ පොල්කටුව මගේය' යන හැඟීම ඇති බැවින් ඔහුද යමක් සතු වූවෙකි. 'මගේ යන' හැඟීම නැති නිසා රේරුකානේ චන්දවිමල එයටත් වඩා දුප්පත් ය.

රේරුකානේ චන්දවිමල ලෝකයේ වෙසෙන අයගෙන් පොහොසත්ම අයෙකි. සෑම පොහොසතෙකුම තමාට ඇති දෙයින් තුටු වෙයි. අහිමි වීමෙන් දුක් වෙයි. එසේ තුටු වීමට හෝ දුක්වීමට කිසිවක් අල්ලාගෙන නැති හෙයින්, රේරුකානේ චන්දවිමල මේ කාලයේ සිටින ලොකුම පොහොසතෙකි. "

උපුටා ගැනීමකි ..

✍️ ස්තුතියි මුල් අයිතිකරුට ❤️

වැල්ලවායට කඩා වැදුණු ඇතෙක් රථ වාහන  වලට පහර දෙයි.කුඩා ළමුන් දෙදෙනකුට ඇතුළු තිදෙනකුට තුවාල.ත්‍රීරෝද රථයක් ද විනාශයි ====.
14/05/2024

වැල්ලවායට කඩා වැදුණු ඇතෙක් රථ වාහන වලට පහර දෙයි.කුඩා ළමුන් දෙදෙනකුට ඇතුළු තිදෙනකුට තුවාල.ත්‍රීරෝද රථයක් ද විනාශයි
====.

වනඅලි ගැටලුවලට විසඳුමක් ඉල්ලා වැල්ලවාය මොණරාගල මාර්ගය අවහිර කරමින් විරෝධතාවයක්.මාර්ගයේ ගමනාගමනයට සම්පූර්ණයෙන්ම බධා=====
14/05/2024

වනඅලි ගැටලුවලට විසඳුමක් ඉල්ලා වැල්ලවාය මොණරාගල මාර්ගය අවහිර කරමින් විරෝධතාවයක්.මාර්ගයේ ගමනාගමනයට සම්පූර්ණයෙන්ම බධා
=====

14/05/2024

බන්ඩාරවෙල දහම් පාසලේ ආචාර්ය සී. අබේනායක මියගේ සොයුරා අභාවප්‍රාප්ත ඇත අවසන් කටයුතු ඉරිදා සවස කලවානේ දී සිදුකෙරේ.

14/05/2024

සා/පෙළ ප්‍රතිඵලවලට පෙර උ/පෙළ පන්ති අරඹන්න කැබිනට් අනුමැතිය...

කොහෙද දන්නවද
14/05/2024

කොහෙද දන්නවද

මතකද .....
13/05/2024

මතකද .....

13/05/2024

බස් එකක් km 80/100 k පදින්න දී ඇති වෙලාව පැය කීයද, (බස් හෝල්ට් වල.නවත්තලා මිනිස්සු බස්සලා නග්ගගෙන ඇතුලුව)

Address

Badulla

Alerts

Be the first to know and let us send you an email when Uva Wellassa ඌව වෙල්ලස්සේ අපි posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Uva Wellassa ඌව වෙල්ලස්සේ අපි:

Videos

Share


Other Tourist Information Centers in Badulla

Show All