01/07/2023
News
---------
මුලටියනේ හා මාකදුරේ විශේෂ මෙහෙයුමක්. ගිණිඅවි හා හෙරොයින් සමඟ සිව්දෙනකු පොලිස් විශේෂ කාර්ය බලකා දැලේ පැටලෙයි
---------
විශේෂ කාර්ය බලකාය දකුණු පලාත් විශේෂ මෙහෙයුම් ඒකකයේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව ඊයේ(30) රාත්‍රී මුලටියන සහ මාකඳුර යන ප්‍රදේශ වල සිදු කරනු ලැබු වැටලමකදි ගිණි අවි හා හෙරොයින් සමඟ පුද්ගලයින් සිව් දෙනෙකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශණ කටයුතු සඳහා තිහගොඩ පොලීසිය බාර දි ඇතැයි පොලිස් විශේෂ කාර්ය බලකාය පවසයි.
සැකකරුවන් සමඟ හෙරොයින් ග්‍රෑම් 12 මිලි ග්‍රෑම් 80ක් , මිලිමිටර9 උණ්ඩ යෙදිය හැකි ඇමරිකාවේ නිෂ්පාදිත පිස්තෝල අවියක් සහ එම මැගසිනයක්, ඒ.කේ47(AK47) වර්ගයේ ගිනි අවියක් හා මැගසිනයක් අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බලකාය වැඩිදුරටත් කියා සිටි.
මෙම සැකකරුවන් මුලටියන සහ මාකදුර යන ප්‍රදේශ වල පදිංචි වයස අවුරුදු 36, 43, 44 හා 51 යන වයස් වල පසුවන පුද්ගලයන් සිව් දෙනෙකු වන බව පොලීසිය සඳහන් කරයි.
සිදුකල වැඩිදුර විමර්ශණ වලදි අනාවරනය වි ඇත්තේ දැනට මියගොස් සිටින ප්‍රභල සංවිධානාත්මක අපරාධකරුවෙකු, මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු හා පාතාල කල්ලි නායකයෙකු වූ මාකඳුරේ මධූෂ් යන අය සමග සමීප සම්බන්ධතා පවත්වා මේ වන විට ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම වී බූස්ස අධි ආරක්ෂිත බන්ධනාගාරයේ රඳවා සිටින අපරාධකරුවෙකු වන රොටුඹ රසික යන අය සමග අත්අඩංගුවට පත් සැකකරුවන් සමීප සබඳතා පවත්වා ඇති බවත් ඔවුන් උපයෝගී කරගනිමින් මෙම ගිනි අවි සඟවා තබා රොටුඹ රසික යන අය බන්ධනාගාරයේ සිට මෙහෙයවනු ලබන අපරාධ කටයුතු වෙනුවෙන් ගිනි අවි සැපයීම මෙම සැකකරුවන් සිදුකර ඇති බවයි.
දකුණු පලාත් විශේෂ මෙහෙයුම් ඒකකයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක එච්.ජී.එස්.සී. නිශ්ශංක මහතා ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් විසින් මෙම වැටලිම සිදු කර ඇත