05/08/2020
කළුතර රිච්මන්ඩ් මාලිගාව (Richmond castle) :
මෙය ලංකාවේ බ්‍රිතාන්‍ය අධිරාජයේ අවසාන යුගය නියෝජනය කරන්න වෙනස් වර්ගයේ ගොඩනැගිල්ලකි. එක් පවුලක එක පරපුරක පමණක් නිවහනවු මෙය මාලිගාවක් ලෙස හදුනාගත හැක. මෙම මාළිගාව කළුතර නගරයට නුදුරින් කළුගඟ (කළුතර - පලන්තොට මාර්ගය) අසල පිහිට ඇත.
බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයේ යුගය තුලදී ධනවතුන්වූ පවුල්සතු වලව් බොහෝ ගණනක් ඇති නමුත් මාලිගා ලෙස හදුනගතහැකි වෙනත් ගොඩනැගිලි නොමැති තරම්ය. Edwardian mansion ගණයේලා සැලකෙන මෙම මන්දිරය කෙළවරක් නොමැති වහල, විශාල මැද මිදුල් සහ වෙනත් මාලිගා සතු ලක්ෂණ වලින් යුක්තවේ.
වැලි, බදාම, ශිල්පින් සහ ශිල්පිය ඥණය හැරුණුවිට මෙහි සියලු ගොඩනැගිලි ද්‍රව්‍ය පිටරටින් ගෙන්වා ඇත. ඉන්දියාවෙන් ගෙන ආ ගඩොල් (නැවු තුනක්), බුරුමයෙන් ගෙන ආ ලී (තේක්ක), ඉතාලියෙන් ගෙන ආ මාබල්, ස්කොට්ලන්තයෙන් ගෙන ආ වීදුරු, එංගලන්තයෙන් ගෙන ආ යකඩ පඩිපෙළ සහ නාන කාමර උපකරණ මෙයට උදාහරණ සමහරක් වේ. මෙම මන්දිරයේ මහල් දෙකක් දොරවල් 99 ක් සහ ජනෙල් 34 ක් ඇත.
පඩිකාර මුදලි නානායක්කාර රජවාසල අප්පුහාමිලාගේ දොන් ආතර් ද සිල්වා විජේසිංහගේ සිරිවර්ධන මුදලිතුමා (ක්‍රි. ව. 1889 නොවැම්බර් 12 - 1947 ජුලි 8) මෙම මාළිගාවේ හිමිකරු සහ මෙම ඉදිකිරීමේ සංකල්පයේ අයිතිකරු වේ.
මුදලිතුමාගේ විවාහය සමග විවෘත වූ මෙම මාලිගාව ඔහුගේ ජීවිතයේ අවසාන කාලයේ දී නුවර Queen’s හෝටලයේ පදිංචියට යනතුරු ඔහුගේ නිවහන විය. අවුරුදු 32 ක් මෙම දෙපළ ඔහුගේ මාලිගයේ ජීවත්විය, අවසානයේදී ඔවුන් වෙන්ව ගියහ, ඔහුගේ බිරිඳ කොළඹ තිම්බිරිගස්යායේ කන්‍යාරාමයක පදිංචිව සිට පසුව මියගිය අතර දොන් ආතර් මුදලිතුමා සිය ජීවිතයේ අවසාන කාලය ගත කළේ මහනුවර ක්වීන්ස් හෝටලයේ කාමරයක ය. එහිදී ඔහු 1947 ජූලි 8 වන දින මිය ගියේය.
ඔහුගේ සමකාලීනයෙකු වූ දිවංගත ඩී.බී. ජයතිලක මහතා විසින්, 1941 ජූලි 4 වන දින ලිවූ මුදලිතුමාගේ අවසන් කැමැත්ත අනුව ඔහුගේ සියලු ධනය ශ්‍රී ලංකාවේ මහජන භාරකරු විසින් කළමනාකරණය කිරීමට භාර කළේය. මාලිගාවේ සේවකයින් අතර ගෘහ භාණ්ඩ බෙදා දෙන ලදී.
මෙම මාලිගාව සැලසුම ඉන්දියාවේ රාජා රාජේශ්වර සේතුපති නම් මහරජාකෙනෙකු මාලිගාවේ සැලසුමට අනුව ඉදිකර ඇත. මෙම මහරාජා, මුදලිතුමාගේ මිතුරෙකු වුවත් එහි සැලසුන ලබාදීම ඔහු ප්‍රතික්‍ෂේපකර ඇති අතර එයට හේතු ලෙස දක්වා ඇත්තේ එවැනි මාලිගාවක් ලංකාවේ ඉදිකර නොහැකිය යන්නයි. ඒ අනුව ලංකාවේ ශිල්පින් ඉන්දියාවට යවා පිටතින් ලබාගත් මාලිගාවේ සැලසුමට අනුව, මහරජා මාලිගාවට වඩා ඉහල තාක්‍ෂණයෙන්යුත් මෙම මාලිගාව ඉදිකර ඇත.
මෙය බ්‍රිතාන්‍ය යටත් විජිත යුගයේදී ගොඩනඟා තිබුණද,මෙම මාලිගාව ලාංකික නිර්මාණකරුවන්ගේ නිර්මාණ හැකියාව ගැන කදිම උදාහරණයකි. භූගත ස්වභාවික සිසිලන ක්‍රමයක් සහිත ප්‍රධාන ශාලාව, ශබ්ද ආරක්ෂණය (sound proof) කල උඩුමහලේ කාමර, ඉතා අඩු ආධාරක සහිත නමුත් අද දක්වා සුරැකිව හා ශක්තිමත්ව පවතින ලී පියගැටපෙළ මෙම විශිෂ්ට නිර්මාණයේ විශේෂතා කීපයකි.
මෙහි එක් සදලුතලයක සිට ශ්‍රී පාදයදතවත් සදළුතලයක සිට පසුකාලීනව ඉදිවූ කළුතර විහාරයද දැකගත හැකිය. එකල උස ගස්වලින් තොරවූ මාලිගාවේ අවට නිසා කළුතර නගරය මෙහි සිට දැකිය හැකිව ඇත.
මාලිගාව මිදුලේ, මාලිගාවදෙස බලා සිටින ලෙස ඉදිකළ පිරිමි දරුවන්ගේ පිළිරූ, බිම බල සිටින ගැහැණු දරුවන්ගේ පිළිරූ සහ ඉවත බලා සිටින කාන්තා පිළිරූ නිවැසියන්ගේ අත්දැකීම් හා සබැඳි බව විශ්වාස කරයි.
සුදු අශ්වයන් හතර දෙනෙකු යෙදු කරත්ත භාවිතයට දී තිබු අවසරය, බ්‍රිතාන්‍ය රජුගෙන් සහ පාප් වහන්සේගෙන් ලැබී තිබු තෑගි, ඔහු සතුවූ කුඩා ලස්කිරිඤ හමුදාව බ්‍රිතාන්‍ය පාලනය තුල මුදලිතුමා හෙබවූ වැගත් ස්ථානයට සාක්ෂි වේ.
මුදලිතුමාගේ බිරිද සම්බන්දව එතරම් විස්තර සදහන් නොවුනද එතුමියගේ පවුල පසුකාලීනව ලාංකික දේශපාලයේ ඉහළ තලයහෙබවූ චරිතවලට කිට්ටු සබදතා ඇත.
මුදලිතුමාගේ අවසාන කැමැත්තට අනුව ආරම්භවූ මෙම ඉඩකඩම්වලින් ලැබෙන මුදලින් නඩත්තුවන පිරිමි දරුවන්ගේ ළමා නිවාසයක්අද දක්වා ක්‍රියාත්මකවේ. කෙසේ නමුත් මෙම විශාල මාළිගාව ඉතා ඉහළ තත්වයෙන් පවත්වාගැනීම සදහා අවශ්‍ය විශාල පිරිවැය ලබාදීමට මාලිගාව සතුව ඇති ඉඩකඩම් අසමත්ව ඇති බව පෙනේ. එම නිසා මෙම ගොඩනැගිල්ලේ සැබෑ විශිෂ්ටත්වය යම් ආකාරයකට පසුබා ඇත.
මාලිගාව තුළ ඡායාරූප ගැනීමට ඉඩ නොදෙන බව ද සැලකිල්ලට ගත යුතුය.
සංචාරකයින් සඳහා සවිස්තරාත්මක මඟ පෙන්වීමක් ලබා දෙන පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ කාර්ය මණ්ඩලයට මෙහිදී ස්තුතිය පලකළ යුතුය.
ස්ථානය සොයා ගැනීමට තොරතුරු :
https://goo.gl/maps/cdXMBnnUKqV4iCTu9
කළුතර නගරයේ සිට කි.මී. 3, කළුතර - පලන්තොට මාර්ගයේ පිහිට ඇත.
දොඩංගොඩ අන්තර් හුවමාරුවෙන් කි.මී. 13.3 කි