අයාලේ / Ayale

අයාලේ / Ayale we have nothing to lose and a world to see 🌿🌴🌞🌝

පුස්සැල්ලාව දිය ඇලි පාරාදීසයදවසින් ගිහින් බලල එන්න පුලුවන් ලස්සනම දියඇලි තුනක් ගැන තමයි අද විස්තරේ. මේ ගමන කොළඹ ඉඳල යන ක...
06/02/2025

පුස්සැල්ලාව දිය ඇලි පාරාදීසය

දවසින් ගිහින් බලල එන්න පුලුවන් ලස්සනම දියඇලි තුනක් ගැන තමයි අද විස්තරේ. මේ ගමන කොළඹ ඉඳල යන කෙනෙක්නම් පාන්දර 4.30 වගේ පිටත් වෙන්න තමයි recommend කරන්නෙ.

✨️ගැරඬිගිනි ඇල්ල

පුස්සැල්ලාවෙන් පෙරට්ටාසි යන පාරෙ අතරමග තමයි මේ දියඇල්ල පිහිටල තියෙන්නෙ. Google map එකේ එක එක පාරවල් පෙන්නනව. එතනින් පාරවල් ගොඩක් වැරදි පාරවල්. තේ වතු මැද්දට ගිහින් බලද්දි පාර ඉවරයි. ඔයාල යන්නෝනෙ eyrie tamil maha vidyalaya කියන තැනින් හැරිල. චැරියට් පාත් ගිය කෙනෙක්නම් දන්නව පෙරට්ටාසිවලට කලින් හම්බෙනව මේ school එක. එතනින් දකුණට හැරිල පහලට ගිහින් school එක අයිනෙන් වමට පාරෙ මීටර් 300 වගේ යනකොට ඇල්ලට යන පඩිපෙල හම්බෙනව.

දියඇල්ලට යන තැන පුවරුවක් හදල තියෙනව.. ඇල්ල බලන්න ලස්සනම view point දෙකක් එතන තියෙනව. එක තැනක් හැංඟිලා තියෙන්නෙ. ගුහාවක් ඇතුලට පහලට බහින්ඩෝනෙ.. සමහරු ඒ ගැන නොදැන උඩ ගල්තලාවෙ ඉඳල ඇල්ල බලල යනව. ගුහාව ඇතුලෙන් ගිහින් දිය ඇල්ල බලද්දි ඒක වෙනම අත්දැකීමක්.

ඔයාල මෙතනට එනවනම් බයික්වලින් ලේසියෙන් ආවැකි. Car එකකත් එන්න පුලුවන් . හැබැයි මේ වෙද්දි (01/02/2025) පෙරට්ටාසිවලට යන පාර කාපට් දාගෙන යනගමන්. පාර ඒ හින්ද ටිකක් අබලන්. Ground clearance වැඩි වාහනේකනම් කිසිම අවුලක් නෑ.

✨️රම්බොඩ ඇල්ල

ගැරඬිගිනි ඇල්ලෙන් රම්බොඩ ඇල්ලට map එක දැම්මම පෙන්නන පාර බයික් එකකටවත් යන්න බැරි තරමට කැඩිල තියෙන්නෙ කියල ගමේ කෙනෙක් කියපු නිසා අපිට ආපු විදියටම ප්‍රධාන පාරට ඇවිත් නුවරඑළිය පැත්තට හැරිල යන්න උනා..

තවලන්තැන්න පහුවෙලා රම්බොඩ tunnel එක පහුවෙලා පොඩිදුරක් යද්දි පාරෙ වම් පැත්තෙ රම්බොඩ ඇල්ලෙ පහල කොටස පාර අයිනෙ ඉඳලම බලන්න පුලුවන්. හැබැයි Rs 50 ticket එකක් අරගෙන උඩට යන්නෙ බොහොම ටික දෙනයි. ලස්සනම ඇල්ලෙ උඩ කොටස.. බට පඳුරු ගාලක් මැද්දෙන් පඩිපෙලක් අත්වැටකුත් එක්කම හදල තියෙනව. ඇල්ල ලඟටම යද්දි පඩිපෙල දෙකට බෙදෙනව. උඩට ගියාම view point එකක් හදල තියෙනව. ඇල්ල පාමුලට යන්න පඩිපෙල බෙදෙන තැනින් පහලට යන්නෝනෙ..

රම්බොඩ ඇල්ල ලඟට ආවම තවත් දිය ඇල්ලක් වම් පැත්තෙන් කඩන් වැටෙනව බලාගන්න පුලුවන්. පාර අයිනෙ ඉඳල බැලුවට නොපෙනෙන මාරම ලස්සන දියඇල්ලක් විනාඩි 15ක් වැය කරල උඩට ආවොත් ඔයාලට බලාගන්න පුලුවන්. දියඇල්ලෙ යන මග සමහර තැන්වලනම් කට්ටිය නානව අපි දැක්ක. හැබැයිඇල්ල ලඟමනම් safe නෑ නාන එකනම්..

✨️පූනා ඇල්ල

රම්බොඩ ඇල්ල ලඟ ඉඳල 500m නුවරඑළිය පැත්තට යද්දි thuruliya restaurant එක ලඟින් පහලට තමයි යන්න තියෙන්නෙ. Puna ella trail starting point කියල map එකේ location දාල තියෙනව. හරියටම තැන එතන. එතනම තියෙන කඩේ හිටපු අයිය කෙනෙක් හෙල්මට් උස්සන් යන්න එපා එතන තියල යන්න සල්ලිවලට නෙමේ තියල යන්න කියල ඒ ටික බාරගත්ත. ඒක කොච්චර පහසුවක්ද කියල තේරුනේ ඇල්ල බලල ආපහු එද්දි.

පාරගාව ඉඳල පහලට කොන්ක්‍රීට් කැට අල්ලපු පාර දිගේ ඉවරවෙනකන් ගියාට පස්සෙ ගල් බොරලු පාරක් හම්බෙනව. එතනිනුත් පහලට යද්දි තේ වත්තක් මැද්දෙන් පහලට පඩිපේලියක් දිගේ බහින්න තියෙන්නෙ. ඒ පඩිපේලිය ඉවරවෙද්දි පාලමක් හම්බෙනව. ඒ පාලම cross කරන්නෙ නැතිව පාලමට කලින් වමට තියෙන අඩි පාර දිගේම තමයි යන්න තියෙන්නෙ. පාලු ගෙයක් පහුවුනොත් ඔයාල ඉන්නෙ හරි පාරෙ.

පූනා ඇල්ල වැඩි දෙනෙක් යන තැනක් නෙමෙයි.හැබැයි ගමනේ බලපු ලස්සනම ඇල්ල වෙන්න පුලුවන්. ඇල්ල ලඟ ගුප්ත වටපිටාවක් තමයි තියෙන්නෙ. ප්‍රධාන දිය ඇලි දෙකක් එකම තැනකට කඩා හැලෙන හරි ලස්සන දර්ශනයක් ඒක. පූනා ඇල්ල ලඟනම් අපේ කට්ටිය නෑව. එතන ගල්පොත්තක් තියෙන safe තැනක් හම්බුනා. ඇල්ල බලල ආයෙ ප්‍රධාන පාරට යද්දිනම් හැබැයි හොඳ ගනන්..

එතන කඩෙන්ම දොඩන් වීදුරුවකුත් බීලම කට්ටිය ගෙවල්වලට විසිරිලා ගියා..

සැ.යු විශේෂ දේවල්.

⭕ අපි යන දවසෙ තිබුන වතුර තත්වෙ වෙන දවසක නැතිවෙන්න පුලුවන්. ඒ හින්ද දිය ඇලි ලඟ නාද්දි ප්‍රවේසම් වෙන්න.

⭕කුණු තැන තැන දාන්නෙපා. පරිසරය සුරකින්න..

Safe travel guys... 🌿🌿

තාලෙට ඇහෙන වචන  😑🤭🌿
03/02/2025

තාලෙට ඇහෙන වචන 😑🤭🌿

දෙහෙනකන්ද මුක්කුවත්ත හරහා ශ්‍රී පාදයශ්‍රී පාදය කරුණා කරන්න පුලුවන් පාරවල් අතරින් අමාරුම පාර කිවුවොත් වරදක් නෑ. රත්නපුරේ...
26/01/2025

දෙහෙනකන්ද මුක්කුවත්ත හරහා ශ්‍රී පාදය

ශ්‍රී පාදය කරුණා කරන්න පුලුවන් පාරවල් අතරින් අමාරුම පාර කිවුවොත් වරදක් නෑ. රත්නපුරේට ඇවිත් දෙහෙනකන්දට තියෙන බස් එකේ ඇවිත් තමයි එන්න තියෙන්නෙ. බස් එකෙන් බහින තැන ඉඳන් ගමන පටන්ගන්න තැන වෙනකන් 3km වගේ පයින් යන්න වෙනව. විදුලි බලාගාරයක් කිට්ටුවෙන් තේ වත්තක කෙලවර පොඩි බුදු මැදුරකින් සහ බෝධියකින් ගමන පටන්ගන්න තැන සලකුණු කරල තියෙනව. මෙතනින් බුදුන් වැඳල සමන් දෙවියන්ට පඬුරක් ගැටගහල කැලේට ඇතුල් වෙන්න කලින් කොල අත්තක් කඩල එල්ලල කැලේදි වෙන්න පුලුවන් අන්තරාවලින් ආරක්ෂා කරල දෙන්න කියල ඉල්ලල එහෙම නඩේ ගමන පටන් ගත්ත..

ඉස්සර සමනල කන්ද කියල කිව්වට දැං ඒ නම කියවෙන්නෙ නැති තරම්. කිව්වත් ඇයි ඒ කියල තේරෙන්නෙ නෑ. මේ පාරෙන් යන කෙනෙක්ට නියම සමනල කන්දක අත්දැකීම විඳින්න පුලුවන්. ගස්වල කොල අතු අස්සෙන් බේරිලා පොලවට වැටෙන ඉර එලිය අස්සෙන් සුදුපාට සමනල්ලු දහස් ගානක් එහෙ මෙහෙ යන දර්ශනේ කවදාවත් අමතක වෙන්නෙ නැති එකක්.

මේ පාරෙ අතරමංවෙන්න තියෙන ඉඩ ප්‍රස්ථාව ගොඩක් වැඩී. ගමනෙ මුල් 3km - 4km ගොඩක් කල්පනාවෙන් යන්නෝනෙ. ගමේ අය කිතුල් ගස්වලට ගිහින් හැදුන පාරවල් හැමපැත්තටම විහිදිලා තියෙනව. හරි කල්පනාවෙන් ගියොත් යන්නෝනෙ ප්‍රධාන පාර හොයාගෙන යන්න පුලුවන්. අනිවාර්⁣⁣යෙන් offline map එක use කරන්න.

ගමනේ මුලු දුරින් 2/3 ගියාම පැරඩයිස් ඇල්ල හම්බෙනව. එතන camp කරල පස්සෙ දවසෙ මලුවට කරුණා කරන එක තමයි අපේ සැලැස්ම උනේ. වැස්සත් එක්ක ගමන සිද්ධ උනේ ගොඩක්ම හෙමින්. කූඩැල්ලන්ගෙ නිරන්තර පහරදීම් හමුවේ සෙබලු අකර්මණ්‍ය වෙලයි හිටියෙ. කඳු නගින්න පටන්ගත්තු කාලෙ කූඩැල්ලො වැස්ස කියල පෝස්ට් එකක කියෝල තිබුන. ඇත්තටම ඒ අත්දැකීම වින්දෙ මේ trail එකේදි. ඇඟේ ගෑවෙන කොල අත්තකින් කූඩැල්ලො දෙතුන්දෙනෙක් අපේ පැත්තට මාරු උනා. වැස්සත් එක්ක ගස් උඩ ඉන්න උන් ටොක් සද්දෙකුත් එක්ක raincoat එකට වැටෙන සද්දෙ ඇහිල විනාඩියක් යද්දි එයා මූන පැත්තට එනව බලාගත්තැකි raincoat එක උඩින්.

පැරඩයිස් ඇල්ලට යනකොට අඳුර වැටිල තිබුනෙ. කලුවරේම අපි tent ටික setup කරල කූඩැල්ලො ගලෝල ඇඳුම් මාරු කරගෙන රෑ කෑම හැදුව. කෑමත් කාල වැඩි කතාවකුත් නැතුවම නිදාගත්තෙ ඒ තරමට තෙහෙට්ටුවටත් වඩා කූඩැල්ලන්ගෙ ප්‍රහාරයෙන් බැටකාල හිටපු හින්දමයි.

පහුවදා උදේ පාන්දර ඉර එලියත් එක්ක පැරඩයිස් ඇල්ල දිව්‍යලෝකයක් වගේ ලස්සනයි. Camp කරන තැනක් නිසා එතනත් තැන තැන කුණු ටිකක් තිබුන. ඒ ටිකත් අපි එකතු කරා. උදේ කෑම හදාගෙන කන්න කලින් උදේම කට්ටියම නාගත්ත. එතන කෝඩු අය නූල් ඇදල තිබුන. චාරිත්‍ර තේරුමක් නැතුව කරන්න ගියාමත් පරිසරේටමයි හානිය.

අපි පැරඩයිස් ඇල්ල ලඟදි වැරැද්දක් කරා. පැරඩයිස් ඇල්ල ලඟදි මලුවට වැඩි දුරක් නෑ කියල හිතෙනව. අපි කෑම උස්සගෙන වතුර වැඩියෙන් උස්සගෙන යන එක බොරු වැඩක් කියල හිතල කෑමත් සේරම වගේ උදේ කාල වතුරත් වැඩිය ගෙනිච්චෙ නෑ. හැබැයි මගදි අපිට ඒව ගැන හිතන්න තිබුන කියල තේරුනා. සමනල කන්දෙ ආනතියෙන් වැඩිම කොටස වතුරත් නැතුව නගින්න උනේ.

ප්‍රධාන පාර දකිද්දිනම් පුදුම සතුටක් දැනුනෙ.. වාරෙ නිසා ඇහැල කනුව කඩේටම ගියා නවතින් නැතුව. කඩේ කෑම බාගයක් විතරම අපි ඉවරකරා.. කොච්චර දුශ්කර ගමනක් උනත් ඒ දුෂ්කරකම තමයි ගමනේ ලස්සනත්.. මලුව වැඳල හැටන් පාරෙන් පහලට කරුණා කරා. කූඩැල්ලො කාපු අමාරුව ඇරුනම ගමනේ විඩාවක් තිබුනෙ නෑ. විඩාව අමතක වෙන තරමට ලස්සන ගමනක් තමයි ඒ.. 🌿

සැ.යු විශේෂ කරුණු.
⭕ leach socks අරං යන්න . කූඩැල්ලො ගැන සැලකිලිමත් වෙන්න.
⭕ඇහැලකනුවෙන් ප්‍රධාන පාරට සම්බන්ධ වෙනකන්ම කැලේ නිසා කෑම ඇති තරමට අරං යන්න. හැම කෙනෙක් ලඟම වතුර බෝතලයක් තියාගන්න.
⭕නඩේ කෙනෙක් කෙනෙක් අතරෙ අවශ්‍ය දුර පරතරය තියාගන්න. අතරමංවෙන එකෙන් බේරෙන්න.
⭕ගෙනියන ටොපි කොලයක්වත් තැන තැන දාල එන්න එපා. පරිසරේ රකින්න.
⭕තෙලිස්සො ඉන්නව . තියන අඩිය කල්පනාවෙන් තියන්න.

Safe travel guys.. 🌿💪

කොතලගල - වලපනේ 🌿වලපනේ නගරය වටකරගෙන ඉන්න කොතලගල කඳු පන්තිය වැඩිදෙනෙක් නොගිය ලංකාවෙ ලස්සනම කඳු පන්තියක්.. steps දෙකකට කඩා ...
13/01/2025

කොතලගල - වලපනේ 🌿

වලපනේ නගරය වටකරගෙන ඉන්න කොතලගල කඳු පන්තිය වැඩිදෙනෙක් නොගිය ලංකාවෙ ලස්සනම කඳු පන්තියක්.. steps දෙකකට කඩා නොවැටුනානම් ලංකාවෙ දෙවෙනි උසම දියඇල්ල වෙන්න තිබනයි කියන කුරුඳු ඔය ඇල්ල මායිම් වෙලා තියෙන්නෙත් මේ කඳු පන්තියටම තමයි..

Public transportවලින් කොළඹ ඉඳල එන කෙනෙක්ට train එකේ එනවනම් නුවරින් බැහැල වල⁣පනේ බස් එකක එන්න පුලුවන්. නැත්නම් නයිට් මේල් එකේ නානුඔයෙන් බැහැල නුවරඑළියෙන් වලපනේට එන්න පුලුවන්. බස් එකේ එනවනම් ගොඩක් ලේසි කොළඹින් පාන්දර 3.30 වලපනේ බස් එකක් තියෙනව.. නැත්නම් නුවරට ඇවිත් වලපනේ බස් එකේ එන්නෝනෙ..

වලපනේ town එක ලොකු town එකක් නෙමෙයි. ගමනට ඕනෙ කරන දේවල් ගන්නවනම් වලපනෙන් ගන්න බලාගෙන එන්නෙපා. කෑම කන්න ⁣තැන්නම් තියෙනව.. වතුර බෝතල් අරං යන්න වලපනෙන් කන්ද උඩ වතුර නෑ. වලපනේ කියන්නෙ ලංකාවෙ ලස්සනම බස් නැවතුම්පොළක් තියෙන town එකක් කොතලගල කඳු පන්තිය නිසා.

වලපනේ town එකෙන් කොතලගලට යන්න දෙපැත්තක් තියෙනව. ටවුන් එකේ අය ගොඩක් දන්නෙ සාම චෛත්‍ය පැත්තෙන් යන පාර. ඒක කුරුඳු ඔය ඇල්ල පැත්තෙන් කන්දට යන්න තියෙන පාරක්. අනික් පාර hospital එක පැත්තෙන් කන්දට යන්න තියෙන පාර. අපි ගමන යොදාගෙන තිබුනෙ ඒ hospital එක ලඟින් තියෙන පාරෙන් යන්න. Tuk එකක කන්ද නගින තැනට 1000 ගත්ත. තුන්දෙනාට බෙදුනම ඒක ගොඩක්ම සාදාරණ මුදලක් දුරත් එක්ක බැලුවම. කබාන type එකේ villa එකක් (2024/12 වැඩ අවසන් වෙලා තිබුනෙ නෑ) දකුණු පැත්තෙන් පහු උනාට පස්සෙ හම්බෙන වංගුව ලඟින් බැස්සනම් හරි. වීල් එකෙන් එතෙනටත් උඩට අපිව එක්ක ගියා. ඒත් කන්දට යන්න තියෙන්නෙ අර වංගුව ලඟින්.

එතනට උඩින් තියෙන ගෙයක් පිටිපස්සෙන් තමයි ෆයිනස් කැලේට ඇතුල්වෙන්න තියෙන්නෙ. මේ ෆයිනස් කැලේ වංගෙඩිගල මතක් කරනව. හැබැයි කොහෙවත් නොදැකපු නොදැනුන ගුප්තබවක් මේ ෆයිනස් කැලේ තිබුන.. ෆයිනස් කැලේ මැද්දෙන් ටිකක් වමට බරවෙලා යන්න. කඳු මුදුනට පැයක වගේ දුරක් තියෙන්නෙ පාමුල ඉඳල.. කන්ද උඩට ගියාට පස්සෙ camping spot 4 විතර හොයාගන්න පුලුවන්. ඒ තැන්වලම camp කරන්න අලුත් තැන් සුද්ද නොකර.. කන්ද උඩට ගියාට පස්⁣සෙ මුදුන දිගේ ගොඩක් දුර ඇවිදගෙන යන්න පුලුවන්. කුරුඳු ඔය ඇල්ල ලස්සනට පේන view point එකකුත් තියෙනව. ආයෙත් කොලඹ එන කෙනෙක්ට උදේ 10, දවල් 1.15 බස් තියෙනව. වලපනෙන් පටන්ගන්න හින්ද වැඩි සෙනගක් නැතිවෙයි හිතන්නෙපා, ඉන්නව.

මතක් කරල වෙනද වගේම අරං යන හැමදේම අරං එන්න මතක සටහන් ඇරෙන්න.. අතු කපන්න දෙයක් නෑ පොඩ්ඩක් වටපිට ඇවිද්දොත් දර තියෙනව ඕනතරම්..

සැ.යු විශේෂ දේවල්
⭕ වලපනේ නිතර කාලගුණේ වෙනස්වෙන වැස්ස වැඩි පැත්තක් හින්ද ඕනදේකට ready වෙලා යන්න.
⭕ ⁣වියලි කාලගුණයක් තියෙනවනම් ගිනිමැල ගැන වැඩි අවදානයක් දෙන්න. ෆයිනස් හින්ද ඉක්මනටම ඇවිලෙන්න පැතිරෙන්න පුලුවන්.
⭕ ගෝනුස්සො , කූඩැල්ලො ඉන්නව සූදානම් වෙලා යන්න.
⭕ ප්‍රපාත සහිත තැන් වැඩි හින්ද හැමතැනම පතබෑවෙන යාලුවන්න කලින්ම දැනුවත් කරල එක්ක යන්න..

Safe travel guys..🌿🌿

💜️
08/10/2024

💜️

06/10/2024
මන්දාරම්නුවර 🌿🌿☁️🌫️🌥️මන්දාරම්නුවර කියන්නෙම හීනයක් වගේ. ඇස් මට්ටමෙන් යන මීදුමයි වලාකුලුයි අහසෙ ඉඳල පොලව දිහා බලං ඉන්නව වග...
04/10/2024

මන්දාරම්නුවර 🌿🌿☁️🌫️🌥️

මන්දාරම්නුවර කියන්නෙම හීනයක් වගේ. ඇස් මට්ටමෙන් යන මීදුමයි වලාකුලුයි අහසෙ ඉඳල පොලව දිහා බලං ඉන්නව වගේ හැඟීමක් එන්නෙ. පිදුරුතලාගල කඳු පන්තියෙන්, රාවනාගෙ කරත්ත පාර ( chariot path) වගේ ලස්සන කඳු වලල්ලකින් වට වෙලා තියෙන මන්දාරම්නුවර කියන්නෙ දිය ඇලි පාරාදීසයක්. නුවරින් පදියපැලැල්ල පාරෙ ගිහින් පදියපැලැල්ලට 1km මෙහායින් දකුණෙට හැරිල යන්න තියෙන්නෙ. පාර වරදින්නෙ නෑ. හැරෙන තැන්වල ගහල තියෙනව..

වචනයට සාධාරණයක් උපරිම කරපු කාලගුණය , වැස්සයි මීදුමයි එක්කම අපිව මන්දාරම්නුවරට එක්කගෙන ගියා. වැස්සෙම අපි ආවෙ ගෙස්ට් එකට. මන්දාරම්නුවර ධම්මික 075 454 0189 පේජ් එකට profile එකට ගිහින් බලල call එකක් දීල යන්න. කොච්චර රවුම් ගැහුවත් මේ වගේ supportive rest එකක් කරන කෙනෙක් හම්බෙලා නෑ අපිට. View එකත් සුපිරි.. මෙතනට මුලු මන්දාරම්නුවරම පේනව. ධම්මික අයිය කියපු විදියට මන්දාරම්නුවරම අවට දියඇලි 35කට වැඩිය තියෙනව. අනික මන්දාරම්නුවරට ඉර අවුව වැටෙන්නෙ නෑ කියන කතාවත් ධම්මික අයිය පැහැදිලි කරා. වටෙන්ම කඳුවලින් වටවෙලා පිදුරුතලාගල කඳුවැටියෙනුත් වටවෙලා තියෙන මන්දාරම්නුවරට පදියතලාව පැත්නේ ගලාගෙන එන වලාකුළු යන්න දිහාවක් නැතුව මැද එකතුවෙනව. එතකොට අවුව වැටෙනඑක අඩුවෙලා දවසෙ වැඩිවෙලවක් මන්දාරම් ගතියකින් තියෙන්නෙ. ඒ හින්ද තමයි මන්දාරම්නුවර නමත් හැදිල තියෙන්නෙ.

පහුවදා අපි කොලපතන ඇල්ලයි කබරගල ඇල්ලයි බලන්න යන්න plan කරගෙන හිටියට ධම්මික අයිය එළමුල්ල ඇල්ල recommend කරා.. එළමුල්ල බලාගාරය ලඟින් යන්නෝනෙ එතන අයගෙන් අවසර ඉල්ලගෙන. ඒක බලන්නම ඕනෙ දියඇල්ලක්. හැබැයි එතනදි වැස්සට අහුවෙලා බලාගාරෙ තිබුන summer hut එකට වෙලා පැයක් විතර ඉන්න උන හින්ද කබරගල ඇල්ල බලන්න වෙලාව මදි උනා.

මන්දාරම්නුවර ලොකු ටවුන් එකක් නෙමෙයි.. කෑම කන්න කඩ දෙකක් තුනක් තියෙන පොඩි කඩමන්ඩියක්. එතන බෝ ගහ ලඟින් දකුණට හැරුනම කොලපතන ඇල්ලට යන්න පුලුවන්. වමට ගියොත් නුවරඑළිය පැත්තට.

එතනින් අපි ගියෙ කොලපතන ඇල්ලට. ඇල්ලට යන මගදිගට පොඩි එලවලු ගොඩවල් තියාගෙන ගමේ අය ඉන්නව. අලුත්ම අලුත් එලවලු ගන්නත් පුලුවන් ඔයාලට.. කාලෙකින් වැස්සක් තිබිල නැති හින්ද දවසෙ වැස්සට දියඇල්ල සක්‍රීය වෙලා තිබ්බෙ නෑ. හැබැයි ඇල්ලට යන පාරනම් මාරම ලස්සනයි. ඇල්ල බලන්න යන්න 75/= ticket එකක් ගන්න ඕනෙ. එතන නාන්න බැරි ඒ වතුර පහල ඉන්න පවුල් පාරිභෝජනයට ගන්න හින්ද.. කොලපතන ඇල්ලත් බලල අපි ගෙවල්වලට එන්න පිටත් උනා. රිකිල්ලගස්කඩට එන්න ප්‍රධාන පාරට එනකන්ම මන්දාරම් ගතිය තිබිල රිකිල්ලගස්කඩ පැත්තට ටික දුරක් යද්දි ඒ climate change එක හොඳටම බලාගන්න පුලුවන්.

අරං යන පොලිතින් තැනතැන නොදා පරිසරය රැකගෙන විඳල එමු. දියඇලි ලඟදි පරිස්සම ගැන හිතල වැඩ කරන්න..

Safe travel guys... 💜️💪🌿

දන්න අය කියමු බලන්ඩ මොනාද කියල? මේව හැමෝම දන්නෙ නෑ... 🫠😁
14/08/2024

දන්න අය කියමු බලන්ඩ මොනාද කියල? මේව හැමෝම දන්නෙ නෑ... 🫠😁

බෝඹුරු ඇල්ලට...... 🏍🌴🌿🍀🌳🎋⁣නුවරඑළියෙ ඉඳල වැලිමඩ පාරෙ (හග්ගල මල්වත්ත පැත්තට)  7KM පමණ යනකොට හම්බෙන ගලහගම හන්දියෙන් වමට හැර...
12/08/2024

බෝඹුරු ඇල්ලට...... 🏍🌴🌿🍀🌳🎋

⁣නුවරඑළියෙ ඉඳල වැලිමඩ පාරෙ (හග්ගල මල්වත්ත පැත්තට) 7KM පමණ යනකොට හම්බෙන ගලහගම හන්දියෙන් වමට හැරිල තවත් 7KM විතර ගියාම බොඹුරු ඇල්ලට යන්න පුලුවන්.. වැලිමඩ ඉඳල එන කෙනෙක්ට අඹගස්දෝව හරහා ඇල්ල ලඟටම එන්න පුලුවන්. හොඳ කාපට් අතුරපු පාරක් තමයි ඇල්ල ලඟටම තියෙන්නෙ. වැලිමඩ පැත්තෙ ඉඳන් එන කෙනෙක් ගලහගම හන්දියෙන් දකුණට හැරිල ගියානම් හරි... map එකේ කෙටි පාරවල් පෙන්නුවත් ඒව අබලන් වෙච්ච දුෂ්කර මාර්ග.. (අත්දැකීම් සහිතයි😐) වැලිමඩ ඉඳන් බස් රථයකුත් බොඹුරු ඇල්ලට තියෙනව කියල දැක්කෙ එතෙනට ගියාම. Van එකක, බස් එකක උනත් අපහසුවක් නැතුව මෙතනට එන්න පුලුවන්. Bike එක තමයි හැබැයි නුවරඑළිය ඇවිදිනවනම් පහසුම. bike rent කරන තැන් දෙක තුනක්ම නුවරඑළිය අවටින් හොයාගන්න පුලුවන් ..

පොඩි කඩමන්ඩියකුත් එක්ක බෝ ගහක් අසලින් ඇල්ල ලඟට යන අඩි පාර වැටිල තියෙනව. ගමනේ මුල් ටික අත්වැටක් එක්ක පඩිපෙලක් දිගෙ යන්න තියෙන්නෙ. මොන වාහනේක ආවත් මෙතනින් වහන නවත්තල පයින් යන්න වෙනව 1KM විතර. ටිකට්පතකුත් මිලට ගන්න වෙනව. වැඩිහිටියෙක්ට 100/= නැග්ම ටිකක් තිබ්බත් වැඩිදුරක් යන්න තියෙන්නෙ තැනිතලා බිමක. ඇල්ල ලඟට යන්න තියෙන මේ කෙටි දුර අමතක නොවෙන මතකයක් වෙනව, ඒ තරමට සුන්දරත්වය පිරිච්ච වටපිටාවක් මැදින් තමයි යන්න තියෙන්නෙ.⁣ වතුර වැඩි කාලෙක නෙමේනම් නාන්නත් පුලුවන්. ඇල්ල ලඟටම යන්න පුලුවන් හැබැයි ගල් හොඳටම ලිස්සනව. ඒ ගැනත් අවදානෙන්.

රොටී ,තේ, දොඩම් බීම, බඩඉරිඟු විකුණන කඩවල් යන මග දෙපස දිගටම ⁣තියෙනව.. පොළොස් ඇඹුලයි, නයි කොච්චි දාපු ලුණු මිරිසයි එක්ක උණු රොටියක් කාල යන්න අමතක කරන්න එපා.. Camping තහනම් නිසාද මන්ද අපිරිසිදු වෙලා තිබ්බෙත් නෑ වටපිටාව.. නැවත එන අයත් පරිසරයේ පිරිසිදුකම ඒ විදියටම රැකගන්න.. නුවරඑළියේ ආවොත් අනිවාර්යයෙන් ඇවිත් යන්න ලස්සන තැනක්.

කුණු තැන තැන දාන්න එපා dustbin තියෙනව. ඒවටම දාන්න. ලෙස්සන ගල් ගැන අවදානෙන් ඉන්න. වැහි කාලෙකනම් නාන්න යන්නෙපා. සුන්දරත්වය විඳල මතක විතරක් අරගෙන එන්න.

Safe travel guys.. 🌿🌿

සෙට් එකේ බඩජාරියව , බඩජාරිනීව tag කරගෙන යන්ඩ.. 😁🤣🌿
07/08/2024

සෙට් එකේ බඩජාරියව , බඩජාරිනීව tag කරගෙන යන්ඩ.. 😁🤣🌿

බුලත්කොහුපිටිය දියඇලි පාරාදීසයකෑගල්ල දිස්ත්‍රික්කයට අයත් බුලත්කොහුපිටිය දේදුගල මාර්ගය සුන්දර කඳුකර අත්දැකීමක් වගේම දිය ඇ...
02/08/2024

බුලත්කොහුපිටිය දියඇලි පාරාදීසය

කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් බුලත්කොහුපිටිය දේදුගල මාර්ගය සුන්දර කඳුකර අත්දැකීමක් වගේම දිය ඇලි විශාල ප්‍රමාණයක පහස විඳගත හැකි ප්‍රදේශයක්. මෙය එක් පසෙකින් මායිම් වන්නේ මහනුවර දිස්ත්‍රික්කයට යි. දේදුගල හා පැලැම්පිටිය ගම්වලින් තමයි එය මහනුවරට මායිම් වන්නේ. බුලත්කොහුපිටිය සිට දේදුගල, පැලම්පිටිය හරහා නාවලපිටියට යන මාර්ගයක් වැටී තිබෙනවා. මේ පාර ඔයාල ජීවිතේ එක පාරක් හරි යන්නෝනෙ පාරවල්වලින් එකක්. රුවන්වැල්ලෙ ඉඳල බුලත්කොහුපිටිය සිට දේදුගල හරහා ගම්පොලට යනකන් 63km දුරක් තියෙනව. මේ පාර (28/07/2024) අලුත්වැඩියා වෙමින් තිබෙන මාර්ගයක්. 20km වගේ කාර්පට් තියෙනව. අනික් දුරම කාර්පට් නැතත් ගොඩක් අබලන් නෑ. ඒ උනාට හොඳටම කැඩුනු බිඳුනු පොඩි තැන් ටිකකුත් තියෙනව. බයික්වලටනම් අවුලක්ම නෑ. කාර් එකක් උනත් ටිකක් අපහසුවෙන් උනත් යන්න පුලුවන් . මේ මාර්ගය වැලමිටි වංගුවලින් පිරිලා. ඒ අතරතුර දිය ඇලි ගණනාවකුත් දකින්න පුළුවන්. කොළඹ සිට පැමිණ එක් දිනක් තුළ මේ අවට පිහිටි දියඇලි සේරම බලන්න පුලුවන් උනත් වතුර දකිනගානට නාන්න හිතෙන හින්ද සේරම බලාගන්න තියෙන අවස්ථාව නැතිවෙන්න පුලුවන්.

අපි කට්ටිය ගියෙ රුවන්වැල්ලෙ ඉඳල ගම්පොලට උනත් ගම්පොල හරි නාවලපිටිය පැත්තෙන් හරි ඇවිත් පහලට එන එක හැම පැත්තෙන්ම හොඳ වෙයි කියල හිතනව. මුලින්ම සොලඹ ඇල්ලෙන් පටන්ගත්ත. වැස්සකට පස්සෙ ගියා උනත් හිතපුතරම් වතුරනම් තිබ්බෙ නෑ. ඒ උනාට එතනත් මාරම ලස්සනයි. ටිකක් පහලට බැහැල ගිහින් වෙල් යායක් මැදින් ගිහින් ඇල්ල ලඟට යන්න පුලුවන්. සංගිලි පාලමකුත් මෙතන තියෙනව. නාන්නනම් බෑ මේ ඇල්ල ලඟනම්.

ඊලඟට අපි නැවතුනේ රිකිලි ඇල්ල ලඟ. දිය ඇල්ල ලඟටම යන්න අඩිපාරක් කලින් තිබිල තියෙනව ගමේ කෙනෙක් කිවුව විදියට. ඊයෙ පෙරේද ඒ පාරට ගස් කපල දාල යන පාරත් ඉටි රෙදි ගහල වහල දාල තිබ්බ . පාරෙ ඉඳලම ඒ ඇල්ල බලල photos ගහගෙන අපි පිටත් උනා. යන අතරමග පාරත් තනිකරම චිත්‍රයක් වගේ. නුවරඑළිය අවට වගේ කියල හිතෙන විචිත්‍රත්වයක් තියෙන්නෙ.

රිකිලි ඇල්ලෙන් පස්සෙ අපි ගියෙ නලඟන ඇල්ලට. නලඟන ඇල්ලට rs 50 ticket එකක් ගන්න වෙනව. ඇල්ල කිට්ටුවටම බයික් එකකට යන්න පුලුවන් පාරෙ ඉඳල 300m විතර පහලට යන්න ඕනෙ. එතන ඉඳල බයික් දාල 100m විතර පයින් ඇල්ල ලඟට. මුල් ටික කැඩිල තිබ්බට ඉතුරු ටික කොන්ක්‍රීට් කැට අල්ලල තියෙන්නෙ. පිරිසිදු washroom එකකුත් මෙතන තියෙනව. නලඟන ඇල්ල හරිම ලස්සන ඇල්ලක් ස්වාභාවික නාන තටාකෙකුත් තියෙනව කිසි බයක් නැතුව නාගන්න පුලුවන්. හැබැයි මෙතන එක පාර වතුර වැඩිවෙන්න පුලුවන් තැනක්. මෙතන ඒ ගැන සඳහන් පුවරුවකුත් තියෙනව.

නලඟන ඇල්ලෙන් පස්සෙ අපිට පාර අයිනෙම රුක්මල් ඇල්ල හම්බෙනව. ලොකු උසක් තියෙන ඇල්ලක් නොවුනත් පාර අයිනෙම නිසා යන ඕනකෙනෙක් මෙතන නවතිනව. පාරට සමාන්තරව ඇල්ලත් එක්කම ලස්සන photo ටිකක් ගහගන්න පුලුවන් මෙතන. රුක්මල් ඇල්ලට එනකන් පාර හෙවනයි. පාරත් ලොකු නැග්මක් නෑ. අබලන් නෑ. එතන ඉඳල ටිකක් කන්ද වැඩී, පාරත් අබලන් වෙච්ච තැන් ටිකක් හම්බෙනව.

පැලැම්පිටිය view point එක හම්බෙනව එතනින් පස්සෙ. එතන මොකක්හරි ඉදිකිරීමක් වෙනගමන් තිබ්බෙ. එතනට පේන view එකනම් පිස්සුවක්. ඉර බැහැගෙන යන වෙලාවෙ වැහි මන්දාරමත් එක්ක එහා කන්දට වහින හැටි අපි එතන ඉඳල බලාගෙන හිටිය. වැස්සට කලින් යන්න try කලත් අපි හිටපු කන්දට වැස්ස එන්න වැඩි වෙලාවක් ගියෙ නෑ. වැස්සට පොඩි කඩයක් ලඟ හෙවනට නැවතුනා. ඒ කඩේ නැන්ද වැරෙන්ඩ එකේ තිබ්බ පුටුත් අයින් කරල අපේ bike ටික තෙමෙන්නෙ නැතිවෙන්න ඇතුලට දාගන්න ඉඩ හදල දුන්න. එතනින්ම කිරි ටොපිත් එක්ක කහට එකක් බීල ගම්පොල පැත්තට එන්ඩ පිටත් උනා.

එතන ඉඳල එනකොට තවත් පාර අයිනෙ ලස්සනට දෝතුරු ඇල්ල කඩන් හැලෙනව. එතනට වටපිටාවත් ලස්සනට ⁣බලාගන්න පුලුවන්. දෝතුරු ඇල්ලට සමුදීල එනකොට කබරගල කන්දට යන තැනත් හම්බෙනව. එතන ඉඳල 2km වගේ දුරක් එනකොට තුන්මං හන්දියක් හම්බෙනව. එතනින් දකුණට ගියොත් නාවලපිටිය පැත්තට යන්න පුලුවන්. වමට ගම්පොල. ගම්පොල පැත්තට හැරෙව්වට පස්සෙ කුරුඳුවත්ත town එක තමයි මුලින් හම්බෙන්නෙ. කුරුඳුවත්ත වෙනකන් කන්න හොඳ කඩයක් අපිටනම් හම්බුනේ නෑ.

තවත් මේ පාරෙ බලන්න දිය ඇලි ගොඩක් තියෙනව. ඒ සේරම කාලෙ මදි හින්ද බලන්න බැරි උනා. දියඇලි පාරාදීසයට යනවනම් උදේ පාන්දරම ගියොත් වැඩි දියඇලි ප්‍රමාණයක් බලන්න පුලුවන්. ඕලු ඇල්ල පැත්තෙන් ගිහින් මේ පාරෙන් එන්නත් පුලුවන් ඒකනම් ලොකු දුරක්. යන පාරත් ⁣පිරිසිදුව තිබ්බ. ආයෙ යන කෙනෙක් උනත් ඒ විදියටම ඒ පරිසරය රකින්න.. මතකය විතරක් අරගෙන පා සටහන් විතරක් ඉතුරු කරල එන්න...

Safe travel guys.. 🏍️🌿

බව් යාලුවො🐶🐕🌿🌞
24/07/2024

බව් යාලුවො🐶🐕🌿🌞

Chariot path , රාවණා රජුගේ කරත්ත පාර🌴🌞සංචාරකයින්ගේ ⁣වගේම ගමේ අයගෙ වැඩ හින්දම රටට අහිමිවෙලා යන ලංකාවෙ ලස්සනම තැන්නක් තමයි...
22/07/2024

Chariot path , රාවණා රජුගේ කරත්ත පාර🌴🌞

සංචාරකයින්ගේ ⁣වගේම ගමේ අයගෙ වැඩ හින්දම රටට අහිමිවෙලා යන ලංකාවෙ ලස්සනම තැන්නක් තමයි chariot path කියන්නෙ. දෙසැම්බර් ජනවාරි පෙබරවාරි මාසවලට අධිකම ශීත කාලගුණයක් තමයි මෙහෙට තියෙන්නෙ.උදේම නැගිටින කෙනෙක්ට මල් තුහිනවලින් බරවෙච්ච ලස්සන දර්ශනයක් මෙහෙදි බලාගන්න පුලුවන්. ලංකාපුරයේ සුන්දරත්වය පෙන්නන්න රාවණා රජතුමා සීතාව රැගෙන ආව ස්ථානයක් කියල තමයි ජනප්‍රවාදවලත් සඳහන් වෙන්නෙ.

කොලඹ නුවරඑළිය පාරේ පුස්සැල්ලාව ටවුන් එකෙන් බැහැල පෙරට්ටාසී කියන ගමට යන්න ඔනේ. ඒක කිලෝමීටර් 22ක විතර ටිකක් අමාරු ගමනක්.බස් එකේ නැත්නම් ෆෝ වීල් වහනයක් කැබ් එකක් වගේ නම් හොදයි.ඒ බස් එ⁣කෙන් පෙරට්ටාසි රෝහල ලගින් බැහල තමයි යන්න තියෙන්නෙ. බයික්වල එන අයගෙ බයික් රෝහල ලඟම ගෙදර ඉස්සරහ නවත්තල යන්න පුලුවන්. ඒ ගෙදර අය ඒ බලාගන්නවට සාධාරණ මුදලක් ගන්නව. වනජීවී board එකට කලින් පාර වරදින්න තියෙන ඉඩ වැඩී. කැලේ නැතිඋනාට තේ වතු අස්සෙ අපරාධ කාලයක් වැය කරන්න වෙන හින්ද හරියටම පාර අහගෙන යන්න.

හරි පාරෙ ගියොත් පැය දෙක හමාරකින් වගේ උඩට යන්න පුලුවන්. Camping spotනම් 50 විතර තියෙනව. Camp කරපු අය ගස් කපල ගිනිමැල ගහල කපපු ගස් තැන තැන තියෙනව අපි දැක්ක. ගස් කපන්න දෙයක් නෑ. වටේ ටිකක් ඇවිද්දම ඕනතරම් දිරපු දර හොයාගන්න පුලුවන්. එවෙලෙ කපන ගස් ඇවිලෙන්නෙත් නෑ. නිකන් කපල දාල යනව. උඩට ආවම බොන්න වතුර ගන්න දිය පාරක් කොනක තියෙනව. හැබැයි ටිකක් ඒ වතුර පාරෙ උඩට ගිහින් වතුර ගන්නවනම් හොඳයි. අපේ අයියල ඒ වතුර පාර දෙපැත්තෙ වැඩ කරල තියෙන්න පුලුවන්. දාල ගියපු කුනු හැමතැනම . ඔයාල යන කෙනෙක් උඩ තියෙන කුනුවලින් ටිකක් හරි අරන් එන්න.අනාගතේ වෙනුවෙන් මේ තැන් රකින්න.

උඩ තැනිතලාවෙ ලස්සන ගැනනම් කියන්න වචන නෑ. හවසට ඉර බහින දර්ශනයක් ඒ තරම් ලස්සනට අපි කවුරුත් දැකල තිබ්බෙ නෑ. රෑට කාල සින්දුවක් කියල කට්ටිය නිදාගත්තෙ උදේම ඇහැරෙන්න හිතාගෙන Chariot pathවලට ලස්සන ඉර සේවයක් තියෙනව කියල දන්න හින්දමයි. ඉර ⁣පායනව බලල කට්ටියම තැන්නෙ ඇවිදින්න ගියා. උදේ ඉර එළිය කුරු ගස් අස්සෙන් වැටෙද්දි ඒ පුදුම ලස්සනයි. පැහැදිලි දවසකනම් සිරීපාදෙ කඳු, කුකුලාගල,දොලොස්බාගෙ කඳු, ග්‍රේට් වෙස්ටර්න් වගේ තව ගොඩක් කඳු මුදුන් බලාගන්න පුලුවන්.

ඉතිං photo ගහන අයගෙ shoots ඉවරවෙලා අපි කන්දෙන් බහින්න පටන් ගත්ත. පහලට එන්නනම් පැය එක හමාරක් යන්නෙත් නෑ. ඒ එන යන මගත් හරිම ලස්සන මල් පිරුනු අඩි පාරක් දිගේ තමයි යන්න තියෙන්නෙ. තව කියන්න අමතක උන දෙයක්. ඔයාල කන බොන දේවල් පුස්සැල්ලාවෙන්ම අරගෙන එන්න. පෙරට්ටාසි hospital එක ලඟ පොඩි කඩයක් තියෙනව. Biscuit එකක් වගේ දෙයක් ඇරෙන්න ලොකු දේවල් ඒ කඩේනම් අපි යන කාලෙ තිබ්බෙ නෑ. හැබැයි එයාලටත් පොඩි business එකක් කරල දෙන්න අමතක කරන්නෙපා.

බව්වො එනව පස්සෙන්ම එයාලව නවත්තන්න බෑ. දිවි කොටි හින්ද එයාලගේ වගේම ඔයාලගෙත් ආරක්ෂාව නැතිවෙන්න පුලුවන්. ඒ ගැනත් අවදානය දෙනවනම් හොඳයි. උඩ තියෙන කුනු කෑල්ලක් හරි අරං එන්න. හිතට සහනයක් දැනෙයි හොඳ දෙයක් කරා කියල.

තව දෙයක් chariot path කියන්නෙ සම්පූර්ණයෙන්ම තහනම් ප්‍රදේශයක්. වනජීවි එකෙන් කොයි වෙලේ එයිද කියන්න බෑ. අවසර අරං යන්න පුලුවන්නම් හොඳයි. හැබැයි අවසර හම්බෙන්නෙ නෑ campingවලට. මතක විතරක් අරගෙන පරිසරේ විනාස නොකර ජල මූලාශ්‍ර අපිරිසිදු නොකර පරිස්සමට ගිහින් එන්න.

Safe travel guys.. 🌿🏕️☀️

කන්දක් උඩ මහන්සි නිවෙනකන්, එන මගදි වෙච්ච අකරතැබ්බ මතක් කරගෙන ගහන කයිය.. 🌿💜️ ඒ අත්දැකීම විඳපු අය දන්නව.. 🏕🤠
18/07/2024

කන්දක් උඩ මහන්සි නිවෙනකන්, එන මගදි වෙච්ච අකරතැබ්බ මතක් කරගෙන ගහන කයිය.. 🌿💜️ ඒ අත්දැකීම විඳපු අය දන්නව.. 🏕🤠

කලුගල ගැරඬි ඇල්ල 🌿ගැරඬි ඇල්ලයි ගැරඬිගිනි ඇල්ලයි ගොඩදෙනෙක් පටලගන්න තැන් දෙකක්. කලුගල ගැරඬි ඇල්ල ලස්සනම ත්‍රාසජනක hike exp...
17/07/2024

කලුගල ගැරඬි ඇල්ල 🌿

ගැරඬි ඇල්ලයි ගැරඬිගිනි ඇල්ලයි ගොඩදෙනෙක් පටලගන්න තැන් දෙකක්. කලුගල ගැරඬි ඇල්ල ලස්සනම ත්‍රාසජනක hike experience එකක් ගන්න වගේම අමතක නොවෙන camping experience එකක් ගන්න හොඳම තැනක් විදියට recommend කරන්න පුලුවන්.

ගැරඬි ඇල්ලට අපි යන්න plan කරගත්තෙ bikewalin. Bike තමයි යන කෙනෙක්ට උනත් පහසුම විදිය. යන ගොඩදෙනෙක් අවසර නොගෙන තමයි යන්නෙ. හැබැයි අපි හුන්නස්ගිරිය අඩවි වන කාර්‍යාලයෙන් අවසර අරගත්ත. හැබැයි එයාල අවසර දෙන්නෙ ඇල්ල බලල එන්න විතරයි. Campingවලට එයාල අවසර දෙන්නෙ නෑ. හුන්නස්ගිරිය අඩවි වන කාර්‍යාලය - 081-2402108 .

ගැරඬි ඇල්ලෙ යනවනම් ඔයාලට ඕනෙ camping tent, උයන පිහන බඩුමුට්ටු ඕනදෙයක් කන්ද පාමුලින්ම ගන්න පුලුවන් බණ්ඩා මාමාට කතා කරල. හරිම අහිංසක සරල ගැමියෙක්. 071-1408411

මෙතනට යන්න පාරවල් දෙකක් තියෙනව. 5 කණුව පැත්තෙන් තමයි අපි ගියෙ. තවත් පැත්තක් තියෙනව. ගමේ කට්ටියගෙන් අහන්න එයාල ඕන උදව්වක් කරනව. කන්ද මගක් දුරක් නගිනකොට හෙල්මලු ක්‍රමේට සකස් කරපු ලියදි ටිකක් මැද හදපු පොඩි පැලක් හම්බෙනව. එතනට කන්ද හරි ලස්සනට බලාගන්න පුලුවන්. දිය ඇලි 7කින් හැදිල තියෙන ගැරඬි ඇල්ල එතන ඉඳන් අවදානම් නැග්මක් එක්ක තරණය කරන්නයි තියෙන්නෙ. වැහි කාලෙකනම් මේක යන්නම එපා. බණ්ඩ මාම කිව්ව විදියට එයාල වැහි කාලෙ කන්ද බැහැගන්න බැරිව හිටපු ගොඩ දෙනෙක්ව බේරගෙන තියෙනව. හුලඟත් හරිම සැරයි මේ පැත්තට.

කන්දෙ භාගයක් දුර එනකොට ඔයාලට හම්බෙනව මේකෙ අමාරුම තැන. දැන් එතන කඹ දාල හදල තිබ්බට මුල් කාලෙ මේ ගල්බැම්ම දිගේ තමයි කට්ටිය අමාරුවෙන් නැගල තියෙන්නෙ. එතනින් එක්කෙනා එක්කෙනා මාරු කරවල බෑග් ටිකත් පාස් කරන්ඩ ටිකක් වැඩි වෙලාවක් යනව.

කන්ද උඩට ආවම තැනිතලාවක් තමයි උඩ තියෙන්නෙ. Camping spot 5 6ක්ම උඩ තියෙනව. හුලං තදට තියෙන දවසකනම් කන්දෙ අයිනෙ tent setup කරගන්නෙපා. කැලේ වදුල අස්සෙ camp ගහගන්න පුලුවන්. ඇල්ල උඩ වතුර පාරෙන් බොන්න වතුර ගන්න පුලුවන් . දිය පාර උඩ අපවිත්‍ර කරන්නෙපා කන්ද පහල ගොඩදෙනෙක් මේ වතුර පාරිභෝජනය කරන හින්ද.

ගොඩක් දෙනෙක් අමාරුම තැන පහල ගල් බැම්ම කියල හිතුවට බහිද්දි අමාරුම කන්දෙ උඩම ටික. සමහරු යන්න බෑ කියල ඉඳගන්නව හෙල දැක්කම. බෑග් ටික මාරු කරගෙන කලබල නොවී හිමින්සැරේ පහලට බහින්නෝනෙ.

Rope එකක් අරගෙන යන්න යද්දි. වැහිනම් යන්නෙපා. වතුර පාර අපවිත්‍ර නොකර අවදානමත් ඔලුවෙ තියාගෙන පරිස්සමට ගිහින් එන්න. කුණු දාල අපවිත්‍ර කරන්නෙපා.

Safe travel guys.. 🌿💪

😁
15/07/2024

😁

ඔහිය හරහා හෝටන් තැන්නට🛵🌿අද කියන්නෙ දවසින් ගිහින් එන්න පුලුවන් ලංකාවෙ ලස්සනම road trip එකක් ගැන. කොළඹ ඉඳන් යන කෙනෙක්ට ප...
13/07/2024

ඔහිය හරහා හෝටන් තැන්නට🛵🌿

අද කියන්නෙ දවසින් ගිහින් එන්න පුලුවන් ලංකාවෙ ලස්සනම road trip එකක් ගැන. කොළඹ ඉඳන් යන කෙනෙක්ට පාන්දර පිටත් උනොත් හොඳ ride එකකුත් එක්ක ලස්සන photo ටිකකුත් ගහගෙන අලුත් අත්දැකීමක් අරං ගොඩක් රෑ නොවී ගෙදර එන්න පුලුවන් route එකක් තමයි මේක.

ගමන් මාර්ගය - කොළඹ => රත්නපුර => හපුතලේ => බොරලන්ද => ඔහිය => හෝටන් තැන්න => පට්ටිපොල => නානුඔය => හැටන් => කිතුල්ගල => අවිස්සාවේල්ල => කොළඹ

හපුත⁣ලේට යනකන් ගොඩක් නැරඹුම් ස්ථාන තිබුනට ඒ ටික ගැන කියන්නෙ නැත්තෙ පාන්දර පිටත් වෙලා කලුවරේ ඒව බලන්න බැරි නිසයි. 🌝 හපුතලේ බොරලන්දට වෙනකන්ම පාර හොඳටම හොඳයි කාර්පට් දාල තියෙනව. එතනින් ඔහිය පැත්තට ටික දුරක් ගියාට පස්සෙනම් කාර්පට් පාර ඉවරවෙලා තාර දාපු පාර තමයි තියෙන්නෙ. එතනින් පටන්ගන්න තාර පාර blackpool junction එකෙන් හැටන් නුවරඑළිය පාර හම්බෙනකන්ම තියෙනව. ඒ උනාට තාර පාර උනත් ගොඩක් අබලන් නෑ.

බොරලන්ද ඉඳල හෝටන් තැන්නට යනකන් පාර ගැන කියන්න වචන නෑ. ඒ තරමට ලස්සනයි. මීදුම මැද්දෙන් අද්භූත ගතියකුත් එක්ක සීත⁣ල පොද වැස්සක් කියන්නෙ වෙනම අත්දැකීමක් . ඔහිය station එක පහුවෙලා යද්දි ජනප්‍රිය photo location එකක් හම්බෙනව. වනජීවී එකේ අතැරලදාපු resting point එකක්. ගොඩදෙනෙක් නුවරඑළිය පැත්තෙන් හෝටන් තැන්නට ඇවිත් ඒ පැත්තෙන්ම ආයෙ ගියාට ලස්සනම ඔහිය පිවිසුම් පැත්ත කියලයි මගෙ අදහස.

හෝටන් තැන්න මැද්දෙන් 20kmh වේගෙන් ගියෙ ඒ ටික ඉක්මනට ගිහින් ඉවරවෙනවට තිබ්බ අකමැත්තට. ඒ තරම් ලස්සනයි. මග වාහනෙන් බැහැල පයින් යන්න කැලේ රින්ගන්න යන්නෙපා. හෝටන් තැන්නෙ ඇතුලෙ දිවි ගහනය වැඩී දැන් කියල ticket counter එකේ අයිය කිව්ව. මේ ට්‍රිප් එක හොඳට පායන කාලෙකට වඩා වැහි කාලෙක තමයි ලස්සනම. හෝටන් තැන්න පහු කරගෙන පට්ටිපොලට ආවම තවත් photo location එකක් හම්බෙනව. හැබැයි වැහි කාලෙට එතන සෙට් නෑ. 🤣 . කන්දෙ ඇල ජලාශය ළඟත් ඔයාලට නැවතිලා ගිමන් අරින්න පුලුවන් බඩඉරිඟුවක් කාල.

Blackpool junction එකෙන් හැටන් පැත්තට හැරිල එද්දි st claire දිය ඇල්ලෙ view point එකක් හම්බෙනව. එතනින් තව ඉස්සරහට එද්දි devon ඇල්ල බලන්න පුලුවන්. devon ඇල්ල බලන්න ලස්සන view point එකක් තියෙනව කෝවිල ලඟින් පහලට බහින්නෝනෙ. වෙලාව තිබුනොත් එතනට ගිහින් එන්න. Tea castle එකෙන් තේ එකක් බීල යන්නත් අමතක කරන්නෙපා. හැටන්වලින් ලඩ්ඩුත් අරගෙන කිතුල්ගලින් හවස නාගෙන ඔයාලට ගොඩක් රෑ නොවී ගෙදර එන්න පුලුවන්. 🌝 මුලු ගමනම 400Km විතර වෙනව කොළඹ ඉඳල.

මගදිගට කුණු විසිකරන්නෙපා . කැතයි ඒ වැඩේ.
Safe travel guys.. 🌿🏍️🛵

Address

Colombo, Western
Colombo
01

Telephone

+94713298978

Website

Alerts

Be the first to know and let us send you an email when අයාලේ / Ayale posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to අයාලේ / Ayale:

Videos

Share

Category