සංචාරකයා සමඟ Travel

සංචාරකයා  සමඟ Travel රට වටේ ඇවිදින්න එන්න......... �
(1)

26/01/2020

මාතලේ ලග්ගල නකල්ස් රක්ෂිතයේ භාවනා යෝගීව වැඩ සිටින විදෙස් ස්වාමීන්වහන්සේලා.

19/01/2020

මුහුද මැද තියෙන දූපතක නිවාඩුවක්

බත්තලංගුණ්ඩුව කියන්නේ දූපතක්. පුත්තලම කල්පිටියේ ඉඳලා පැය 4ක් විතර බෝට්ටු ගමනකින් පස්සේ මෙ දූපතට යන්න පුළුවන්. ඇත්තටම සුපිරි සංචාරයක, සුව පහසු ගමනක් බලාපොරොත්තු වෙනවා නම් සංචාරය සඳහා බත්තලංගුණ්ඩුව තෝරා නොගත යුතුයි. බත්තලංගුණ්ඩුවේ ගිහිල්ල ගන්න තියෙන අත්දැකීම අමුතුම එකක්. ඉතා අවම පහසුකම් යටතේ මහ මුහුදින් වටවෙච්ච කර්කෂ වැලි පොළවක රැයක් ගත කරලා ගන්න අත්දැකීම වෙනස්ම එකක්.

බත්තලංගුණ්ඩුවට යනවා නම් කල්පිටියට යන්න ඕන. කල්පිටියෙන් උදේ 8.30 ට බෝට්ටුවක් යනවා. ඒ බෝට්ටුවේ යන එක තමයි හොඳ.බස් එකේ යනවා නම් මීගමුවෙන් කල්පිටියට බස් එකක් පටං ගන්නවා පාන්දර 4.30 ට ඒ බස් එක 8.30 වෙනකොට කල්පිටියට එනවා. ඒ බස් එක ආවම තමයි කල්පිටියෙන් බත්තලංගුණ්ඩුවට බෝට්ටුව පිටත් වෙන්නේ. පාන්දර 4.30ට මීගමුවේ පෙරියමුල්ල හංදියේ අන්සාර් ආදී රෑ කඩ ටික අසලට ගියොත් කල්පිටි බස් එක අල්ලගන්න පුළුවන්. මේ නිසා කලිං දවසේ හවස ගිහිල්ලා මීගමුවේ නතරවෙලා කන්න බොන්න අවශ්‍ය දෙවල් අරගෙන, උදේම පිටත් වෙන එක තමයි හොඳ. අපහු දවල් 1.30 විතර බෝට්ටුව පිටත් වෙනවා. රැයක් ඉන්නවා නම් පස්සේ දවසේ දවල් 1.30 ට සෙට් වෙලා හිටියම බෝට්ටුවෙන් ආපහු කල්පිටියට එන්න පුළුවන්.

ගෙනියන දේවල් වලට පුළුවන් තරම් බොන්න වතුර අරං යන්න වෙනවා. ‍ වෙරළ අයිනේ කූඩාරමක නතර වෙනවා නම් ඒකට කූඩාරම් ඇතුළු දෙවල් අරං යන්න වෙනවා. උදේ 8.30ට කල්පිටියෙන් පිටත් වන බෝට්ටුව දවල් වෙනකොට දූපතට යනවා. ඊට වඩා ඉක්මනින් යන්න ඕන නම් රුපියල් 10000ක් විතර ගෙවලා පුද්ගලිකව බෝට්ටුවක් වෙන් කරගෙන යන්නත් පුළුවන්. හැබැයි දූපතට ගියාම පොලිස් මුරපොලේ වගේම නාවුක හමුදා‍වට දැනුම් දෙන්න ඕන. මොකද දූපතේදී හදිසි අනතුරක් වුනොත් නේවි එකේ හයිස්පීඩ් බෝට්ටු වලින් තමයි ගෙනියන්න වෙන්නේ ඒ නිසා එයාලව දැනුවත් කරන එක වැදගත්.

අවශ්‍ය දේවල් සියල්ලම අරං ගියාම එහෙදි අවශ්‍ය විදිහට කෑම බීම හදාගන්න පුළුවන්. උයාගෙන කනවා නම් දරලිපක් හදනවට වඩා පුංචි ගෑස් එකක් අරං යන එක මරු. නැත්තං එහෙන් දූපතේ කවුරු හරි සෙට් කරගෙන කෑම හදවාගන්නත් බැරි නෑ.

කොහොම හරි මහ මුහුදේ දූපතක අත්දැකීම විදගන්න වගේම අතිශයට සුන්දර වෙරළාශ්‍රිත පරිසරයක සිරිය විඳින්න, ඉර බැහැලා යන හවසක වගේම ඉර නැගගෙන එන උදයක සිරිය එක වගේ දූපතක ඉදලා විදින්න බත්තලංගුණ්ඩුව නියම තැනක්. හැබැයි එහේ යන ගෙඩාක් දෙනෙක් කරන වැරැද්දක් තමයි පොලිතින්, ප්ලාස්ටික්, බෝතල් , බියර් ටින් දාලා සුන්දර වෙරල වනසන එක. එහෙම නොකර පරිස්සමින් සිරිය විඳින්න පුළුවන් අය විතරක් මේ ගමනට යන්න. ඒ වගේම යන අයට පුළුවන් තමන්ට පුළුවන් හැටියෙන් අනිත් අය දාල ගිහිල්ලා තියෙන කුණු කසල ගිණිතියලා හරි වෙන ක්‍රමයකට හරි අයිං කරලා සුද්ද කරන්න ඒක ඉදිරියෙදී එහෙ යන අයට වැදගත් වෙයි ගෙඩාක්.

(ඡායාරූප අන්තර්ජාලයෙන් සහ Diluka ගෙන්)

06/01/2020
04/01/2020

Check this amazing place ❤❤❤

29/12/2019

ුරිදුටත්_අමතකවූ_අසරණයින්.....

“‍වෙල පල්ලෙහා ඉන්න මොනරුන්ට මොකක් හරි ලෙඩක්, පහු ගිය දවස් ටිකේම මැරෙන්න වැටිලා වගේ ගැහී ගැහී මොනරු කීප දෙතුන් දෙනෙක්ම හිටියා, ඔන්න අදත් අර පල්ලෙහා කෑල්ලේ මැරෙන්න වැටිලා“ පාන්දරම වෙලට ගිහින් ගෙදර ආව තාත්තා කීව කථාව කන වැකුනේ අහම්බෙන් වුවද, මොකක්ද වෙලා තියෙන්නේ කියලා නැවතත් තාත්තාගෙන් ඇහුවේ, ඇහුන කථාවේ විශේෂයක් දැනුන නිසාවෙනි... ඒ අනුව ඔහු පැවසූ කථාවට සංවේදීවූ අප සුලු වේලාවක් තුල ගියේ ඒ කීව ඉසව්ව සොයාගෙනය...

ඒ අනුව අප, මොරගොල්ලාගමට නුදුරු, තිබ්බටුවැව වෙල්යායේ කෙරවලට ගිය අප තාත්තා කීව තොරතුරු අනුව යම් කිසි රෝගයකින් පෙලෙන මොනරුන් සොයන්නට වූ අතර, විනාඩි කිහිපයක් තුල අපට හමුවූයේ මෙම තත්ත්වය හේතුවෙන් පසුගිය දින කිහිපය තුල මිය ගිය දැනට කුණුවී දුර්ගන්ධය හමන අසරණ සතුන්ගේ මළකුණුය. ගණන් අනුව එය 05 කි. ඇතැම් විට ප්‍රෙද්ශය පුරාවටම සෙව්වේනම් මෙම ගණන මීට වඩා ඉහළ අගයක් ගැනීමට තිබින.

තවදුරටත් සෙවිල්ලෙන් කටයුතු කල අපට හමුවූයේ දැනට ඉතා අසරණව, රෝගී තත්ත්වයෙන් පීඩා විදින තවත් අසරණ සතෙකි. කඩිනමින් මෙන්ම ප්‍රෙව්ශමින් එම ස්ථානයෙන් එම සතා ඉවත් කර ගැනීමට කටයුතු කල අතර, පරීක්ෂා කිරීමේදී පෙනී ගියේ මෙම රෝගී තත්ත්වය හේතවෙන් සතාගේ ඇස් දෙකම සුද වැසීම නැමති තත්ත්වට පත්ව ඇස් දෙකම ආවරණව වී ඇති බවයි.

එම අවස්ථාවේදී, කුඹුරේ සිටි ගොවීන්ගේ විමසීමේදී ඔවුන් සදහන් කලේ මොනරුන්ගෙන් වන වගා හානී අවම කිරීම පිණිස ඇතැම් ගොවීන් කුඹුරට වී වැපිරීමේදී ඒවාට කුරේට හෝ එවැනි අධි අන්තරාදායක කෘමිනාශක කලවම් කරමින් යොදන බවයි. තවත් සමහරෙකුගේ අදහස වූයේ කුඹුරු සදහා කෘමිනාශක යෙදු පසු කුඹුරු වල සිටින කෘමි සතුන් හා කුඩා සතුන් මොනරුන් විසින් ආහාරයට ගැනීමෙන් මෙම උපද්‍රවයට ලක්වන බවයි.

‍කෙසේ නමුදු බොහෝ දෙනාගේ අදහස මත, මෙම අසරණයින් හට මෙම අවසනාවන්ත ඉරණම අත්ව තිබෙනුයේ සෘජු හෝ වක්‍ර ආකාරයෙන් යෙදූ කෘමිනාශක හේතුවෙන් බවයි. ඒ අනුව බලන කල මේ තුලින් මෙපරිද්දෙන් පෙනෙන හා නොපෙනෙන සතුන්ට මෙන්ම වක්‍ර ආකාරයෙන් මිනිසාට කෙතරම් හානියක් සිදුකරන බවද? ඒ අනුව දැඩි ලෙස සොයා බලා ගොවීන් කටයුතු කල යුතුව ඇත. තවත් පැත්තකින් රටේ මේ වන සියලුම වගාවන් සදහා මොනරැන්, ඌරන්, වදුරන්, වන අලීන් මෙන්ම තවත් බොහෝ සතුන්ගෙන් දැඩි ලෙස වගා හානී සිදුවන අතරම, ඉන් මිදීම වස් ගොවීන් විසින් නානාවිධ ක්‍රෙමා්පායන් යොදාගනු ලබයි.

තත්ත්ව කෙබදු වුවද, මිනිසුනේ.......... බඩගින්න, තිබහ මෙන්ම අනෙකුත් අවශ්‍යතාවයන් හඩගා කියා සිටිමේ හැකියාවක් නොමැති, ඉල්ලා සිටීමට නොහැකි ඔවුන් වෙනුවෙන් හඩක් නැගීමට කෙනෙක් නොමැති වූ කල ඔවුන්ගේ සිරිත සීමා මායිම් නොතකා කෑම, බීම සොයා ආක්‍රමනයන් සිදුකිරීමයි. එහෙත් මනුසත්බවින් පරිපූර්ණ, මනුසත් බව අගය කර, සැම මත නිරෝගීත්වය අගය කරන උතුම් මිනිසුනේ, තම වගාවට හානී කරන සතුන් පලවා හැරීමට මීට වඩා නම්‍යශීලී, අමානුෂික නොවූ ක්‍රමවේදයන් භාවිත කරන ලෙස කරුණාවෙන් සිහිපත් කරන්නෙමි. කිසිත් කරකියා ගත නොහැකිව තම බඩගින්න නිසා උරුම වූ මරනයේ බියෙන් වේදනාවෙන් පීඩා විදින අසරණයන් හට මෙවැනි දඩුවම් කිරීමෙන් අප වැලකී සිටිමු.

‍කෙසේ වුවද අප විසින් මුදවා ගත් අසාධ්‍ය තත්වයේ පසුවූ මොනරා කඩිනමින් හේරත්ගම වනජීවී කාර්යාලය වෙත භාරදීමට කටයුතු කල අතර, ඔවුන් විසින් ඔහු භාරගෙන ප්‍රතිකාර ලබාදීමට පොරොන්දු විය.

උපුටා ගැනීමකි ..

28/12/2019
Ezcar

https://www.facebook.com/941672719558261/posts/1068988370160028/

අවුරුදු 25 කින් කිසිම නඩත්තුවක් නෑ.වාහන දහස් ගනනක් වල් වැදිලා. පසුගිය ආන්ඩුවලින් කරපි එකම දේ ඒ වාහන යකඩවලට විකුනපු එක විතරයි. එකෙන් ඇවිත් ගලවගෙන ගිහින්.පොත් අයින් කරලා. ඉන් බොහෝ වාහන නැවත් ගොඩගත හැකිවාහන. චෙකොස්ලෝවැකියානු රජයෙන් ලංකාවට දුන්න තෑග්ග අපේ දේසපාලුවන් බලාගත්ත හැටි
සම්පූර්න වීඩියෝව නැරඹීමට පහත ලින්ක් එකෙන් පිවිසෙන්න
https://youtu.be/hSDKgqJDGuo

අපි අලුත් post එකක් දැම්මම ඔයාලට ඒක පෙන්න නම් LIKE එකක් දාන්න අපේ Page එකට.
අපේ Group එකක් තියෙනවා ..
https://www.facebook.com/groups/2316147325147684/
කැමතිනම් ඇවිත් SET වෙන්න.
ඉදිරියේදි ඔබට හුගක් වැදගත්වෙයි

with love From -team Ezcar 😍 -I

28/12/2019

මහසෝනා හිටිය රිටිගල ...
මහසෝනා (දුටුගැමුණු සේනාවේ සිටි යෝධයෙක් වූ ගෝඨයිම්බරගේ පහරින් හිස අහිමි වෙලා වලස් හිසක් සවි කරගත් ජයසේන තමා පස්සේ මහසෝනා වෙන්නේ ..ඒ ගැන රසවත් කතා ගොඩක් තියෙනවා ..හොයල බලන්න ) අංගම් පොර සටන් , මෙන්ම ‍රාවණා රජ සමය දක්වාම යන ජනප්‍රවාද හා බැඳණු ඉතිහාසයක් තියෙන ආරාම සංකීර්ණයක් විදිහට රිටිගල හදුනාගන්න පුලුවන් ..
මෙය තවත් වැදගත් වෙන්නෙ ශ්‍රී ලංකාවේ දැනට පවතින වනජීවී දැඩි රක්ෂිත 🌳තුනෙන් එකක් විමත් එමෙන්ම අනුරාධපුර දිස්‌ත්‍රික්‌කයේ උසම කඳුවැටියවිමත්⛰(මීටර් 765).. ...
මෙය අට්ඨගිරි හෙවත් අරිට්ඨ පබ්බත ලෙසත් හදුන්නනවා ඊට හෙතුව මෙරට පැවිදි ශාසනයට ඇතුළු වූ ප්‍රථම භික්ෂූන් වහන්සේ වන අරිට්ඨ මහා මහරහතන් වහන්සේ වැඩ වාසය කිරීම සඳහා තෝරා ගත් ස්ථානයක් ලෙස විශ්වාස කිරිම. තවද සූරතිස්ස රජු( ක්‍රි. පූ. 187-177) මේ කඳු පාමුල මකුලක විහාරය කරවා ඇති අතර ලජ්ජතිස්ස රජු( ක්‍රි. පූ. 119-110) අරිට්ඨ විහාරය විශාල කර ප්‍රතිසංස්කරණය තිබෙනවා,පසු කාලිනව පළමුවන පරාක්‍රමබාහු රජු රුහුණේ මානාභරණට එරෙහිව මේ කඳු ආශ්‍රිතව බලකොටු තනා සේනා සංවිධානය කළ බවත් ඉතිහාසයේ සඳහන් වනවා.... ( මෙ ඉතිහාස ගැන් තොරතුරු නම් මං හොයාගත්තේ අන්තර්ජාලයෙන් 💻)
පොකුණ 🌊,ශෛලමය වේදිකා , පොත්ගුල📚, ගල් පාලම්➖, පියගැට පේළි 📶 , බෙහෙත් ඔරු, සලපතල මළු, ගිමන්හල්⛩, සෙල්මුවා පහන්, තටාක, පහන් කනු, කැසිකිලි ගල් ආදී බොහොමයක් නටබුන් ⚒ මෙම භූමියේ දී අපට අදටත් දකින්න පුලුවන් ... 🇱🇰👣📸

උපුටා ගැනීමකි ...

25/12/2019

ජීවිතේ කතාව රූලෙන් රූල පිටුවෙන් පිටුව ලියන්න. දවසක පොත කියවද්දි ඔබටම සතුටුවෙන්න පුලුවන් වෙයි.
කෑම අරන් යනගමන්. කඩේකටවත් ගොඩ නොවී ගෙදරින් අරගෙන ආව බත් එක මෙහෙම කන්නේ වැටෙන්න පුලුවන් අන්තෙටම වැටිලා හින්දා කියලද හිතන්නෙ.නෑ.
ඔහුගෙන් ඇහුවොත් හේතුව කියයි. සමහරුන් ට කොච්චර ලැබුනත් මදි රස්සා තියෙද්දි
👉ලැබෙන දේ ඉතුරුකරන මේ කොලුවා දවසක මේ රටේ කාට හෝ සැප රස්සා කීපයක් නිර්මානය කරල දෙයි. 👍
සාර්ථක ව්‍යාපාර බොහෝමයක් බැබලෙන්නෙ මෙවන් මහන්සි වෙලා වැඩකරපු අයගේ කර මතින්.
ඉතින් සහෝදරයා නුඹ දියුනුවෙන් දියුනු වේවා!!😍😍😏

උපුටා ගැනීමකි

25/12/2019

බොහෝ දුරුකතර පියමැන, පොඩිවුන් මුව අගිස්සෙහි සිනහ උපද්දනු වස්, නත්තලට උන් පැතූ සැමරුම උහුල එන අම්මා!

ජර්මානු අධිරාජ්‍යයේ කිසියම් බිමෙක, නත්තල් දිනට පෙර හිරු බසින හවසක, 1895!

සුබ නත්තලක් වේවා ඔබ සැමට ❤❤❤

21/12/2019

ඔබ දෙනියාය ප්‍රදේශයේ සංචාරය කරනවා නම් අනිවාර්යයෙන්ම නැරඹිය යුතු ස්ථාන කීපයක් 👌🇱🇰

15/12/2019

ආයුබෝවන් 🇱🇰

ශ්‍රී ලංකාවේ පුරන් කුඹුරු අස්වද්දවමු.

අති සුන්දර දැදිගම්පුරට පැමිණි සියළුම අමුත්තන් සාදරයෙන් පිළිගනිමු.

සියළුම උදවියට ජයම වේවා.

නිහතමානී ගෞරවනීය ස්තුතිය
කෘෂිකර්ම අමාත්‍යංශය මාධ්‍ය අංශයට.

නාලක සේනාධීර.

14/12/2019

කුනු ප්‍රතිචක්‍රීය කරන මැශිමට රාජ්‍ය අවධානය යොමුකරගත්තා.
පුරන් කුඹුරු අස්වද්දන එකට රාජ්‍ය මැදිහත්වීම ගත්තා.
තාප්පවල චිත්‍ර ඇඳලා රට ලස්සන කරන වැඩේට අවධානය යොමු කරගත්තා.
ඉතින් මේ රැල්ල මෙතනනින් නවතින්න දෙන්නෙ නැතිව දිගටම අරන් යන්න වැඩපිලිවෙලක් අපිම හදමු ❤❤

14/12/2019

මේ අවුරුද්දටම තාම එකක් යන්න set උනේ නැද්ද? එහෙනම් මේ #නත්තල්_නිවාඩුවට අවුරුද්දෙම ඇරියස් කවර් වෙන්න හොද Trip එකක් යමු. හැමදාම යන ඒකාකාරි trip එකකට වඩා වෙනස්ම විදියේ අත්දැකීමක් ගන්න මේ පාර #සිංහරාජෙ යමු.

ඔබගේ දුවා දරුවාට අධ්‍යාපනික වටිනාකමක් වගේම විනෝද වෙන්නටත්,
Office එකේ annual Trip එකටත් මෙන්න කියාපු තැන. Night 1ක් ඉන්නව නම් 75 දෙනෙක් සදහා නවාතැන් පහසුකම් අප සතුව ඇත. ඒ වගේම dayout සදහාද විශේශ පැකේජ් ක්‍රම ඇත.
කොළඹ ඉදන් එනව නම් highway එකට දාලා පැය 2 හමාරෙන් සිංහරාජෙටම එන්න පුලුවන්. වැඩි විස්තර සදහා පලමු comment එකේ.

Contact us
0711109443
0711109427
0771518019

🌏 www.sinharajaecolodge.com
📧 [email protected]

☑️ Travel with chathura program
https://m.youtube.com/watch?v=oPM8Kp34SgI

☑️ Soba siyatha tv - 1 https://m.youtube.com/watch?v=sIM9EALOx40

☑️ Soba siyatha tv - 2
https://m.youtube.com/watch?v=4JfRoDj9UM0

☑️ Soba siyatha tv - 3
https://m.youtube.com/watch?v=L7bpBWHbAyE

--------------------------------------------------------------------
🔷 ️Dayout Packages - 300+ pax
🔷 Night stay packages - 75 pax
🔷 Outbound Traning Program
🔷 Adventure Events
--------------------------------------------------------------------

✅ Night stay package
Package include the following items ,

♦️1 Night
♦️2 Day
♦️Transport up and down ( Neluwa-sinharaja )
♦️Welcome Drink
♦️3 Buffet Meals
♦️Morning and Evening Tea
♦️Comfortable Accommodations
♦️Visit ️6 Water Falls at Sinharaja Rain Forest
♦️Sinharaja Entrance Tickets
♦Professional Guideline to the Forest
♦️Doctor Fish Therapy
♦️BBQ (Chicken /Sausages)
♦️Natural Swimming Area
♦️Play Ground ( Cricket, Badminton )

Couple package - 7500/= (per person)
03 - 20 members - 6500/= (per person)
21 - 50 members - 6000/= (per person)
50 -70 members - 5500/= (per person)

11/12/2019

ශ්‍රී පාදස්ථානය 🙏
උතුම් වූ ශ්‍රීපාදස්ථාන වන්දනාව අදින් ඇරඹුණු වගයි..
ඔබ සැමට සුමන සමන් දෙවි පිහිටයි😍

07/12/2019

ලංකාවේ සියළුම නඟර මේ වගේ කරන්න අපි එකතුවෙමුඳ. ඔබේ අදහස 👉👉👉👉👉

මෙි විදියට ගස් නඩත්තු කරල හදනවනමි මිනිස්සු පයින් යන්න පුරැදු වෙනව හෙවන නිසා බයිසිකල් පැදල යන්න පෙලබෙනව හෙවන නිසා.පුුතිලාභ ගොඩයි .අදික වාහන තදබදය අදික ඉන්දන පරිභෝජනය .වායුදුෂනය අඩුවෙනව.ඔක්සිජන් ලැබෙනව.මිනිස්සු නිරෝගී වෙනව.කොලොස්ටරෝල් දියවැඩියා අදිරැදරපිඩනය පයින් යැම බයිසිකල් පැදිම නිසා අඩුවෙනව.අද පාරවල අදික රස්නය නිසා තමා මිනිස්සු වාහන වලම යන්න පෙලබෙන්නෙ...❤️

30/11/2019

Nest Wood Bungalow
Kalawana, Sri Lanka 🌿🌸🇱🇰

09/11/2019

🏚️🚂🚃🚃🚃🚃🚃🚃🚃🚃🚃

ආච්චිට හාල් ගැරීම ආරම්භ වූ මීයන් ඇල්ලේ කතාව

ශ්‍රී ලංකාවේ දුම්රිය මාර්ග ඉදිකිරීමේදී බ්‍රිතාන්‍යයන් විසින් පලමුවෙන්ම ඉදිකරනු ලැබුවේ කොළඹ සිට බදුල්ල දක්වා වූ ප්‍රධාන දුම්රිය මාර්ගයයි. එය අදියර කිහිපයක් යටතේ සිදුවූ අතර පලවෙනි අදියර යටතේ ඉදිවූයේ කොළඹ අන්ත්‍ය දුම්රිය ස්ථානයේ සිට කීනදෙනිය දක්වා වූ දුම්රිය මාර්ග කොටසයි. කොළඹ අන්ත්‍ය දුම්රිය ස්ථානය මේ වන විට භාවිතයෙන් තොර වන අතර ඒ වෙනුවට කොළඹ කොටුව දුම්රිය ස්ථානය අද වන විට භාවිතයේ පවතී. කීනදෙනිය දුම්රිය ස්ථානය වර්තමානයේ අඹේපුස්ස ලෙසින් හැඳින්වේ. දෙවන අදියර යටතේ පොල්ගහවෙල දක්වා දුම්රිය මාර්ගය දීර්ඝ වන අතර ඉන්පසු රඹුක්කන හරහා මහනුවර දක්වා දුම්රිය මාර්ගය තැනීම ආරම්භ විය. මධ්‍යම කඳුකරයේ දොරටුව ලෙසින් හඳුන්වන රඹුක්කනින් පසුව හමුවන කඳු බෑවුම් සහිත භූවිෂමතා ලක්ෂණ ඔස්සේ දුම්රිය මග ඉදිකිරීමේදී බ්‍රිතාන්‍යයන්ට අභියෝග රාශියකට මුහුණ දෙන්නට සිදුවිය.

රඹුක්කනින් පසුව සැතපුම් හතරක වැනි දුරක් ඇතුලත පලමුවෙන්ම ඉදිවූයේ කඩිගමුව දුම්රිය ස්ථානයයි. ඉන්පසුව වර්තමානයේ ගංගොඩ නමින් හඳුන්වන බැද්දේවෙල දුම්රිය ස්ථානය ඉදිවිය. බැද්දේවෙල සිට ඉදිරියට දුම්රිය මාර්ගය ඉදිවූයේ ඒ ආසන්නයේ ඇති යෝධ අලගල්ල කඳුවැටියේ බෑවුමේ සිදුකරන ලද කැපුමක් ඔස්සේ වන අතර එය ඉතා ඝීඝ්‍ර බෑවුමක් විය. මෙම ඝීඝ්‍ර බෑවුම ඔස්සේ දුම්රිය මාර්ගය ඉදිකිරීමේදී බ්‍රිතාන්‍යයන්ට තවත් දැවැන්ත අභියෝගයකට මුහුණ දෙන්නට විය. ඉදිරියෙන් දක්නට ලැබුණේ අලගල්ල බෑවුම ඔස්සේ ඇදහැලෙන උසින් ඉතා වැඩි දියඇල්ලකි. අවට ගම්වාසීන් එම දියඇල්ල හැඳින්වූයේ මීයන් ඇල්ල ලෙසිනි. අලගල්ල කඳුවැටියෙන් ආරම්භ වන උල්පත් මගින් නිර්මාණය වන මීයන් ඇල්ල ලෙසින් මේ ගලාබසින්නේ වලගොඩ ඔයයි. මීයන් ඇල්ල නිර්මානය වීමෙන් පසුව අවට ගම් කිහිපයක් මැදින් ගලා බසින වලගොඩ ඔය අවසානයේදී මා ඔය හා එක්වේ. අතීතයේ මෙයින් සෑහෙන තරමේ ජල ප්‍රවාහයක් පහලට ඇදහැලෙමින් පැවතී ඇති අතර එම ස්ථානයෙන් එහාට දුම්රිය මාර්ගය තැනීමට නම් බ්‍රිතාන්‍යයන් හට මෙම දියඇල්ල ඔස්සේ දුම්රිය මාර්ගය තැනීමේ අභියෝගයද ජය ගත යුතු විය.

එම අභියෝගය ජයගැනීම සඳහා බ්‍රිතාන්‍යයන් විසින් පලමුවෙන්ම මීයන් ඇල්ලේ ජල පහර දිය ඇල්ල ඇදහැලීම ආරම්භ වන ස්ථානයේ සිට සෑහෙන තරම් මුදුනේදී අවහිර කොට එම ජල පහර දෙකට බෙදා අලගල්ල බෑවුමේ ආසන්න ස්ථාන දෙකක් ඔස්සේ ඇදහැලෙන සැර බාල වූ ජල පහරවල් දෙකක් බවට පත් කරන ලදී. ඉන්පසුව අලගල්ල බෑවුමේ එම ජල පහරවල් ඇදහැලෙන ගල් පොත්ත අදාල ස්ථාන දෙකේදී තරමක් ඇතුලට හාරා අලුතින් ඉදිකරන දුම්රිය මාර්ගය මතට ජල පහර නොවදින ලෙස සකස් කරන ලදී. අවසානයේදී දුම්රිය මාර්ගය තැනීම සඳහා බෑවුමේ හරහට තව දුරටත් සිදුකරන ලද කැපුම ඔස්සේ දුම්රිය මාර්ගය ඉදිවිය. සැබැවින්ම එය අතිශයින්ම දුර්ග මාර්ගයක් වූ අතර බ්‍රිතාන්‍යයන්ට එම දුර්ගය හරහා ඇදහැලුණු "මීයන් ඇල්ල" යන්න උච්ඡාරණය කිරීම ඉතා අපහසු වී ඇත. "මීයන් ඇල්ල" යන්න "මීන්ගල්ල" ලෙසින් උච්ඡාරනය කරනු ලැබූ බ්‍රිතාන්‍යයන් මෙම දුර්ගය හැඳින්වූයේ "මීන්ගල්ල දුර්ගය" (Meengalla Pass) ලෙසිනි. මීන්ගල්ල දුර්ගය ඔස්සේ ඉදිවූ දුම්රිය මාර්ගය තව මද දුරක් ඉදිරියට ඉදිවීමෙන් අනතුරුව එම ස්ථානයේ දුම්රිය ස්ථානයක් ඉදිවිය. අලගල්ල කන්ද පාමුල ඉදිවූ එම දුම්රිය ස්ථානය එකල අලගල්ල ලෙසින් හැඳින්වූ අතර වර්තමානයේදී එය ඉහල කෝට්ටේ නමින් හැඳින්වේ.

අලගල්ල බෑවුමේ මීයන් ඇල්ලේ අභියෝගය බ්‍රිතාන්‍යයන් එලෙස ජයගත්තද. අධික වර්ෂා සමයන්හිදී මෙම මීයන් ඇල්ල ආශ්‍රිත දුම්රිය මාර්ග කොටසට නොයෙකුත් උපද්‍රව වලට මුහුණ දීමට සිදුව ඇත. අධික වර්ෂා සමයන්හිදී මේ ආශ්‍රිතව නායයාම් බොහෝ සෙයින් සිදුවී ඇති අතර දුම්රිය මාර්ගයට ගල් කුට්ටි කඩා වැටීම නිරන්තරයෙන් සිදුවී ඇත. එපමණක් නොව අධික වර්ෂාවත් සමගම වැඩිවන මීයන් ඇල්ලේ ජල පහර දුම්රිය මාර්ගය මත පතිත වන්නට පටන්ගෙන ඇති අතර දුම්රිය මාර්ගය සේදීයාමේ අවදානමක්ද තිබී ඇත. එපමණක් නොව දුම්රිය මාර්ගය කොලඹ සිට නානුඔය දක්වා පමණක් ඉදිව තිබූ 1897 සමයේ කොළඹින් නානුඔය බලා පිටත්වූ රාත්‍රී තැපැල් දුම්රිය මෙම මීන්ගල්ල දුර්ගය ඔස්සේ වර්තමානයේ ඉහල කෝට්ටේ නමින් හැඳින්වෙන අලගල්ල දුම් රිය ස්ථානයට ලඟාවීමේදී නයයාමක් හේතුකොටගෙන මීන්ගල්ල දුර්ගයට කඩාවැටුණු ගල්කුට්ටිවල වැදී අනතුරට පත්ව ඇති අතර එම දුම්රියට පටවා තිබූ සහල් ගෝනි රාශියක්ද මෙම අනතුරෙන් හානියට පත්ව තිබේ. අනතුරෙන් පසුව හානියට පත් වූ එම සහල් ගෝනි ආපසු රැගෙන යාමට වඩා එම ස්ථානයේදී අතහැර දැමීම පහසු නිසා ඒවා මීන්ගල්ල දුර්ගයෙන් පහලට දැමුවාද එසේත් නැතහොත් නායයාම නිසා අනතුරට ලක්වූ සම්පූර්ණ දුම්රියම හෝ දුම්රිය මැදිරි කිහිපයක් මීන්ගල්ල දුර්ගයෙන් පහලට පෙරළුණාද යන්න තහවුරු කිරීමට ප්‍රමාණවත් සාක්ෂි තවමත් හමුවී නැතත් අදාල අනතුරෙන් පසුව සහල් ගෝනි රාශියක් මීන්ගල්ල දුර්ගයෙන් පහලට වැටී ඇති බව ජනප්‍රවාදයේ කියවේ. ඒ බව ආරංචි වූ අවට ගම්වාසීන් එම සහල් තම පරිභෝජනය සඳහා රැගෙන යාමට මීන්ගල්ල දුර්ගයේ පාමුලට පැමිණ අතර ගමේ වයසක ආච්චිලා විශේෂයෙන්ම මේ සඳහා උනන්දු වී තිබේ. එම ආච්චිලාගේ සහායට ගමේ බොහෝ තරුණ පිරිස්ද පැමිණි අතර ඔවුහු ගල් සහ පස් සමග මිශ්‍ර වී තිබූ සහල් ගැරීම සඳහා ආච්චිලාට සහාය වී තිබේ. අද කාලය වනවිට සිංහලයේ ප්‍රසිද්ධ කියමනක් බවට පත්ව ඇති "ආච්චිට හාල් ගරනවා" යන්න ඇතිවූයේ මෙම දුම්රිය අනතුර පාදක කරගෙනය.

ඉහත අනතුරෙන් පසුව කොළඹ - මහනුවර දුම්රිය මාර්ග කොටස වසා දැමුණු අතර කොළඹ දෙසින් සහ මහනුවර දෙසින් දුම්රියන් දෙකක් පැමිණ මීන්ගල්ල දුර්ගයේ දෙපස නවත්වා එකකින් අනෙකට භාණ්ඩ හුවමාරු කරගනිමින් කාලයක් දුම්රිය මගින් භාණ්ඩ ප්‍රවාහනය කිරීම සිදුවී ඇති බව කියවේ. කෙසේ නමුත් මෙයට ස්ථිර විසඳුමක් ලෙස මීන්ගල්ල දුර්ග මාර්ගය අතහැර දමා එයට පිටුපසින් ගල හාරා බිම්ගෙයක් සකස් කිරීමෙන් දුම්රිය ඒ තුලින් ධාවනය කල යුතු බව බ්‍රිතාන්‍යයන් විසින් තීරණය කිරීමෙන් අනතුරුව එම ස්ථානයේ බිම්ගෙයක් ඉදිවී දුම්රිය මාර්ගය ඒ තුලින් ඉදිවිය. වර්තමානයේ Tunnel No 5A නමින් හැඳින්වෙන්නේ එම බිම්ගෙයයි. එය ඉදිකිරීමෙන් අනතුරුව එය මෙරට දෙවැනියට දිගින් වැඩිම බිම්ගෙය වූ අතර අද වන විට එය මෙරට තුන් වැන තුන් වැනියට දිගින් වැඩිම බිම්ගෙයයි. ඒ සමගම පැරණි දුම්රිය මාර්ග කොටස ඉදිවී තිබූ මීන්ගල්ල දුර්ග මාර්ගය අතහැර දැමුණු අතර ඒ ඔස්සේ ඉදිවී තිබූ දුම්රිය මාර්ග කොටසද ගලවා ඉවත් කරන ලදී.

මෙරට ප්‍රධාන දුම්රිය මාර්ගය ඉදිවන අතීතයේ වසරේ සෑම කාලයකදීම මීයන් ඇල්ලෙන් සැලකිය යුතු ජල ප්‍රවාහයක් ඇදහැලුණත් පසු කාලයේදී අලගල්ල මුදුනේ ගස් කපා දමා වන වැස්මෙන් කොටසක් ඉවත් කිරීම නිසා මේ වන විට මීයන් ඇල්ලේ ජල ප්‍රවාහය වර්ෂා සමයන් වලට පමණක් සීමා වන අතර පායන කාලවලදී එය මුළුමනින්ම සිඳී යයි. එපමණක් නොව විශේෂයෙන් සඳහන් කල යුතු තවත් කරුණක් වන්නේ මීයන් ඇල්ල යනු ඉතා උසින් වැඩි දියඇල්ලක් වන අතර මීන්ගල්ල දුර්ග මාර්ගය ඉදිකිරීමට බ්‍රිතාන්‍යයන් එහි ජල පහර අඩාල කොට ජලය ඇදහැලෙන කොටසද ඇතුලට හෑරූ නිසා එහි ඉහල කොටස විකෘති වී ඇති අතර එසේ නොවුණේ නම් අද වන විට එය මෙරට උසින් වැඩිම දියඇලි අතර ඉහලම ස්ථානයක් ගන්නා බව කිව යුතුය.

මෙම දිනවල වර්ෂා සමය ක්‍රියාත්මකව පවතින නිසා මීයන් ඇල්ලෙන් සැලකිය යුතු ජල ප්‍රවාහයක් ඇදහැලෙන අතර එය නැරඹීම සඳහා දුම්රියෙන් ඉහල කෝට්ටේ දුම්රිය ස්ථානය කරා පැමිණ කොළඹ දෙසට මද දුරක් ගමන් කිරීමේදී Tunnel No 5A හමුවන අතර එයට වම් පසින් පැරණි මීන්ගල්ල දුර්ග මාර්ගය ඉදිව තිබූ ස්ථානයට පිවිසිය හැක. වර්තමානය වන විට උසට මානා පඳුරු වැවී ඇතත් ඒ අතරින් ගමන් කිරීමෙන් බ්‍රිතාන්‍යයන් විසින් පැරණි දුම්රිය මාර්ගය ඉදිකිරීමේදී මීයන් ඇල්ල මගින් වූ බාධකය ජයගත් අයුරු වටහා ගත හැක. තවද බිම්ගෙය කැණීමේදී ඒ තුලට පිරිසිදු වාතාශ්‍රය ලබා ගැනීම සඳහා බිම්ගෙය මධ්‍යයේ සිට පිටතට තරමක කුහරයක් තනා ඇති අතර එම කුහරය අවසන් වී ඇත්තේ හරියටම මීයන් ඇල්ල ඇදහැලෙන ස්ථානයට පසුපසිනි. මීයන් ඇල්ලේ ජල ප්‍රවාහය හොඳින් ඇදහැලෙන කාලයන්හි මෙම කුහරය තුලින් පැමිණ පසුපස සිට මීයන් ඇල්ල නැරඹීම ඉතා සුන්දර අත්දැකීමකි. එපමණක් නොව මීන්ගල්ල දුර්ගයෙන් පහලට බැස මීයන් ඇල්ලේ පහල කොටස නැරඹීමටද අප අමතක නොකල අතර ඒ සඳහා අප ඉහල කෝට්ටේ දුම්රිය ස්ථානය අසලින් වැටී ඇති අඩි පාරකින් මීන්ගල්ල දුර්ගයේ සිට බැලූ විට දිස්වන පහල වෙල්යාය අසබඩ මාර්ගයට පිවිසුණු අතර වෙල්යාය අවසන් වනවාත් සමග දකුණට ඇති කොන්ක්‍රීට් පරේ කෙළවරට ගමන් කිරීමෙන් මීන්ගල්ල දුර්ගය පාමුල මීයන් ඇල්ලට ආසන්නයෙන්ම ඇති අවසාන නිවස වන පොඩි මහත්තයාගේ නිවස වෙත ගමන් කලෙමු. එම නිවසට යාබදව මීයන් ඇල්ලේ ජල පහරින් නිර්මානය වන වලගොඩ ඔය ගලාබසී. ජල පහර ඔස්සේ ඉහලට ගමන් කල විට මීයන් ඇල්ලට පසුව නිර්මාණය වන තවත් දියඇලි දෙකක් දක්නට ලැබුණු අතර ජල පහර ඔස්සේ ඉහලට ගමන් කිරීමේදී එක ලඟ විසිරී ගිය ලොකු කුඩා ගල් කුට්ටි දැකගත හැකි විය. ඒවා බ්‍රිතාන්‍ය යුගයේ මීන්ගල්ල දුර්ග මාර්ගය නිර්මාණය කිරීමට අලගල්ල බෑවුම ඔස්සේ ගල් පුපුරවා හැරීමේදී ඇදහැලුණු ගල් කුට්ටි බවට සිතාගත හැක. තව දුරටත් ඉහලට ගමන් කිරීමේදී මීයන් ඇල්ලේ පාමුලට ලඟාවීමට හැකියාව ලැබුණු අතර ගමේ කිසිවකුත් ඒ ආසන්නයට නොයන නිසා වනයෙන් වැසීගත් ඒ ප්‍රදේශය හරහා ගමන් කිරීම තරමක් අපහසු ක්‍රියාවකි. අතීතයේ නම් වර්ෂාවත් සමගම මෙහි ජල පහර සැඩ වුවද වර්තමානය වන විට නම් එය එතරම් සැඩ නොවන අතර මීයන් ඇල්ලට පසුව පහලින් නිර්මාණය වන දියඇලි දෙක අසල ආරක්ෂාකාරීව දිය නෑමේ හැකියාවද පවතී.🚃🚃🚃🚃🚃🚃🚃🚃🚃🚃🚃🚃🚃🚃🚃👌

උපුටාගැනීම - Onal Karunaratne

06/11/2019

Respect ❤❤❤❤

හිටපු ඉන්දීය ජනාධිපති ආචාර්ය අබ්දුල් කලාම් මහතා වරක් මෙසේ පවසන ලදි.
"මම පොඩි කාලේ මගේ අම්මා අපි වෙනුවෙන් කෑම පිසුවා. එක් දිනයක ඇය බොහෝ වෙහෙස මහන්සි වී දිවාකල වැඩ කිරීමෙන් පසු රාත්‍රී ආහාරය පිළියෙළ කළා. අම්මා 'සබ්සි' නම් ව්‍යාංජනය සහ අධික ලෙස පුළුස්සා දැමූ රොටියක් මගේ තාත්තා ඉදිරිපිට තැබුවා.
පිළිස්සුණු රොටිය කිසිවෙකු දුටුවා දැයි මම බලා සිටියෙමි. නමුත් තාත්තා ඔහුගේ රොටිය කිසිදු නුරුස්නා බවින් තොරව කමින් මගෙන් ඇහුවා මගේ පාසලේ දවස ගතවුනේ කොහොමද කියලා. එදින රාත්‍රියේ මා ඔහුට පැවසූ දේ මට මතක නැත, නමුත් මට මතකයි අම්මා පුළුස්සා දැමූ රොටී වෙනුවෙන් තාත්තාගෙන් සමාව ඉල්ලුවා.
ඔහු අම්මාට පැවසූ දේ මට කිසිදා අමතක නොවනු ඇත: "පැටියෝ, මම පිළිස්සුණු රොටී වලට කැමතියි."
එදින රාත්‍රියේ නින්දට පෙර මම තාත්තාව සිප ගැනීමට ගියෙමි, සුභ රාත්‍රියක් පැතූ මම ඔහුගෙන් ඇසුවේ ඔහු රොටී පුළුස්සා කෑමට කැමතිදැයි කියායි. ඔහු මාව දෑතින් වැළඳ මෙසේ පැවසීය:
"ඔබේ අම්මා අද දින ඉතා වෙහෙස මහන්සි වී වැඩ කළ අතර, ඇයට ඇත්තටම මහන්සියි. පිළිස්සුණු රොටී කිසි විටෙකත් කිසිවෙකුට රිදවන්නේ නැත, නමුත් රළු වදන් එසේ කරනවා! "
"ඔබ දන්නවද පුතා,ජීවිතයේ සර්ව සම්පූර්ණ දේවල් සහ සර්ව සම්පූර්ණ මිනිසුන් නැත "

මම හොඳම කෙනා නොවන අතර ජීවිතය පරිපූර්ණ නොවන බව පිළිගැනීමට මම ඉගෙන ගෙන ඇති අතර ඔබට සමීපතම හා ආදරණීය පුද්ගලයින්ද එසේ නොවේ.

"මම වසර ගණනාවක් තිස්සේ ඉගෙන ගත් දෙය නම්: එකිනෙකාගේ වැරදි පිළිගැනීම සහ සබඳතාවයන් අඟය කිරීමට තෝරා ගැනීම අඟනේය යන්නයි"

සටහන~මොනිකා ලියන්ජලී.

03/11/2019

බලපිටිය සුන්දර මාදු ගඟේ බෝට්ටු සවාරියක් සමග,ඔබගේ විවේකී දිනය(Day out) සතුටින් ගත කරන්න. Madu river boat safari & Day outing package. Rs.1750/= per one person. Minimum 10 persons or above. Includes .... safari drink lunch tea & cake pool room ඉහත සඳහන් පැකේජ සඳහා දිනයක් වෙන් කර ගැනීමට කතා කරන්න අපිට 071 3469742. 077 4039728. ** # # ඔබට අවශ්‍ය නම් බෝට්ටු සවාරිය පමණක් වුව ද ,අපගේ බෝට්ටු මගින් ලබා දිය හැකිය.

02/11/2019

රටේ ලස්සනතැන් බලන්න ආසකරන ඔයාලටයි මේ කතාව. හබැයි කියන්න කලින් ලොකු ඉල්ලීමක් තියෙනවා. ලස්සන තැන් අදවෙනකන් ලස්සනට තියෙන්නෙ අදවෙනකන් ඒ තැන්වලට ගිය අය හෝ ඒ තැන් වල හිටපු අය කුනු නොදා..ප්ලාස්ටික් නොදා ඒවා රැකගත්ත හින්දා. ඉතින් පාසලකුන හැර ගෙනිච්ච අනික් හැමදේම අරන් එන්න..මොකද කවදා හෝ ඔබේ පුන්චි එකාටත් මේ ලස්සන අපි ඉතුරුකරමු නේද?
මඩොල්සිම ප්‍රසිද්ධ වුනාට ඇත්තටම යන්න ඕන කරන තැන තියෙන්නෙ පිටමාරුවෙ. ඔයාලට යන අතරමග අන්තිමටම හම්බ වෙන පොඩි ටවුන් එක තමයි මඩොල්සිම . එතන ඉදලා තව 20 km ට වඩා යන්න තියෙනවා පිටමාරුවට. බදුල්ලෙ ඉදන් පිටමාරුවට 60 km ට වඩා තියෙනවා . මේ කියන පුංචිලෝකාන්තයට යන පාර google maps වලින් පෙන්නන්නෙ මගකට විතරයි. මඩොල්සිමටත් පොඩ්ඩක් එහාට පෙන්නනවා. මන් දන්නෙ නෑ ඉතිරි ටික කාටහරි add කරන්න පුලුවන්ද කියලා. ඉතින් කාගෙන් හරි පාර අහගෙන යන එක තමයි හොද හැරෙන්න තැන් කිහිපයක් තියෙන නිසා.

ඉතින් මඩොල්සිම කියලා ප්‍රසිද්ධ වෙලා තියෙන්නෙ පිටමාරුව කියන මේ දුශ්කර ගම තමයි.

පාර ගැන කිවුවොත් බදුල්ල පස්සර පාර තව අවුරුද්දක්වත් හදයි.වැස්ස දවස් වලට හොදටම මඩ වෙනවා. පස්සර මඩොල්සිම පාර අවුලක් නෑ හැබැයි කාපට් නෙවෙයි. මඩොල්සිම පහු වුනාම එක තැනක් තියෙනවා කාර් එකක වගේ යනවා නම් බොහෝවිට යට වදින්න පුලුවන්(150m) එතන නම් පාර අවුල්. වෑන් එකක් නම් ශේප් එකේ ගත්තකි.

බස් නම් වැඩ කරන්නෙ හරිම අඩුවෙන්. වාහනයක් කතා කරගෙන යන එක හොදයි.

යන අතරමග බලන්න තියෙන්නෙ අරදුනු ඇල්ල විතරයි. ඒක තියෙන්නෙ පස්සරින් මඩොල්සිම පාරේ 2 km විතර ගියාමයි. අතුරු පාරකත් 1.5 km විතර යන්න තියෙනවා.

ගන්න තියෙනවා නම් මොනවා හරි මඩොල්සිමදි ගන්න. එතනින් එහා කඩවල් වල ඔයාලට ඕනකරන දේවල් ගැන විශ්වාස තියන්න එපා.
මේ කතාව උපුටාගත්තේ ONTA TRAVELS ගෙන්
චායාරූප උපුටාගත්තේ Traveler ගෙන්
https://www.youtube.com/watch?v=i1OFpCFSOjg
අපි අලුත් post එකක් දැම්මම ඔයාලට ඒක පෙන්න නම් LIKE එකක් දාන්න අපේ Page එකට.
අපේ Group එකක් තියෙනවා ..
සංචාරකයා සමග travel කියලා
කැමතිනම් ඇවිත් SET වෙන්න.
ඉදිරියේදි ඔබට හුගක් වැදගත්වෙයි

26/10/2019

ගවරා විසූ ගවරවිල සොයා මහ වනයට
ලංකාවේ බොහෝ ඒක දේශීය සතුන් වර්ග දැකිය හැකි අතර, ඉන් කුරුල්ලන්, කෘමී වර්ග, හූනන් වර්ග, මසුන්, සමනලුන් වර්ග කැපී පෙනෙන ඊට අමතරව එක් එක් කාලවල විවිධ ප්‍රදේශවලින් හමුව පසුව වඳ වී හෝ නැති වී ගිය විවිධ සතුන් ද වාර්තා වේ. ගවරවිල යන වචනයේ අර්ථයෙන්ම ‘ගවරා’ නම් සාමාන්‍ය මීහරකෙකුට වඩා විශාල සත්වයෙකි. එනම් ‘බයිසන් ගවයා’ වැනි සතෙකු වූ ගවරා අතීතයේ මෙම ප්‍රදේශය තුළ ජීවත් ව සිට ඇති බව ජනප්‍රවාදයේ පැවතෙයි. සමනල රක්‍ෂිතයේ හුදෙකලා වූ මෙම ගවරවිල සහ ගවරවිල කඳුවැටිය සොයා පසුගිය දිනක අපි එහි ගොඩවැදුණෙමු.
සමනල රක්‍ෂිතය යනු විශාල ජල පෝෂකයක් වන අතර ප්‍රධාන වශයෙන් කළු ගඟේ ආරම්භක ඉසව්වය. ඊට අමතරව කැලණි ගඟට හා වලවේ ගඟට අර්ධ වශයෙන් උපත දෙන රක්‍ෂිතය බොහෝ ‘ඔය’ සහ අතු ගංගා රාශියකට උපත දෙයි. ගවරවිල යනු ඉහත කී ලංකාවේ ප්‍රධානතම ගංගා යුගලය වන කැලණි සහ වලවේ හී දෙවන අර්ධයට උපත දෙන ඉසව්වයි.
මෙහි දෙවන අර්ධය යනු මෙම ගංගා දෙකේ පළමු අර්ධය පෝෂණය කරන්නේ නැතහොත් ගංගා දෙකේ සැබෑ උපත සිදු වන්නේ හෝර්ටන් තැන්නෙහි. නමුත් දෙවන අර්ධය නැතහොත් ගංගාවකින් හරි අඩකට උපත දෙන්නේ සමනල රක්‍ෂිතයේ මෙම කඳුවැටියයි. එහිදී කැලණි ගඟට උපත දෙමින් මාඋස්සාකැලේ ජලාශය හරහා මස්කෙළිය ඔය වී ගලාගෙන ගොස් කෙහෙල්ගමුව ඔය හා එක්ව ගලන අතර වලවේ ගඟ ලෙස ගලාගෙන ගොස් සමනල වැව ජලාශයට වැටී ගලාගෙන යයි. එම උපත් දෙකම සිදුවන්නේ ගඟේ දෙකෙළවරය. උතුරු කෙලවරින් කැලණි නදියන් දකුණු කෙළවරින් වලවේ නදියත් ආරම්භ වේ.
ගවරා විසූ මෙම ගවරවිල විශාල පතනක් වුවත් මෙය විලකි. මන්ද ගවරවිල කියා මෙය හඳුන්වන්නේ අධික වර්ෂ සමවල දී මෙම ඉසව්ව ජලයෙන් යට වන බැවිනි. එලෙසම ප්‍රධාන ජල පෝෂකයක් වන මෙම සමස්ත කඳුවැටිය මතින් දිය ඇලි දහයක් පමණ උපත ලබන අතර සිරිපා අවාරය තුළ වැටෙන වර්ෂා ජලය උරාගෙන ඉන් දැයට ද‌ායද කරන ජල පරිමාව ඉතා විශාලය. මීටර 1800කට ඉහළ කන්දක පවතින අක්කර කිහිපයක් විශාල මෙම පතන සොයා අප සමනල රක්‍ෂිතයට ගොඩ වැදුණේ වර්ෂාව නොමැති කාලයේ දී ය.
කොළඹ සිට අවිස්සාවේල්ල හරහා හැටන්වලට පැමිණ දියගල හන්දියෙන් සිරිපා මාර්ගයට හරවා මස්කෙළිය නගරයට පැමිණෙන විට වෙලාව පාන්දර 4ට පමණ වූ අතර එතැන් සිට අප්කොට් හරහා ෆොග්මෝර් වතු යයාට පැමිණියේ මීදුම් හිරිකඩ සළුපිළි ලෙහා ද‌ාන කණිසමේය. ඉන්පසු අප ෆොග්මෝර් වතුයායේ ඉහළ කොටසට පිවිස එතැනින් යතුරුපැදිය නවතා තේ වතු අතරින් ගමන් කිරීමට සැරසුණේ කුඩා අඩි මාර්ගයන් ඔස්සේය.

ගවරවිල යනු විශාල කඳුවැටියකි. මධ්‍යම පළාතේ මායිම වන මෙම කන්දේ දකුණු බෑවුමෙන් පහළ සබරගමු පළාතේ රත්නපුර දිස්ත්‍රික්කයේ ප්‍රදේශවල වේවැල්වත්ත, දෙහෙන කන්ද සහ රාස්සගල පිහිටා ඇත. මෙම කන්දට නැගෙනහිරින් සමනල දෙවන උසම මහමුණි කන්ද (මීටර 2040) පිහිටා ඇති අතර ඊට ඔබ්බෙන් මරියකොටේ කන්ද පිහිටා ඇත. ගවරවිල ප්‍රධාන කන්දේ උස මීටර 1980ක් පමණ වන අතර ඊට අමතරව මීටර 1900 වඩා උසැති අවශේෂ කඳු දෙකක් මෙහි පිහිටා ඇත. ගවරවිල තැන්න බැලූ බැල්මට කුඩා හෝර්ටන් තැන්නක් ලෙස පෙනෙන අතර එහි පිරී ඇත්තේ මාන පඳුරු පමණි.
තේ වතුයාය මැදින් ඇවිද ගිය අප කුඩා දොළ පහරකින් එතෙර වී වනයට අවතීර්ණ වූයේ දළ වශයෙන් තිබුනා මුත් එහෙත් ගස් වැටී සොයා ගැනීමට අපහසු අඩි මාර්ගයක් ඔස්සේය. ක්‍රමයෙන් ලේ සුවඳට වහවැටුණු කූඩැල්ලන් හෙමි හෙමිහිට අප යන මග අහුරන්නට වූ අතර ඉන්පසු අපි කූඩැලි විකර්ෂණ භාවිත කර ගමන නැවත අරඹන්නට වීමු. මීටර කිහිපයක් ගිය පසු දැඩි තෙත් සහිත වන රොදක් සේම පාසි හා අනුවර්තනීය ශාක සහිත සුන්දර වනපියස හරහා ගමන් කරමින් දිය පහරක් වෙත ළඟා වුණෙමු.
ඒ ඔස්සේ ගිය පසු අප නැවතුණේ විශාල දිය ඇල්ලක මුදුනේය. එය මාඋස්සාකැලේට ගලායන දියවරකි. එම ඇල්ල මුදුනට සමනල කන්ද හරි අපූරුවට දැක ගැනීමට හැකි වූ අතර එහි මද වේලාවක් ගතකරමින් අපි අවට පරිසරය නරඹන්නට ගත්තෙමු. තේ වතුයාය මැදින් කම්කරු නිවාස දැකගත හැකි වූ අතර පසෙකින් ගාඩ්මෝර් වතුයායේ මැදින් කම්කරු නිවාස දැකගත හැකි වූ අතර පසෙකින් ගාඩ්මෝර් වතුයායත් පහළින් අප්කොට් හා සුවිසල් මාඋස්සාකැලේ ජලාශයත් දැකගැනීමට ලැබුණි. ගලන්නා වූ දියවර අධික සීතලකින් යුක්ත වූ අතර එතරම් වලාකුළු රොදක් නොපැවති හෙයින් ඈත කඳු මුදුන් දක්වා පරිසරය පැහැදිලිව අපට දැකගැනීමට ලැබුණි.
පසුව නැවතත් ගමන ඇරඹූ අප දියපහර දිගේ තරමක් ඉහළට ගමන් කළේ විවිධ ස්ථානවල දී දියපහරේ කුඩා කඩා වැටීම් හා ගල්පර සමග කොළ වර්ණයේ ප්‍රභේද ගෙනදුන් සුන්දරත්වය කාච ගත කරන්නටය. පසුව අපි ගූගල් GPS සිතියමට අනුව තැන්නට ළඟාවිය හැකි ඉසව්වට පිය මැන්නෙමු.
ගවරවිල කඳුවැටිය තුළ සැඟවුණු තවත් රහසක් ඇත. එයනම් ඉතා අප්‍රසන්න රහසක් වන පරිහානියකි. ගවරවිල හොර රහසේම ජාවාරම්කරුවෝ ඉල්ලම් කැපීමට ගවරවිල කඳුවැටිය රිංගති. අතීතයේ මෙම ඉසව්ව එතරම් ප්‍රචලිත නොවූවද මැණික් ගැරීමේ ජාවාරම අතීතයේ පටන් මෙහි පැවත ඇත. ඒ බව අපට ගම්මුන්ගෙන් පවා දැන ගැනීමට ලැබුණු අතර ඔවුන් පවසන පරිදි මද්ද පවා සවිකර තිබිය හැකි ලෙස අපට දැන්වීය. එම නිසාම අප වඩාත් ප්‍රවේසමෙන් වනයේ සැරිසැරූ අතර සමහර ගම්මුන් ගෝනුන් හා වල් ඌරන් දඩයම සඳහා ද මෙම ඉසව්වට යන බව අපට දැනගැනීමට ලැබුණි. බොහෝ විට ඔවුන්ට මෙය තවත් කන්දක් හෝ තවත් දිය උල්පත් පිහිටි ප්‍රදේශයක් වූවාට මෙහි ඇති වටිනාකම සහ රැක ගත් යුතු යයි සංකල්පය පිළිබඳ බොහෝ තැකීමක් දක්වනු නොලබයි.
ගවරා යනු විදෙස් රටවල සිටින බයිසන් ගවයා මෙන් විශාල සතෙකු බව ජනප්‍රවාදයේ පැවතෙන අතර විටෙක එකී බයිසන් ගවයන් අතීතයේ මෙහි ජීවත් වූවා විය හැකිය. එමෙන්ම හෝර්ටන් තැන්නේ වන අලි දඩයම සේම බයිසන්/ ගවරුන් දඩයම සමනල රක්‍ෂිතයේ ප්‍රචලිතව තිබුණා විය හැක. කෙසේ හෝ මේකී සත්වයා අද දක්නට නොලැබේය. නමුත් ගවරා සිටි විල අද ගවරවිල කියා හඳුන්වන අතර සමනල රක්‍ෂිතයේ සැඟවුන බොහෝ කථා අතර මෙය ද වැළලී ගිය කතා ගොන්නට එකතු වී හමාරය.
වන පියස දිගේ මග සොයාගෙන කුඩා දිය කඩිතිවලින් එතෙර වී මඩ ගොහොරුවල එරී ගස් ආධාරයෙන් ඉහළට නැග අප අඳුරු වන පියස පසුකර ළඟා වූයේ හිරු එළියෙන් පොහොණි වූ එළිමහන් ඉසව්වකටය. එය සැබවින්ම හෝර්ටන් තැන්නක් ලෙස දැක ගත හැකි වූ අද දවසේ ගමනාන්තය වූ අතර ගවරවිල නම් ඉසව්වට අප පිවිසි විගසම ඈතින් සිටි ගෝන රංචුවක් හනිකට වනය තුළට දිව ගියහ.
පසුව අප මදක් විවේක ගන්නට වූ අතර වැසි රහිත කාලගුණයක් වූ හෙයින් ප්‍රදේශයේ සුන්දරත්වය නොමදව අපට දැක ගැනීමට ලැබුණි. සමස්ත පතනම වටේට වන පියස මගින් වට වී තිබූ අතර ඈතින් කඳුවැටියක් දක්නට ලැබුණි. ප්‍රදේශය පුරා දැඩි නිහැඬියාවක් පැවතුණ ද ගලාගෙන යන දියවරේ චිරි චිරිය මන බඳින ලදී. මඳ වෙලාවක් විවේක ගත් අප කැමරා ආම්පන්න සූදානම් කරගෙනම ගවරවිල තවදුරටත් ඉන් ඔබ්බටත් විඳීමට සහ ගවේෂණය කිරීමට පටන් ගන්නා ලදී. මාන පඳුරු යායම තරමක් දුරට වෙලීමට ආසන්න ස්වභාවයක් වුනමුත් චණ්ඩ හිරු රැස් යට ගලන දියවරේ අඩු බවක් නම් අපට නොපෙනුණි.
ගවරවිල පතන සීමිත ඉඩකඩක පැවතුණු තැන්නක් බැවින් එහි සියලුම අවසානයන්/ මායිම් පියස මගින් වටකොට තිබුණි. ගලාගෙන එන දියවර හරියටම තැන්න මැදින් ගලාගෙන පැමිණියේ මෙම ඉසව්වේ අවසන් ජල පෝෂක ප්‍රදේශය වන පළාත් මායිම අවටින්ය. කොටියා නිතරම වාසය කරන මෙම ඉසව්වේ තවත් සත්ව වේශයෙන් පෙනී සිටින නොමිනිසුන් මෙම තැන්න අනවසර මැණික් ගැරීම්වලට භාවිත කොට තිබුණි. ඒ බව අප දුටුවේ පතන තුළ තිබූ හෑරූ විශාල වළවල් මගිනි.
බොහෝ වටිනා ඉල්ලම්වලට කදිම ඉසව්වක් වන මෙම ඉසව්ව නිතැතින්ම මානව ක්‍රියාකාරකම්වල බලපෑමට ලක්වේ. හෙමි හෙමිහිට මාන පඳුරු උඩින් ලිස්සමින් ඉදිරියට ගමන් කළේ දිය පාරට සමාන්තරවය. මෙහි පිහිටි කඳුමුදුන් යුගලය ඉතා අලංකාර වන අතර ගිනිකොන දෙසට වන්නට මගමුණිකන්ද ඇතුළු සමනල රක්‍ෂිතයේ කඳු කිහිපයක් මෙහිදී දැක ගැනීමට ලැබුණි.
මෙම දියවර දිගේ කෙළවරට ගිය ද එහි ජල මූලාශ්‍රයක් දක්නට නොලැබේ. එලෙස යාමට දින කිහිපයක් ගත වන අතර ඒ සඳහා වැසි රහිත පායන කාලය ඉතා සුදුසුය මන්ද අධික වර්ෂා සමවල දී ගංගා උතුරා යන බැවිනි. වන පියස පිහිටි එක් කොනකට ගිය පසු අප තවදුරටත් රක්‍ෂිතය තුළ ශාක ව්‍යාප්තිය නිරීක්‍ෂණය කරන්නට විය.
එහිදී අප කතිකා කරගත් පරිදි කෙමෙන් කෙමෙන් වන පියසට පිය මැන්නේ මීදුමට වැහුණු එහි සුන්දරත්වය දැකීමටය. හෝරා දෙකක් පමණ අප එහි සැරිසැරූ අතර ඉන්පසු අප සූදානම් වූයේ ගවරවිල මහකන්දට යාමටය. මෙම මහ කන්ද නැතහොත් සමස්ත කඳුවැටියෙම උසම ස්ථානය පිහිටා තිබුණේ ඊසාන දිශාවට වන්නටය.
අප්කොට් ගම්මානය හා ග්ලෙනුජි වතුයාය අතර පොදු ප්‍රවාහන සේවය තිබුණ ද ගම්වැසියන් බොහෝ දුෂ්කරතාවලින් පෙලෙයි. ඇතැමුන් ගෝන්නු, මුවන් සහ වල් ඌරන් දඩයම් කරන අතර විටෙක ඒවා ආශ්‍රිත හෝටල්වලට අලෙවි කරන බවට අපට දැනගැනීමට ලැබුණි. මැණික් ගැරීම සඳහා විවිධ කණ්ඩායම් වනයට පිවිස සතිය දෙක අට්ටාල සාදාගෙන වාසය කරන අතර එවැනි අතහැර දැමූ ඉල්ලම් වළවල් කිහිපයක් අපට ගවරවිල ආශ්‍රිතව දක්නට ලැබුණි.
ගවරා නම් සත්වය පිළිබඳ එතරම් සජීවී සාධක නොමැති වුවද මෙම සත්වයා සිටි බවට ගැමිවහරේ පවතින මතය මිත්‍යාවක් ලෙස සිතා බැහැර කළ නොහැක. එසේම අධික වියළි සමවල දී ඉතාමත් කලාතුරකින් මෙම තැන්නේ විවිධ ස්ථාන ලැව් ගිනිවලට හසුවන බවත් පසුගිය දිනවල අපට දැකගන්නට ලැබුණි. කැලණි නදියේ දියවර සදන තවත් අවශේෂ දිය උල්පත් මේ අවට දක්නට ලැබේ.
කෙසේ හෝ අපි ගවරවිල තැන්න හා අවට පිහිටි උස්බිම් කරා පියනැගූ පසු නැවතත් ආපසු යාමට පටන් ගත්තෙමු. එහිදී අප ගවරවිල ඇල්ල මුදුනට පැමිණ බොහෝ වපසරියක පිහිටි පරිසරය ද සමනල කන්ද ද දුටු අතර සමනල කන්ද මතට ගවරවිල දුටු ආකාරය එහිදී අපට සිහිවිය. ගවරවිලට තරමක් නුදුරින් ගාඩ්මෝර් කන්ද ආශ්‍රිතව තවත් දිගැටි ලෙස පිහිටි පතනක් ඇති අතර එහි යම් යම් නායයෑම් සිදුවුණු බවට සාධක අපට ගූගල් චන්ද්‍රිකා සිතියම් මගින් දැකගත හැකි විය. තවද පළාත් දෙකක් යා කරන ගවරවිල සිට අතීතයේ දෙහෙනකන්ද යාමට වනගත මාර්ගයක් තිබී ඇත. එලෙසම එම මාර්ගය මෑතක් වනතුරු ඇතැම් ගම්වැසියන් භාවිත කළ ද වර්තමානය වන විට රක්‍ෂිතයේ වන ව්‍යාප්තිය හා අවදානම හේතුවෙන් එය වල් බිහි වී ඇත.
එලෙසම බලංගොඩ මාරතැන්න සහ ඉහළ ගලගම ආශ්‍රිත ජනයා සමනල කන්ද වන්දනා කළ ඉපැරණි දීර්ඝතම මාර්ගය වැටී ඇත්තේ ද ගවරවිල හරහාය. එය වලවේ ගඟ ගලන නිම්නය ඔස්සේ රාස්සගල හරහා රක්‍ෂිතයට ඇතුළු වී මරිය කොටේ සහ මගමුණි කන්ද හරහා ගවරවිලට පැමිණ එතැන් සිට ගාඩ්මෝර්කන්ද, දෝතුරුගල හරහා දෙහෙන කන්දේ සිට සිරිපාදයට යන මුක්කුවත්ත මාර්ගයට පැරඩයිස් නැවතුම්පොළට පෙර සම්බන්ධව තිබී ඇත.
මේ වන විට සාම්ප්‍රදායික සහ නොනිල මාර්ග තුන බැගින් සිරිපා වන්දනාවට පැවතිය ද අතීතයේ මෙම මාර්ගය, සප්තකන්‍යා සිට යකාඇඬූ කන්ද හරහා මාර්ගය, රත්ගඟ දුල්ගල හරහා මාර්ගය ආදී ලෙස තවත් මාර්ග තිබුණේ ඒ ඒ ගම්වල ගැමියන් හට සිරිපා කරුණාවට පහසු වන ලෙසය.
අලි, කොටි, වල් ඌරා, ගෝනන් බහුල සමනල අඩවියේ කඳු, දියඇලි, ගුහා හා ගංගා සේම පතන කිහිපයක් ද පිහිටයි. සමස්ත රක්‍ෂිතයම ජෛව විවිධත්වය අතින් ඉතා ඉහළ වටිනාකමක් ගන්නා අතර ඒකදේශීය ශාක සහ පැළෑටි සේම සත්වයින් කිහිපදෙනෙක් ද මෙහි වාසය කරති. තවද මෙහි සැඟවුණු කතා වගේම රසබර සිද්ධි බොහෝමයක් ඇති අතර මේ අවට ජීවත් වන දමිළ ගම් වැසියෝ ඉතා සහයෝගයෙන් සහ අවබෝධයෙන් මෙහි වාසය කරති.
එලෙසම පසුගිය කාලවල දී සමනල කන්ද ආශ්‍රිතව ජාන විකෘතියකට ලක්වුණු කළු කොටියෙකු (දිවියෙකු) සිටින බවට සාධක සේම ඇසින් දුටු සාක්‍ෂි හමුවූ අතර මෙහි සිටිනා කොටින් හෝර්ටන්තැන්න සහ පිදුරුතලාගල ආදී රක්‍ෂිතවල මාරු වෙමින් කල් ගෙවනු ලැබේ. අපගේ ගමන නිමා කරමින් නැවතත් යතුරුපැදි වෙත පැමිණි අප වෙනත් මාර්ගයකින් ගවරවිල වතුයාය හරහා මස්කෙළියට පැමිණියේ සුවිසල් ගවරවිල කඳුවැටියේ සුන්දරත්වය විඳිමිනි.
උපුටා ගැනීම
Sunday Lankadeepa - 06.10.2019

Address

Colombo

Opening Hours

Monday 00:00 - 23:59
Tuesday 00:00 - 23:59
Wednesday 00:00 - 23:59
Thursday 00:00 - 23:59
Friday 00:00 - 23:59
Saturday 00:00 - 23:59
Sunday 00:00 - 23:59

Telephone

0777295905

Website

Alerts

Be the first to know and let us send you an email when සංචාරකයා සමඟ Travel posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to සංචාරකයා සමඟ Travel:

Share

Category



You may also like