04/03/2017
Enjoy Sri lanka like this...!
2017 නව වසරෙ මේ අපේ පළවෙනි ගමන..නන්පේරියල් කදුවැටිය... වෙනදා වගේම නොයිවසිල්ලෙන් හිටියෙ කෝඩුකාරයෝ ගමනෙ විස්තරේ දිගාරින්න.. කියවලම බලන්නකෝ මේ චුට්ටත්..
දවස් තුනක ලොකු කතාවක් රසමුසු තැන් අකරතැබ්බ ගොඩයි .. ඒත් කෙටියෙනම කිව්වා එහෙනම් මෙහෙම.. අපි ගියේ වටයක් මූලික ආරම්භය වෙනදා වගේම කෑම බීම ලැස්ති කරගෙන අපෙ කොණ්ඩෙගෙ (අරුණ) ගෙදරින් පිළියන්දල....අපි කලින් දවසෙ රෑ ඉදලම වෙලාව ගැන ගැන බඩු මූට්ටු ලෑස්ති කරේ එහෙ ඉදන්...24 උදේම අපි පිටත් උනේ අදරණීය ස්කූටර් වලට අමතරව රැහේ ගුරා සුරංග අයියගෙ ඉබ්බවත් අරගෙන...ඒකා සුවිටි යකා කියලා කවුරුත් දන්නවා...ඔන්න ඔහොම තමයි ඉබ්බයි හන්සයො සෙට් එකයි ගමන පිටත් උනේ....
පාර ගැන කියනවානම් බණ්ඩාරගම රත්නපුර බලංගොඩ හරහා බෙලිහුලඔය..අපි උදෙට සීනි සම්බෝල එක්ක පාන් තඩි බාලා..දවල්ට කෑවේ හිතේ පදමට පහන්තුඩුව ඇල්ලෙන් නාලා ඇල්ලෙ අයිනක වාඩිවෙලා.. ඇගේ පතේ අමාරු කොහෙන් ගියාද නෑ.. ඊටපස්සෙ අපි පිටත් උනා නන්පේරියල් කදුවැටිය තරණය කරන්න..හරිම ලස්සනයි ..අපි යද්දි හවස 4ට වගේ..මීදුම පාත්වෙලා එකම එක කදුයායක්..කොළපාටයි මීදුම පිරුන අන්දකාර අහසයි..ඒ තරම් නිදහසක් තවත් නැති තරම්...නන්පේරියල් කිව්වම හැමෝම අහලා තියෙන්නෙ බංගලාවක් ගැන..ඒත් ඒක එහෙම නෙමෙයි කියලා දැනෙන්න ඒ කදුවැටිය දිගේ යන්නම වෙනවා..අපි රෑ නැවතුනේ එහෙ..කූඩාරම්ලාගෙන සීතල හුලන්පාර වින්දේ හරිම සනීපෙන්..හිතට දැනෙන දේවල් කියන්න වචන මදී ගිහින්ම බලන්න වෙනවා..පින්තූර ගන්න පවා සිහියක් තිබුනෙ නෑ ඒ සීතලට..කන්ද උඩ රොටි පුච්චන් ලුණු මිරිස් රහ ..😁 දැනෙනවා දැනෙනවා වගේ..නන්පේයල් නැවතුමක් වෙනුවෙන් අපට තවත් උදව්කරේ කුරුප්පු අංකල්..අංකල්ගෙ යලුවෙක් අපිට ඒ හැමදේම ලෑස්ති කරලා දුන්නා..හදිස්සියක් උනොත් නවතින්න ආමි කෑම්ප් එකක් පවා අපිට ලෑස්ති කරලා දුනන්නෙ අංකල්..
පහුවදා අපි පිටත් උනේ කෙලින්ම නුවරඑළිය ...මග නවත්ත නවත්ත සිරි විදවිද යද්දි හවස් උනා නොදැනිම..නුවරඑළියෙ කිව්වට ටවුමම නෙමෙයි හග්ගල මල්වත්තට මෙහා කදු පාමුලක..ඒ අපේ හිතවත් ශෙහාන්ලගෙ ගෙදර...ඒක අපිට ගොඩක් සමීප නැවතුම්පලක් උනා..ඒ ශෙහාන්ගෙ ගෙදර නොසිටියත් අම්මයි තාත්තයි අපිට කිසිදු අඩුපාඩුවක් නොදැනෙන්න සලකපු නිසා..සැපට නිදාගත්තා සැපට කෑවා ...උදේ නැගිටින්නවත් සිහියක් තිබුනෙ නෑ..ඒ තරමට සීතලයි..ඒත් අවසාන දවස නිසා යන්න තැන් ගොඩයි , විදින්න දේවල් ගොඩයි... කාලා බිලා අපි අවසාන දවසෙ උදේම පිටත් උනා..
එදා තමයි දිගම සවාරිය ගැහුවෙ..පට්ටිපොල ..අඹේවෙල..හෝර්ටන්තැන්න ..ඔහිය හරහා බඹරකන්ද..වට පිටාවෙ සිසිල විදගෙන සුන්දර ලෙස ස්කූටර් දුම දාගෙන පල්ලම් බැස්සෙ හිතේ ගැම්මට.. ඒ එන පාරෙ සුන්දර දසුනක් විදියට ලොකුවටම ඇහැගැටුනෙ හෝර්ටන්තැන්න සිට පයිම සිරිපාකරුණා කරන විරෝධාරයන්..ඇගේ හයියට වඩා හිතේ හයියට නිමක් නෑ කියලා අපිට හදවතටම දැනුනෙ ඔවුගෙ වචන වලින්...ඒ කතාකරපු වචන ටිකත් ගමන පූරාවටම අපිට ලොකු හයියක්..ඔවුන්ට අපි තෙරුවන් සරණ පතනවා බොක්කෙන්ම..
දුර ගෙවාගෙන අපි ආවෙ බඹරකන්දට...බඹරකන්ද නගින්න වෙලාවක් තිබුනෙ නැති උනත් බඹරකන්ද දිය ඇල්ලෙන් වතුර ටිකක් නාගන්න අදිමදි කරේ නෑ..සීතලයි තමයි ..ඒත් ඒක තමයි ගැම්ම...නෑවා සනීපෙට..ගොඩ එද්දි හවස හයයි..ගෙවල් වලට යන්නත් ඕනා..ඒත් යන්නත් බෑ වගේ..😃 ..එහෙම්ම අපි පිටත් උනේ ගමනට සමුදීලා නෙමෙයි නිවෙස් වලට යනකම්ම අපි ගමනෙ.. ඒක තමයි අපේ ෆිට් එක ..
නලියන නිසාම සුන්දර අකරතැබ්බත් නොවුනාම නොවෙයි..ඒ අපේ වරදින් නොවුනත් පාරෙ ඩීසල් වැටිලා තිබිලා තරුකයි චරියයි ලිස්සලා වැටුනා..චරියගෙ කූටරේ පොඩක් තුවාල උනා..තාරුකගෙ එකත් පොඩ්ඩක් ඩැමේජ්...තාරුකයගෙ කකුල තමයි පොඩක් තුවාල උනේ සැරට...ලොකු හානියක් නෑ සුන්දර ලිස්සායාම හොදටම දැක්කෙ අරුණයා...පිටිපස්සෙන් ආපු අපිටත් හිනා වැටිල්ලට...බරපතලකම දන්නෙ පස්සෙ..අරුනගෙ සිග්නල් එක නැත්නම් අපිත් ඩවුන්ද පල්ලම් තමයී.. ජීවිතේ සුන්දරම තැන් දැන්නෙ රිදුම් දීලා..අපිටත් ඒ වගේ.. මොකද උන් සෙල්ලම් බඩු නොවන නලියන යක්කු නිසා....මොනදේ උනත් ගැම්ම වැඩී...
ඔන්න ඔහොමයි 2017 පෙබරවාරියෙ 24,25,26 අමතක නොවෙන ලෙස දවස් ගෙවුනෙ..කෙටියෙන්ම විස්තරේ කිව්වා කියලා හිතනවා..
එහෙනම් ඔයාලත් යනන්න ස්කූටර් වල හරි පයින් හරි කෝච්චියෙ හරි බස් වල හරි නැව් වල හරි..😃 ..විදින්න ජීවිතේ..ඒකයි අපෙ පැතුම..😊 ආදරේ කරන්න ඔහුට හෝ ඇයට වගේම පරිසරේට... කිසිම දෙයක් මග හලලා නම් එන්න එපා.. කෝඩුකාරයන්ගෙ ඉල්ලීමත් එයයි.. කවුරු උනත් කමක් නෑ කොහොම උනත් කමක් නෑ, ගිය තැන් අනිත් අයට දකින්න දෙන්න බලන්න දෙන්න..ඒ වගේ කියාදෙන්න..අම්මට තාත්‍තට තරම් ඒ සුන්දරත්වයට ආදෙරේ කරන්න කියලා..මොකද ලංකාව ගොඩක් ලොකු නෑ පොඩී.. යන්න තැන් ගොඩක් ඒ තුල මැවිලා තියෙන්නෙ ඒ දේවල් අපේ රැකගැනීමත් එක්ක.. ජිවිතේ තරමටම ඒ දෙවල් වලට ආදරේ කරන්න..සුරකින්න.. ඇවිදින්න..ජීවිතේ විදින්න.. නිදහස ලබන්න.. කෝඩුකාරයන්ගෙ පැතුම
...කල්ලි ගැගෙන්න රංචු හදන්න තවකෙක්ව සිමාකරන්න නෙමෙයි..උන්වත් ඇදගෙන අසීමිත ආදරය , නිදහසකරා යන්න ..
එහෙනම් අපි ආයේ කෝඩු වෙනකන් පොඩි නැවතුමක්..
කෝඩුකාරයෝ - සුරංග,අරුණ,චරිත් ,විමුක්ති, සම්පා,තාරුක,සිත්තා,හසලයා