තාරකා දිදුලනවා වගේ පේන්නෙත් ග්රහලෝක ඒ වගේ පෙන්නේ නැත්තෙත් ඇයි කියල දන්නවද?
අපි ගොඩක් දෙනෙක් දන්න දෙයක් තමයි ග්රහලෝකයක් තරුවකින් වෙන්කරල හදුනගන්න පුළුවන් කියන එක. ඒ, තරු වල අපිට පේන දිළිසීම එහෙමත් නැත්තම් දිදුලීම නිරීක්ෂණය කරල. පියවි ඇසින් බලන්න පුළුවන් ග්රහලෝක වල ඒ වගේ දිදුලීමක් පේන්නෙ නැති තරම්. ඇයි මෙහෙම වෙන්නෙ කියන එක සමහර විට ඔබටත් ප්රශ්නයක් වෙන්න පුළුවන්. මේකට උත්තර දෙන්න අපිට තාරකා සහ ග්රහලෝක වල කෝණික විශාලත්වය ගැන වගේම පෘථිවියේ වායුගෝලය ගැනත් පොඩි අවබෝධයක් තියෙන්න ඕනේ.
ඕනෙම වස්තුවක් අපි පියවි ඇසෙන් නිරීක්ෂණය කරනකොට ඒ වස්තුව අපේ ඇසේ ආපාතනය කරන කෝණය තමයි ඒකෙ කෝණික විශාලත්ව කියල හදුන්වන්නෙ. මොකක් හරි වස්තුවක කෝණික විශාලත්වය (θ) කුඩා කෝණයක්නම් වස්තුවේ විෂ්කම්භය (r) සහ වස්තුවට ඇති දුර (D) අතර තියෙන්නෙ θ = r/D කියන සරළ සම්බන්ධය. ඒකෙන් පේන දෙයක් තමයි වස්තුවට ඇති දුර වැඩි වෙනකොට ඒ වස්තුව අපිට පේන කෝණය අඩු වෙන එක. අඟහරු ග්රහයාගේ කෝණික විශාලත්වය දල වශයෙන් විකලා 3.5ත් විකලා 25ත් අතර විචලනය වෙනව (විකලා එකක් කියන්නෙ අංශකයකින් 3600 න් 1ක්). සිකුරු පෘථිවියට ලගින්ම තියන කාලෙට විකලා 63ක විශාලත්වයක් තියනව. තරු වල කෝණික විශාලත්වය මීට ගොඩක් කුඩායි. උදාහරණයක් ගත්තොත් වැඩිම කෝණික විශාලත්වයක් තියන තරුව තමයි ඩොරාඩෝ තරු රාශියේ R Doradus තරුව. විකලා වලින් ගත්තොත් මේකෙ විෂ්කම්භය විකලා 0.057 ක් වෙනව. අනිත් ඔක්කොම තරු මීටත් වඩා කුඩායි. හැබැයි ඒ තරු වල දීප්තිය වැඩි නිසා තමයි සමහර ග්රහලෝක වලටත් වඩා දීප්තියෙන් ඒව අපිට පෙන්නේ. තරු වලට ඉතා කුඩා කෝණික විෂ්කම්භයක් තියන හින්ද ඒව ලක්ශීය වස්තු (point sources) විදිහට සලකන්න පුළුවන්. ඒත් ග්රහලෝක සලකන්න වෙන්නෙ විස්තෘත වස්තු (extended sources) විදිහට.
පෘථිවිය මතුපිට ඉදන් තරු සහ ග්රහලෝක අපිට නිරීක්ෂණය කරන්න වෙන්නෙ පෘථිවි වායුගෝලය හරහා. වායුගෝලයේ තිබෙන උෂ්ණත්වය වෙනස් ස්තර අතර සිද්ධවෙන මිශ්රවීම නිසා වාතයේ වර්තනංකය (refractive index) කැළඹීමට ලක් වෙනව. මේකට උදාහරණයක් විදිහට රත් වෙලා තියන තාර පාරකින් ඉහලට නැගෙන රත්වුන වාතය නිසා ඈත ඇති ගස්, ගොඩනැගිලි, වාහන වගේ දේවල් විකෘති වෙලා, බොඳ වෙලා වගේ පේන එක හදුන්වන්න පුළුවන්. ඒ වගේ වෙලාවක හොදට නිරීක්ෂණය කලොත් ඈත තියන වාහනයක් ළගින් තියන එකකට වඩා විකෘති වෙලා තමයි පෙන්නෙ. ඒකට හේතුව තමයි ඈත තියන වාහනයේ ක