Visit Deniyaya

Visit Deniyaya Visit Deniyaya
Feel the Rhythm of nature��
(5)

බුරුස්ගලේ Camping🏕️ කරමුද? 😻👣ෆැට්නාPatna | Deniyaya | Sri Lanka🇱🇰👣🌍අවුරුදු නිවාඩුවට කෑම්පින් කරන අයට දෙනියායෙ තේ වත්තක්...
08/04/2024

බුරුස්ගලේ Camping🏕️ කරමුද?

😻👣ෆැට්නා
Patna | Deniyaya | Sri Lanka🇱🇰👣🌍

අවුරුදු නිවාඩුවට කෑම්පින් කරන අයට දෙනියායෙ තේ වත්තක් මැද තියෙන ලස්සනම තැනක් තමයි පැට්නා කියන්නෙ.ඔයාලත් ඇවිත් මේ අත්දැකීම විඳගන්න.😻🇱🇰👣

Rent Vibe ඉන්නවා ඔබේ ඕනෑම Camping අවශ්‍යතාවයකට Camping equipment ලබා ගැනීම සඳහා අප හා අදම එකතු වන්න..!🌝😍🖤

👣Location:- දෙනියාය

🍃Call Now : 0763733496(Janith)🍃
"RENT VIBE"- Camping tents & accessories rental service in Deniyaya☘️


- බයික් වලින් උඩටම යන්න පුලුවන් "ගොන්ගල, දෙනියාය" 🍃✨🌻🌊 Road Trip එකකට හොදම තැනක් 🌸☘️Photo credit goes to original photog...
30/03/2024

- බයික් වලින් උඩටම යන්න පුලුවන් "ගොන්ගල, දෙනියාය" 🍃✨🌻🌊 Road Trip එකකට හොදම තැනක් 🌸☘️

Photo credit goes to original photographer

දෙනියායට එන අතරමග විස්තර කරන්න බැරි සුන්දරත්වක් ❤️සූරියකන්ද හුළං කපොල්ල..😍🌤️🌬️🌳⛰️රක්වාන සහ දෙනියාය අතර ස්ප්‍රිනවුඩ් වතු ...
29/03/2024

දෙනියායට එන අතරමග විස්තර කරන්න බැරි සුන්දරත්වක් ❤️
සූරියකන්ද හුළං කපොල්ල..
😍🌤️🌬️🌳⛰️

රක්වාන සහ දෙනියාය අතර ස්ප්‍රිනවුඩ් වතු යාය හරහා කඳු වැටි, දිය ඇලි අතරින් පුංචි දහඅට වංගුව කියා හඳුන්වන ඉතා උස රූස්ස ගස් මැදින් වැටී ඇති වැලමිටි වංගු 10 කින් සමන්විත ඉතා අලංකාරවත් හුදකලා මාර්ගක් වන රක්වාන-දෙනියාය මාර්ගයේ ඉහලට ඇදෙන විට මුහුදු මට්ටමේ සිට අඩි 800ක උසින් පිහිටි සූරියකන්ද යනු තවත් සුන්දර ගම් පියසකි.

සුරිය කන්ද හා ඒ මාර්ගය යතුරුපැදි මත නැගි පෙම්වතුන්ගේ හා තරුණයන්ගේ තෝතැන්නකි..නිතර පිනි ඇද වැටෙන මිදුමින් වැසුනු තෙත් කලාපීය පරිසරයනින් යුතු මේ කදු වැටිය ඉතා අලංකාර දසුන් වලින් සමන්විතය නමුත් අතීතයේ මිනීමැරැම් විශාල ප්‍රමාණයකට සම්බන්ද වූ සූරියකන්ද අදටත් නිහඩ ඌ ආත්මයන් ගේ විලාප හඩ සුලගත් සමග ඇසෙනා පාළු පෙදෙසක් ලෙසත් එම ආත්මයන් රාත්‍රි කාලයේ අවතාර ලෙස පෙනී සිටින ප්‍රදේශයක් ලෙසත් ඇතැමුන් මෙය හදුන්වයි.නමුත් මේ කුමන දෑ පැවසියද මෙයට ඇති සංචාරක ආකර්ෂණයේනම් කිසි අඩුවක් නැත. බොහෝමයක් දේශීය මෙන්ම විදේශීය සංචාරකයින් සූරිය කන්ද තරනය කරනුයේ එහි ඇති අලංකාර ප්‍රදේශයක් වන හිමිදිරි පෙදෙස(Morning side) නැරබීමටය.

සිංහරාජයේ නැගෙනහිර මායිමේ පිහිටි එක්තරා සුවිශේෂි කුඩා බිම් කඩක් වන හිමිදිරි පෙදෙස(Morning side) සූරිය කන්ද ඇසුරු කරමින් පිහිටා ඇත. මෙම ප‍්‍රදේශය හිමිදිරි පෙදෙස(Morning side) ලෙස හඳුන්වන්නේ උදේ සිට සවස අඳුර එනතුරුම එම සීමිත ප‍්‍රදේශය හිමිදිරි උදය මෙන් පැවතීම නිසාවෙනි. පරිසරයේ කාලගුණය හා වටපිටාව දහවලටත් සවසටත් එකම ලෙස දිස්වේ. නිතරම මීදුම් සළු අහස් වියනේ ගෙත්තම් කරගෙන සිටින අලංකාර පෙදෙසකි හිමිදිරි පෙදෙස.

මේ සදහා රත්නපුර සිට හෝ බදුල්ල ප‍්‍රදේශයේ සිට පැමිණෙනවානම් පැල්මඩුල්ලෙන් කහවත්ත හරහා රක්වානට පැමිණ රක්වනේසිට සූරියකන්දට පැමිණෙන විට මාර්ගයේ දකුණු පසින් කුඩා තේ වත්තක් මැද හිමිදිරි පෙදෙස ගැන නාම පුවරුවකි. එතැන් සිට ඉතා අබලන් දුෂ්කර කඳුකර මගක් ඔස්සේ කි.මී. 7ක් ගෙවමින් හිමිදිරි පෙදෙසට ළඟා විය හැකිය.එමෙන්ම ගාල්ල,මාතර ප‍්‍රදේශයේ සිට පැමිණෙනවානම් දෙනියාය හරහා සූරියකන්දට පැමිණ සූරියකන්ද ප‍්‍රදේශයේ දකුණු පෙදෙසට වන්නට සම්මත මගක් තිබෙන අතර ඒ ඔස්සේ ගමන් කිරීමෙන් මෙම පෙදෙසට ලගාවිය හැක.
Suriyakanda | srilanka

උපුටා ගන්නා ලදී...
ඡායාරූප අයිතිය - Clever sky rides

#සූරියකන්ද #වංගු_10 #හුලංවංගුව #හිමිදිරිපෙදෙස #ගොන්ගල #හදපාන්ගලඇල්ල

Everything You Need. All Right Here. 🌳❤️5 Rooms Luxury Holiday bungalow,Deniyaya | 🇱🇰📍Deniyaya (15 km from the Deniyaya ...
28/03/2024

Everything You Need. All Right Here. 🌳❤️

5 Rooms Luxury Holiday bungalow,
Deniyaya | 🇱🇰

📍Deniyaya (15 km from the Deniyaya Town - 🚘You can reach the bungalow by any vehicle )
🏠5 Rooms with AC/attached bathrooms
🔥Hot water
♨️BBQ facilities available

🔺Popular places nearby🔺
✅Raja wetuna Ella
✅Udawala Ella
✅Patna Sliding Rock
✅Sinharaja Rain Forest
02 Entrance (Kurulugala & Pitadeniya
✅Gongala mountain range
✅Sathmala falls
✅Gatabaruwa Temple
✅Gurubeula Natutal pool

➡️Check-in - after 2 PM
⬅️Check-out - before 12 noon

Call for more informations and reservations
0777847855
---------------------------------

Visit Deniyaya.
Feel the rhythm of nature 🐦🌿

😍🏄 ෆැට්නා නොහොත්  බුරුස් ගලPatna | Deniyaya | Sri Lanka 🇱🇰 😋🌏📷🌿 තේ වත්තක් මැද තියෙන අපූරු තැනක් තමයි පැට්නා කියන්නේ. පැට...
28/03/2024

😍🏄 ෆැට්නා නොහොත් බුරුස් ගල
Patna | Deniyaya | Sri Lanka 🇱🇰 😋🌏📷

🌿 තේ වත්තක් මැද තියෙන අපූරු තැනක් තමයි පැට්නා කියන්නේ. පැට්නා හි තියෙන්නෙත් අපූරු භූ පිහිටීමක්. සුලු දිය සීරාවක් ගලා එන, පල්ලෙහාට ලිස්සල එන්න පුලුවන් විදිහේ පැතලි විශාල ගලක් මෙහි තියෙනවා. ඒක හරියට සී සෝ එකක ලිස්සලා පල්ලෙහාට එනව වගේ හැගීමක් තමා තියෙන්නේ. ඔබ නැරඹියම යුතු වෙනස් විදිහේ තැනක්. ගිහින් බලලා එන්න. 😋

😍🏄 Fatna or Burus Gala
Patna | Deniyaya | Sri Lanka 🇱🇰 😊

🌿 Patna is a wonderful place in the middle of a tea garden. Patna also has a wonderful location. There is a large flat rock here where a small stream of water flows and you can slide down. It feels like sliding down a seesaw. A different kind of place you must visit. Go and see. 😋
ේනියාව
.. . . .




----------------------------------------------------------------------
----------------------------------------------------------------------

Credit - Ranga Ranasinghe

උල්ලිඳුවාව ස්වභාවික නාන තටාකයදෙනියාය... 🌊🌷🍂🌿🌱🔥😍😎🏞️🌊 Ulliduwawa Natural Pool | DeniyayaSri Lanka 🇱🇰 © Shan Mobile Photogr...
26/03/2024

උල්ලිඳුවාව ස්වභාවික නාන තටාකය
දෙනියාය... 🌊🌷🍂🌿🌱🔥😍😎🏞️🌊

Ulliduwawa Natural Pool | Deniyaya
Sri Lanka 🇱🇰

© Shan Mobile Photography

03/03/2024

හිතේ හැටියට ලිස්සල යන්න..
පැට්නා, දෙනියාය.. 😍😍

දෙනියාය...😍❤️🔥සුන්දර දෙනියායේ ලස්සන තේ වතුයායක් මැද තියෙන නිදහස උපරිමයෙන්ම තියෙන වතු බංගලාවක ඔබේ නිවාඩුව පවුලේ, කාර්...
29/02/2024

දෙනියාය...😍❤️🔥
සුන්දර දෙනියායේ ලස්සන තේ වතුයායක් මැද තියෙන නිදහස උපරිමයෙන්ම තියෙන වතු බංගලාවක ඔබේ නිවාඩුව පවුලේ, කාර්යාලයේ හිතවතුන් සමඟ ගත කරන්න...

අංග සම්පූර්ණ Kitchen එකක් සමඟ නොමිලේම කෝකියෙකුත් ලැබෙන නිසා අවශ්‍ය දේවල් ගෙනාවම තමන්ට ඕන කෑම වර්ග හදාගන්න වගේම BBQ දාගන්නත් පුළුවන්...
දෙනියාය පැත්තෙ යන්න හිතන් ඉන්නව නම් දැන්ම කතා කරල දිනයක් වෙන් කරගන්න.

📌Tea Estate Bungalow
🏠 4 Rooms WITH Attached bathrooms
🔥 Hot water
📺 TV
🏊 Swimming pool
🌳 Large garden area
🌅 Natural pools
♨️ BBQ

ඒ වගේම මෙම ස්ථානයේ ඉඳන් සිංහරාජය, පැට්නා, ගැටබරුව පංසල, සත්මාල ඇල්ල වැනි ස්ථාන නරඹන්න වගේම අවට තියෙන ස්වාභාවික ජල දහරාවන් වල සුන්දරත්වය විඳින්නත් පුළුවන්..

Contact number
070 451 5959


රත්නපුර පැත්තෙන් දෙනියායට එද්දි හමුවන සුන්දරම ප්‍රදේශයක්ල..🌿😌😍 වංගු 10 📌️ සබරගමුවේ, රත්නපුර දිස්ත්‍රික්කයට අයත් රක්වාන ...
24/02/2024

රත්නපුර පැත්තෙන් දෙනියායට එද්දි හමුවන සුන්දරම ප්‍රදේශයක්ල..
🌿😌😍 වංගු 10

📌️ සබරගමුවේ, රත්නපුර දිස්ත්‍රික්කයට අයත් රක්වාන නම් නගරයේ සිට සූරියකන්ද හරහා දෙනියායට ඇති මාර්ගය ගැන කතා නොකරම බැරි තරම් ය.එහි තැනින් තැනට මනරම් ස්ථාන දැකිය හැකි අතර වංගු දහය කියන්නෙ වඩාත් සිත් මනබඳිනා ඉසව්වක්.

📌️ ඈත අතීතයේ මෙහෙම වංගු දහයක් තිබිලා නෑ වගේම රක්වානෙන් සූරියකන්දට ලඟාවීමට මාර්ගයක් තිබිලා නෑ. කෑලෑ පාරවල් පාවිච්චි කලා කියලා ජනප්‍රවාදයේ සඳහන් වෙලා තියෙන්නේ සුදු ජාතිකයෙකුගේ කරත්තයක රෝදයක් මේ කැලේ තිබිලා හොයාගන්න ලැබිලා තියන හින්දයි.
අපි අදටත් සුන්දරත්වය විඳින වංගු දහයක් සහිත මාර්ගය සුද්දාගේ කාලේ අනගි නිර්මාණයක්. ජනාප්‍රවාද රැසක් තිබ්බත් පිලිගත් කතාව තමයි මේ ගමන් මාර්ගය හදන්න මුලපුරලා තියෙන්නේ සුදු ජාතික ඉංජිෙන්රුවරියක්. නැත්තම් ඉංග්‍රීසි ජාතික කාන්තාවක්.

📌️ කතාව කෙටියෙන් මෙහෙමයි. රක්වාන සූරියකන්ද යාවෙන මාර්ගය නැති තරම් ඈත කාලෙක මේ පාර හදන්න මං අර මුලින් කිව්ව ඉංජිනේරුවරියට බාර උනාලු.නමුත් ඇයට කිසිදු අදහසක් තිබ්බේ නෑලු කොහොමද මේක කරන්නේ කියලා. අද වංගු දහය වෙනුවට ඒ කාලේ කිබිලා තියෙන්නේ ඝන කැලයක් එක්ක කන්දක්. කන්ද පාමුලට වෙන්න තියනවා තේ වතු. අදටත් තේ වතු දකින්න පුළුවන්. අර කිව්ව ඉංජිනේරුවරිය කිසිම අදහසක් නැතුව අර කන්ද පාමුල තේ වතු තියන පාරෙ ඇවිද ඇවිද ඉඳලා තියෙනවා. මේ වෙලාවේ ලඟ තිබ්බ තේ වත්තක තේ දළු නෙලමින් උන්නු ආච්චි කෙනෙක් අර කාන්තාවට මොන මොනවද කිව්වලු.ඇය ඉංග්‍රීසි නිසාත් මැය දමිළ නිසාත් කිසිම දෙයක් තෙරුනේ නැති නිසා ඇය තවත් ප්‍රශ්නාර්ථයක් මුහුණෙන් පෙන්නුම් කරලා තියෙනවා. ඊට පස්සේ අර ආච්චි අතින් මොකක්ද ඇඳලා පෙන්නුම් කරා කියල කියනවා. අන්න ඒක තේරුම් අරගෙන ඉංජිෙන්රුවරියට මේ පාර හදන්න නියම අදහසක් පහල උනා කියලයි ජනප්‍රවාදයේ එන්නේ.

📌️ අවසානයේ වංගු දහය සහිතව ඒ පාර හදලා තියනවා සුද්දාගේ කාලේ. කාලයත් එක්ක ස්වභාවධර්මය මේ පාර අවට මනහර ලෙස නිර්මාණය කරලා තියනවා කියලා අද මේ පාරේ යන කෙනෙක්ට තේරුම් යයි.

📌️ අවුරුදු හතළිහකට පමණ පෙර මේ වංගු දහය නිතරම ජලයෙන් සේදෙන තරමට ජල උල්පත්, ජල ප්‍රභව මේ පාර පුරාවටම විහිදී තිබිලා තියනවා. කාලයක් එක්ක මේ වංගු අතර ෆයිනස් වගාව සිදුකිරීම හා ෆයිනස් ගහණය වැඩිවීමත් එක්ක කලින් පැවතුන ජල උල්පත් කෙමෙන් කෙමෙන් සිඳී යන්නට ඇති. නමුත් අදටත් ජල උල්පත් රැසක් මේ වංගු අතර දක්නට ලැබෙනවා.

📌️ ඒ ෆයිනස් ගස් සමූහය වංගු දහයට එක්කරන්නේ භයංකාර සුන්දරත්වයක්. ශ්‍රී ලංකාවට ආවේණික කළු වඳුරා බොහෝ විට වංගු දහය අතරෙ ඇති ගස් මතින් සැරිසරන අතර එය දැකීම නෙතට සතුටක්. සිංහරාජ වන අඩවිය සමීපයේ පිහිටි මේ ඉසව්ව නිතරම මීදුම් සළු දවටාගෙන සිටින අතර වටිනා ශාක , සත්ත්ව සම්පත් බොහොමයක් සඟවා, ආරක්ෂා කරගෙන සිටින ස්වාභාවධර්මයේ දායාදයක්. තම පෞද්ගලික වාහනයක මේ පාර හරහා යනවනම් නොනවත්වා යාමට හිත නොදෙන තරම් සුන්දරත්වයෙන් අනූන මෙහි මංගල ඡායාරූප ගන්නත් දැං හරි ප්‍රසිද්ධයි.

📌️ පලවෙනි වංගුවට පිවිසෙන්නට පෙර හමුවන්නේ බාරවත්ත නම් ග්‍රාමයයි. ඒ අසලින් තවත් සුන්දර ගමනාන්තයක් වන නාවින්න නම් ප්‍රදේශයට පිවිසුම සටහන් වෙනවා.
එක, දෙක, තුන යන මුල් වංගු අතර දුර ප්‍රමාණය සාපේක්ෂව අඩුයි.

📌️ හතරවන වංගුවේ නැවතී සුන්දරත්වය නැරඹීමට අමතක කරන කෙනෙක් නැති තරම්. ඊට හේතුව එහි ඇති මනබන්ඳන දර්ශනය. රක්වාන නගරයේ බොහෝ තැන් මෙන්ම අවට ගම්දනව් රැසක් මෙතනට අපූරුවට බලාගන්න පුළුවන්. තුන්වන සහ පස්වන වංගු වලදී දිය ඇල්ලක පහස ලබන්නත් සංචාරකයන්ට පුළුවන්. ඒ දිය ඇල්ල සිංහරාජ වනාන්තරයෙන් පැන නඟින ගල්දොළ ඇල්ලේ එක් අතු ශාඛාවක්.

📌️ හය සහ හත වංගු අතර පෞද්ගලික නිවාස කිහිපයක් ඇති අතර මෙහිදී සංචාරකයන්ට උණු උණුවෙන් තේ කෝප්පයක රස විඳින්නත් අවස්ථාව ලැබෙනවා. හතේ වංගුව කිව්වාම මතකෙට එන්නෙ භාවනා මධ්‍යස්ථානය. ඒ අවට පරිසරයේ සුන්දරත්වය කියන්නට නම් වෙනමම ලිපියක් ගෙන එන්නම වෙනවා. අට, නවය, දහය වංගු සාපේක්ෂව වැඩි දුර පරතරයකින් පිහිටන අතර ගුප්ත බවින්ද වැඩි යැයි හැඟෙනවා. මෙහි ඇවිද යන කෙනෙක් ෆයිනස් මලක් ඇහිඳින්න, එහි ජායාරූපයක් ගන්න නම් අමතක කරන්නේ නෑ.දහවන වංගුවේ අවසානය කඩමුදුන නම් සුන්දර ගමකට ආරම්භය සනිටුහන් කරනවා.

📌️අවසානයට සංචාරක ඔබගෙන් ඉල්ලන්නෙ මෙහි සුන්දරත්වය විඳින්න ඔබට හැකිවුණා සේම මතු පරම්පරාවට එය ⁣නොකැලැල් දායායක් ලෙස ඉතිරි කිරීමට උත්සාහ ගන්න. ගෙන යන සියල්ල ආපසු රැගෙන එන්නට වගබලා ගන්න. පියසටහන් පමණක් එහි ඉතිරි කර එන්න.

සටහන ~ විදූෂා හර්ෂනී ජයසිංහ

Photo credit goes to original photographer

මව්බිම - 2024.01.28
27/01/2024

මව්බිම - 2024.01.28

සත්මාලේ ඇල්ල. 🥰😍
25/01/2024

සත්මාලේ ඇල්ල. 🥰😍

දෙනියායෙ එන ගමන් බලන්න පුළුවන් ප්‍රදේශයක් - සූරියකන්ද🔥⛰🌈🌞🦌🍄❤️📸 Chamal Kanishka
01/10/2023

දෙනියායෙ එන ගමන් බලන්න පුළුවන් ප්‍රදේශයක් - සූරියකන්ද🔥
⛰🌈🌞🦌🍄❤️

📸 Chamal Kanishka

මෙතන නම් දවසක යන්නම ඕන තැනක්..... දෙනියාය...😍❤️🔥සුන්දර දෙනියායේ ලස්සන තේ වතුයායක් මැද තියෙන නිදහස උපරිමයෙන්ම තියෙන වතු...
18/07/2023

මෙතන නම් දවසක යන්නම ඕන තැනක්.....

දෙනියාය...😍❤️🔥

සුන්දර දෙනියායේ ලස්සන තේ වතුයායක් මැද තියෙන නිදහස උපරිමයෙන්ම තියෙන වතු බංගලාවක ඔබේ නිවාඩුව පවුලේ, කාර්යාලයේ හිතවතුන් සමඟ ගත කරන්න...

අංග සම්පූර්ණ Kitchen එකක් සමඟ නොමිලේම කෝකියෙකුත් ලැබෙන නිසා අවශ්‍ය දේවල් ගෙනාවම තමන070 451 5959? කෑම වර්ග හදාගන්න වගේම BBQ දාගන්නත් පුළුවන්...
දෙනියාය පැත්තෙ යන්න හිතන් ඉන්නව නම් දැන්ම කතා කරල දිනයක් වෙන් කරගන්න.

📌Tea Estate Bungalow
🏠 4 Rooms WITH Attached bathrooms
🔥 Hot water
📺 TV
🏊 Swimming pool
🌳 Large garden area
🌅 Natural pools
♨️ BBQ

ඒ වගේම මෙම ස්ථානයේ ඉඳන් සිංහරාජය, පැට්නා, ගැටබරුව පංසල, සත්මාල ඇල්ල වැනි ස්ථාන නරඹන්න වගේම අවට තියෙන ස්වාභාවික ජල දහරාවන් වල සුන්දරත්වය විඳින්නත් පුළුවන්..

Contact number
070 451 5959

2023 පෙරහැර මංගල්‍යයට පිළිවෙතින් පෙළ ගැසෙන පිංබර ගැටබරුව... ❤️🙏
08/07/2023

2023 පෙරහැර මංගල්‍යයට පිළිවෙතින් පෙළ ගැසෙන පිංබර ගැටබරුව... ❤️🙏

රක්වානෙ සිට දෙනියායට යද්දි හම්බ වෙන "හිමිදිරි පෙදෙස" 😍😍 ගිය අයනම් දන්නව ලස්සන කදවුරු බදින්නන්ට මෙතන සොදුරු පාරාදීසයක්m.....
24/06/2023

රක්වානෙ සිට දෙනියායට යද්දි හම්බ වෙන "හිමිදිරි පෙදෙස" 😍😍 ගිය අයනම් දන්නව ලස්සන කදවුරු බදින්නන්ට මෙතන සොදුරු පාරාදීසයක්m.... 🌿

🌿🌴 සූරියකන්ද මෝනින් සයිඩ් - morning side🌴🌿

(📷 මුල් හිමිකරුවන් සතුයි)

ඇතාමල ඇල්ල. 😍♥️❤️🍂🍃
12/06/2023

ඇතාමල ඇල්ල. 😍♥️❤️🍂🍃

සූරියකන්ද | suriyakanda ☀️😍🍀🌺🌳🌼♥️රක්වාන සහ දෙනියාය අතර ස්ප්‍රිනවුඩ් වතු යාය හරහා කඳු වැටි, දිය ඇලි අතරින්  පුංචි දහඅට වං...
21/05/2023

සූරියකන්ද | suriyakanda ☀️😍🍀🌺🌳🌼♥️

රක්වාන සහ දෙනියාය අතර ස්ප්‍රිනවුඩ් වතු යාය හරහා කඳු වැටි, දිය ඇලි අතරින් පුංචි දහඅට වංගුව කියා හඳුන්වන ඉතා උස රූස්ස ගස් මැදින් වැටී ඇති වැලමිටි වංගු 10 කින් සමන්විත ඉතා අලංකාරවත් හුදකලා මාර්ගක් වන රක්වාන-දෙනියාය මාර්ගයේ ඉහලට ඇදෙන විට මුහුදු මට්ටමේ සිට අඩි 800ක උසින් පිහිටි සූරියකන්ද යනු තවත් සුන්දර ගම් පියසකි.

සුරිය කන්ද හා ඒ මාර්ගය යතුරුපැදි මත නැගි පෙම්වතුන්ගේ හා තරුණයන්ගේ තෝතැන්නකි..නිතර පිනි ඇද වැටෙන මිදුමින් වැසුනු තෙත් කලාපීය පරිසරයනින් යුතු මේ කදු වැටිය ඉතා අලංකාර දසුන් වලින් සමන්විතය නමුත් අතීතයේ සිදුකල මිනීමැරැම් විශාල ප්‍රමාණයකට සම්බන්ද වූ සූරියකන්ද අදටත් නිහඩ ඌ ආත්මයන් ගේ විලාප හඩ සුලගත් සමග ඇසෙනා පාළු පෙදෙසක් ලෙසත් එම ආත්මයන් රාත්‍රි කාලයේ අවතාර ලෙස පෙනී සිටින ප්‍රදේශයක් ලෙසත් ඇතැමුන් මෙය හදුන්වයි.නමුත් මේ කුමන දෑ පැවසියද මෙයට ඇති සංචාරක ආකර්ෂණයේනම් කිසි අඩුවක් නැත. බොහෝමයක් දේශීය මෙන්ම විදේශීය සංචාරකයින් සූරිය කන්ද තරනය කරනුයේ එහි ඇති අලංකාර ප්‍රදේශයක් වන හිමිදිරි පෙදෙස(Morning side) නැරබීමටය.

සිංහරාජයේ නැගෙනහිර මායිමේ පිහිටි එක්තරා සුවිශේෂි කුඩා බිම් කඩක් වන හිමිදිරි පෙදෙස(Morning side) සූරිය කන්ද ඇසුරු කරමින් පිහිටා ඇත. මෙම ප‍්‍රදේශය හිමිදිරි පෙදෙස(Morning side) ලෙස හඳුන්වන්නේ උදේ සිට සවස අඳුර එනතුරුම එම සීමිත ප‍්‍රදේශය හිමිදිරි උදය මෙන් පැවතීම නිසාවෙනි. පරිසරයේ කාලගුණය හා වටපිටාව දහවලටත් සවසටත් එකම ලෙස දිස්වේ. නිතරම මීදුම් සළු අහස් වියනේ ගෙත්තම් කරගෙන සිටින අලංකාර පෙදෙසකි හිමිදිරි පෙදෙස.

මේ සදහා රත්නපුර සිට හෝ බදුල්ල ප‍්‍රදේශයේ සිට පැමිණෙනවානම් පැල්මඩුල්ලෙන් කහවත්ත හරහා රක්වානට පැමිණ රක්වනේසිට සූරියකන්දට පැමිණෙන විට මාර්ගයේ දකුණු පසින් කුඩා තේ වත්තක් මැද හිමිදිරි පෙදෙස ගැන නාම පුවරුවකි. එතැන් සිට ඉතා අබලන් දුෂ්කර කඳුකර මගක් ඔස්සේ කි.මී. 7ක් ගෙවමින් හිමිදිරි පෙදෙසට ළඟා විය හැකිය.එමෙන්ම ගාල්ල,මාතර ප‍්‍රදේශයේ සිට පැමිණෙනවානම් දෙනියාය හරහා සූරියකන්දට පැමිණ සූරියකන්ද ප‍්‍රදේශයේ දකුණු පෙදෙසට වන්නට සම්මත මගක් තිබෙන අතර ඒ ඔස්සේ ගමන් කිරීමෙන් මෙම පෙදෙසට ලගාවිය හැක.



📸 photo credit goes to orginal photographers

Everything You Need. All Right Here.5 Rooms Luxury Holiday bungalow,Deniyaya | 🇱🇰Call now to reserve0777847855----------...
21/05/2023

Everything You Need. All Right Here.

5 Rooms Luxury Holiday bungalow,
Deniyaya | 🇱🇰

Call now to reserve
0777847855

---------------------------------

Visit Deniyaya.
Feel the rhythm of nature 🐦🌿

දෙනියාය...😍❤️🔥සුන්දර දෙනියායේ ලස්සන තේ වතුයායක් මැද තියෙන නිදහස උපරිමයෙන්ම තියෙන වතු බංගලාවක ඔබේ නිවාඩුව පවුලේ, කාර්...
15/05/2023

දෙනියාය...😍❤️🔥
සුන්දර දෙනියායේ ලස්සන තේ වතුයායක් මැද තියෙන නිදහස උපරිමයෙන්ම තියෙන වතු බංගලාවක ඔබේ නිවාඩුව පවුලේ, කාර්යාලයේ හිතවතුන් සමඟ ගත කරන්න...

අංග සම්පූර්ණ Kitchen එකක් සමඟ නොමිලේම කෝකියෙකුත් ලැබෙන නිසා අවශ්‍ය දේවල් ගෙනාවම තමන්ට ඕන කෑම වර්ග හදාගන්න වගේම BBQ දාගන්නත් පුළුවන්...
දෙනියාය පැත්තෙ යන්න හිතන් ඉන්නව නම් දැන්ම කතා කරල දිනයක් වෙන් කරගන්න.

📌Tea Estate Bungalow
🏠 4 Rooms WITH Attached bathrooms
🔥 Hot water
📺 TV
🏊 Swimming pool
🌳 Large garden area
🌅 Natural pools
♨️ BBQ

ඒ වගේම මෙම ස්ථානයේ ඉඳන් සිංහරාජය, පැට්නා, ගැටබරුව පංසල, සත්මාල ඇල්ල වැනි ස්ථාන නරඹන්න වගේම අවට තියෙන ස්වාභාවික ජල දහරාවන් වල සුන්දරත්වය විඳින්නත් පුළුවන්..

Contact number
070 451 5959

14/05/2023

අද සත්මාල ඇල්ල...😱😱

Videography by Bagya Boralessa

Breakfast, Lunch, Dinner, pool Access මේ ඔක්කොම එක්ක එක්කෙනෙක්ට 7,500/= ක් විතරයි.. 😍❤️මේ දෙනියායේ, තියෙන සුපිරිම හොටෙ...
10/05/2023

Breakfast, Lunch, Dinner, pool Access මේ ඔක්කොම එක්ක එක්කෙනෙක්ට 7,500/= ක් විතරයි.. 😍❤️

මේ දෙනියායේ, තියෙන සුපිරිම හොටෙල් එකක්..

Lavenro Hotel & Resort

කපල් වලට, පවුලෙ අයට, Office එකේ අයට, යාලුවෝ සෙට් එකට නිදහසේ නිවාඩුවක් ගත කරන්න ඉන්න කියාපු තැනක්💕

Package Details
⭕ Half Board Package
✅ LKR 6500/= Per person

⭕ Full board Package
✅ LKR 7,500/=

⭕ Bed & Breakfast
✅4,950/=

⭕ Facilities
✅ Luxury bedrooms
✅ Infinity pool / Baby pool
✅ Private Bathrooms with Hot water
✅ Safety Parking
✅ BBQ Facility
✅ Free WIFI
✅ Private Dining

Experiences
📌️ Sinharaja Rainforest
️📌️ Gatabaruwa temple
📌️ Gongala
📌️ Tea Factor visit
📌️ Lankagama watefall
📌️ Patna
📌️ Sathmala Ella, වගේ ලස්සන Location ගොඩාක් බලන්නත් පුලුවන්.

වැඩි විස්තර සඳහා අමතන්න.
📞 0713324056

සුන්දර දෙනියායේ සිංහරාජ අඩවියට අසබඩ  තේ වතුයායක සුපිරිම View එකක්  තියෙන පට්ටම Location එකක්.ඔබේ නිවාඩුව පවුලේ, කාර්...
03/05/2023

සුන්දර දෙනියායේ සිංහරාජ අඩවියට අසබඩ තේ වතුයායක සුපිරිම View එකක් තියෙන පට්ටම Location එකක්.
ඔබේ නිවාඩුව පවුලේ, කාර්යාලයේ හිතවතුන් සමඟ නිදහසේ ගත කරන්න පුළුවන්...

Deniyaya Beverly Villa

🏠 4 Rooms WITH Attached bathrooms
🔥 Hot water
📺 TV
🌅 Natural pools
♨️ BBQ

අංග සම්පූර්ණ Kitchen එකක් සමඟ නොමිලේම කෝකියෙකුත් ලැබෙන නිසා අවශ්‍ය දේවල් ගෙනාවම තමන්ට ඕන කෑම වර්ග හදාගන්න වගේම BBQ දාගන්නත් පුළුවන්.
දෙනියාය පැත්තෙ යන්න හිතන් ඉන්නව නම් දැන්ම කතා කරලා දිනයක් වෙන් කරගන්න.

Contact number -
☎️ 070 451 5959

Fullboard 8000/= ක් විතරයි😱😍 මේ සිංහරාජයට මායිම්ව දෙනියායේ, Private   තියෙන සුපිරිම   එකක්😲🐙🌿🐦🍃🌻A superb hotel with a pr...
03/05/2023

Fullboard 8000/= ක් විතරයි😱😍 මේ සිංහරාජයට මායිම්ව දෙනියායේ, Private තියෙන සුපිරිම එකක්😲🐙🌿🐦🍃🌻

A superb hotel with a private cottage in Deniyaya bordering the Sinharaja forest.

මේ Sinharaja 360 Rainforest - Deniyaya ❤️

වලට, පවුලෙ අයට, යාලුවෝ සෙට් එකට නිදහසේ නිවාඩුවක් ගත කරන්න, ස්වාභාවික දිය ඇල්ලකින් නාලා, පාරක් එක්ක ශොට් එකක් දාලා චිල් එකේ ඉන්න කියාපු තැනක්💕

Package Details
⭕ Half Board Package
✅ LKR 7250/= PP | Double Basis
✅ LKR 7500/= PP | Tripal Basis

⭕ Full board Package
✅ LKR 8000/= PP | Double Basis
✅ LKR 8000/= PP | Tripal Basis

⭕ Family Package (4pax)
✅ LKR 32,000 Full Board
✅ LKR 25,000 Half Board

⭕ Facilities
✅ Comfortable bedrooms
✅ Attached Bathrooms
✅ Safety Parking Facility
✅ BBQ Facility
✅ Hot water Facility
✅ Free WIFI
✅ Private Dining
✅ Ayurweda wellness center

සිංහරාජ පිවිසුමට 100m දුරින් ලස්සන නිස්කලංක Location එකක තමයි මේක හදලා තියෙන්නෙ.

මෙහෙ ආවොත් ඔයාලට,
📌️ Sinharaja Rainforest
️📌️ Gatabaruwa temple
📌️ Gongala
📌️ Tea Factor visit
📌️ Lankagama watefall
📌️ Patna (බූරූස් ගල)
📌️ Sathmala Ella, වගේ ලස්සන Location ගොඩාක් බලන්නත් පුලුවන්.

වැඩි විස්තර සහ Booking සදහා අමතන්න.
📞 0718010700 (Whatsapp or Direct Line)

Sinharaja Rainforest ❤️😍Samangala EntrancePhoto credits goes to original photographers
28/04/2023

Sinharaja Rainforest ❤️😍
Samangala Entrance

Photo credits goes to original photographers

Everything You Need. All Right Here.5 Rooms Luxury Holiday bungalow,Deniyaya | 🇱🇰Call now to reserve0777847855070 451 59...
27/04/2023

Everything You Need. All Right Here.

5 Rooms Luxury Holiday bungalow,
Deniyaya | 🇱🇰

Call now to reserve
0777847855
070 451 5959

---------------------------------

Visit Deniyaya.
Feel the rhythm of nature 🐦🌿

ගොංගල... 😍
19/02/2023

ගොංගල... 😍

- සුන්දර දෙනියායට සංචාරයකට එන ඔබට බලන්න තියෙන තැන් 7ක්...🌊🌿🐚🍂♥️🍀😍පුංචි නුවරඑළිය විදිහට සමහරු හඳුන්වන දෙනියාය ප්‍රදේශය එහ...
03/02/2023

- සුන්දර දෙනියායට සංචාරයකට එන ඔබට බලන්න තියෙන තැන් 7ක්...
🌊🌿🐚🍂♥️🍀😍

පුංචි නුවරඑළිය විදිහට සමහරු හඳුන්වන දෙනියාය ප්‍රදේශය එහි ජෛව විවිධත්ව ලක්ෂණ සහ සුන්දරත්වය නිසා සංචාරකයන් අතර අතිශය ලෙස ජනප්‍රිය වී තිබෙනවා. ඉතින් අද අපි ඔබට කියන්නට සැරසෙන්නේ දෙනියාය ප්‍රදේශය ආශ්‍රිතව ඔබට නරඹන්න තියෙන තැන් ගැනයි. මාතර සිට දෙනියාය කරා යන ගමන අතරේදී ඔබට නරඹන්න පුලුවන් තැන් වගේම දෙනියායෙදී ඔබට නරඹන්න පුලුවන් තැන් ගැනත් මේ ලිපි‍යේදී ඔබව දැනුම් වත් කරනවා.

1. දෙනියාය ගැන දැනුවත් කිරීමක්
මාතර සිට අකුරැස්සට ඇවිල්ලා අකුරැස්සෙන් දෙනියාය පාරේ ඇවිත් පිටබැද්දර, මොරවක, කොටපොළ ආදී නගර කිහිපයක් පහු කරාම දෙනියාය නගරය මුණගැහෙනවා. විදේශීය සංචාරක ආකර්ශනය බහුලව දිනාගෙන තිබෙන දකුණුකරයේ සීත ප්‍රදේශයක් විදිහට දෙනියාය හඳුන්වන්න පුලුවන්. දෙනියායට යන අතරමග වගේම දෙනියායෙදීත් ඔබට වැඩිපුරම දකින්න ලැබෙන දෙයක් තමයි තේ වතු. නුවර එළියෙ වගේම විශාල තේ වතු වලින් පාර දෙපස හැඩ වෙලා තියෙන අයුරු ඔබට බලාගන්න හැකියාව තියෙනවා. ඒ වගේම අකුරැස්ස දෙනියාය පාර කියලා කියන්නේ ලොකු වංගු සහිත, කඳු සහිත පාරක්. ඒ වගේම දෙනියායට යද්දී පාර දකුණු පැත්තෙන් නිතරම වගේ දකින්න තියෙන බෑවුම ගැනත් ඔබ දැනුවත් කල යුතුමයි.

දෙනියායට එන ගමනෙදි බලන්න පුලුවන් තැන්.
--------------------------------------

1. ඕලු දොළ
ඕලු දොළ කියන්නේ මහා ලොකු තැනක් නම් නෙමෙයි. ඒත් බොහොම ලස්සන තැනක්. වතුරත් ගලා යන තැනක් ස්වභාවිකවම පොඩි විලක් වගේ හැදිලා තියෙනවා. ඒ හන්දා මෙතන නාන්න කියාපු තැනක් විදිහට හඳුන්වන්න පුලුවන්. මේක තියෙන්නේ අකුරැස්සේ ඉඳලා දෙනියාය පාරෙ එද්දි හමුවෙන හුලංදාව කියන ප්‍රදේශයේ. මෙතෙන්ට යන්න තියෙන්නේ වැල් පාලමක එහෙම ගිහිල්ලා. ඒ හන්දා ඕලු දොළට යන ගමන ඔබට අමතක නොවන ගමනක් වේවි.

2. එලමල්දෙණිය රජමහා විහාරය
එලමල්දෙණිය පන්සල බලන්න යන්න නම් පිටබැද්දරදී පොඩ්ඩක් පාර වෙනස් කරලා සියඹලාගොඩ පාරෙ ටික දුරක් යන්න ඔබට සිද්ධ වෙනවා. එහෙම යද්දි හමුවන පරගස්තැන්න හන්දියෙන් හැරිලා ගියාමයි ඔබට එලමල්දෙණියේ පන්සල හමුවන්නේ. රජමහා විහාරයක් වන මේ විහාරය වලගම්බා රජතුමාගේ කාලයේ හැදුව එකක් කියලයි සඳහන් වෙන්නේ. මේ පන්සල රජ්ජුරු බණ්ඩාර දෙවියන්ට පූජා කරපු එකක් කියලයි කියන්නේ. ඒ හන්දා දුකට පත්වෙච්ච ගොඩක් මිනිස්සු දෙවියන්ට දුක කියන්න මේ පන්සලට එනවා. බොහෝ විට ඔවුන්ට පිහිටක් ලැබුණු බවත් කියවෙනවා. කෙලින් උඩ බැලුවම පොඩ්ඩක් විතරක් ඇද වෙලා පේන අපූරු දිග පිය ගැට පෙළකින් මේ පන්සල සමන්විතයි. හැබැයි කකුලෙ එල්ලෙන කූඩැල්ලො ගැන නම් වගකීමක් ගන්න බෑ අපට.

3. ඇතාමළ ඇල්ල
දෙනියාය පාරේ පිටබැද්දර පහු කරලා ගමන් කරද්දී හම්බවෙන නිල් ඇල්ල වතුයාය ළඟින් දකුණු පැත්තට පල්ලෙහාට තියෙන පාරෙ පොඩි දුරක් ගියාම මේ ඇතාමළ ඇල්ල හම්බවෙනවා. මෙතැන ඉස්සර කාලෙක ඇතෙක් මළ නිසා ඇතා මළ ඇල්ල ලෙස ව්‍යවහාර වුණ බවයි කියවෙන්නේ. බොහෝ උස නැති එහෙත් අලංකාර දියඇල්ලක් විදිහට හඳුන්වන්න පුලුවන්. මෙතන නාන්නනම් හොඳ තැනක් නොවන බවත් ඔබට මතක් කල යුතුමයි.

4. ගැටබරු දේවාලය
දෙවුන්දර දේවාලය තරමටම ප්‍රකට ගැටබරු දේවාලය හාස්කම් වලින් පිරි තැනක් විදිහට විශ්වාස කෙරෙනවා. මෙතැනත් රජ්ජුරු බණ්ඩාර දෙවියොන්ට අයත් පූජා භූමියක් විදිහටයි හැඳින්වෙන්නේ. දෙනියාය පාරේ යන අතරමග කොටපොළ නගරයට ටිකක් මෙහායින් වම් අත පැත්තට උඩට තියෙන මාර්ගයක ගිහිල්ලයි ගැටබරුව දේවාලයට යන්න පුලුවන් කම තියෙන්නේ.

දෙනියායේ බලන්න තියෙන තැන්
-------------------------


1. හත්මාලේ ඇල්ල (සත්මහල් ඇල්ල)
ඉතාමත් අලංකාරම සහ සුවිශේෂීම භූ පිහිටීමක් තියෙන හත්මාලේ ඇල්ල පිහිටලා තියෙන්නෙ දෙනියාය නගරයෙ ඉඳලා බොහොම පොඩි දුරක් එහායින්. මොකක්ද මේකෙ තියෙන සුවිශේෂි කම කියලා ඔබ අහවි. දිය ඇල්ලක් කියන්නේ සාමාන්‍යයෙන් වතුර උඩ ඉඳලා පහළට වැටෙන තැනක් නේ. ඒත් මේ දිය ඇල්ලේ වතුර වැටෙන්නෙ තට්ටුවෙන් තට්ටුවට. එහෙම තට්ටු හතක් තියෙන හන්දා හත්මාලේ ඇල්ල කියලා මේකට කියනවා කියලයි කියන්නේ. ගිහිල්ලම බලන්න ඕන ලස්සන තැනක්. නාන්න බලාගෙන යන්න එපා. ටිකක් භයානකයි.



2. පැට්නා
දෙනියාය පල්ලෙගම ප්‍රදේශයේ තේ වත්තක් මැද තියෙන අපූරු තැනක් තමයි පැට්නා කියන්නේ. පැට්නා හි තියෙන්නෙත් අපූරු භූ පිහිටීමක්. සුලු දිය සීරාවක් ගලා එන, පල්ලෙහාට ලිස්සල එන්න පුලුවන් විදිහේ පැතලි විශාල ගලක් මෙහි තියෙනවා. ඒක හරියට සී සෝ එකක ලිස්සලා පල්ලෙහාට එනව වගේ. ඔබ නැරඹියම යුතු වෙනස් විදිහේ තැනක්. හැබැයි එද්දී ගේන පොලිතින් ප්ලාස්ටික් ඔබම අරගෙන යන්න කියන කාරුණික ඉල්ලීම ඔබෙන් කරන්නේ කෙටි කාලයක් තුළ සංචාරකයන් නිසා මෙතැන පරිසරයට වුණු විනාශය ඉමහත් නිසයි.

3. සිංහරාජය
ලෝක ප්‍රකට ජෛව විවිධත්ව පද්ධතියක් වන සිංහරාජ වනාන්තරයේ එක් ප්‍රවේශ දොරටුවක් දෙනියාය පල්ලෙගම ප්‍රදේශයේ පිහිටලා තියෙනවා. සිංහරාජය ගැන ඔබට අමුතුවෙන් කියන්න ඕන නෑනේ. නිවර්තන වැසි වනාන්තර කාණ්ඩයට අයත් වන සිංහරාජ වනාන්තරය දිය ඇළි විශාල ප්‍රමාණයක්, වන සතුන්, ශාක විශාල ප්‍රමාණයක් තමන්ගේ තුරුළේ හංගන් ඉන්න සොබාදමේ අපූරු නිමැවුමක්.

දෙනියායට එන ඔබට නවාතැන් ලබාදෙන්න ඉතා හොඳ තත්ත්වයකින් යුතු නවාතැන් බොහෝ ප්‍රමාණයක් ඉදිවෙලා තියෙනවා. සිංහරාජය නරඹනවනම් ඒ ඇතුළේ තියෙන නවාතැනේ නවතින්නත් ඔබට හැකියාව තියෙනවා.

ඒ වගේම සිංහරාජය ඇතුළට යද්දී ඔබේ දුරකථනයේ සිග්නල් නැත්තටම නැති වෙලා යනවා. ඒ හන්දා සිංහරාජය නරඹන්න යනවනම් ඒ ගැන ඔබේ ළබැඳියන්ට දැනුම් දීලම යන්න.

©Fantastic Travelers

📷 photos credit goes to original photographer

දෙනියාය...😍❤️🔥සුන්දර දෙනියායේ ලස්සන තේ වතුයායක් මැද තියෙන නිදහස උපරිමයෙන්ම තියෙන වතු බංගලාවක ඔබේ නිවාඩුව පවුලේ, කාර්...
10/12/2022

දෙනියාය...😍❤️🔥
සුන්දර දෙනියායේ ලස්සන තේ වතුයායක් මැද තියෙන නිදහස උපරිමයෙන්ම තියෙන වතු බංගලාවක ඔබේ නිවාඩුව පවුලේ, කාර්යාලයේ හිතවතුන් සමඟ ගත කරන්න...

අංග සම්පූර්ණ Kitchen එකක් සමඟ නොමිලේම කෝකියෙකුත් ලැබෙන නිසා අවශ්‍ය දේවල් ගෙනාවම තමන්ට ඕන කෑම වර්ග හදාගන්න වගේම BBQ දාගන්නත් පුළුවන්...
දෙනියාය පැත්තෙ යන්න හිතන් ඉන්නව නම් දැන්ම කතා කරල දිනයක් වෙන් කරගන්න.


🏠 4 Rooms WITH Attached bathrooms
🔥 Hot water
📺 TV
🏊 Swimming pool
🌳 Large garden area
🌅 Natural pools
♨️ BBQ

ඒ වගේම මෙම ස්ථානයේ ඉඳන් සිංහරාජය, පැට්නා, ගැටබරුව පංසල, සත්මාල ඇල්ල වැනි ස්ථාන නරඹන්න වගේම අවට තියෙන ස්වාභාවික ජල දහරාවන් වල සුන්දරත්වය විඳින්නත් පුළුවන්..

Contact number
070 451 5959

12/11/2022

හිතේ හැටියට ලිස්සල යන්න... 🧜‍♂️
පැට්නා.... දෙනියාය... 😯😍❤️

Address

Main Street
Deniyaya
81500

Alerts

Be the first to know and let us send you an email when Visit Deniyaya posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Visit Deniyaya:

Videos

Share

Category

Visit Deniyaya

Visit Deniyaya

Feel the rhythm of nature

Contact us - 0777847855/0704515959


Other Travel Services in Deniyaya

Show All