Galle-ගාල්ල-காலி

Galle-ගාල්ල-காலி Political, Socio and Culture, Tourism

බදුල්ල බණ්ඩාරවෙල ප්‍රධාන මාර්ගයේ දෙමෝදර ජල පවිත්‍රාගාරය ආසන්නයේදී පෞද්ගලික බස් රථයක් මාර්ගයෙන් ඉවතට පෙරලීයෑමෙන් අද(15) උ...
15/07/2023

බදුල්ල බණ්ඩාරවෙල ප්‍රධාන මාර්ගයේ දෙමෝදර ජල පවිත්‍රාගාරය ආසන්නයේදී පෞද්ගලික බස් රථයක් මාර්ගයෙන් ඉවතට පෙරලීයෑමෙන් අද(15) උදෑසන 10.30 ට පමන සිදුවූ අනතුරකින් එහි ගමන්කල කිහිපදෙනෙකු තුවාල ලබා දෙමෝදර සහ බදුල්ල රෝහල් වලට ඇතුලත් කෙරුනා.

பஸ் ஒன்று குடைசாய்ந்து வீழ்ந்தநிலையிலும் நைசாக நழுவிச் சென்ற கார் சாரதியின் கல்நெஞ்சம்

பதுளை பண்டாரவளை பிரதான வீதியின் தெமோதர நீர் சுத்திகரிப்பு நிலையத்திற்கு அருகில் இன்று (15) காலை 10.30 மணியளவில் தனியார் பஸ் ஒன்று கவிழ்ந்து விபத்துக்குள்ளானதில் பயணிகள் பலர் காயமடைந்து தெமோதர மற்றும் பதுளை வைத்தியசாலைகளில் அனுமதிக்கப்பட்டுள்ளனர்.

බදුල්ල බණ්ඩාරවෙල ප්‍රධාන මාර්ගයේ දෙමෝදර ජල පවිත්‍රාගාරය ආසන්නයේදී පෞද්ගලික බස් රථයක් මාර්ගයෙන් ඉවතට පෙරලීයෑම.....

26/06/2023

පියත් නිකේෂල අත්අඩංගුවට

සමාජ මාධ්‍ය ක්‍රියාකාරී පියත් නිකේෂල අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

2022.07.09 වනදා ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ පෞද්ගලික නිවසට ගිනි තැබීමේ සිදුවීම වූ අවස්ථාවේ සමාජ මාධ්‍ය ඔස්සේ සජීවී විකාශයක් සිදුකිරීමට අදාළව ප්‍රකාශයක් ලබාගැනීම සඳහා ද ඔහුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට කැඳවා තිබුණි.

ඊට අදාළව ප්‍රකාශයක් ලබාගැනීමෙන් අනතුරුව ඔහුව මෙලෙස අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.

26/06/2023

බන්ධනාගාර ගත කර සිටින පාතාල සාමාජිකයන් දෙදෙනෙකු මුණ ගැසීම සඳහා කළුතර දිස්ත්‍රික්කයේ හිටපු අමාත්‍යවරයෙකු, පොලිස් ස්ථානාධිපතිවරයෙකු ඇතුළු පිරිසක් කළුතර බන්ධනාගාරයට ගොස් ඇතැයි වාර්තා වේ.

ඔවුන් මෙම පාතාල සාමාජිකයන්ගේ සුවදුක් විමසීම සඳහා එලෙස පැමිණ ඇත්තේ පසුගිය දේශපාලන ව්‍යාපාරයන් හි දී ලබා දුන් සහයෝගයට කළගුණ දැක්වීමක් වශයෙනි.

‘කලමුල්ලේ ටශී’ නම් පුද්ගලයා බන්ධනාගාර ගතව සිටින්නේ තම නැන්දණිය උස්සා පොළොවේ ගසා ඝාතනය කිරීමේ චෝදනාව මතයි.

‘කළුතර සගා’ නම් පාතාල අපරාධකරු රක්‍ෂිත බන්ධනාගාර ගතකර සිටින්නේ ගිනි අවියක් සමග අත්අඩංගුවට ගැනීම මතයි.

එම දේශපාලනඥයා මෙම පාතාල සාමාජිකයන් සමග විශේෂ ස්ථානයකදී සැලකිය යුතු වෙලාවක් කතා බස් කරමින් සිට ඇති බවද දැනගන්නට ඇත.

25/06/2023
காணாமல் போன டைட்டன் மினி நீர்மூழ்கிக் கப்பல் எதிர்பாராத ஏதோ ஒரு சம்பவம் காரணமாக பயங்கரமாக வெடித்துச் சிதறியுள்ளதாக  அமெர...
22/06/2023

காணாமல் போன டைட்டன் மினி நீர்மூழ்கிக் கப்பல் எதிர்பாராத ஏதோ ஒரு சம்பவம் காரணமாக பயங்கரமாக வெடித்துச் சிதறியுள்ளதாக அமெரிக்க கடலோர காவல்படை தெரிவித்துள்ளது.

அதன்படி அந்த சிறிய நீர்மூழ்கி கப்பலில் பயணித்த ஐந்து பேரும் உயிரிழந்துள்ளதாக அவர்கள் மேலும் தெரிவிக்கின்றனர்.

மேலும், குறித்த டைட்டன் நீர்மூழ்கி கப்பலை தேடும் பாரிய நடவடிக்கை தற்போது நிறைவடைந்துள்ளதாக அமெரிக்க கடலோர காவல்படை மேலும் தெரிவித்துள்ளது.

අතුරුදන්වූ ටයිටන් කුඩා සබ්මැරීනය ව්‍යසනකාරී පිපිරීමකට ලක්ව ඇති බව අමෙරිකානු වෙරළාරක්ෂක බලකාය පවසයි.ඔවුන් වැඩිදුරටත් පවසන...
22/06/2023

අතුරුදන්වූ ටයිටන් කුඩා සබ්මැරීනය ව්‍යසනකාරී පිපිරීමකට ලක්ව ඇති බව අමෙරිකානු වෙරළාරක්ෂක බලකාය පවසයි.

ඔවුන් වැඩිදුරටත් පවසන්නේ ඒ අනුව එම කුඩා සබ්මැරීනය තුළ ගමන් කරමින් සිටි පුද්ගලයින් පස් දෙනාම ජීවිතක්ෂයට පත්ව ඇති බවය.

එසේම ඇමෙරිකානු වෙරළාරක්ෂක බලකාය වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත්තේ අදාළ ටයිටන් සබ්මැරීනය සෙවීමේ දැවැන්ත මෙහෙයුම් කටයුතු මේ වන විට අවසන් කර ඇති බවය.

08/05/2023

මාරන්තික ඩෙංගුවලින් බේරෙන්නේ මෙහෙමයි

ඩෙංගු රෝගයේ ශීඝ්‍ර ව්‍යාප්තියක් දැකිය හැකි බැවින් ඉන් ආරක්ෂා වීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග සම්බන්ධව රජයේ වෛද්‍ය නිලධාරින් ගේ සංගමයේ වෛද්‍ය සේනක ගමගේ මෙසේ අදහස් දැක්වීය.

ඒ අනුව

ඩෙංගු මදුරුවා වැඩි වශයෙන් අඳුරු ස්ථානවල ගැවසෙන බවත් එවැනි ස්ථාන සූර්යාලෝකය හොඳින් ලැ⁣බෙන පරිසරයක් බවට පත් කළ යුතුය.
නිවෙස් සහ සේවා ආයතන පරිශ්‍රවලට පැඟිරි තෙල් සහ කුරුඳු තෙල් බිංදු පහ බැගින් ගෙන එය වතුර මිලි ලීටර් පන්සීයකට මිශ්‍ර කර ඉසීමෙන් මදුරුවන් ඒම සීමා කරගත හැක
ප්‍රතිශක්තිකරණය වර්ධනය කර ගැනීමෙන් ඩෙංගු වැලඳීමේ අවදානම අඩු කර ගත හැකි බව හෙතෙම පෙන්වා දුන්නේය. ඒ අනුව සමබල අහාර වේලක් ගැනීම, නෙල්ලි , වෙරළු, පේර , වැනි දෑ ආහාරයට ගැනීම සහ ඉඟුරු , කොත්තමල්ලි , පත්පාඩගම් වැනි දෑ නිතර භාවිතයට ගැනීම මගින් ප්‍රතිශක්තිය වර්ධනය කර ගැනීමට හැක
දින දෙකකට වඩා උණ පවතීනම් සුදුසුකම්ලත් වෛද්‍යවරයකුගෙන් අවශ්‍ය ප්‍රතිකාර ලබා ගැනීම සිදු කළ යුතු බවත් රෝගයේ මූලික අදියරේදීම අවශ්‍ය වෛද්‍ය ප්‍රතිකාර ලබා නොගැනීම මරණ ඉහළ යාමට හේතුව බවත් හෙතෙම වැඩි දුරටත් පැවැසීය.

Address

Galle

Alerts

Be the first to know and let us send you an email when Galle-ගාල්ල-காலி posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share