ලංකාවේ සංචාරේ

ලංකාවේ සංචාරේ යන්න රටවටේ.එන්න මා ප්�රියේ.ලස්සන ශ්�ර?
(1)

08/08/2022
26/07/2022
28/06/2021
29/10/2020
03/09/2020
11/07/2020
ෆැට්නා-දෙනියාය ❣️❣️
26/06/2020

ෆැට්නා-දෙනියාය ❣️❣️

💕
17/06/2020

💕

" Yapahuwa Kingdom (යාපහුව රාජධානිය) "

ස්ථානය - කුරුණෑගල - අනුරාධපුර මාර්ගය,මහව,වයඹ පළාත
Yapahuwa Rock Fortress
Maho
0372 275 245
https://maps.app.goo.gl/dp2akKEidGKnytSm6

පළමු බුවනෙකභාහු ක්‍රි.ව1287 - 1298 කාලය තුල දළදා වහන්සේ වැඩි අති රමණීය ස්ථානයකි.හුදකලා කන්දක ඇති මෙම රාජධානි සමය සාහිත්‍ය අංශයේද දියුණුවට මහගු දායකත්වයක් දැක්වීය.මනරම් කලා කුසලතා පෙන්වන මාළිගයෙන් හා ආරාම සංකීර්ණයකි..

ඇවිදින්න එක්වන්න Travel in Paradise - Sri Lanka( පාරාදීසය ) Paradise පාරාදීසය 🙏😍

15/06/2020
🌷
15/06/2020

🌷

කොච්චර ගියත් අමතක නොවන කතරගම ශ්‍රී ලංකාවේ, කතරගම පිහිටි, කතරගම දේවාලය (ඉංග්‍රීසි: Kataragama temple, දෙමළ: கதிர்காமம் කත...
14/06/2020

කොච්චර ගියත් අමතක නොවන කතරගම

ශ්‍රී ලංකාවේ, කතරගම පිහිටි, කතරගම දේවාලය (ඉංග්‍රීසි: Kataragama temple, දෙමළ: கதிர்காமம் කතිරකාමම්) යනු කතරගම දෙවියෝ ලෙසින්ද හැඳින්වෙන ස්කන්ධ-මුරුගන් වෙනුවෙන් පූජා කෙරුණු, හින්දු සහ බෞද්ධ සිද්ධස්ථාන සංකීර්ණයකි. ශ්‍රී ලංකාවේ පවතින පූජා නගර කීපය අතරින් එකක් වන එයට ශ්‍රී ලංකීය බෞද්ධයන් බහුතරයක් , දෙමළ ,හින්දු සහ මුස්ලිම් භක්තිකයන් සුලු ප්‍රමාණයක් සහ ස්වදේශීය වැදි ජනතාව පුද පූජා පවත්වනු ලබනවා. පූජස්ථාන කීපයක එකතුවක් වන එහි කතරගම දෙවියන් නමින් හදුන්වන ස්කන්ද මුරුකන්ට පවත්වන පුද පූජා ඉතාම වැදගත් වේ. පසුගිය අවුරුදු දහසක කාලය ඇතුලත එයට ලගා වීමට ඉතා අපහසු වූ ආරණය පූජා බිමක් වූ අතර වර්තමානයේදී සෑම දේශගුණික මාර්ගයක් හරහාම එයට ලගා වීමට හැකියාව පවතී.සෑම බෞද්ධ පුද බිමක්ම සහ අසල පිහිටි කිරිවෙහෙර ,බෞද්ධයන් විසින් පාලනය කරනු ලබූ අතර බෞද්ධ පූජා භූමි වලට අමතරව විශ්ණු දෙවියන්ට ශිව දෙවියන්ට සහ මුස්ලිම් දේවස්ථානයටද පුද පූජා පවත්වන ලදී.1940 න් පසු වන්දනා කරුවන්ගෙන් බහුතරයක් වන්නේ ශ්‍රී ලංකාවෙන් සහ දකුනු ඉන්දියාවෙන් පැමිනි දෙමළ හින්දු ජනතාවයි.ඔවුන් අසීරු ලෙස පයින් වන්දනාවේ පැමිණීම සිදු කරන ලදී.පසුව බොහෝ වන්දනා කරුවන් සිංහල බෞද්ධයන් බවට පත්වූ අතර සිංහල ජනතාව අතර කතරගම දෙවියන් වන්දනාව බොහෝ ප්‍රසිද්ධ විය. දෙවියන් සහ භූමිය සම්බන්ධව බොහෝ ජනප්‍රරවද සහ පුරවෘත පවතින අතර ඒවා ආගමික, ජනවාර්ගික අනුබැදිය සහ කාලය අනුව වෙනස් වේ.බෞද්ධ පූජකයන් සහ භික්ශූන් දෙවියන්ට, දේවවාදී නොවන බෞද්ධ පරමාදර්ශය තුල ඉඩ සලසා දීමට උත්සහ කරන බැවින්, මෙම පුරාවෘත, බෞද්ධයන් අතර සීඝ්‍රරයෙන් වර්ධනය වන, දේව ජනප්‍රසාදය නිසා වෙනස් වේ.බැතිමතුන්ගේ වෙනස් වීමත් සමග වන්දනා කරනු ලබන ආකාරය වෙනස් වන අතර, බෞද්ධ පූජා විදි සහ දේව ධර්මයට ඉඩ සැලැස්වීමට හින්දු භක්තිකයන්ගේ ඇති හඩගැසීම නිසා, පාවත්වනු ලබන සැණකෙලිද වෙනස් වේ. පුරා විද්‍යත්මක සහ සාහිත්‍යමය සාධක වලට අනුව, මෙම ස්ථානයට ඉපැරණි ඉතිහාසයක් අති බව පෙනුනත් , මෙම ස්ථානය පිලිබද සාහිත්‍ය ඉතිහාසය සහ ශ්‍රී ලාංකිකයන් හා ඉන්දියානුවන් අතර ජනප්‍රියතාවයට පත්වීමට හේතූන්, පුරාවෘත පදනම් කොටගෙන නැවත සංස්කරනය කිරීම ඉතා අපහසුය.අපහැදිලි සාහිත්‍යමය ලේඛන, පුරාවෘත සහ මිත්‍යා ප්‍රබන්ධ නිසා උරුමය පිළිබදව සහ වන්දනා කරන ආකාරය පිළිබද බෞද්ධයන් සහ හින්දු භක්තිකයන් අතර ඝට්ටනයක් පවතී.

මෙම පූජස්ථානයේ පූජකයන් "කපුරාල" නමින් හැදින් වෙන අතර ස්වදේශීය වැදිජනතාවගේ පරපුරෙන් පැවත එන්නන් යැයි විශ්වස කරනු ලබයි.අසල පිහිටි කදු මුදුන සහිත් ප්‍රදේශය පිලිබදව පවතින පුරාවෘත නිසා වැදි ජනතාවටද මෙම පූජස්ථානයට උරුමයක් පවතීයැයි විශ්වාස කරයි.මුස්ලිම් පල්ලියක් සහ මුස්ලිම් ජනතාවගේ සුසාන ඝර කීපයක් ඒ අසල පවතී.උතුරේ පිහිටි, යාපනයේ සිට දකුණේ පිහිටි, කතරගම දක්වා පවතින වන්දනා මාර්ගය ඔස්සේ ශ්‍රී ලංකාවේ නැගෙනහිර පළාතේ පවතින මුරුක්කන්ට පුද පූජා පවත්වන, ඒහා සමාන පූජස්ථාන සමග මෙම විහාර සංකීරනය සම්බන්ද වේ.1400 දී අරුනගිරිනාත, මෙම වන්දනා මාර්ගය විස්තර කර ඇත.විහාර සංකීරනය අසල ප්‍රදේශය යන්ත්‍ර මන්ත්‍ර වැනි ගුප්ත ක්‍රියාකාරකම් වලට යොදා ගනු ලබන අතර 1950 දී ශ්‍රී ලංකා රජය මගින් සම්පූර්න විහාර සංකීරණයම පූජා භූමියක් බවට ප්‍රකාශයට පත් කරන ලදී.එතැන් සිට දේශපාලණ නායකයින් එහි නඩත්තුව සදසා යන වියදම් වලට දායකත්වය සපයනු ලබයි.

ඉතිහාසය
මුල් වාදය
සිද්ධස්ථානයේ ආරම්භය පිළිබද බොහෝ වාද පවතී.හයින්ස් වෙචර්ට් සහ පෝල් යන්ගර්ට අනුව කතරගම දෙවියන් උදෙසා පූජා පවත්වන හා භක්තිය දක්වන ආකාරය ස්වදේශීය වැදි ජනතාවගේ පූජා විධි වලින් නොනැසී ඉතිරිව පවතින්නක් වේ.ක්‍රිස්තු පූර්ව අග භාගයේ දී ලංකාවට පැමිණි දකුණු ඉන්දියාවේ සංස්කෘතික බලපෑම ඇති ඉන්දිය-ආර්ය ජනතාව සහ බෞද්ධයන් සමග මේ පූජා විදි තවදුරටත් ඉදිරියට ගමන් කරයි.කරුණු එසේ වුවත් බෞද්ධ,හිංදු සහ මුස්ලිම්වරු පවා දේව පූජා විදි සහ සිද්ධස්ථාන තෝරා ගනීමට උත්සහ දරනවා.එස්.පත්මනාතන්ට අනුව ආරම්භයේදී කතරගම සිද්ධස්ථානය ස්කන්ධ මුරුකන් උදෙසා පවතින දේවාරක්ෂක සිද්ධස්ථානයක් ලෙස බෞද්ධ සිද්ධස්ථාන සංකීරණයකට අනුබද්ධ කර පිහිටා ඇත.ඉන්පසුව දේශීය සිංහල සහ දෙමල ජනතාව විසින් මෙම සිද්ධස්ථානය වල්ලි සහ මුරුකන් මුණගසුනු ස්ථානය ලෙස සලකනු ලැබූ අතර කතරගම දෙවියන් සහ ස්කන්ධ මුරුකන් එකම දෙවි කෙනෙක් ලෙස සලකන ලදී.එස්.පත්මනාත්න්ට අනුව දෙමල ජනතාව අතර ස්කන්ධ මුරුකන් ජනප්‍රියව පැවති 13 වන සියවස අග භාගයේදී මෙය සිදු විය.15 වන සියවසට ප්‍රථම අරුණගිරිනාත නම් කවියෙක් මෙම ස්ථානය පූජනීය ස්ථානයක් ලෙස හදුනා ගන්නා ලදී.

සාහිත්‍යමය සාධක
මුල් ඉතිහාසයේ දෙමළ කතිරකම්ම නම් වූ කතරගම ස්කන්ධ මුරුකන් උදෙසා පැවති පූජනීය ස්ථානයක් ලෙස සදහන් වේ.මේ බව අරුණගිරිනාතර් විසින් රචිත ඇදහිලි පිළිබද කවියේ සදහන් වේ.ජනශුති වල සදහන් ආකාරයට කවිය රචනා කරන අවස්ථාවේ ඔහු වනගත ආරණ්‍ය සිද්ධස්ථානයට ගමන් කර ඇත.මෙම කවියේ සදහන් පරිදි දේව සිද්ධස්ථානය කදු මුදුනක පිහිටා ඇත.මුල් කාලයේ කතුගම නමින් හැදින්වු කතරගම දෙවියන් ශ්‍රී ලංකාවේ හා බෞද්ධ ආගමේ ආරක්ෂක දේවතාවක් ලෙස සලකා ඇත.16 වන ශතවර්ෂයේදී පමණ අද තායිලන්තය ලෙස හදුන්වනු ලබන සියම් දේශයේ ලියවුනු "ජන්කල්මලී" නම් වූ පාලි ග්‍රන්ථයේ ද මෙය සදහන් වේ.(බලන්න කතරගම පිලිබදවූ ජතුකහම් රම්මාතෙප් නම් වූ ප්‍රසිද්ධ තායි සූත්‍රය, ශ්‍රී ලංකාවේ දෙවියෙක්) කතරගම ගම්මානය පිළිබද සදහන් වන පැරණිතම ලේඛනය වන්නේ 5 වන සියවසේ දී ලියවුණු මහාවංශයයි.එහි සදහන් වන ආකාරයට "කජිරගාම" නම් වූ ජනපදයෙන් පැමිණි පූජ්ය වරයා ක්‍රි.පූ. 288 දී අශෝක අධිරාජ්යයා විසින් ලංකාවට පූජා කරන ලද ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ අංකුර බෝධීන් වහන්සේගේ කතරගමට ගෙන එනු ලැබ ඇත. (පොන්නම්බලම් අරුණාචලම් ට අනුව කජිරගාම පැවත එන්නේ කාර්තිකය ග්‍රාමයෙන්("කාර්තිකය" නගරය)එය කෙටි කර දක්වා තිබෙනවා කජරග්රාම ලෙස)

පුරාවිද්‍යත්මක සාධක
පූජස්ථානය අවට බොහෝ පුරාණ නටබුන් ශිලා ලිපි ලේඛන පවතී.දැනට හමුවී ඇති ශිලා ලිපි ලේඛන වලට අනුව "කිරිවෙහෙර" ක්‍රි.පු.පළවන සියවසේදී පමණ ඉදිකර ඇති අතර පහුව දැනට පවතින තත්වයට ප්‍රතිසංස්කරණය කර ඇති බව විශ්වාස කරයි.තිරිතාර රජු ගේ පුත් මහාදානික මහානාගගේ නියෝගයෙන් පුරාණයේ මංගල මහාසෑය නමින් හැදින්වූ කිරිවෙහෙරට බාර ඔප්පු කල බව ශිලා ලිපියක සදහන් වේ.තවත් ශිලා ලිපියක සදහන් වනුයේ 7 වන ශතවර්ෂයට අයත් වන 1 වන දපුල භික්ෂූන්ට සිද්ධස්ථානයක් ඉදිකල බව.නමුත් එහි කතරගම නම සදහන් කොට නැත.කැනීම් වලදී හමුවූ වලං කැබලි වල සහ කාසි වල පාර්ක්රිට් සහ දෙමළ බ්‍රාහ්මීය වලින් ලියූ පුරාවෘත වල,අසල පිහිටි තිස්සමහාරාමය ක්‍රි.පු. 2 වන ශතවර්ෂයේ සිට පැවති පුරාණ වෙළද නගරයක් බව සදහන්ව ඇත.ශ්‍රී ලංකාවේ දේශපාලණ ඉතිහාසයේ වැදගත් සංධිස්ථානයක් වූ රුහුණු රාජධානියට මෙම ප්‍රදේශය අයත්ව පවතී.

කල්‍යාණගිරි ස්වාමිගේ කාර්යභාරය
සිද්ධස්ථාන පිළිබද මධ්‍යකාලීන ඉතිහාසය 16 වන ශතවර්ෂයේ සිට 17 වන ශතවර්ෂය දක්වා කාලසීමාව තුල උතුරු ඉන්දියාවෙන් පැමිණි කල්‍යාණගිරි ස්වාමිගේ පැමිණිමත් සමග ආරම්භ විය.ස්කන්ධ පූරාණයේ සදහන් පරිදි ඔහු සිද්ධස්ථානය පිහිටි ස්ථානය සහ ඒ සම්බන්ධව ඇති පුරාවෘත හදුනාගනු ලබ ඇත.ඉන්පසුව ආරණ්‍ය සිද්ධස්ථානය ඔහු විසින් නැවත ඉදිකරන ලදී.පසු එය ඉන්දියානු සහ ශ්‍රී ලාංකික හිංදු භක්තිකයන්ගේ වන්දනාවට පාත්‍ර විය.මෙම සිද්ධස්ථානය බෞද්ධ සැදැහැවතුන් ආකර්ෂණය කර ගැනීමටද සමත් විය.සිද්ධස්ථානයේ භාරකරුවන් වූයේ ස්වදේශී වැදි ජනතාවයි.යටත් විජිතයක්ව පැවතීමට පෙර පැවති අවසාන ස්වදේශීය රාජධානිය වූ උඩරට රාජධානියේ රජ වරුන්ගෙන් ලබූ අනුග්‍රහය යටතේ සිද්ධස්ථානයේ ප්‍රසිද්ධිය වැඩි විය.1815 බ්‍රිතාන්‍ය යටත් විජිතයක්ව පැවති සමයේ ඉන්දියාවෙන් ගෙන එනු ලබූ යටත් වාසීන්ද මෙම සිද්ධස්ථානය වන්දනා කරන ලදී.එම නිසා සෑම පුද්ගලයෙක් අතරම මෙම සිද්ධස්ථානය ප්‍රසිද්ධ විය.

පුරාවෘත්ත

වම:ක්‍රි.පු.140 සිට 180 දක්වා හුවිශ්ක කාසිය මහසෙන් සිටින.
දකුණ: ක්‍රි.පු.200 දී යෞදෙයස් කාසිය, කුකුළා සහ හෙල්ල සමග කර්ත්තිකය.
හින්දු පුරාවෘත්තය
හින්දු සහ සමහර බෞද්ධ ලේඛණ වලට අනුව ප්‍රධාන සිද්ධස්ථානය භාර වූයේ කර්තිකයා(දෙමළින් මුරක්කන් නමින් හැදින්වූ) ටය.එමෙන්ම ඔහු කුමර,ස්කන්ධ සුවනාභාම ,විසාක හෝ මහසෙන් යනුවෙන් හදුන්වනු ලබනවා.කුෂානස් සහ යාව්දාස් වැනි පාලකයන් දෙවියන්ට ඇති භක්තිය නිසා ක්‍රිස්තු පූර්ව අවසාන ශතවර්ශ වල නිකුත් කල කාසිවල දේව රූපය කටයම් කරන ලදී.උතුරු ඉන්දියාවේ දෙවියන්ට ඇති ජනප්‍රසාධය පිරිහී ගියත් එය දකුණු ඉන්දියාව තුල ආරක්ෂා වූ අතර ඉන්දියාව තුල ඔහු "සුබ්‍රහමනය" නමින් හදුන්වන ලදී.අවසානයේදී ද්‍රවිඩයන් අතර මුරුක්කන් නමින් හැදින්වූ දේශීය දෙවි කෙනෙකුගේ නමින්ද හදුන්වනු ලැබීය.චන්කම් ඉතිහාසයේදී ක්‍රි.පූ.2 වන ශතවර්ෂයේ සිට 6 වන ශතවර්ෂය දක්වා කාලය තුල මුරුකන් වෙනත් දෙවියෙකු හා සම්බන්ධ නොකොට තනිව හදුන්වන ලදී.දෙවියන්ගේ ඉපදීම,නැතිවීම සහ සිංහල හා දෙමළ මූලාශ්‍ර වල වල්ලි නමින් හදින් වූ ග්‍රෝත්‍රික කුමාරිකාව සමග සිදුවූ විවාහය සම්බන්ධව පුරාවෘත බොහෝ ප්‍රමාණයක් පවතී.ක්‍රි.පූ.7 වන සියවසේදී හෝ 8 වන සියවසේදී සංස්කෘත වලින් ලියන ලද ස්කන්ධ පූර්ණයේ ඔහු පිළිබද සියලු විස්තර ඇතුලත්ව ඇත.ස්කන්ධ පූර්ණයේ ද්‍රවිඩ පරිවර්ථනය කන්ද පූර්ණම් නම් වූ අතර එය 14 වන සියවසේදී ලියවී ඇත.කන්ධ පූර්නම් ,ඒ පිළිබද හොදින් දන්නා ඉන්දීය ද්‍රවිඩ ජනතාව අතරට වඩා ,ශ්‍රී ලාංකීය ද්‍රවිඩ ජනතාව අතර වැදගත් භූමිකවක් උසුලනවා.

4 වන සියවසේ සිට ශ්‍රී ලාංකීය බෞද්ධ පවා කාර්තිකය කටහ්රගම දෙවියන් හෝ ස්කන්ධ කුමාර ලෙස සලකා වන්දනා කරනු ලබනවා.14 වන සියවසේදී මෙරට ආරක්ෂා කිරීමට සිටින දෙවි කෙනෙකු ලෙස ස්කන්ධ කුමාර සලකා ඇත.

හුදෙක්  විනෝදය පිණිස මුව දඩයමේ යෙදී සිටි තිස්ස රජ හට “මිස්සක පව්ව” අසලදී හුදෙක් මුළු ශ්‍රී ලංකා වාසී ජනයා පිළිබදව අව්‍යා...
05/06/2020

හුදෙක් විනෝදය පිණිස මුව දඩයමේ යෙදී සිටි තිස්ස රජ හට “මිස්සක පව්ව” අසලදී හුදෙක් මුළු ශ්‍රී ලංකා වාසී ජනයා පිළිබදව අව්‍යාජ අනුකම්පාවකින් ජම්බුද්දී(වී)පයේ සිට වැඩි “මිහිදු” මහ රහතන් වහන්සේ ඇතුලු පිරිස(ඉට්ඨිය,උත්තිය,සම්බල,බද්දසාල යන රහතන් වහන්සේලාත්,ෂඩ් අභිඥාලාභී සුමන සාමනේරයන්ද,භණ්ඩුක නම් අනාගාමී උපාසකවරයා) මුණ ගැසුනේ මෙම පොහොය දිනයේ දීය. රජතුමා ඇතුළු පිරිස පංච සීලයේ පිහිටුවා ඔවුන් හට “චුල්ල හත්ථි පදෝපම” සූත්‍රය දේශනා කලේය. මෙඟි ඇති තවත් විශේෂයක් වනුයේ මෙම චුල්ල හත්ථි පදෝපම සූත්‍රය මිහිදු හිමියන් විසින් ප්‍රථම වරට දේශනා කරන ලද බණ වීමයි.ඉන් අවසානයේදී මේයට සහභාගී වී සිටි අනෙකුත් දෙවි දේවතා සමූහයට “සචිත්ත පරියාය” සූත්‍රය දේශනා කළහ.

චූල හත්ථි පදෝපම සූත්‍රය පිළිබදව ස්වල්ප විග්‍රහයක් කළහොත්, මෙම සූත්‍රයෙන් අප ලොව්තුරා බුදු පියාණන් වහන්සේගේ සම්‍යක් සම්බුද්ධ භාවයත්, ධර්මයෙහි ඇති සත්‍ය භාවයත්, සංඝයා වහන්සේලා සතු අප්‍රමාණ ගුණ මහිමයත් හා ත්‍රිවිද රත්නයේම ඇති අති ශ්‍රේෂ්ඨත්වයත් පෙන්වා දෙයි. මිහිදු මාහිමියන්ගේ වැඩමවීම පිළිබද්ව තවදුරටත් සාකච්ඡා කරන කළ උන් වහන්සේ මෙරටට වැඩම කොට ඉන් පසු දින අනුරාධපුරයට වැඩම කොට රජගෙදර විශේෂ මණ්ඩපයක සිටි බිසෝවරුන් ඇතුලු 500ක් කාන්තාවන් පිරිසකට “විමානවත්ථු, පේතවත්ථු හා සච්ච සංයුක්ත” යන ධර්ම දේශනා කළහ. ඉන් අවසන “අනුලා” දේවිය ඇතුළු 500ක් කාන්තාවෝ සෝවාන් වෝ අනාගාමී විය. ඉන් දෙවන දිනයේදී රජුගේ ඇත් හලේදී රට වැසියා වෙනුවෙන් “දේව දූත” සූත්‍රය දේශනා කළහ. ඉන් අනතුරුව 1000ක් දෙනා සෝවාන් ඵලයෙහි පිහිටියහ. ඉන් පසු රාජ උයනේදී “බාල පණ්ඩිත” සූත්‍රය දේශනා කිරීමෙන් 1000ක් කාන්තාවන් සෝවාන් විය. මේ වන විට 2500කට අධික පිරිසක් මාර්ගඵල ලබා සිටියහ. තුන්වන දිනයේ දී මිහිදු හිමියන් රජමාළිගයෙන් දන් වළඳා “නන්දන” වනයෙහි වැඩ සිට “ආසීවසෝපම” සූත්‍රයද හතර වන දිනයේදී “අනමතග්ගිය සංයුක්තිය” දේශනා කළ අතර ඉන් අනතුරුව 1000ක් දෙනා ධර්ම අවබෝධය ලැබීය. පස්වන දින “ධම්ම චක්ක පවත්තන” සූත්‍රය දේශනා කළේය. එසේ දින හතක් තුළදී 8500කට අධික ප්‍රමාණයක් මාර්ග ඵල අවබෝධය ලැබීය. මෙසේ මිහිදු හිමියන්ගේ ලංකා ගමනය නිසා අනුරාධපුර මහා විහාරය ඇතිවිය. මිහිදු හිමියන් වැඩවිසූ උයන “ජෝතිය” උයන ලෙසින් හැදින් විනි. තවද පොසොන් පුන් පොහොය දිනයේ දී සිදුවූ සුවිශේෂීවු සිදු වීම් කිහිපයකි. ඉන් එකක් නම් අප මහ ලොව්තුරා බුදු පියාණන් වහන්සේ බුදු වී සිව්වන සතියේ “රුවන්ගෙයි” වැඩහිඳිමින් ධර්මය මෙනෙහි කරන බුදු පියාණන්ගේ ශරීරයෙන් ප්‍රථම වරට සවනක් ඝණ බුදුරැස් විහිදීමද, ලක්දිව ප්‍රථම මහණ උප සම්පදාව වන “භණ්ඩුක” උපාසක මහණ උප සම්පදාවද මෙම උතුම් පොහොය දිනදී සිදු විය.
මහින්ද තෙරණුවෝ ලක්දිවට වැඩමකරවීම සහ ඒ ආශ්‍රිතව ලක්දිව සිදුවූ දේශපාලනික, ආගමික සහ සංස්කෘතිකමය සිදුවීම් සහ වෙනස්වීම් පොදුවේ මහින්දාගමනය ලෙස හැඳින්වේ.

මහින්දාගමනය ආශ්‍රිත ප්‍රධාන සිදුවීම් වන්නේ;

මහින්ද තෙරණුවෝ ලක්දිවට වැඩමකරවීම
තිස‍්ස රජ සහ මහින්ද තෙරණුවෝ හමුවීම
රාජකීයන් බුද්ධාගම වැලඳගැනීම
තිස‍්ස රජ කිරුල අතහැර දේවාම්පිය තිස‍්ස නමින් නැවත රාජාභිෂේක වීම

මිහිඳු හිමියන් ලක්දිවට වැඩම කරන්නට පෙර යුගයේ ඇදහිලි පිළිබඳව සළකා බලන කල්හි පෙනී යන්නේ ඔවුන් තිස්තුන්කෝටියක් දෙවි දේවතාවියෝ සහ තමන්ට උපකාරවන වස්තූන් ( ගස්, සඳ, හිරු) ආදිය වන්දනා මාන කළ බවයි.

දේශපාලනය
තිස‍්ස රජ සහ මහින්ද තෙරණුවෝ හමුවීම
තිස‍්ස රජ සහ මහින්ද තෙරණුවෝ හමුවීම මිහිනතලාවේදී සිදුවිය.

ඒ ක්‍රි.පූ. තුන් වන සියවසයි. අනුරපුර යුගය, දෙවනපෑතිස් රජ සමයයි.විනෝදය පිණිස මුව දඩයමේ යන රජු මිස්සක පව්ව අසලින් මුවකු පසුපස ලුහු බඳී. මිස්සක පව්ව මත කහ වතින් දිලෙන මිහිඳු මහරහතන් වහන්සේය.

තිස්ස තිස්ස” පව්ව මතින් නැගෙන ශාන්ත හඬකි. රජු නැවතී හැරී බලයි.

“සමණාමයං මහාරාජ .....”

“මහරජ අපි ඔබට අනුකම්පාවෙන් ජම්බුද්වීපයේ සිට මෙහි පැමිණි බුද්ධ ශ්‍රාවකයෝ වෙමු.”

රජු අතින් දුනු හී ගිලිහෙයි. මුව පොව්වාගේ දිවි රැකෙයි. අනතුරුව ඉතිහාසයේ අපට හමුවන ප්‍රථම බුද්ධි පරීක්ෂණය ඇරඹෙයි.

බුද්ධි පරීක්ෂණය

ඉතිහාසයේ ප්‍රථම බුද්ධි පරීක්ෂණය අපට හමු වන්නේ කොතැනින් ද? පොසොන් පෝදා මුව දඩයමේ ගිය දෙවනපෑතිස් රජු හා මිහිඳු හිමියන් අතර ඇති වූ සංවාදය අප උගෙන තිබේ. එය රජුගේ ප්‍රඥාව හා බුද්ධිය මැන බලනු වස් කරන ලද අගනා බුද්ධි පරීක්ෂණයක් බව වඩා හොඳින් විමර්ශනය කර බලන්නෙකුට පැහැදිලි වන සත්‍යයකි. ´අඹ පැනය`, ´ඥාති පැනය`......

පුළුල් බුද්ධිමය සංවාදයකි. ධර්මාවබෝධ ඥානයෙන් යුතු රජුගෙන් සාර්ථක පිළිතුරු.

චුල්ල හත්ථි පදෝපම සූත්‍ර දේශනය
මේ රජතුමා ඉතා සියුම් අවබෝධ ඥානයකින් හෙබි අයෙකු බව හඳුනා ගත් මිහිඳු හිමියෝ ඔහුට දම් දෙසූහ. එසේ දෙසූ ධර්මය ගම් නියම්ගම් පුරා ව්‍යප්තව මිථ්‍යා දෘෂ්ටියෙන් සම්‍යක් දෘෂ්ටියට ජනතාව යොමු කරවීමට සමත් විය.

චුල්ල හත්ථි පදෝපම සූත්‍රය මිහිඳු හිමියන් විසින් දේශනා කරන ලද ප්‍රථම බණයි. එය දම්සක් පැවතුම් සූත්‍රය තරම් ම වටනේය. මන්ද සමාජ සුසිරිත් වඩා සම්මත දිවි පෙවෙතකට මෙරට වාසීන් යොමු කරවීමට ඒ දම් සුතුර පාදක වූ බැවිනි. පොසොන් සඳ එළියෙන් අප හෙළ - බොදු ලකුණ හෙළි කරවමින් “සුළු ඇත් පද උවම් සුතුර” හෙවත් “චුල්ල හත්ථි පදෝපම සූත්‍ර” දෙසුම ඇරඹෙයි.

මහින්දාගමනයෙන් පසු ලංකාව

එතැන් සිට ලක්දිව සංස්කෘතිය, හැදියාව, අධ්‍යාපනය, ජීවන ක්‍රමය, සමාජ රටාව, ආර්ථිකය, පාලන ක්‍රමය පෙරළියකට ලක් වෙයි. මහින්දාගමනය ලක් වැසි ජනතාවගේ භෞතික හා අධ්‍යාත්මික දිවි පෙවෙත කෙරෙහි අතිශය ප්‍රබල බලපෑමක් ඇති කළේ ඒ අයුරිනි.

ආදි මිනිසා විමුක්තිය අරමුණු කර ගනිමින් විවිධ අදෘශ්‍යමාන බලවේගයන්ට හා විශ්වාසයන්ට නැඹුරු වුවත් ඉන් ඔවුන් ලත් විමුක්තියක් නොමැත්තේය. සැබෑ විමුක්තිය ළඟා කර ගන්නට නිවැරදි දර්ශනයක් හා පැහැදිලි චින්තනයක් අවැසිය.

මහින්දාගමනයෙ ලක්දිව සමාජ පුනරුදයකට සවිමත් අඩිතාලමක් දැමුවේය යන්න අතිශයෝක්තියක් නොවේ. රජුගේ පූර්ණ රාජ්‍ය අනුග්‍රහය නොවූයේ නම් මිහිඳු හිමියන්ට මෙම දැවැන්ත පරිවර්තනය කිරීම උගහටය. ඒ පරිවර්තනය සිදු කරන්නට මිහිඳු හිමියෝ ඉතා බුද්ධිමත් හා ක්‍රමානුකූල වැඩපිළිවෙළක් දියත් කළහ. මහ වන පෙත් හෙළි කොට ගල්ලෙන් පවිත්‍ර කොට මහාසංඝරත්නය වැඩම කොට ධර්ම දේශනාවන්හි යෙදෙන්නට ධර්ම ප්‍රචාරයෙහි නියැලෙන්නට මං සලසාලන ලදී.

එතැනින් පටන් ගත් සමාජ ශෝධන ක්‍රියාවලිය බොහෝ පුළුල් වී ගල්ලෙන් පරිශ්‍රයන් විහාරාරාම බවට පත් විය. ලක්දිව මහා විහාර බිහිවීම ඇරඹිණි. ගම කේන්ද්‍ර කොට ගත් සංවර්ධනය ඇරඹිණි. මේ අනුව සමාජ, ආර්ථික, ආගමික, සංස්කෘතික හා දේශපාලන ප්‍රගමනයක් ඇති විය. මහාවංශය ඇතුළු පොත පත ලිවීම ආරම්භ වෙමින් පොදු ජනයා වඩ වඩාත් ධර්මය වෙත නැඹුරු කිරීමේ ප්‍රවාහයට පදනම වැටුණි.

වෙහෙර විහාර , මහ දාගැබ් ඉදිවෙමින් සාමාන්‍ය ජනතාව හා සංඝරත්නය අතර සමීප සබැඳියාවක් ඇති විය. “වැවයි දාගැබයි - ගමයි පන්සලයි” යන සංස්කෘතික සංකල්පය බිහි වූයේ එතැන් සිටය.සැඟවී තිබූ සිංහල බෞද්ධ ලකුණ මෙය යැයි අපට පෙනෙන්නට විය. ආර්ථික වශයෙන් ස්වයංපෝෂිත කෘෂිකාර්මික ජීවන රටාවකට මිනිසා ක්‍රමයෙන් හුරු විය. බෞද්ධ දර්ශනයෙන් මිනිසා තුළ මානසිකව ඇති වූ සංවර්ධනාත්මක පිබිදීම සංවේදී මිනිස් සමාජය බිහි කිරීමට සමත් විය.

රළු කළු ගලෙකින් අතිශය ගුණ බර කරුණාබර ජීවමය බුදු රුවක් නිර්මාණය කරන්නට තරම් ඒ සංවේදී මිනිසා අධ්‍යාත්මික සංවර්ධනය ළඟා කර ගෙන තිබුණි. ප්‍රතිභාවෙන් යුක්ත මිනිස් අත්වලින්, සංයමය, ඉවසීම පුහුණු කළ සිත්වලින් වඩ වඩා විශිෂ්ට කලා නිර්මාණ බිහි විය.

මෙසේ නව නිර්මාණ කෙරෙහි මිනිසා යොමු වූයේත්, සමාජ සංවර්ධනය උදෙසා වූ නව ප්‍රවේශයකට මිනිසා ගේ විඥානය යොමු වූයේත්, අපට උරුම වූ නව සංස්කෘතිය හේතුවෙන් නොවේද?

සිරිලක පුරා අස්සක් මුල්ලක් නෑර ධර්මය පැතිරවීමට කේන්ද්‍රස්ථානය වූ “මිහින්තලාව” හෙවත් මිස්සක පව්ව අද වන විටත් දෙනෝ දහක් සැදැහැතියන්ගේ උපහාරයට, වන්දනාවට පාත්‍ර වන්නේය. එය එසේ වන්නේ අපට අපේ සිංහල බෞද්ධ ලකුණ හෙළි කර දුන් කේන්ද්‍රස්ථානය එය වූ නිසාමය.

අහස සිඹින මහ දාගැබ්, මහ සයුර පරදවන මහ වැව්, බුදු ගුණ ජීවමානව සටහන් වූ මහ බුදු පිළිම, සරු සාර කෙත් වතු, දම්පද රැගත් පත පොත, අතීතයේ ලොව පිළිගත් විශ්වවිද්‍යාල ආදී වූ එකී නොකී මෙකී සියලු දෑ පොසොන් උදාවත්, මහින්දාගමනයත් සමඟින් සිදු වූ ප්‍රාතිහාර්යය දක්වන ජීවමාන සාධකයෝ වෙත්.

රජු දැහැමි විය. රට වැසියන් ද දැහැමි විය. රාජ්‍ය පාලනය ද දැහැමි විය. පොසොන් දර්ශනයෙන් සැබැවින්ම නව ශිෂ්ටාචාරයක් අපට උරුම විය

දුම්බර කදුවැටිය.නකල්ස් වන රක්ෂිතය ⛰️⛰️🏞️🏞️ශ්‍රී ලංකාවේ මධ්‍යම පළාතේ මහනුවර හා මාතලේ දිස්ත්‍රික්ක තුල හෙක්ටයාර 21000ක භූම...
16/05/2020

දුම්බර කදුවැටිය.
නකල්ස් වන රක්ෂිතය ⛰️⛰️🏞️🏞️

ශ්‍රී ලංකාවේ මධ්‍යම පළාතේ මහනුවර හා මාතලේ දිස්ත්‍රික්ක තුල හෙක්ටයාර 21000ක භූමි ප්‍රදේශයක්(වර්ග සැතපුම් 81.06ක්) තුල නකල්ස් වනාන්තරය පැතිර පවතී.උස් කඳුමුදුන් නිරන්තරයෙන් ම පාහේ මීදුමෙන් වැසී පවතින බැවින් දුම්බර කඳුවැටිය ලෙසද, මෙහි බටහිර බෑවුම බටලීයෙන් වැසී ඇති නිසා බටදඬු කන්ද ලෙසින් ද හැඳින්වේ.ඈත සිට බලන්නෙකුට මෙම කඳු වැටියේ කඳුමුදුන් 5ක් මිට මෙලවූ අතක ඇඟිලි දිස්වන ආකාරයට පෙනෙන බැවින් "නකල්ස්" යන නාමය විදේශිකයන් විසින් ලබාදී ඇතැයි සැලකේ.මධයම කඳුකරය වසා පැතිර පවතින දුම්බර කඳුවැටිය කඳු මුදුන් 35කින් පමණ සමන්විත වන අතර ගොම්බානිය, කිරිගල්පොත්ත, ලකේගල, යහන්ගල, තුන්හිස්ගල එම කඳු අතරින් කිහිපයකි. මේ අතරින් උසම කන්ද ගොම්බානිය වන අතර එහි උස මීටර් 1906කි.මෙම කඳුවැටිය මීටර් 900 සිට මීටර් 1900 දක්වා විහිදේ.

වර්ෂාපතනය හා පාරිසරික ස්වභාවය
නකල්ස් කඳුවැටිය ඊසාන දිග හා නිරිතදිග මෝසම් සුළං හමන දිශාවට ලම්බකව පිහිටා ඇති බැවින් මෝසම් දෙකෙන්ම වර්ෂාව ලැබේ.ප්‍රධාන නකල්ස් ප්‍රදේශයට මිලිමීටර් 5080ක පමණ වාර්ෂික වර්ෂාපතනයක් ලැබෙන අතර එහි නැගෙනහිර පහල බෑවුම්වලට මිලිමීටර් 2540-3810ක පමණ වාර්ෂික වර්ශාපතනයක් ලැබේ.මධ්‍යන්‍ වාර්ෂික උෂ්ණත්වය සෙල්සියස් අංශක 18.5-26 පමණ වේ.මෙම වර්ෂාපතන විචල්‍යතාව නිසා ම විවිධ වනාන්තර වර්ග ගණනාවක් නකල්ස් වනාන්තරය තුල දක්නට ලබේ.

1.තෙහ් නිවර්තන පහත් අර්ධ සදාහරිත

2.නිවර්තන උප කඳුකර තෙත් අර්ධ සදාහරිත

3.නිවර්තන කඳුකර තෙත් සදාහරිත

4.කඳුකර තෘණභූමි

මීට අමතරව වර්ණවත් තුරුලතා, ගිරි ශිඛර, ප්‍රපාත, පතන් බිම් ආදී විවිධ භූ ලක්ෂණ මෙන්ම දිවයිනේ වෙනත් කිසිදු තැනක දක්නට නොලැබෙන රමණීය භූ දර්ශන ද මෙම වනාන්තරය තුල දක්නට ලැබේ.එමෙන්ම ශ්‍රී ලංකාවට ආවේණික දුර්ලභ ශාක හා සත්ත්ව විශේෂ ගණනාවක් මෙම වනාන්තරය තුල දක්නට ලැබෙන අතර එයිනුත් ඇතැම් විශේෂ දක්නට ලැබෙන්නේ මෙම වනාන්තරය තුල පමණි.එබැවින් මෙහි සංචාරක මෙන්ම ජෛව විද්‍යාත්මක අගය ද ඉතා ඉහල ය.

වනාන්තරය හා සබැඳුනු ඉතිහාසය

නකල්ස් වනාන්තරයේ සමහර ස්ථාන රාවණා රජ සමය දක්වා ඉතිහාසයකට හිමිකම කියයි.ඒ අතරින් රාවණා රජු විසින් සීතා කුමරිය සඟවා තබාගත්තේ යැයි සැලකෙන සීතා ලෙන, ගවරවිල මෙන්ම රාවණ ඉතිහාසය හා සම්බන්ධ යහන්ගල වැනි ස්ථාන මෙහි දක්නට ලබේ.එමෙන්ම අතීතයේ දී ශ්‍රී ලංකාවට නැගෙනහිර දෙසින් පැමිණෙන රුවල් නෞකාවලට ශ්‍රී ලංකාවේ පිහිටීමේ දිශාව පෙන්නූ බව කියැවෙන 'ඉලක්ක ගල' හෙවත් "ලකේගල" ද නකල්ස් වනාන්තරය තුල පිහිටි සුවිශේෂී ස්ථානයකි.තව ද ජනප්‍රවාද වලට අනුව වැලිවිට සරණංකර නා හිමි සැඟව සිටි ස්ථාන කිහිපයක් ද මෙහි වේ.එමෙන් ම අතීතයේදී, වෙඩිබෙහෙත් සෑදීමට අවශ්‍ය වූ ස්වභාවික පොටෑසියම් නයිට්‍රේට්(KNO3) හෙවත් වෙඩිලුණු ලබාගත් ගුහාවක් ද මෙහි දක්නට ලැබේ.

ජෛව විද්‍යාත්මක වැදගත්කම
නකල්ස් වනාන්තරය ජෛව විවිධත්වයෙන් අනූන ප්‍රදේශයකි.මෙහි ජීවී විශේෂ විශාල ප්‍රමාණයක් දක්නට ලැබෙන අතර ඒ අතරින් සමහර විශේෂ ලංකාවට ආවේණික විශේෂ වේ.ඒ අතරින්

1.පතන් අල(Brachystelma lankana)

2.දුම්බර ගල්පර මැඩියා(Nannophrys marmorata)

3.නකල්ස් වකරැලි මැඩියා (Lankanectes pera)

4.නකල්ස් පඳුරු මැඩියා (Pseudophilautus fulvus)

5.මූවර්ගේ පඳුරු මැඩියා (Pseudophilautus mooreorum)

6.ස්ටුවර්ට් ගේ පඳුරු මැඩියා (Pseudophilautus stuarti)

7.ඉරි වකුටුල්ලා (Rhinophis phillipsi)

8.ඩි සිල්වාගේ මැඩිල්ලා (Aspidura desilvai)

9.පෙති අං ක‍ටුස්සා(Ceratophora tennentii)

10.පෙතියාගොඩගේ නොසිලු කටුස්සා (Calotes pethiyagodai)

11.මනමේන්ද්‍ර-ආරච්චිගේ උරුවන් කටුස්සා (Calotes manamendrai)

12.දුම්බර කුරු බෝදිලිමා / කටුස්සා (Cophotis dumbara)

13.චතුරංගුලි සර්ප හිකනලා (Chalcidoseps thwaitesi)

14.දුම්බර වක්නිය හූනා (Cyrtodactylus soba)

15.නකල්ස් දිවාසැරි හූනා (Cnemaspis kallima)

16.තිත් දිවාසැරි හූනා (Cnemaspis punctata)

වැනි ශාක හා ජීවීන් දැකිය හැක්කේ නකල්ස් වනාන්තරය තුල පමණි.

එමෙන් ම දුර්ලභ ඖෂධීය ශාක විශේෂ, පක්ෂි විශේෂ, උරග විශේෂ හා විවිධ හතු වර්ග වැනි ජීවී විශේෂ ගණනාවක් මෙහි දක්නට ලැබේ.

ශාක වර්ග:-

1.වන රාජ(Anoectochilus setaceus)

2.බිං කොහොඹ(Munronia pinnata)

3.බෝඹු(Symplocos cochinchinensis)

4.මිල්ල(Vitex altissima)

5.මී(Madhuca longifolia)

6.කුඩා හැඩයා(Huperzia squarrosa)

7.මහා හැඩයා(Lycopodium phlegmaria)

8.හාතවාරිය(Asparagus racemosus)

9.නාපිරිත්ත(Hibiscus furcatus)

10.නෙල්ලි(Phyllanthus emblica)

සමනල විශේෂ:-

1.බ්ලූ මෝර්මන්(Papilio polymnestor)

2.පේන්ටඩ් සෝටූත්(Prioneris sita)

3.කොමන් මෝර්මන්(Papilio polytes)

4.නිගර්(Orsotriaena medus)

5.බ්ලූ අඩ්මිරල්(Kaniska canace)

6.ටැමිල් යොමාන්(Cirrochoroa thais)

පක්ෂින්:-

1.සැලළිහිණියා(Gracula religiosa)

2.කැහිබෙල්ලා(Urocissa ornata)

3.වලිකුකුළා(Gallus lafayetii)

4.ගිරාමලිත්තා(Loriculus beryllinus)

5.පොලොස් කොට්ටෝරුවා(Megalaima zeylanica)

මීට අමතරව නකල්ස් වනාන්තරයේ නැගෙනහිර බෑවුම් ප්‍රදේශවල අලියන් දැකිය හැකි අතර කලාතුරකින් දිවියන් ද දැකගත හැකිය.

ගම්මාන
නකල්ස් වනාන්තරය වටා පිහිටි පරිවාරක ප්‍රදේශයේ හා අභ්‍යන්තරය තුල පිහිටි ගම්මාන සංඛ්‍යාව 40ක් පමණ වන අතර මීමුරේ, රණමුරේ, කයිකාවල, කළුපහන ආදී ගම්මාන ඒවා අතර වේ.සාම්ප්‍රදායික ලෙස ගොම මැටි පිරිමැද සකස් කරන ලද ගෙවල් මණ්ඩි ද, ගල්වැටි තාප්ප මගින් වෙන් කරන ලද පුද්ගලික ඉඩම් ද මෙම ගම්මාන වල දැකිය හැකි වැදගත් සාමාජීය ලක්ෂණ වේ.මෙම ගම්වාසීන් ජීවනෝපාය ලෙස හේන් ගොවිතැන, කරඳමුංගු හෙවත් එනසාල් වගාව, කිතුල් මැදීම, වී ගොවිතැන ආදිය සිදුකරයි.මෙම ගම්මාන ඉතා දුෂ්කර වන අතර මාර්ග පහසුකම් ද අඩු ය.

තව කෙනෙකුට බලන්න share කරන්න.🙏

පුරාණගම - අනුරාධපුරඅනුරාධපුර සිට පුත්තලම දෙසට යන විට අනුරාධපුර සිට 16km දුරින් මෙම ස්ථානය පිහිටා ඇත.අතීත නුවර කලාවියේ දර...
24/04/2020

පුරාණගම - අනුරාධපුර
අනුරාධපුර සිට පුත්තලම දෙසට යන විට අනුරාධපුර සිට 16km දුරින් මෙම ස්ථානය පිහිටා ඇත.අතීත නුවර කලාවියේ දර්ශන මෙහි පෙන්වයි.

නාමල් උයන යනු ශ්‍රී ලංකාවේ පිහිටි විශාලතම නා වනය වේ. මෙහි ඇති ඓතිහාසික වැදගත්කම, ජෛව විවිධත්වය සහ භූගෝලීය වශයෙන් කැපී පෙ...
23/04/2020

නාමල් උයන යනු ශ්‍රී ලංකාවේ පිහිටි විශාලතම නා වනය වේ. මෙහි ඇති ඓතිහාසික වැදගත්කම, ජෛව විවිධත්වය සහ භූගෝලීය වශයෙන් කැපී පෙනෙන ලක්‍ෂණ නිසා සුවිශේෂී වූ සංරක්‍ෂිත භූමියක් ලෙස නම් කොට ඇත. මේ නිසාම ජාතික නාමල් උයන සංචාරකයින්ගේ ආකර්ෂණීය තෝතැන්නක් වී ඇත.

පිහිටීම
අනුරාධපුර දිස්ත්‍රික්කයේ ගල්කිරියාගම ප්‍රදේශයේ පිහිටි නාමල් උයනට පිවිසීම සඳහා කොළඹ අනුරාධපුර අධිවේගී මාර්ගයේ මඩාටුගම හන්දියෙන් කි.මී.7 ඇතුළට පිහිටි ගල්කිරියාගම ගමේ ආඬියාගල නම් පාරේ පැමිණිය යුතුය.

භෞතික ලක්‍ෂණ
ජාතික නාමල් උයනේ ‍භෞතික වශයෙන් කැපී පෙනෙන ලක්‍ෂණ දෙකකි.එනම්

ප්‍රදේශයේ භූමි ප්‍රමාණයෙන් අක්කර 260 ක ප්‍රමාණයක් පුරා නා ගස්
වසර මිලියන 500 ක භූමියක් පුරා පැතිරුණ රෝස තිරුවානා කන්ද

රෝස තිරිවානා කන්ද
රෝස තිරුවානා කන්ද කඳු වැටි 7කින් සැදුම්ලන අතර එය දකුණු ආසියාවේ විශාලතම රෝස තිරුවානා කඳු පන්තිය ද වේ.මෙහිදී සාමාන්‍ය පරිසරයේ දකින නා විශේෂයන්ට වඩා අතු ‍‍‍බෙදුණු විශාල නා කඳන් සහිත නා ගස් දැකීමට හැකි අතර නා පත්‍ර දළු අවධියේ දී රක්ත වර්ණයෙන් දිස්වන අතර පරිණත වන විට දී දිලිසෙන තද කොළ පැහැයෙන් දැකීමට හැකිවීම කැපී පෙනෙන ලක්‍ෂණයකි. නම් කෙරේ.
නා උයන නා මලින් බරව සුවඳවත්ව වඩාත් ලෙස පවතිනුයේ අප්‍රියෙල් සිට ජුනි මාසය කාලය තුළය.

ඓතිහාසික තොරතුරු

මෙම නා වනයේ ඉතිහාසය දේවානම්පියතිස්ස රජු දක්වා දිව යයි.එකල නා ගස්වලින් තොරව මෙම වනය පැවති අතර වැරදි කරන්නවුන් පුනරුත්ථාපනය කරවන ස්ථානයක් ලෙස පැවති බවට විශ්වාස කෙරේ.මේ සඳහා දියත් කරන ලද වැඩසටහන් මාලාවේ එක් පියවරක් ලෙසත් මෙම භූමියේ නා ගස් වැවීමට නියම කරන ලද බව සඳහන් වේ.(ජයසේකර,2009,පිටු:56)මෙසේ නා ගස් වැවීමට පෙළඹුණු හේතු සාධකය වනුයේ මතු බුදු වන මෛත්‍රී බුදු හාමුදුරුවන් බුදු වනුයේ නා ගසක් පෙරටු කරගෙන බවට මතයක් පවතින බැවින් උන්වහන්සේ උදෙසා සිහිපත් කිරීම් වස් මෙම නා වනය එකල රෝපණය කිරීමට පෙළඹුණු බවට මතයක් පවතී.තවද මෙම නා වෘක්‍ෂ අභය භූමිය තුළ ඓතිහාසික තොරතුරු රාශියක් සැඟවී ඇති බවට මෙහි ඇති රෝස තිරුවානා කඳු මුදුනෙන් පහළ ඇති හෙළ තුළ මිනිස් ක්‍රියාකාරකම් රාශියක් සිදුවී ඇති බවට එහි ඇති නටඹුන් සාක්‍ෂි දරන නමුත් සාමාන්‍ය ජනතාවට ඒ දෙසට පහසුවෙන් ළඟා වීමට අපහසු බැවින් තවමත් එහි ඇති තොරතුරු අධ්‍යයනය වෙමින් පවතී.(ජයසේකර,2009,පිටු:56)

ලෝකයේ විශාලතම "එක් ටැම් සෙල්ලිපිය" ද මෙම නාමල් උයනේදී දැකිය හැකිය.
තොරතුරු අන්තර්ජාලයෙන්
චායාරෑප- තුලන නිර්මිත

ඇලහැර.
21/04/2020

ඇලහැර.

Today @ Hikkaduwa Beach © Thulana Nirmitha
20/04/2020

Today @ Hikkaduwa Beach

© Thulana Nirmitha

ගාලු කොටුව ගාලු කොටුව යනු ශ්‍රී ලංකාවේ ගාල්ල ප්‍රදේශයේ පිහිටි පෘතුගීසීන් විසින් ඉදිකරන ලද බලකොටුවකි. පසුව එය 17 වන සියවස...
04/04/2020

ගාලු කොටුව
ගාලු කොටුව යනු ශ්‍රී ලංකාවේ ගාල්ල ප්‍රදේශයේ පිහිටි පෘතුගීසීන් විසින් ඉදිකරන ලද බලකොටුවකි. පසුව එය 17 වන සියවසේදී ලන්දේසීන් විසින් නවීකරණය කරන ලද අතර මේ වන විට එය අවුරුදු 400 ක අතීතයකට හිමිකම් කියයි. වර්තමානයේ කොටුවට පිවිසීම සඳහා දොරටු දෙකක් භාවිතා කෙරේ. රජයේ කාර්යාල ගොඩනැගිලි රැසක්ම කොටු පවුර ආශ්‍රිතව වර්තමානය දක්වා ම පවත්වගෙන යන ලදි. නමුදු මේ වන විට ඒවා ටිකින් ටික ඉවත් කරමින් පවතී. ලොක උරුමයක් ලෙස නම් කරන ලද ගාලු කොටුව සුන්දර මෙන්ම ඉපැරණි වස්තුවකි. ගාලු කොටුව පිහිටා තිබෙන්නේ ශ්‍රී ලංකාවේ ගිනිකොණ මුහුදු තීරයේ ය .එය 1588 දී පෘතුගීසින් විසින් නිමවූවකි.පසුව ලන්දේසීන් විසින් එය 17 වන ශත වර්ෂයේදී පුළුල් ලෙස නවීකරණය කරන ලදී.එය පෘතුගීසින් විසින් ලොවට දායාද කල ආශ්චර්යමත් නිමැවුමකි.ගාලු කොටුව පෞරාණික වටිනාකමකින් උක්ත බව එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් පිළිගෙන ඇත.එහි ලන්දේසි ගෘහ නිර්මන ශිල්පය පිලිබඳ කදිම නිද්සුනකි. ලන්දේසි කොටුව හෝ ගාල්ලේ පවුර ලෙස හදුන්වයි.ලන්දේසි කොටුව ප්‍රතිසංස්කරණය කරන ලද්දකි.ගාලු කොටුව ශ්‍රී ලංකාවේ ප්‍රධාන සංචාරක ආකර්ශනයකට හිමිකම් කියන ප්‍රදේශයකි. එය ශ්‍රී ලංකාවට ඇති වාස්තුවිද්‍යාත්මක සහ පුරාවිද්‍යාත්මක දායාදයකි
තොරතුරු ලබාගැනීම - අන්තර්ජාලයෙන්
© ලංකාවේ සංචාරේ
Page Admin
Thulana Nirmitha ❤

Pic👉Inuka IndeepaTravel isn’t always pretty. It isn’t always comfortable. Sometimes it hurts, it even breaks your heart....
31/03/2020

Pic👉Inuka Indeepa
Travel isn’t always pretty. It isn’t always comfortable. Sometimes it hurts, it even breaks your heart. But that’s okay. The journey changes you; it should change you. It leaves marks on your memory, on your consciousness, on your heart, and on your body. You take something with you. Hopefully, you leave something good behind.”
©ලංකාවේ සංචාරේ 🇱🇰
Page Admin
Thulana Nirmitha

Visit to Dambulla Cave TempleVisit the largest and best preserved cave temple complex in the country, the Golden Temple ...
31/03/2020

Visit to Dambulla Cave Temple

Visit the largest and best preserved cave temple complex in the country, the Golden Temple of Dambulla, a UNESCO World Heritage Site.This magnificent overhanging rock temple towering 600 ft high and close to 2000 ft in length was where King Vattagamini Abaya (King Valagamba) took refuge from foreign invasion in the first century BCE, who out of gratitude for having provided refuge turned the cave complex into a rock temple.

Amble up the slope of the Dambulla Rock; be greeted by troops of wild monkeys as they sit behind the fenced wall and chatter loudly, be mesmerized by the scenic view of the surrounding areas and a glimpse of the Sigiriya Rock – as it rises up to the sky. There are 80 documented Caves in the vicinity of the Golden Temple of which five possess the most appeal with its beautiful archeological features; traditional mural paintings on the ceiling and walls depicting the life of the Buddha along with 157 Buddha statues of varying sizes amongst other interesting artifacts.

©ලංකාවේ සංචාරේ
Page Admin 👉contact in ☎WhatsApp

තෙලි ඇල්ල.අප්‍රසිද්ද දිය ඇලි සොයා ගිය ගමනකදී හමුඋනු තවත් අලංකාර දිය පහරක් තමයි 'තෙලි ඇල්ල' කියන්නේ.කෑගල්ල දිස්ත්‍රික්කයේ...
30/03/2020

තෙලි ඇල්ල.
අප්‍රසිද්ද දිය ඇලි සොයා ගිය ගමනකදී හමුඋනු තවත් අලංකාර දිය පහරක් තමයි 'තෙලි ඇල්ල' කියන්නේ.
කෑගල්ල දිස්ත්‍රික්කයේ ගලිගමුව හන්දියෙන් හැරී අවිස්සාවේල්ල මාර්ගයේ කි.මී 6-7 ක දුරක් පැමිණි පසු නා-ගහ මුල හන්දියෙන් හැරී නාදෙනියා ගමට වැටී ඇති මාර්ගයේ ගම කෙලවරට පැමිණ , ඉන් ඔබ්බට රබර් වතු සහ කදුගැට කිහිපයක් පසුකරමින් පා ගමනක අවසානයේ මෙම ඇල්ල කරා පැමිණිය හැකියි..
ගුරුගොඩ ඔයෙන් නිර්මාණය වන මෙම දිය පහර කුඩා උවත් සුන්දරත්වය අතින් නම් අඩුවක් නැ..

ඔබ සතු වටිනා ස්ථාන වල චායාරෑප අප වෙත එවිය හැක.whatsapp 👉0703836147
30/03/2020

ඔබ සතු වටිනා ස්ථාන වල චායාරෑප අප වෙත එවිය හැක.whatsapp 👉0703836147

30/03/2020

Pidurangala Vihara (Sinhala: පිදුරංගල විහාරය)
Which is an ancient Buddhist temple situated in Pidurangala village of Matale District, Sri Lanka. The temple was constructed on a massive rock called Pidurangala, which is located a few kilometers north of the historical fort Sigiriya.

For more details plz contact us.whats app👉 0703836147

Copy👉wikipedia
©ලංකාවේ සංචාරේ
Page Admin
Thulana Nirmitha ❤️

Temple of the ToothBuddhist temple housing the relic of the tooth of BuddhaSri Dalada Maligawa or the Temple of the Sacr...
30/03/2020

Temple of the Tooth
Buddhist temple housing the relic of the tooth of Buddha

Sri Dalada Maligawa or the Temple of the Sacred Tooth Relic is a Buddhist temple in the city of Kandy, Sri Lanka. It is located in the royal palace complex of the former Kingdom of Kandy, which houses the relic of the tooth of the Buddha. Since ancient times, the relic has played an important role in local politics because it is believed that whoever holds the relic holds the governance of the country. Kandy was the last capital of the Sri Lankan kings and is a World Heritage Site mainly due to the temple.
©ලංකාවේ සංචාරේ
Group Admin
(Thulana Nirmitha)

සීගිරිය.සීගිරිය හෝ සිංහගිරි යනු ශ්‍රී ලංකාවේ මද්‍යම පළාතේ මාතලේ දිස්ත්‍රික්කයේ දඹුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් කි...
30/03/2020

සීගිරිය.

සීගිරිය හෝ සිංහගිරි යනු ශ්‍රී ලංකාවේ මද්‍යම පළාතේ මාතලේ දිස්ත්‍රික්කයේ දඹුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් කිඹිස්ස ග්‍රාමය අශ්‍රිතව පිහිටා ඇති පැරණි බලකොටුවකි. මෙම නම සඳහන් වන්නේ ඓතිහාසික හා පුරාවිද්යාත්මක වැදගත්කමකින් යුතු ස්ථානයක් වන මීටර් 200 ක (අඩි 660) පමණ උසකින් යුත් පර්වතයක දැවැන්ත තීරුවකිනි.

Quick facts: වර්ගය, නිර්ණායක …
පුරාණ ශ්‍රී ලංකාවේ රජකල චූලවංශයට අනුව රාවණ රජු විසින් ඔහුගේ බලකොටුව ලෙස මෙම ස්ථානය තෝරාගෙන ඇත. (තහවුරු නොකරන ලද)

භූ විද්‍යාත්මක ලක්‍ෂණ
සීගිරිය, ඛාදනයට ලක්වූ ගිණිකන්දකින් පිටවී සිසිල් වුණු ආග්නේය පාෂාණ යන්ගෙන් නිර්මාණය වූ පර්වතයකි. ඇල හාත්පස පිහිටි තැනිතලාවෙන් ඉහළට නැගුණු එය ඕනෑම පැත්තකින් සැතපුම් ගණනාවක් ඈතට දිස්වේ. පර්වතය වටා තිබෙන තැන්නෙන් එක්වරම ඉහළට නැගුණු අධික බෑවුමකින් යුක්ත ගොඩනැගිල්ලක් මත එය පිහිටා ඇත. පර්වතය මීටර් 180 ක් උස වන අතර සෑම පැත්තකින්ම ප්‍රපාතාකාරය. බොහෝ ස්ථාන පාදම ලෙසට නෙරා ඇත. අන්ඩාකාර දිගු ආරක්ෂක හැඩයෙන් පහළට ක්‍රමිකව දිවෙන බෑවුමක් ඇත.

ප්‍රධාන අවධි
කාශ්‍යප යුගය (ක්‍රි.පූ.5-ක්‍රි.පූ.3 දක්වා)
කාශ්‍යප යුගය (ක්‍රි.පූ.497-475 දක්වා)
පසු කාශ්‍යප යුගය (ක්‍රි.ව.6-13 දක්වා)
අප්‍රකට යුගය (ක්‍රි.ව.13-17 දක්වා)
මහනුවර යුගය (ක්‍රි.ව.17-19 දක්වා)
නූතන යුගය (ක්‍රි.ව.19-අද දක්වා)

තද පැහැයෙන් යුතුව ක්ෂිතිජය සිප ගනිමින් උතුරට නෙරා යන මහා පව්ව පාමුල අතිශය ප්‍රතාපවත් ව වැදහොත් සිංහරාජයෙකුගේ විලාසෙන් නිමවා ඇති හෙයින් මෙයට සිංහගිරිය හෙවත් සීගිරිය යන නාමය පටබැඳුණි. සිංහරාජ තෙම් සැතපුම් ගණනක් ඈතට විහිදෙන බියමුසු හැඟිමක් දැනවුවත් සිංහරූපය දැකීමෙන් එහි ගිය පැරැන්නන් තරම්ම නුතන යුගයේ මුල් ම පුරා විද්‍යාඥයන් ද, වශීකෘත වු බව 1898 දී ඒච්.සී.පී.බෙල් මහතා ප්‍රකාශ කර ඇත. දැනට ශේෂව ඇතත් සිංහයාගේ බාහු යුගලය පමණක් වුව ද කෙනකු තුළ ප්‍රතාපය හා බලය පිළිබද අපුරු හැඟිමක් දැන වීමට ප්‍රමාණවත් බව කැටපත් පවුරේ ලියු මේ ගීයෙන් පැහැදිලි වේ.

දක්නට ලැබෙන ලක්ෂණ
පර්වත මස්තකයේ තිබෙන රජ මාළිගාව
ගඩලින් තැනූ සිංහයාගේ රූප ඇඳ තිබෙන සීගිරි ලලනාවන්
සීගිරි කැටපත

පුරා විද්‍යාත්මක නටඹුන් හා විශේෂ ලක්ෂණ
ක්‍රි.ව. 5 වැනි සියවසේ කාශ්‍යප රජු විසින් තනන ලද පුරාණ මාළිගයක් සීගිරියෙහි ඇත්තේය. කාශ්‍යප රජු සීගිරිය මුදුනේ මාළිගාව තනද්දී රාවණ රජුගේ මාළිගයෙහි නටඹුන් හමුවූ බවට කතාවක්ද පවතී.පර්වතයේ සමතලා මතුපිට එම මාළිගයෙහි නටඹුන් තිබේ. මැද හරියේ තිබෙන සමතලා බිමෙහි සිංහ ද්වාරයක්ද කුරුටු ගී තිබෙන කැටපත් පිහිටා ඇත. පහළ මාළිගාව පර්වතයේ පහළ බෑවුම හේත්තු වන්නට නිර්මාණය කරන්නේ දිය අගල් තාප්ප හා උද්‍යාන පර්වත පාමුල සිට මීටර් සිය ගණනක් දුරට විහිදී ඇත.මෙම භූමිය මාළිගාවකින් හා බලකොටුවකින් යුක්තය. දැනට තිබෙන ප්‍රමාණවත් නටඹුන් වලින් එය නිර්මාණය කළ අයගේ විශිෂ්ඨ හැකියාව හා නිර්මාණශීලිත්වය පිළිබද අගනා හැගීම් එය නැරඹීමට පැමිණෙන අයගේ සිතෙහි ජනිත කරවයි.

සීගිරි භූමි සැළැස්ම පළමු සහශ්‍රයේ නාගරික සැලසුම් කරණයේ අනර්ඝ උදාහරණයක් ලෙස සීගිරි නිර්මාණය දැකිය හැක. භූමි සැළසුම ඉතාමත් අලංකාර සහ සුක්ෂ්‍යම ලෙස සකස් කරන ලද්දක් ලෙස සැලකේ. සැලසුම් සකස් කිරීමේදි ජ්‍යාමිතික සැළසුම් සහ අවට පිහිටි ස්වාභාවික වස්තූන්ගෙන් පිහිටීම පිළිබදව ඉතා හොදින් නිරීක්ෂණය කර සංයෝග කර ගැළපීම් හා නොගැලපීම් සංකල්පය එක් කොට ඇති බව පෙනේ. පර්වතය බටහිර දෙසින් තිබෙන උද්‍යාණය රාජකීයන් උදෙසා සුදුසු ලෙස සකස්කර ඇත. උද්‍යානයෙහි ජලය රදවා තබා ගන්නා ව්‍යුහය නිර්මාණය කර ඇත. ඒවා සකස් කිරීමේදී පොලව යටින් දිවෙන ජල පීඩන ක්‍රමයක් යොදා ගෙන ඇති අතර මෙයින් සමහරක් අදද ක්‍රියාත්මක මට්මේහි තිබේ. පර්වතයට දකුණින් මිනිස් අතින් නිම කළ ජලාශයකි. මෙවැනි ජලාශ මීට පෙර ශ්‍රී ලංකාවේ වියළි කලාපයෙහිද බොහෝ සෙයින් ප්‍රයෝජනයට ගැනුණි. සීගිරි බිමට පිවිසෙන ස්ථාන වල දොරටු පහකි. ඒවා අලංකාර ලෙස නිමවා ඇති බටහිර දොරටුව රාජකීයන් උදෙසා වෙන්කර තිබුණා යැයි විශ්වාස කළ හැක. මෙහි වාස්තු විද්‍යනුකුල සැලසුමක් සහිතව ඉදිකර ඇත.එමෙන්ම සීගිරිය දුර්ග බලකොටුවකි. ජල දුර්ග, වන දුර්ග, ගිරි දුර්ග ආදියෙන් සීගිරිය සමන්විතය.

සීගිරිය සංස්කෘතික කෞතුකාගාරයක්
ක්‍රි.ව.5 වන සියවෙස් පැවති නාගරික සැලසුම් ක්‍රම හා භූමි නිර්මාණ ක්‍රම
ඉංජිනේරු විද්‍යාව
ජල තාක්ෂණය
ගෘහ නිර්මාණ ශිල්පය
කලා ශිල්ප හා සාහිත්‍ය
නැඟී ඇති බලනට - බැලීමි සිහිවියන් සිහිගිරි මනෙදාළ පුරයි සරි - බලන රිසිව බෙයන්ද්

සීගිරිය නැගී බැලීමට ඇති සිංහ ස්වාමියා සිතේ ආශාව සපුරමින් බැලීමි. ඉන් පසු පර්වතයේ රන්වන් කතුන් බැලීමේ ආශාව ද නැති විය. යන්න මෙම කවියේ අදහසයි. තව ද මෙම වාස්තු විද්‍යාත්මක කලාව සදහා පැරණි මිසර හෝ පර්සියන් උද්‍යානවල දක්නට ඇති ජ්‍යාමිතික හෝ සුසන්ගත සැලසුම් ක්‍රම මූලික සිද්ධාන්ත ලෙස භාවිත කර ඇත. මේසා විශාල පර්වතය මත මාළිගා සංකීර්ණයක් ඉදිකිරිම සදහා ගඩොල් රැගෙන ආ සැටි ද පුදුම සහගත ය. මලුපෙත් ගර්භාගාර, සන්නිපාත ශාලා, අතරින් ගෙඩාළුමය පැතිකඩ හා ගල් පොකුණු රැසකින් වට වූ ශෛලමය සිංහාසනය විස්මයෙන් සිත අලලන සුළු ය. සීගිරිය නම් වු මහා වාස්තු විද්‍යාත්මක සැලසුම්කරණ වික්‍රමයේ හදවතත්, කේන්ද්‍රස්ථානයත් වූයේ මේ මාළිගාවයි. ගල මුදුනේ අක්කර තුන හමාරක බිම් ප්‍රමාණයක් වසා ගෙන ඇති මේ සුවිසල් මාළිගය රාජ්‍ය බලයත්, මිනිස් ශ්‍රමයත් කැටි කොට පිළිබිඹු කරන කදිම ස්මාරකයකි. තව ද මාළිගයේ අගය තීව්‍ර කරමින් ඉදිරියට දිවෙනා ශිලා උද්‍යාන, දිය අඟල් හා බුබුළු නඟමින් පතිත වන දියමල් කැලකින් සැලසුම් ලද මේ මහා නිර්මාණය ලොවට කියා පාන්නේ සීගිරි වාස්තු විද්‍යාඥයින්ගේ නිර්මාණ කෞෂල්‍යත් විසිතුරු චින්තනයත් ය.මේ දර්ශනීය උද්‍යාන අතීතයේ ඒක් යුගයක තුරු පෙළින්, මල් ගොමුවලින් හා පස් පියුමෙන් සැදි රාජකීය ජීවිතයේ කාන්තියෙන් හා කෙළි දොළින් ජීවමාන වුන නන්දන උද්‍යානයක් විය. සීගිරිය ලෝ පතළවන්නට එහි ඇති උද්‍යාන කලාව මෙන් ම සීගිරි බිතු සිතුවම් ද මා හැඟි උපකාරයක් ලබා දේ. අව් වැසිවලින් උවදුරුවලට පත් නොවී බිතු සිතුවම් කෝෂයේ සුරැකී ඇති මේ සිතුවම් එක් වකවානුවක පර්වතයේ බටහිර දෙසට වන්නට බිත්තිය පුරා වූයේ කස්සප රජුගේ අන්තඃපුර ලලනාවන් යැයි හැදින්වීමට ඇතැම් වියතුන් උත්සහා දරා ඇත. නමුත් මේ බිතු සිතුවම්වලට වස්තු විෂය වන්නේ අප්සරාවන් හෙවත් දිව්‍යාංගනාවන් ය. මහාචාර්ය සෙනරත් පරණවිතාණයන් පවසන අන්දමට අප්සරාවන් සංකේතාත්මකව වළාකුළු හා විදුලි කෙටීම නිරූපණය කරණ බවත් ය. නමුත් දුරාතීතයේ සීගිරිය නැරඹීමට පැමිණි විනෝදකාමීන්ට පෙනන්නේ සුන්දර වනිතා පෙළකගේ සිතුවම් ලෙසට ය. මෙම සීගිරි සිතුවම් සමකාලීන දකුණු ආසියානු චිත්‍ර සම්ප්‍රදායන්ට ආවේණික සම්භාව්‍ය චිත්‍ර කලාවේ විශිෂ්ට ශ්‍රි ලාංකික නිර්මාණ ශෛලියක් පෙන්නුම් කරයි. තව ද සීගිරියේ ඉතිරි ව ඇති විශේෂ මතක සටහන්වලින් එකක් වන්නේ බිතු සිතුවම්වලට පහළින් කැටපත් පවුර වසා සිටින ගී සමුහයා ය. මෙම ගී "සීගිරි ගී"නම් වේ. මෙම ගීවලින් පෙනී යන අන්දමට දිවයිනේ සෑම පෙදෙසකින් ම පැමිණි කලාකාමීන්ගේ විනෝද නිකේතනයක් බවට සීගිරිය පත් ව තිබූ බව පැහැදිලි වේ. ලංකාවේ සිටි ශ්‍රේෂ්ඨ පුරාවිද්‍යාඥයෙකු වූ මහාචාර්ය සෙනරත් පරණවිතාන මහතා කාශ්‍යප රජතුමා සීගිරිය ආලකමන්දාවක් කොට කුවේරයා මෙන් දේවත්වයක් ආරෝපණය කර ගෙන සිටි බව ප්‍රකාශ කරයි.

මෙහි වැඩි විස්තර දැන ගන්න.whatsapp හරහා අපව සම්බන්ධ කරගන්න.❤️❤️
0703836147

මෙම තොරතුරු අන්තර්ජාලයෙන් සපයාගන්නා ලදී.

ඉදිරියටත් අප ඔබ වෙත අපේ රටේ සංචාරක ස්ථාන පිළිබඳ සම්පූර්ණ විස්තර ලබාදෙන්නෙමු.

© ලංකාවේ සංචාරේ
Group Admin.
( Nirmitha )

Address

Galle

Website

Alerts

Be the first to know and let us send you an email when ලංකාවේ සංචාරේ posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to ලංකාවේ සංචාරේ:

Videos

Share

Category

Nearby travel agencies



You may also like