The Backpackers.

The Backpackers. නිදහස සොයා සංචාරය කරන්නන් ���

ඇත්ත ❤🍃
27/06/2023

ඇත්ත ❤🍃

30/01/2023


06/01/2023

සදගලතැන්න හරහා සිරිපා කරුණාව 🍃🙏❤️

සප්ත කන්‍යා ගුවන් අනතුරට අදට වසර 48 යි😯💚🥺🌍🍃😥✈️''කන්දේ හැපුන මහ වනන්තරේඩි.සි 8 ගුවන් යන්තරේමරුවා ආ කල මිතුරේබේරෙන්න බෑ සස...
04/12/2022

සප්ත කන්‍යා ගුවන් අනතුරට අදට වසර 48 යි
😯💚🥺🌍🍃😥✈️
''කන්දේ හැපුන මහ වනන්තරේ
ඩි.සි 8 ගුවන් යන්තරේ
මරුවා ආ කල මිතුරේ
බේරෙන්න බෑ සසරේ
කාගෙද මට වරද නොතේරේ''

මෙම ගීතය දශක හතරකට ඉහත දී මෙරට ගීත ක්ෂේත්‍රයට එක් වුවත් අදටත්ද නොනැසුන ජනප්‍රියත්වයකට හිමිකම් කියනු ඇත. මෙම ගීතය නිර්මාණය වීමට හේතු පාදක වූ සිදු වීමට අදට (4) ට වසර 46 ක් සපිරෙනු ඇත. 1974 දෙසැම්බර් 4 වැනිදා සිදුවූ එය ශ්‍රී ලංකාවේ මෙතෙක් සිදුවූ බරපතලම ගුවන් අනතුර ලෙස වාර්තා වේ.

නුවරඑළිය දිස්ත්‍රික්කයේ, අඹගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ, නොටන්බ්‍රිජ් පොලිස් වසමට අයත් ඒ සුන්දර පරිසරය වෙත අපි පිය නැගුවෙමු. මෙරට ප්‍රථම ජලවිදුලි බලාගාරය වන විමලසුරේන්ද්‍ර ජල විදුලි බලාගාරය පිහිටි නොර්ටන් බ්‍රිජ් නගරය පසුකර “බිංදුව” (0) කණුව පිහිටි ඩබල් කටින් නම් මංසන්ධියෙන් වමට හැරී ඉදිරියට ගමන් කරන විට අලංකාර ලක්ෂපාන දිය ඇල්ල හමුවේ. එම මාර්ගයේ ඉදිරියට ඇදෙන විට දකුණු පසින් අපට ඒ මනරම්, සිත් ගන්නා සුළු කඳුවැටිය දිස්වේ. සහෝදරියන් ලෙස එක පෙළට පිහිටා තිබුණ කඳු හතක් නිසා ඕ “සප්ත කන්‍යා”ලෙසින් නම් ලැබුවාය. නමුත් මෙහි සැබෑ නම වන්නේ "උඩ ලක්ෂපානගල" වේ.

ලක්ෂපාන ජලවිදුලි බලාගාරය ඉස්මත්තේ පිහිටි සප්ත කන්‍යා කඳු පන්තිය දවසේ වැඩි කාලයක් මිහිදුම් සළුවක සැඟවී සිටින පරිසරයක සුන්දරත්වයෙන් හෙබි සුන්දර කඳුවැටියකි. එසේම කඳු තරණය කරන්නන්ගේ පාරාදිසයක් වූ සප්ත කන්‍යා කඳු වැටිය එදවස ලොවම කම්පා කළ හා බහුතරයකගේ නෙතට කඳුලක් එක් කළ මතකයකට හේතු පාදක වන්නට විය.

මාර්ටින් එයා නමැති ගුවන් සමාගමට අයත් ඩී.සී. 08 නමැති මෙම ගුවන් යානය මගීන් 184 ක් හා ගුවන් යානයේ කාර්ය මණ්ඩලය 07 දෙනෙක්ද සමග ගුවන්ගත වී ශ්‍රී ලංකාව හරහා මක්කම බලා පියාසර කරද්දී 1974 දෙසැම්බර් 04 වැනි දින ශ්‍රීපාද අඩවියේ පිහිටි සප්ත කන්‍යා නමැති සුප‍්‍රසිද්ධ කඳුවැටියේ හැපී එදින රාත‍්‍රී හරියටම 10 පසුවී විනාඩි 10 ට අනතුරට පත්වී ඇති බව වාර්තා වල සඳහන් වේ. අනතුරින් එම යානය සම්පූර්ණයෙන්ම ගිනිගෙන විනාශ වී ඇති අතර එහි ගමන් කළ 191 දෙනාම ජීවිතක්‍ෂයට පත්වූහ.

මෙම ගුවන්යානය 1966දී නිම කරන ලද PH-MBH ලෙස ලියාපදිංචි කර තිබූ මැක්ඩොනල් ඩග්ලස් DC-8 ගුවන්යානයකි. එය KLM ගුවන්සේවය විසින් වෙනස් කරන ලද ප්‍රැට් සහ විට්නි එන්ජින්වලින් සමන්විත වූවකි. මාර්ටින් එයාර් 138 ගුවන්යානයේ කාර්යමණ්ඩලය: ප්‍රධාන නියමුවා වූ හෙන්ඩ්‍රික් ලෑම්, පළමු නියමුවා වූ රොබර්ට් බ්ලොම්ස්මා, ගුවන්යානා ඉංජිනේරු ජොහැන්නස් විජ්නන්ඩ්ස්, නෞගණක ඉන්ග්‍රිඩ් වෑන් ඩ විලට් සහ ගුවන් සහයක හෙන්රියෙට්ටා බොර්ග්හොල්ඩ්ස්, අබ්දුල් හමීඩ් උස්මාන්, ලිලික් හෙරවාටි, ටිටියා වෑන් ඩිජිකුම්, සහ හෙන්ඩ්‍රිකා වෑන් හැම්බර්ග්.

ලක්‍ෂපාන ජල විදුලිබලාගාරය අසල අතිශය සුන්දර පරිසරයක පිහිටි ලක්‍ෂපාන දිය ඇල්ල ඉස්මත්තේ ඇති සප්ත කන්‍යා කඳු වැටියේ පස්වැනි කන්දේ (සප්ත කන්‍යා යනු කඳු හතකින් යුක්ත කඳු වැටියකි) ගුවන් යානයේ එක් තටුවක් ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබේ. තටුව ගැටී ගුවන් යානය ඉදිරියට ගමන් කිරීමේ දී සප්ත කන්‍යා කඳු වැටියේ පස්වැනි කන්දේ අඩි කීපයක් ගල දිගට ඇඳී තිබූ රේඛාව වසර ගණනක් සුදුපාට වර්ණයෙන් දිස්ව තිබුණ ද මේ වන විට එය වල් වැදී මැකී ගොස් ඇති අයුරු දැක ගත හැකිය.

එක්දහස් නවසිය හැත්තෑ හතරේ දෙසැම්බර් මස හතර වැනි දින සිදුවූ මේ ඛේදවාචකයෙන් අනතුරුව ශ්‍රී ලංකාවේ, නෝටන් බි‍්‍රජ් පොලිස් බල ප‍්‍රදේශයේ පිහිටි සප්ත කන්‍යා කඳු වැටිය පිළිබඳව ලොව දසත ප‍්‍රසිද්ධියට පත්විය. ශ්‍රී ලංකාවේ ගීත රචකයන් කීප දෙනෙක් විසින් පබැදු ගී පද මාලා සුප‍්‍රසිද්ධ ගායකයන්ගේ හඬින් ගායනා කර කැසට් පට මගින් එවකට ප‍්‍රසිද්ධ වූයේ මේ අනතුරේ පසුබිම තොරතුරු ඇතුළත් කරමිනි.

කාන්තාවක් සැතපී සිටින ආකාරයෙන් පිහිටි මේ සුන්දර සප්ත කන්‍යා කඳු ශිකරය බිලිගත් මාර්ටින් එයාර් ගුවන් අනතුර එදා සියැසින් දුටු අය බොහෝ පිරිසක් අද මියගොස් ඇති අතර තවමත් කීප දෙනෙක් අවට ගම්මාන වල සිටිති. වසර 40 ගෙවෙන මොහොතේ අප ගුවන් අනතුර සිදුවූ සප්ත කන්‍යා කඳු පාමුල පිහිටි කොත්තැල්ලෙන නැමැති ගම්මානයට ගියේ ඔවුන්ගේ මතකය අවදි කිරීමටය.

එහිදි හමුවූ ගම්ලත් රාළලාගේ පුංචිසිඤ්ඤෝ මහතා සිය අත්දැකීම මෙසේ පැහැදිලි කළේය.

ගම්ලත් රාළලාගේ පුංචිසිඤ්ඤෝ නෝටන්බ්‍රිජ්, කෙතේතැල්ලෙන ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. ඔහු ලංකා විදුලිබල මණ්ඩලයේ සේවය කර විශ්‍රාම ලබා වෙළඳසැලක් පවත්වාගෙන යමින් සිටී.

මේ ඔහු අප සමඟ පැරණි අත්දැකීම මෙලෙස විස්තර කළ කළේය.
මම 1941 වසරේ ඉපදුණේ. ලංකා විදුලිබල මණ්ඩලයේ, ලක්ෂපාන විදුලි බලාගාරයේ වැඩ කරමින් සිටියේය. එදින රෑ 10.15 ට පමණ පොළවත් එක්ක හෙල්ලුණා. මම රෑ ආවේ නෑ. පහුවදා උදේ මම එනකොට හමුදාවේ කට්ටියක් හම්බ වුණා. ඒ අයත් එක්කම සප්ත කන්‍යා ගල යටට ගියා.

ඒ යනකොට දැක්කේ මස් කඩයක වගේ මිනිස්සුන්ගේ කෑලි ගස්වල එල්ලෙනවා. මට ඒක බලන්න බෑ. මම ගෙදර ගියා. දවස් දෙක තුනකට පස්සේ ආයේ ආවා. එතකොටත් හොයන්නේ ගුවන් යානයේ “කළු පෙට්ටිය.”මමත් හමුදාවේ කට්ටියත් එක්ක ගල මුදුනට ගියා. ඒ ගිය වෙලාවේ ගලක් යට තියෙන කොටසක් පෙන්නුවා. පස්සේ කඹයක් දාලා හමුදාවේ අය මාව එතනට බැස්සුවා

ඒක කලු පෙට්ටියේ කෑල්ලක්. එතනදී මාව ලිස්සලා ගිහින් ගහක රැදුනේ. මම තමයි කලු පෙට්ටියේ ඉතිරි වුණ රෝල් කොටස හොයලා දුන්නේ. ඔය ගලට එහා පැත්තෙන් තමයි ගුවන් යානා යන්නේ. මේ ගුවන් යානය මේ පැත්තෙන් වැරදිලා ඇවිල්ලා. ඒක නිසා තමයි ගලේ හැපිලා තියෙන්නේ.

සප්ත කන්‍යා කඳුවැටිය පාමුල පිහිටි, කොත්තැල්ලෙන, මුරුත්තැන්න ගම්මානයේ පදිංචිකරුවකු වන සුමනදාස මහතා සිය අත්දැකීම් අපට මෙසේ විස්තර කළේය.

එම කාලය වන විට ඔහුගේ වයස අවුරුදු 21 ක් පමණ වු අතර එදින රාත්‍රියේ එම ප්‍රදේශයේ නිවසක පැවති ප්‍රිය සාදයක් සදහා සහභාගී වී එමින් සිටියදී මෙම අනතුර දැක ඇත. මේ ඔහු කියූ කතාවයි.

මට නිවස ආසන්නයේදීම ශබ්දයක් ඇහුණා. ගිනි පත්තු වෙමින් ආව ගුවන් යානයක් මේ කන්දේ හැපුණා. ඒ කන්දේ තියෙන්නේ බට පදුරු. ඒවා ගිනි ගන්න ගත්තා. පසුදා අපි බලන්න ගියා. යනකොට ගුවන් යානයේ සුන්බුන් විසිරිලා තිබුණා.

මිනිස්සු ඔක්කොම මැරිලා. කෑළි කෑළි වෙලා හැම තැනම මළ කඳන්. ඒවා ටිකක් ගෙනත් කඳු පාමුල භූමදානය කළා. අනික් ඒවා එහෙම්මම තිබුණා. අපි යනකොටම හෙළිකොප්ටරයක් ආවා. ඒක මුරුත්තැන්නේ දළු මඩුව ළඟ තමයි ගොඩ බෑවේ.එ තන මමයි රාමසාමියි, සත්තිවේලුයි හිටියේ. සත්තිවේල් කොළඹ රත්මලාන පැත්තේ ගෙදරක වැඩ කරලා තිබුණේ. සත්තිවේල් අත් දෙකෙන් සංඥා කළා. එතකොට හෙලිකොප්ටරය දළු මඩුව ළඟ පිට්ටනියේ ගොඩ බෑවා. ඒ වුනාට එක ආයේ උඩ නග්ගන්න බැරි වුණා.

ඊට පස්සේ බලන කොට එකේ කාර්මික දෝෂයක්. සුදු මහත්තයෙක් ඇවිල්ලා දවස් ගානක් එතන තියාගෙන ඒක හැදුවා. අපි උදව් කළා එකේ වැඩ වලට. ඒ වෙනුවෙන් අපිට ලාම්පුතෙල් බෝතල් තුන ගානේ දුන්නා. අපිට ලොකු දෙයක් ඉතිං ඒක. අපේ ගෙවල් වලත් පාචිච්චි කලේ ලාම්පු නිසා.

මුරුත්තැන්න තේ වත්තේ වත්මන් අයිතිකරු වන මංජුල එදිරිසිංහ මහතාය. මේ ඔහුගේ හඬය.

මෙම ගුවන් අනතුර මුලින්ම දුටු අයෙක් මගේ පියා... ඔහු දැනට වසර කීපයකට පෙර මියගියා. අපි තමයි මේ කඳුවැටිය ආසන්නයේම පදිංචි වෙලා ඉන්නේ. මගේ පියා පවසා ඇති විදිහට 1974.12.04 වැනි දින හරියටම රාත‍්‍රි 10.10 ට මෙම අනතුර සිදුවන අවස්ථාවේ ඔහු අවදිව සිටි බවත් එක් වරම විශාල ශබ්දයක් සමග ප‍්‍රදේශයම ගිගිරුම් දුන් බව පැවසුවා. නිවසින් පිටට ඇවිත් බලන විට ඉහළින් පිහිටි සප්ත කන්‍යා කන්දේ විශාල ගිනි ජාලාවක් ඇවිලී යන අයුරු දැක්ක බවත් කීවා. තාත්තා සැනෙකින් නෝටන් බි‍්‍රජ් පොලිසියට කථා කර සිද්ධිය කියා තිබෙනවා. පොලිසිය සුළු වේලාවකින් පැමිණි පසු දැනගෙන තිබෙනවා ගුවන් අනතුරක් සිදුවෙලා කියලා

මෙම ගුවන් අනතුර සියැසින් දුටු කොත්තැල්ලෙන ගම්වැසියෙක් වන ඊ.ජී. මුණසිංහ මහතා මෙසේ අදහස් දැක්වීය.

මේ අනතුර සිද්ධවෙනකොට මට අවුරුදු 18යි. මම ගෙදර හිටියේ. හරියටම 10.10ට විශාල ශබ්දයක් ඇහුණා. මුළු පළාතම හෙල්ලිලා දෙදරුම් කෑවා. අපිට හිතාගන්න බැරිවුණා. මම ගෙදර අයත් සමග එළියට ආවා. සප්ත කන්‍යා කන්දේ විශාල ගිනි ජාලාවක් දැක්කා. ඒ ගින්න ටික වෙලාවකින් කන්ද පුරා පැතිරී ගියා. මගේ බාප්පා එවකට පුවත්පත් වාර්තාකරුවෙක් ලෙස වැඩ කළා. ඔහු නෝටන් බි‍්‍රජ් පොලිසියට දැන්වූවා. රාත‍්‍රී 11.00 වෙනකොට පොලිසිය ආවා. මම රාත‍්‍රියේම ගමේ කීප දෙනෙක් එක්ක කන්ද ළඟට ගියා. පොලිසියේ හතර දෙනෙක් මා සමග ආවා.

අපිට එදා රාත‍්‍රි මළ සිරුරු හමුවුණේ නෑ. ගුවන් යානයේ සුන්බුන් විසිරිලා තියෙනවා දැක්කා. රාත‍්‍රිය පුරා පට පට ගා ඇවිලෙන සද්දේ ඇහුණා. ඒ ගුවන් යානයේ ඇල්මිනියම් තහඩු පිච්චෙන සද්දේ. ඊට පසු දින පොලිසිය හා හමුදාවෙ මහත්තුරු විශාල පිරිසක් ආවා. මම හමුදාවෙ අය සමග කන්ද උඩටම නැග්ගා. මළ සිරුරුවල කෑලි හැමතැනම විසිවී තිබුණා. ගස් උඩ මළ සිරුරු කෑලි දකින්න ලැබුණා. රතු පාටට හැම තැනම ලේ. මස් කඩයක් වගේ තිබුණා. ගල උඩ තිබුණ මළ සිරුරු කොටස් හමුදාවෙ අය සමග උඩම වැළලූවා. ඒ අතර රෙදිපිළි හා පෙට්ටි විසිරී තිබුණා

කන්ද පාමුල තිබුණ මළ සිරුරු හා කැබළි ගොඩක්. ඒවා සමූහ මිනී වළක කන්ද පාමුලම වැළලූවා. ගුවන් යානයේ එක් ගුවන් සේවිකාවකගේ මළ සිරුර ඇගේ පෙම්වතා ඇවිත් ගුවනින් ඉන්දුනීසියාවට රැගෙන ගියා. අනිත් ඒවා ඔක්කොම කන්ද පාමුල වැළලූවා. ප්ලේන් එකේ කළු පෙට්ටිය වැටුණ කියලා සැක කරපු කන්දේ උඩ පිහිටි ගල් දෙබොක්කාව ළඟට ආමි එකේ මහත්තුරුත් එක්ක මමත් ගියා. ඒක ගොඩක් ගැඹුරු වළක්. කළු පෙට්ටිය හොයාගන්න ලැබුණේ නෑ. ප්ලේන් එකේ කෑලි මිනිස්සු අරගෙන ගියා. පස්සේ පොලිසියෙන් ඒවා අරගෙන ගිය මිනිසුන්ට නඩු දැම්මා. ඒ කාලේ හැමදාම මේ ස්ථානයට හෙලිකොප්ටර් තුනක් හතරක් එනවා. පරීක්‍ෂණ කළා. ප්ලේන් එකේ ටයර් එකක් හමුවුණා. ඒක නෝටන් පොලිසියේ තියෙනවා. මේ සිද්ධිය බලන්න මිනිස්සු ලක්‍ෂ ගානක් ආවා. වාහන පෝලිම කිලෝමීටර් ගාණක් දුරට තිබුණා.

කොත්තැල්ලෙන ග‍්‍රාමයේ වත්මන් ග‍්‍රාම නිලධාරි කේ.ජී. ගුණතිලක මහතා අදහස් දක්වමින් මෙසේ කීය.

සිද්ධිය වෙනකොට මට අවුරුදු 07යි. අපි එදා හිතුවෙ රැ සද්දෙත් එක්ක ලක්‍ෂපාන ගල කඩාගෙන වැටුණ කියලා. වැඩිහිටි අය හිතුවෙ එහෙමයි. සප්ත කන්‍යා කන්දට ගමේ පැරණි අය කියන්නේ ලක්‍ෂපාන ගල කියලයි. රැ එළිවෙනකම් එදා මේ කන්ද ගිනි ගත්තා. ඒ දවස්වල අපිට ඉස්කෝලේ නිවාඩු දීලා වගේ. පාලූ ප‍්‍රදේශයක් වුණ මේ පළාතට මේ සිද්ධියත් එක්ක ලොකු ප‍්‍රසිද්ධියක් ලැබුණා. කන්ද පාමුල සමූහ මිනී වළක අනතුරින් මියගිය අය මිහිදන් කරපු තැන ඉන්දුනීසියාවේ අය පැමිණ ඉතා අලංකාර ලෙස හැදුවා.

එම ස්ථානයේ අනතුරට පත් ගුවන් යානය අයිති මාර්ටින් එයාර් ගුවන් සමාගමේ නිල ලාංඡනය ස්ථාපිත කර තිබුණා. ඒ අයගේ ගුවන් සමාගමේ ලකුණ වන විශාල ගුරුලකුගේ රුවක් ද ස්මාරකයේ සවිකර තිබුණා. එම ගුරුලාගේ රුව හා නිල ලාංඡුනය මෑතක දී කිසියම් පිරිසක් විසින් ගලවාගෙන ගොස් තිබෙනවා. එය ඉතා පහත් ක‍්‍රියාවක්. ගුවන් අනතුරින් මිය ගිය අයගේ ඥාතීන් වසරක් පාසා මෙම ස්ථානයට පැමිණ මළවුන් සිහිකිරීමක් කරනවා. මෙම ස්ථානය දැන් කැලෑ වැදිලා. කිසිවෙක් නඩත්තු කරන්නේ නෑ ඔහු කීය.

මල්ලිකා හෙන්නායක (58) මහත්මිය
අනතුර සිදුවන අවස්ථාවේ අපි ගොඩක් බයවුණා. විශාල ශබ්දය නිසා මුළු පළාතම දෙදරුම් කෑවා. ගෙදරින් එළියට ඇවිත් බලනකොට සප්ත කන්‍යා කන්ද ගිනිගෙන දැවෙනවා දැක්කා. වැඩිහිටි අය කන්දට ගියා. මගේ මහත්තයාත් බලන්න ගියා. ඔහු එහි තිබී ඩොලර් 10 නෝට්ටුවක් ගෙනවිත් තිබුණා. එය තාම මා ළඟ තිබෙනවා සිද්ධිය මතක් වෙන්න. ප්ලේන් එකේ කෑලි ඒ දවස්වල මිනිස්සු ගෙනියනවා දැක්කා. දැන්නම් ඒවා කා ළඟවත් නෑ. නෝටන් පොලිසිය ඉදිරිපිට ටයරයක් තියෙනවා යැයි පැවසුවාය.

මෙම අනතුරට පත් මාර්ටින් එයාර් ඞී.සී. 08 ගුවන් යානය පැදවූ එක් ගුවන් නියමුවෙකු වන නෙදර්ලන්ත ජාතික පී. ලෑම්ප් මහතාගේ පුත‍්‍රයෙකු වන පී.ඒ. ලෑම්ප් මහතා දැනට වසර තුනකට ඉහත දී ශ්‍රී ලංකාවට පැමිණ මෙම ගුවන් අනතුර පිළිබඳව සොයා බලා සියලූ පාර්ශ්වයන් හමු වී වාර්තාමය වැඩසටහනක් කළ බව අප හා පැවසුවේ නෝටර් බි‍්‍රජ්, කිරිවන්එළිය ප‍්‍රදේශවල පදිංචි සංචාරක මාර්ගෝප දේශකයකු මෙන්ම පරිසරවේදියකු ද වන එම්.ආර්. චමින්ද නිරෝෂණ (නීල්) මහතාය. අපට ඔහු හමුවුණේ ඔහු පදිංචි සප්ත කන්‍යා කඳු පියස අසල දී ය. මේ ඔහු අපට කී දේය.

දැනට වසර තුනකට පමණ පෙර අනතුරට පත් මාර්ටින් එයා ඩී.සී. 08 ගුවන් යානයේ එක් නියමුවකුගේ පුතා නෙදර්ලන්තයේ සිට ශ්‍රී ලංකාවට පැමිණි අවස්ථාවේ මට හමුවුණා. ඔහු සමග ඔහුගේ බිරිඳ ද පැමිණියා. මම ඔවුන් සමග ඒ අයගේ වාර්තා වැඩසටහනට සහභාගි වී සිද්ධිය වූ සප්ත කන්‍යා කන්දට ගියා. මෙම ගුවන් අනතුර සිදු වූ ආකාරය පිළිබඳ ඔහුට සමීක්‍ෂණයක් කිරීමයි අභිප‍්‍රාය වී තිබුණේ. ඔහු පී.ඒ. ලෑම්ප් මහතා. ඔහු මෙහිදී සියලූ සිද්ධීන් කැටිකොට වාර්තාමය සංයුක්ත තැටියක් නිපදවූවා. එහි පිටපතක් මට ද ලබා දුන්නා.
ඇතැම් වර්ෂවලදී මිය ගිය පුද්ගලයින්ගේ පවුල්වල ඥාතීන් විදේශයේ සිට පැමිණ එම මෘත දේහයන් මිහිදන් කළ ස්ථානයේ දී ඔවුන් සිහිකර ආගමික වතාවත් කරන බවද ප්‍රදේශවාසීහූ පැවසූහ.

අප කොත්තැල්ලෙන ග‍්‍රාමයට ගිය අවස්ථාවේ දී එම ගම්වැසියන් කියූ කතාවක් මෙම ලිපිය අවසන් කිරීමට ප‍්‍රථම සඳහන් කිරීමට අදහස් කළෙමු. මහත්තයෝ මේ ප්ලේන් අනතුරේ දී පළාතේ සමහර අය ප්ලේන් එකේ කෑලි විකුණලා තියෙනවා. ඒ අය කාටවත් හරිගියේ නෑ. ළඟ දී කන්ද පාමුල තියෙන මිනී වළලපු තැන හදලා තියෙන ස්මාරකය කඩල සිහිවටන ඵලක වගයක් ගලවාගෙන ගිහින් තියෙනවා. පොදුවේ ගමේ අපිටත් ඒක අපවාදයක්. එහෙම කරපු අයට කවදාවත් දියුණුවක් නෑ. මේක සමන් දෙයියන්ගෙ අඩවිය මහත්තයෝ...

(සටහන සහ ඡයාරූප සියල්ල අන්තර්ජාලයෙන් උපුටාගන්නා ලදි)
#සප්තකන්යා #ලක්ෂපාන

ඒ දසුනත් සැනසීමක්   🙏❤️
01/12/2022

ඒ දසුනත් සැනසීමක්
🙏❤️

Blue Beach Island - Dikwella,Matara, SriLankaනිල්වැල්ල බීච් - දික්වැල්ල,මාතර 🏝️🚣🤽🏊
27/11/2022

Blue Beach Island - Dikwella,Matara, SriLanka
නිල්වැල්ල බීච් - දික්වැල්ල,මාතර 🏝️🚣🤽🏊

- විදේශීය ආකර්ෂණය බොහෝ ලැබෙන සුන්දර ”ඇල්ල” 🥰🌱🌈🐾🍂🍇Photo credit goes to original photographer
21/11/2022

- විදේශීය ආකර්ෂණය බොහෝ ලැබෙන සුන්දර ”ඇල්ල” 🥰🌱🌈🐾🍂🍇
Photo credit goes to original photographer

තවමත් ගැමි සුන්දරත්වය මැකී නොගිය කොත්මලේ... 💦😍🍃😲🍀🌸🌿🙏🥀♥️📷 credit goes to original photographer
19/11/2022

තවමත් ගැමි සුන්දරත්වය මැකී නොගිය කොත්මලේ... 💦😍🍃😲🍀🌸🌿🙏🥀♥️

📷 credit goes to original photographer

සිරිපා කරුණා ආරම්භයටතව දින කිහිපයයි 🍃කො මේ පාර යන්න හිතන් ඉන්න අය.. ❤️
18/11/2022

සිරිපා කරුණා ආරම්භයට
තව දින කිහිපයයි 🍃
කො මේ පාර යන්න හිතන් ඉන්න අය.. ❤️

පාරාදීසයක් බදු සුන්දර "කලුපහන" 😍🌿❤️🦌🌻🌳🌺🌾
17/11/2022

පාරාදීසයක් බදු සුන්දර "කලුපහන" 😍🌿❤️🦌🌻🌳🌺🌾

සුන්දරත්වයෙන් පිරුණු තලවාකැලේ TALAWAKELE SRI LANKA ❤️ .........                    📷 මුල් අයිතිකරුවන්ට ස්තුතිය ❤️ Follow...
15/11/2022

සුන්දරත්වයෙන් පිරුණු තලවාකැලේ
TALAWAKELE SRI LANKA ❤️ .........


📷 මුල් අයිතිකරුවන්ට ස්තුතිය ❤️
Follow කරලා පෙජ් එකටත් සෙට් වෙන්න 👍👍👍👍❤

නකල්ස් කඳුකරයේ සුන්දරත්වය විඳින්න නම් යන්නම ඔනී KNUCKLES MOUNTAIN RANGE  SRI LANKA ❤️ ..........                    📷 මු...
14/11/2022

නකල්ස් කඳුකරයේ සුන්දරත්වය විඳින්න නම් යන්නම ඔනී
KNUCKLES MOUNTAIN RANGE SRI LANKA ❤️ ..........


📷 මුල් අයිතිකරුවන්ට ස්තුතිය ❤️
Follow කරලා පෙජ් එකටත් එකතු වෙන්න 👍👍👍👍👍

- හෝර්ටන්තැන්න හැඩ කරන හැඩකාරයින් ☘️💫🍂🐆💛🦌                  Photo credit goes to original photographer
13/11/2022

- හෝර්ටන්තැන්න හැඩ කරන හැඩකාරයින් ☘️💫🍂🐆💛🦌


Photo credit goes to original photographer

Travel කරන අය හම්බවුනාම එහෙම වෙනවා - ඒකනම් වෙනම Level එකක Outdoor Wedding එකක් 😍📷 Perfect Scenario - Wedding Photography...
11/11/2022

Travel කරන අය හම්බවුනාම එහෙම වෙනවා - ඒකනම් වෙනම Level එකක Outdoor Wedding එකක් 😍
📷 Perfect Scenario - Wedding Photography Sri Lanka
Sachithra ❤️ Ashain

Photo credit goes to original photographer

- නිහඩ පාළු ගුප්ත සසුන්දරත්වයකින් යුත් සීතල "ඔහිය" ☘️🖤            Photo credit goes to original photographer❤️
08/11/2022

- නිහඩ පාළු ගුප්ත සසුන්දරත්වයකින් යුත් සීතල "ඔහිය" ☘️🖤


Photo credit goes to original photographer❤️

නැගෙනහිර පළාතේ තවත් එක් සුන්දර ඉසව්වක් "කුච්චවේලි"KUCHCHAVELI TRINCOMALEE SRI LANKA ❤️ ..................📷 මුල් අයිතිකරු...
07/11/2022

නැගෙනහිර පළාතේ තවත් එක් සුන්දර ඉසව්වක් "කුච්චවේලි"
KUCHCHAVELI TRINCOMALEE
SRI LANKA ❤️ ..................
📷 මුල් අයිතිකරුවන්ට ස්තුතිය ❤️
Follow කරලා පෙජ් එකටත් සෙට් වෙන්න 👍👍👍👍❤

- උස්සන්ගොඩ ජාතික උද්‍යානය  🇱🇰💜🍂☘️💫🌊                      අතීතයේ දඩුමොණරය ඒ කියන්නේ රාවණා රජුගේ අහස් යානය ගුවන් ගත කල පථ...
04/11/2022

- උස්සන්ගොඩ ජාතික උද්‍යානය 🇱🇰💜🍂☘️💫🌊

අතීතයේ දඩුමොණරය ඒ කියන්නේ රාවණා රජුගේ අහස් යානය ගුවන් ගත කල පථය🛩️ මේ ප්‍රදේශය බව ජනප්‍රවාදයේ සදහන්වේ.රතුපස දැවුණූ විශාල පාශාණ දඩුමොණරය ගුවන්ගත කිරීමේදී ඇති වූ පිළිස්සීම් වලින් නිර්මාණය වූ බවටත් විශ්වාසයක් පවතිනවා.තවත් එක විශ්වාසයක් තමයි උල්කාවක් වැටීමෙන් මේ ප්‍රදේශයට මේ රතුපස සහා විශාල පාශාණ නිර්මාණය වී ඇති බව විශ්වාස කරනවා.මේ විශ්වාසය තහවුරු කරමින් මේ ප්‍රදේශයේ අවාටයක ස්වරූපයක් දැකගන්න පුලුවන්.
🍃💚
sujeewa

- එක පාරක් ගිය කෙනෙක්ට සදා කල් මතක හිටින "මීතිරිගල නිස්සරණ සේනාසනය" 💜🌸🍂☘️💫නිතරම භාවනා වැඩ කටයුතු සිද්ධ වෙන මෙතන, පෝය දවස...
02/11/2022

- එක පාරක් ගිය කෙනෙක්ට සදා කල් මතක හිටින "මීතිරිගල නිස්සරණ සේනාසනය" 💜🌸🍂☘️💫

නිතරම භාවනා වැඩ කටයුතු සිද්ධ වෙන මෙතන, පෝය දවස්වලට විශේෂ ධර්ම සාකච්ඡා පවා තියෙනවා...

මීතිරිගල නිස්සරණ වනය ආරණ්‍ය සේනාසනයෙහි නිර්මාතෘවර අශෝක වීරරත්න මහතායී.. 1967 තමා ආරම්භ කරලා තියෙන්නේ..

අශෝක වීරරත්න යනු බෞද්ධාගමට විශාල සේවයක් කළ දේශීය විදේශීය ධර්ම ප්‍රචාරක කටයුතුවල යෙදුණු බෞද්ධ නායකයෙක්.

ආරණ්‍ය ගොඩනැඟීමේ ප්‍රථම කාර්ය ලෙස තමා පූර්වාදර්ශයට ගත් අතීත කතා පුවත දාර්ශනික අයුරින් සිතුවමට නගා ආරණ්‍ය බිමෙහි ප්‍රදර්ශනය කිරීමට අශෝක වීරරත්නයන්ට අවශ්‍ය වෙලා තියෙනවා....

ඒ සඳහා ඔහු ආරාධනා කරන ලද්දේ ඩැනී විමලසිරි මහතාට යි.. ඩැනි මහතා තමා මෙහි චිත්‍ර ශිල්පියා...

අක්කර 500ක භූමි භාගයක් මේ සෙනසුනට අයිතියි..

අශෝක වීරරත්න මහතා ද මීතිරිගල ධම්මනිසන්ති නමින් සසුන් ගත වී නිස්සරණ වනයේ ම වනවාසී භික්ෂුන් වහන්සේ නමක් වී වැඩ සිටියා...

උන්වහන්සේ 80 වසරක් ආයු වලඳා 1999 වසරේදී අපවත් වුනා.

කඩුවෙල, දංගල්ල හරහා මීතිරිගලට ගිහින් ආරණ්‍ය සේනාසනය කොහෙද කියල ඇහුව නම් ඕන කෙනෙක් මෙතැන පෙන්නයි...

ඔබත් මෙහි ගිහින් සිත් පහන් කරගන්න....

පින්තූර මුල්හිමිකරු සතුයි 📸🙏

ගොඩක් අය විඩාව නිවාගන්න නවතින සුන්දර තැනක් "කොස්කැලේ"KOSKALE MELSIRIPURASRI LANKA ❤️ .................📷 මුල් අයිතිකරුවන්...
02/11/2022

ගොඩක් අය විඩාව නිවාගන්න නවතින සුන්දර තැනක් "කොස්කැලේ"
KOSKALE MELSIRIPURA
SRI LANKA ❤️ .................
📷 මුල් අයිතිකරුවන්ට ස්තුතිය ❤️
Follow කරලා පෙජ් එකටත් සෙට් වෙන්න 🍃

“ ලංකාවෙ මැද හෙවත් සැතපුම් 0 කණුව “Double Cutting, 0th Mile PostNorton - Maskeliya Rd, Sri Lanka |🇱🇰ලංකාවේ මැද කියලා ගන්...
31/10/2022

“ ලංකාවෙ මැද හෙවත් සැතපුම් 0 කණුව “

Double Cutting, 0th Mile Post
Norton - Maskeliya Rd, Sri Lanka |🇱🇰

ලංකාවේ මැද කියලා ගන්න පුලුවන් තැන් ගැන ගොඩක් දෙනෙක් අහලා ඇති. මේ කියන තැනත් ඒ වගේ තැනක්. ගොඩක් දෙනෙක් මේක් ගැන දන්නවත් ඇති, දැකලත් ඇති.

දැනගන්න ලැබුනු විදියට යටත් විජිත කාලේ ලංකාවේ එක එක නගර වලට දුර මනින්න පටං අරං තියෙන්නේ මෙතන ඉදං (සැතපුම් වලින්). පස්සේ කාලේ නං කොළඹ ඉදන් තමයි මැනලා තියෙන්නේ (Km වලින්).

මේක තියෙන්නේ කොළඹ ඉදන් හැටන් පාරේ එනකොට ගිනිගත්හේන පහු කරලා දියගලින් නෝටන් බ්‍රිජ් පාරේ ඇවිත් නෝටන්බ්‍රිජ් වලින් ලක්ශපාණ දිය ඇල්ල පාරේ එනකොට. අදටත් ලක්ශපාන, නෝටන් බ්‍රිජ්, මස්කෙලිය වගේ පැති වල මේ සැතපුම් කනු වලින් තමයි ලිපින එහෙම එන්නේ ('3 කණුව, ලක්ශපාන' වගේ).

ලංකාව හරහා මැදින් සිරස් රේකාවක් ඇඳලා (පේදුරු තුඩුවේ ඉදං දෙවුන්දර තුඩුව දක්වා) බැලුවොත් ඒ රේඛාව මේ සැතපුම් 0 කණුව හරහා තමයි වැටෙන්නෙ.

සංචාරය කරන කෙනෙක්නම් වටිනාකමක් තියෙන තැනක්.
මෙහෙම හරි සංරක්ෂණය කරලා ආරක්ශා වෙලා තියෙන එක ගොඩක් වටිනවා.

Copied
Special thanks to P.M. Chathuranga

- කවුරු කොහොම දුශ්කර ‍යැයි කිව්වත් “මොණරාගල සුන්දරත්වය” බලන්න 🥺☘️💫🍂🦜🇱🇰Photo credit goes to original photographer
30/10/2022

- කවුරු කොහොම දුශ්කර ‍යැයි කිව්වත් “මොණරාගල සුන්දරත්වය” බලන්න 🥺☘️💫🍂🦜🇱🇰
Photo credit goes to original photographer

-සුන්දර හවාගල 😍🍃🌳🏔🍂🌼🌈🌤 Hawagala Mountain 🇱🇰
28/10/2022

-සුන්දර හවාගල 😍🍃🌳🏔🍂🌼🌈🌤
Hawagala Mountain 🇱🇰

සුන්දරත්වයෙන් පිරුණු හන්තාන HANTHANA MOUNT RANGE SRI LANKA❤️ .............📷 මුල් අයිතිකරුවන්ට ස්තුතිය ❤️
28/10/2022

සුන්දරත්වයෙන් පිරුණු හන්තාන
HANTHANA MOUNT RANGE
SRI LANKA❤️ .............
📷 මුල් අයිතිකරුවන්ට ස්තුතිය ❤️

  Idalgashinna 🍃❤️🤤
27/10/2022


Idalgashinna 🍃❤️🤤

සුන්දරත්වයෙන් පිරුණු නානුඔය NANUOYA SRI LANKA ❤️............    📷 මුල් අයිතිකරුවන්ට ස්තුතිය ❤️ Follow කරලා පෙජ් එකටත් සෙ...
26/10/2022

සුන්දරත්වයෙන් පිරුණු නානුඔය
NANUOYA SRI LANKA ❤️............

📷 මුල් අයිතිකරුවන්ට ස්තුතිය ❤️
Follow කරලා පෙජ් එකටත් සෙට් වෙන්න 👍👍👍👍❤

Gal Viharaya | 🌏•••••®•••••                                                      🇱🇰 📸credit to respective owner Sri Lank...
26/10/2022

Gal Viharaya | 🌏

•••••®•••••





🇱🇰

📸credit to respective owner

Sri Lanka

- යාල රක්ෂිතය මේ තරම් වටින්නේ ඇයි 🥺 නොදන්න යාලුවට මේ ගැන කියලා දෙන්න 🦥☘️💫🐠🌸යාල යන වචනය ඇසු පමණින්ම අපේ මතකයට එන්නේ සතුන්...
26/10/2022

- යාල රක්ෂිතය මේ තරම් වටින්නේ ඇයි 🥺 නොදන්න යාලුවට මේ ගැන කියලා දෙන්න 🦥☘️💫🐠🌸

යාල යන වචනය ඇසු පමණින්ම අපේ මතකයට එන්නේ සතුන්ගෙන් ගහණ අඩවියක්. ශ්‍රී ලංකාව,අපිටම අාවේණික ජෛව විවිධත්වයෙන් හා සත්ත්ව විශේෂ වලින් බොහොම පොහොසත් රටක්. එයට හොඳම නිදර්ශනයක් වන්නේ දෙවන විශාලතම වනෝද්‍යානය වන යාලයි. මේ ලිපිය ලිවීමේ අරමුණ වන්නේ එසේ උරුමයක් ඇති යාල ගැන දැනුවත්භාවයක් Roar පාඨක ඔබට ලබා දීමයි.
ජාතික උද්‍යානයක් ලෙස සංස්ථාපනය

යාල වනාන්තරයේ ඉතිහාසය ගැන සලකා බැලීමේදී 1900 දී පමණ බ්‍රිතාන්‍ය ජාතිකයන් සිය දඩයම් කටයුතු සදහා මෙම වනාන්තරය යොදා ගෙන ඇත. 1900 දී මෙම වනාන්තරය දඩයම් රක්ෂිතයක් ලෙස නම් කර ඇත. ඉන් අනතුරුව අභය භූමියක් ලෙස 1908 වර්ෂයේදී නම් කරන ලද බව දැක්වේ. 1806 දී අගවිනිසුරු ශ්‍රීමත් ඇලෙක්සැන්ඩර් ජොන්ස්ටන් ත්‍රිකුණාමලය සිට හම්බන්තොට දක්වා ගමන් කළ පසු යාල පිළිබඳව සවිස්තර වාර්තාව ලියන ලද බව වාර්තා වේ. 1900 මාර්තු 23 වන දින ආණ්ඩුව විසින් යාල හා විල්පත්තු සංචිත වන සංරක්ෂණ ආඥා පනත යටතේ ප්‍රකාශයට පත් කොට ඇත.
පසුකාලීනව යාල වනාන්තරය කලාප 5කට බෙදනු ලැබ ඇති අතර, එහි පළමුවන කලාපය 1938 පෙබරවාරි මස 25 වන දින මෙය ජාතික වනෝද්‍යානයක් ලෙස ප්‍රකාශයට පත් කර ඇත. එයට පාදක වී ඇත්තේ එවකට කෘෂිකාර්මික ඇමති වූ ඩී.එස්. සේනානායක මහතා වෘක්ෂලතා ආරක්ෂක ආඥා පනත නීතියක් ලෙස සම්මත කිරීමේ අවස්ථාවයි. ඉතිරි කලාප 4ද පසුකාලීනව යාල වනෝද්‍යානයට අනුබද්ධ ලෙස සඳහන් කර ඇත.
ශ්‍රී ලංකාවේ ගිනිකොණ වියළි කලාපයට වන්නට පිහිටා ඇති මෙය අද වන විට දෙවන විශාලතම ජාතික වනෝද්‍යානය බවට පත්ව ඇත. එහි විශාලත්වය වර්ග කිලෝමීටර 979ක් වේ. ඌව හා දකුණු පළාත් දෙකට ම අයත් වන්නට පිහිටා ඇති අතර අමුත්තන්ට වර්ග කිලෝමීටර 141ක භුමි භාගයෙන් යුත් පළවන හා දෙවන කලාප නැරඹීමේ අවස්ථාව උදා කර දී ඇත. යාල ජාතික වන උද්‍යානයේ භූමියෙන් වැඩි ඉඩකඩ පවතින්නේ පතන් බිම් වශයෙන් බව සඳහන් වේ. නමුත් වනෝද්‍යානය වනභූමි වෙරලාශ‍්‍රිත ප‍්‍රදේශ, දිය උල්පත්, ගංඟා සහ ලඳු බිම් වලින් ආදි විවිධ පරිසර තත්ත්වයන්ගෙන් අනූන බව ද දැක්වේ. බුතවල, ගෝන ලැහැබ හා කුඩා සිලව වශයෙන් කලපු 3ක්ද යුක්තවීම විශේෂ වේ.

පිහිටීම🍂
යාල ජාතික වනෝද්‍යානයේ පිහිටීම ගැන කතා කරනවා නම් එහි උතුරු, වයඹ, බටහිර සහ ඊසාන දිග ප්‍රදේශ අයත් වන්නේ ඌව පළාතේ මොණරාගල දිස්ත්‍රික්කයටය. හම්බන්තොට දිස්ත්‍රික්කයට දකුණු නිරිතදිග ගිනිකොණ දිග හා නැගෙනහිර කොටස් අයත් වන බව සඳහන් වේ. ඉන්දියානු සාගරයට මුහුණලා පැතිර පවතින්නේ දකුණු දිග සිට නැගෙනහිර මායිමි දක්වා ප්‍රදේශය.
මෙහි පිහිටීම හේතුවෙන් 2004 දෙසැම්බර් මස 24 වන දින ඇති වූ සුනාමි ව්‍යවසනයෙන් වනජීවී සංරක්‍ෂණ මධ්‍යස්ථානය සහ සංචාරක බංගලාව විනාශ වී ගියේය. නමුත් පසු කාලීනව මෙය නැවත නැරඹීමට අවස්ථාව උදා කර දුන්හ. මෙය සංචාරක නිවාස 7කින් පමණ යුක්ත වන අතර නමින් මහාසිලවලවරහන, නව බුතව, පැරණි බුතව, තල්ගස්මංකඩ, හින්වැව, ඔන්ඩචිචි නම් වේ.
ජෛව විවිධත්වය හා වන සතුන්
යාල වචනය අසු පමණින් අපේ සිහියට නැගෙන්නේ සතුන්ගෙන් ගහණ අඩවියකි. එමෙන්ම මෙය මෑතකදී සිට පැවත ගෙන එන්නක් නොව ඉතා අතීතයේ සියවස් ගණනාවක සිටම සතුන් සඳහා ප්‍රසිද්ධ ස්ථානයකි. අලි,කොටි හා වලසුන් නැරඹීමට වඩාත් ප්‍රසිද්ධ වන්නේ මෙම උද්‍යානයයි.

කුරුල්ලන්🦜
කුරුළු විශේෂ සම්බන්ධයෙන් සලකා බැලූ විට නේවාසික කුරුල්ලන් 130 ක් පමණ ද සංක්‍රමණික කුරුල්ලන් 30 ක් පමණ ද දැක ගත හැකි බව සඳහන් වේ. ජලාශ්‍රිත කුරුල්ලන් පළටුපාන වැව, හීන් වැව ආශ්‍රිතව ප්‍රධාන ලෙසම කැදලි තනයි. ඇඹල කොකුන්, ලවිවරතුඩුවන්, ලහැදි ආලාවන්, සුදු කොකුන්, අළු කොකුන්, පිදිලි මානාවන්, බහුරු මානාවන්, සිලිබිල්ල ඔලෙවියන් ජලාශ්‍රිත ප්‍රදේශවල බහුල බව දැක්වේ.

ක්ෂීරපායී සතුන් 🦥
යාල ජාතික වනෝද්‍යානය තුල අලි ඇතුළුව ක්ෂීරපායී විශේෂ 44ක් දැක ගත හැක. එමෙන්ම එය ලෝකයේ වැඩිම දිවි ඝනත්වයකින් ද යුක්ත වනවා. එමෙන්ම අන්තර්ජාලය වාර්තා කරන ආකාරයට කලාප අංක එක තුළ පමණක් වාර්ෂිකව අලි ඇතුන් 150 ක් පමණ ද කොටියන් 40 ක් පමණ ද දැකගත හැකි වනවා.එමෙන්ම වර්තමානය වන විට මෙම වළස්, දිවියන්, අලි සහ වල් මී හරක් වඳවීමේ තර්ජනයට මුහුණ පා ඇති බවද දක්නට ලැබේ. එමෙන්ම උද්‍යානයේ අලි ජනගහනය කාලීනව වෙනස් වන බවද සඳහන් වේ.
මීට අමතරව මිරිදිය මත්ස්‍ය වර්ග 21ක් පමණ දැක ගැනීමේ භාග්‍ය උදා වන බවද දැක්වේ. එමෙන්ම මෙම වනාන්තරය තුලින් වාර්තා වන උරග සත්ත්ව විශේෂ 47ක් වන අතර, ඔවුන්ගෙන් හයක් පමණ ලංකාවට ආවේණික වෙයි.එමෙන්ම මුහුදු රාජලියා, වැව් රාජලියා, සර්ප රාජාලියා, බමුණු පියා උකුස්සා, ලකලු උකුස්සා, කොණ්ඩ රාජලියා වැනි මාංශ භක්ෂකයන්ගේ ද ගහණ වේ.

ශාක විවිධත්වය
වියළි මිශ්‍ර සදාහරිත වනාන්තරයක ස්වභාවයක් ගන්නා යාල කටු පඳුරු සහිත ලඳු කැළෑ බහුල වශයෙන් දැක ගත හැකිය. නමුත් විවිධ වූ තෙත් මෝසම් වනාන්තර, වියළි මෝසම් වනාන්තර, අර්ධ පතනශීලී වනාන්තරවලින්, කටු වනාන්තර, තෘණ බිම්, වගුරු බිම්, සාගර තෙත් බිම්, සහ වැලි සහිත වෙරළ පරිසර පද්ධති වලින් යුක්ත වේ. සමස්තයක් ලෙස ගත කළ ද්විතික වනාන්තර ආකාරයට පිහිටා තිබේයැයි සදහන් වේ. එමෙන්ම එහි බුරුත, වීර, පළු, මයිල, මලිත්තන්, කුඹුක්, හල්මිල්ල, තිඹිරි වැනි ශාක දක්නට ලැබෙන බවත් දැක්වේ. පළමුවැනි කලාපයේ වනාන්තර ස්වභාවය දැක ගත හැකිය. කලාප 3,4,5 වනාන්තර පුළුල්ව වේ. වන උද්‍යානයේ ලඳු බිම් තැන තැන විසිර පවතින පාෂාණමය ශේෂ කඳු වලින් යුක්ත බවද දැක්වේ. මෙහි මැණික් ගඟ මෝය, කටුපිළ ආර, කඩොලාන පරිසර පද්ධති සිත් ගන්නා සුළු ස්ථානයක් ලෙස ප්‍රකටය.
වඳවියාමේ තර්ජනයට මුහුණ පා සිටින මෙම වටිනා සම්පත් රැක ගැනීම ශ්‍රී ලාංකිකයන් වශයෙන් අපගේ පරම යුතුකමක් වන්නේය.
උපුටා ගැනීමකි

Photo credit goes to original photographer

Bonn, Germany ❤️🍃
25/10/2022

Bonn, Germany ❤️🍃

කැලෑබොක්ක 🌳🌻🌤️කන්ද උඩරට➡️ වත්තේගම➡️ පන්විල➡️මඩොල්කැලේ හරහා කැලැබොක්කට පැමිණිය හැක. මෙම ස්ථාන ඔබටද නැරඹීමට යා හැකි අතර ඒව...
25/10/2022

කැලෑබොක්ක 🌳🌻🌤️

කන්ද උඩරට➡️ වත්තේගම➡️ පන්විල➡️මඩොල්කැලේ හරහා කැලැබොක්කට පැමිණිය හැක.

මෙම ස්ථාන ඔබටද නැරඹීමට යා හැකි අතර ඒවා ආරක්ෂා කිරිමද ඔබගේ යුතුකමකි.

Photo credit goes to original photographers 📷🙏

Address

Galle
8008

Website

Alerts

Be the first to know and let us send you an email when The Backpackers. posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to The Backpackers.:

Videos

Share

Category