සංචාරේ

සංචාරේ ɢɪᴠᴇ ᴇᴠᴇʀʏ ᴅᴀʏ ᴛʜᴇ ᴄʜᴀɴᴄᴇ ᴛᴏ ʙᴇᴄᴏᴍᴇ ᴛʜᴇ
ᴍᴏꜱᴛ ʙᴇᴀᴜᴛɪꜰᴜʟ ᴅᴀʏ ᴏꜰ ʏᴏᴜʀ ʟɪꜰᴇ

🐾️🍃⛰️🌳🦚🏝️🐝🌊🚝💞 🦅
(86)

15/05/2024

මාලිගාතැන්න ආරණ්‍ය සේනාසනය 🌸🦋🙏❤️

මෙය ශ්‍රී ලංකාවේ ගම්පහ දිස්ත්‍රික්කයේ මල්වතුහිරිපිටිය ගම්මානයේ පිහිටි පුරාණ ලෙන් විහාරයකි. මෙම විහාරස්ථානය පිහිටා ඇත්තේ ගම්පහ - වතුරුගම පාරේ වන අතර පිළිකුත්තුව පුරාණ විහාරස්ථානයේ සිට කි.මී. 1.6 පමණ ඈතිනි.

ලංකාවේ ඇති බොහෝ ලෙන් විහාර මෙන්ම මාලිගාතැන්නද වළගම්බා රාජ සමය දක්වා දිවයන අතර දළදා වහන්සේ සඟවා තිබූ ස්ථානයක් ලෙසද ජනප්‍රවාදයන්හිං දොන් ජුවාන් ධර්මපාල රජතුමා ක්‍රිස්තියානි ධර්මය වැලඳ ගත් විට දන්ත ධාතූන් වහන්සේ සඟවා තැබූ පළමු ස්ථානය ලෙස ජනප්‍රවාද තුල පවතී (දෙල්ගමුව රජමහා විහාරයට ගෙන යාමට පෙර).

පන්සල ප්‍රධාන වශයෙන් පහළ මළුව සහ ඉහළ මළුව වශයෙන් බෙදා ඇති අතර. පහළ මළුවෙහි රූප සහිත බුද්ධ මන්දිරයක්, බෝ ගසක්, පුරාණ දේවාලය සහ ස්තූපය දැකිය හැකිය. පර්වතයේ මුදුනේ බෝ ගසක් හා ස්තූපයක් ඇත. විහාර පරිශ්‍රයේ කටාරම් සහිත ගල් ගුහා ගණනාවක් දක්නට ලැබේ. ඒවායින් එකක කැටයම් කළ ගල් දොර රාමුවක් දැකිය හැකිය. මහාචාර්ය සෙනරත් පරණවිතනගේ මතය අනුව දොර රාමුව ක්‍රි. ව. 8 වන සියවසට අයත් විය හැකිය.

මාලිගාතැන්න රජමහා විහාර භූමිය පිහිටි පරිසරය ආරක්ෂා කිරීම සහ පන්සල් භූමිය තුල සංවර ලෙස හැසිරෙණ ලෙස වන්දනාවේ යන ඔබ සැමගෙන් කාරුණික ඉල්ලා සිටිමි.

© chandrathilake

🦅 සංචාරේ

15/05/2024

අනේ එයා කතා කරන විදිය 🥰🦜

පළාත් පහක් එක විට පෙනෙන ලිප්ටන් සීට් 🌳🪴🐝🥰Lipton Seat තෝමස් ජේ. ලිප්ටන් මහතා මහා බ්‍රිතාන්‍යයට අයත් ස්කොට්ලන්තයේ උපන් අයෙ...
15/05/2024

පළාත් පහක් එක විට පෙනෙන ලිප්ටන් සීට් 🌳🪴🐝🥰
Lipton Seat

තෝමස් ජේ. ලිප්ටන් මහතා මහා බ්‍රිතාන්‍යයට අයත් ස්කොට්ලන්තයේ උපන් අයෙකි. ඔහු ක්‍රි. ව. 1800 දී පමණ ශ්‍රී ලංකාවට සංචාරකයකු ලෙසින් පැමිණ ශ්‍රී ලංකාවේ සුන්දරත්වයෙන් වශී වී එවකට ශ්‍රී ලංකා ආණ්ඩුකාරවර ශ්‍රීමත් ෆෙඩ්රික් නෝත් මහතාගේ ආශීර්වාදයෙන් ශ්‍රී ලංකාවේ පදිංචි වී ඇත.

ඉතා කඩවසම් ජවසම්පන්න තරුණයකු වූ තෝමස් ජේ. ලිප්ටන් මහතා තේ වගාව පිළිබඳ විවිධ පර්යේෂණවල නිරත වී ශ්‍රී ලංකාවේ ප්‍රථම තේ වත්ත ලෙසින් ඉතිහාසගත වී ඇති හපුතලේ දඹේතැන්න තේ වත්ත ආරම්භ කර ශ්‍රී ලංකාවේ තේ ලොව අන් රටවල ප්‍රචලිත කිරීමට සුවිශේෂී මෙහෙයක් සිදුකළ අයකු බව පැවසේ.

හුදකලාව ප්‍රියකළ මොහු තම තේ වතුයා‍යේ ඇති ඉතා උස් ස්ථානයක සිට වාඩි වී මධුවිත තොලගාමින් අවට සිරි නරඹමින් විවේකීව ගතකිරීම පුරුද්දක් ලෙස සිදුකර ඇත. ඔහු එදා අවට සිරි නැරඹූ එම ස්ථානය අද ‘ලිප්ටන් සීට්’ යනුවෙන් ප්‍රචලිත වී ඇති අතර එම ස්ථානය දෙස් විදෙස් සංචාරකයින්ගේ ඉතා ආකර්ශනීය ස්ථානයක් බවට පත් වී ඇත.

හපුතලේ නගරයේ සිට කි. මී. 12 පමණ දුරින් දඹේතැන්න වතුයායේ නැ‍ඟෙනහිර දෙසට වන්නට පිහිටා ඇති මෙම ස්ථානයට දඹේතැන්න අලංකාර තේ කම්හල පසුකර මඳ දුරක් ගිය විට ළඟාවිය හැකිය.

මෙම ස්ථානයේ ඇති සුවිශේෂීභාවය නම් ශ්‍රී ලංකාවේ පළාත් 9න් පළාත් 5ක් වන එනම් ඌව, දකුණ, සබරගමුව, මධ්‍යම හා නැ‍ඟෙනහිර පළාත් නිරීක්ෂණය කළ හැකි වීමයි.

එදා තෝමස් ජේ. ලිප්ටන් මහතා විවේකී සුවයෙන් වාඩිවී සිටි අයුරින්ම ඔහුගේ ජීවමාන ප්‍රමාණයේ ප්‍රතිමාවක් එම ස්ථානයේ ඉදිකර ඇත. එමෙන්ම එය සමීපයේ දඹේතැන්න වතුයායේ ඉතිහාසය හා තෝමස් ජේ. ලිප්ටන් මහතා පිළිබඳ සඳහන් පුවරුවක් ඉදිකර ඇත. එමෙන්ම එම ස්ථානයට නුදුරින් අවට සිරි නැරඹීම සඳහා ඉතා අලංකාර පීඨිකාවක් ද ඉදිකර ඇත. දඹේතැන්න වතු පාලනාධිකාරිය විසින් මෙම ස්ථානය නඩත්තු කරමින් පවත්වාගෙන යන බව පෙනී යයි.

සවස් කාලයේදී දැඩි ලෙස මීදුම ගලා එන හෙයින් මධ්‍යහ්න 12ට පෙර ඉතා පහසුවෙන් අවට සිරි නැරඹිය හැකි වේ. විශේෂයෙන් අධික වැසි සහිත දිනවලට මෙම ස්ථානට ‘අකුණු’ පතිත වන හෙයින් අධික වැසි සහිත දිනවලදී මෙම ස්ථානය නැරඹීමට යාම එතරම් ප්‍රඥාගෝචර නොවේ. පසුගිය කාලයේ එසේ අකුණුසර වැදීමෙන් විදේශිකයින් කීපදෙනකුගේම දිවි අහිමි වී ඇත.

© gamage

ඇබඩීන් 💦🦋🌺🍂🌫🔥🇱🇰හැමෝම යන්න ආසාවෙන්ම ඉන්න තැනක් 🤩Aberdeen waterfall | Srilanka💢 නාවලපිටිය ආසන්නයේ තියෙන ගල්පොත්ත,ගලබඩ වගේ ...
15/05/2024

ඇබඩීන් 💦🦋🌺🍂🌫🔥🇱🇰
හැමෝම යන්න ආසාවෙන්ම ඉන්න තැනක් 🤩
Aberdeen waterfall | Srilanka

💢 නාවලපිටිය ආසන්නයේ තියෙන ගල්පොත්ත,ගලබඩ වගේ තැන් වලට යන ඔයා මේ තැන අමතක කරන්නත් එපා 😌😌

💢 මේ තමයි ගිනිගත්හේන ආසන්නයේ පිහිටා ඇති ඇබඩීන් දිය ඇල්ල...😃🇱🇰🇱🇰

💢 කැලණි ගගේ ප්‍රධාන අතු ගංගාවක් වන කෙහෙල්ගමු ඔයේ තමා මේක පිහිටලා තියෙන්නෙ...💫💫

💢 මෙම දිය ඇල්ලේ උස මීටර 98ක් පමණ වන අතර ලංකාවෙ 18 වන උසම දිය ඇල්ල ලෙස ශ්‍රේණිගත කරල තියෙනවා😲😲

❌❌හැම පෝස්ට් එකකම කියනවා වගෙ පරෙස්සමට ගිහින් පරිසරයත් පරිස්සම් කරලා පර්‍ර්ස්සමින් එන්න ඕනේ❌❌

💢 If you go to places like Galpotta and Galabada near Nawalapitiya, don't forget this place 😌😌

💢 This is the Aberdeen waterfall located near Ginigathhena... 😃🇱🇰🇱🇰

💢 It is located in Kehelgamu Oya, a main tributary of kelani River...💫💫

💢 The height of this waterfall is about 98 meters and is ranked as the 18th highest waterfall in Sri Lanka.😲😲

❌❌ please protect this environment ❌❌

📸 Danuka De Silva

ගෝෂාකාරී පරිසරයෙන් ඈත්වෙලා නිදහසේ ඉන්න හොද තැනක්🐾️🏖️️⛰ 🔥🎉️🏞️Sandalu Eco Resort | YalaSrilanka🇱🇰© Dulanjana Piris
15/05/2024

ගෝෂාකාරී පරිසරයෙන් ඈත්වෙලා නිදහසේ ඉන්න හොද තැනක්🐾️🏖️️⛰ 🔥🎉️🏞️

Sandalu Eco Resort | Yala
Srilanka🇱🇰

© Dulanjana Piris

මිරිස්ස Coconut Tree Hill🥥🌴👣🤟⭕  මිරිස්ස වෙරළ තීරයේ නැගෙනහිර පැත්තේ පිහිටා ඇත.⭕ ප්‍රධාන දොරටුවේ සිට මුහුදු වෙරළට පයින් ළඟ...
14/05/2024

මිරිස්ස Coconut Tree Hill🥥🌴👣🤟

⭕ මිරිස්ස වෙරළ තීරයේ නැගෙනහිර පැත්තේ පිහිටා ඇත.

⭕ ප්‍රධාන දොරටුවේ සිට මුහුදු වෙරළට පයින් ළඟා වීමට විනාඩි 10ක් 15ක් පමණ ගත වේ.

⭕ මෙය පිහිටා ඇත්තේ පොල් ගස් වලින් වැසී ගිය වෙරළ තීරයක කෙළවරේය.

⭕ මිරිස්ස ප්‍රදේශයේ ජනප්‍රිය සංචාරක ආකර්ෂණයක් වන අතර සංචාරකයින් මෙහි පැමිණෙන්නේ මෙම සුවිශේෂී ස්ථානයෙහි අලංකාර ඡායාරූප ගැනීමටය.

⭕ මෙය මුහුදු මට්ටමේ සිට මීටර් 4ක් (අඩි 13ක්) උසින් පිහිටා ඇති අතර මෙම මනරම් සුන්දරත්වය නිසාම ප්‍රසිද්ධ ස්ථානයකි.

⭕ උදෑසන හෝ හිරු බැස යාමට පෙර මෙම ස්ථානයට පැමිණීමට අපි නිර්දේශ කරමු.

⭕ මිරිස්ස සිට මාතර පාර දිගේ දළ වශයෙන් කි.මී 3ක් පමණ ගමන් කර Coconut Tree Hill වෙතට හැරී Coconut Tree Hill වෙත ලගා විය හැක.

© Suranga Pushpakumara

Haputale View Point (හපුතලේ නැරඹුම් ස්ථානය )🤩🍃🥰😇බදුල්ල - කොළඹ ප්‍රධාන මාර්ගයේ බෙරගල සිට හපුතලේ දක්වා ගමන් කරන ඔයාලා  අනි...
14/05/2024

Haputale View Point (හපුතලේ නැරඹුම් ස්ථානය )🤩🍃🥰😇

බදුල්ල - කොළඹ ප්‍රධාන මාර්ගයේ බෙරගල සිට හපුතලේ දක්වා ගමන් කරන ඔයාලා අනිවාර්යයෙන්ම නැවතිලා බලන්න ඕන ලස්සන විව් පොයින්ට් එකක්.🤩🍃💚🥰

© rekha gamage

ලංකාවේ ප්‍රථම, එකම ද්විත්ව බිංගෙය 😍🚂🌿🌎😲🍂🌳🌹🍃"බෝතලේ බිංගෙය - Bothale Tunnel"එකම ස්ථානයක පිහිටි ද්විත්ව බිංගෙයමෙරට පළමු බිං...
14/05/2024

ලංකාවේ ප්‍රථම, එකම ද්විත්ව බිංගෙය 😍🚂🌿🌎😲🍂🌳🌹🍃
"බෝතලේ බිංගෙය - Bothale Tunnel"

එකම ස්ථානයක පිහිටි ද්විත්ව බිංගෙය
මෙරට පළමු බිංගෙය
උසම බිංගෙය
උඩරට මාර්ගයේ හමුවන ප්‍රථම බිංගෙය
එය නමින් බෝතලේ බිංගෙය.

කොළඹ කොටුවේ සිට බදුල්ල දක්වා ඉදිවී ඇති ප්‍රධාන දුම්රිය මාර්ගයේ විල්වත්ත දුම්රිය ස්ථානයත් බෝතලේ දුම්රිය ස්ථානයත් අතර පිහිටි මෙම ද්විත්ව බිංගෙය බෝතලේ බිංගෙය ලෙස හැදින්වෙනවා...

© Sasindu Gunasekara

13/05/2024

සුදු මහත්තයා තමයි හොඳටම කරේ 😁😘

දේදුගල 🐝🌦️☁️🌳🪴🌻දේදුගල එක් පසෙකින් මායිම් වන්නේ මහනුවර දිස්ත්‍රික්කයට යි. දේදුගල සහ  එයට ආසන්න පැලැම්පිටිය ගම්වලින් තමයි ...
13/05/2024

දේදුගල 🐝🌦️☁️🌳🪴🌻

දේදුගල එක් පසෙකින් මායිම් වන්නේ මහනුවර දිස්ත්‍රික්කයට යි. දේදුගල සහ එයට ආසන්න පැලැම්පිටිය ගම්වලින් තමයි සබරගමු පළාත මධ්‍යම පළාතට නැත්නම් මහනුවර දිස්ත්‍රික්කයට මායිම් වන්නේ. ප්‍රදේශයේ උසම ස්ථානය වන උඩපැලැම්පිටිය මුහුදු මට්ටමින් අඩි 4000ක් උස යි. දේදුගල ගම උසින් අඩි 2000ක් වෙනවා. එය නිතර මිහිදුමින් බර සිසිල් පෙදෙසක්.

බුලත්කොහුපිටිය සිට දේදුගල, පැලම්පිටිය හරහා නාවලපිටියට යන මාර්ගයක් ද වැටී තිබෙනවා. තිබෙන මාර්ගය පටු වුවත් කාපට් අතුරා සකස් කර තිබෙනවා. වංගු බහුල මාර්ගයේ යනවිට නළඟන ඇල්ල, රිටිගහ ඇල්ල, රුක්මල් ඇල්ල, රිකිල්ල ඇල්ල ආදී දියඇලිත් දැක ගැනීමට ලැබෙනවා.

© Sasindu Gunasekara

⚠️ පහන්තුඩාවේ දිය නෑම අනතුරුදායකද? 😮☠️😱පහන්තුඩාව යනු ශ්‍රී ලංකාවේ දිය ඇලි අතරින් තවත් සුවිශේෂී වූත් සුන්දර වූත් නිර්මාණය...
13/05/2024

⚠️ පහන්තුඩාවේ දිය නෑම අනතුරුදායකද? 😮☠️😱

පහන්තුඩාව යනු ශ්‍රී ලංකාවේ දිය ඇලි අතරින් තවත් සුවිශේෂී වූත් සුන්දර වූත් නිර්මාණයක් වන අතර එය බෙලිහුල්ඔය නගරයේ සිට දළ වශයෙන් කිලෝමීටර් 2 ක් පමණ A4 මාර්ගයේ බලංගොඩ සිට කිලෝමීටර් 19 ක් දුරින් පිහිටා ඇත. එහි පිහිටීම සහ ස්වභාවයට හේතුව මෙන්ම මෙම දිය ඇල්ලට එහි නම ලැබී ඇත්තේ එහි ස්වභාවික ස්ථානය නිසාය.

පන්තුඩාව දිය ඇල්ල මැනිය නොහැකි ගැඹුරකින් යුක්ත වේ. එය පහනක හැඩයෙන් යුක්ත වන අතර එය එහි නමට දායක වේ. එබැවින් දිය ඇල්ලට පහන්තුඩාව ඇල්ල යන නම ලැබී ඇත. පහන්තුඩාව දිය ඇල්ල සබරගමුව පළාතේ රත්නපුර දිස්ත්‍රික්කයේ සමනලවැව සංචාරක කලාපයේ පිහිටා ඇත. ප්‍රදේශවාසීන් එය හඳුන්වන්නේ "ගලගම ඇල්ල" යනුවෙනි.

"හවාගල" කඳුවැටිය මෙම දිය ඇල්ලේ උල්පතයි. ඇතුළත විශ්මයජනක දසුන් සහිත දිය ඇලි දෙකක් ඇත. මෙම දිය ඇල්ල සමනල වැව ජලාශයට ගලා යාමට පෙර බෙලිහුල් ඔයේ දිය ඇලි වල අවසන් දිය ඇල්ලයි.

☠️☠️⚠️⚠️
ගැඹුර ගැන කිවුවොත් මීට අවුරුදු 6කට පමණ පෙර නැතිවෙච්ච ආච්චි ගන්න ගිය නේවි එකේ ඩයිවර්ස්ලට බොඩිය හම්බෙලා තියෙන්නෙ අඩි 68 යට ගල් පඩියක තිබිලා.ඒ වගෙම ගමේ අය කියන විදිහට කැම්පස් එකේ අඩි 450 ක් මනින්න පුලුවන් උපකරණයකිනුත් මේකෙ අඩිය හොයාගන්න බැරිවෙලා.ටුවරිස්ට් කෙනෙකුත් තව එකකින් ට්‍රයි කරලා ඒකෙනුත් බැරිවෙලා.මේක මෙච්චර ගැඹුර වෙන්න හේතුව වැසි කාලෙට තියන සුළිය වෙන්න පුලුවන් .කොච්චර වැඩ්ඩෙක් උනත් නොහිතන විදිහට යටට ඇදිල යන්න පුලුවන් . නිධන් කතාත් මේකට ගෑවිලා තියනවා.

අනික් අවදානම හිතාගන්න බැරි විදිහට වතුර වැඩි වෙන එක.එහෙම වෙලාවක මේකෙ හිටියොත් සමනල වැවට නොමිලේ ටුවර් එකක් යන්න පුලුවන් . සාමාන්‍ය ගැඹුරකින් උල් තියනවා කියලත් අහලා තියනවා.

බලංගොඩ , පඹහින්නෙ අය උනත් මේකෙ නාන්න කලිං දෙපාරක් හිතනව.එහෙම එකේ වැවක ගඟක නාල නැති කෙනෙක් මේකට පැන්නම වෙන දේ හිතන්න පුලුවන්නෙ.පහන්තුඩාවෙ නාන්න පහල හදල තියන තැන පහුකරන් මේ වලට එනවනම් දෙපාරක් හිතන්න. හිතපු නැති විදියෙ අනතුරක් වෙන්න පුලුවන්. 50% අවදානමක් තියනවා වැස්ස දවසටනම් ....

ලංකාවෙ වැඩිම flash flood අවදානමක් තියෙන්නෙ පහන්තුඩාව හරහා යන බෙලිහුල්ඔයලු

© Danuka De Silva

12/05/2024
අභිමානවත් දෙවැනි සංවත්සරය බැතියෙන් සමරමු.. 😌
09/05/2024

අභිමානවත් දෙවැනි සංවත්සරය බැතියෙන් සමරමු.. 😌

ලෝකයේ ගැඹුරුම ගිලා බැසීමඔබ එහි සංචාරය කරනවාද නැත්නම් ජීවත් වෙනවාද? පුද්ගලිකව, මට එය කළ හැකිදැයි මම නොදනිමි. පෘථිවියේ ගැඹ...
29/04/2024

ලෝකයේ ගැඹුරුම ගිලා බැසීම

ඔබ එහි සංචාරය කරනවාද නැත්නම් ජීවත් වෙනවාද?

පුද්ගලිකව, මට එය කළ හැකිදැයි මම නොදනිමි.

පෘථිවියේ ගැඹුරුම සහ විශාලතම ස්වාභාවික ළිඳ Xiaozai Tiankang ලෙස හැඳින්වේ. එය චීනයේ හදවතේ පෙන්ජි හි පිහිටා ඇත. මෙම ළිඳ සම්පූර්ණයෙන්ම ස්වාභාවික වන අතර ගැඹුර මීටර් 662 ක්, දිග මීටර් 626 ක් සහ පළල මීටර් 537 කි.

එය නිර්මාණය කර ඇත්තේ කිලෝමීටර් 8.5 ක භූගත ගංගාවක් සහිත ගුහාවක් මත වන අතර දර්ශනීය දිය ඇල්ලකට ගලා යයි. එහි දැවැන්ත ප්‍රමාණය එය ලෝකයේ ගැඹුරුම ගිලා බැසීම බවට පත් කරයි

Would you visit or live there?

Personally, I don’t know if I could do either.

The deepest and largest natural well on earth is called Xiaozai Tiankang. It is located in Penji, in the heart of China. This well is completely natural and reaches a depth of 662 meters, a length of 626 meters and a width of 537 meters.

It was created on top of a cave with an underground river of 8.5 kilometers in size and flowing into a spectacular waterfall. Its enormous size makes it the deepest sinkhole in the world

27/04/2024

ඒතන පට්ට ආතල් තැනක් වාව්..😲😍

කොට්ටව කැලේ මැදින් 🏞️🌦️🐝🖤🌿🍃🌸 Kottawa rainforest SriLanka 🌿ගාල්ල උඩුගම පාරේ යනකොට තියෙන හරිම ලස්සන රක්ෂිතයක්.. 🍃🌿
25/04/2024

කොට්ටව කැලේ මැදින් 🏞️🌦️🐝

🖤🌿🍃🌸 Kottawa rainforest SriLanka 🌿
ගාල්ල උඩුගම පාරේ යනකොට තියෙන හරිම ලස්සන රක්ෂිතයක්.. 🍃🌿

ගාල්ලෙ ඇවිත් නාන්න යන්න නියම තැනක් 🌱😍🏔️🇱🇰 උඩුගම හේමාදොල ඇල්ල 🌊🌳🍃🚶👣👌 Photos Credit goes to Respective Owners
23/04/2024

ගාල්ලෙ ඇවිත් නාන්න යන්න නියම තැනක් 🌱😍🏔️🇱🇰
උඩුගම හේමාදොල ඇල්ල 🌊🌳🍃🚶👣👌

Photos Credit goes to Respective Owners

යමුද එළුවන්කුලමේ..... 🌳🐝🌦️🏞️🔴 අධික වැසි කාල වල රාජාංගණේ වැව වාන් දොරටු විවෘත කරන අතර එම ජලය මුහුදට එක් වන්නේ කලා ඔය හරහා...
23/04/2024

යමුද එළුවන්කුලමේ..... 🌳🐝🌦️🏞️

🔴 අධික වැසි කාල වල රාජාංගණේ වැව වාන් දොරටු විවෘත කරන අතර එම ජලය මුහුදට එක් වන්නේ කලා ඔය හරහායි...එවිට කලා ඔයේ ජල මට්ටම ඉහල යයි...

🔴 පුත්තලම සිට මන්නාරම දක්වා පැරනි පාර විහිදී ඇත්තේ මේ එළුවන්කුලම හරහායි...මෙම මාර්ගයේ එළුවන්කුලමෙදි කලා ඔය හරහා ඇත්තෙ සපත්තු පාලමකි....කලාඔය ජලයෙන් පිරී යන සෑම අවස්ථාවකම මෙම මාර්ගය ජලයෙන් යට වෙයි...

__________________________________________


𝐄𝐥𝐮𝐰𝐚𝐧𝐤𝐮𝐥𝐚𝐦𝐚

🔴 During heavy rains, the sluice gates of the Rajangana lake are opened and the water joins the sea through Kala Oya... Then the water level of Kala Oya rises...

🔴 The old road from Puttalam to Mannar stretches through this Eluvankulam... There is a shoe bridge across the Kala Oya at Eluvankulam on this road.... When the Kala Oya is full of water, this road gets flooded...

📸 credit goes to respicieve first owners

ජපානය කියලා හිතුවේ එකපාරට.. නෑ මේ කොළඹ ❤️😍 තර්ස්ටන් මාවත
17/04/2024

ජපානය කියලා හිතුවේ එකපාරට.. නෑ මේ කොළඹ ❤️😍 තර්ස්ටන් මාවත

නිවාඩුවට ඇල්ල , බණ්ඩාරවෙල යන අයට නවතින්න පුලුවන් ලස්සන place එකක් 😮💚The Leisure Homestay - Ella Bandarwelaකන්ද මුදුනේ ලස...
12/04/2024

නිවාඩුවට ඇල්ල , බණ්ඩාරවෙල යන අයට නවතින්න පුලුවන් ලස්සන place එකක් 😮💚
The Leisure Homestay - Ella Bandarwela

කන්ද මුදුනේ ලස්සන view එකක් තියෙන නිදහස් පරිසරයක තමයි මේක තියෙන්නේ 💚

⭕️ Package Details
Double room - 3500/-
Triple room - 4500/-
Entire home - 12500/-
(per day)

⭕️ Facilities
Comfortable bedrooms
Attached bathroom
Hot water facilities
Free parking
Large beautiful garden
Open aria
Kitchen with accessories

මේ පිළිබද තව දුරටත් විස්තර දැන ගැනිම සදහා අමතන්න-
0777437898
0707437898
0777962893
WhatsApp : wa.me/+94777437898
https://maps.app.goo.gl/i6vvdVSf1nojzGQd7

🕸️🕷️😒
10/04/2024

🕸️🕷️😒

07/04/2024

කැලණිය වසන්ත උදානය 2024 ❤🌞

අතිශය ප්‍රථම වතාවට අලි රේස් එකක් 🐘🍃🤣

📷 Imesh Udayanga

18/03/2024

මිනිසුන් වෙන තැන්වල...
ඒත් උන්ගේ මතක පරිස්සමට අපේ ලග. |

Address

Galle

Telephone

+94778552666

Website

Alerts

Be the first to know and let us send you an email when සංචාරේ posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to සංචාරේ:

Videos

Share

Advertising

Advertisment



You may also like