12/05/2024
සිරීපා කරුණාවට වාරෙ හොඳයි, අවාරෙ තහනම්. පරිසරය විනාස වෙන නිසාලු.
ඒ උනාට ඇත්තම කතාව හාමුදූරුවන්ට වාරෙට ආදායම හොඳයි. අවාරෙට ආදායමක් නෑ. කන්ද පාමුල ඉඳල පිළිමයක් පීළිමයක් ගානෙ අටවගත්ත පන්සල් වල හාමුදුරුවරු ටිකක් ඉඳන් මිනිස්සුන්ගෙ බය මාකට් කරල පිරිත් නූල් විකුණනව. සල්ලි දීලා ඒව බැඳගත්තම කරදරයක් නැතුව ගිහින් ඒන්න පුළුවන්ලු. ටිකට් කඩල ආදායම ගන්න ගිය එක නෝන්ඩි උන නිසා අවාරෙ යන ටිකත් වාරෙට ගෙන්න ගෙන ආදායම වැඩි කර ගන්න ට්‍රයි කරනව.
වාරෙ අති ශ්‍රද්ධාවෙන් සිරිපා කරුණා කරන බැතිමත්තු දාල එන කුණු, ප්ලාස්ටික් අපද්‍රව්‍ය ගොඩක් වෙලාවට පහළට අරගෙන එන්නෙ අවාරෙ යන මිනිස්සු. හැබැයි අවාරෙ ශ්‍රීපාදයට යන අයගෙන් හාමුදුරුවන්ට ආදායමක් නෑ. අවාරෙට සුද්දොනම් ආවට කමක් නැතිලු. අවාරෙට ඩොලර් වලින් හොයන්න කල්පනාව. වාරෙදි ආදායම හොඳ නිසා ශ්‍රද්ධාවන්ත බැතිමත්තු කොච්චර කුණු ගෙනත් දාල ගියත් ඒක හාමුදුරුවන්ට ප්‍රශ්නෙකුත් නෑ.
ඔය පිරිත් නූල් විකුණන හාමුදුරුවරු සෙට් ඒකට ඒකතු වෙලා කන්ද පාමුලදි මිනිස්සු ගෙනියන පොලිතින් ප්ලාස්ටික් ඉවත් කළා නම් ඇත්තටම පරිසරය රැකගන්න තිබුණ.
තුන්සිය හැටපස් දවසෙම දහස් ගණනක් මිනිස්සු යන හෝටන් තැන්නෙ කිසිම කුණු ගොඩක් නැතුව ලස්සනට රැකිල තියෙනව. ඒ උනාට හෝටන් තැන්නත් වාරෙ මාසය 6 ක් මිනිස්සුන්ට කැමති විදියට යන්න ඇරල පරිසරය රිකවර් වෙන්න කියල මාස 6 ක් අවාරෙ විදියට තහනම් කරානම් හෝටන් තැන්නත් අද තැන් තැන්වල කුණු කඳු එකතු උන පරිසර පද්ධතියක්.
රජයේ ආයතනයක් උනත් වන ජීවී එකෙන් සිරීපාදෙ හාමුදුරුවන්ට වඩා මොළේ ඇතුව වැඩ කරල තියෙන නිසා සිරිපා රක්ෂිතයට වඩා හෝටන් තැන්ත තව කාලයක් රැකිල තියේවි.