03/10/2024
නුවරගල යමු
අම්පාර දිස්ත්‍රික්කයට අයත් මහඔය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ, පොල්ලේබැද්ද, ආදිවාසී ගම්මානය හරහා රඹකැන් ඔය මිටියාවත ඔස්සේ වන සංචාරයක යෙදෙන්නකුට සොබා දහමේ අපූර්ත්වයත්, පෙර රජ දරුවන්ගේ විස්මිතයනුත් නරඹමින් සොබා දහමේ අපුරු නිමවුමක් වු නුවරගල වෙත ළඟා විය හැක.
ඓතිහාසික මෙන්ම පුරාවිද්‍යාත්මක වටිනාකමකින් යුතු නුවරගල නැරඹීමට යන අපට...අද දක්නට ලැබෙන්නේ කැලෑවෙන් වැසී ගිය. වන අලින්ගේ හා වන සතුන්ගේ රාජධානියක් වු වනසංරක්ෂණ දෙපාර්තමේන්තුව මගින් පාලනය වන ආරක්ෂිත කලාපයකි.
නුවරගල පර්වතය හා නටඹුන් බැලීමට යන අප. අවසර පත්‍ර ලබාගත යුතුයි....එය මහඔය වනසංරක්ෂණ කාර්යාලයෙන් ලබා ගත හැක.
නුවරගල සංචාරයේ යෙදෙ අපට ඇතැම් බොහෝමයක් ස්ථාන තුල අපට දක්නට ලැබුණේ එකල රජ 🤴දවස ජනාවාසවයක් හෝ සද්ධාතිස්ස රජ දවස පැවති බලකොටුවක් බවට අදටත් ඉතිරිව ඇති සාක්ශි වේ.
අපි ඇවිද යන මාවතේ ඇතැම් ස්ථාන හතරැස් කලුගල් කුට්ටි යොදා ඊට උඩින් පස් දමා මාර්ගය අඩි 8ක් පමණ පලල කට තනා තිබු ස්ථාන ද අදටත් සෙවිල්ලෙන් බලන ඔබට දක්නට ලැබේ.... ,
අපට පැවසු පරිදි , (පුරාවිද්‍යාත්මකව තහවුරු නොකල). ගුහාවක් ලග ඉදිකිරීමක නටඹුන් වී ගිය කොටසක්ද දක්නට ලැබුණි. එය ජනප්‍රවාද යේ එන පරිදී ~ අප හා ගිය මග පෙන්වන්නා වු ආයුවර්ධන මමා සදහන් කලේ මුරකුටියක් යන්නයි. එයද අද නටඹුන් ව පවති.
තවද දුෂ්කර ගමන් මගේ අසීරුතම කොටස වු එක එල්ලේ ඉහළට නගින්න තිබු කොටස පසුකර යද්දී ඉහලට ගල් පර්වතය මතම කොටා කරවන ලද ශේෂ වී ගිය ඉහළට තිබෙන්නාවු ගල් පඩිපෙලක කොටසක් හා එතනින් මදක් ඉදිරියට ගිය පසු දකුණු පසට වෙන්නට දැව මය කඳන් ඉහලට රදවා තබපු කුටියක් වැනි ඉදිකිරීමක තිබු බවට සාක්ශි සපයන නටඹුන් දක්නට ලැබේ. හතරැස්ලී කණු ඉහලට රැදවිය හැකි ගල මත කෙටු පාදම් හතර සෙවිල්ලෙන් බලන අපට දක්නට ලැබේ. එමගින් එතන දැව මය ඉදිකිරීමක් තිබෙන්නට ඇතැයි... සිතීමට හැක.
මෙකී මුර කුටි වල පාදම පවා කලකට පෙර නිධන් හොරුන්ගේ ග්‍රහණයට ලක්ව තිබෙන බව දැකගත හැකිය.
ඉහළට නුවරගල ගල් පර්වතය මත වු චතුරස්‍රාකාර පොකුණ ද. පහල ගල්ගුහාවේ කොටා ඇති කටාරම් හා එහි බ්‍රාහ්මීය අක්ශර වලින් කොටා ඇති ගිරි ලිපියෙන්ද..... නුවරගල ඇති පුරාවිද්‍යාත්මක වටිනාකම පිළිබිඹු කෙරේ.
නුවරගල සද්ධාතිස්ස රජ වීමට පෙර සමයේ සිට කරවු වක් බවටත්...කලයාගේ ඇවැමෙන්. සද්ධාතිස්ස කුමරු රජ වීමෙන් පසු අනුරාධපුර රාජධානියට ක්‍රමයෙන් සංක්‍රමනය වීමෙන් පසුත් සද්ධාතිස්ස ඇවැමෙන් 🤴සද්ධාතිස්ස වැඩිමහල් පුත් ලංජතිස්ස රජ විසින් ☸️සඟසතු කල බවත්. පුරාවෘත්ත වල සදහන්ව පවති.
පසුකාලීනව වනාන්තර යට සීමා වු මෙම ප්‍රදේශය LTT ත්‍රස්ත ක්‍රියාකාරී පාලන ප්‍රදේශයක්ව පැවතුනද 30 වසරක යුදධය නිමා වීමෙන් පසු... ක්‍රමයෙන් සංචාරකයින්ගේ සිත් ගන්නා තැනක් බවට පත්ව අදටත් පවති.
🚶සංචාරකයෙක් ලෙස 'නුවරගල ගිරි රාජධානියට' ගිය මට සීගිරිය හා නුවරගල අතර ඇතැම් සමහර + සමානාත්මකතාවයන් කුතුහලයක් ගෙන එන්නේ. ⚠️️මේ ප්‍රශ්නය ද මට මෙන් ඔබටද ඉතුරු කරමිනි.👇
👉 ක්‍රි.පු.. වල සද්ධාතිස්ස රජ තුමා මෙම බලකොටුව සහ ජනාවාසය ගොඩ නැගුවා නම්....🤴 සද්ධාතිස්ස රජුගේ වැඩි මහල් පුත් ලංජතිස්ස රජු නුවරගල ☸️සඟසතු කලා නම්(ජන වහරෙ එන පරිදි).... මෙය පූරව ආදරශයක් වුවාද ක්‍රි.ව. 479-497 කාශ්‍යප රාජ්‍ය කාලයට ප්‍රථම වයස අවු.18 සිට ගොඩ නගන්නට සීගිරිය...නොදනිමි මම. එසේ සිතීමට තරමටම සීගිරය හා නුවරගල අතර සමානාත්මක තාවයක් දැනේ.......
යන්න ගිහින් බලන්න
🙋හරි දැන් එහෙනම් අපේ ගමනේ කතාව පටන්ගමු👇
දිනනය. 21බදාදා/ අගෝස්තු/2024
ස්ථානය . කෙළඹ පෞද්ගලික බස් නැවතුම් පල.
කතා කර ගත් විදිහට මම,ලක්ශිකා, ලසිත්,සමිත්,චරිත් වගේම අපේ පාද යාත්‍රා වේදී හමුවුණු Set එක වන ශනුක, කසුන්, අකිල,සහන් සහ කසුන්ගේ යාලුවා ඇතුලු අපි කණ්ඩායම 8.45pm මහ ඔය හරහා අම්පාර යන බස් එකට ගොඩ වුනේ .කල්තියා වෙන් කරගත් ආසන ඇති වය....
නුවරගල සංචාරය කරන කැමති හා බලා පොරොත්තුවෙන් සිටින අයකුට අවශ්‍ය කරන සියලු විස්තර පහත👇 ඇත.
කොළඹින් 8.45Pm ට පිටත් වෙන බස් එක 6.00 Am වන විට මහ ඔයට පැමිණේනවා.
උදේට එතනම තියන කඩයෙන් හොද හැටි සප්පායම් වෙන්න පුලුවන්. .....අපි දවල් ට කෑම ඇණවුම (Home Made) මහ ඔය කඩේට බාර දුන්නා...... ඒ ටික ලක ලෑස්ති වෙනකන් . ගමනේ රථාචාර්‍ය අමිල අයියගේ ලොරියෙන්....( ලොරියේ අයිතිකරුත් අමිල ....මම එහෙම නෙවෙයි හරිද😂) එතකන් අපි ගියා මහඔය ට 2/3Km එහැන් තියන උණු දිය උල්පත් බලන්න..
⛰️නුවරගල ගමනට අදාල සියලු - සම්බන්ධීකරණ විස්තර පහතින් මම පහතින් දාන්නම්.
මේ ගමන යනවනම් සතියකට කලින් ටිකට් ටික සුදානම් කරගන්න.. මග පෙන්වන්නා මාර්ගයෙන් එය කර ගන්නට පුලුවන් ....⚠️️ඔවුන්ට මුදල් බැර කලහම ඔවුන් ඒ කාර්‍ය කරලා දෙනවා.
⚠️️ හොදින්මතක තබා ගන්න මුදල් බැර කල පමණට පමණක් ඔවුන් ඒ වැඩේ කරලා තියයිනේ යන අදහසින් සිටින්නේ නැතිව ..ඔවුන් සමග නිතර සම්බන්ධ වී Ticket - ගත්තාද යන්න නිතර සෙවිල්ලෙන් සිටින්න... මොකද එය ඔබේ ගමන උදෑසනම ආරම්භ කරන්න මහත් පිටුවහලක් වේවි!
මේ ගමනට මගපෙන්වන්නෙක් අවශයම බව සදහන් කරලා තිබුන නිසා ඒ අයගේ සහය ලබා ගත්තා.
8.30ට පමණ වුණා අපි ගමන පටන් ගද්දී... අන්න ඒ නිසයි මම☝️ සදහන් කල දේ ගැන සැල කිලිමත් වෙන්න කියලා.
ගමන ට පිටත්වුණා ගමන ආරම්භක ස්ථානයට යද්දී හිරු රශ්මිය හොදින් දැනෙන්නට පටන් ගෙන තිබුණා. ඒකත් එක අභියෝගයක්... ගමනට පෙර සුදානම් වී. ගමනේ මගපෙන්වන්නා වු 'ආයුවර්ධන' මමා සමගය.. වගකීමකින් යුතුව තමන්ගේ කාර්‍ය ඉමහත් ලෙස ඉශ්ඨ සිද්ධ කරනු ලබන මග පෙන්වන්නෙක් ලෙසට කියන්නට පුලුවන.
නුවරගල ගමන සදහා මම හිතන විදිහට හොදම කාලය වර්ෂා කාලයෙන් පසු කාලයයි. ..වියලී ගිය පරිසරය ලා කොල පැහැයට දිස්වෙන කාලය වගේම දිය කඩිති වල වතුර රැස්ව තිබීමත් ජල පහස වගේම වෙහෙස නිවා ගන්න පිටුවහලක් වෙනවා. තවද.... හවස් කාලයේ ලා තණ කොල කෑමට ප්‍රිය කරන වන අලින් දැක ගැනීමට හැකි වීමද... එක් කාරණයකි.
වර්ශා කාලයේදී නුවර ගල යන්ඩ එපා
ඒ වගේම වර්ශාව නැති කාලයේ නුවරගලට තදීන් අව්ව වැටෙනවා සුළඟක් වත් හරි හැටි එන්නැ මොකද අපි ගමන් කරන මාර්ගය එළිමහන් කඳුවැටි වලින් වටවුණු මාර්ගයක් වීමය. ඒ හේතුවෙන් සුළඟ නොයෙන්නට හේතුවකි.
⚠️️වතුරෙන් එගොඩ වීමට කීප තැනක් හමුවෙයි.... වැසි කාලයේදී ඒවායින් එගොඩ වීමට ඇති හැකියාව අඩු බව ඒතැන් දැක්කහම නිගමනය කරන්නට පුලුවන් වගේම .. මාර්ගය මග හැරීමට ඇති හැකියාව බොහොමයි ඒ නිසා ..යනවනම් ඒකත් බලලම යන්න..
මේ ගැන විශේෂයෙන් ම සැලකිලිමත් වෙන්නම ඕන මොකද? එහෙම නොවුනොත් ඔබද ? ඔයත් එක්ක යන අයද අමාරුවේ වැටෙන්න පුලුවන් ..ගමන පටන් ගන්න තැන ඉදන්ම නුවර ගල ගල් ගුහාව වෙනකම් එතනින් එහාටත් මේ අවදානම තියෙනවා. ⚠️️ 🐘 අලි ඔවුන් මේ කැලේ හැම තැනම වගේම නුවරගල ගල උඩත් පොකුණ ගාවටත් එනවා, ඒ අවට ඉන්න පුලුවන්, ඒ පාර දිගේ යනකොට හමුවන අලි වසුරු වලින් අපිට හිතෙන්නෙ අලිත් ගිහින් තියෙන්නෙ අපි යන පාරෙම නේ කියලා .හැබැයි බැලු බැල්මට එහෙම උනාට මේ එයාලාගෙ රාජ්‍ය නේ.අපි තමා යන්නෙ එයාලා ගිය පාරේ. ඒ නිසා කල්පනව කියන දේ හොදටම තියෙන්නෙ ඔනේ. කොයි වෙලේ හරි 🐘ඉස්සරහින් ,පිටිපස්සෙන් මතු වෙන්න පුලුවන් 😁
අපි ගිය දවස් වලට සති ගණනාවකට පෙර ගල්ගුහාව ළඟ තියෙන වතුර වල ගාවට ඇවිත් ගිහින් තිබුන බවට 🐘වසුරු මගින් සාක්ශි සනාත කලා ...
බැරි වෙලාකවත් ගල් ගුහාව ලගට ආවොත්෴ දෙයියන්ගේම පිහිටයි!....එහෙම උනොත් ගල් ගුහාවේ. පැතිලිව රිංගිය හැකි කොටසට හැකිතාක් දුරට යෑම මිස කලහැක්කක් නොමැත.......අන්න ඒ නිසා තමා මග පෙන්වන්නෙක් ඇතුව යන්න කියන්නේ..මොකද ඔවුන් අලි වෙඩිද රැගෙන යන නිසා......හැබැයි ගල් ගුහාව ලගටම ආවොත්..අලිවෙඩිත් සාර්ථක වෙයිද යන්න ප්‍රශ්නයක්.... එසේ නොවන්නට අවදානමෙන් සිටීම ඉතා වැදගත්.
බීමට සහ පරිහරනට සෑහෙන පරිදි වතුර ගෙනවිත් තබා ගත යුතුයි. බීමට ජලය ගැනීමට ද?.... ගුහාවට ආවායින් පසු ඇදිරිය වැටීමට ප්‍රථම සැහෙන දුරක් යාමට ඇත....ඒ සමගම අවශ්‍ය කරන දර ආදියද රැගෙන ඒමටද සිදුවේ...
🔥 මැල ගැසීමේදී වැඩිය විශාල හා උසට ගිනිමැල ගහන්න එපා... කුඩා ප්‍රමාණයේ 🔥 මැලයක් ගැසීමට වග බලාග්න. මන්ද..සුළඟේ වේගය නිසාවෙන්ඔබ අරන් යන ♨🏕️ Tent වලටද හානි වෙන්න පුලුවන් වලේම 🔥 පැතිරිම හේතුවෙන් පරිසරයට සතුන්ට, මෙන්ම ඔබගේ ද ජීවිත වලට සිදුවිය හැකි හානිය එමගින් වැලකේ.
❗🔥ගිනිමැලය ගැසීමට පෙර ගල්ගුහාව දෙස හොදින් බලන්න ගල්ගුහාව තම වාසස්තානය කරගත් 🐥(ළිහිණි)යන් 🦎 හුනන් වැනි සතුන් ඉන්නවා ඔවුන්ගේද ජීවිත වලට බලපෑමක් , හානියක් නොවන්නට වග බලා ගන්න. ටිකක් එහාට නේන 🔥මැලය ගසන්න.
මෙම කාරණාවට කොතෙක්.. එකගවේද යන්න මම දන්නැ ...❗නමුත් කියන්නම සිද්ද වෙනවා මෙතනට ගිහින්🥂🍾🥃මත්ද්‍රව්‍ය, මත් පැන් 🙅 ගැනීමෙන් ..තම ජීවිත හිතා මතාම අනතුරේ දා ගැනීමක් කරගන්නේ ඒ නිසා ඒව්වා භාවිතා කරන්න එපා🙅....මොකද මෙතන තිබෙන අවදානම් සහගත හෙල නිසා. ගිය අයෙක් දන්නවා මෙතන තියන අවදානම.... සුන්දරත්වය විදින්න... ...විදවන්න තියා ගන්න එපා.
[⚠️️මේක 🙏ඉල්ලීමක් වහේම, සංචාරය කරන කොයි කාගේත් යුතුකමක් වගකීමක් ඔබ රැගෙන යන සියලුම (පොලිතින්, ප්ලාස්ටික් , කඩදාසි, ටිං)වැනි ද්‍රව්‍ය නැවත රැගෙන ඒමට වගබලා ගන්න…]
👇
🌞හිරු උදාව බලනවනම් පසුවදා උදෑසන 5.30ට වත් නැගිටලා , ගල උඩ තියෙන පොකුණ ගාවට යන්න ඕන එතනටත් 200m වගේ යන්න තියෙනවා... එතන තමා නුවරගල දෙවනුවට ප්‍රසිද්ධ තැන වගේම ලස්සන තැනක් 📷 වලට.
❗ඔන්න ඔය ආකාරයට තමා නුවරගල ගිය අපිට ...යන්න බලාපොරොත්තු වෙන කෙනෙකුට ඒ සදහා දැනුවත්කිරීම හා පෙර සුදානම.. ලබාදෙන්න පුළුවන්
පහත සදහන් විස්තර ඔබලට උදව්වක් වේවි.
1. මග පෙන්වන්නන් සදහා- පියල්- +94764612911,0743628648
2.Home Made - මහඔය කෑම🏪 කඩේ- 0766031967
3.BOLERO 🚚Truck- අමිල-0778815019, අසංක- 0771237507,
4. Rang Forest OFFICE Mahaoya.
●email- [email protected]
Tel.- 0632244133
✍️ සටහන Heritage of Ceylon - ©️ Amila Sandaruwan Kumara
Youtube Link- https://www.youtube.com/