03/09/2022
🍂🦅🐿️🐒🐃යාල safari 🐆🦌🐘🐊🐾️🍂
යාල ගැන ගැන ලංකාවෙ නොදන්නා කෙනෙක් නැතුව ඇති. යාල කියන්න ලංකාවෙ දෙවනි විශාලතම ජාතික වනෝද්‍යානය. දකුණු රටටයි ඌව පලාතරයි තමයි අයිති.
යාල කොටස් 5ක් තිබුනත් සංචාරකයන්ට විවුර්ත කලාප 2යි තියෙන්නෙ. 1 කලාපය 2 කලාපය සංචාරය කරන්න පුළුවන්. වැඩිපුර ප්‍රසිද්ධ 1 කලාපය තමයි.
1 කලාපයට යන්න තිස්සමහාරාම කිරින්දට ඇවිත් යාල හදියෙන් පලටුපාන පැත්තට ගියාම තමයි යාල ප්‍ර්වේශපත්‍ර ගේට්ටුව හම්බවෙන්නෙ.
ලංකාවෙ වන උද්‍යානය වලින් වැඩිම සත්තු ඉන්නෙ යාලේ. ඒ වගේම ලංකාවෙ වැඩිම දිව්යන් ඉන්නෙත් යාලේ.
යාල වනෝද්‍යානයේ කලාප අංක එක තුළ පමණක් අවුරුද්දකට අලි-ඇතුන් 150 ක් පමණ කොටියන් 40 ක් පමණ බලාගන්න පුලුවන්. මූවා, ගෝනා, ඌරා, නරියා, වල්හාවා, හෝතඹුවා වගේ සතුන්ගෙන් යාලේ අඩුවක් නෑ. කුරුල්ලන්ගෙන් නේවාසික කුරුල්ලො 130 ක් විතර ද සංක්‍රමණික කුරුල්ලො 30 ක් විතර බලාගන්න පුළුවන්
ජලාශ්‍රිත කුරුල්ලන් පළටුපාන වැව, හීන් වැව ආශ්‍රිතව තමයි වැඩිපුරම කූඩු හදන් ඉන්නෙ. ඇඔල කොකුන්, ලවිවරතුඩුවන්, ලහැදි ආලාවන්, සුදු කොකුන්, අඑ කොකුන්, පිදිලි මානාවන්, බහුරු මානාවන්, සිලිබිල්ල ඔලෙවියන් ජලාශ්‍රිත ප්‍රදේශවල බහුලව ඉන්නව. වළිකුකුළා, මොණරා බහුල වනබද බිමි ප්‍රදේශයවල ඉන්නෙ. කිඹුලන්, පිඹුරන්, නයින්, පොළඟුන් වගේ උරගුන් ගණනාවක් යාල කැලේ ඉන්නව.ඉබ්බන් විශේෂ වගේම කැස්බෑවන් ද, වැලි පොළඟා, වැලි පිඹුරාද යාලෙන් වාර්තා වෙලා තියනව. කිඹුලන් 1000 ක් විතර මෙහෙ ඉන්නව.
යාල ජාතික වනෝද්‍යානයේ මුහුදු රාජලියා, වැව් රාජලියා, සර්ප රාජාලියා, බමුණු පියා උකුස්සා, ලකලු උකුස්සා, කොණ්ඩ රාජලියා වගේව් මාංශ භක්ෂක කුරුල්ලන් ඉන්නව.
යාල ගැන කියන්න තව ගොඩක් දේවල් තියනව ඔක්කොම කියන්නත් බෑනෙ ඒනිසා මෙහෙ සුන්දරත්වය යාලට ඇවිත්ම බලාගන්න
😘🌺🌺
🇱🇰
🇱🇰
📷 credit to respective owner