01/07/2023
හාස්කම් පිරුණ කිරි අම්මා දිය උල්පත - ලග්ගල 😍🙏💕✨️🌼🌱
නව ලග්ගල නගරයේ සිට 750 M දුරින් පල්ලේගම ගම්මානය පිහිටා තිබේ .මේ පල්ලේගම ගම්මානය දාගැබිල්ල ලෙසත් හදුන්වනවා.අතීතයේ සිටම මේ ගම්මානය පත්තිනි මෑණියන් වෙසෙනා පින්බිමක් ලෙසට ගම්වාසීන් පිළිගනු ලබනවා.මේ විශ්වාසය මත ගම්වාසීන් එදා පටන් අද දක්වා මේ ස්ථානයේ පුද පූජා පවත්වනවා.මේ කිරිඅම්මා දිය උල්පත ආශ්‍රිතව ජනශ්‍රැති පවතිනවා.
ගම්වාසීන් කියන්නේ කිරිඅම්මා උල්පතේ කලකට පෙර අතීතයේ විශාල ආදෙකු ජීවත් වුන බවයි.ගම්මු මේ ආදාව අල්ලා යාගෙන ආහාරයට ගෙන තිබෙනවා,මේ ආදා අහාරයට ගත් නිවාස 12 ක ගම්වාසීන් ලේ අතීසාරය සෑදී මිය ගොත් තිබෙනවා.
තවත් කතාවක් නම් ගම්වාසින් මෙතනට විත් දේව කන්නලව්වක් කර ගොයම් කැපීමට දෑකැති ඉල්ලූ විට ගල්තලාව මත ඕනෑතරම් දෑකැති දකින්නට ලැබෙන බවයි.ගොයම් කපා අවසානයේ නැවත දෑකැති එම ස්ථානයට ගෙනවිත් තැබිය යුතු බවද කියවේ.මෙම දෑකැති රිදී ඒවාය.දිනක් මෙම දෑකැත්තක් ගොවියෙකු විසින් හොරකම් කිරීම නිසා යලිදු කිසි දිනක එම හාස්කම සිදු නොවුන බව ගමේ වැඩිහිටියන් පවසයි.
තවත් හාස්කමක් වන්නේ මේ ස්ථානය අසලින් ගමන් මාර්ග සැකසීමට ගෙනන යන්ත්‍ර කාර්මික දෝෂයන්ට ලක් වීමයි,නැවත නැවත යන්ත්‍ර ගෙන ආවද ඒ සියලු යන්ත්‍ර කැඩී දෝෂයන්ට ලක් වේ.අද වනතුරුත් මෙහි කිසිදු ඉදිකිරීමක් සිදු කල නොහැකි බැවින් මෙහි ඉදිකිරීම් සිදු නොකිරීමට බලධාරීන් තිරණය කර තිබෙනවා.
පුද පූජ සදහා පැමිණෙන අයවලුන් පත්තිනි මෑණියන් උදෙසා භාරහාර වී භක්තියෙන් කටයුතු කරයි.තමන් ප්‍රාර්තනා කළ දෑ ඉටු වීමෙන් පසු එම භාරය ඔප්පු කිරීමද භක්තිමත්ව සිදුකිරීමට මෙහි පැමිනෙන අයගෙන් දැකිය හැකිය.
ඒ වගේම තමන් සිදු කරන ප්‍රාර්ථනාව ඉටුවෙන්නේ දැයි දැනගැනීමේ හැකියාවක් මෙහි තිබෙනවා.
ඒ ක්‍රමය නම් බුලත් කොළයක් උඩ පඩුරු තබා දිය උල්පතේ බුබුළු දමන ස්ථානයේ තැබූ විට පඩුර සමග බුලත් කොළය දිය බුබුල තුලට ඇදගන්නවා නම් ප්‍රාර්ථනාව ඉටු වන බවත්,බුලත් කොළය පාවී පහලට යනවා නම් එම ප්‍රාර්ථනාව ඉෂ්ඨ නොවන බවත් පැවසේ.මේ විශ්වාසය නිසාම බොහෝ දෙනා මෙම ස්ථානයට පැමිණේ.මෙලෙස ඇද ගන්නා බුලත් කොළ හා පඩුරු වලට කුමක් වෙනවාදැයි මේ වනතුරු කිසිවෙක් දැනුවත් නැත.
මෙම කිරි අම්මා දිය උල්පත කිසිදු දිනක නොසිදෙන බවද ගම්වාසීන් පවසනවා.
මෙම භූමියට පැමිණීමේදී හාස්කම් දැඩි බැවින් බැතිමතුන් පේවී ආ යුතු බව දක්වනවා.
නිර්මාංශව පේවී පැමිණ තමන්ගේ ප්‍රාර්තනා සිදු කිරීමෙන් ප්‍රතිඵල ලාබා ගත හැකි බව විශ්වාසයක් පවතිනවා.ඕනෑම ලෙඩක් දුකක් සදහා,ගැටලු සදහා දරුවන් නොමැති අයවලුන් සදහා භාරහාර වන මෙහි භාර ඔප්පු කිරීමේ ක්‍රමයක්ද පවතිනවා.මේ සදහා
හිරු දෙවියන්ට කිරි ඉතිරවීම සිදු කළ යුතුය,මෙම භූමියේ එසේ ලිප් බැද තිබෙනවා දැකිය හැකිය.පත්තිනි මැණියන් ප්‍රමුඛව මෙහි වැඩ සිටියත් කතරගම,විශ්ණු,සමන්,දෙවොල් දෙවියන්ගේ ආශිර්වාදයද මෙහිදී ලැබෙන බව විශ්වාස කරනවා.
මාතලේ දිස්ත්‍රික්කයේ වියළි කලාපයට අයත් ලග්ගල ද නියඟයෙන් බැටකන ප්‍රදේශයක්. ලග්ගල කිරිඅම්මා උල්පත නියඟයටවත් නොසිඳෙන බැවින් එම දිය උල්පතට ගැමියෝ පැමිණ, එහි ජලය අරන් කිරි උතුරවා යාතිකා කර, ඊට පසු එම කිරි කුඹුරුවලට ඉසීමට රැගෙන යනවා. එම කිරි රැගෙන යන අතරම වැස්ස ලැබෙන බව තමයි ඔවුන් විශ්වාස කරන්නේ.