Travel sri lanka

Travel sri lanka Life is a journey

14/02/2024

😲😵‍💫

2024 🙏
31/12/2023

2024 🙏

ගොඩක් අය ඉල්ලපු රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයීය සංචාරක බංගලා සහ නිවාඩු නිකේතන👇😱😍🌿01 ⭕ රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයීය සංචාරක බ...
22/11/2023

ගොඩක් අය ඉල්ලපු රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයීය සංචාරක බංගලා සහ නිවාඩු නිකේතන👇😱😍🌿

01 ⭕ රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයීය සංචාරක බංගලා

📍 නුවරඑළිය,
📍 දියතලාව,
📍 බණ්ඩාරවෙල නිවාඩු #නිකේතන වෙන් කිරීම සඳහා අමතන්න.
📞 : 011 2697316

පොදු අංකය : 011 2696211 (දිගුව - 216)
ෆැක්ස් : 011 2697299
අයදුම්පත් යොමුකළ යුතු විද්‍යුත් ලිපිනය : pubadmnrest@gmail,com

02. ⭕ රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයීය නිවාඩු නිකේතන
📍යාපනය,
📍කතරගම,
📍මහියංගනය,
📍මිහින්තලය,
📍මුලතිවු
📍පොලොන්නරුව නිවාඩු නිකේතන වෙන් කිරීම සඳහා අමතන්න
📞 : 011 2697316
අයදුම්පත් යොමුකළ යුතු විද්‍යුත් ලිපිනය : [email protected]

✅ ඉහත 01 සහ 02 සදහා වෙනම අයදුම්පත් සහ මුදල් බැර කල යුතු බැංකු අංක ඇත. එම සංචාරක බංගලා වෙන්කර ගැනීම සඳහා වන අයදුම්පත්‍රය වෙබ් අඩවියෙන් ලබා ගත හැක

✅ සංචාරක බංගලාවල මිල ගනන් පැහැදිලිව පහත Photos වලට ඇතුලත් කර ඇත.

✅ සංචාරක බංගලා හා නිවාඩු නිකේතන වෙන්කිරීම සෑම මසකම පළමු වැනිදා සිට සිදුකරනු ලබයි.

✅ 2022.03.01 දින සිට සංචාරක බංගලා හා නිවාඩු නිකේතන වෙන් කිරීම් කටයුතු පෙ.ව.09.00 සිට ප.ව. 01.00 දක්වා සිදුකරනු ලබයි.

වෙබ් අඩවිය:
pubad,gov,lk

✍️ ©Fantastic Travelers

2023 Fantastic Travelers© All Right Reserved

උදෑසන කුරුනෑගල අහසේ කලාතුරකින් දැකිය හැකි දසුනක් 🌞☁️🌸🌬️❤️🙏
22/11/2023

උදෑසන කුරුනෑගල අහසේ කලාතුරකින් දැකිය හැකි දසුනක් 🌞☁️🌸🌬️❤️🙏

දවසක යන්නම ඕන සුන්දර සෙම්බුවත්තේ යන්නෙ මෙහෙමයි🤩🦀🌵🐙💚😍 #මාතලේ ඉදන් 20Km ක දුරින් පිහිටා ඇති ඇල්කඩුව නම් ප්‍රදේශයේ පිහිටා ඇ...
20/11/2023

දවසක යන්නම ඕන සුන්දර සෙම්බුවත්තේ යන්නෙ මෙහෙමයි🤩🦀🌵🐙💚😍

#මාතලේ ඉදන් 20Km ක දුරින් පිහිටා ඇති ඇල්කඩුව නම් ප්‍රදේශයේ පිහිටා ඇති මේ වැව ස්වාභාවික දිය උල්පත් යොදා ගනිමින් මිනිසුන් විසින් නිර්මාණය කරන ලද මෙය අද වන විට සංචාරක ආකර්ශනය දිනාගත් ස්ථානයකි.

වැව නිර්මාණය කිරීමට පෙර මෙම ස්ථානය සුදු ජාතිකයන්ගේ පෝලෝ ක්‍රීඩා කිරීමට යොදා ගත් ක්‍රීඩා පිටියක් වන අතර පසු කාලීනව තේ වගා කිරීමත් එක්කම 1949 වර්ශයේදී මේ අසළ තේ කම්හලක් ආරම්භ කර ඇති බවට සදහන් වේ.

එහි වැඩ කටයුතු සඳහා අවශ්‍ය වන ජලය ලබා ගැනීමේ අරමුණින් මෙම ස්ථානයේ වැවක් නිර්මාණය කර ඇත.

ජල උල්පතකින් රන් සෙම්බුවක් මතු වූ බවත් එම සෙම්බුව මෙහි වැඩ කල අයෙක් රැගෙන ඉන්දියාවට පලා ගිය බවත් අතීත ජනප්‍රවාදවල සදහන්ව ඇත.

තේ කම්හල වැසී ගොස් අවුරුදු ගනනකින් පසුව, 2005 වර්ශයේදී මෙම ස්ථානයේ සංචාරක කලාපයක් නිර්මාණය කර ඇත.

ගැඹුර අඩි 30-40 වන නිසා මෙම වැවේ නෑමට සුදුසු නොවේ.( දිය නෑමට ස්වභාවික තටාකයක්ද මෙහි නිර්මාණය කර ඇත.)

මෙම පරිසරය ඉතාමත් සුන්දර වේ.එයට හේතුව ෆයිනස් කැලයකින් හා තේ වතු වලින් වට වූ ප්‍රදේශයක් නිසාය.වැසි දින වල මීදුමෙන් වැසී යන මේ ප්‍රදේශය මාරම ලස්සනයි.

ගමන් මාර්ගය තරමක් දුශ්කරයි...වලවල් සහිත දුශ්කර මාර්ගයකි.

මෙහි එනවනම් ඔබට රු. 300 ටිකට් පතක් මිල දී ගත යුතු වන අතර උදෑසන 8.00 සිට සවස 5.00 දක්වා මෙහි රැඳී සිටීමට අවස්ථාව ඇත.

තවද කේබල් එකක ගමන් කිරීමට , Boat Ride, ස්වභාවික නාන තටාකයක නෑමටද, කුඩා දරුවන් සඳහා ක්‍රීඩා පිටියක්ද මෙහි නිර්මාණය කර ඇත....

චායාරූප මුල් හිමිකරුවන් සතුයි
DM For Credit Or Removal


#ලංකාවේචාරිකාවිස්තර
#ලංකාවේචාරිකාවිස්තරbyfantastictravelers

Travel sri lanka

✨🤎Studio Silver Amor By Anushka Rajapaksha 🙏කෝපි පාට ඇඳුම්, සරල විලාසිතා,ලිනන් රෙදි,රවුම් හිස් වැසුම්,ලී කූඩ,චාම් කොණ්ඩ ...
17/11/2023

✨🤎
Studio Silver Amor By Anushka Rajapaksha 🙏

කෝපි පාට ඇඳුම්,
සරල විලාසිතා,
ලිනන් රෙදි,
රවුම් හිස් වැසුම්,
ලී කූඩ,
චාම් කොණ්ඩ මෝස්තර,
කොළ පාට තෘණ බිම්
මගෙ හදවත සෑම විටම සොරා ගන්නවා..
ඒ අතරම මට මං පුංචි කාලෙ කියවපු
"හයිඩි" මතක් වෙනවා.. ♥️
𝐓𝐚𝐤𝐞 𝐦𝐞𝐦𝐨𝐫𝐢𝐞𝐬, 𝐥𝐞𝐚𝐯𝐞 𝐟𝐨𝐨𝐭𝐩𝐫𝐢𝐧𝐭𝐬
Photographer | Anushka Rajapaksha II
Salon Ish - 0767667308
Retouch - Magical Touch
In Frame - Sanchana
Contact - 071 14 01 110 | 074 02 33 175

08/11/2023
🍀🌻🌼🌸✨
11/10/2023

🍀🌻🌼🌸✨

💚🌼✨
09/10/2023

💚🌼✨

15/05/2023

Just a little tip ☺️❤️🌍🕊️
Abhisheka Wimalaweera 🙏❤️🌍🕊️
Pranirsha Thiyagaraja 🙏❤️🌍🕊️

ඔන්න මගේ අලුත්ම Hotel එක නුවරඑළියේ Open කරා.- Villa Montana - Nuwaraeliya 🍀😍🌿🌺🏕️❤️කිතුල්ගල Hotel එකත් තියෙනවා.කිතුල්ගලින...
27/03/2023

ඔන්න මගේ අලුත්ම Hotel එක නුවරඑළියේ Open කරා.
- Villa Montana - Nuwaraeliya 🍀😍🌿🌺🏕️❤️

කිතුල්ගල Hotel එකත් තියෙනවා.කිතුල්ගලින් Rafting කරලා නුවරඑළියේ යන්න එන්න...😍

නුවරඑළියේ එන ඔයාලට නිදහසේ ඉදලා කාලා බීලා යන්න පුලුවන් තැනක් තමයි Villa Montana කියන්නේ.

Black Pool හන්දියෙන් හැරිලා පට්ටිපොල ( හොර්ටන්තැන්නට) යන පාරේ තමයි මේ හෝටලය පිහිටලා තියෙන්නේ. නුවරඑලිය Town එකේ ඉදන් විනාඩි 10ක් වගේ තමයි දුර.කන්දේඇල ජලාශයටත් ඉතාම ලගයි. අපේ හෝටලයට එන ඔයාලට කන්දේඇලේ Boat Ride එකක් යන්නත් පුලුවන්.මෙය cottages 5 කින් සමන්විතයි. 20- 25 අතර ප්‍රමාණයකට එකවර නවාතැන් ගන්න පුලුවන්.

අපේ කිතුල්ගල තියෙන La Casa Del Rio හෝටලය සහ Riverlife Adventure ආයතනයත් විවෘතව පවතිනවා.

අප්‍රියෙල් නිවාඩුවට නුවරඑළියේ හරි කිතුල්ගල හරි එන්න Plan එකක් තියෙනවා නමි දැන්ම Call එකක් දිලා දවස වෙන් කරවා ගන්න.

📞 0766 736838
📞 0783 559542

17/02/2023

🦅🦅

📷 | AJ Anjana The Love of Capture
08/01/2023

📷 | AJ Anjana The Love of Capture

01/01/2023

කෑවට බීවට කමක් නෑ,පොලිතීන් වර්ග,ප්ලාස්ටික් මෙහෙම දාලා යන්න එපා!!!

Bathalagoda lake ❤️
01/01/2023

Bathalagoda lake ❤️

Lagoon Negambo New year 1st sun set🌅
01/01/2023

Lagoon Negambo
New year 1st sun set🌅

01/01/2023

Lagoon Negambo 🌓

HAPPY NEW YEAR 2023
31/12/2022

HAPPY NEW YEAR 2023

ලංකාවේ උසම ගම්මානය නුවරඑළියේ "ශාන්තිපුර ගම්මානය" 🌼🌬️🍀🌾💧⛰️ නුවරඑළිය කී සැනින් අපගේ සිතට ගතට දැනෙනුයේ මිහිඳුම් සළුවෙන් වසා...
26/12/2022

ලංකාවේ උසම ගම්මානය නුවරඑළියේ "ශාන්තිපුර ගම්මානය" 🌼🌬️🍀🌾💧⛰️

නුවරඑළිය කී සැනින් අපගේ සිතට ගතට දැනෙනුයේ මිහිඳුම් සළුවෙන් වසාගත් හිරිගඩු මල් පූදින අධික ශීතලකි.
ශ්‍රී ලංකාවේ උසම ගම්මානය පිහිටියේ මෙවැනි අතිශය සුන්දරවූ පුංචි එංගලන්තයේ හෙවත් නුවරඑළියේය.
ගතේ මෙන්ම සිතේ පතුලටම කිඳා බැසගත් එකී ශීතල පරයමින් මම පසුගියදා ලංකාවේ උසම ගම්මානයේ උසම තැනට මම ගියෙමි.

ශ්‍රී ලංකාවේ උසම ගම්මානය ශාන්තිපුරයයි. නුවරඑළියේ සිට ශාන්තිපුරයට ඇත්තේ කිලෝමීටර් හතරක් වැනි දුරකි.
නුවරඑළිය නගරයේ සිට මහනුවර මාර්ගයේ කෙටි දුරක් පැමිණි පසු වම් අත දෙසට අධික නැග්මක් සමග පිහිටි මාර්ගය වැටී ඇත්තේ ශාන්තිපුරය දක්වාය.
ලංකාවේ උසම ගමේ View Point එකට යන්න පුලුවන් වීම මෙම ගමනේ තවත් එක විශේෂත්වයක්.

නුවරඑළියේ ශාන්තිපුර ගම කියන්නේ පිදුරුතලාගල කන්දට මුහුණට මුහුණ ලා තියෙන කිකිළියමාන කන්දේ මධ්‍යම කොටසේ පිහිටි ගම්මානයක්.
ගම්මානයේ උස ම ස්ථානයේ දළ උස (elevation) මීටර් 2048 පමණ වෙනවා... හරියට බැලුවොත් නමුනුකුළ කඳු මුදුණටත් වඩා මීටර් 12 විතර උසකින් තමයි ගම තියෙන්නේ.
එම ගම්මානය ආරම්භ කොට ඇත්තේ 1962 වසරේදීය. එවකට නුවරඑළිය මහ නගර සභාවේ පුරපතිව සිටි විලියම් ප‍්‍රනාන්දු මහතා මෙම ගම්මානය ආරම්භ කිරීමට අපමණ වෙහෙසක් දරා තිබේ.
විවිධ පුද්ගලයන් ගේ විවිධ වූ බලපෑම් හමුවේ මෙම ගම්මානය ඉදිකර ගැනීම සඳහා විලියම් ප‍්‍රනාන්දු මහතා මාරාන්තික උපවාසයක් පවා ක‍්‍රියාත්මක කොට තිබේ.

ශාන්තිපුර ගම්මානය පිහිටියේ කිකිළියාමාන කඳු මුදුනතය. ලංකාවේ උසම එක Tea Estate සහ එක Tea Factory එක පිහිටා ඇත්තේ මේ සුන්දර ගම්මානයේය
එම ගම්මානය ආරම්භ කොට ඇත්තේ 1962 වසරේදීය. එවකට නුවරඑළිය මහ නගර සභාවේ පුරපතිව සිටි විලියම් ප‍්‍රනාන්දු මහතා මෙම ගම්මානය ආරම්භ කිරීමට අපමණ වෙහෙසක් දරා තිබේ.
විවිධ පුද්ගලයන් ගේ විවිධ වූ බලපෑම් හමුවේ මෙම ගම්මානය ඉදිකර ගැනීම සඳහා විලියම් ප‍්‍රනාන්දු මහතා මාරාන්තික උපවාසයක් පවා ක‍්‍රියාත්මක කොට තිබේ.

ඔහුගේ ඒකී ඒකායන අධිෂ්ඨානය මල්ඵල දරමින් මෙසේ ශ්‍රී ලංකාවේ උසම ගම්මානය බිහිවී ඇත.
පුරපතිවරයාගේ එකී නිර්භීත වැඩපිළිවෙළ නිසා මධ්‍යම කඳුකරයේ ගම්මාන පිහිටුවීම සඳහා පනතක් පවා සම්මත කර ගැනීමට ඔහුට ශක්තිය ලැබී ඇත.
ඒ අනුව ගොවිජන ව්‍යාපාරයක් ලෙස 1962 වසරේදී ශාන්තිපුර ගම්මානය ආරම්භ කොට ඇත.

එවකට පැවැති නුවරඑළිය-මස්කෙළිය බහු ආසනය තුළ තවත් මෙවැනි ගම්මාන 18 ක් ආරම්භ කිරීමට විලියම් ප‍්‍රනාන්දු පුරපතිවරයාට හැකි වී තිබේ.
තලවකැලේ ගුණානන්දපුර, හැටන් රුවන්පුර, ආගරපතන, කිත්සිරිමෙවන්පුර, පතන ජයසිරිපුර, බෝපත්තලාව වලගම්බාපුර ඊට තවත් නිදසුන් කීපයකි.
ලංකාවේ උසම ගම්මානය මෙසේ ශාන්තිපුර ලෙස විලියම් ප‍්‍රනාන්දු පුරපතිවරයා විසින් නම් කොට ඇත්තේ තවත් එක් විශේෂ කාරණාවක් අරභයාය.
ඒ මෙම පුරපතිවරයාගේ දේශපාලන ජීවිතේ නොමැකෙන සෙවණැල්ල සේ ළඟින් සිිටි තම ආදරණීය බිරිඳගේ නම මුල්කර ගෙනය.

ඇයගේ නම ශාන්ති වූ අතර ශ්‍රී ලංකාවේ උසම ගම්මානය එම නිසා ශාන්තිපුර නම් විය.
මුහුදු මට්ටමේ සිට අඩි 7,342 ක් තරම් ඉහළින් පිහිටි මෙම ගම්මානය තුළ තවත් වාර්තා රැුසක් පිහිටා තිබේ.
ශාන්තිපුර ගම්මානය ඉදිකොට ඇත්තේ සුන්දර කිකිළියාමාන කන්ද මතය.
ශ්‍රී ලංකාවේ පිහිටි උසම බස් මගී ආවරණය, උසම පන්සල, උසම නිවස, උසම ප‍්‍රදේශයේ පිහිටි මහාමාර්ග, උසම ජලාශය ආදී බොහෝ උසම ස්ථාන ඇත්තේ මෙහිය.

එපමණක් නොව එංගලන්ත ගෘහ නිර්මාණ සිල්පයට හදපු ශ්‍රී ලංකාවේ උසින්ම පිහිටි The Blackberry Cottage පිහිටා ඇත්තේද මේ ගම්මානයේ වීම විශේෂත්වයකි
නිතරම මීදුමෙන් වැහිලා තියෙන Cottage එකේ රැයක් ගතකරන සුන්දර අත්දැකීම මාත් විදගත්තේ ජීවිතේ කිසිදාක අමතක නොවන මතකයන් රැසක් සමගිනි වීම විශේශයෙන් සදහන් කරයුතුයි.

මෙම ගම්මානයට පහළින් පිහිටා ඇත්තේ දෙස් විදෙස් සංචාරකයන් වැල නොකැඞී යන එන නුවරඑළිය නගරයයි.
ශාන්තිපුර ගම්මානය බොහෝ ඈත ඉතිහාසයට නෑකම් කියන ප‍්‍රදේශයක් බව ඉතිහාස කතා කාරණාවලින් කියවේ.
ඒ අනුව වීර කැප්පෙටිපොල අධිකාරම් නිලමේවරයා කලක් රහසිගත ලෙස සැඟවී සිටි ගල් ලෙනද පිහිටා ඇත්තේ මෙකී සුන්දර කිකිළියාමාන කන්දේය.
ශ්‍රී ලංකාවේ වඩාත් උසින්ම පිහිටි සිද්ධස්ථානය ලෙස සැලැකෙනුයේ සමනල ගිර පිහිටි ශ්‍රී පාදස්ථානයයි.
මිහිදුමෙන් තොර දිනවලදී ශාන්තිපුර ගම්මානයේ සිට බලන කල සමනල කන්දේ පිහිටි ශ්‍රී පාදස්ථානය සුන්දරව පෙනෙන බව ගම්මු කියති

එහෙත් මෙරට උසින්ම පිහිටි පන්සල පිහිටියේ මෙහිය. එය මුල් කාලයේදී ශාන්තිපුර විහාරය ලෙස නම් කොට තිබුණද එය පසුව ”චේතියගිරි විහාරය” ලෙස නම් කොට ඇත.
විහාර භූමියේ වූ විශාල ගල්තලාවක් මත චෛත්‍යයක් ඉදිකොට ඇති අතර ඉන් පසුව මෙම විහාරස්ථානය චේතියගිරි විහාරය ලෙස නම් කරන ලදැයි එම විහාරස්ථානයේ විහාරවාසී හිමිනමක් කීහ.
ශාන්තිපුර ගම්මානයේ මදක් ඉහළට වන්නට රජය විසින් එහි උස් බිමක නැරඹුම් මධ්‍යස්ථානයක් ඉදිකොට තිබේ. එම නැරඹුම් මධ්‍යස්ථානය දැනට පාලනය කරනු ලබනුයේ නුවරඑළිය ප‍්‍රාදේශීය සභාව මගිනි

මෙම නැරඹුම් මධ්‍යස්ථානයේ ඉහළට ගොඩ වූ විට අවට පරිසරය සිත් සේ නැරඹිය හැක.
එක් පසකින් ශ්‍රී පාදස්ථානය පිහිටි සමනල ගිරත්, තවත් පැත්තකින් පිදුරුතලාගල කඳු වැටියත්, තවත් දෙසකින් නුවරඑළිය නගරයත් එහි පිහිටි ග්‍රෙගරි වැවත් අතේ දුරින් සේ තිබෙනු දැකිය හැකිය.
නුවරඑළියට යන එන ඔබ ශ්‍රී ලංකාවේ උසම ගම්මානයට ගොඩවී ඇද්දැයි මම නොදනිමි. මෙම සටහන නෙත ගැටී ඉන්පසු දිනක ඔබ නුවරඑළියට එන්නේ නම් මෙතැනට ඇවිත් යන ලෙස මම ආරාධනා කරමි.
එවිට ඔබට ඉහළ අහසේ ඈතින් පෙනෙන මීදුම් සළුවෙන් හැඩ වැඩ වී අවට චමත්කාරය නෙතේ රඳවා ගමට, රටට යා හැකිය.
-Copy-

ජීවිතේ එකපාරක් හරි යන්න ඕන සවාරියක් - මාදුගඟේ සංචාරය Travel sri lanka Maduganga
25/12/2022

ජීවිතේ එකපාරක් හරි යන්න ඕන සවාරියක් - මාදුගඟේ සංචාරය
Travel sri lanka
Maduganga


සුභ නත්තලක් වේවා.💟Thilina Kaluthotage Photography Travel sri lanka
25/12/2022

සුභ නත්තලක් වේවා.💟
Thilina Kaluthotage Photography
Travel sri lanka


Travel sri lanka   ආරුගම්බේ වල ලස්සනම තැනක්.🇱🇰👇👇surf and sun arugambay
19/12/2022

Travel sri lanka

ආරුගම්බේ වල ලස්සනම තැනක්.🇱🇰👇👇
surf and sun arugambay

සුන්දර දොලු කන්දTravel sri lanka
22/10/2022

සුන්දර දොලු කන්ද
Travel sri lanka

  Travel sri lanka         අහසේ පාවෙන්න කැමති අයට😍🌿🌺ලංකවේ අලුත්ම අත්දැකීමක්🇱🇰මේ KANDY paragliding ❤️එක Ride එකක් දේශීය ස...
20/09/2022

Travel sri lanka
අහසේ පාවෙන්න කැමති අයට😍🌿🌺ලංකවේ අලුත්ම අත්දැකීමක්🇱🇰
මේ KANDY paragliding ❤️

එක Ride එකක් දේශීය සංචාරකයෙක්ට රු 20,000ක් සහ විදෙස් සංචාරකයෙක්ට ඩොලර් 75ක මුදලක් වෙනවා.

©Hasitha Wijewardena & Others

————————————————
DM For Credit Or Removal
Credit Always Goes to respective owner
————————————————

අපේ රටේ Travel කරන්න තියන තැන් 70ක් මෙන්න 🍀🌊🧗‍♀️🇱🇰🔥Travel sri lanka
19/09/2022

අපේ රටේ Travel කරන්න තියන තැන් 70ක් මෙන්න 🍀🌊🧗‍♀️🇱🇰🔥
Travel sri lanka


28/06/2022

28/06/2022

මන්දාරම් නුවර

Address

Ibbagamuwa
60500

Telephone

+94768926623

Website

Alerts

Be the first to know and let us send you an email when Travel sri lanka posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Travel sri lanka:

Videos

Share

Category


Other Travel Companies in Ibbagamuwa

Show All