Dream Tours Sri Lanka

Dream Tours Sri Lanka Find travel ideas for planning your holiday to Sri Lanka. Discover things to see and do,
Contact me
Tel- +94776742539
[email protected]
(1)

12/08/2023

😜😜

12/08/2023
12/08/2023

MTFE එක Down නේද දැන් ඒත් හිත හදාගන්න සෙට් එකක් මෙහෙම කියනව මම දැක්ක ( අවුලක් නෑ බන් දාපු සල්ලි ටික ආවා )

ඔව් සල්ලි එන්න ඇති ඒ උබලට ආවෙ අහිංසක ගමක ඉන්ටර්නෙට් කියන්නෙ මොකක්ද කියලවත් දන්නෙ නැති මනුස්සයෙක්ගෙ දවස පුරා පොලව කොටල හම්බ කරපු සල්ලි හරි මොන හරි කුලී වැඩක් කරල එන ගාන පොඩ්ඩක් හරි වැඩි කරගන්න හීන දැක්ක මනුස්සයෙක්ගෙ සල්ලි

සරලවම කියන්න තියෙන්නෙ ඔය විදිහට සල්ලි හොයපු උබල අහිංසක මනුස්සයෙක් විනාස කරල දැම්ම හොරෙක් සහ මිනිමරුවෙක් කියල හිතේ තියාගන්න

සමහර අහිංසක මිනිස්සු මේ වෙද්දි හූල්ලන විදිහට උබල යහතින් ඉන්න එක පුදුමයි

Trust The Universe

06/04/2023

🤗🤗

06/04/2023

ලෝකයේ ආගම් කොතරම් තිබුණත් ස්‌වභාව ධර්මය බුද්ධාගමයි..

තවත් සිංහල අලුත් අවුරුද්දක්‌ අද හෙටම උදා වෙනවා. සමහරවිට පිංවත් ඔබ මෙම ලිපිය කියවන විට සිංහල අලුත් අවුරුද්ද ගෙවී ගිහින් තිබෙන්නත් පුලුවන්. මෙය සටහන් තබන භික්‍ෂුවගේ ජීවිත කාලය පුරාවට මෙවන් සිංහල අලුත් අවුරුදු පනස්‌හයක්‌ දැනට ගෙවී ගිහින් තිබෙනවා. භික්‍ෂුව උපත ලැබුවේ දෙසැම්බර් මාසයේ දිනයක නිසා භික්‍ෂුව මුල්ම සිංහල අලුත් අවුරුද්ද සැමරුවේ මාස හතරක දරුවෙක්‌ හැටියට තොටිල්ලක. එදා මගේ අම්මා තාත්තා තමන්ගේ කුළුඳුල් දරු පැටියට ලස්‌සන සෙල්ලම් බඩුවක්‌ නිල්පාට ඇඳුම් සූට්‌ එකක්‌ ගෙනත් දෙන්න ඇති. භික්‍ෂුවට මතකයක්‌ නැති වුණත් ඒ අහිංසක තරුණ අම්මා, තාත්තා විවාහ වෙලා තමන් ලැබූ කුළුඳුල් දරුපැටවාත් සමඟ සැමරුව මුල්ම සිංහල් අලුත් අවුරුද්ද භික්‍ෂුවට දැන් පෙනෙන්නේ මායාවක්‌ පමණක්‌ ලෙසින්මයි. මගේ ජීවිතයේදී සැමරුව මුල්ම සිංහල අලුත් අවුරුද්දේදී අම්මා, තාත්තා මට ලස්‌සන සෙල්ලම් බඩුවක්‌, නිල්පාට ඇඳුම් සූට්‌ එකක්‌ තෑගි කළත් අවසානයේ මම ඒ අහිංසක අම්මා, තාත්තාට මතක වස්‌ත්‍රයක්‌ පූජාකර සුසාන භූමියකදී ආදාහනය කර දැමුවා. තොටිල්ලත් ආදාහනාගාරයත් අතර දෝලනය වෙමින් නැවත නැවත සිංහල අලුත් අවුරුදු සමරන අපි ජීවිතයේ යථාර්ථය වන තොටිල්ලත් ආදාහනාගාරයත් ගැන නොසිතාම ආශ්වාදයෙන් කාමච්ඡන්දයන්ගෙන් කීකරු දරුවන්සේ මෙවරත් අලුත් අවුරුද්ද සැමරුවා වෙන්න පුලුවන්. මෙය සටහන් තබන භික්‍ෂුව පැවිදි භාවයට පත්වී දැනට වසර දහයක්‌ ඉක්‌මවා ගොස්‌ තිබෙනවා. භික්‍ෂුව පැවිදි භාවයට පත්වී ගෙවී ගිය වසර දහයක කාලය තුළ භික්‍ෂුව සිංහල අලුත් අවුරුද්දක්‌ සමරලා නැහැ. මොකද භික්‍ෂුව සිංහල බෞද්ධයෙක්‌ නොවන නිසා. බුදුරජාණන් වහන්සේa තම පියාණන් වූ සුද්ධෝදන රජතුමාට දේශනාකරනවා රජතුමනි, ඔබගේ වංශය ශාක්‍ය වංශය බව ඇත්ත. මගේ වංශය බුද්ධ වංශයයි කියලා. මෙය සටහන් තබන භික්‍ෂුව සිංහල බෞද්ධ ජාතියේ උපන් පිනෙන් එම පින ධර්මානුකූලව කළමනාකරණය කොටගෙන උතුම් බුද්ධ වංශයේ උපත ලද භික්‍ෂුවක්‌. එම නිසා භික්‍ෂුව නැවත කවදාකවත් සිංහල අලුත් අවුරුද්දක්‌ සමරන්නේ නැහැ. පෙර පින නිසාම සිංහල බෞද්ධ ජාතියේ උපන් පිංවත් ඔබට බුද්ධ වංශයේ උපත ලැබීමට මාර්ගය කියලා දෙනවා පමණක්‌මයි. භික්‍ෂුවගේ ඡන්දය බවට පත්වෙලා තිබෙන්නේ.

යම් පිංවතෙක්‌ භික්‍ෂුවගෙන් විමසුවොත් ලෝකයේ පහළ වූ ශ්‍රේෂ්ඨම ජාතිය කුමක්‌ද? කියලා භික්‍ෂුව ධර්මානුකූලව නොපැකිළිව ප්‍රකාශ කරන්නේ බුදුරජාණන්වහන්සේ උපත ලැබු ශාඛ්‍ය වංශයයි කියලා. පිංවත් ඔබ භික්‍ෂුවගෙන් විමසුවොත් ලෝකයේ පහළ වූ දෙවැනි ශේ්‍රෂ්ඨ ජාතිය කුමක්‌ද? කියල ධර්මානුකූලව භික්‍ෂුව උත්තර දෙන්නේ මිහිඳු මහෝත්තමයන් වහන්සේගේ සංඝමිත්තා උත්තමාවියගේ කරුණාවෙන් සද්ධර්මයේ ලේ උරුමයෙන් බිහිවූ සිංහල බෞද්ධ ජාතිය කියලයි.

වර්තමානයේ ජීවත්වන බුදුරජාණන් වහන්සේ හැටියට වැඩසිටින උතුම් ධර්මරත්නයේ, සංඝරත්නයේ ආශිර්වාද ලබමින් ජීවමාන බුදුරජාණන් වහන්සේ වශයෙන් වැඳුම් පිදුම් කරන ශ්‍රී මහ බෝ සමිඳුන් වහන්සේ, ස්‌වර්ණමාලී මහා සෑ සමිඳුන් වහන්සේ සෙවණ ලබන ආර්ය අෂ්ටාංගික මාර්ගය ජීවමානව පවතින උතුම් අධිගමයන්ට මාර්ගය විවෘතව පවතින ලෝකයේ ජීවත් වන පිංවත්ම ජාතිය මේ සිංහල බෞද්ධ ජාතියයි. ඉහත විවරණය ජාති වාදයක්‌ නොව ධර්මානුකූල හේතුඵල ධර්මයක්‌. ලෝකයේ ආගම් සිය ගණනක්‌ තිබුණත් බුද්ධාගම යනු ස්‌වභාව _ධර්මයයි. ස්‌වභාව ධර්මයේ ක්‍රියාකාරිත්වයයි. බොරුකරන්න, සඟවා දේශනා කරන්න, වාද විවාද කරන්න, අභියෝග කරන්න දෙයක්‌ බුදුරජාණන්වහන්සේ දේශනා කර වදාළ ධර්ම මාර්ගය තුළ නැහැ. අනාගතයේ යම් දවසක ලෝකයේ සියලුම ආගම් විනාශ වී ගියත් බුදුදහම ලෝකයේ සැබෑම ලෝක ධර්මතාව වෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. මහණනි, ඉපදීම දුකයි කියලා. තර්ක කරන්න, වාදකරන්න, සගවන්න දෙයක්‌ නැහැ. ඉපදීම නිසාමයි ජාරා ව්‍යාධි, මරණ දුක සකස්‌ වෙන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. දුකට හේතුව තෘෂ්ණාවයි කියලා. තර්ක කරන්න වාද කරන්න, සඟවා දේශනා කරන්න දෙයක්‌ නැහැ. තෘෂ්ණාවේ ප්‍රමාණයටමයි පිංවත් ඔබ තුළ දුක සකස්‌වෙන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා දුක නැති කරන්න නම් තෘෂ්ණාව නැති කරන්නය කියලා. තෘෂ්ණාව නැතිකිරීමේ මාර්ගය ආර්යය අෂ්ටාංගි මාර්ගයයි කියලා. ඉහත චතුරාර්යය සත්‍ය ධර්මයන් ගැන වාද විවාද කරන්න අවශ්‍ය නැහැ. ලෝකයේ පරම සත්‍යයි බුදුරජාණන් වහන්සේ නමක්‌ ලෝකයට දේශනා කරන්නේ. බුදුරජාණන් වහන්සේ මේ ඇස මේ කණ අනිත්‍යයි කියලා කියනවා. මේ වේදනාව, සංඥාව, සංස්‌කාර, විඤ්ඤාණය අනිත්‍යයි වෙනස්‌ වෙනවාය කියලා කියනවා. මේ ගැන වාද කරන්න, අභියෝග කරන්aන, සඟවා දේශනා කරන්න අවශ්‍ය නැහැ. ක්‍රිස්‌aතු වහන්සේගේත්, අල්ලා තුමාගේත්, මහා බ්‍රහ්මයාගේත් ඇස, කන අනිත්‍ය ධර්මතාවක්‌මයි. ස්‌වභාව ධර්මයේ යථා ස්‌වභාවයයි. බුදුරජාණන් වහන්සේගේ ලොව්තුරු ධර්මය මුළු පෘථිවි ධාතුවම අළු දූවිලි වී කල්ප විනාශයන් සියයක්‌ සිදු වුවද සම්මා සම්බුද්ධ භාෂිතය නොනැසෙන ස්‌වභාව ධර්ම තාවක්‌මයි. සියල්ල අනිත්‍ය භාවයට පත්වෙන ලෝක ධාතුවේ බුද්ධ දේශනය යනු බුද්ධ දේශනයේ අර්ථය යනු නොනැසෙන ලෝක ස්‌වභාවයයි. නොනැසෙන ලෝක ස්‌වභාවය ලෝකයට දේශනා කරල බුදුරජාණන් වහන්සේ එම ලෝක ධර්මයට යනවා. අනිත්‍ය භාවයට පත්වී පිරිනිවී යනවා. මෙවන් දෑස්‌ පනා පිටම පෙනෙන ජීවිතයෙන්ම අත්දකින උතුම් ධර්මයක්‌, ආගමක්‌ හැටියට හංවඩු ගසා කතාකිරීමට අපේම නායක පිංවතුන් පවා පෙළඹීම අතිශය පවුකාරකමක්‌ වෙනවා.

භික්‍ෂුව ඉහත දැක්‌වූ අර්ථයට යම් පිංවතෙක්‌ එකඟ නොවන්න පුලුවන්. පිංවත් ඔබ ඉහත අර්ථයට එකඟ නොවීම මිහිඳු මහෝත්තමයන් වහන්සේගේත් සංඝමිත්තා උත්තමාවියන්ගේත් සද්ධර්මයේ ලේ උරුමයෙන් උපන් සිංහල බෞද්ධ ජාතියේ වරදක්‌ නම් නොවේ. සිංහල බෞද්ධ රටේ දේශපාලන නායක පිංවතුන් ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ගමන් කිරීමට අවම වශයෙන් පංචශීලය තුළවත් ශක්‌තිමත් වීමට ජනතාවට පූර්වාදර්ශයක්‌ නොදීමේ වරදයි. සමහරක්‌ දෙමාපියන් තම දරුවන්ට, ගුරුවරුන් තම ශීෂ්‍යයන්ට අවම වශයෙන් පංචශීsලයවත් ආරක්‍ෂා කර ගැනීමට පූර්වාදර්ශයන් නොදීමේ වරදයි. පංචශීලය ආරක්‍ෂා කර නොගැනීම නිසාම සම්මා දිට්‌ඨියේ අර්ථයන් දුර්වල නිසාම සිංහල බෞද්ධකමක්‌ නැති සිංහල බෞද්ධ ජාතියක්‌ බවට වර්තමානයේ සිංහල බෞද්ධයා ක්‍රමානුකූලව දුර්වලභාවයට පත්වී යනවා.

බුදුරජාණන් වහන්සේ ජීවමානව වැඩසිටියද, ශාක්‍ය වංශය විනාශය කරා ගමන් කරන්නේ ශාක්‍යයන් තුළ තිබූ අධික මාන්නය නිසාමයි කියලා ධර්මයේ සඳහන් වෙනවා. වර්තමානයේ සිංහල, බෞද්ධ ජාතිය විනාශය කරා ගමන් කරන්නේත් පංචශීලයේ දුර්වලභාවය නිසාමයි. සිංහල බෞද්ධ ජනතාව සම්මා දිට්‌ඨියේ අර්ථයන් හොඳින් හඳුනාගෙන සිටියද පංචශීලයේ දුර්වල භාවය නිසාම සකස්‌වෙන ඉන්ද්‍රිය අසංවරය සම්මා දිට්‌ඨියේ අර්ථයන් නුවණින් දැකීමේ ශක්‌තිය දුර්වල කර දමනවා. එවිට ලද දෙයින් සතුටු වීම අල්පේච්ඡතාව, මධ්‍යම ප්‍රතිපදාව කියන අර්ථයන්ගේ සීමා ඉරෙන් බැහැරවයි පියවර තබන්නේ. මේ හේතුව නිසාම ශීලයෙන් දුර්වල, නොමැරෙන මිනිසුන් ලෙස ජීවත් වීමේ ක්‍රියාන්විතයට ජාතිය සෙමින් සෙමින් ගමන් කරනවා.

අවංකවම පිංවත් සිංහල බෞද්ධ ඔබ මෙම සිංහල අලුත් අවුරුද්දේ ප්‍රීතියෙන් සතුටින් ගත කළාද කියලා ධර්මානුකූලව සිතල බලන්න. තෙරුවන් උදෙසා වත් පිළිවෙත් සිදු කිරීමට ඔබට අවස්‌ථාව ලබාදෙන පුණ්‍යකාලයේ පටන් හිස තෙල් දමා ස්‌නානය කරන මොහොත දක්‌වා එම චාරිත්‍රයන් ඔබ නිවැරුදිව ඉටුකළාද මවු දෙමාපියන්ට වැඩිහිටියන්ට කළයුතු වත්පිළිවෙත් නිවැරැදිව ඉටුකළාද. ඔබේ බිරිඳට, දරුවන්ට, සිවාමිපුරුෂයාට, හිතවතුන්ට, ඥාතීන්ට කළයුතු වත්පිළිවෙත් නිවැරැදිව ඉටුකලාද සිංහල බෞද්ධකමේ අර්ථය වන ආර්ය අෂ්ටාංගික මාර්ගය ශක්‌තිමත් වෙන ආකාරයෙන් කටයුතු සිදුකිරීමෙන් අවංකවම ඔබ සතුටු වෙනවානම්, ප්‍රීති වෙනවා නම් එම සතුට ප්‍රීතිය කියන්නේ ලෞකික සප්ත බොඡ්ධංග ධර්මයන්ට අදාළ ශේ්‍රෂ්ඨ ධර්මතාවක්‌. ප්‍රීතිය හේතුවකින් තොරව සකස්‌වෙන ධර්මතාවක්‌ නොවේ. ප්‍රීතිය ඇතිවෙන්න හේතුව වීර්යයි. වීර්ය හේතුවකින් තොරව ඇතිවන ධර්මතාවක්‌ නොවෙයි. වීර්ය ඇතිවීමට හේතුව ධර්මානුකූලව සිතීමයි. ධර්මානුකූලව සිතීම හේතුවකින් තොරව ඇතිවන ධර්මතාවයක්‌ නොවේ. ධර්මානුකූලව සිතීම ඔබ තුළ සකස්‌වෙන සති සම්බොඡ්ධංගයේ ඵලයයි.

ධර්ම දානය පිණිස හැකිතාක් Share කරන්න...
තෙරුවන් සරණයි

සියළුම ලිපි සඳහා පිවිසෙන්න: www.maharahathunwadimagaosse.org

05/04/2023

හැකිිතාක් share කරන්න

05/04/2023

නිමිත්ත: මහලු නිවාසයක රෝගතුරව මියගිය දෙනෙත් අන්ධ පියකුගේ දින පොතක් මහලු නිවාසයේ භාරකරුවන් තැපෑලෙන් ඔහුගේ පුතුට එවා තිබුනි.එහි සදහන්ව තිබූ සංවේදී සිදුවීම..
( මා අසා ඇති කතාවක් ඇසුරෙන් අකුරු කලෙමි )
*********************************************
මං තමයි - පොඩි පුතේ
උඹෙ අන්ධ - තාත්තා...
උඹෙ අඹුව - මට කිව්වෙ
පොට්ට කුදු - මහල්ලා...
අන්ධ වුනෙ - ඇයි කියා
ඈ දන්නෙ - නැති නිසා...
නෑහුනා වගෙ - හිටියෙ
මගෙ කරුමෙ - බව සිතා...
මතකයිද - පොඩි පුතේ
අපි එදා - බය වුණා..
අපි ගියපු - වාහනේ
මහ වැවට - පෙරලුනා...
නුඹෙ අම්ම - ඒ මොහොතෙ
වැව් පතුලෙ - හැන්ගුනා...
නුඹ එක්ක - මං පුතේ
මේ ලෝකෙ - තනි වුණා...
මට වාරු - නැති වුනේ
නුඹ අන්ධ - බව අසා...
මට තිබුණු - මේ ලෝකෙ
සේසතම - නුඹ නිසා...
මගෙ දෙඇස් - නුඹ නමින්
මං පුතේ - වෙන් කලා...
ඒ බවක් - පොඩි පුතේ
මං උඹට - හැන්ගුවා...
නුඹෙ අඹුව - බනින විට
මගෙ අන්ධ - බව කියා...
හිත මගේ - පිච්චුනත්
මං හුගක් - ඉවසුවා...
උඹෙ දරුවො - මං ලගට
එන විටදි - නවතලා...
ඈ ගොඩක් - මගේ හිත
පොඩි පුතේ - රිද්දුවා...
මේ දඹර - වලකන්න
උත්තරේ - ලෙස එදා...
මේ වහල - යට මාව
උඹ පුතේ - තනි කලා...
දැන් මගේ - ජිවිතේ
අවසාන - ටික නිසා...
තුන් වේල - ගත උනේ
බණ පොතේ - අත තියා...
මගෙ හුස්ම - නැවතුනත්
මේ වහල - යට මෙදා...
රත්තරං - පොඩි පුතේ
මං උඹට - පෙම් කලා...
දැනෙන විට - ලොකු දුකක්
නුඹෙ හිතම - රිදවලා...
වහ ගනින් - ඇස් දෙකම
නුඹ ලගයි - තාත්තා...
( බුද්ධික විතානගේ )

05/04/2023

කළු කලිසමක් සහ සුදු කමිසයක් හැඳ මේ ඡායාරූපයේ සිටින ගායකයා ඔබට හඳුනා ගන්නට හැකිද? ඒ සංගීත් නිපුන් "සනත් නන්දසිරි" මහතායි. සනත් මහතා මේ ලෙස ගයන්නේ "නාලිනී රණසිංහ" නමැති අති දක්ෂ ගායිකාව සමඟින් විමලදාස පෙරේරා මහතා ගේ "සමනල කුමරියෝ" චිත්‍රපටයේ "සුමන සමන් දෙවි" නම් ගීතය යි. තනිකරම සුදු ඇඳුමෙන් සැරසී අත්වැල් ගයන්නේ විශාරද "ගුණදාස කපුගේ" මහතා යි. සනත් මහතාගේ ප්‍රියම්බිකාව වූ "මල්කාන්ති නන්දසිරි" මහත්මිය සහ "සේන වීරසේකර" මහතා ඇතුළු පිරිසක් අනෙක් මයික්‍රෆෝනය අසල සිට අත්වැල් ගැයුමෙන් සහය වන අයුරු පෙනේ. මේ ඡායාරූපය සරසවිය පුවත් පතෙන් උපුටා ගැනීමෙන් කලකට පෙර මුහුණු පොතේ Share වූ එකකි.

05/04/2023

🙂

05/04/2023

දස මාසයක් මගෙ කුස තුල දරාගෙන දින ලන්වෙද්දි ඇතුළත් කලා රෝහලට දොස්තර බලා දැම්මා තියටර් එකට දෙවියන් යැද යැද උන්නේ මා බයට

කටුවක් අරන් විද්දා කොදු ඇට පෙලට හරහට කපලා මැහුනුත් දැම්මා බඩට හිරි වැටිලා නිසා වාරුව නෑ අත පයට තිස්තුන් කෝටියක් දෙවියෝ රැකදෙන්ට

කොතරම් වේදනා දැනුනත් මගෙ ගතට ඉවසන් හිටියෙ සුදු දෝණිගෙ මූණ දැක දෙකොපුල් සිඹින විට කදුළැලි ගලා ගිය දරු ස්නේහයෙනි පිරි ඉතිරී ගියෙ සතුට ❤

✍️සුභාශනි පතිරණ

උපුටා ගැනිමකි

05/04/2023

හරියටම හරි වීමට වඩා කාරුණික වීමයි වැදගත්

05/04/2023

It's true😊❤

05/04/2023

අළුත බැඳපු ජෝඩුවක් විවාහයට පත්වුණු දවසේ රෑ එකඟතාවකට එනවා, “හෙට දවසේ අපේ, කවුරු අපේ ගෙදර ආවත් අපි දොර අරින්නේ නැතුව ඉමු. හෙට දවසේ තිස්සේම අපි අපේ ඉදිරි ජීවිතේ ගැන කතා කරමු“ කියලා.
දෙන්නාම මේ අදහසට බොහොම කැමති වෙනවා.
පහුවදා උදේ මේ දෙන්නා ඇහැරෙන්නේ කවුදෝ දොරට ගහන සද්දෙකින්.
දෙන්නා හෙමීට දොර ළඟට ගිහින් දොරේ තියෙන චූටි හිලෙන් කවුද ඇවිත් තියෙන්නේ කියලා බලනවා.
එතකොට දකිනවා තරුණයාගේ ගෙදරින් අළුත බැඳපු ජෝඩුව බලන්න ඇවිත් කියලා.
තරුණයා තමන්ගේ බිරිඳගේ මුහුණ බලනවා.
බිරිඳ ඊයේ වුණු එකඟතාව මතක් කරන්න වගේ ඔලුව වනනවා.
තරුණයාගේ ඇස් දෙකේ කඳුළු පිරෙනවා. ඒත් තමන්ගේ බිරිඳට ඊයේ රෑ වුණු පොරොන්දුව කඩ කරන්න බැරි හින්දා බොහොම අමාරුවෙන් දොර අරින්නේ නැතුව බලාන ඉන්නවා.
විනාඩි දහයක් විතර දොරට ගහලා බැරිම තැන,දෙමව්පියන් පිරිස ආපහු යන්න යනවා.
ඊට ටික වේලාවකට පස්සේ ආයේ කවුදෝ දොරට ගහනවා මේ දෙන්නට ඇහෙනවා. දෙන්නා ආයෙමත් දොර හිලෙන් බලනවා කවුද ඇවිත් තියෙන්නේ කියලා. මේ පාර තරුණියගේ පැත්තෙන් ඇවිත් තියෙන්නේ. තරුණිය තමන්ගේ ස්වාමිපුරුෂයාගේ මුණ දිහා බලනවා.
ඔහු කිසිවක් කියන්නේ නෑ.
තමන්ගේ අම්මා තාත්තා දොරට එහා පැත්තේ ඉඳන් බලාගෙන ඉන්නවා ගේ ඇතුළට වෙලා තවදුරටත් බලගෙන ඉන්න තරුණියට බැරි වෙනවා.
කඳුළු ඇස්වලින් කඩා වැටෙද්දි තරුණිය තමන්ගේ ස්වාමිපුරුෂයාගෙන් සමාව අරන් දොර අරිනවා.
තරුණයා ඒ දිහා පුදුමයෙන් බලා සිටියා මිසක් කිසිවක් කීවේ නැහැ.
මේ දෙන්නාට දාව මුලින්ම ඉපදෙන්නේ හුරතල් පුතෙක්.
දෙවනුවත් පුතෙක්.
තුන්වැනියාත් පුතෙක්.
හතරවෙනියාත් පුතෙක්.
පස්වෙනියා විදිහට බොහොම ලස්සන චූටිම චූටි දූ පැටියෙක් හම්බෙනවා. තාත්තාට හරි සතුටුයි.
දුවගේ පළවෙනි උපන්දිනය දවසේ තාත්තා නෑදෑ හිත මිත්රාදීන් ඔක්කෝටම කියලා ලොකුම ලොකු පාටියක් ගන්නවා. තාත්තාගේ මේ පාටිය ගැන අම්මාට හරි පුදුමයි.
මොකද එයාලගේ කළින් කිසිම පුතෙකුට කිසිම දවසක මේ විදිහේ ලොකු පාටියක් අරගෙන තිබුණේ නෑ.
පාටිය ඉවරවෙලා අම්මා තාත්තාගෙන් අහනවා, “කිසිම පුතෙක්ට කළින් නොගත්ත විදිහේ පාටියක් ඇයි දූට විතරක් ගත්තේ?“ කියලා.
එතකොට තාත්තා කියනවා,

“කවදහරි දවසක මට දොර අරින්නේ මගේ මෙන්න මේ දුව“ කියලා.

චුටි දුවේ නුඹයි අපේ ප්‍රාර්ථනය ...... !!

උපුටාගැනීමකි

05/04/2023

කෑමක් ඉල්ලගෙන එන සතෙක්ට,
කවදාවත් ගහන්න එපා….

අඩුමගානෙ ඇයි ගහන්නෙ කියලවත්,
එයාල දන්නෙ නෑ….

එයාලට හම්බ කරගෙන කන්න තේරෙන්නෙ නෑනෙ,
ඒකයි ඉල්ලගෙන කන්න එන්නෙ….

කන්න දෙන්න බැරිමනම්,
අඩුමගානෙ ගහන්නෙවත් නැතිව ඉන්න….

අපිට වඩා එයාලට වේදනාව දැනෙනව,
කෑගහල කියාගන්න බැරි උනාට….

෴෴

05/04/2023

දරුවන්ට විශේෂයෙන් ම වැදගත් වේවි.

Address

81/1 A, Niwandama
Ja-Ela

Telephone

+94776742539

Website

Alerts

Be the first to know and let us send you an email when Dream Tours Sri Lanka posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Dream Tours Sri Lanka:

Share


Other Ja-Ela travel agencies

Show All

You may also like