Augen reisen

Augen reisen Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Augen reisen, Travel Agency, Emil Bandula Mawatha, Kalutara North.

18/05/2018

ඔබ අප වෙනුවෙන් කැප කල් දේ කියා නිම කරන්නට නොහැකි තරම්..
සැමදා ඔබට හිස නමන්නෙමි වැදූ මවු පියන්ට සේ...

18/05/2018

යලිත් කිසිදා මගේ රටේ යුද්දයක් ඇති නොවේවා!!

මේ ප්‍රාර්ථනාව කරලා හැමෝම ශෙයා කරමු!!
රට වෙනුවෙන් අපට කල හැකි හොදම ප්‍රාර්ථනාව එය වනු නිසැකයි!!!

18/05/2018
18/05/2018

18/05/2018
17/05/2018
16/05/2018
16/05/2018
16/05/2018
16/05/2018

- Like & Share & Support -

හපුතලේ නගරයෙන් ඔබ්බට වැලිමඩ පාරෙහි කිලෝ මීටර් දෙකක්‌ පමණ ගමන් කළ විට හමුවන "ග්ලැනර් වතුයාය" අතරින් වම් අතට දිවෙන පටු මාවතෙහි කිලෝ මීටරයක පමණ දුර ගෙවා ගිය තැන, සිත්කලු මනස්‌කාන්ත පරිසරයක පිහිටි පෞරාණික "ඇඩිසම් බංගලාව" හමුවේ. රමණීය කඳු මුදුනක පිහිටා ඇති මෙම ගොඩනැගිල්ල පසෙකින් පහළ කඳු බෑවුම දෙස බලන විට චමත්කාර අන්දමින් දියතලාව නගරය මොනවට දිස්‌වේ.

ඇඩිසම්හි නිර්මාණ කටයුතුවලට මූලික වශයෙන් දායකවී ඇත්තේ එහි හිමිකරු වූ ඉංගී්‍රසි ජාතික "සර් තෝමස්‌ විලියස්‌" මහතාය. මෙයට ඇඩිසම් නාමය දෙනු ලැබුයේ ඔහු උපන් එංගලන්තයේ ඇඩිසම් ග්‍රාමය මුල්කරගෙන බවට තතු පැවසේ. වරෙක එංගලන්තයේ අගමැති ධුරය හෙබවූ "ජෝන් රසල්" මහතා සර් තෝමස්‌ විලියස්‌ මහතාගේ සීයා විය.

අයර්ලන්තයේ ගෘහ නිර්මාණ ශිල්ප ක්‍රම උපයෝගී කර ගනිමින් දකුණු ඉන්දීය ගෘහ නිර්මාණ ශීල්පීන් ලවා මෙම ගොඩනැඟිල්ලෙහි ඉදිකිරීම් හා නිර්මාණ කටයුතු කර ඇති අතර, 1931 වර්ෂයේදී සියලුම වැඩකටයුතු අවසන් කොට ඇත.

ඇඩිසම් බංගලාව සහ ඒ ආශ්‍රිතව ව්‍යාප්තව ඇති අක්‌කර 15 ක පමණ ගොවිපළ එහි අයිතිකරු වූ "සර් තෝමස්‌ විලියස්‌" මහතා විසින් පවත්වා ගෙන යන ලද අතර, 1948 වර්ෂයේදී එය විමලා විෙ-වර්ධන මහත්මියට විකුණනු ලැබීය. 1959 දී විෙ-වර්ධන මහත්මිය විසින් ක්‍රිස්‌තියානි ආගමික සංවිධානයකට මෙම බංගලාව සහ ගොවිපළ විකුණා ඇත. දැනට මෙම බංගලාවෙහි ක්‍රිස්‌තියානි පූජකවරුන් ඔවුන්ගේ ආගමික කටයුතුවල යෙදෙමින් ආගමික වැඩසටහන් පුහුණු කිරීමේ හා ආගමික දැනුම සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතීන් ක්‍රියාත්මක කරති.

ගොඩනැගිල්ලෙහි සියලුම තැනීම් කටයුතු කලුගලින් නිම කොට ඇත. මහල් දෙකකින් සමන්විත මෙම නිවහනෙහි කාමර 25 ක්‌ ඇති අතර, ඉන් 12 ක්‌ ඉහළ මාලයේ ඇත. සියලුම කාමරවලට උෂ්ණත්වය සැපයීම සඳහා ගල් අඟුරු උදුන් ඇත. මෙම උදුන් වලින් පිටවෙන දුම් සහ අලු ගොඩනැඟිල්ලෙන් පිටතට ඇද දැමීම සඳහා භ්‍රමණාකාර කවුලු පියන් සහිත කුලුණු හයක්‌ වහළෙහි සවිකොට ඇත.

පහත මාලයේ අමුත්තන් සඳහා වෙන් කරන ලද ආලින්දය පුරාණ ලී බඩුවලින් සමන්විතය. තෝමස්‌ විලියස්‌ මහතාට සහ ඔහුගේ රාජකීය පවුලට අයිතිව තිබූ 1931 වසරට වඩා පැරැණි ගෘහ භාණ්‌ඩ මෙම ගොඩනැඟිල්ලෙහි තිබේ.

සර් තෝමස්‌ විලියස්‌ මහතාගේ විශාල ප්‍රමාණයේ චිත්‍රයක්‌ ආලින්දයේ සවිකොට තිබේ. මෙම චිත්‍රය නිර්මාණය කොට ඇත්තේ ඉංගී්‍රසි ජාතික "ඩේවිඩ් පේන්ටර්" මහතා විසිනි. මහනුවර ත්‍රිත්ව විද්‍යාලයේ චිත්‍ර නිර්මාණයද ඔහු විසින් කොට ඇත. කඳුරට ප්‍රදේශයේ නොයෙකුත් සිත් ගන්නා ස්‌ථානවල දර්ශනීයත්වය පිළිබිඹු කෙරෙන තවත් චිත්‍ර ගණනාවක්‌ ආලින්දයේ වේ. සර් තෝමස්‌ විලියස්‌ මහතාගේ බිරිඳ විසින් එම චිත්‍ර නිර්මාණය කොට ඇත.

සර් තෝමස්‌ විලියස්‌ මහතා විසින් පරිශීලනය කරන ලද පොත්පත් හා ලිපි ලේඛන තැන්පත් කොට ඇති කාමරයක්‌ ආලින්දයට යාබදව වෙයි. පුරාණ කාලයේ නිර්මාණය කරන ලද ලී අල්මාරි කිහිපයක මෙම පොත්පත් තැන්පත් කොට ඇත.

එමෙන්ම සියලුම කාමරවලට උණු වතුර සැපයීම සඳහා විශාල බොයිලේරුවක්‌ සහිත කාමරයක්‌ද, මුලුතැන් ගෙයක්‌ද පහත මාලයේ වෙයි. ගොඩනැඟිල්ලෙහි උලුවහු, වහළ සහ බිම තේක්‌ක ලී වලින් සාදා ඇත. සීලිමෙහි කැටයම් ප්ලාස්‌ටර් පැරිස්‌ වලින් නිම කොට ඇත.

තේක්‌ක ලී වලින් නිමකොට ඇති වහළ ඉතා දැකුම්කලුය. වැස්‌සෙන් හා අව්වෙන් කිසිදු හානියක්‌ නොවන අයුරින් දැනට වසර 69 ක පමණ කාලයක්‌ මෙම ලී වහළ ආරක්‍ෂා කරගෙන ඒම සඳහා වසර දෙකකට වරක්‌ විශේෂිත තෙල් වර්ගයක්‌ ආලේප කරනු ලබයි.

ආගමික අධ්‍යාපනය ලබන්නන්ට හා ගුරුවරුන්ට නේවාසික පහසුකම් සැපයීම සඳහාද, ඔවුනට ආහාර පාන සැපයීම සඳහාද මෙහි කටයුතු කෙරේ. මෙම වැඩපිළිවෙළහි මූලික අරමුණ වී ඇත්තේ ක්‍රිස්‌තියානි ආගමික පුහුණුව හා ඒ ආශ්‍රිත දැනුම වර්ධනය සඳහා දායක වීමයි.

ගොඩනැඟිල්ලට පිටතින් ඇති වත්ත අක්‌කර 15 ක්‌ පමණ වන අතර එහි ඇපල්, ස්‌ට්‍රොබෙරි, පෙයාර්ස්‌, පීච් වැනි පලතුරු වගාකොට තිබේ. මේවායේ අස්‌වැන්න ලබා ගනිමින් සියයට සියයක්‌ම ස්‌වාභාවිකත්වයෙන් යුක්‌තව, කිසිදු ආකාරයක අධි යාන්ත්‍රිකකරණයකින් තොරව, ජෑම්, කෝඩියල් වර්ග නිෂ්පාදනය කිරීමේ ව්‍යාපෘතියක්‌ද මෙහි ක්‍රියාත්මක වේ. මෙම කටයුතු සඳහා හපුතලේ නගර ආශ්‍රිත ගම්මානවල ශ්‍රමිකයන් කිහිප දෙනකු සේවයට යොදා ගෙන ඇත. ඉහත කී පලතුරු වගාවට අමතරව අලංකාරත්වය උද්දීපනය වන අයුරින් ගොඩනැඟිල්ල අවට හා මාර්ගය දෙපස විවිධාකාර මල් වර්ග වවා තිබේ.

ආගමික ධර්මතාවන් සංවර්ධනය කරලීමත්, ඒ තුළින් මානව හිත සුව සඳහා පරිපූර්ණ දායකත්වයක්‌ කැපකරලීමත්, මූලික පරමාදර්ශය කොටගත් මෙම ආයතනයේ කළමනාකරණය, පැවැත්ම හා සංනිවේදන කාර්ය භාරය පිළිබඳ ප්‍රශංසනීය පුළුල් මහජන ප්‍රතිචාරයක්‌ ඇති බව දහස්‌ සංඛ්‍යාත නරඹන්නන්ගෙන් මොනවට පැහැදිලි වෙයි.

Credits: ගුණපාල වික්‍රමආරච්චි

Adisham bungalow is at near to Haputale town at very closed to Glanor tea estate of Haputale, in the Badulla District, Sri Lanka. At present it houses the Adisham Monastery a congregation of St. Sylvester.

The house was built in 1931 by an English aristocrat and planter Sir Thomas Villiers, former Chairman of George Steuart Co, a trading and estate agency based in Colombo. Sir Thomas was a grandson of Lord John Russell and descendant of the Dukes of Bedford. It was designed by R. Booth and F. Webster in Tudor and Jacobean style, on 10 acres (40,000 m2) of land. Adisham Hall played host to many prominent personalities of the colony until the retirement of Sir Thomas, after which it was sold to Sedawatte Mills. In 1961 it was purchased by the Roman Catholic Church and was subsequently converted to a monastery. The house is well preserved along with its period fittings and furniture, and is open to visitors.

There are several tea estates and Hindu Kovils also at near Adisham bungalow. Up side of bungalow is a eucalyptus forest and downside of bungalow is railway between Haputale and Idalgashinna railway stations.
Garden of Adisham is a fruit estate and flower estate. Jams, Cordials and several foods are produced at Adisham bungalow and available for buy.

Although it should be emphasised that Adisham is not in any way a commercial guest-house nor a Villiers museum open to casual callers, accommodation is available for 12 guests. It would suit people appreciative of a Christian spiritual experience, counsel and guidance, in a place of surpassing peace, solitude and beauty. The large rooms are comfortable and have some of the best mountain views in Sri Lanka. The food (three main meals and afternoon tea) is simple but excellent and the atmosphere edifying and serene.

Guests should not expect hotel amusements and are expected to be considerate of the rules of the community.

How to get there

Buses from Colombo to Badulla (Route 99) pass through Haputale, the nearest town for Adisham, and you can take a local taxi from there. The best way to travel to Haputale is by train, 1st class sleeper or the observation car from Fort station.

or

Proceed along the Colombo Road (main street) up to the end of the Bazzar and take upper road to the Police station, proceed 2miles passing the Buddhist Temple then take left for and half mile till you Reach Adisham, an old English Maner first owned By Sir Thomas Villers, now run by Catholic priests.

- Like & Share & Support -

12/05/2018
12/05/2018

Cheena 0094717116617
Sampath 0094717116617

05/05/2018
01/05/2018
22/04/2018

Plan your trip.
Call us. Book your tour. Contact info in bio.

21/04/2018
18/04/2018

Colombo - Badulla Night Mail Train

@ Demodara Loop

© Srilanka Railway Journal 🚂🚂🚂🚂

18/04/2018

Address

Emil Bandula Mawatha
Kalutara North
12000

Alerts

Be the first to know and let us send you an email when Augen reisen posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Videos

Share

Category

Nearby travel agencies



You may also like