Nawwa Travels

Nawwa Travels පරිසරය රකින්නා පරිසරය විසින්ම රකිනු ලබයි...❤️☘️
(1)

කෑම්පින් කරන ඔයාලා වෙනුවෙන්ම..😎🤩ඔන්න අපි ගෙනාවා කෑම්පින් කරන්න ඕන දේවල් 😲කළුතර පානදුර හොරණ ඉන්න ඔයාලට අඩුම මිලගනන් ♨️දැන...
12/02/2024

කෑම්පින් කරන ඔයාලා වෙනුවෙන්ම..😎🤩

ඔන්න අපි ගෙනාවා කෑම්පින් කරන්න ඕන දේවල් 😲

කළුතර පානදුර හොරණ ඉන්න ඔයාලට අඩුම මිලගනන් ♨️

දැන්ම දින වෙන්කරගන්න 😍

මීට අමතරව කෑම්පින් කරන තැන් ගැනත් විස්තර නොමිලේම ලබාගන්න පුලුවන්

අවශ්‍ය නම් මගපෙන්වීම් කටයුතු වගේම,
සම්පූර්ණයෙන්ම ඔයාගේ ගමන අපෙන් සංවිධානය කරගන්නත් පුලුවන් 😍😍

දෙන්න අපිට කෝල් එකක් 📞
නැත්තම් දෙන්න whatsapp මැසේජ් එකක්

075-8559979 / 077-3102835

2023 සෑහෙන අමාරු අවුරුද්දක්කොහොම උනත් කොහේ හරි යන්න ඕන කියන දේ මේ අවුරුද්දෙත් කරන්න පුලුවන් උන එක ගැන සෑහෙන සතුටුයි.ඉතින...
30/12/2023

2023
සෑහෙන අමාරු අවුරුද්දක්
කොහොම උනත් කොහේ හරි යන්න ඕන කියන දේ මේ අවුරුද්දෙත් කරන්න පුලුවන් උන එක ගැන සෑහෙන සතුටුයි.
ඉතින් මං මේ අවුරුද්දේ ගියපු සංචාරයන් අතරින් ගැරඩි ඇල්ල සංචාරය හොදම සංචාරය හැටියට නම් කරන්න පුලුවන්.
මාත් එක්ක එකතු උන ආදරණීය මගේ මිතුරන්වත් ආදරයෙන් මතක් කරනවා.
Edirisinghe Osh*tha Isuru Sa De W Lakmal Ruvini

ඉතින් 2024 අවසරයි.
අපි යමු කොහේ හරි ❤️
Nawwa Travels

26/12/2023

මේ ඇරඹෙන්නේ උතුම් සිරිපා සමයයි 💛🙏

අවාරයක අවසානයේ වාරයක ආරම්භය...
උතුම් සිරිපා කරුණාවට ඔබට ප්‍රධාන වශයෙන් මාර්ග 3ක් ඇති අතර ඒවාට සම්බන්ද වන වනගත අනු මාර්ගයන්ද ඇත.

✳️ රත්නපුර මාර්ගය(රජමාවත)
අතීතයේ රජවරුන් සිරිපා කරුණාවට භාවිතා කළ මාර්ගයක් ලෙස මෙම මාර්ගය සැලකෙන අතර, රත්නපුරයට පැමින පලාබද්දල බස් රථයකින් පැමිණ කරුණා කළ හැකිය.
*සිරිපාගම පුරාණ විහාරය(පලාබද්දල)
*පවනැල්ල
*ළිහිනි හෙල
*කොකටිය කන්ද
*ගැටනෙතුල අම්බලම
*කලු ගගේ ආරම්භක ස්ථානය
*ගෙත්තම්පාන
*ධර්මරාජ ගල
*සීතගගුල
*හැරමිටිපාන
*ගල් වංගෙඩිය
*මකර තොරණ විහාරය
*ආඩියාමල තැන්න
*ඇහැළ කනුව
*මහගිරි දඹ
*උඩ මලුව
කිලෝමීටර 8ක් පමණ මෙම මාර්ගයේ කරුණා කළ යුතුය.

✳️හැටන් නල්ලතන්නිය මාර්ගය
හැටන් නගරයට පැමිණ නල්ලතන්නිය බස් රථයකින් පැමිණ කරුණා කල හැකිය.
*සමන් දේවාලය
*මකර තොරණ
*ජපන් සාම චෙත්‍ය
*ගගුලතැන්න අම්බලම
*සීතගගුල
*රතු අම්බලම
*ඉදිකටුපාන
*ගෙත්තම්පාන
*මහගිරි දඹ
*ඇහැළ කනුව
*භගවා ලෙන
*උඩමලුව
සිරිපා කරුණාවට ඇති පහසුම මාර්ගය මෙය් වන අතර ආසන්නව කිලෝමීටර 6ක පමණ ගමනකින් යුතුවේ.

✳️කුරුවිට එරත්න මාර්ගය
කුරුවිට නගරය වෙතට පැමිණ එතනින්
එරත්න අඩවි කන්ද දක්වා පැමිණ කරුණා කළ හැකිය. ප්‍රධාන සිරිපා මාර්ග අතරින් වනගත මාර්ගයක් ලෙසද නම් කල හැකි මෙම මාර්ගය සිරිපා කරුණාවට ඇති පැරණිම මාවතක් වේ. ආසන්නව කිලෝමීටර 12ක පමණ ගමනකින් යුතුවේ.

✳️අනු මාවත්

* දැරණියගල උඩ මාලිබොඩ මාර්ගය
* දෙහෙනකන්ද මුක්කුවත්ත මාර්ගය
* රාජමලේ සදගලතැන්න මාර්ගය

කුමන මාර්ගයේ සිරිපා කරුණා කලත් පරිසරයට හානියක් සිදු නොකරන්න වගබලා ගැනීම ඔබ සතු යුතුකමකි.
ඔබගෙ හැසිරීම ගැනද සැලකිලිමත්ව සිරිපා කරුණා කිරීමට වගබලාගන්න.
මේ පූජනීය සංවේදී පරිසර පද්ධතිය රැකගැනීම ඔබෙත් මගේත් වගකීමකි.

කරුණාවයි... කරුණාවයි...
මුණි සිරිපා කරුණාවයි...

💚🙏

#සිරිපාකරුණා #වාරේ

කලුගල ගැරඩි ඇල්ල Geradi Ella - Kalugala 💚මහනුවර දිස්ත්‍රික්කයේ කලුගල ප්‍රදේශයේ පිහිටා ඇති මෙම දිය ඇල්ල මීටර් 240ක පමණ උස...
29/09/2023

කලුගල ගැරඩි ඇල්ල
Geradi Ella - Kalugala 💚

මහනුවර දිස්ත්‍රික්කයේ කලුගල ප්‍රදේශයේ පිහිටා ඇති මෙම දිය ඇල්ල මීටර් 240ක පමණ උසකින් යුතු, මනස්කාන්තවත් දර්ශන පෙන්වන්නකි.
මෙම දිය ඇල්ල කොටස් වශයෙන් ගලා බසින නිසාවෙන් ගැරඩි ඇල්ල යන නාමය හිමිව ඇත.
පොදු ප්‍රවාහන සේවයේ නම් මහනුවරින් මහියංගණය පාරේ උඩුදුම්බරට පැමිණ එතැනින් කලුගල බසයක/ත්‍රීරෝද රථයක යායුතුවේ.
දින තුනක ගමනේ චායාරූ පහතින් වේ. රූප රචනාව nawwa travels වෙතින් ලගදීම.

ගැරඩි ඇල්ල පහල ගෙදරින් කෑම බීම ගන්න පුලුවන් 071 325 6131
Lakmal Chathuranga Osh*tha Viduranga Chathuranga Edirisinghe Sa De W Kasun Dilshan Sankagith

#කලුගල

Sithulpawwa Temple - Hambanthota සිතුල්පව්ව විහාරය ❤️
26/08/2023

Sithulpawwa Temple - Hambanthota
සිතුල්පව්ව විහාරය ❤️

Finally realize that everything is impermanent😇❤️
07/08/2023

Finally realize that everything is impermanent😇
❤️

නිදහස😊ඒ වචනෙට සාදාරණයක් කරන්න හොදම දේ ස්වභාධහමයි  💚
27/07/2023

නිදහස😊
ඒ වචනෙට සාදාරණයක් කරන්න හොදම දේ ස්වභාධහමයි 💚

ඒක දිග කතාවක් මිත්‍රයා ❤️
18/07/2023

ඒක දිග කතාවක් මිත්‍රයා ❤️

දොලුකන්ද 💚 🇱🇰 Dolukanda Sri Lanka 💚දොලුකන්ද කදු නගින්නන් අතර  සුප්‍රසිද්ධ කදු මුදුනක් වන අතර, එය කුරුණෑගල දිස්ත්‍රික්කයේ...
09/07/2023

දොලුකන්ද 💚 🇱🇰
Dolukanda Sri Lanka 💚

දොලුකන්ද කදු නගින්නන් අතර සුප්‍රසිද්ධ කදු මුදුනක් වන අතර, එය කුරුණෑගල දිස්ත්‍රික්කයේ පිහිටා ඇත.
පොදු ප්‍රවාහන සේවයේ නම්, කුරුණෑගලට පැමිණ එතනින්, ඉබ්බාගමුව හන්දියෙන් හැරී මඩගල්ල දෙසට ගමන් කරනා බසයක නැගී ගොඩගාලෙන් බැසිය යුතුය.
අප උදෑසන 4ට පමණ කොළඹ කොටුව CTB බස් නැවතුම්පොළින් අනුරාධපුර බසයක නැගී කුරුණෑගල වෙත ගොස් එතැනින් මඩගල්ල බසයක නැගී ගොඩගාල හංදියට පැමිණ, වේලාසනින්ම ගමන ඇරඹුවේ වැහි මන්දාරමක් මෙන්ම එහි ඉහලට වන්නට ඇති ගල් ගුහාවේ රාත්‍රියක් ගත කිරීමට ඇති ආසාව නිසාවෙනි. කන්ද නැගීමට ආසන්නයේදී වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අවසර පතක් ලබාගැනීමට හැකිය.
පැය තුනකට ආසන්න කාලයක් තුලදී අපි ගල් ගුහාව වෙත ලගා වුණු අතර එහි තිබූ ගුප්ත බව මෙන්ම ආකර්ෂණීය බව අපගේ ගතේ තිබූ මහන්සිය අවම කිරීමට සමත්විය.
මෙම කදු මුදුනින් කුවේණිගල, යක්දෙස්සාගල වැනි ස්ථාන දැකගත හැකිය.
හනුමාන් විසින් හිමාලයේ සිට රැගෙන ආ ඹෘෂධ කන්දක කොටසක් මෙම ස්ථානයේ ඇති බවත් මෙන්ම, විජය රජතුමා කුෂ්ඨ රෝගයකට ප්‍රතිකාර සිදුකර ගැනීමට මෙම ස්ථානයට පැමිණි බවත් ජනප්‍රවාදයේ පවතී.
කෙසේහෝ වේවා එහි තිබූ අලංකාරත්වය මෙන්ම එම පරිසරයේ වටිනාකම හොදින් වටහාගෙන මෙම ස්ථාන අනාගත පරපුර වෙතට දායාද කිරීම අප සැමගේ වගකීමකි.
❤️💚
#දොලුකන්ද

අතරමං නොවී කතරගම ගියපු අපි ❤️කතරගම/සිතුල්පව්ව/කිරින්ද  සංචාරය ❤️
26/06/2023

අතරමං නොවී කතරගම ගියපු අපි ❤️

කතරගම/සිතුල්පව්ව/කිරින්ද සංචාරය ❤️

පොළොන්නරුව ගල් විහාරය 🤍☸️Rock Temple - Polonnaruwaගල් විහාරය ලෙස වර්ථමානයේ බහුලව භාවිතා වුවත් අතීතයේ උත්තරාරාමය ලෙසින් හ...
02/06/2023

පොළොන්නරුව ගල් විහාරය 🤍☸️
Rock Temple - Polonnaruwa

ගල් විහාරය ලෙස වර්ථමානයේ බහුලව භාවිතා වුවත් අතීතයේ උත්තරාරාමය ලෙසින් හැදින් වූ මෙම විහාරයේ වර්ථමානයේදී බහුලව දක්නට ඇත්තේ අතීත උරුමයන්ගේ නටඹුන්‍ වේ. නමුත් ඒවා මගීන් අතීතයේ පැවිති අනගිභවනීය තත්ත්වය මනාව පිළිඹිබු කරයි.

මහා පරක්‍රමභාහු රජසමයේ (ක්‍රි.ව. 1153 - 1186) ඉදිකර ඇති මෙම විහාරයේ දැනට පවතින පිළිම වහන්සේලා එළිමහනේ දක්නට ලැබුනත් අතීතයේදී ඒවා දැවයෙන් හෝ ගඩොලින් කරවන ලද ගොඩනැගිල්ලක් තුළ හෝ කුඩා ප්‍රතිමා ගෘහ වලින් සමන්විතව තිබෙන්නට ඇති බව ශක්තිමත් ගඩොල් අත්තිවාරම් වලින් තහවුරු වෙයි.

ගල් විහාරය මධ්‍ය කාලීන ලංකාවේ ශාසනික ඉතිහාසය සහ කලා ශිල්පයන්ගේ සාරය නූතනයට පෙන්වන්නා වූ වන්දනීය කලාගාරයකි.
මෙවන් වූ සම්පත් අනාගත පරපුර වෙනුවෙන් රැකගැනීම අප සැමගේ යුතුකමක් වන්නේය.❤️

Narangala Mountain - Sri Lanka 🇱🇰 💚නාරංගල 💚🏕️ඌව පළාතේ ඇති කදු අතරින් දෙවෙනි තැන ගන්නා නාරංගල කන්ද තරණය පහසු වන අතර කදු න...
21/05/2023

Narangala Mountain - Sri Lanka 🇱🇰 💚

නාරංගල 💚🏕️

ඌව පළාතේ ඇති කදු අතරින් දෙවෙනි තැන ගන්නා නාරංගල කන්ද තරණය පහසු වන අතර කදු නගින්නන් අතර මෙන්ම රාත්‍රී කදවුරු බදින්නන් අතර සුප්‍රසිද්ධ ස්ථානයකි.
මීටර් 1527ක් පමණ උසින් යුතු මෙම කන්ද මුදුනට පැහැදිලි දිනයකදී මඩොල්සිම, පූනාගල, හපුතලේ සානුව, නමුණුකුල, හෝර්ටන්තැන්න, රන්දෙණිගල රක්ශිතය දැකගත හැකියි.
මෙම කන්ද තරණය සදහා මාර්ග දෙකක් පවතින අතර ලෙජරවත්ත සහ කීනකැලේ එම මාර්ග දෙක වෙයි. කීනකැලේ මාර්ගය තරණයට පහසුය. කීනකැලේ මාර්ගයේ පැමිණීමට නම් බදුල්ල සිට කීනකැලේ බස් රථයක කීණකැලේ වෙත පැමිණිය යුතුය. නැතහොත් කන්දෙ ගෙදර බසයක නැගී කන්දේ ගෙදරට පැමින, එතැනින් ත්‍රීරෝද රථයක යායුතු වේ.

මෙවන් වූ සුන්දර ස්ථාන රැකගැන්ම අප සැමගේ වගකීමකි.💚❤️


බේකර්ස් බෙන්ඩ් 😍💚Baker's Bend බෙලිහුල්ඔය නන්පේරියල් වතුයායේ පිහිටා ඇති අතර බෙලිහුල්ඔය සිට දුර කිලෝමීටර 12කි. නන්පේරියල් ...
06/05/2023

බේකර්ස් බෙන්ඩ් 😍💚

Baker's Bend බෙලිහුල්ඔය නන්පේරියල් වතුයායේ පිහිටා ඇති අතර බෙලිහුල්ඔය සිට දුර කිලෝමීටර 12කි. නන්පේරියල් වතුයායේ සිට Nagrak Bangalow වෙත යන විට හමුවන 23 වන වංගුව baker's bend නමින් හදුන්වන අතර ආසන්න වශයෙන් උස මීටර් 1530ක් පමණ වෙයි.
මෙම වංගුව බලතුඩුව, ගොම්මෝලි කන්ද, ආදරකන්ද කදු වැටිය, උඩවලව ජලාශය, සමනල වැව ඇතුළු අවට ප්‍රදේශ වල විශ්මිත දසුන් පෙන්වයි.
මෙම වංගුව පිහිටා ඇති මාර්ගයේ ආණ්ඩුකාර බේකර්ස් මහතා ගමන් කරන විටෙක, ආණ්ඩුකාරවරයා සහ ඔහු පැදවූ අශ්වයා මෙම වංගුවෙන් වැටී ඇති අතර ආණ්ඩුකාරවරයා දිවිගලවා ගත්තද අශ්වයා මරණයට පත් විය. එම අශ්වයා සිහි වීම පිණිස අශ්ව ලාඩමක් හැඩයෙන් මෙම වංගුව ඉදිකර ඇත.
මෙම ස්ථානය නන්පේරියල් වතුයාය මගීන් පාලනය කරනු ලබන අතර, මෙහි යාම සදහා ටිකට් පතක් ලබාගත යුතුය.
බෑවුම් සහිත දුෂ්කර මාර්ගයක් නිසාවෙන් මේ වෙත ගමන් කිරීමේදී ඉතාමත් ප්‍රවේසමෙන් යා යුතුය.

අනාගතය ගැන සිතා මෙවන් වූ ස්ථාන රැකගැන්ම ඔබෙත් මගේත් යුතුකමකි. ❤️💚

14/04/2023

On the top of wangedigala & balathuduwa peaks 💚😍

ආසම තැනක් හොයන් යන ගමන් 💚💚
26/03/2023

ආසම තැනක් හොයන් යන ගමන් 💚💚

වංගෙඩිගල/බලතුඩුව 🇱🇰 💚වංගෙඩිගල කන්ද ලංකාවේ කදු නගින්නන් අතර ප්‍රසිද්ධ කන්දක් වන අතර එය තරනයට යම්තාක් දුරකට පහසු කන්දකි. ෆ...
30/01/2023

වංගෙඩිගල/බලතුඩුව 🇱🇰 💚

වංගෙඩිගල කන්ද ලංකාවේ කදු නගින්නන් අතර ප්‍රසිද්ධ කන්දක් වන අතර එය තරනයට යම්තාක් දුරකට පහසු කන්දකි. ෆයිනස් වනය වංගෙඩිගල මුදුනට ආසන්න වන තෙක්ම දිවයන අතර, මීදුම සහිත දිනයක ෆයිනස් වනය තුලින් ගමන් කිරීම ඉතා මනරම් අත්දැකීමකි.

බලතුඩුව වෙතට ගමන් කිරීම හාත්පසින් වෙනස් ගමනක් වන අතර, ඒ සදහා වංගෙඩිගල මුදුනේ කදවුරු රාත්‍රියක් ගත කිරීම සුදුසු වේ. උණ ගස් වලින් වැසුනු වනය තුලින් ගමන් කිරීමේදී අතරමං වීමට වැඩි ඉඩකඩක් ඇති නිසාවෙන් මග පෙන්වන්නෙකු රැගෙන යාම සුදුසු වේ.

වංගෙඩිගල, වංගෙඩි කන්ද, බලතුඩුව, ගොම්මෝලිය පිලිවෙලින් ඇති කදු වන අතර, මේ සියලුම කදු තරනය කදු නගින්නෙක්ගේ අත්දැකීම් ඔප දමන්නකි.

බලතුඩුව කදු මුදුනේදී,
යකාගෙ පඩිපෙල මාර්ගය, බබරකන්ද දිය ඇල්ල, ලංකා ඇල්ල, පෙට්ටිගල, හාවාගල, සමනල වැව ආදි වූ විශාල වපසරියක් දැකගත හැකිය.

අප උදෑසන 5.30ට පානදුරයෙන් මහියංගනය බසයක නැගී ගමන ආරම්භ කළ අතර, කලුපහනට ලගාවන විට උදෑසන 10.00 පමණ විය. කලුපහනින් ගමන ආරම්භ කල අප වංගෙඩිගල මුදුනට පැමිනෙන විට දහවල් 2.00 පමණ වූ අතර, එදින රාත්‍රියේ වංගෙඩිගල මුදුනේ කදවුරු රාත්‍රියක් ගතකල අපි උදෑසන 9.30ට පමණ බලතුඩුව සොයා යාමට පිටත් වූයෙමු. උණ කැලය පටන් ගැනීමට පෙර හමුවන කදවුරු භූමියේ කූඩාරම අටවා ඒ තුලට අපගෙ ගමන් මලු දමා ජලය සහ අවශ්‍ය පමණින් ආහාර රැගෙන පිටත් වූයේ ගමනේ දුශ්කරතාවය දැනුනු නිසාවෙනි.
සවස 2.30 පමණ වන විට බලතුඩුව කදු මුදුනට පැමිණි අප ගොම්මෝලිය වෙතට පිටත් වීම අතහැර දමන ලද්දෙ, මීදුම අධික කාලගුණය සහ කාල වේලාව ගැන සිහිවූ නිසාවෙනි.
සවස 4.00ට පමණ බලතුඩුවෙන් පිටත් වූ අපට උණ කැළයේදී පාර වැරදීම නිසාවෙන් මහ වනයේ භීතිය මෙන්ම කුතුගලයෙන් පිරුනු පැයක් පමණ ගෙවාදමන්නට සිදු විය. කෙසේ හෝ නැවතත් අඩි පාර සොයාගත් අප සවස 6.30 පමණ වන විට කූඩාරම අසලට පැමිණියේ වෙහෙසකර මෙන්ම ත්‍රාසජනය කදු තරනයක පහස ලබාගෙනය.
පසු දින උදෑසන 10.00ට පමණ නැවත කළුපහනට පැමිණි අපි ත්‍රාසය භීතිය කුතුගලය පිරුනු ගමන අවසන් කලෙමු.

කදු නගින්නෙක් විදියට ලංකාවේදී තරනය කල යුතුම කන්දක් විදියට බලතුඩුව හදුන්වන්න පුලුවන්.❤️

ආයිමත් මේ වගේ ගමනකින් හමුවෙමු...

මගේ YouTube Channel එකට ගියොත් ඔයාලට මේ වගේ ගමන් වල රූප රචනා බලන්න පුලුවන්.

Chathuranga Edirisinghe
Isuru Tharaka Sampath
Sadew Tharaka

21/01/2023

තවත් සුන්දර ගමනාන්තයක් 💚

Peacock Hill - Kothmale
මොණරතැන්න - කොත්මලේ
ගිය වසරේ මා සමග මේ ගමනට එක්වූ
Kumuthu, Ishan, Shehan ආදරයෙන් මතක් කරනවා... ❤️

29/12/2022

සුන්දර ගමනාන්තයක් ❤️☘️
Great Western Mountain - Sri Lanka

දෙවන කොටස 💚

Naveen Nayanajith
Chathuranga Edirisinghe
Nadeeka Dilshan
Chamuditha Kavishan Perera

මේ ඇරඹෙන්නේ උතුම් සිරිපා සමයයි 💛🙏අවාරයක අවසානයේ වාරයක ආරම්භය...උතුම් සිරිපා කරුණාවට ඔබට ප්‍රධාන වශයෙන් මාර්ග 3ක් ඇති අතර...
07/12/2022

මේ ඇරඹෙන්නේ උතුම් සිරිපා සමයයි 💛🙏

අවාරයක අවසානයේ වාරයක ආරම්භය...
උතුම් සිරිපා කරුණාවට ඔබට ප්‍රධාන වශයෙන් මාර්ග 3ක් ඇති අතර ඒවාට සම්බන්ද වන වනගත අනු මාර්ගයන්ද ඇත.

✳️ රත්නපුර මාර්ගය(රජමාවත)
අතීතයේ රජවරුන් සිරිපා කරුණාවට භාවිතා කළ මාර්ගයක් ලෙස මෙම මාර්ගය සැලකෙන අතර, රත්නපුරයට පැමින පලාබද්දල බස් රථයකින් පැමිණ කරුණා කළ හැකිය.
*සිරිපාගම පුරාණ විහාරය(පලාබද්දල)
*පවනැල්ල
*ළිහිනි හෙල
*කොකටිය කන්ද
*ගැටනෙතුල අම්බලම
*කලු ගගේ ආරම්භක ස්ථානය
*ගෙත්තම්පාන
*ධර්මරාජ ගල
*සීතගගුල
*හැරමිටිපාන
*ගල් වංගෙඩිය
*මකර තොරණ විහාරය
*ආඩියාමල තැන්න
*ඇහැළ කනුව
*මහගිරි දඹ
*උඩ මලුව
කිලෝමීටර 8ක් පමණ මෙම මාර්ගයේ කරුණා කළ යුතුය.

✳️හැටන් නල්ලතන්නිය මාර්ගය
හැටන් නගරයට පැමිණ නල්ලතන්නිය බස් රථයකින් පැමිණ කරුණා කල හැකිය.
*සමන් දේවාලය
*මකර තොරණ
*ජපන් සාම චෙත්‍ය
*ගගුලතැන්න අම්බලම
*සීතගගුල
*රතු අම්බලම
*ඉදිකටුපාන
*ගෙත්තම්පාන
*මහගිරි දඹ
*ඇහැළ කනුව
*භගවා ලෙන
*උඩමලුව
සිරිපා කරුණාවට ඇති පහසුම මාර්ගය මෙය් වන අතර ආසන්නව කිලෝමීටර 6ක පමණ ගමනකින් යුතුවේ.

✳️කුරුවිට එරත්න මාර්ගය
කුරුවිට නගරය වෙතට පැමිණ එතනින්
එරත්න අඩවි කන්ද දක්වා පැමිණ කරුණා කළ හැකිය. ප්‍රධාන සිරිපා මාර්ග අතරින් වනගත මාර්ගයක් ලෙසද නම් කල හැකි මෙම මාර්ගය සිරිපා කරුණාවට ඇති පැරණිම මාවතක් වේ. ආසන්නව කිලෝමීටර 12ක පමණ ගමනකින් යුතුවේ.

✳️අනු මාවත්

* දැරණියගල උඩ මාලිබොඩ මාර්ගය
* දෙහෙනකන්ද මුක්කුවත්ත මාර්ගය
* රාජමලේ සදගලතැන්න මාර්ගය

කුමන මාර්ගයේ සිරිපා කරුණා කලත් අපගේ පරිසරයට හානියක් සිදු නොකරන්න වගබලා ගැනීම ඔබ සතු යුතුකමකි.
ඔබගෙ හැසිරීම ගැනද සැලකිලිමත්ව සිරිපා කරුණා කිරීමට වගබලාගන්න.
මේ පූජනීය සංවේදී පරිසර පද්ධතිය රැකගැනීම ඔබෙත් මගේත් වගකීමකි.

කරුණාවයි... කරුණාවයි...
මුණි සිරිපා කරුණාවයි...

💚🙏

#සිරිපාකරුණා #වාරේ

24/11/2022

ලංකාවේ තියෙන ලස්සනම දූවිලි ඇල්ල බලන්න ගියපු සම්පූර්ණ වීඩියෝව ❤️😍



Naveen Nayanajith Isuru Tharaka Sampath

Green Campers🏕️✍️✍️✍️ සියළුම කදවුරු භාණ්ඩ සහ මග පෙන්වීම් කටයුතු එකම තැනකදී ඔබගෙ වෙන්කිරීම් සදහා අප අමතන්න... 👇👇👇 0729340...
21/11/2022

Green Campers🏕️

✍️✍️✍️ සියළුම කදවුරු භාණ්ඩ සහ මග පෙන්වීම් කටයුතු එකම තැනකදී ඔබගෙ වෙන්කිරීම් සදහා අප අමතන්න... 👇👇👇

0729340178 / 0758559979 / 0765364418

- කබරගල Kabaragala Mountain - Sri Lanka 🇱🇰❤️☘️ගමනාන්තය තරමක් දුශ්කර වුවත් අවසානය හිතාගත නොහැකි සුන්දරත්වයකින් යුත් "සුන්...
05/10/2022

- කබරගල
Kabaragala Mountain - Sri Lanka 🇱🇰❤️☘️

ගමනාන්තය තරමක් දුශ්කර වුවත් අවසානය හිතාගත නොහැකි සුන්දරත්වයකින් යුත් "සුන්දර කබරගල"
මේ කන්ද තියෙන්නෙ මහනුවර දිස්ත්‍රික්කෙ නාවලපිටියේ... මුහුදු මට්ටමෙ ඉදන් 1506m උසකින් තමා මේ කන්ද තියෙන්නේ..

කබරගල කියන්නේ දොලොස්බාගේ කදු පන්තියේ තියෙන උසම කන්ද.

මේ කන්දට කබරගල කියන්නේ ඇයි දන්නවද?

පෙනුම අනුව කට ඇරං ඉන්න කබරයෙක් ගේ හරස්කඩක්වගේ තමා පේන්නේ ඒ නිසා තමා මේ නම වැටිලා තියෙන්නේ...

කබරගල නගිනවා කියන්නේ පහසු කාරනාවක් නම් නෙමේ පසෙකින් මහා කටු පදුරු..

ඒ අසසේ තද ආනතිය. ඒ වගේම පදුරු වලට සැගවිලා තියෙනවා ප්‍රපාත වගේ බෑවුම්.
ෆයිනස් කැලෑවක් තේවතු යායවල් පසු කරගන තමා මේ ගමන යන්නේ..

ඔක්කොමත් හරි වැහිකාලේ ගියොත් නම් කූඩැල්ලෝ. ඉහලට නැග්ගාට හරියටම පාරක් සොයාගන්න අපහසුයි..

කොහොමහරි අපහසුවෙන් උඩට නැග්ගම අංශක 360කම වපසරියක් බලාගන්න පුලුවන්...

මිනිස්සු ගැවසෙන ඉසව්වක් නොවෙන නිසා හරියට දැනගෙනම යන්න ගම්මුත් හරියට කන්ද නගින පාර දන්නෙත් නෑ..

මුදුනට යන්න අඩි පාරවල් තිබ්බට සමහර තැන් දැන් ගොඩ වෙලා හොයාගන්නත් නෑ... ගමනේ සුන්දරම තැන තමා කදු මුදුණ කෙරවල ඒ කියන්නේ කබරයාගේ හිස උඩ...

දරුණු සත්තුත් මේ ප්‍රදේශයේ ගැවසෙන බවට නම් සාක්ෂි තියෙනවා.. කෝකටත් පරිස්සමින් දැනගෙන යන එක හොදයි.....

වැඩිය උස කන්දක් නෙමේ නිසා ඉක්මනින් ‍නගින්න පුලුවන්.
එහෙනම් පරිස්සමින් ගිහින් පරිසරය විනාශ නොකර එන්න.

❤️☘️

📷 NawwaTravels
සටහන උපුටාගන්නා ලදී







කූරගල පුදබිම ☸️❤️බලන්ගොඩ කල්තොට පිහිටි කූරගල පුදබිම මේ දිනවල බෞද්ධ පූජා භූමියක් ලෙස ජනී ජනයාගේ වන්දනාමානයන්ට පාත්‍ර වෙමි...
13/09/2022

කූරගල පුදබිම ☸️❤️

බලන්ගොඩ කල්තොට පිහිටි කූරගල පුදබිම මේ දිනවල බෞද්ධ පූජා භූමියක් ලෙස ජනී ජනයාගේ වන්දනාමානයන්ට පාත්‍ර වෙමින් තිබේ. පුරාවිද්‍යා රක්ෂිතයක් වශයෙන් පැවතුණු කූරගල පුරාණ ආරණ්‍ය භුමිය සජීවී බොදු වත්පිළිවෙන් කරනා ස්තානයක් ලෙස නොපැවතුන අතර එය මුස්ලිම් බැතිමතුන්ගේ පූජනීය ස්ථානයක් ලෙස පැවතුනි. ඔවුන්ගේ ආගමික වතාවත් එහි සිදුවුණ අතර පසුගිය කාලයේ කළ විවිධ ඉදිකිරීම නිසා පෞරාණිකත්වයට හානි සිදුවූ බව නම් අමුතුවෙන් කිවයුතු නැහැ.

බලංගොඩ-කල්තොට පාරේ 23 වැනි කිලෝමීටර් කණුවට නුදුරින්, තංජන්තැන්න මංගර දේවාලය ඉදිරිපිටින් ඇති අතුරු මාර්ගයක් ඔස්සේ කිලෝමීටර් දෙකක් ගමන්කර කූරගලට ළගාවිය හැකියි. සබරගමු පළාතේ රත්නපුර දිස්ත්‍රික්කයේ කල්තොට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ කූරගල ග්‍රාම නිලධාරී වසම තුළ කූරගල ඓතිහාසික පුදබිම පිහිටා තිබෙනවා. පැරණි බෙදීම් අනුව එය අයත්වන්නේ කඩවත් මැද කෝරළේ, හෙළ උඩ පත්තුවට යි. කඳුවැටි, වනාන්තර, කෙත්වතුවලින් වටවූ රමණීය බිමක තමයි කූරගල පිහිටා තිබෙන්නේ. කඳු පාමුල සිට ඉහළට ගමන් කිරීමට පියගැට තනා තිබෙනවා.

වල්වැදී නටබුන්ව ගිය කූරගලට නිසි ගමන් මාර්ගයක් පවා සොයා ගැනීම දුෂ්කර වූ කාලයක විකිළියේ නාරද අනුනායක ස්වාමීන් වහන්සේ එහි වැඩම කළ බව පැවසෙනවා. ඒ 1925 අවුරුද්දේ. ඒ කාලේ කූරගලට යන්න හරියට පාරක්වත් තිබුණේ නැහැ. බලංගොඩ සිට බෝවත්ත දක්වා යාමට කරත්ත පාරක් තිබුණ අතර, එය ද ගමන් කළේ නිතර අලි, කොටි, වලස්සු වැනි නපුරු සතුන් ගැවසුණු මාර්ගයක යි. බෝවත්තෙන් එහාට දෙනිපිටිය හරහා කුඩා අඩි පාරකින් තංජමට හා එතැනින් කූරගලට යා යුතුව තිබුණා.

1925 වසරේ කූරගලට පැමිණි අවස්ථාවේ කඳු මුඳුනේ පේසා වළලු තුනකින් සමන්විත, අඩි 09ක් උස දාගැබක් පැවති බව විකිලියේ හාමුදුරුවෝ සඳහන් කරනවා. ඒ අසලින් ගලා යන කුඩා දොළ පාර අතර කොටසේ, අඩි 35ක් පමණ දිගින් යුතු පෞරාණික ගොඩනැඟිල්ලක අත්තිවාරමක් ද දැක ගන්නට ලැබුණු අතර, ගල්ලෙන් විහාරය ඇතුළත පැරණි කුඩා බුද්ධ ප්‍රරතිමාවක් ද තිබුණ බවත් පවසනවා. නැවත 1938 වසරේ දී කූරගලට වැඩම කරන විට එම නටබුන් දැකගැනීමට ලැබී නැහැ. විහාරය පැවති තැන මුස්ලිම් පල්ලියක් ගොඩනඟා තිබුණු බව උන්වහන්සේ සඳහන්කර තිබෙනවා.

උන්වහන්සේගෙන් පසුව වටද්දර ඤාණිස්සර නාහිමියන් කූරගල ගැන සොයා බලා බෞද්ධ නටබුන් ආරක්ෂා කර ගැනීමට උත්සාහ කර තිබෙනවා. අනතුරුව ගැටඅරළුවේ සංඝරක්ඛිත නාහිමියන් ද, පසුව මෑත කාලයේ රාජකීය පණ්ඩිත දෙල්තොට ධම්මජෝති නාහිමියන් ද මෙම ඓතිහාසික පූජා භූමියෙහි බෞද්ධ උරුමය රැක ගැනීම සඳහා කටයුතු කර තිබෙනවා.

2013 දී වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ එවකට ආරක්ෂක අමාත්‍යංශ ලේකම් වශයෙන් සිටි අවධියේ දී මෙහි අනවසර ඉදිකිරීම් රාශියක් ආරක්ෂක අංශයන් විසින් ඉවත්කෙරුනු අතර, වර්ෂ 2019 වර්ෂයේ දී වත්මන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ මැදිහත්වීමෙන් පානීය ජල නළ පද්ධතිය, පියගැට පෙළ හා විදුලිය ලබාදීම සිදුව තිබෙනවා.

මෑතක දී නෙල්ලිගල ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානාධිපති වතුරකුඹුරේ ධම්මරතන හිමියන් වෙත මෙහි භාරකාරීත්වය පැවරුණා. ඒ හිමියන්ගේ මැදිහත්වීමෙන් කූරගල බෞද්ධ ප්‍රබෝධය යළි ඇතිකිරීමේ කටයුතු ආරම්භ වුණා. මේ වන විට මෙහි අඩි සියයක් උස දාගැබක් සහ සංඝාවාසයක් ද ඉදිවී තිබේ.

පොදු වහරේ කූරගල යනුවෙන් මෙම ස්ථානය හැඳින්වූවත්, මෙහි ප්‍රධාන ගිරිශිඛර දෙකක් දැකගත හැකියි. ඒ කූරගල හා හිටුවන්ගල කියන පර්වත යි.කඳු මුදුන ආසන්නයේ වම්පස බෑවුමේ පූර්ව බ්‍රහ්මී අක්ෂර සහිත ප්‍රධාන ලෙන් සංකීර්ණය පිහිටා තිබෙනවා. දකුණු පසින් හිටුවන්ගල කන්දේ ගල්ගුහා පිහිටා තිබෙනවා. මෙම බිමේ ඓතිහාසිකත්වය ගැන සැලකිල්ලට ගත් හිටපු පුරාවිද්‍යා කොමසාරිස් ආචාර්ය සී. ඊ. ගොඩකුඹුර 1971 අගෝස්තු මස 11 වැනි දින ගැසට් පත්‍රය මඟින් පුරාවිද්‍යා රක්ෂිතයක් ලෙසට කූරගල නම්කර තිබෙනවා

කූරගල මානව ඉතිහාසය බලංගොඩ මානව යුගය හෙවත් මධ්‍ය ශිලා යුගය දක්වා ඇදී යනවා. කූරගල අයත්වන්නේ පහතරට වියළි කලාපයත් තෙත් කලාපයත් අතර අන්තර් කලාපයට යි. ඒ වගේම සමනළ වැව, බලංගොඩ, කුරුවිට, බෙල්ලන්බැඳි පැලැස්ස යන ප්‍රාග්ග් ඓතිහාසික මානවයා විසූ ප්‍රදේශ මේ ස්ථානය වටා පිහිටා තිබෙනවා. මධ්‍ය ශිලා යුග මානවයාගේ ශේෂ මින් හමුවුණේ 2013 වසරේ දී කළ කැණීම්වලින්. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසි කළ එම කැණීම් සිදුවුණේ කැණීම් අධ්‍යක්ෂ ආචාර්ය නිමල් පෙරේරාගේ අධීක්ෂණය යටතේ යි. අභිචාර හා ආදාහන ක්‍රම භාවිතයෙන් මළවුන් ඇදහීම හෙළිකරමින් මිහිදන්කර තිබූ සම්පූර්ණ අස්ථි සැකිල්ලක් ද මින් හමුවුණා. පොළොව මට්ටමින් සෙන්ටිමීටර 90කට ආසන්න ගැඹුරකින් තමයි එය හමුවුණේ.

මානව ඇටසැකිලි කොටස් අමරිකාවේ බීටා ඇනලිටික් ආයතනය වෙත යවා කාල නීර්ණයන් ලබාගෙන තිබෙනවා. ඒ අනුව අදින් වසර 16,000කට එහා කාලයේ සිට අදින් වසර 6000 දක්වා කාලයක් දක්වා මෙය මානව ජනාවාසයක් බව හෙළිවී තිබෙනවා.
ආදි මානවයා භාවිත කළ ක්ෂුද්‍ර ගල් මෙවලම් රැසක් කැණීම් කළ ලෙන් තුළින් හා ඊට පිටතින් හමුවී තිබෙනවා. මෙහිදී සොයාගත් ගල් මෙවලම් ඉතා පිරිසිදු තිරිවාණා පාෂාණයෙන් සෑදූ ඒවා යි.

කූරගල විසූ මානවයා වලවේ ගං නිම්නය ඔස්සේ කිලෝ මීටර් 80කට ආසන්න දුර ගෙවා, මුහුදුකරයට පියමංකර තිබෙනවා. කැණීම්වලින් හමුවූ මුහුදු බෙලි කටු, මත්ස්‍ය ඇටකටු එයට සාක්ෂි දරනවා.

මෙම මානවයා විලාසිතා අලංකරණය ගැන ද උනන්දු වූ බවට පැහැදිලි සාක්ෂි ලැබී තිබෙනවා. කරදිය හා මිරිදිය බෙල්ලන් 80කට ආසන්න ප්‍රමාණයකින් නිර්මාණය කරගන්නා ලද පබළු හමුවිමෙන් එය පේනවා. ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට ප්‍රාග් ඓතිහාසික කැණීමකින් ස්වභාවික මිනිරන් ඛනිජයක් උපයෝගී කරගෙන සකස් කළ පබළුවක් හමුවීම ද වැදගත් සාධකයක්.

කූරගල සෙල්ලිපි පළමුවරට පිටපත් කිරීමේ ගෞරවය හිමිවිය යුත්තේ සී. එච්. කොලින්ස්ට යි. 1932 දී සී. එච්. කොලින්ස් එම සෙල්ලිපි පිටපත්කර ඇති අතර පසුව මහාචාර්ය පරණවිතාන ඒවා කියවා පළකර තිබෙනවා:

1 - --------- දතහ සමුදහ ලෙනෙ
අර්ථය - දත්ත (සහ) සමුද්‍රගේ ලෙන

2 දම ගුත තෙරස ලෙන
අර්ථය - ධම්මගුප්ත තෙරුන්ගේ ලෙන

3 පෙළ - (පරුමක) සුමනහ පරුමකලු ශුමය
අර්ථය - ප්‍රධානී සුමනගේත්, සුම්මා නම් ප්‍රධානීවරියගේත් (ලෙනයි)

සෙල්ලිපි සාධක අනුව මූල ඓතිහාසික යුගයේදී හා ඓතිහාසික යුගයේ දී ද කූරගල ආරණ්‍ය සේනාසනය (ක්‍රි. පූ. 2- 1 සියවස්වල සිට ක්‍රි. ව. 10- 11 සියවස් පමණ වන තෙක්) ආගමික වශයෙන් මනාව සංවර්ධනයව පැවැති පුද බිමක් බව හෙළිව තිබෙනවා.

ඉස්ලාම් භක්තිකයන්ගේ කූරගල සම්ප්‍රාප්තිය හා මෙහි ඔවුන්ට වන සබඳතාවය පිළිබඳව ඉස්ලාම් බැතිමතුන් වෙනම අදහස් දක්වා සිටිනවා. ඒවා පුරාවිද්‍යා සාධක මත බිඳවැටෙන බව කිවයුතු නොවේ. 1932 වර්ෂයේ දී සී. එච්. කොලින්ස් විසින් රාජකීය ආසියාතික සංගමයේ සඟරාවට ලියන ලද ලිපියේ කූරගල පිළිබඳව ද සඳහන් වෙනවා. ඔහු කූරගලට පැමිණෙන විටත් එම පරිශ්‍රයේ ලෙන් ආශ්‍රය කොට මුස්ලිම් ජාතිකයන් පදිංචිව සිටි බව සඳහන් කරනවා. ඔහුගේ ලිපියට අනුව කූරගල කඳු මුදුනේ ඇති ගල් ලෙනක් තුළට මුස්ලිම් පූජකයෙක් රිංගා ඇති අතර නැවත ඔහු පැමිණ නැහැ. මේ නිසා ලෙන තුළ ඇති උමං කුහරය මක්කම දක්වා තිබෙන බව ඔවුන්ගේ විශ්වාසය යි. නමුත් ජනප්‍රවාදවලට අනුව මෙම උමඟෙන් පිවිසිය හැක්කේ නුදුරින් පිහිටි තවත් පූජනීය ස්ථානයක් වූ බුදුගලට බව පැවසෙනවා.

සජීවී බෞද්ධ පූජනීය ස්ථානයක් ලෙස නොපැවැති නිසා 1900 මුල් කාලයේ මුස්ලිම් භක්තිකයන් විසින් වනගත කූරගල තම ආගමික විශ්වාස සමග බද්ධ කරමින් එයට වන්දනා කිරීම පටන් ගන්නට ඇති බව පේනවා. ගල්ලෙන්වල ස්වභාවික පිහිටීම මෙන්ම ලෙන් ආශ්‍රිතව ඇති බ්‍රාහ්මී අක්ෂර ඉස්ලාමීය අනන්‍යතා ලක්ෂණ බව පෙන්වමින් තර්කානුකූල ලෙස මුස්ලිම් ආගමික භක්තිකයන් අතර විශ්වාස ගොඩනගා ගැනීමට ඔවුන් කටයුතු කර ඇති බව ද පැහැදිලි වෙනවා. මුස්ලිම් ආගමික නිකායේ නායකයන්ගේ සොහොන් කොත් පිහිටුවමින් ආගමික විශ්වාස භූමිය හා බැඳී පවතින ලෙසට උපක්‍රමශීලීව කටයුතු යොදා ඇති බව පේනවා. ක්‍රි. පූ. යුගයේ ලියවුණු පූර්ව බ්‍රාහ්මී සෙල්ලිපියක් වන “දතහ ශමුදහ ලෙනෙ” යන්න “දත්ථාසේලාන්” ලෙස වැරදියට විග්‍රහකර තිබෙනවා. කටාරම් සහිත ලෙනක ඉදිරිපස ඇති පර්වතයේ අරාබි අක්ෂරයෙන් මෑතක දී ශිලා ලේඛනයක් කොටා එය ඔවුන්ගේ පුරාණ සෙල්ලිපියක් බව පවසා තම අනන්‍යතාවය තහවුරු කරගැනීමට ගත් උත්සාහයක් ද දැකගත හැකියි.

කූරගල පුරාවිද්‍යා ආඥාපනතට යටත් ගැසට් කළ රක්ෂික ස්මාරකයක්. එහි නැවත බෞද්ධ ප්‍රබෝධය ඇතිකිරීමේ දී පවතින ආරාමීය නිස්කලංක වටපිටාවට හානි නොවන පරිදි පුරාවිද්‍යා අධීක්ෂණය යටතේ ඉදිකිරීම් කිරීම අත්‍යවශ්‍ය බව පැවසිය යුතු යි. සියලු කටයුතු පුරාවිද්‍යා මූලධර්මවලට හානියක් නොවන පරිදි එම නිලධාරීන්ගේ සොයාබැලීම යටතේ ක්‍රියාත්මක විය යුතු යි. නැත්නම් සිදු වන්නේ පුරාණ තපෝ භූමියක විනාශය වළක්වා ගන්නටයැ යි කියමින් තවත් කොන්ක්‍රීට් වනාන්තරයක් ඉදිකිරීම පමණක් විය හැකියි.

සටහන - අන්තර්ජාලයෙන් උපුටා ගන්නා ලදී.

Isuru Tharaka Sampath
Nawwa Travels
💕
#කූරගල

දූවිලි ඇල්ල - කල්තොට ❤️☘️සබරගමුව කඳු හෙල් මැදින් නැඟෙනහිරට ගලා යන වලවේ ගංඟා මව් තුරුලෙන් ජනිතවන මේ සුන්දර ළදැරිය සොබාදම්...
02/09/2022

දූවිලි ඇල්ල - කල්තොට ❤️☘️

සබරගමුව කඳු හෙල් මැදින් නැඟෙනහිරට ගලා යන වලවේ ගංඟා මව් තුරුලෙන් ජනිතවන මේ සුන්දර ළදැරිය සොබාදම් දිනිතියගේ දයාදයකි..

සෙමෙන් ශාන්තව ගලන මේ ගංඟාවෙහි ගල් කුළු අතර සුදෝ සුදු පෙණ පිඬු නංවමින් කල්තොටදී පහළට කඩා හැලෙන ජල දහරින් විසර යන දිය බිඳිති දුවිලි වලාවන් මවන්නීය. දුහුවිල්ල යන අරුතින් දුවිලි ඇල්ල යන ඇල්ල ලෙස නම් දරණ මේ දිය ඇල්ල ශ්‍රී සුමන සමන් දෙවියන් විසින් මවන ලද්දකැයි ගැමියන්ගේ විශ්වාසය යි.

මීටර් 39ක් පමණ උසකින් යුත් මේ දුවිලි ඇල්ලෙන් දසත විසිරෙන දිය බිඳු එකිනෙක එක්ව සෑදීමෙන් මවන දුවිලි වලාවන් චමත්කාර ජනක ය.

පරිසරවේදීන්ට අනුව සිරිලක දුවිලි ඇල්ල නමින් හඳුන්වන දිය ඇලි කිහිපයකි. ඒවා අතරින් සුන්දරත්වයෙන් අනූණ අගතැන්පත් දිය ඇල්ලක් ලෙස පෙරමුණ ගන්නේ කල්තොට දී පහළට හැලෙන මේ දුවිලි ඇල්ලයි.

ඇල්ල පිහිටි ප්‍රදේශයට ඉහළ බිම් පෙදෙස අයත් වන්නේ සමනල වැව රක්ෂිතයට වීම ද විශේෂත්වයකි. ප්‍රථම වරට මෙම දිය ඇල්ල සබරගමු පළාතේ ඇතුන් බැලීමේ යෙදුණ ඉංගී‍්‍රසි ආණ්ඩුකාරවරයෙකු විසින් සොයාගත් බව පැවසේ. ඇල්ලේ පිවිසුම් මාර්ගය තරමක් දුෂ්කර වුවත් එය වැටී ඇත්තේ නීල වර්ණ තුරු හිසින් සැදුම් ලත් වන බිමක් මැදිනි. මුල් කාලයේදී අඩි පාරක් ඔස්සේ ඇල්ල වෙත යා යුතු වුව ද අද වන විට දේශීය සංචාරක ව්‍යාපාරයේ පුනරුදයක් සමඟම ඇල්ල නැරඹීමට එන සංචාරකයින්ට තාවකාලික නවාතැන් පහසුකම් සහ සනීපාරක්ෂක පහසුකම් පවා ගොඩ නැඟී ඇත.

වන බිමක ඇති සිසිලස සහ සෙවණ අපමණය. ගල් කුළු මතින් පැන දුවිලි ඇල්ල නැරැඹීම අවදානම් ය. එනමුත් එම දුෂ්කර ගමන අවසන අපට මුණ ගැසෙන්නේ හාත්පස නින්නාද දෙමින් සිසිලස නංවමින් ගලා හැලෙන නෙත් කළු දසුන් මවන්නියකි.

ලගදීම YouTube වීඩියෝවෙන් හමුවෙමු.

❤️☘️

Isuru Tharaka Sampath

චායාරූ Nawwa Travels
සටහන උපුටා ගන්නා ලදී.

හාවාගල ❤️☘️Hawagala ❤️☘️ලංකාවේ කදු නගින්නන් මෙන්ම කදවුරු බදින්නන් අතර ජනප්‍රිය ස්ථානයක් වන මෙම කන්දට හාගල යන නම ද භාවිතා...
28/08/2022

හාවාගල ❤️☘️
Hawagala ❤️☘️

ලංකාවේ කදු නගින්නන් මෙන්ම කදවුරු බදින්නන් අතර ජනප්‍රිය ස්ථානයක් වන මෙම කන්දට හාගල යන නම ද භාවිතා කරයි.
බලංගොඩ නගරය පසුකර බදුල්ල දෙසට යන විට බෙලිහුල් ඔයට ආසන්නයෙන් මෙය පිහිටා ඇත.
වෙනස්ම පරිසර පද්ධතියක් සහිත මෙම කන්ද තරණය තරමක් අපහසුය.
ආදර කන්ද, නන්පේරියල් වතුයාය, බෙලිහුල්ඔය ඇල්ල, හෝර්ටන් තැන්න ආදී වූ ස්ථාන මෙහිදී පැහැදිලිව දැකගත හැකිය.
බලංගොඩ ඉදලා ලදුයාය බස් එකේ යන්න පුලුවන් කන්ද නගින්න පටන් ගන්න තැනට. පැය දෙකක් පමණ ගතවූවත් දළ බෑවුම නිසාවෙන් වෙහෙසකාරි කදු තරණයක් වනු ඇත.

මෙවැනි සුන්දර වූ ස්ථාන රැකගැනීම ඔබේත් මගේත් යුතුකමක් සහ වගකීමක් බව තරයේ සිතේ තබාගන්න.❤️☘️

ලගදීම YouTube වීඩියෝවෙන් හමුවෙමු.

#හාවාගල

Address

Kalutara
12000

Alerts

Be the first to know and let us send you an email when Nawwa Travels posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Nawwa Travels:

Videos

Share