Travel lovers

Travel lovers Join with us who love for traveling details
More Sri lankan Marvelous Places Sri Lanka

06/07/2024

මේ දවස් වල Travel කරන්න හොඳම කොහෙද

𝐒𝐫𝐢 𝐏𝐚𝐝𝐚 / 𝐀𝐝𝐚𝐦❜𝐬 𝐏𝐞𝐚𝐤 😍🙏 🌷🙏Sri Pada, also known as Adam’s Peak, is a 2,243m (7,359 ft) mountain in the central highland...
24/02/2023

𝐒𝐫𝐢 𝐏𝐚𝐝𝐚 / 𝐀𝐝𝐚𝐦❜𝐬 𝐏𝐞𝐚𝐤 😍🙏 🌷🙏

Sri Pada, also known as Adam’s Peak, is a 2,243m (7,359 ft) mountain in the central highland region of Sri Lanka. Popular for Sri Lankans and tourists alike. The typical climb is started in the middle of the night so you can reach the peak for a breathtaking adams peak sunrise.

24/02/2023
Sequoia National Park, USA 🔥🔥
15/02/2023

Sequoia National Park, USA 🔥🔥

සෘතු භේදය ❄️🍂🍃😱අයිස්ලන්තයේ විශාලතම සහ දර්ශනීයම දිය ඇල්ලක් වන, ස්කොගාෆොස් (Skogafoss) දිය ඇල්ල පිළිවෙලින්, වසරේ ශීත සෘතුව...
15/02/2023

සෘතු භේදය ❄️🍂🍃😱

අයිස්ලන්තයේ විශාලතම සහ දර්ශනීයම දිය ඇල්ලක් වන, ස්කොගාෆොස් (Skogafoss) දිය ඇල්ල පිළිවෙලින්, වසරේ ශීත සෘතුව (Winter), ශරත් සෘතුව (Autumn) සහ ග්‍රීෂ්ම සෘතුව (Summer) පසු කරන ආකාරය. මෙම දිය ඇල්ල මීටර් 25ක් පළල වන අතර, උස මීටර් 60කි. දකුණු අයිස්ලන්තයේ ස්කොගා (Skoga) ගඟෙන් මෙම දිය ඇල්ල නිර්මාණය වී ඇත.

සටහන: Harshana Miyuranga Upulwehera

𝗙𝗼𝗹𝗹𝗼𝘄 𝗺𝗲, 🔴 Travel lovers

්_යමු.

අඩුවට වෙඩින්ග් එක ගමු.❤️❤️මේ දවස්වල 100කට කියලා වෙඩිමක් ගන්නවා කියන්නේ 1 million වගේ බජට් යන වැඩක්.මගේ වෙඩින්ග් ප්ලැන් එ...
15/02/2023

අඩුවට වෙඩින්ග් එක ගමු.❤️❤️

මේ දවස්වල 100කට කියලා වෙඩිමක් ගන්නවා කියන්නේ 1 million වගේ බජට් යන වැඩක්.

මගේ වෙඩින්ග් ප්ලැන් එක.🙈🙈

මේ සියලුම ගනන් හිලව් 100කට කියලා ගනන් හදලා තියෙන්නේ.

ගෙදර ඉඩ තියෙන නිසා ඉඩකඩ ප්‍රශ්නයක් නෑ.එහෙම නැත්තන් 10000ක් වගේ දිලා වේලි වේලි තියෙන පොඩි මොටෙල් එකක් බුක් කරනවා.

පුටු 100යි ටෙන්ට් ටිකකුයි පිගන් කොප්පයි රෙන්ට් කරනවා.
එතනට 10000 යාවී.

හැමොටම සී ෆුඩ් රයිස් දානවා එක ප්ලෙට් එකකට රුපියල් 1000 ක් කොස්ට් කරනවා.ඩෙසර්ට් එකයි කොකියාගේ ගානයි ඒකට ඇඩ් කරනවා.කොහොමත් එන උන්ට කැම රස නෑ.
එතනට ලක්ශයයි.
(මේවා ඔනනම් ගනන් හදලම පෙන්වන්නම්.)

වෙඩින්ග් කෙක් දෙන්නෙ නෑ.එ වෙනුවට වංඩු දෙනවා.
කිලෝව 600 යි එකෙන් කැලි 25 කපන්න පුලුවන්.
කිලො 5ක් ගෙනාවනම් වැඩිත් එක්ක.එතනට රුපියල් 3000යි.

ඊට පස්සේ බොන්න.සතියකට කලින් වඩියල් ගහනවා යාලුවෙක්ට කියලා.ඔකට ඔන්නම් 5000 ක් යාවි.
හිස් බොතල් ටිකක් ගෙනත් පලවෙනි සෙට් එක විතරක් හොද බොතල් යවනවා.ඊට පස්සෙ කවලම් සෙට් කරලා යවනවා.
ඔතනට 20000ක් ඇති.

පොටො ග්‍රපර්ට පොඩි කොල්ලෙක් අල්ලගෙන ඌට කියලා ශොට්ස් 1000ක් විතර ගස්සගෙන 10000 දුන්නම වැඩේ ශෙප්.කොහොමත් එඩිට් කරන ටික මන් කරගන්නවා.

යාලුවෙක්ගේ වාහනයක් අරගෙන ඔකට තෙල් ටික ගැහුවම ඇති.මල් බොකියට 2000ක් යනවා...ඔකත් අපරාදේ නිසා සොහොනට ගිහින් කලින් දවසෙ ගෙනාපු මල් වඩමක් අරන් එනවා.
එතකොට 5000ක් ඇති හොදටම.

සාරියනම් රෙන්ට් එකට ගන්නවා රුපියල් 5000ක් දුන්නම සෙරම ටික ගන්න පුලුවන් සැලුන් එකේ අක්කා යාලුවා නිසා.
හැබයි වෙඩිම තොරගන්න වෙන්නෙ නැකැත් නැති දවසක.නැත්තන් ඔකිගේ බයිල අහන්න වෙනවා.

මමනම් ඉතින් 2500ක් දිලා රෙන්ට් එකට බ්ලෙසර් එකයි කලිසමයි සපත්තු දෙකයි තියෙන සෙට් එක ගන්නවා.මගේ වෙඩිම කියන්නෙ නෑ වෙන එකෙක්ගේ කියනවා.නැත්තන් ඔකුම් ගනන් වැඩි කරනවා.

සවුම්ඩ් අනමනම් වලට තව 10000ක් යාවි.

මෙකප් කරන්න ඔය ටෙක් යන කෙල්ලෙක් අල්ලගෙම 2000 දෙනවා.

ඔය අමතර පොඩි පොඩි වියදම් වලට තව 30000ක් තියලා තියනවා.

මුදු අනම්මනම් දැං ම මගේ ගාව තියෙන නිසා එවට වියදමක් නෑ.

එතකොට මුලු ගාන ලක්ශ දෙකයි.
ඔක කෙල්ලගේ පැත්තයි මමයි 50/50 දානවා කියලා පොරොන්දු වෙලා පොඩ්ඩක් ගනන් වැඩි කරලා 250000 කට ගනන්හදලා පෙන්වනවා එ පැත්තටම්.(දැවැදි ඔන නෑ).

එන උන් 1500 ගානේ දුන්නත් එතනින්මට 150000 ක් එනවා.අතන 50000 වැඩිපුර පෙන්නපු එකෙන් තව පනස් දාහක් ලැබෙනවා.

එතකොට මගේ වියදම කවර් වෙලා ඉවරයි.සුදු නොනත් සතුටින් මාත් සතුටින් ආපු අයත් සතුටින්.අපෙ අම්මත් සතුටින්.❤️❤️🙈🙈

copied from ශිශිර නුවන් තාරක

𝗙𝗼𝗹𝗹𝗼𝘄 𝗺𝗲, 🔴 Travel lovers

්_යමු.

උදුම්බරා මලඇත්තටම මොකක්ද මේ උදුම්බරා මල ?අපි ඔය වචනෙ අහලා තිබ්බට ඔක ගැන දන්නෙ නෑනේ එත් ඔයාගේ අම්මලගෙන් හරි ආච්චිලාගෙන් හ...
13/02/2023

උදුම්බරා මල

ඇත්තටම මොකක්ද මේ උදුම්බරා මල ?

අපි ඔය වචනෙ අහලා තිබ්බට ඔක ගැන දන්නෙ නෑනේ එත් ඔයාගේ අම්මලගෙන් හරි ආච්චිලාගෙන් හරි ඔක ගැන අහුවොත් එක ගැන ගොඩක් දේවල් කියයි

ඔය උදුම්බර මල කියන්නේ ගොඩක් ලොකු පූජනීය මලක් , ඒක පිපෙන්නේ වසර 3000ට සැරයක් වගේ. ඔය මලට මැරිච්ච ගහක උනත් හට ගන්න පුලුවන්, ඔය මල වත්තේ පිපුනොත් ලොකු වාසනාවක් වගේ එක එක දවල් කියයි ඔයාලගේ වැඩිහිටියෝ . ඒත් ඇත්තටම මොකක්ද මේ උදුම්බරා මල කියන්නේ

ඇත්තම කතාව කිවුවොත් මේක මලක් නෙමෙයි !!

මොකා... සිරාවටම ? එතකොට ඔය කට්ටිය කියවන්නේ , එක ජනප්‍රවාදයක්ද ?

නෑ නෑ ජනප්‍රවාදයක්ද නෙමෙයි හැබැයි ඔය උදුම්බරා මල කියන එක මලක් නෙමෙයි . ඒ කෘමියෙක් දාන බිත්තර වගයක් 😁 . මේ කෘමියගේ නම තමයි Green Lacewings ( පළවෙනි පින්තුරය බලන්න) මෙයා අයිති වෙන්නේ neuroptera කියන ගෝත්‍රයට . ඉතිං මේ කෘමියාගෙ ගෑනු සතා දාන බිත්තර වලට තමයි අපේ අය උදුම්බරා මල කියලා කියන්නේ . ඇත්තටම මේ කෘමියා ගැන නොදන්න කෙනෙක් ඔක දැක්කම මලක් වගේ තමයි පෙනේඑ මොකද ඒක අනිත් කෘමීන්ගේ බිත්තර වලට වඩා වෙනස් විදිහට තියෙන නිසා .

ඉතිං කියන විදිහට මෙයාල නිකම්ම නිකම් කෘමී විශේෂයක් නෙමෙයි අපේ ජෛව ගෝලයට ඉතාමත් ලොකු මෙහෙවරක් කරන කෘමියෝ ජාතියක්. මොකද මේ Lacewingsලගේ සමහර අය කෘමියනව හා උන්ගේ බිත්තර අහාරයට ගන්නවා ඉතිං එක නිසා මේ Lacewingsව සමහර කෘමියනව පාලනය කරන්න යොදාගන්නලු .

ඔන්න මේක තමයි උදුම්බරා මලේ ඇත්තම කතාව. රට බේරගන්න කුමාරෙයෙක් පහළ වෙනවා කියලා එන ඉගියක්වත් , දිව්‍යමය මලක්වත් නෙමෙයි . පොඩි කෘමියෙක් දාන ලස්සන බිත්තර වගයක් තමයි මේ..

Copied.

𝗙𝗼𝗹𝗹𝗼𝘄 𝗺𝗲, 🔴 Travel lovers

්_යමු.

13/02/2023

K I S S M E I N P A R A D I S E 👣💜️🌍

කීරමලේ මිරිදිය පොකුණ 🌊🍁⛰️🌼🐝🌾☘️⚜️කන්කසන්තුරේ පොන්නාලෙයි පිහිටි මෙම පොකුණ වෙත යාපනය සිට නගුලේෂ්වරම් හරහා පැමිණිය හැක. හින්...
13/02/2023

කීරමලේ මිරිදිය පොකුණ 🌊🍁⛰️🌼🐝🌾☘️

⚜️කන්කසන්තුරේ පොන්නාලෙයි පිහිටි මෙම පොකුණ වෙත යාපනය සිට නගුලේෂ්වරම් හරහා පැමිණිය හැක. හින්දු භක්තිකයන්ගේ ඉමහත් ගෞරවාදරයට පාත්‍ර වන මෙම ස්ථානය එහි පිහිටීමේ ස්වාභාවය අනුව සුවිශේෂීත්වයට පත්ව තිබේ. එනම් පොකුණේ බැම්ම මුහුදෙන් අවසන් වූවත් මෙහි ජලය කරදිය නොව මිරිදියයි.

⚜️මෙම ජලය ස්නානය කිරීම විවිධ රෝගාබාධ තුරන් වී සෞඛ්‍යමත් තාරුණ්‍යයෙන් යුත් දිවියකට මගක් බව හින්දූන්ගේ විශ්වාසයයි. එහි කාන්තා පිරිමි වශයෙන් ස්නානය කිරීමට වෙන වෙනම පොකුණු දෙකක් ඕවලාකාර හැඩයකට තනා ඇති පොකුණු වටා පඩිපෙළ ඉදිකර තිබේ. මෙහි ඇති තවත් ප්‍රකට විශ්වාසයක් වන්නේ දරුඵල නොමැති කතුන් මෙහි ස්නානය කිරීමෙන් එම තත්වය මඟ හැරී යන බවයි. මෙවන් වූ විවිධාකාර විශ්වාස මත පදනම්ව ආගම් ජාති භේදයකින් තොරව ජනයා මෙහි ස්නානය කිරීමට පෙළඹේ.

⚜️කීරමලේ පොකුණ මෙන්ම මුගටිකන්ද පොකුණ ලෙසද මෙම ස්ථානය හැදින්වයි. මුගටිකන්ද පොකුණ ලෙස හැදින්වීමේදි මේ හා බැදුණු ජන කතාව විමසීමට වටී. එනම් ඉන්දියාවේ සිට කුමරෙක් හා කුමරියක් පැමිණේ. ඔවුනොවුන් සහෝදර සහෝදරියන් වේ. නමුත් ඔවුන් දෙදෙනා අතින් වරදක් සිදුවේ. ඒ ඔවුන් අතර ඇතිවන සම්බෝග ප්‍රේමයයි. මේ වරද හේතුකොටගෙන කුමරාට අශ්ව මුහුනකුත් කුමරියට මුගටි මුහුනකුත් හිමිවේ. නමුත් මේ අවට පිහිටි අශ්වකන්ඳ ප්‍රදේශයේදී කුමරාට නැවත මනුෂ්‍ය ස්වාභාවය ලැබේ. කුමරියට නැවත මනුෂ්‍ය ස්වාභාවය නොලැබුණු අතර ඇය මේ කීරමලෙයි පොකුනේ ස්නානය කරයි. ඉන් අනතුරුව ඇයට නැවත මනුෂ්‍ය ස්වාභාවය ලැබුණු බව ජනප්‍රවාදයේ සඳහන් වේ. එම කතා පුවත් සිහිපත් කරවන රූප වර්තමානයේද මෙම ස්ථානයේ දැකගත හැකිය.

⚜️එසේම භෂ්මාවශේෂ මුහුදු ජලයට මුසු කිරීම හින්දු චාරිත්‍රයකි. ඒ අනුව හින්දූන් මෙම ස්ථානය එවන් පූජනීය කටයුතු සඳහා භාවිතා කරයි. කෙසේ වෙතත් කීරමලෙයි පොකුණ පොදුවේ හින්දු ජනතාවගේ ඉමහත් ගෞරවාදරයට පාත්‍රවූ ශුද්ධවූ ජලය සහිත පොකුණකි.

💠Keerimale (Keerimalai) is a natural spring lying next to the sea west of Palaly. A bathing tank is built surrounding this pool and only the walls separate the waters of the spring and the sea. Although the tank is so close to the sea, the water is fresh coming from an underground fresh water spring in Tellipallai-Maviddapuram. The water is not hot.

💠It is said this underwater water source also connects to the Nilavarai bottomless Well which lies over 10km away from here. This spring is popular among the Hindus for the miraculous powers it holds.

💠Keerimale According to Local folklore a pandiyan Princess named Maruthapura Veeravalli built the Hindu Kovil at Keerimale when she was cured of her horse shaped head after bathing at Keerimal

💠Jaffna Town you need to take the Palali Road. Ask for Keerimale from the local folks or any army check point. This is very popular place now that the roads gave been opened. If you like to have an peaceful bath, you need to go early morning since there will be bus loads of people coming there towards the afternoon. The route to Dambakola Patuna Viharaya also lies passing this pond.

𝗙𝗼𝗹𝗹𝗼𝘄 𝗺𝗲, 🔴 Travel lovers

්_යමු.

All credit goes to owners.

⭕  S I G I R I Y A   R O C K  🍃
10/02/2023

⭕ S I G I R I Y A R O C K 🍃

අපායේ දොරටුව 📛📛📛📛📛📛බෞද්ධ සාහිත්‍යයේ සඳහන් වන නිරයන් අතරින් ලෝකුඹු නිරය ගැන සඳහන් වෙද්දී,එහි නිරන්තරව නැගෙන  ගිනිදැල් සහ ...
10/02/2023

අපායේ දොරටුව
📛📛📛📛📛📛

බෞද්ධ සාහිත්‍යයේ සඳහන් වන නිරයන් අතරින් ලෝකුඹු නිරය ගැන සඳහන් වෙද්දී,එහි නිරන්තරව නැගෙන ගිනිදැල් සහ එහි පැසෙන මිනිසුන් ගැන කියැවෙන අතර එය මනසේ මැවෙන්නේ යම් සේද මේ එවැනි නිරයක් හා සමාන තැනකි, උඩින් සඳහන් කල "අපායේ දොරටුව" නැතහොත් The Door To Hell නම් Darwaza ස්වාභාවික ගෑස් යමහල. මෙය නිරන්තර ගිනි ගනිමින් සක්‍රියව පවතින යමහලකි.

Porta dell, Inferno නමින්ද හඳුන්වන මෙම යමහල පිහිටා තියෙන්නේ තුර්කිමෙනිස්ථානයේ Karakum කාන්තාරයේ Ashgabat නගරයෙන් කිමි.260 එපිටින් පිහිටි Derweze නම් ග්‍රාමයේ. මෙම යමහල මුළු වර්ග ප්‍රමාණය වර්ග මීටර් 5350 සහ මෙහි වටප්‍රමාණය මීටර් 65, ගැඹුර මීටර් 30 පමණ වනවා. මෙහි අඩංගු මීතෙන් වායුව පැතිර යාම වැලක්වීම සඳහා, භූ විද්‍යාඥයින් විසින් මෙය ගිනිගන්නට සැලස්වීම නිසා 1971 සිට මෙය ගිනිගනිමින් පවතිනවා. දැනට කොපමණ ගෑස් ප්‍රමාණයක් ගිනිගෙන අවසන් ද කියා නිශ්චිතව සොයාගෙන නැති අතර තව කොතරම් කාලයක් මෙසේ එක දිගට ගිනිගනීවිද කියලත් නිශ්චිතව කියන්නත් බැහැ .

𝗙𝗼𝗹𝗹𝗼𝘄 𝗺𝗲,

🔴 Travel lovers

්_යමු.

2023 වසරේ හොඳම නොමිලේ ඔන්ලයින් පාඨමාලා මොනවාද?සහතික සහිත හැමකාලෙටම වැදගත් වන හොඳම නොමිලේ ඔන්ලයින්  පාඨමාලා වන්නේ:ගූගල්(G...
10/02/2023

2023 වසරේ හොඳම නොමිලේ ඔන්ලයින් පාඨමාලා මොනවාද?

සහතික සහිත හැමකාලෙටම වැදගත් වන හොඳම නොමිලේ ඔන්ලයින් පාඨමාලා වන්නේ:

ගූගල්(Google)
MIT
හාවඩ්(Harvard)
බ්‍රිතාන්‍ය කවුන්සිලය (British Council)
එක්සත් රාජධානියේ විවෘත විශ්ව විද්‍යාලය (UK Open University)
යුනිසෙෆ්
WHO
HP
USIP
Kings College London

2023 නොමිලේ සහතික සහිත ඔන්ලයින් පාඨමාලා

Google, MIT, Harvard, British Council, UK Open University (Certificates 1000), UNICEF, සහ WHO නොමිලේ සහතික සමඟින් නොමිලේ ඔන්ලයින් පාඨමාලා සපයන ලදී. ඔබේ නම සහතිකයේ මුද්‍රණය කෙරේ.

1. Google ඔන්ලයින් පාඨමාලා 2023

නොමිලේ සහතික සහිත Google ඔන්ලයින් පාඨමාලා තිබේ. Google ඕනෑම කෙනෙකුට සහ සෑම කෙනෙකුටම පාඨමාලා පිරිනමයි. Google පාඨමාලා හරහා, ඔබට Google හි රැකියාවක් ද ලබා ගත හැකියාව ඇත. ඔබගේ නොමිලේ මාර්ගගත පාඨමාලා කර සහතිකයක් ලබා ගන්න, ඉන්පසු ඔබට Google Jobs සඳහා අයදුම් කළ හැක.

Google Digital Garage මගින් සපයන Google විසින් නොමිලේ ඔන්ලයින් පාඨමාලා සිය ගණනක් ඇති අතර ඒවා ගැන හොයමින් හදාරන්නට උත්සාහ කරන්න.

ප්‍රවේශ වන්න- https://learndigital.withgoogle.com/digitalgarage/courses

2. MIT නොමිලේ ඔන්ලයින් පාඨමාලා 2023 දී

ලෝකයේ අංක 1 හොඳම විශ්ව විද්‍යාලය එක්සත් ජනපදයේ බොස්ටන් හි පිහිටා ඇත. සහතිකය සහිත MIT මාර්ගගත පාඨමාලා සදහා පහසුවෙන් ප්‍රවේශ විය හැකි අතර, උසස් තත්ත්වයේ ඉගැන්වීම් සහ ඉගෙනුම් උපකරණ විවෘතව පවතින බලපත්‍ර සහිත ඩිජිටල් එකතුවකි. ඕනෑම අවස්ථාවක, ඕනෑම විෂයයක් තෝරා ගැනිමට ඔබට හැකියාව ඇත. MIT OpenCourseWare යනු පාහේ සියලුම MIT පාඨමාලා අන්තර්ගතයන් පිළිබඳ වෙබ් පාදක ප්‍රකාශනයකි.

පිවිසෙන්න- https://ocw.mit.edu/

3. හාවඩ් නොමිලේ මාර්ගගත පාඨමාලා 2023

නවතම හාවඩ් විශ්ව විද්‍යාල ඔන්ලයින් පාඨමාලා බ්‍රවුස් කර හාවඩ් විශ්ව විද්‍යාලයෙන් සහතික ලබා ගන්න. ඔබ පරිගණක විද්‍යා ශිෂ්‍යයෙක් නම් හාවඩ් විශ්ව විද්‍යාලය හොඳම නවතම ඔන්ලයින් පරිගණක විද්‍යා හා courses මාලා පිරිනමයි. හාවඩ් විශ්ව විද්‍යාලයේ ඔන්ලයින් පාඨමාලා සපයනු ලබන්නේ හාවඩ් විශ්ව විද්‍යාලයේ මහාචාර්යවරුන් විසිනි.

ඔබට සහතික සමඟ Harvard හි නොමිලේ තවත් මාර්ගගත පාඨමාලා සඳහාද තෝරා ගත හැකිය. එය ගෙවා මෙන්ම නොමිලේද ඉගෙනගත හැකිය. හාවඩ් හොඳම මාර්ගගත පාඨමාලා වලින් බොහෝ ඒවා නොමිලේ ලබා දෙයි. හාවඩ් විශ්ව විද්‍යාලය ලෝකයේ හොඳම මාර්ගගත පාඨමාලාවන් පිරිනමන අතර ඒවා courses හරහා ලබාගත හැක.

පිවිසෙන්න - https://www.coursera.org/

4. බ්‍රිතාන්‍ය කවුන්සිලයේ නොමිලේ ඔන්ලයින් පාඨමාලා 2023

ලොව පුරා සිටින විශේෂඥ ගුරුවරුන් සමඟ එකතු වි අධ්‍යයනය කරන්න. බ්‍රිතාන්‍ය කවුන්සිලයේ නොමිලේ සහතික සහිත නොමිලේ ඔන්ලයින් පාඨමාලා ඩිජිටල් ආකෘතියෙන් ලබා ගත හැකිය. ඔබේ නම එහි මුද්‍රණය වේ. බ්‍රිතාන්‍ය කවුන්සිලයේ ඔන්ලයින් පාඨමාලා ඉංග්‍රීසි ඉගෙනීමට, ඉංග්‍රීසි වැඩි දියුණු කිරීමට සහ නොමිලේ බ්‍රිතාන්‍ය කවුන්සිලය සමඟ IELTS ඉගෙනීමට වඩාත් සුදුසුය.

ප්‍රවේශ වන්න - https://www.britishcouncil.es/en/english/learn-online/free-courses

5. එක්සත් රාජධානියේ විවෘත විශ්වවිද්‍යාලය නොමිලේ ඔන්ලයින් පාඨමාලා 2023

විවෘත විශ්ව විද්‍යාලය යනු එක්සත් රාජධානියේ ඉහළම ඔන්ලයින් දුරස්ථ ඉගෙනුම් විශ්ව විද්‍යාලයයි. ඔවුන් නොමිලේ පාඨමාලා 1000කට ආසන්න ප්‍රමාණයක් පිරිනමයි. ඔවුන්ගේ සියලුම පාඨමාලා නොමිලේ සහතික මෙන්ම විවිධ විෂය ක්ෂේත්‍ර 8ක් හරහා පැමිණේ. විවෘත විශ්ව විද්‍යාලයකින් නොමිලේ ඉගෙනීමේ අවස්ථාව මෙයයි.

ප්‍රවේශවන්න- https://www.open.edu/openlearn/free-courses/full-catalogue

6. යුනිසෙෆ් නොමිලේ ඔන්ලයින් පාඨමාලා 2023

යුනිසෙෆ් ආයතනය තුලින් නොමිලේ ඔන්ලයින් සහතික පාඨමාලා සිය ගණනකින් ලබා ගත හැකිය. UNICEF සතුව ඕනෑම තැනක සිට ඕනෑම කෙනෙකුට නොමිලේ පාඨමාලා රාශියක් ඇත. ඔවුන් පාඨමාලාව අවසන් වූ පසු නොමිලේ සහතික ද ලබා දේ. ඉංග්‍රීසි භාෂාවෙන් පාඨමාලා 700 කට වඩා තිබේ.

ප්‍රවේශ වන්න- https://agora.unicef.org/

7. WHO නොමිලේ ඔන්ලයින් පාඨමාලා 2023

WHO ලොව පුරා වාර්තාව බිඳ දමයි. මේ වන විට මිලියන 7කට වැඩි බඳවා ගැනීම් සිදුවි ඇත. දැන් ලෝක සෞඛ්‍ය සංවිධානය නොමිලේ මාර්ගගත පාඨමාලා ද පිරිනමයි. පාඨමාලාව අවසන් වූ පසු, WHO විසින් ඔබේ ජයග්‍රහණ පිළිබඳ වාර්තාවක් සහතිකයක් ලෙස පිරිනමනු ඇත. OpenWho (සෞඛ්‍ය හදිසි අවස්ථා වලදී අසීමිත පරිශීලකයින්ට සත්කාරකත්වය සපයන පළමු WHO වේදිකාව).

සුදුසුකම් ලැබීමෙන් පසු වහාම ඔබේ ඩිජිටල් සහතිකය ලබා ගන්න. ඔබගේ ස්ථානය අනුව, සහතිකයේ භෞතික පිටපතක් සති දෙකේ සිට පහ දක්වා ඔබ වෙත එවනු ලැබේ.

ප්‍රවේශ වන්න- https://openwho.org/courses

ඔබට නොමිලේ පාඨමාලා හැදෑරිය හැක්කේ කෙසේද?

විවිධ විෂයයන් සඳහා වර්තමානයේ නොමිලේ මාර්ගගත පාඨමාලා ලබා දෙන බොහෝ වෙබ් අඩවි සහ සංවිධාන තිබේ. සමහර පාඨමාලාව හැදෑරිම සඳහා ඔබට ගිණුමක් සෑදීම අවශ්‍ය වන අතර එය ඉතා පහසු ක්‍රියාවලියකි. නමුත් සමහරක් පාඨමාලාව සදහා ඒ සදහා ගිනුමක් ( මුදල් ගිනුමක් නොවේ) අවශ්‍ය නොවේ. ඔබට විවෘත විශ්ව විද්‍යාලය, හාවඩ් විශ්ව විද්‍යාලය, ගූගල්, එම්අයිටී, බ්‍රිතාන්‍ය කවුන්සිලය සහ තවත් බොහෝ අය වෙතින් නොමිලේ මාර්ගගත පාඨමාල ඉහත දැක්වු ආකාරයට සොයාගත හැකිය.

නොමිලේ මාර්ගගත පාඨමාලා වල වටිනාකමක් තිබේද?

නොමිලේ මාර්ගගත පාඨමාලා දැනටමත් වෘත්තීය සංවර්ධනය සහ පුද්ගලික වර්ධනය සඳහා හොඳ අවස්ථාවක්. යූ ටියුබ් හි ද නොමිලේ සහතිකපත්‍ර සහිත හොඳම නොමිලේ මාර්ගගත පාඨමාලා 1,000 කට වඩා තිබේ. ප්‍රමුඛ පෙළේ අධ්‍යාපන ආයතනවලින් නොමිලේ මාර්ගගත පාඨමාලා සමඟින්, ඔබට ඔබේ වෘත්තිය ඊළඟ මට්ටමට ගෙන යා හැකිය.

තාරු පරණවිතාන

මේ දවස් වල පුළුවන් විදියට යමක් දෙන්න පුළුවන් නම්  අවශ්‍ය කෙනෙකුට  ඒක සසර පුරුද්ද ක්.     තෙරුවන් සරණයි 💚💚💚
09/02/2023

මේ දවස් වල පුළුවන් විදියට යමක් දෙන්න පුළුවන් නම් අවශ්‍ය කෙනෙකුට ඒක සසර පුරුද්ද ක්.

තෙරුවන් සරණයි 💚💚💚

මම නම් උතුරේ යන්න ආස ප්‍රධාන හේතුව මේක 😍🍷🐝🌾🐾️☘️🌊
09/02/2023

මම නම් උතුරේ යන්න ආස ප්‍රධාන හේතුව මේක 😍🍷🐝🌾🐾️☘️🌊

සිංගප්පූරුවේ දුම්රිය පද්ධතිය😱😮🍃🌺😍 අනිවාරෙන්ම කියවන්න, බලන්න... අන්තිමට සිතන්න...... (Singapore MRT -Mass Rapid Transit S...
09/02/2023

සිංගප්පූරුවේ දුම්රිය පද්ධතිය😱😮🍃🌺😍 අනිවාරෙන්ම කියවන්න, බලන්න... අන්තිමට සිතන්න......

(Singapore MRT -Mass Rapid Transit System)

සිංගප්පූරුවේ පොදු ප්‍රවාහන සේවයේ කොඳු නාරටිය වන Singapore MRT network එක අද වනවිට, 200Km දිග, එකිනෙකට සම්බන්ධ දුම්රිය මාර්ග 5 කින් (රතු මාර්ගය, කොල මාර්ගය, කහ මාර්ගය, දම් මාර්ගය සහ නිල් මාර්ගය) හා දුම්රිය ස්ථාන 150කින් පමණ සමන්විතය. දුම්රිය රියදුරු රහිතව ධාවනය වේ. සෑම විනාඩි 2-5 වරක් දුම්රිය ගමන් ගනී. නාගරික ප්‍රදේශ වල දුම්රිය මාර්ගය පොලොව යට ගමන් කරන අතර දුම්රිය ස්ථානයද පොළොව යට පිහිටයි, දුම්රිය ස්ථානයේම බස් නැවතුම්පොළ ද ඇත එය දුම්රියෙන් පැමිණ බසයට මාරුවන මඟීන්ගේ කාලය ඉතිරි කරයි, (උඇදාහරණයක් ලෙස Dhaoby Ghout-ඩෝබි ගෝට් දුම්රිය ස්ථානය රතු, කහ, දම් යන මාර්ග තුනම පොලොව යට හමුවන, පොළොව යට ඉදි කෙරුණු දුම්රිය ස්ථාන තුනම එකිනෙකට සම්බන්ධ විශාල දුම්රිය හුවමාරු ස්ථානයකි, එහි ඉහල බස් නැවතුම්පොළ හා shopping mall පිහිටා ඇත).

එම ව්‍යාපෘතියේ නායකත්වය ගෙන ක්‍රියාකරේ පසුකලෙක සිංගප්පූරුවේ 5 වන ජනාධිපති වූ (1993-1999) Mr. Ong Teng Cheong ය.

සිංගප්පූරුවට නිදහස ලැබීමෙන් අවුරුදු 2කට පසු 1967, ආණ්ඩුවේ සමස්ථ සංවර්ධන සැලසුම් වලට අවශ්‍ය නීති සෑදීම සඳහා අනාගතයේ භූමිය යොදා ගැනීම සහ ප්‍රවාහන අවශ්‍යතා හඳුනා ගන්න සිදුකරන සිව් අවුරුදු State and City Planning අධ්‍යයනයකින් පෙන්නුම් කළේ වැඩිවෙන පෞද්ගලික වාහන වල අවශ්‍යතාවය සඳහා පාරවල් සෑදීම පාරිසරික වශයෙන් පිළිගත නොහැකි බව පමණක් නොවෙයි භෞතික වශයෙන් කළ නොහැක්කක් බව, තවද සිංගප්පූරුවේ ජනගහනය 1992 වන විට මිලියන 33ක් බවට පත් වන බවත් ඒ වන විට දුම්රිය ප්‍රවාහන පද්ධතියක් අවශ්‍ය වන බවත්ය.

මෙම අධ්‍යයනය පසුකාලීනව මෝටර් රථ වර්ධනය සීමා කිරීම සඳහා සහ Modern Rail Transit System එකක් සෑදීම ඇතුලු Transport Policy සෑදීම සඳහා ඉවහල් විය.

මෙම අධ්‍යයනය, වඩා හොඳ මාර්ග පහසුකම් ඇතිකිරීමේ සහ එදිනෙදා ගමනාමන කටයුතු කළමනාකරණය කර ගැනීමේ අශ්‍යතාවය සඳහා Mass Transit System එකක අවශ්‍යතාවය පිළිබඳව කතා කිරීම් වඩා උනන්දු කිරීමට පාදක වුණි.

අදියර තුනකින් යුත් සිංගප්පූරු Maas Transit Study එක 1972 ආරම්භවෙලා 1980 දක්වා දිව ගියා.

පළමු අදියරේ(1972-74) මුළුමනින්ම බස් ප්‍රවාහන පද්ධතියක්(all bus system) ඇතුළුව විකල්ප Mass Rapid සංකල්ප පහක, වියදම සහ ප්‍රතිලාභ අධ්‍යයනය කෙරුණා. එහි නිර්දේශය උනේ සිංගප්පූරුවේ සමස්ත අරමුණ මුදුන්පත් කර ගැනීමට දුම්රිය පද්ධතියක් සමග සම්බන්ධ complimentary බස් නෙට්වර්ක් එකකින් පුළුවන් බවයි.

දෙවැනි අදියරෙන්(1975-78), වැඩිපුරම ජන ඝනත්වයක් ඇති ප්‍රදේශ තුළ දුම්රිය පද්ධතියක් මෙහෙයවීම ආර්ථිකමය සහ තාක්ෂණික වශයෙන් හැකිබව තහවුරු කෙරුණා. නමුත් මුළුමනින්ම බස් වලින් යුතු සිස්ටම් එකට සාපේක්ෂව බස්-දුම්රිය සිස්ටම් එකේ වියදම් සහ ප්‍රතිලාභ පිළිබඳ ගැටලු මතුකරමින් ලෝක බැංකුව විසින් අධ්‍යයනයේ දෙවෙනි අදියර විවේචනය කෙරුණා.

කෙසේ නමුත් විවිධ මත නොතකා MRT එක සෑදීම පිළිබඳ මතය රැඳුනා.
තුන්වන අදියරෙන්(1979-80), දුම්රිය ස්ථාන හඳුනාගැනීම අයවැය ඇස්තමේන්තු ඇතලු MRT එකේ මූලික ඉංජිනේරු සැලැස්ම ස්ථාපිත කලා.

වැඩි වන නිවාස සංවර්ධන ව්‍යාපෘති වියදම්, අධ්‍යාපන සහ defence වියදම් සමඟ MRT එක සෑදීමේ ප්‍රතිලාභ සංසන්දනය කිරිමට සිදුවීම නිසා සිංගප්පූරු රජයට MRT එක සෑදීම පිළිබඳ තීරණයක් ගැනීමට කල් ගත වුණා.

නමුත් MRT සිස්ටම් එක නිසා සිංගප්පූරුවේ ප්‍රතිරූපය සහ මහජනයාගේ ජීවන තත්වය උසස් වීම සැලකිල්ලට ගත් විට ඇස්තමේන්තු කළ ඩොලර් බිලියන 5ක මුදල ඒ සඳහා වැය කිරීමේ අවශ්‍යතාවය Mr Ong Teng Cheong විසින් ප්‍රබල ලෙස මතු කෙරුවා.

MRT එක සඳහා යන අධික වියදම නිසා ඔහුගේ මතයට අනෙකුත් කැබිනට් අමාත්‍යවරුන් විරුද්ධ වුණා. MRT එක වෙනුවට සම්පූර්ණ බස් සිස්ටම් එකක් හොඳ බව තර්ක කෙරුණු අතර මෙම තර්කය සනාථ කිරීම සඳහා හාවර්ඩ් විශ්ව විද්‍යාලයේ මහාචාර්යවරයෙකුගේ වාර්තාවක් ලබා ගත්තා(Hansen report). එම වාර්තාවෙන් සම්පූර්ණ බස් සිස්ටම් එකක් හොඳ බව තහවුරු කෙරුනා, බස් සිස්ටම් එකේ මාර්ග තදබදය ලිහිල් කිරීමට එක් දුම්රිය line එකක් පමණක් ප්‍රමාණවත් බව එයින් යෝජනා වුණා.

1980දී MRT එක පිළිබඳ විවාදය ජාතික රූපවාහිනී මට්ටමටම ආවා. එකිනෙකට ස්වායත්ත ඇමරිකානු ප්‍රවාහන සහ නාගරික සැලසුම් විශේෂඥ කණ්ඩායම් දෙකක් මගින් සවිස්තරාත්මක මාර්ග තදබදය පිළිබඳ අධ්‍යයනයක් සිදුකිරීමට තීරණය කෙරුණා. පසුව එමගින් පෙනුණේ මුළුමනින්ම බස් සිස්ටම් එකක් යොදාගැනීම ප්‍රායෝගික නොවන බවයි. එම නිසා ඔවුනුත් MRT දුම්රිය සිස්ටම් එක නිර්දේශ කලා.

අවසානයේ MRT සිස්ටම් එක පිළිබඳ තර්කය ජයග්‍රහණය කළේ, all bus system එකක් මගින් සැලකියයුතු මාර්ග තදබදයක් ඇතිකරන අතර all bus system එක සදහා ඉඩ ලබා දීමට මධ්‍යම ව්‍යාපාරික දිස්ත්‍රික්කයේ(CBD) ප්‍රමාණය අඩු කිරීමට හේතු වන බව පෙන්වූ නිසයි. එපමණක් නොවෙයි වැඩිමනත් අගය එකතු කළ ආයෝජකයන්(higher value added investments) ආකර්ෂණය කරගැනීමට සිංගප්පූරුවට ඇති තරගකාරී හැකියාව වර්ධනය කර ගැනීමට පවා හැකියාව ලැබෙන නිසා මෙම MRT network එක සිංගප්පූරු ආර්ථිකයට කරන ආයෝජනයක් බව දැනී ගියා. තවද MRT එක ආයෝජකයන්ගේ විශ්වාසය ඉහළ නංවන අතර ඉඩම් හා දේපල වටිනාකම ද ඉහළ නංවන බව පෙනුනා.

අවසානයේ 1982 MRT සිස්ටම් එක ඩො. බිලියන 5 ක් වියදමින් සාදන බවට රජය නිවේදනය කළා.

සිංගප්පූරුවට MRT(Mass Rapid Transit System - වැඩි මිනිසුන් ප්‍රමාණයක් වේගයෙන් ගෙනයා හැකි දුම්රිය පද්ධතිය) යථාර්තයක් කර ගැනීමට නිදහස ලැබී(1965) අවුරුදු 22ක් ප්‍රමාණවත් වුණා (1987 රතු මාර්ගයේ පලමු කිලෝමීටර් 6 විවෘත විය).

තොරතුරු අන්තර් ජාලය ඇසුරින් 😊

𝗙𝗼𝗹𝗹𝗼𝘄 𝗺𝗲,

🔴 Travel lovers

්_යමු.

දුම්රිය මගී ගෲප් එකේ පෝස්ට් එකක් තිබුණ බෑග් පිටේ එල්ලං යන සංස්කෘතියක් බිහිවෙලා තදබද වෙලාවලදී මගීන්ට කරදරයි කියල 🤣මේ මගේ ...
08/02/2023

දුම්රිය මගී ගෲප් එකේ පෝස්ට් එකක් තිබුණ බෑග් පිටේ එල්ලං යන සංස්කෘතියක් බිහිවෙලා තදබද වෙලාවලදී මගීන්ට කරදරයි කියල 🤣
මේ මගේ කමෙන්ට් එක 👇

"මේ රටේ මිනිස්සු තමංගෙ වතුර බෝතලේ කොම්පියුටරේ ගෙනියන්න කලින් පුරුදු වෙලා හිටියේ නෑ, ඒව තිබුණත් වැඩ කරගන්න දන්නෙත් නෑ. එක්කෝ ටැප් එකෙන්, පාරේ කඩේකින් වතුර බිව්ව. සල්ලි තියෙන අය කඩෙන් බෝතල් අරගෙන හරි cola හරි බිවුව.

දැන් පරම්පරාව වෙනස්, 💻 වලින් වැඩ කරනවා යන තැනක ඒක ගෙනියනව. Digital nomads ල බිහිවෙනව. ඉන්න තැන අදාල නෑ වැඩ කරන්න.
සුද්දෝ වගේ වතුර බෝතලයකුත් ගෙනියනව, single use plastic භාවිතය අවමයි. කෑම එක ගෙදරින් ගෙනියනවා.
මගදී ගන්න දේකුත් backpack එකට දාගන්නව. ලොන්ත පෝල් පොරවල් වගේ shopping bag එල්ලං යන්නෑ. සෝ වට්? ඇඟේ වැදුනොත් කියන්න කෙල්ලෙ වදිනවා කියලා!"

වෙන රටවල බයිසිකලෙත් ගෙනියනවා, අපි දියුණු මානසිකත්ව වලින් ගොඩක් ඈත!


𝗙𝗼𝗹𝗹𝗼𝘄 𝗺𝗲,

🔴 Travel lovers

්_යමු.

Address

Kandy

Alerts

Be the first to know and let us send you an email when Travel lovers posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Videos

Share