11/08/2024
දළඳා පෙරහැර ආරම්භය ගැන නිශ්චිත නිගමනයක් මෙතෙක් නොමැත. එනිසාම එය ශ්‍රිලංකාවේ අනන්‍ය තාවය පිළිඹිඹු කරමින් චිරාත් කාලයක් ලංකික සංස්කෘතික අංගයක් පැවත තිබේ.
විටෙක මෙය ලංකාවේ රාජාවලියේ ආරම්භය ලෙස සැලකෙන විජය රජතුමාගේ ආගමනය දක්වා දිවෙන්නක් බවට සැලකේ. එනම් ක්‍රි.පු. 543 දක්වා ඈත අතීතයක් වෙත යයි. එවකට පැමිණි විජය රජතුමා සහ 700 පිරිස පැමිණීම සිහිගන්වයි.
විටෙක සුර අසුර යුද්ධයෙන් සුරයන්ගේ ජයග්‍රහණය සංකේතවත් කරන්නක් ලෙස සැලකේ.
තවත් විටෙක ක්‍රි.ව. 110-113 කාලයේ වංකනාසික තිස්ස රජු දවස, සොලී ආක්‍රමණය තුලින් පැහැරගත් 12000 සිංහල සිරකරුවන්ද, පාත්‍රා ධාතුවද, පත්තිනි දේවියගේ රන්සළඹ සහ තවත් පුජා වස්තුන්, නැවත ශ්‍රීලංකාවට රැගෙන එම ගජබා රජු දවස සිදුවිඉම සමාරම්භය ලෙසද සැලකේ.
ඒවන් අතීත උරුමයක් රැගත් සම්ප්රදායක් ලෙස පැවත එන ශ්‍රී දළඳා පෙරහැර ක්‍රමයෙන් වික්ෂණය විය. වර්තමානය වනවිට ලෝක වාසි ජනතාවගේ ඉමහත් පුජ්‍යත්වය පත් දළඳා වහන්සේ වෙනුවෙන් පවත්වන ප්‍රදනතම පුජෝත්සවය සෙල සැලකේ.