13/08/2022
"දළදා හාමුදුරුවන්ට සේවය කරන පාරම්පරික ආලත්ති අම්මාවරු.."
ආලත්ති යනු දමිල වචනයකි. එහි තේරුම “ආශිර්වාද කරනවා” යන්නයි. ආලත්ති බෑම යනු මේ ආශිර්වාද කිරීමයි. පැරණි සිංහල රජ කාලයේ රජවරුන් හට උදේ සහ දවල් ආහාර කිසට පෙර ආශීර්වාද කිරීමේ චාරිත්‍රයක් විය. එසේම එම කටයුත්තේ යෙදෙන කාන්තා පාර්ශවය එකල පටන්ම ආලත්ති අම්මලා ලෙස හැඳින්විණි. මෙම ආලත්‍ති බෑමේ චාරිත්‍රය මහනුවර දළදා මාලිගයේ සහ කතරගම දේවාලයේ තවමත් දෙවියන් උදෙසා ක්‍රියාත්මක වන චාරිත්‍රයක් වේ. ජනප්‍රවාදයන්ට අනුව වල්ලි අම්මා විවාහ කර දෙන අවස්ථාවේ දී ඇයගේ ආවතේව කටයුතු කිරීම සඳහා පත්වූ මෙම කාන්තා පරපුර පුරාණයේ පටන් අද දක්වා ම කතරගම දේවාලයේ දී කතරගම දෙවියන් වෙනුවෙන් රාජකාරි කරනු ලබයි. මෙකී ක්‍රමය ඉන්දියාවෙන් ලක්දිවට පැමිණි බව පුරාන ලිපි ලේඛන වල සදහන් වේ. භාරතයෙන් පැමිය ද ඉන්දියාවේදී නම් දේවදාසියන් ලෙස මෙම ආලත්‍ති බෑමේ චාරිත්‍රය හැදින්වූවද, දේවාල සම්බන්ධ කාර්යයන් ඉටු කළද ලක්දිව ආලත්ති අම්මලා සහ ඉන්දීය දේවදාසියන්ගේ කාර්යභාරයන් කිසිසේත්ම සමාන නොවේ.
එසේ පැවත ආ ආලත්ති බෑමේ සම්ප්‍රදාය මහනුවර රාජධානි සමය වන විට සිදු කරන ලද්දේ මහ රජතුමාටය. කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමා විසින් තමන්ට වඩා උසස් බුදුන් වහන්සේ බව පවසා මෙම ආලත්ති තේවාව බුදුරජාණන් වහන්සේ වෙත සිදුකරන ලෙස රාජ ආඥාවක් පනවා ඇත. එබැවින් එදවස පටන් වර්තමානය දක්වා ශ්‍රී දළදා මාලිගාවේ ආලත්ති තේවාව සිදු කරනු ලබන්නේ දළදා හාමුදුරුවන් වෙනුවෙනි. ලක්දිව අනෙකුත් ආලත්ති අම්මාවරුන්ට මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ ආලත්ති අම්මාවරුන් ගේ විශේෂත්වය වන්නේ ඔවුන් එම් ආලත්ති බෑම සිදුකරන්නේ ලොව්තුරා අමාමෑණි සම්මා සම්බුදු පියාණන් වහන්සේට වීම නිසාය.
මහනුවර දළදා මාලිගයේ දී ද ආලත්ති අම්මලාගේ සේවය ලබාගැනේ. එනම් දළදා වහන්සේට ආශිර්වාද කිරීම සඳහාය. මහනුවර ශ්‍රී දළදා මාලිගාවවේ දී ඇතුල් කට්ටලේ නිලධාරීන් දෙදෙනා අතරින් එකම කාන්තා නිලධාරීන් දෙදෙනා වන්නේ ද ආලත්ති අම්මාවරුන් දෙදෙනාය. ඔවුන් සුදු පැහැයෙන් ඔසරියෙන් සැරසී සිටි. ඔවුන්ගේ සේවය සමාන්‍ය බැතිමතුන්ට දැකගැනීමට ලැබෙන්නේ කලාතුරකින්ය. දළදා තේවාව අවසානයේ දී ගන්ධ කුටියේ දොර අඩක් විවෘත කර තේවා භාර නිලධාරින් මහ පහනෙන් තෙමා ගත් පහන් තිරයක් එළියේ රිදී දොරටුව ළඟ සිටින ආලත්ති අම්මලා දෙදෙනාට ලබාදෙනු ලබයි. ඔවුන් පිටත සිට පහන් කරකවා ආලත්ති බා ඇතුළට පැමිනේ. එහිදී ඔවුන්ට මල් බන්දේසියෙන්
"දළදා හාමුදුරුවන්ට සේවය කරන පාරම්පරික ආලත්ති අම්මාවරු.."
ආලත්ති යනු දමිල වචනයකි. එහි තේරුම “ආශිර්වාද කරනවා” යන්නයි. ආලත්ති බෑම යනු මේ ආශිර්වාද කිරීමයි. පැරණි සිංහල රජ කාලයේ රජවරුන් හට උදේ සහ දවල් ආහාර කිසට පෙර ආශීර්වාද කිරීමේ චාරිත්‍රයක් විය. එසේම එම කටයුත්තේ යෙදෙන කාන්තා පාර්ශවය එකල පටන්ම ආලත්ති අම්මලා ලෙස හැඳින්විණි. මෙම ආලත්‍ති බෑමේ චාරිත්‍රය මහනුවර දළදා මාලිගයේ සහ කතරගම දේවාලයේ තවමත් දෙවියන් උදෙසා ක්‍රියාත්මක වන චාරිත්‍රයක් වේ. ජනප්‍රවාදයන්ට අනුව වල්ලි අම්මා විවාහ කර දෙන අවස්ථාවේ දී ඇයගේ ආවතේව කටයුතු කිරීම සඳහා පත්වූ මෙම කාන්තා පරපුර පුරාණයේ පටන් අද දක්වා ම කතරගම දේවාලයේ දී කතරගම දෙවියන් වෙනුවෙන් රාජකාරි කරනු ලබයි. මෙකී ක්‍රමය ඉන්දියාවෙන් ලක්දිවට පැමිණි බව පුරාන ලිපි ලේඛන වල සදහන් වේ. භාරතයෙන් පැමිය ද ඉන්දියාවේදී නම් දේවදාසියන් ලෙස මෙම ආලත්‍ති බෑමේ චාරිත්‍රය හැදින්වූවද, දේවාල සම්බන්ධ කාර්යයන් ඉටු කළද ලක්දිව ආලත්ති අම්මලා සහ ඉන්දීය දේවදාසියන්ගේ කාර්යභාරයන් කිසිසේත්ම සමාන නොවේ.
-
එසේ පැවත ආ ආලත්ති බෑමේ සම්ප්‍රදාය මහනුවර රාජධානි සමය වන විට සිදු කරන ලද්දේ මහ රජතුමාටය. කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමා විසින් තමන්ට වඩා උසස් බුදුන් වහන්සේ බව පවසා මෙම ආලත්ති තේවාව බුදුරජාණන් වහන්සේ වෙත සිදුකරන ලෙස රාජ ආඥාවක් පනවා ඇත. එබැවින් එදවස පටන් වර්තමානය දක්වා ශ්‍රී දළදා මාලිගාවේ ආලත්ති තේවාව සිදු කරනු ලබන්නේ දළදා හාමුදුරුවන් වෙනුවෙනි. ලක්දිව අනෙකුත් ආලත්ති අම්මාවරුන්ට මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ ආලත්ති අම්මාවරුන් ගේ විශේෂත්වය වන්නේ ඔවුන් එම් ආලත්ති බෑම සිදුකරන්නේ ලොව්තුරා අමාමෑණි සම්මා සම්බුදු පියාණන් වහන්සේට වීම නිසාය.
මහනුවර දළදා මාලිගයේ දී ද ආලත්ති අම්මලාගේ සේවය ලබාගැනේ. එනම් දළදා වහන්සේට ආශිර්වාද කිරීම සඳහාය. මහනුවර ශ්‍රී දළදා මාලිගාවවේ දී ඇතුල් කට්ටලේ නිලධාරීන් දෙදෙනා අතරින් එකම කාන්තා නිලධාරීන් දෙදෙනා වන්නේ ද ආලත්ති අම්මාවරුන් දෙදෙනාය. ඔවුන් සුදු පැහැයෙන් ඔසරියෙන් සැරසී සිටි. ඔවුන්ගේ සේවය සමාන්‍ය බැතිමතුන්ට දැකගැනීමට ලැබෙන්නේ කලාතුරකින්ය. දළදා තේවාව අවසානයේ දී ගන්ධ කුටියේ දොර අඩක් විවෘත කර තේවා භාර නිලධාරින් මහ පහනෙන් තෙමා ගත් පහන් තිරයක් එළියේ රිදී දොරටුව ළඟ සිටින ආලත්ති අම්මලා දෙදෙනාට ලබාදෙනු ලබයි. ඔවුන් පිටත සිට පහන් කරකවා ආලත්ති බා ඇතුළට පැමිනේ. එහිදී ඔවුන්ට මල් බන්දේසියෙන් මල් මිටක් ලබාදෙන අතර ආලත්ති අම්මා වරුන් දළදා වහන්සේට මල් පූජා කර එළියට විත් වන්දනා කරනු ලබයි. තවද සෑම බදාදා දිනවලත් මංගල්‍ය දිනවල හා පෙරහර දිනවල දළදා වහන්සේට ආලත්ති බෑම මොවුන් දෙදෙනා කරති. ඒ හැරුණුවිට අලුත් සහල් ගෙවදින දිනයේ ඇතා දෙපස චාමර දෙක රැගෙන ගුරුදෙනියේ සිට නාථ දේවාලයට පැමිණේ. දළදා මාලිගයේ මුළුතැන්ගෙට අවශ්‍ය පිටි කොටා දෙති. ඒ සඳහා වන වියදම වශයෙන්, රිදී නැලියෙන් ගත් හාල් නැලියක් ගබඩාවෙන් ඔවුනට දෙනු ලැබේ.
දුරුතු පසළොස්වක පොහොය, වෙසක් පුර පසළොස්වක පොහොය, පොසොන් පුර පසළොස්වක පොහොය, අලුත් සහල් මංගල්‍යය, කාර්තික මංගල්‍යය සහ නානුමුර මංගල්‍යය දිනවලත්, ඇසළ පෙරහර දිනවලත්, ශ්‍රී දළදා ප්‍රදර්ශන කරන දිනවලත් සහ වෙනත් විශේෂ උත්සව අවස්ථාවලත් දළදා හාමුදුරුවන්ට ආලත්ති බෑම මේ ආලත්ති අම්මාවරුන් දෙදෙනාගේ රාජකාරියයි. පෙරහැර අවසානයේ ආලත්ති අම්මලා ආයුබෝව්වා යැයි ආලත්ති බෑම සිදුකිරීම විශේෂ වේ. මහනුවර දළදා පෙරහැරේ රන්දෝලි පෙරහැර අවසානයේද ආලත්ති අම්මලා දෙදෙනෙක් ගමන් කිරීමේ චාරිත්‍රයක් පවතින අතර එය කැපී පෙනෙන අංගයක් වේ. එමෙන්ම කන්ද උඩරට ඇසළ පෙරහර අවසානයේ වසරකට එක්වරක් පමණක් ශ්‍රී මහා විෂ්ණු දේවාලයේ පැවැත්වෙන වලියක් මංගල්‍යය ශාන්තිකර්මය සඳහා දළදා පෙරහැරට දායක වූ යක්දෙස්සන්ට සහ බෙර වාදකයන්ට සහභාගි වීමට අවසර නොලැබේ. එසේ වුවද දළදා පෙරහැරට සහභාගි වූ ආලත්ති අම්මාවරුන්ගේ දායකත්වය දින හත පුරාම මේ ශාන්තිකර්මය සඳහා අනිවාර්ය වේ. එහිදී ‘ආයුබෝවේවා’ යන පාඨය ගායනා කරනු ලබන්නේ ආලත්ති අම්මාවරු විසිනි.
වර්තමානයේ මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ ආලත්ති අම්මාවරුන් දෙදෙනකු සේවය කරන අතර ඔවුන් තල්වත්ත පරම්පරාවෙන් පැවැත එන්නන් වේ. ඔවුන් වයස අවුරුදු 50 ඉක්මවූ කාන්තාවන්ය. මහනුවර ශ්‍රී දළදා මාළිගාවේ ආලත්ති අම්මා කෙනෙකු වීමට නම් අනිවාර්යයෙන්ම ගොවිගම කුලයේ කෙනෙකු විය යුතු අතර ඇය වයස අවුරුදු 40 ඉක්මවූ විය යුතුය. කෙසේ වූවද මෙකී පාරම්පරික රාජකාරිය ගැන වත්මන් බොහෝදෙනෙකු නොදන්නා උතුම් රාජකාරී කටයුක්තක් වේ.
සටහන - තිලංක රත්නායක. Thilanka Rathnayake
ඡායාරූපය - ශ්‍රී දළදා මාලිගාවේ මාධ්‍ය කාර්යාංශය.