සිතුමා - Sithuma

සිතුමා - Sithuma ඒකාකාරී ජීවිතයෙන් නොදුටු ලොවක් කරා
(2)

සිහින ඉටුවන සුබ අලුත් අවුරුද්දක් වේවා!!!🙏🙏🙏😌
13/04/2024

සිහින ඉටුවන සුබ අලුත් අවුරුද්දක් වේවා!!!🙏🙏🙏😌

තැන දන්න අය කමෙන්ට්✍️ එකක් දාගෙන යමු බලන්න 👀
11/02/2024

තැන දන්න අය කමෙන්ට්✍️ එකක් දාගෙන යමු බලන්න 👀

10/02/2024

🔵 ශ්‍රී ලංකා ක්‍රිකට් වංශකතාවේ නවතම රන් පරිච්ඡේදය 🇱🇰🏏❤🥹




31/01/2024

කැලණි රජමහාවිහාර මහා පෙරහැර ☸️🙏🦣😌

07/01/2024

පිළිම කන්ද සම්බුදු පිළිමය🙏😌☸️ pilima kanda buddha statue🙏☸️😌

කමෙන්ට් එකක් දාගෙන යන්න... 😌
02/01/2024

කමෙන්ට් එකක් දාගෙන යන්න... 😌

2024 සුභ නව වසරක් වේවා!!! 😌❤️ හැමෝටම....2024 Happy new year!!!☺️🥳🥳🥳Quality කැලැන්ඩර් Document එක ඕනේ අය Whatsapp button ...
01/01/2024

2024 සුභ නව වසරක් වේවා!!! 😌❤️ හැමෝටම....
2024 Happy new year!!!☺️🥳🥳🥳

Quality කැලැන්ඩර් Document එක ඕනේ අය Whatsapp button එක click කරන්න... 😌

16/12/2023

Morning view Lakegala ⛰️😌😲😍






14/12/2023

කොළඹ අහස යට😲😍😌🏬🏦🏫



13/12/2023

තැන දන්න අය කමෙන්ට් එකක් දාගෙන යන්න😌😍

            😍😌❤️
06/12/2023



😍😌❤️

♻️ #ඇල්ල_කන්ද🍃🌿🍂♻️කොළබට නුදුරින්  #හොරණ ප්‍රදේශයේ තියෙන හැංගුන ලස්සන තැනක් ඔයාලත් ගිහින් බලන්න.  #ඇල්ල_කන්ද හොරණ. මතක ඇත...
01/10/2023

♻️ #ඇල්ල_කන්ද🍃🌿🍂♻️

කොළබට නුදුරින් #හොරණ ප්‍රදේශයේ තියෙන හැංගුන ලස්සන තැනක් ඔයාලත් ගිහින් බලන්න. #ඇල්ල_කන්ද හොරණ. මතක ඇතිව පියසටහන් 👣 පමණක් තබා එන්න අමතක කරන්න එපා.

♻️ජීවිතේ එකම එක පාරක් හරි යන්න ඕනේ ගමනක්♻️   #බදුල්ල_නයිට්_මේල් 🚂🚃🚞
26/09/2023

♻️ජීවිතේ එකම එක පාරක් හරි යන්න ඕනේ ගමනක්♻️ #බදුල්ල_නයිට්_මේල් 🚂🚃🚞

♻️  #සූරිය_අරණට_චාරිකාවක් [ මීමුරේ දෙවන දවස]♻️ඉතින් ඔයාලට මතක ඇතිනේ පලවෙනි දවසේ විනෝද වෙලා අපේ කට්ටිය නින්දට ගියා. අපේ ව...
16/09/2023

♻️ #සූරිය_අරණට_චාරිකාවක් [ මීමුරේ දෙවන දවස]♻️

ඉතින් ඔයාලට මතක ඇතිනේ පලවෙනි දවසේ විනෝද වෙලා අපේ කට්ටිය නින්දට ගියා. අපේ වෘත්තීය ඡායාරූප 📸ශිල්පියෙක් වුන කන්ඩු කලින් දවසේම කතා උනා ලකේගල කන්දට⛰️ උඩින් මීමුරේට ඉර🌞 පායන හැටි බලන්න යන්න. ගමන් මහන්සියයි ඇඩ්වෙන්චර්ස්🦺 කරලයි අපේ අය හොදට නිදි.😴 අපේ කට්ටියවත් නැගිට්ටවලා උදේම ජයසිංහ අයියා ගෙනාපු තේ☕ එකත් බීලා කන්ඩු එක්ක අපි දෙතුන් දෙනෙක් ගියා ලකේගලට 🌞 පායන හැටි බලන්න. ඉතින් ඒ ලකේගල කන්දත් එක්ක ඒ දර්ශනය ඇත්තටම ලස්සනයි. දුකයි කියන්නේ පහුගිය දවස් ටිකේ ඉර පෑව්වා වැඩිනේ ඔක්කොම දුඹුරු පැහැවෙලා😒. ඉතින් අපි ලස්සන ෆොටෝස් ටිකක් එහෙම අරගෙන ආයෙ ඉක්මනින් රිසෝට් එකට ආවා. මොකද අපිට අද සූරිය අරණට යන්න තියනවනේ.😌

ඉතින් අපි රිසෝට් එකට එද්දි අපේ අය ලෑස්ති වෙලා උදේ කෑමත් අරන් ඉවරයි. අපි දෙතුන් දෙනත් ඉක්මනට කාලා කරලා යන්න ලෑස්ති උනා සූරිය අරණට යන්න.😌 රිසෝට් එකේ ඉදන් කිලෝමීටර් 2️⃣ක වගේ ගමනක් තියෙන නිසා අපි ගියේ බයික්🛵 වල.ඔන්න අපි ගමන ආරම්භ කරලා ටිකක් දුර යද්දී හම්බවුනා ලකේගල කන්ද පේන ලස්සන view එකක් තියෙන තැනක්. එහෙම තැනක් අහුඋනා කියන්නේ ඉතින් ෆොටෝස්📸 තමයිනේ. ෆොටෝස් අරන් අපි ඉක්මනින්ම ගියේ එතනට වැටෙන අධික හිරු රශ්මිය🌞 නිසා. ඉතින් ඔහොම ඉස්සරහට යද්දි අපිට හම්බවුනා සූරිය අරණ චිත්‍රපටයේ ප්‍රසිද්ධ තැනක් වෙච්ච මස් කඩය.එතැන අපි නොනැවතී ඉදිරියට➡️ ගියේ ආපසු එනකොට නවතින අදහසෙන්. ටික දුරක් ඉදිරියට ගිහින් අපි තැනට ලගාවුනා. අපේ බයික් නතර කරලා කැලේ ඇතුලට පොඩි දුරක් යද්දී අපේ ලමා කාලයේ මතකයේ රැදුන ඒ සුන්දරට තැනට අපිට දැකගන්න ලැබුණා.

පොඩි වැද්දා එක්ක පොඩි හාමුදුරුවෝ ඔන්චිල්ලා පැදපු ඒ පුස්වැල. දෙන්නත් එක්ක රූට්ටා ගියපු ඒ ගල්තලාව පැනලා නාපු ඒ ගග අපිව අවුරුදු ගානක් අතීතයට අරන් ගියා.අපිත් ඒ අත්දැකීම් ගන්න ඕනේ නිසාම අපේ අයත් කඩ්මුඩියේ ලෑස්තිය නාන්න. අදත් අපිට තියෙනවා adventure🦺 එකක් අඩි ගානක් පහලට⬇️ පනින්න. අඩ්ගානක් පහලට↘️ ලිස්සලා යන්න.අපේ අය හරි හරියට පැනිලි. ඒ ලිස්සා යෑමනමි ජිවිතේට අමතක නොවේවි. අඩි 30ක් විතර උස ගලක් උඩින් ජලය පිරුණු තටාකටෙක, ඇත්තටම ඒක අමතක නොවන අභියොගයක් අපේ අය සාර්ථකව✅ මුහුණ දුන්න.ඉතින් ඔහොම නාලා කරලා විනෝද වෙලා පුස්වැලේ ඔන්චිල්ලා පැදලා ෆොටෝස්📸 එහෙමත් අරන් අපි එන්න පිටත් උනා.

අපේ ඊළඟ නැවතුම උනේ සුරිය අරණ චිත්‍රපටයේ මස්කඩය🥩 ලග. රූස්ස ගස්🌳 එක්ක හෙවනක් තියෙන එතන ඇත්තටම ලස්සන තැනක්.ඒ තැන දකිනවිට චිත්‍රපටයේ දසුන් මැවී පෙනෙනවා නොවනුමානයි.😌ඒ මස් කඩේට එහා පැත්තේ දැන් තියෙනවා පොල් රොටි කඩයක්. කොච්ච් මිරිස් සම්බෝල එක්ක පොල් රොටි සහ ප්ලේන් ටී☕ ඒක නියම ගැලපීමක්😋. අපි ඉතින් රොටි කාලා ප්ලේන් ටී එකක් එහෙම බීලා ඒ ආද්‍යාත්මික සුවය💆 විදලා එතනින් පිටත් වුනා. කෙලින්ම අපි අයේ ආවේ රිසෝට් එකට.

වෙලාව දහවල් 1 ආසන්නයි දුකින්☹️ උනත් අපිට පිටත්වෙන්න දැන් වෙලාව හරි අපි හැමදේම ලෑස්ති කරගෙන කවදාවත් අමතක නොවන මතක් රැසක් එක්කර ගනිමින් සුන්දර මීමුරේ ගම්මානයට සමුදුන්නා.

⭕ඉතින් විශේෂයෙන්ම කියන්න ඕනේ ඔයාල මීමුරේ එනවනම් කලින් resort එකක් book කරගෙන packege එකක් වෙන්කරගෙන යන්න. ඒක ඔයාලට පහසුයි වගේම ආරක්ෂිතයි.😌

ඉතින් ඒකට සුදුසුම තැනක් තමයි කියන්නේ. ඒකේ අයිතිකරු මගපෙන්වන්නා වුන ජයසිංහ අයියා ඇත්තටම හොද මිත්‍රශීලී සේවයක් අපිට ලබාදුන්නා.😌
අපි ගියපු පැකේජ් එක එක්කෙනෙක්ට රු 2500ක්. ඒකට ඇතුලත් උනා
🔴යන දවසේ දවල් අහාරය
🔴හවස තේ
🔴රාත්‍රී අහාරය
🔴උදෑසන තේ
🔴උදෑසන ආහාරය
🔴BBQ ( මස් රැගෙන යා යුතුයි)
🔴නවාතැන් පහසුකම්
🔴සංචාරක මගපෙන්වීම
07042762610️⃣7️⃣0️⃣4️⃣2️⃣7️⃣6️⃣2️⃣6️⃣1️⃣ මේ තියෙන්නෙ #ජයසිංහ අයියගේ නම්බර් එක ඔයලත් මීමුරේ යනවනම් ජයසිංහ අයියට කතා කරලා යන්න. එයා ඔයාලට හොද සේවයක් ලාබාදෙයි.

ඉතින් කදු↗️ පල්ලම්↘️ කැලෑ මැදින් නැවත කාර්‍යබහුල නගරයට🏢 අපි ආවා. කොහේ ගියත් ගෙදර🏠️ තරම් තැනක් නෑ කියනවනේ. අපේ අයට තිබ්බෙත් ඉක්මනට ගෙදර අය උවමනාව.ඔන්න ඔය විදියට තවත් සුන්දර චාරිකාවක් නිමාවුනා. තවත් මේ වගේ අපේ රටේ සුන්දරත්වය බලන්න යන චාරිකාවකින් හමුවෙනකන් සිතුමා අපි සමුගන්නවා.ආදරෙයි ඔයාලට😌❤️

♻️  #මීමුරේට_ගිය_ගමන ♻️ඉතින් යාලුවනේ  දිගු විරාමයකින් පස්සේ සිතුමා අපේ කට්ටියට පුළුවන් වුණා තවත් සුන්දර චාරිකාවට එක්වෙන්...
03/09/2023

♻️ #මීමුරේට_ගිය_ගමන ♻️

ඉතින් යාලුවනේ දිගු විරාමයකින් පස්සේ සිතුමා අපේ කට්ටියට පුළුවන් වුණා තවත් සුන්දර චාරිකාවට එක්වෙන්න. ඉතින් මේ පාර අපි යන්න හිතුවේ ළමා කාලයේ ආසාවෙන් බලපු සුන්දරම චිත්‍රපටයක් උන " #සූරිය_අරණ" චිත්‍රපටය පටිගත🎬 කළ සුන්දර මීමුරේ ගම්මානයට.

ඔන්න ඉතිං අපි සුන්දර මීමුරේට යන්න මේ පාර අපේ ගමන් සගයා විදිහට තෝරගත්තේ අපේම යතුරුපැදි.🏍️ කැලණි විහාරයට☸️ ගිහින් ආශිර්වාදත් රැගෙන පාන්දර 4️⃣ට පමණ අපි ගමන යන්න පිටත් වුනා. අපේ පලවෙනි නැවතුම්පළ වුණේ #තෝලංගමුව_අම්බලම🛖.සුන්දර වෙල්යායත් ලිදත් එක්කම තියෙන අම්බලමට වෙලා අපේ අංජනගේ අම්මා හදල දීපු පරිප්පු කරියත්🍲 එක්ක උදේම පාන්🍞 වලින් බඩ පුරවගත්තා.

අම්බලමට වෙලා ටිකක් ගිමන් හැරලා පිටත් උන අපේ ඊළඟ නැවතුම උනේ කා අතරත් ප්‍රසිද්ධ කඩුගන්නාවේ සුද්ද විද්ද⚒️ ගල නොහොත් tunnel එක. එතනට වෙලා ගිමන් හැරලා පොටෝ📸 එහෙමත් අරගෙන ඉක්මනට පිටත් වුනේ.අපි ඒ වෙනකොටත් පරක්කු හින්දා.යන අතරමගදී ගිමන් හරින්න, ලස්සන ලොකේෂන් වල පොටෝ📸 ගන්න කල නැවැත්වීමි වගේම මගේ යතුරුපැදියේ🏍️ උන ටයර්🛞 පන්ච්💥☹️ එකත් එක්ක අපිට හුන්නස්ගිරියට එන්න දවල් 12🕛 උනා😁

හුන්නස්ගිරිය අන්තිම ටවුන් එක හින්දා අපිට ඕන කරන බඩු බාහිර ආදිය ඔක්කොම අපි හුන්නස්ගිරියෙන් ගත්තා. 🛑"මීමුරේ යන ඔයාලට විශේෂයෙන් කියන්න ඕන හුන්නස්ගිරිය තමයි ඔයාලට හම්බෙන අන්තිම ටවුන් එක. ඔයාලට ගන්න තියෙන බඩු වාහන වලට තෙල් වගේ ඕනෙ කරන ඔක්කොම හුන්නස්ගිරියෙන් ගන්න ඕනේ."🔴

ඉතින් මේ ගමනේ අමාරුම කොටස හුන්නස්ගිරියේ සිට මීමුරේ දක්වා කොටස කිලෝමීටර 3️⃣4️⃣ක්. කඳු↗️ බෑවුම්↘️ සමග වංගු↪️ සහිත පටු පාර.ෆයිනස් කැලය🌲 ,තේ වතු, deanston කුඩා ලෝකාන්ත පිවිසුම⛩️, නකල්ස් රක්ෂිත මායිම↔️ පසු කරමින් පැය දෙකක පමණ අසීරු මෙන්ම සුන්දර ගමනකින් පසුව අපි අපේ ගමනාන්තයට ළඟා වුණා. 👉(පාර තාර දාලා හොදට තියෙනවා වංගු කදු බෑවුම් නිසයි අමාරු )

අපේ නවාතැන උනේ මීමුරේ 🏠 එක.🔴(resort එක ගැන packege එක ගැන විස්තරයක් ඉස්සරහට කියන්නම්)🔴 ඉතින් අපි එනකොට දවල්🕑 වෙලා තිබ්බ නිසා හැමෝම හිටියේ හුගක් බඩගින්නේ අපි ගිහින් මුලින්ම කරේ දවල්ට කාපු🍽️ එක. ඒකට අපි හොද ගැමි ආහාර වේලක්🍛 resort එකෙන් ලෑස්ති කරලා තිබ්බා.
කෑම කාල බඩපුරවගෙන විවේකයෙන් හිටපු අපි ඊළගට නාන්න යන්න ලෑස්ති උනා. resort එකේ ජයසිංහ අයියා තමයි අපේ මගපෙන්වන්නා උනේ. ඉතින් අපි අඩිපාරවල් 👣 කුඹුරු🌾 මැදින් කිලෝමීටර් 2️⃣කට ආසන්න දුරක් ඇවිත් නාන තැනට ආවා. නානවා කිව්වට ඒක නෑමක්ම නෙමෙයි 🦺 එකක් ගලමත ලිස්සා යෑම් වැනි ජීවිතේ අමතක නොවන අත්දැකීම් රැසක් ලබා ගන්න අපිට පුළුවන් උනා. Adventure කරලා නාලාකරලා අපි හවස 6️⃣ වගේ එද්දි අපේ නවාතැනට ආවා.

හවස තේ☕ එකක් එහෙම බීලා රාත්‍රී 7️⃣ වගේ වෙනකොට අපි ලෑස්ති උනා අපේ night එකට. BBQ🍗 එකත් resort එකේ අයියා අපිට ලෑස්ති කරලා දුන්නා. හැමදේම ලෑස්ති කරාට පස්සේ අපේ night සාජ්ජේ🎼 අපි පටන් ගත්තා.අපි ගෙනාපු සුමිහිරි පානය🥂🥃 දාගන්න කොට අපේ අයගේ සැගවුනු දක්ෂතා 🥁🎤එලියට එන්න ගත්තා
ලංකාවේ ජනප්‍රිය ගායක ගායිකාවෝ රැසක් අපේ සාජ්ජෙට🎼 සහභාගී වුනා.😁 ඒ වගේම අපේ අලුත්ම වාදකයා අශේන් මල්ලි🥁 ගැනත් නොකියම බෑ එයා අපේ සාජ්ජේ හොදටම හැඩ කලා. අපි කාලා බීලා හොදට විනෝද උනා. ඒක හැමෝටම අමතක නොවෙන රාත්‍රියක්.

සාජ්ජේ ඉවර වෙලා රෑ අපිට හදපු කෑම🍛 කාපු අපේ අය එලියේ රස කතා පරණ කතා හොල්මන් කතා කිය කිය ඉදලා නින්දට😴 ගියා. ඔන්න ඔහොම ඉතින් අපේ පලවෙනි දවස නිමා වුනා.⛔

අපේ මීමුරේ චාරිකාව #දෙවෙනි දවසෙන් ඉක්මනටම හම්බවෙමු 👋🖐️

🔅සුන්දර දුන්හිඳ 🔅ශ්‍රී ලංකාවේ දියඇලි අතරින් මනරම් දිය ඇල්ලක් බලන්නටයි අපි මෙවර පියමැන්නේ. ඒ  #සුන්දර_දුන්හිඳ දියඇල්ලයි.ද...
13/03/2023

🔅සුන්දර දුන්හිඳ 🔅

ශ්‍රී ලංකාවේ දියඇලි අතරින් මනරම් දිය ඇල්ලක් බලන්නටයි අපි මෙවර පියමැන්නේ. ඒ #සුන්දර_දුන්හිඳ දියඇල්ලයි.

දුන්හිඳ දියඇල්ල බදුල්ල හරහා ගලාබසින #බදුලුඔයෙන් ආරම්භ වී මීටර් 6️⃣4️⃣ක් පමණ උසින් අලංකාරව කඩාහැලේ. මෙම ඇල්ලට මේ නම ලැබී ඇත්තේ දියඇල්ල කඩාහැලීම නිසා දියඇල්ල පාමුල ඇතිවන මීදුම් වැනි ස්භාවය නිසා බව කියැවේ.

දියඇල්ල ට එන මාර්ගය🛣️ ගැන පැවසුවහොත් බදුල්ල ➖ මහියංගණය පාරේ කිලෝමීටර් 5️⃣ක් පමණ යනවිට හමුවන දුන්හිඳ හංදියෙදී දුන්හිඳ දියඇල්ලට යන පිවිසුම ⛩️හමුවේ.පිවිසුමෙන් ඇතුළු වූ පසු දිය ඇල්ල දෙසට පඩිපෙළවල් කුඩා පාලම් දමා සකසා ඇති අඩි 👣 පාරක් දිගේ කිලෝමීටර් 1ක් පමණ ගමන් කල යුතුයි. ඇල්ල නැරඹීමට සුළු මුදලක් දී ට්කට් පතක් මිලදී ගත යුතූය. අඩි පාර දෙපස ආහාර පාන 🍛🍴 අලෙවි කරන වෙළෙඳසැල් ඉදිකර තිබේ.

බඩ ඉරිගු පොල් රොටී වැනි විවිධ රසවත් ආහාර එහිදී මිලදි ගන්නට පුළුවන්. නමුත් ඒවා වෙළෙඳසැල් අසලම සිට අහාරයට ගැනීම වඩා සුදුසුයි.✔️ මන්ද මෙම ප්‍රදේශයේ #වදුරන්🐒🐒🐒 බහුල සිටින නිසාවෙනි.

දියඇල්ල ඉහල සිට නැරැඹීමට view point එකක් ඉදිකර තිබේ. දුන්හිඳ ඇල්ලේ දිය නෑම #අනතුරුදායක ⚠️️ බැවින් ජිවිත අවදානමේ නොදමමින් සුන්දරත්වය විදගැනීම ඔබ සතුවේ.

දියඇල්ලේ ඇති සුන්දරත්වය විදිමින් පා 👣 සටහන් පමණක් ඉතිරිකර එන්න.

ජීවන බරින් මිදී, රටේ සියලු දෙනාට සිත් සේ ජීවත් විය හැකි සුබ නව වසරක් වේවා!!!
31/12/2022

ජීවන බරින් මිදී, රටේ සියලු දෙනාට සිත් සේ ජීවත් විය හැකි සුබ නව වසරක් වේවා!!!

01/11/2022

Address

Kelaniya

Alerts

Be the first to know and let us send you an email when සිතුමා - Sithuma posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Videos

Share