Weekend Travel With Prasa & Piyu

Weekend  Travel With  Prasa &  Piyu ❤️Weekend trips. Maximum happiness in life ❤️

2024/05/24පෝය දවසට පස්සේ දන්සල් 😁
02/06/2024

2024/05/24
පෝය දවසට
පස්සේ
දන්සල් 😁

ඔන්න ආයෙත් කාලෙකට පස්සේ One Gall face ❤️
02/06/2024

ඔන්න ආයෙත් කාලෙකට පස්සේ
One Gall face
❤️

Hi....... 🥰 කොහොමද යාලුවනේ😍ඔන්න අද  මගේ යාලුවෙක් ගේ අලුත් වැඩක් ආරම්භ උනා අද කිවුවට අද නෙවෙයි ටිකක් කල්...😍😍😍 වරෙන්    ඇ...
03/04/2024

Hi....... 🥰
කොහොමද යාලුවනේ😍
ඔන්න අද මගේ යාලුවෙක් ගේ අලුත් වැඩක් ආරම්භ උනා අද කිවුවට අද නෙවෙයි ටිකක් කල්...😍😍😍 වරෙන් ඇවිත් යන්න කිවුවට වැඩ නිසා යන්න බැරි උනා සොරි මචන් ....😌😌😌

සෝ සෑඩ් 😔😔
ඉතින් 😌
ඔන්න අද ආවා කාලා යන්න ...🤭
බැනුමක් අහගෙන අවා ඉතින් 🤭

පොඩ්ඩක් කතා කරලා කෑම එකක්‌ දන්න කිවුවා...... 😊 පොඩි වෙලාවක් දෙන්න එක්ක පොඩි චැට් එකක් දාගෙන ඉද්දි ... සුපිරි සවිස් එකක් දෙන ගැනු ළමයෙක් ඇවිත් කෑම ටික තිබ්බා 🤭🤭🤭 ඉතින් කතාව එතනින් ඉවරයි ..... කතාවේ අවදානෙ නෑ කෑම එකේ සුවදට ඒක දිහා බැලෙනවා වැඩි 🤭🤭🤭
ඔන්න කන්න කියලා ඉතින් ලෑස්ති වෙද්දී..... අපේ දෝණි (wife) ප්ලේට් දෙකට කෑම බෙදලා ඉවරයි....... 😊 😊😊😊😊😊😊😊

ඉතින් කෑම ඒක නම් කෑවා 😌😌😌 අම්මෝ කියන්න වචන නැ සුපිරි පරි ඉතිරෙන්නම රසට තිබ්බා සුපර් මචන් ❤️

සුපිරි ප්ලේස් එක තියෙන්නේ ...

මොරටුවේ ශාන්ත පීතර මාවතේ ...... පටන් ගන්න තැනම
හරියටම මොරටුව මැද

◽ මොරටුව පැත්තෙන් අවොත් ශාන්ත පීතර මාවත පටන් ගන්න තැන 🙋‍♂️
◽පානදුර පරණ පාරෙන් අවොත් අවසන් වෙන තැනින් වමට දැම්මා ගමන් තියෙනවා 🙋‍♂️

❤️ ඔයාලත් ට්‍රය් කරලා බලන්න❤️

ආසා හිතෙයි 🥰

Hi   යාලුවනේඅද අපි  ගියා කැළණිය  පන්සලට 🙏 හැබැයි ගිය වෙලාවේ ඉදන් වහිනවා
24/03/2024

Hi යාලුවනේ
අද අපි ගියා කැළණිය පන්සලට 🙏
හැබැයි ගිය වෙලාවේ ඉදන් වහිනවා

21/02/2024

🌳Best places to visit in srilanka 🌳

රත්නපුර, වේවැල්වත්ත දිය ඇලි පාරාදීසය 🌳🌳🌳🌳🥰❤️🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳
21/02/2024

රත්නපුර, වේවැල්වත්ත දිය ඇලි පාරාදීසය 🌳🌳🌳🌳🥰❤️
🌳🌳
🌳🌳🌳
🌳🌳🌳🌳
🌳🌳🌳🌳🌳

18/02/2024

දන්න අය කියමු බලන්න 🥰🥰🌳🌳

ගොඩදෙනෙක් නොදන්න ලංකාවේ ලස්සනම ගමක්😮🍀මීදුමත් එක්ක තියෙන්නේ අමුතුම ලස්සනක්😍🤩 නකල්ස් රක්ෂිතයෙන් වැසී ඇති සුන්දර තංගප්පුව ග...
15/02/2024

ගොඩදෙනෙක් නොදන්න ලංකාවේ ලස්සනම ගමක්😮🍀මීදුමත් එක්ක තියෙන්නේ අමුතුම ලස්සනක්😍🤩

නකල්ස් රක්ෂිතයෙන් වැසී ඇති සුන්දර තංගප්පුව ගම්මානය තමයි මේ.

🌳ඇවිදින්න යන හැම දෙනාටම🌳❤️Happy Valentine day ❤️❤️❤️❤️❤️
14/02/2024

🌳ඇවිදින්න යන හැම දෙනාටම🌳
❤️Happy Valentine day ❤️
❤️❤️❤️❤️

බලංගොඩ හැඩකරන "නන්පේරියල්" 🍃😍🥀🇱🇰☘️🌻🌴Nanperial Estate 🌿💚📸 චායා රූප අයිතිය මුල් හිමි කරු සතුයි 😍
13/02/2024

බලංගොඩ හැඩකරන "නන්පේරියල්" 🍃😍🥀🇱🇰☘️🌻🌴
Nanperial Estate 🌿💚

📸 චායා රූප අයිතිය මුල් හිමි කරු සතුයි 😍

මැරෙන්න කලින් එක පාරක් හරි මේ සුන්දරත්වය විදින්නම ඕනි 🤗 🍃🍁❤️💯👌😍🌍 👣🌳💗🐓මාතලේ 🍂💗☘️🌊🌿😍🌻♥️🍀📷 මුල් හිමිකරුවන්ට ස්තූතියි ❤️Copi...
12/02/2024

මැරෙන්න කලින් එක පාරක් හරි මේ සුන්දරත්වය විදින්නම ඕනි 🤗 🍃🍁❤️💯👌😍🌍 👣🌳💗🐓

මාතලේ 🍂💗☘️🌊🌿😍🌻♥️🍀

📷 මුල් හිමිකරුවන්ට ස්තූතියි ❤️
Copied

🌳𝐁𝐚𝐫𝐛𝐞𝐫𝐲𝐧 𝐋𝐢𝐠𝐡𝐭𝐡𝐨𝐮𝐬𝐞 𝐈𝐬𝐥𝐚𝐧𝐝, 𝐁𝐞𝐫𝐮𝐰𝐚𝐥𝐚 🌳🥰🥰🌳🌳🌳The Barberyn Lighthouse in Beruwala is located on Barberyn Island; approxima...
11/02/2024

🌳𝐁𝐚𝐫𝐛𝐞𝐫𝐲𝐧 𝐋𝐢𝐠𝐡𝐭𝐡𝐨𝐮𝐬𝐞 𝐈𝐬𝐥𝐚𝐧𝐝, 𝐁𝐞𝐫𝐮𝐰𝐚𝐥𝐚 🌳

🥰🥰🌳🌳🌳The Barberyn Lighthouse in Beruwala is located on Barberyn Island; approximately half a mile offshore from the little town of Beruwala. This tiny 8 acre tropical island has hosted the lighthouse for over a century. Today, Barberyn Lighthouse is one of only four international lighthouses in Sri Lanka.🌳🌳🌳🥰🥰

📷 ᴄʀᴇᴅɪᴛ ᴛᴏ ᴛʜᴇ ʀᴇᴤᴘᴇᴄᴛɪᴠᴇ ᴏᴡɴᴇʀ
❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

Beautiful Sigiriya 👑✌Weekend  Travel With  Prasa &  Piyu 😍📷 Credit to Respective owner  🇱🇰✌                             ...
11/02/2024

Beautiful Sigiriya 👑✌
Weekend Travel With Prasa & Piyu 😍
📷 Credit to Respective owner 🇱🇰✌





😊😊😊😊😊කොහේම හරි ඇවිදින්න ඕනි කියලා හිතෙනවා නම් වැලිමඩට ගිහින් බෝඹුරු ඇල්ල බස් එකේ නගින්න... 😊😊😊😊😊😊ලංකාවේ මේ තරම් ලස්සනද ක...
11/02/2024

😊😊😊😊😊කොහේම හරි ඇවිදින්න ඕනි කියලා හිතෙනවා නම් වැලිමඩට ගිහින් බෝඹුරු ඇල්ල බස් එකේ නගින්න... 😊😊😊😊😊😊ලංකාවේ මේ තරම් ලස්සනද කියලා ඔයාට හිතේවි 🥺🌸☘️🛖⚡️🌊🌾
- බෝඹුරු ඇල්ල, වැලිමඩ 😍🖤🌾🐝🍁🍂

🌳බස් එකේ යනවනම් වැලිමඩින් බෝඹුරු ඇල්ල කියලම බස් තියනවා.ඇල්ලට නගින්න පටන් ගන්න තැනින්ම බහින්න පුලුවන්.6km වගේ යන්න තියෙන්නේ වැලිමඩ ඉදන්.ඇල්ල ලගට 1km වගේ පයින් යන්න තියෙන්නේ.පාර දිගේ යද්දි ඇල්ලේ එහා පැත්තට මාරුවෙන්න පුලුවන් concrete වේල්ලක් වගේ හම්බෙයි.වතුර අඩුයිනම් ඒකෙන් මාරු වෙලා අනිත් පැත්තෙන් උඩට නගින්න.මොකද ඒ පැත්ත් ගොඩක් ලස්සනයි.හවස 4 විතර වෙනකන් බස් තියනවා පැයෙන් පැයට වගේ.🌳

❤️Photo credit goes to original photographer ❤️

🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳Bomburu Ella | Srilanka 🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳

Weekend Travel With Prasa & Piyu පේජ් එකටත් ලයික් කරන්න 😍

ආදරණීය  නුවර ⛰️🌈🌞🌊🧚🏻‍♀️❤️Weekend  Travel With  Prasa &  Piyu පේජ් එකටත් ලයික් කරන්න 📷 මුල් හිමිකරුවන්ට ස්තූතියි ♥️      ...
11/02/2024

ආදරණීය නුවර ⛰️🌈🌞🌊🧚🏻‍♀️❤️
Weekend Travel With Prasa & Piyu පේජ් එකටත් ලයික් කරන්න
📷 මුල් හිමිකරුවන්ට ස්තූතියි ♥️

කවදාවත් මුහුද දැකලා නැති ළමයි ජීවත්වෙන "ගලමුදුන ගම්මානය"  🍃☔️🌻🍂❤️දශක කිහිපයකට පෙර මේ රටේ ඈත දුෂ්කර යැයි හැඳින් වූ ප්‍රදේ...
11/02/2024

කවදාවත් මුහුද දැකලා නැති ළමයි ජීවත්වෙන "ගලමුදුන ගම්මානය" 🍃☔️🌻🍂❤️

දශක කිහිපයකට පෙර මේ රටේ ඈත දුෂ්කර යැයි හැඳින් වූ ප්‍රදේශයන්හි ගම්බිම් වෙත මේ වන විට මාර්ග ඉදිවී ඇත. විදුලිය ලැබී ඇත. රජයේ බස් එකක් නැතත් අඩුම තරමේ ත්‍රිරෝද රථයකින් හෝ ඔවුහු සිය ප්‍රවාහන සේවා ඉටුකර ගනිති. ගොවිතැන මෙන්ම දෛනික ජනජීවිතයේ වැඩි කොටසක් වෙනුවෙන් ඔවුහු නවීන තාක්ෂණය ඈඳාගෙන හැල්මේ දුවන කාර්යබහුල ජනජීවිතයකට හුරු වී සිටිති.
එසේවුවද තවමත් ඉපැරණි ගැමි සුවඳ රැඳී ඇති, පැරණි ගම්බද සිරියාව අදටත් කියාපාන අපූරු හුදකලා ගම් පියසක් නකල්ස් වන මැද පිහිටා ඇතැයි කිවහොත් ඔබ සමහර විට පුදුම වනු ඇති. එහෙත් එය සැබෑවකි. මිනිපේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් ගලමුදුන ගම්මානය තවමත් පවතින්නේ එබඳු අයුරිනි. මිනිපේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් හුදකලා ගම්මානයක් වන ගලමුදුන ගම්මානයේ මේ වන විට පවුල් 40ක් පමණ පදිංචිව සිටිති.

ප්‍රධාන මාර්ගයේ සිට සැතපුම් හත අටක් මහ වන මැදට වන්නට පිහිටි මෙම ගම්මානයට යාමට ඇත්තේ රූස්ස කැලෑවක් මැදින් වැටුණු අඩි පාරකි. මේ වන විට ගමට මාර්ගයක් ඉදිකිරීමේ කටයුතු ආරම්භ කර තිබුණද, අදටත් මේ ගමේ බහුතරය සිය ගමන්බිමන් ඉටුකර ගන්නේ වනඅලින්, වලසුන් ඇතුළු වනසතුන්ගෙන් ගහන වූ රූස්ස වනපෙත මැදින් වැටුණු අඩි පාර ඔස්සේය.
ගස් ගල් මැදින් වැටුණු අඩි පාරේ ඇතැම් තැනෙක කුඩා හා විශාල ප්‍රමාණයේ දොළ පාරවල්ය. මහ වැසි සමයේදී බෙහෙවින් සක්‍රීය වන මෙම දොළ පාරවල් නිසා ඇතැම් අවස්ථාවල මේ ගමේ මිනිසුන්ට තම ගමටම කොටු වී සිටින්නට සිදුවූ අවස්ථාවන් ගැනද අපට අසන්නට ලැබිණි.

නගරයේ සංකර සමාජයෙන් ඈත්ව පිහිටීම නිසාදෝ මේ ගම්මුන් තුළ ඇති අව්‍යාජ සිනහව ගම තවත් සුන්දර කරවයි. ගමේ බොහෝමයක් නිවෙස් තවමත් කටුමැට්ටෙන් ඉදිකර ඉලුක් මානා හෝ පිදුරු හෙවිල්ලූ නිවාසයන්ය.
මේ එකුදු නිවෙසකවත් ගෑස් හෝ විදුලි උදුන් භාවිත නොවන අතර, සියලු ඉවුම්පිහුම් කටයුතු සිදුවන්නේ දර ආධාරයෙනි. බොහෝ දෙනෙකු කුප්පි ලාම්පු එළියෙන් තවමත් අඳුර දුරු කරගන්නා අතර, නිවෙස් කිහිපයක පමණක් සූර්ය පැනල භාවිත කරන බව අපට අසන්නට ලැබිණි.

මෙම නිවෙස්වල ඇති මුළුතැන්ගෙයද අපූරු ස්ථානයකි. මෙම මුළුතැන්ගෙයි එක් පසෙක විශාල ප්‍රමාණයේ බඩඉරිඟු අටුවකි. ප්‍රධාන ජීවන මාර්ගය වන හේන් ගොවිතැනින් ලබාගන්නා බඩඉරිඟු, කුරහන් ආදිය අපූරු ක්‍රමයකට ඔවුහු මෙම අටුවල අසුරා තබා ඇති අයුරු අපට දැක ගන්නට ලැබිණි. ඊට යටින් පිහිටි දර ළිපෙන් නිකුත්වන දුම්වලින් නිරතුරුව පදම් වීම නිසා මෙම ධාන්‍ය වර්ගවලට ආවේණික රසයක් ලැබෙන බවද, ඊළඟ කන්නය උදාවන තෙක් ඒවා කල් තබා ගත හැකි බවද මේ ගම්මු පවසති.
බත් සහ ඉරිඟු තලප මොවුන්ගේ ප්‍රධානතම ආහාරය වන අතර, වී මෝල් හෝ ඇඹරුම් යන්ත්‍ර නැති මේ ගමේ ඒ සියල්ල සිදුවන්නේ වංගෙඩිය, මෝල් ගස හා මිරිස් ගල් ආධාරයෙනි. ගොවිතැන් සඳහා මොවුහු බොහෝ විට ස්වාභාවික ක්‍රම භවිත කරන අතර, කෘෂි රසායන පොහොර ආදිය භාවිත වන්නේ ඉතා සුළු වශයෙනි.

ප්ලාස්ටික් ඇතුළු කෘත්‍රිම ද්‍රව්‍ය භාවිතය ඉතා පහළ මට්ටමක පවතින අතර, නිවෙස්වල බොහෝ කටයුතු සඳහා යොදාගන්නේ රූස්ස කැලෑවේ ගහකොළ ආදියෙන් ලබාගන්නා කොළ, පොතු, වැල් ආදියයි.
නිවෙස් සඳහා සිමෙන්ති භාවිතයක් නොමැති අතර, බිත්තිවල මෙන්ම පොළොවේ ආලේප කර ඇත්තේද ගවයන්ගේ ගොම සමග මිශ්‍ර කළ මැටි වර්ගයන් හෝ මකුල්ල ආදී පස් වර්ගයන්ය.

නිවෙස් හා මිදුල් ඇමදීම සඳහා කැලෑවේ වැවෙන විවිධ පඳුරු වර්ග කපා එකට බැඳ මිටියක් සේ සාදාගෙන ඇති අතර, ජලය රැගෙන ඒම ආදී කටයුතු සඳහා පුවක් කොළවලින් තනාගත් ගොට්ට නමැති පැසක් උපයෝගී කර ගනී.
නිවෙස්වල රෙදි වැනීම සඳහා රෙදි වැල් තැනීමට යොදාගෙන ඇත්තේද වනයේ පොෙළාව මත පැතිර ගිය විවිධ වැල් වර්ගයන් හා ඒවා එක්කර ගොතා ගත් තේඩාවන්ය. ගවයන් දිගේලි කරනු ලබන්නේද කලවැල් නම් වූ වැල් වර්ගයක් උපයෝගී කර ගනිමිනි.
නිවසේ පරිහරණය සඳහා පොල් කොළ හා පන් වර්ග යොදා ගනිමින් සැකසූ වට්ටි, පෙට්ටි මෙන්ම පැදුරු හා මාගල් බහුලව භාවිත කරයි.
මේ ගමේ දරුවන්ට සෙල්ලම් කරන්නට ක්‍රීඩාපිටි හෝ වෙනත් පහසුකම් නැති අතර, ඔවුන්ගේ ක්‍රීඩාපිටිය බවට පත්ව ඇත්තේ අස්වනු කපා අවසන් කළ ගමේ වෙල් යායන්ය.
ඔරලෝසු, රූපවාහිනී යන්ත්‍ර, ගුවන්විදුලි යන්ත්‍ර ආදිය මේ ගමට ආගන්තුකය. ඉර නැගෙන්නට මොහොතකට පෙර දවස ඇරඹෙන බවත්, ඉර මුදුන් වන විට දවසේ අඩක් අවසන් බවත්, ඉර බැස යද්දී රාත්‍රිය උදාවන බවත් හැර මේ මිනිසුන්ට ඉන් එහා දෙයක් සිතා කටයුතු කරන්නට තරම් කාර්යබහුලත්වයක්ද නොමැත.
උදෑසන සිට සවස් වනතුරු මහපොෙළාවත් සමග උරෙන්උර ගැටී වැඩකරන මේ ගම්මු ගමේ තැන තැන ඇති සිහිල් දිය පිරි වතුර වළකින් හෝ පිහිල්ලකින් වතුර ටිකක් නාගෙන කුමක් හෝ කාබී වටෙන් ගොඩෙන් අඳුර වැටෙද්දී නින්දට යාම ඔවුන්ගේ දින චර්යාවේ ප්‍රධාන අංගයකි.
ගමේ කිහිපදෙනෙකු නිවසකට එක්වී ආගිය තොරතුරු කතා කිරීම, එකට එක්වී බුලත්විටක් කෑම ආදිය හැරුණු විට මේ ගම්මුන්ට පැවැරුණු වෙනත් විශේෂ රාජකාරි කිසිවක් නැති අතර, ඔවුන්ට ඇත්තේ ඉතා සීමිත වැඩ කොටසකි. ඒ නිසාම එකිනෙකා අතර රණ්ඩුසරුවල්, කෝන්තර පිරිමහගැනිලි වෙනුවට ඇත්තේ සාමූහිකත්වය, එකිනෙකාට උදව්කර ගැනීම, ගමම එක පවුලක් සේ ජීවත් වීම, අනෙකාගේ දුක සැප සොයා බැලීම ආදී ගුණාංගයන්ය.
රෙදිපිළි, දුරකථන, නවීන විලාසිතා, පාවහන්, ප්‍රවාහන සේවා, රැකීරක්ෂා, නවීන පහසුකම්, අන්තර්ජාල, මුහුණුපොත ආදී බොහෝ දේ ආගන්තුක වූ මේ ගම්මුන්ගෙන් අතිබහුතරය ඉඳහිට හෝ ප්‍රධාන මාර්ගයක් වෙත එන්නේ නම් ඒ ඉතා කලාතුරකිනි. ඒ බොහෝවිට ගමේ වෙද මහතාට සනීප කළ නොහැකි රෝගයක් සුවපත් කරගන්නට හෝ ලුණුමිරිස් ටිකක් රැගෙන යන්නටය.
මේ ගමට යන මාර්ගය දුෂ්කරය. බැලූ බැල්මට ඒකාකාරී දුෂ්කර ජනජීවිතයද නගරයේ අපට නීරසය. එහෙත් ගලමුදුන ගම්වාසීහු ලෝකයාගෙන් හුදකලා වී අදටත් මේ මහ වන මැද ගෙවන්නේ ඉතා චාම් සරල දිවිපෙවතකි.

මීගහකිවුල - එන්.කේ නිශ්ශංක

Weekend Travel With Prasa & Piyu පේජ් එකටත් ලයික් කරන්න ❤️








🌳❤️🌳Next 🌳❤️🌳Baker's bend❤️❤️❤️🌳🌳🌳
07/02/2024

🌳❤️🌳Next 🌳❤️🌳
Baker's bend
❤️❤️❤️
🌳🌳🌳

Address

Kottawa

Telephone

+94779774647

Website

Alerts

Be the first to know and let us send you an email when Weekend Travel With Prasa & Piyu posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Videos

Share