Travel Ronde

Travel Ronde එන්න... සොබාදහමේ අපූර්ව තැන් සොයායන රෝන්දයට 🇱🇰🍀

Happy birthday travel partner ❤️🎂🍰 Matheesha Ekanayake
09/01/2025

Happy birthday travel partner ❤️🎂🍰 Matheesha Ekanayake

මෙව්වා නම්.... 😂😂
07/01/2025

මෙව්වා නම්.... 😂😂

යමුද ලංකාවේ තියන සුපිරිම easy hike එකක්... ?🏃‍♂️‍➡️🏕️ බයික් එකේම උඩටම යන්නත් පුලුවන්... ⛺️Safe Camping 🛵🏍️Link එක පලවෙනි...
25/12/2024

යමුද ලංකාවේ තියන සුපිරිම easy hike එකක්... ?🏃‍♂️‍➡️🏕️ බයික් එකේම උඩටම යන්නත් පුලුවන්...
⛺️Safe Camping 🛵🏍️

Link එක පලවෙනි comment එකේ... 👇

14/12/2024

මීදුම වර්ෂාව කියන්නේ සොබාදම විඳින්නෙක්ට රසඳුනක්...🍀

දැක්ක ගමන් මතක් වෙන්න ඕනි තැන්... 😂
11/12/2024

දැක්ක ගමන් මතක් වෙන්න ඕනි තැන්... 😂

11/12/2024

බෝපත් ඇල්ල 🍀🇱🇰

සමහරක් වෙලාවට අපිට කෙලවෙන්නෙම ඒ වගේ තවත් හොඳ දෙයක් ලැබෙන්න වෙන්න පුලුවන්... මේ එහෙම උන සිද්දියක්. තුන්හිස්ගල ගමනේ දඩ කන්න ඉඳල අනූනවයෙන් බේරිලා ඉද්ඳි අහම්බෙන් වගේ කතාඋන ගමනක්, සූරියකන්ද.

යාලුවෝ ටිකත් සෙට් කරන් මහ පාන්දරම සූරියකන්ද පැත්තේ යන්න කතාවෙලා පිටත් උනා. පලවෙනි නැවතුම බෝපත් ඇල්ල.ඊටපස්සේ කිරින්ඳි ඇල්ල, ගොන්ගල. තුන්හිස්ගල වගේම කාලගුණයක් තියන පැත්තක් තමයි ගොන්ගල කියන්නෙ.

ඒ අතරමග අපේ පලමු නැවතුමේ කතාව මේ විදියට ගේන්න පුලුවන් උනා.

රත්නපුරේ තියන මේ බෝපත් ඇල්ල දෙස් විදෙස් නරඹන්නන්ගේ ආකර්ෂනය ලද මනස්කාන්ත දර්ශනයක්. නිවාඩු දවස් වලට සිය දස් ගනනක් මේ ඇල්ල බලන්න එනවා. ඉතිං මේ ඇල්ලට නම හැදිලා තියන්නේ ඉහලින් එන වතුර පාර බෝපත් හැටියට එකතු වෙලා වැටෙන නිසා ඒකට බෝපතක් වගේ කිව්ව කියලා තමා කටකතාව. කොහොම උනත් මේක ඔයා බලන්නම ඕනි තැනක්.

මේ දිය ඇල්ල ලොකු උසක්නම් නෑ. හැබැයි සැලකිය යුතු ලොකු වතුර පාරක්නම් වැටෙනවා. ඔයාලත් යනවනම් අවදානම් වැඩ කරන් නැතුව පරිස්සමට ගිහිල්ල බලලා එන්න.

ලින්ක් එක පලවෙනි comment එකේ තියනවා. 👇ඉතිං ඒකෙන් ගිහිල්ලා යූටියුබ් එකෙන් මේ වීඩියෝ එක වගේම අපේ අනිත් වීඩියෝ ටිකත් බලන්න පුලුවන්. 🌍

04/12/2024

ඔහිය කියන්නෙම හිත නිවන භාවනාවක් 🥺🍀
Sachith Bandara Minoru C Weerasekara Iresh Dammanthota Isuru B Ekanayaka

22/11/2024

රු 300/-ට යන්න පුලුවන් සෙම්බුවත්තේ Zip Line එක. 🙌

18/11/2024

හිත නිවන තැන්... 🇱🇰🤍
゚viralシ

Chasing dreams 🍀       ゚viralシ          .
18/11/2024

Chasing dreams 🍀
゚viralシ .

පෙරුම් පුරලා හරි යන්න ඕනි තැන් 🍀⛺️🐘අද අපේ ගමන ලකේගල පේන හොඳම ඉසව්වට. මේ ගමන පටන් ගත්තේ නාරන්ගමුව ගම්මානයෙන්. අපි මේ ගමන ...
14/11/2024

පෙරුම් පුරලා හරි යන්න ඕනි තැන් 🍀⛺️🐘

අද අපේ ගමන ලකේගල පේන හොඳම ඉසව්වට. මේ ගමන පටන් ගත්තේ නාරන්ගමුව ගම්මානයෙන්. අපි මේ ගමන ගියේ හැමෝම යන මීමුරේ ලකේගල පාරෙන් නම් නෙවෙයි. ඊට හාත්පසින්ම වෙනස් නාරන්ගමුව ගම මැදින් ගිහිල්ලා එලවළු කොරටුවක් අසලින් තැනිතලා, වැව් අමුණු තියන පාරකින්. මේ පාර සහ අමුණ ඉස්සර කාලේ භාවිතයට අරගෙන අත් හැර දාල තියන්නේ.

අපි ගමන පටන් ගත්තේ දම්මලාගේ දානේ ගෙදරින් දවල්ට සප්පායම් වෙලා. ගවරවිලෙන් සීතල වතුර ටිකකුත් ඇති පදම් නාගෙන. අපේ උදව්වට අපි කියන්නෙත් නැතිව ආදරෙන් කරුණාවෙන් අපිත් එක්ක ආවේ කිරි මාමා.

මාර දැනුම් සම්භාරයක් තියන මනුස්සයෙක්. ගහකොල සතා සිවුපාවා බේත් හේත් මේ හැමදේම ගැන අවබෝධයක් එයාට තිබුනා.

අපි මාතලාගල උඩට යනකොට හොඳටම හවස් උනා. අපේ අලුත්ම ලන්තෑරුම අපිට මුලු රෑ මුලුල්ලේ දැල්වෙමින් ආලෝකය දුන්නා විතරක් නෙවේ එතනට එන්න පුලුවන් සත්තුන්ගෙනුත් අපිව ආරක්ෂා කලා.

ලන්තෑරුම් හා ටෝච් එලියෙන් ටෙන්ට් එක දිගෑරගෙන රෑ කෑම හදාගෙන කාල සින්දුවකුත් අහලා නින්දට වැටුනා. ගල් වලින් වට කරලා හදාගත්තු ගිනිමැලේ අපේ සීතල මකන්න උදේ වෙනකම් දැල්වෙමින් තිබුනා. හැබැයි පින්නත් එක්ක උදේ ගොඩක් දුරට නිවිලා තිබුනේ.

ඉතිං පහුවදා උදේම කිරි මාමා ආපහු අනිත් පාරෙන් පල්ලෙහාට ගිලිල්ලා තෙලිජ්ජ බෝතලයක් ගෙනල්ල තිබුනා. මාලු කෑල්ලක් මුරුක්කු කෑල්ලක් එක්ක රා කෝප්පයක් සප්පායම් වෙලා මාතලාගල අවට සිරි නරඹලා එන්න පිටත් උනා. ඉතිං සම්පූර්ණ වීඩියෝව ඔයාට මේ හැමදේම කියයි. කම්මැලිකමට ඉන්න වෙලාවක මේක බලන්න. ඔයාටත් මේ අත්දැකීම විඳගන්න.අනිවාර්යයෙන්ම මේ ගමනට ඔයා ආස වෙයි.
ලින් එක පලවෙනි comment එකේ තියනවා.

ඔබට ජය.
Isuru Ekanayaka
Travel Ronde අපි. ⛺️🤍

Address

Matale

Website

Alerts

Be the first to know and let us send you an email when Travel Ronde posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Videos

Share