API මාලිමා Travel Team

API මාලිමා Travel Team සීමා නොමැති සිහින සොයා යන සොදුරු සංචාරකයෝ
(5)

❤️
25/05/2024

❤️

සීමා නොමැති සිහින සොයා යන සොදුරු සංචාරය ❣
මාලිමා Team 🇱🇰
🍁🍃🌿🥀🌾🌴🍂

මිහිපිට දිව්‍ය ලෝකයක් සුන්දර  පන්සලක්‌ 🤍🌼(බස් එකේ එකේ යන්න ඉන්න අය වැදගත් වෙයි )🌈☘️🌻🍂🌿🏞️කහටරුප්ප ගලමුදුන ශ්‍රී සම්බුද්ධා...
26/10/2023

මිහිපිට දිව්‍ය ලෝකයක් සුන්දර පන්සලක්‌ 🤍🌼
(බස් එකේ එකේ යන්න ඉන්න අය වැදගත් වෙයි )
🌈☘️🌻🍂🌿🏞️

කහටරුප්ප ගලමුදුන ශ්‍රී සම්බුද්ධාලෝක විහාරය
G A L A M U D U N A T E M P L E 👣🍂🌷🌿

බදුල්ලේ ටවුන් එකේ ඉදන් යන විදිය.

බදුල්ල ඉදන් කහටරුප්ප බස් එකේ හරි පලාවත්ත බස් එකේ හරි ගලමුදුන විහාරයට යන්න පුළුවන්.
පලාවත්ත බස් එකේ ගියොත් පයින් යන්න ඕන දුර අඩුයි. හැබැයි පලාවත්ත බස් එක වෙලාවෙන් වෙලාවට තියෙන්නේ.

බදුල්ල සිට කහටරුප්ප හන්දියට ඇවිත් එතනින් තවත් 4km දුරක් පැමිණෙන විට විහාරයට ලගාවිය හැක.
විහාරස්ථානය ඉදිරියෙන් මඩොල්සිම වගේම ලංකාවේ අඩුවෙන්ම හිරු එළිය පතිත වන කොහොනාවල ගම්මානය ද දැකගන්න පුලුවන්.

විහාරයට යන 4km මාර්ගයද අබලන් වී ඇති නිසා ත්‍රීවීල් බයික් හෝ 4වීල් වාහනයකින් පමණක් මෙතනට ලගා විය හැක.

ගොඩක් අය නිදහසේ ඉන්න නිස්කලංක පරිසරය අත් විදින්න මෙතනට යනවා.
ලස්සන පන්සලක්‌.
ලස්සන පරිසරයක්.

📷📝

Galamuduna Temple ☸️ 🍃

Galamuduna Temple is located in the Kahatharuppa area in the Badulla District. Its a calm and peaceful environment. A good place to do meditation. You can enjoy a good view of the mountains

සීමා නොමැති සිහින සොයා යන සංචාරය🐾
ාලිමා_Travel_Team❣🍃🍂

දෙපා රිදවන ගල් බොරළු උගන්නාවි ජිවීතය ඔබට ❣ #ගලමුදුන,කිණිහිරය..සීමා නොමැති සිහින සොයා යන සොඳුරු සංචාරය🐾 ාලිමා_Travel_Team...
20/10/2023

දෙපා රිදවන ගල් බොරළු උගන්නාවි ජිවීතය ඔබට ❣
#ගලමුදුන,කිණිහිරය..

සීමා නොමැති සිහින සොයා යන සොඳුරු සංචාරය🐾
ාලිමා_Travel_Team🍃🌾🍃

- කොල පාටට මම හරි ආදරෙයි - 🍃🌿🍀🌱🥀සීමා නොමැති සිහින සොයා යන සොඳුරු සංචාරය🐾🐾 ාලිමා_Travel_Team🌾🍃
18/10/2023

- කොල පාටට මම හරි ආදරෙයි - 🍃🌿🍀🌱🥀

සීමා නොමැති සිහින සොයා යන සොඳුරු සංචාරය🐾🐾
ාලිමා_Travel_Team🌾🍃

මේ නම් දෙවියන්ටම වෙන් වූ වාරයක්මයි❤🙏🙏🙏උතුම් ශ්‍රී පාදය 💛📷 ude shi...සීමා නොමැති සිහින සොයා යන සොඳුරු සංචාරය🐾🐾 ාලිමා_Trav...
14/10/2023

මේ නම් දෙවියන්ටම වෙන් වූ වාරයක්මයි❤🙏🙏🙏
උතුම් ශ්‍රී පාදය 💛

📷 ude shi...

සීමා නොමැති සිහින සොයා යන සොඳුරු සංචාරය🐾🐾
ාලිමා_Travel_Team🌾

- "කලුගල ආරණ්‍ය සේනාසනය" හිත නිවාගන්න හොදම තැනක් 💚🙏🙏🙏ජායාරූප මුල් හිමිකරුවන් සතුයි..සීමා නොමැති සිහින සොයා යන සොඳුරු සංච...
11/10/2023

- "කලුගල ආරණ්‍ය සේනාසනය" හිත නිවාගන්න හොදම තැනක් 💚🙏🙏🙏

ජායාරූප මුල් හිමිකරුවන් සතුයි..

සීමා නොමැති සිහින සොයා යන සොඳුරු සංචාරය🐾
ාලිමා_Travel_Team🥀

ජීවිතේ කියන්නෙ ලස්සනම ලස්සන චාරිකාවක්🥀සීමා නොමැති සිහින සොයා යන සොඳුරු සංචාරය🐾 ාලිමා_Travel_Team🌿
08/10/2023

ජීවිතේ කියන්නෙ ලස්සනම ලස්සන චාරිකාවක්🥀

සීමා නොමැති සිහින සොයා යන සොඳුරු සංචාරය🐾
ාලිමා_Travel_Team🌿

Sri Pada via Deraniyagala- Udamaliboda Trail  👣🌳⛈🐘🐆🍃______________________________________උඩමාලිබොඩ  වනගත මාර්ගයෙන් අවාර...
05/10/2023

Sri Pada via Deraniyagala- Udamaliboda Trail 👣🌳⛈🐘🐆🍃
______________________________________

උඩමාලිබොඩ වනගත මාර්ගයෙන් අවාරේ සිරිපා කරුණාව 🙏

මේ වතාවේ අවාරේ ගමන මහ වනන්තරේ තියන සුන්දරත්වය වගේම බිහිසුණු බව හොඳින්ම අත්විඳි ගමනක්. සිරිපා කරුණාකරන්න තියන වනගත මාර්ග වලින් එක් දුෂ්කරම මාර්ගයක් විදිහට සැලෙකෙන උඩමාලිබොඩ කැලෑ පාර අවාරේ ගමන් කරන කෙනෙක්ට අමුතුම අත්දැකීමක්. අඩවියේ මහා වනාන්තරය මැදින් ඇදෙන ගමන තරමක් බයංකර වන්නේ මනුෂ්‍ය පුළුටක් පේන්න නොමැති මහා වනය මැදින් ගමන් කිරීමට සිදුවීම නිසාය. පංදෙනිය ඔය අසලින් වනාන්තරයට විවර වෙන මේ ගමන අතරතුර මාගල් ගඟ, මහ ඔය සහ කුරුගඟ ඇතුලු සැලකිය යුතු ප්‍රමාණයක් දොල පාරවල් හමුවීම අනෙකුත් මාර්ග වලට වලට වඩා ඇති විශේශත්වයක්. කූඩලු ප්‍රහාර වලින් අඩුවක් නැති මේ ගමන
අඩුම වශයෙන් පැය 12ක් වත් වැය වෙන දීර්ඝතර ගමනකි.

මාලිබොඩ මාර්ගය සම්බන්ධ වන්නේ කුරුවිට එරත්න මාර්ගයේ මැද හරියකට. එතැනින් ඉහලට නැගගොස් රත්නපුර මාර්ගයට සම්බන්ධ වෙනවා.
උදෑසනම උඩමාලිබොඩින් පටන් ගැනීම සිදු නොකළහොත් ගමන අපහසු වෙනවා මෙන්ම පලවෙනි දවස තුලම කොරසනෙලුව පසුකොට මැදහින්න වෙත ගමන් කිරීමට හැකි උනොත් වනාන්තරය මැද නතර වීමේ ඇති අවධානම මග හරවා ගත හැකි. මක් නිසාද යත්, කළුවර වැටෙන්නට මත්තෙන් මහා වනයෙන් එලියට යන්නට නොහැකි වුවොත් අනෙක් මාර්ග වල මෙන් නිවැරදි ව සලකුණු කරන ලද සටහන් මෙම මාර්ගයේ නැති නිසාවෙන්.

මහා වනාන්තරය පිලිබඳව ඉතා හොඳ අවබෝධයකින් සහ විමසිල්ලෙන් ගමන් ගන්නා අත්දැකීම් වලින් හෙබි නඩයකට ඒ ගුප්ත පරිසරය මැදින් කෙරෙන මේ කරුණාව තවත් එක් අද්විතීය අත්දැකීමක් වනු ඇත.
__________________________________

පා සටහන් පමනක් ඉතිරි කර මතකයන් සහ රැගෙන යන සියලු දේවල් නැවත රැගෙන එන්න.

_KIRA ✍️_
:
:
:
Kirage Hakkalama

https://youtube.com/?si=FXz6dlEOVtjyBmeD

සීමා නොමැති සිහින සොයා යන සොඳුරු සංචාරය🐾
ාලිමා_Travel_Team🌾

-එක පාරක් හරි යන්න ඕනි ලස්සන තැනක් 🍃 #සූරියකන්ද❤Photo credit goes to original photographerසීමා නොමැති සිහින සොයා යන සොඳු...
01/10/2023

-එක පාරක් හරි යන්න ඕනි ලස්සන තැනක් 🍃
#සූරියකන්ද❤

Photo credit goes to original photographer

සීමා නොමැති සිහින සොයා යන සොඳුරු සංචාරය🐾
ාලිමා_Travel_Team ✌

මහා වැසි මීදූම් මැදින් ආවාරයේ සිරිපා කරුණාව..🍃🌻📸 Pasindu Dilankaසීමා නොමැති සිහින සොයා යන සොඳුරු සංචාරය 🐾 ාලිමා_Travel_T...
29/09/2023

මහා වැසි මීදූම් මැදින් ආවාරයේ සිරිපා කරුණාව..🍃🌻

📸 Pasindu Dilanka

සීමා නොමැති සිහින සොයා යන සොඳුරු සංචාරය 🐾
ාලිමා_Travel_Team 🍂

ගහක තියන වටිනාකම...🌱🍃🐾සීමා නොමැති සිහින සොයා යන සොඳුරු සංචාරය🐾     ාලිමා_Travel_Team 🍂
12/03/2023

ගහක තියන වටිනාකම...🌱🍃

🐾සීමා නොමැති සිහින සොයා යන සොඳුරු සංචාරය🐾
ාලිමා_Travel_Team 🍂

- ලංකාවේ සංවේදීම පරිසර පද්ධතියක් වන  "හෝටන් තැන්නේ සුන්දරත්වය " ☘️🌸💫🙏🌻Photo credit goes to original photographerසීමා නොම...
02/03/2023

- ලංකාවේ සංවේදීම පරිසර පද්ධතියක් වන "හෝටන් තැන්නේ සුන්දරත්වය " ☘️🌸💫🙏🌻
Photo credit goes to original photographer

සීමා නොමැති සිහින සොයා යන සොඳුරු සංචාරය 🐾
ාලිමා_Travel_Team ❣

 #බුලත්කොහුපිටියේ දියඇලි පාරාදීසය සුන්දර "දේදුගල"කොළඹ සිට කරවනැල්ල හරහා බුලත්කොහුපිටියට දුර කිලෝමීටර 84ක්. එහෙම  නැත්නම්...
20/02/2023

#බුලත්කොහුපිටියේ දියඇලි පාරාදීසය සුන්දර "දේදුගල"
කොළඹ සිට කරවනැල්ල හරහා බුලත්කොහුපිටියට දුර කිලෝමීටර 84ක්. එහෙම නැත්නම් කොළඹ ඉඳන් කෑගල්ලට ඇවිත් (කි. මි. 78) එතැනින් බුලත්කොහුපිටියට යන්නත් (කි. මී. 25) පුළුවන්. කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් බුලත්කොහුපිටියට ප්‍රා. ලේ. කොට්ටාසය ඉතා සුන්දර කඳුකර අත්දැකීම් විඳගත හැකි පෙදෙසක්. මෙය එක් පසෙකින් මායිම් වන්නේ මහනුවර දිස්ත්‍රික්කයට යි. දේදුගල හා පැලැම්පිටිය ගම්වලින් තමයි එය මහනුවරට මායිම් වන්නේ. ප්‍රදේශයේ උසම ස්ථානය වන උඩපැලැම්පිටිය මුහුද මට්ටමින් අඩි 4000ක් උස යි. එය නිතර මිහිදුමින් බර සිසිල් පෙදෙසක්. බුලත්කොහුපිටිය සිට දේදුගල, පැලම්පිටිය හරහා නාවලපිටියට යන මාර්ගයක් වැටී තිබෙනවා. නමුන් මේ පාරේ මෝටර් රථ වැනි වාහනයකට යා හැක්කේ උඩපැලැම්පිටිය දක්වා පමණ යි. මෙය සුන්දරම දර්ශන සහිත පාරවල්වලින් එකක්. බුලත්කොහුපිටිය සිට දේදුගලට යනකන් කි. මී. 20ක් දුරට තිබෙන මාර්ගය පටු වුවත් කාපට් අතුරා සකස් කර තිබෙනවා. දේදුගල සිට පැලැම්පිටියට තවත් කි. මී. 7ක් කඳු නැගිය යුතු යි. මේ සෑම මාර්ගයක්ම වැලමිටි වංගුවලින් පිරිලා. ඒ අතරතුර දිය ඇලි ගණනාවකුත් දකින්න පුළුවන්. කොළඹ සිට පැමිණ එක් දිනක් තුළ මේ අවට පිහිටි දියඇලි සියල්ලම දැකගැනීමට හැකිවීමත් සංචාරකයන්ට විශේෂ වාසියක්.

- 📷 credit goes to original photographer

සීමා නොමැති සිහින සොයා යන සොඳුරු සංචාරය🌾
ාලිමා_Travel_Team🐾

Kithulgala to Colombo Kayaking Journey 🚣🏞🌳🍃💀ගඟ දිගේ ...කිතුල්ගල සිට කොලඹට කි.මී 85 ක් 🚣_________________________________...
16/11/2022

Kithulgala to Colombo Kayaking Journey 🚣🏞🌳🍃💀

ගඟ දිගේ ...
කිතුල්ගල සිට කොලඹට කි.මී 85 ක් 🚣
______________________________________

Adventure Tourism කියන Niche Market එකට තවමත් අඩමානෙට හුරු උන සංචාරක කර්මාන්තයක් මැද තියන නමුත් , අපේ ලංකාව කියන්නේ සංචාරය තමන්ගෙ විදිහ කරගත්ත අයට හරි වටින තැනක්.

දින තුනක් පුරාවට, කිතුල්ගල සිට කොළඹට ගිය 85Km ක Kayaking ගමන අත්දැකීම් ගොඩක් පිරුනු Journey එකක්. කිතුල්ගලින් පටන් ගත්ත ගමනේ කරවනැල්ල, අවිස්සාවෙල්ල, පූගොඩ, කඩුවෙල කියන ප්‍රධාන නගර පහු කරන් එනකොට එකතු කරගත්‍ත දේවල් ගොඩයි. ගම්මාන මැද්දෙන් අපේ Kayak ටික ඇදෙද්දි ලස්සන හිනාවකින් අපිට සංග්‍රහ කරපු ගම්වල මිනිස්සු, වැලි ගොඩ දාන මිනිස්සු, අලි නාවන තැන් වගේම පංසල් වලින් හමු උන පොඩි හාමුදුරුවරු අපිට ලස්සන මතක ටිකක් එකතු කලා. ඒ වගේම ඒ අය මෙ අත්දැකීම ගන්න ආස උනා.

පාරිසරිකව ගත්තොත් කිතුල්ගල ඉඳලා කොලඹට ලං වෙද්දි ඒ ජල පද්ධතිය කොයිතරම් වෙනසකට ලක් වෙනවද කියන එක අපි දැක්කා. කිතුල්ගල අවට වතුරට පැනලා, නාලා කරලා පිරිසිදු වාතයයි පිරිසිදු වතුරයි භුක්ති වින්ද අපිට කොලඹට කිට්ටු වෙද්දි අපවිත්‍ර වතුර වගේම ඒ දුගඳටත් හුරු වෙන්න උනා. ඉතින් මේ කැලණි ගංගාවම නගරාසන්න වෙද්දි මීට වඩා පිරිසිදුව තියාගන්න කටයුතු කරන එක අවශ්‍යම දෙයක් විදිහටයි අපි දැක්කෙ.

ශාරිරික වගේම මානසික සැහැල්ලුව කියන්නෙ අපි කවුරුත් බලාපොරොත්තු වෙන දෙයක්. මේ එළිමහනේ Kayaking එකකින් ගත කරන කාලය අරන් එන මානසික හා ශාරීරික යෝග්‍යතාව කියන දේ බොහොම වටින දෙයක්. සොබාදහම මැද ජීවත් වෙන එක විනෝදජනක දෙයක් විතරක්ම නෙවෙයි. සමස්තයක් විදිහට ගත්තොත් Kayaking කියලා කියන්නෙ සමස්ත මානසික සෞඛ්‍ය වැඩි දියුණු කරන්න පුලුවන් Adventure Activity එකක්. පුද්ගලයෙක්ගෙ Focus එක වගේම ආත්ම විශ්වාසය හදන්න පුලුවන් දෙයක්. ඒක ලස්සනට කරන්න support එක දෙන ගමන් සගයෙක් එක්ක මේ ගමන යන්න ලැබුනු එක ලොකු සතුටක්. Marvel Sri Lanka
Rox Ishanකියන්නෙ වෙනම ලෙවල් එකක්. Tourism වලට හොඳම තෝතැන්නක් උන ලංකාව අපිට ජාත්‍යන්තරයට අරන් යන්න අනිවාර්‍යෙන් පුලුවන්.
:

- KIRA - ✍️
-supun chathuranga-

Drone oparatior Sankalpa Bandara 🖤

සීමා නොමැති සිහින සොයා යන සොඳුරු සංචාරය 🌾
ාලිමා_Travel_Team 🐾

🛑 දෙන්නම් සැප වීඩියෝ එකෙන්,ඉස්සර්හට හම්බෙමු. Kirage Hakkalama Subscribe කරලා තියාගන්න 👇

https://youtube.com/channel/UCqtbuE-a7RbRDp_0JYvFrEg

Arathna trail to Adam' Peak in 1960'.   Credit to Charlie Joseph..සීමා නොමැති සිහින සොයා යන සොඳුරු සංචාරය 🌾 ාලිමා_Travel...
09/10/2022

Arathna trail to Adam' Peak in 1960'.
Credit to Charlie Joseph..

සීමා නොමැති සිහින සොයා යන සොඳුරු සංචාරය 🌾
ාලිමා_Travel_Team 💕

- ආසියාවේ මෙන්ම ලංකාවේ අත්හැර දැමුණු කුඩාම ගම ලෙස සැලකෙන, අතිශයින්ම සුන්දර ගමක් වන නකල්ස් මායිමේ ඇති  වල්පොලමුල්ල | Walp...
06/10/2022

- ආසියාවේ මෙන්ම ලංකාවේ අත්හැර දැමුණු කුඩාම ගම ලෙස සැලකෙන, අතිශයින්ම සුන්දර ගමක් වන නකල්ස් මායිමේ ඇති වල්පොලමුල්ල | Walpolamulla. ⛰🌸🦌🌺🌈❤️

ශ්‍රී ලංකාවේ කුඩාම ගම් ලැයිස්තුව තුළ මුලින්ම තියන ගම්මානයක් තමයි වල්පොලමුල්ල ..සමහර දත්ත වාර්තා වලට අනුව , සහ විවිධ මුලාශ්‍රවල සඳහන් වන්නේ වර්තමානයේ මිනිස් වාසයකින් තොර අතහැර දමා ඇති ශ්‍රී ලංකාවේ මෙන්ම ආසියාවේම කුඩාම ගම්මානය වල්පොලමුල්ල බවයි. මාතලේ දිස්ත්‍රික්කයේ සංචාරය කරන ගොඩක් සංචාරකයින් මාතලේ සහ රිවර්ස්ටන් පුරා ඇවිද්දත් ඒ හුඟ දෙනෙක්ටම මඟ හැරෙන තැනක් තමයි මේ ගම්මානය. මේක පිහිටලා තියෙන්නේ දුම්බර මිටියාවතේ නකල්ස් රක්ෂිතය තුල වීමද විශේෂත්වයක්.

මාතලේ ඉදන් රත්තොට පාරේ ගිහින් රිවර්ස්ටන් සහ පිටවල පතන පහු කරලා ඉලුක්කුඹුර පාරේ යනකොට මේ සුන්දර ගමට යන්න පිවිසෙන ඇටන්වල ගම්මානය හමු වෙනවා මේ ගමට යන මාර්ගය තරමක් දුෂ්කර මාර්ගයක් කිසිදු ප්‍රවාහන පහසුකමක් නොමැතිව කිලෝමීටර් හතරක පමණ දුරක් අති දුෂ්කර කැලෑ මාර්ගයක් තුලින් පයින් ගිහින් තමයි මේ ගමට පිවිසෙන්න පුලුවන්. මේ ගම්මානයට ප්‍රවාහන පහසුකම් වල දුෂ්කරතාව සහ වන අලි , වන සතුන්ගෙන් සිදුවුන කරදර හිරිහැර වගේම ජලය ප්‍රශ්නය යන ගැටළු හේතුවෙන් මෙහි ජීවත් වූ සීමිත පවුල් ගණන මෙම ගම අතහැර දමා ගොස් තිබෙනවා ..දැන‍‍ට මේ ගමේ අවුරුදු ගාණකින් වගා නොකළ පුරන්වූ කුඹුරු යායක් සහ නිවසක් සහ තවත් නටඹුන් කිහිපයක් පමණක් ඉතිරිව තිබෙනවා.

අතිශ්‍යය මනරම් දුම්බර කඳු යායට මුහුණලා නකල්ස් රක්ෂිතයේ දුම්බර මිටියාවත තුළ පිහිටා ඇති මේ ගම්මානය ඉතා සුන්දර දර්ශන පෙළකට හිමිකම් කියනවා. එක් පසෙකින් යෝධයන් සේ නැගී සිට පෙනෙන තෙක් මානයට දිස්වෙන දුම්බර කඳු වළල්ලත් ඒ කඳු අතරින් කැලේ මැද ඇද හැලෙමින් විටින් විට සැඟවී යලි ඇද හැලෙන මනරම් දුම්බර දිය ඇලිත් මෙම සුන්දර ගම්මානය තුලදී ඈතින් පෙනෙන තෙක්මානය පුරාවටම දැකගත හැකිවනවා.

වල්පොලමුල්ල ගම ශ්‍රී ලංකාවේ පමණක් නොව ආසියාවේම කුඩාම ගම කියලත් සමහර මූලාශ්‍ර වල සඳහන් වනවා, එහි නිවරදි තාවය පිළිබදව යමක් සඳහන් කල නොහැකියි. කෙසේ වෙතත් වර්තමානයේ මෙය ශ්‍රී ලංකාව තුල මිනිස් වාසයකින් තොර කුඩාම ගම විදියට තමයි සඳහන් වන්නේ. දුෂ්කර ගම්මානයත් වුවත් මිනිසුන් වාසය කරන කලයේ මෙම ගම්මානය බත, බුලතින් සරුසාර ගමක් විදියට තමයි සැලකෙන්නෙ. දුම්බර මිටියාවතේ තවත් ලස්සන කඳු පන්ති, දිය ඇලි, ගල් ගුහා මේ කිට්ටුව පිහිටලා තියෙනවා. මානිගල කන්දත් පිහිටලා තියෙන්නේ මේ ගමට කිට්ටුව.

අවසානයේ මේ ගමට ගියාට පස්සේ මට මතක් වුනේ මෙන්න මේ ලස්සන සිංදුව.

"දුම්බර මිටියාවත පැත්තේ
සුන්දර ගම්මානෙක මැද්දේ
අන්දර වැට ගාවයි උන්නේ
ගින්දර වාගෙයි සිත ගත්තේ"

සටහන සහ ජායාරූප අන්තර්ජාලයෙන්...

සීමා නොමැති සිහින සොයා යන සොඳුරු සංචාරය 🍂
ාලිමා_Travel_Team🇱🇰

එනසාල් කැලේ මැදින් තුන්හිස්ගල සොයා දුම්බර මිටියාවතට 🌳🍃⛰====================================🛑 Vedio එක හෙට හවස 6.00 ට. Su...
24/09/2022

එනසාල් කැලේ මැදින් තුන්හිස්ගල සොයා දුම්බර මිටියාවතට 🌳🍃⛰
====================================

🛑 Vedio එක හෙට හවස 6.00 ට. Subscribe කරලා තියාගන්න 👇

https://youtube.com/channel/UCqtbuE-a7RbRDp_0JYvFrEg
_____________________________________

දුම්බර මිටියාවත කියන්නෙම ලංකාවට සොබාදහමෙන් දීලා තියන සුන්දරම වස්තුවක් වගේම හරි අපූරු කතාන්දර ගොඩක් එක්ක බැඳුනු පාරාදීසයක්. නකල්ස් වනපෙතේ තියන ඇහැට සනීප වෙනම ලෝකයක් හොයාගෙන කිරා මේ පාර හක්කලම් කරා තුන්හිස්ගලට.

මහනුවර ඉඳලා වත්තෙගමට ඇවිත් ලෙබනන් වතුයාය හරහා බඹරඇල්ලට සේන්දු වෙලා තමයි මේ ගමන යන්න ඕනේ. රත්නගිරිය වත්ත කෙළවරින් නකල්ස් වන රක්ශිතයට ඇතුල් වෙලා තුන්හිස්ගල තරණය කරන මේ ගමන මාතලේ සහ නුවර දිස්ත්‍රික්ක දෙකේ ස්වභාවික සීමාව තුල යන ගමනක්. මේ දුම්බර මිටියාවතේ තුන්හිසගල කියන්නෙ වැඩිය මිනිස් පයට හසු නොවුනු එක්තරා සංවේදී පරිසර කලාපයක්. කිලෝමීටර් හතහාමරක් පමණ ජෛව විවිධත්වයෙන් පිරුනු ඒ පරිසරය මැදින් KMP වාඩිය බලාගෙන අපි ඇදුනෙ එක්තරා චරිතයක් දැක බලා ගැනීමේ නොඉවසිල්ලෙන්. මොකද අපි දැනගෙන හිටිය විදිහටම මේ වාඩිය පිටිපස්සෙ තිබ්බ ලස්සන කතාවත් එක්ක අපිට තිබ්බා අපූරු කුතුහලයක්.

වෙහෙසකර ගමනකින් පස්සෙ KMP වාඩියට ලඟා උනේ මග දිගට හම්බුනු වෙද ගොටුකොල, මඩුකොකු ටිකකුත් කාඩෙගන අරන් ආපු අඩුම කුඩුම ටිකත් එක්ක සැරට උයලා හොඳට සප්පායම් වෙන්න බලන්. මහතුන් මමා හරි සරල සුන්දර හිනාවකින් අපිව පිලි අරන් අපිට එයාගේ මුලුතැන්ගෙය පදිංචියටම දුන්නා. ගමක් , තමන්ගෙ කියලා කෙනෙක් ලඟ පාතක නැතුව කිලෝමීටර් ගානක් කැලේ මැද තනියෙන් ගෙවෙන ඒ ජීවිතේ කොයිතරම් සැහැල්ලුද කියලත් හිතුනා. KMP වාඩියට අමතරව සම්පූර්ණයෙන් නටබුන්ව ගිය හේමචන්ද්‍ර වාඩිය හා තවත් වාඩි කීපයක්ම මේ ඉසව්වේ බලාගන්න පුලුවන්. අටුවාටිකා ඒ ගැන නොලියන්නේ හක්කලමේ වීඩියෝවේ විස්තරේම තියන නිසා.

පසුදා උදෙන්ම අපි තුන්හිස්ගල බලා පිටත් උනා. වාඩියේ ඉඳලා කිලෝමීටර් 4ක් වගේ දුරක් යන්න ඕනා තුන්හිස්ගල කඳු මුදුනට. එනසාල් කැලේ පහුකරන් ඝන කැලෙත් මැද අඩි පාර දිගේ ගමන් ගත්තා. හෙමින් හෙමින් මීදුම් මැද්දෙන් අහසට යන පාරක් වගේ පේන කඳු මුදුන දිගේ යද්දි හරිම වර්ණවත් පරිසරයක් අපිට දකින්න පුලුවන් උනේ. මුදුනට ලං වෙන්න වෙන්නම තිබුනෙ කුරු ගස්. වචනෙ පරිසමාප්තියෙන්ම ගෙදර ගෙන්න හිතෙන තරමේ පාට පාට හුරුබුහුටි ගස්. කඳු මුදුනෙ ගැට්ටටම ලඟා උනාට පස්සෙ මීටර් 4ක් වගේ උස ශාක ව්‍යාප්තියක් දැකගන්න පුලුවන්. එතනින් අවතීර්න වෙන විවෘත ප්‍රදේශයට හාත්පස පරිසරය ලස්සනට බලාගන්න පුලුවන්.
පැති තුනකින් මධ්‍යගතව ඉහලට එසවී තිබෙන නිසාවෙන් මේ නම ලැබුනු බව කියවෙනවා. කුරු ගස් තිබෙන ගමන් මඟ ඔස්සේ කන්දේ හිස් තුන හමු වන තැන දක්වා ගමන් කළ හැකි නමුත් ඒ ගමන පරෙස්සමින් කළ යුතු අවධානම් සහගත ගමනක්.

කඳු මුදුනේ ඉඳලා ලකේගල, නකල්ස් කඳු පහ, ගොම්බානිය සහ අනෙකුත් බොහෝ කඳු මුදුන් පැහැදිලිවම දැකගත හැකියි. වෙනත් කඳු පංති වලට වඩා වෙනස්ම පෙනුමක් ගන්න මේ තුන්හිස්මුදුන අනිවාර්‍යෙන් සංචාරකයින්ට නැවුම් අත්දැකීමක්.

-----------------------------------------

පා සටහන් පමනක් ඉතිරි කර මතකයන් සහ රැගෙන යන සියලු දේවල් නැවත රැගෙන එන්න.

|පරිසරයේ සුන්දරත්වය විඳගත් ලෙසින්ම එයට කලගුණ සැලකීමට ත් අපි නිහතමානී වෙමු.

✍️ -KIRA-
📸

🐾සීමා නොමැති සිහින සොයා යන සොඳුරු සංචාරය 🐾
ාලිමා_Travel_Team 🍂

මාතලේ 𝕞𝕒𝕥𝕙𝕒𝕝𝕖සුන්දරත්වයෙන් පිරි ඇල්කඩුව 💚📷 මුල් හිමිකරුවන් සතුයි❣🍂සීමා නොමැති සිහින සොයා යන සොඳුරු සංචාරය 🍂      ාලිමා_𝕋...
21/07/2022

මාතලේ 𝕞𝕒𝕥𝕙𝕒𝕝𝕖
සුන්දරත්වයෙන් පිරි ඇල්කඩුව 💚

📷 මුල් හිමිකරුවන් සතුයි❣

🍂සීමා නොමැති සිහින සොයා යන සොඳුරු සංචාරය 🍂
ාලිමා_𝕋𝕣𝕒𝕧𝕖𝕝_𝕋𝕖𝕒𝕞🐾

2017 වර්ෂයේ සම්මාන දිනූ කොමඩි ඡායාරූප තමයි මේ...🙊😍🧡🕸සීමා නොමැති සිහින සොයා යන සොඳුරු සංචාරය 🕸             ාලිමා_Travel_T...
03/07/2022

2017 වර්ෂයේ සම්මාන දිනූ කොමඩි ඡායාරූප තමයි මේ...🙊😍🧡

🕸සීමා නොමැති සිහින සොයා යන සොඳුරු සංචාරය 🕸
ාලිමා_Travel_Team🐾🐾

බතලේගලට දෙවෙනි වූ- දෙවනගල🌱🍃🎋☸️Devanagala🙏🍃🎋🌱අද අපි කතා කරන්නේ ඓතිහාසික දෙවනගල මත පිහිටි දෙවනගල රජමහාවිහාරය සහ ඒ අවට පුරා...
01/07/2022

බතලේගලට දෙවෙනි වූ- දෙවනගල🌱🍃🎋☸️
Devanagala🙏🍃🎋🌱

අද අපි කතා කරන්නේ ඓතිහාසික දෙවනගල මත පිහිටි දෙවනගල රජමහාවිහාරය සහ ඒ අවට පුරාවිද්‍යා වටිනාකම ගැනයි..

ඒ නමින් දෙවනගල රජමහා විහාරයයී..

නුවරට ආපු අපි ආපහු ගෙදර එද්දී මාවනැල්ලේදි තමා දෙවනගල බලන්න ‍යන්න ආස හිතුනේ...

මොකක්ද මේ දෙවනගල..

මේ අවටම තමා බතලේගල කන්ද තියෙන්නෙත් ඉතින් බතලේගලට දෙවනි වූ ගල මෙය නිසාත් දැඩිමුණ්ඩ දෙවියන් දෙවන වරට වැඩි ගල නිසාත් මෙම ගල දෙවනගල ලෙස ප්‍රචලිත වූ බවයි ජනප්‍රවාදයේ සදහන් වන්නේ...

ප්‍රාග් ඓතිහාසික යුගයට අයත් සාධක හමුවූ දෙවනගල අනුරාධපුර යුගයේ ධාතුසේන රජ සමයේ ඉදිකරන ලද දාසෙන් වෙහෙර ලෙසද හදුන්වනවා..

මෙහි පොලොන්නරුව සහ මහනුවර යුගයන්ට අයත් සෙල්ලිපි දෙකක් ද හමුව තිබෙනවා...

නටඹුන් වූ ගලින් නිර්මාණය වූ වෙහෙරක්ද පවතිනවා.. මෙහිගිය අපිටනම් දක්නට ලැබුණේ තවමත වැඩි සංරක්ෂණයක් සිදුකර නොමැති පාටයි..

මහනුවර යුගයට අයත් මූර්ති සහ සිතුවම් කිහිපයක් මෙහි ටැම්පිට වෙහෙරතුල පවතිනවා...

සංඝවාසයත්, ධානශාලාවත්, පොකුණක් සහ සිරිපතුල වැනි ප්‍රධාන ස්මාරක කිහිපයක් ද මෙහි වනවා..

මේ අතීත උරුමයන් රැකගෙන ඉතිහාසය ආනාගතයට දායාද කරන්න නම් අපි මේවා රැකගන්නම ඕනේ..

අතීත උරුමයන් බලන්න උස්සාපිටිය, මාවනැල්ල දෙවනගල රාජමහා විහාරය වැදපුදාගන්න ඔබත් යන්න...

පින්තූර 📸🙏

🙏සීමා නොමැති සිහින සොයා යන සොඳුරු සංචාරය 🙏
ාලිමා_Travel_Team🌹

ලංකාවේ උසම දුම්රිය පොළට හිමිකම් කියන සුන්දර පට්ට්පොලPattipola - Sri Lanka 🇱🇰📷 මුල් අයිතිකරුවන් සතුයි..☘සීමා නොමැති සිහින...
29/06/2022

ලංකාවේ උසම දුම්රිය පොළට හිමිකම් කියන සුන්දර පට්ට්පොල
Pattipola - Sri Lanka 🇱🇰

📷 මුල් අයිතිකරුවන් සතුයි..

☘සීමා නොමැති සිහින සොයා යන සොඳුරු සංචාරය ☘
ාලිමා_Travel_Team❣

- කන්නෙළිය රක්ශිතයේ සුන්දරත්වය - 🍃🍁❤️🌍 ☘️🌾📷 credit goes to original photographer🐾සීමා නොමැති සිහින සොයා යන සොඳුරු සංචාරය...
26/06/2022

- කන්නෙළිය රක්ශිතයේ සුන්දරත්වය - 🍃🍁❤️🌍 ☘️🌾

📷 credit goes to original photographer

🐾සීමා නොමැති සිහින සොයා යන සොඳුරු සංචාරය 🐾
ාලිමා_Travel_Team❣

අපි ජිවිතේ විදින්න හොයන අපේ විදිය 🙏❤😱🙊😌ඡායාරූප මුල් හිමිකරුවන් සතුයි..🌾 සීමා නොමැති සිහින සොයා යන සොඳුරු සංචාරය 🌾       ...
23/06/2022

අපි ජිවිතේ විදින්න හොයන අපේ විදිය 🙏❤😱🙊😌

ඡායාරූප මුල් හිමිකරුවන් සතුයි..

🌾 සීමා නොමැති සිහින සොයා යන සොඳුරු සංචාරය 🌾
ාලිමා_Travel_Team 🐾

මගේ රටේ ලස්සන - Beauty of Sri Lanka 🇱🇰                        ාලිමා_Travel_Team❣🍂සීමා නොමැති සිහින සොයා යන සොඳුරු සංචාරය...
20/06/2022

මගේ රටේ ලස්සන - Beauty of Sri Lanka 🇱🇰



ාලිමා_Travel_Team❣
🍂සීමා නොමැති සිහින සොයා යන සොඳුරු සංචාරය 🍂

අඩුවෙන්ම ඉර පායන ගම  (පැය 6 ක් පමණ)                කො හො නා ව ල    ග ම 🌳🌺🌹🌻🌼☘️📷 මුල් හිමිකරු සතුයි 💚                    ...
19/06/2022

අඩුවෙන්ම ඉර පායන ගම (පැය 6 ක් පමණ)

කො හො නා ව ල ග ම 🌳🌺🌹🌻🌼☘️

📷 මුල් හිමිකරු සතුයි 💚

ාලිමා_Travel_Team 🌱
🐾සීමා නොමැති සිහින සොයා යන සොඳුරු සංචාරය 🐾

කදුනගින්නන්ට කදු 50ක් 💚💙
16/06/2022

කදුනගින්නන්ට කදු 50ක් 💚💙

Address

Nawalapitiya
20650

Telephone

+94763788025

Website

Alerts

Be the first to know and let us send you an email when API මාලිමා Travel Team posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Videos

Share

Category


Other Travel Services in Nawalapitiya

Show All

You may also like