Ama Guest, Nuwara Eliya

Ama Guest, Nuwara Eliya A Guest House Located in Nuwara Eliya, Sri Lanka. We can't wait to welcome you to our home in paradise!

Our holiday home in Nuwara Eliya, Sri Lanka is the perfect getaway for those looking to escape the hustle and bustle of city life. Surrounded by stunning views of the mountains and tea plantations, our home offers a peaceful and serene atmosphere for you to relax and unwind. The interior is tastefully decorated with locally-sourced furnishings and all the amenities you need for a comfortable stay.

Step outside and you'll find a beautiful garden and patio area, perfect for al fresco dining or soaking up the sun.

11/05/2024
10/05/2024

තෙරුවන් සරණයි ...!!!



#තඹුත්තේගමසදහම්සෙවණ





🇱🇰

📷 Credit goes to respective owner 🙏

07/05/2024

කදුළුත් එක්ක හිනාවෙලා ජීවිතේ දිනන්න හදන හැමෝටම දවසක උතුරන්න හරියන්න ඔන ! ❤️🫶

16/04/2024

16/04/2024

අනිවාරෙන් ❤️

ප්‍රාර්ථනාවක් ❤️🌼












ලංකාවෙ පළලින් වැඩිම දිය ඇල්ල "බෝඹුරු ඇල්ල "
09/04/2024

ලංකාවෙ පළලින් වැඩිම දිය ඇල්ල "බෝඹුරු ඇල්ල "

07/04/2024

🙂

03/04/2024

❤️

02/04/2024

අපේ ගෙදර උදවිවට ළඟදි ආපු සෝමා රහට කෑම උයනව, ⁣වැඩිපුර ගෙදර නැති මං ගෙදර ඉන්න වෙලාවට අක්කලාගේ පොඩි උන් ටික වට කරන් කෑම කනවා, කාල ඉවර වෙලා වතුර බොන්න කුස්සියට දුවන පොඩි උන් තුන් දෙනාම,
"සෝමා ඇන්ටී කෑම රහයි"
කියල කෑගහනව...

දවසක් සෝමා මා ළඟට ඇවිත් ⁣හිටගෙන ඇඹරෙනව...

"මොකද සෝමා?"

"සර්, මං ගිය කිසි ගෙදරක ළමයි කෑම කාල රසයි කියල කියල නෑ... සර්ද කීවේ එහෙම කියන්න..?"

"නෑ සෝමා...ඒ පුතාල පුරුදු වෙලා තියෙන හැටි.."

සෝමා ගෙ ඇස්වල කඳුලු..

"ඉතිං සෝමා ගෙ කෑම රහයිනෙ, එහෙම කියන එක වරදක් නෑනෙ.."

"නෑ සර්... එහෙම ඇහෙන එකම සතුටුයි.."

සෝමාට මේක මෙච්චර දැනුණෙ ඇයි කියල මං තනියෙම කල්පනා කළා...

මං කුඩා කාලයෙ අපෙ ගෙදර දැක්ක දෙයක් තමයි අම්මා ගෙදර වැඩ ඇතුළෙ කන කට්ට තාත්තා වචනයෙන් අගය කළේ නැහැ, තාත්තා ගෙදරින් එළියෙ කන කට්ට අම්ම වචනයෙන් අගය කළේ නැහැ...
ඒ අගය කිරීම හිතේ නැතුව නෙවෙයි, හැබැයි වචනයෙන් කියන්නෙ නැහැ. ඒ පරම්පරාවේ හැටි වෙන්නැති...
හැඟීම් හිත ඇතුළෙ තද කරන් ඉන්න එක ඒ පරම්පරාවේ ලාක්ෂණික දෙයක් වගේ...

ඒක ගැන මගෙ කියවීම විවේචනයක් නොකර මං පොඩිවුන්ට කියල දුන්න කෑම කාල "අම්මෙ කෑම රහයි", "ඇන්ටි කෑම රහයි"
කියල කියන්න...

මම විදේශ පුහුණුවට ඉද්දී ⁣දැක්ක දෙයක් තමයි පුංචි දෙයක් පවා"අගය කරන" එක.
"ඔබ හොඳින්ද" කියල අහන එක.

වෛද්‍යවරයා පිටිපස්සෙන් එන පිරිසිදු කරන සේවකය එනකන් "දොර අල්ලන්" ඉන්න එක.
"ඔබ අද ලස්සනයි" කියන එක.
තමන් එක්ක එකට වැඩ කරන කෙනාව "අගය" කරන එක...

සරලවම මේ හැම දෙයින්ම වෙන්නෙ අනිත් මනුස්සයට "වටිනකම" දෙන එක,
සමහරු කියන්න පුලුවන් මේව මූනිච්චාවට කරන ඒව කියල.. හැබැයි මේවගෙන් ඇතිවන ප්‍රතිපලය හොඳ දෙයක්...

ගෙදරක් ඇතුළෙ නම් බිරින්දෑ කරන පුංචි දෙයක් පවා අගය කරන්න...
ඉඳල හිටල හෝ ඇය ලස්සන බව කියන්න...
උන්දැ නැතුව තමන්ගෙ ජීවිතේ හිස් බව පිළිගන්න...
මහත්තය ගැනත් එහෙමයි...
ඔහු කරන කුඩා දෙය අගය කරන්න...
ඔහු ළඟ ඇති උණුසුම වටින බව කියන්න...
"වචනයෙන් කියන්න.."

කාර්යාලයෙදි සුලු සේවකයා පවා අගය කරන්න...
ඔහු කාර්යාලය පිරිසිදුව තබා ගන්නා බව කියන්න...
හදල ගේන තේ එක රස බව කියන්න...
තමන්ගෙ සහෝදර සේවකයෙක් හොඳට වැඩ කරනව නම් ඒ බව කියන්න...
පිටට තට්ටුවක් දාල කියන්න...
"වචනයෙන් කියන්න.."

තමන්ගෙ වෘත්තීය සගයන් අතරෙ දක්ෂයන් ඉන්න පුලුවන්, ඒ බව පිළිගන්න...
ඔවුන්ගෙ හැකියාවන් අගය කරන්න...
අගය නොකිරීමට හේතුවක් හොයා ගන්නවාට වඩා අගය කරන්න හේතු හොයන එක ලේසියි... අගය කරන්න...
"වචනයෙන් කියන්න.."

මේ කිසි දෙයක් සතපහක වියදමක් දරන්න උවමනා වැඩ නෙවෙයි. මැරුණට පස්සෙ මළගෙදර කරන ගුණකථනයකට වඩා, රස්සාවෙන් අස්වෙන දවසෙ ලොකු වියදමක් දරන ෆෙයාවෙල් එකකට වඩා, රට අතහැරල යන දවසෙ කරන සෝබන කතාවකට වඩා මේ වචන ටික වටිනව නේද..?

ඒ හින්ද,
අගය කරන්න පුරුදු වෙන්න...

ඒක පුරුද්දක් වුනාම,
ඔබ මනුෂ්‍යයෙක් වශයෙන් නිදහස් වෙනව...
හිතේ සැහැල්ලුව හැදෙනව...
ජීවිතේ සතුට හැදෙනව...

අනිත් මනුස්සය නිර්ලෝභීව අගය කරන මිනිහ මනුස්සකමේ සෑහෙන දුර ගිය කෙනෙක්...

Copied...

ජය ❤❤

02/04/2024

🙂👍

01/04/2024

ගැහැණු ළමයෙක් අයි පෑඩයක් (iPad) මිලදී ගන්නවා. දිනක් ඇගේ පියා එය දැක ඇගෙන් මෙසේ විමසනවා. ''ඔයා ඕක අරගෙන මුලින්ම කරපු දේ මොකද්ද?

''මම ඒකෙ ස්ක්‍රීන් එකට ආරක්‍ෂිත ස්ටිකරයක් සහ පසු ආවරණයක් අරගෙන දැම්මා'' ඇය පිළිතුරු දුන්නා.

''කවුරුහරි ඔයාට කිවුවද ඒ දේ කරන්න කියල?''

- ''නැහැ''

''ඔයාට හිතෙන්නේ නැද්ද ඒක ඔය අයි පෑඩ් එක හදපු අයටත් කරන නිග්‍රහයක් කියල?''

- ''නෑ තාත්තේ! එයාල පවා කියනවා මේකට කවර් එකක් දාල පාවිච්චි කරන්න කියල''

''එතකොට ඔයා ඕකට කවර් එකක් දැම්මේ ඒක ලාබ නිසාද නැත්නම් ඒක කැතට පේන නිසාද?''

- ''ඇත්තටම මන් ඒකට කවර් එකක් දැම්මේ ඒකට හානියක් හරි ඒකෙ වටිනාකම අඩුවෙයි කියල හරි මට දැනුන නිසා.''

''ඉතින් ඔයා ඒකට කවර් එකක් දැම්මට පස්සේ අයි පෑඩ් එකේ ලස්සන අඩු උනේ නැද්ද?''

- ''මන් නම් හිතන්නේ දැන් ඒක තිබුනට වඩා හොඳයි වගේම මගේ අයි පෑඩ් එකට හොඳ ආරක්ෂාවක් ලැබෙනවා.

''පියා ඇය දෙස ආදරණිය ලෙස බලා මෙහෙම කියනවා,

''මන් ඔයාගෙන් ඇහුවොත් අයි පෑඩ් එකකට වඩා වටින ඔයාගේ ඇඟත් ඒ විදිහට කවර් වෙන්න වහගන්න පුලුවන්ද කියල, ඔයා ලෑස්තිද ඒකට එකඟ වෙන්න???''

ඇය එකවරම නිරුත්තරව ගියා......

~ ආදරණිය ගැහැණු ලමුනි, නිතරම මතක තබාගන්න, ඔබේ ශරීරය අනවශ්‍ය ලෙස නිරාවරණය වන ඒ අශෝභන ඇඳුම් සෑම විටම ඔබේ වටිනාකම සහ ගෞරවය අඩු කරන බව.!!!
😌😌😌
ගෑනු ළමයෙක්ට හිතට අවන්කව මේ පෝස්ට් එක ශෙයාර් කරන්න පුලුව්න් උනානම් කොච්චර දෙයක්ද..ඒත් මම දන්නවා ගොඩක් අයට බැරිවෙයි..

තෑන්ක්ස්..බුදුසරණයි..

උපුටා ගැනීමකි

28/03/2024

මනුස්සයෙක් වෙන්න එහෙම හදවතක් හිමි....

Address

Nuwara Eliya
22200

Telephone

+94714912053

Website

Alerts

Be the first to know and let us send you an email when Ama Guest, Nuwara Eliya posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Ama Guest, Nuwara Eliya:

Videos

Share


Other Vacation Home Rental in Nuwara Eliya

Show All