Kiveen HOME STAY Nuwaraeliya

Kiveen HOME STAY Nuwaraeliya Set within 1km of Nuwaraeliya Gregory lake and 4.5km of Nuwaraeliya Bustand. Kiveen Home Stay offer comfortable cosy rooms and Full house in Nuwara Eliya.
(1)

All rooms boast a private bathroom & kitchen. Private parking can also be arranged.

13/09/2022
නුවරඑළියේ ඉදන් ඇවිදින්න යන්න ලස්සන තැන් ටිකක් ⛰🌺🦌🌸🌲🌈🏕❄️❤️
07/02/2021

නුවරඑළියේ ඉදන් ඇවිදින්න යන්න ලස්සන තැන් ටිකක් ⛰🌺🦌🌸🌲🌈🏕❄️❤️

05/11/2020

💛🤗 we will be back soon

Seasonal Promotion 🏞🌅🏡⛺️Hurry up and make your Reservation Now!!!Full House Rent Long Stay / Short Time Stay available O...
23/10/2020

Seasonal Promotion 🏞🌅🏡⛺️
Hurry up and make your Reservation Now!!!
Full House Rent Long Stay / Short Time Stay available
Only a 5,990/= Per Day....
Single Room 1,000/=
>for more details,
Call Us On +9471 229 2245
Whatsapp +9471 126 6394

05/10/2020
නුවරඑළිය යනු ශ්‍රී ලංකාවේ මධ්‍යම කඳුකරයේ මිටියාවතක පිහිටි සුන්දර නගරයකි . මුහුදු මට්ටමේ සිට මීටර් 1868 (අඩි 6128) ක් උසි...
01/10/2020

නුවරඑළිය යනු ශ්‍රී ලංකාවේ මධ්‍යම කඳුකරයේ මිටියාවතක පිහිටි සුන්දර නගරයකි . මුහුදු මට්ටමේ සිට මීටර් 1868 (අඩි 6128) ක් උසින් පිහිටා ඇති මෙම නගරය අයත් වන්නේ නුවරඑළිය දිස්ත්‍රික්කයටයි. ශ්‍රී ලංකාවේ උසම කන්ද වන පිදුරුතලාගල කන්ද පිහිටා ඇත්තේ ද මෙම නගරය ආසන්නයෙහි ය.නුවරඑළිය නගරය සොයා ගනු ලැබුවේ බ්‍රිතාන්‍යය යටත් විජිත සමයේ දී සැමුවෙල් බේකර් විසිනි. එ දවස මෙම නගරය ‍යොදා ගනු ලැබුවේ ඉංග්‍රීසින්ගේ විනෝදාංශ වන නරි දඩයම, පෝලෝ ක්‍රීඩාව හා ක්‍රිකට් ක්‍රීඩාව සඳහා ය.
මෙම නගරය 19වන සියවසේ ඉංග්‍රීසින් විසින් සොයා ගනු ලැබුව ද මෙම භූමියට නිතරම පැමිණියේ ස්ව‍දේශීය සිංහල සංචාරකයන් ය. එමෙන්ම මෙම ප්‍රදේශය ප්‍රාග් ඵෙතිහාසික මානවයන් විසූ ප්‍රදේශයක් බව පුරාවිද්‍යාත්මක සොයා ගැනීම් සාක්ෂි දරයි.
මෙහි ඇති බොහෝ ගොඩනැගිලි යටත් විජිත වාදී සමයේ දී යුරෝපීය ගෘහ නිර්මාණ ශිල්පයන්ට අනුකූලව සාදා ඇත. එමෙන්ම මෙම නගරයේ වර්තමානයේ අළුතින් ගොඩනැගිලි (හෝටල්, සංචාරක නිවාස) ඉදිකරන විටදී ද මෙම ගෘහ නිර්මාණ ශිල්පයන් අනුගමනය කරන බව පෙනේ. තවද බොහෝ ‍පෞද්ගලික නිවාසද තවමත් ඔවුන්ගේ ඉංග්‍රීසි පන්නයේ තණ පිටි හා ගෙඋයන් නඩත්තු කරමින් පවත්වාගෙන යන බව මෙම නගරයේ මදක් ඇවිද බැලූ විට පෙනී යයි.‍‍

නුවරඑළිය නගරය සොයා ගනු ලැබුවේ බ්‍රිතාන්‍යය යටත් විජිත සමයේ දී සැමුවෙල් බේකර් විසිනි. එ දවස මෙම නගරය ‍යොදා ගනු ලැබුවේ ඉංග්‍රීසින්ගේ විනෝදාංශ වන නරි දඩයම, පෝලෝ ක්‍රීඩාව හා ක්‍රිකට් ක්‍රීඩාව සඳහා ය.
මෙම නගරය 19වන සියවසේ ඉංග්‍රීසින් විසින් සොයා ගනු ලැබුව ද මෙම භූමියට නිතරම පැමිණියේ ස්ව‍දේශීය සිංහල සංචාරකයන් ය. එමෙන්ම මෙම ප්‍රදේශය ප්‍රාග් ඵෙතිහාසික මානවයන් විසූ ප්‍රදේශයක් බව පුරාවිද්‍යාත්මක සොයා ගැනීම් සාක්ෂි දරයි.
මෙහි ඇති බොහෝ ගොඩනැගිලි යටත් විජිත වාදී සමයේ දී යුරෝපීය ගෘහ නිර්මාණ ශිල්පයන්ට අනුකූලව සාදා ඇත. එමෙන්ම මෙම නගරයේ වර්තමානයේ අළුතින් ගොඩනැගිලි (හෝටල්, සංචාරක නිවාස) ඉදිකරන විටදී ද මෙම ගෘහ නිර්මාණ ශිල්පයන් අනුගමනය කරන බව පෙනේ. තවද බොහෝ ‍පෞද්ගලික නිවාසද තවමත් ඔවුන්ගේ ඉංග්‍රීසි පන්නයේ තණ පිටි හා ගෙඋයන් නඩත්තු කරමින් පවත්වාගෙන යන බව මෙම නගරයේ මදක් ඇවිද බැලූ විට පෙනී යයි.‍‍

නුවරඑළියේ ඇති තවත් විශේෂ ගණයේ අංගයක් නම් එහි දී හමුවන යුරෝපිය ඵළවළු, පළතුරු හා මල් වර්ගයි. ‍මෙම නගරයේ වැසියන් මේවා ප්‍රධාන ආදායම් මාර්ගය ලෙස, අතිරේක ආදායම් මාර්ගයක් ලෙස හෝ විනෝදාංශයක් ලෙස වැවීම සිදු කරති. මේ ‘පුංචි එංගලන්තය’ පුරාම අර්තාපල්, කැරට්, ලීක්ස් වැනි එළවළු ද රෝස, ඩේසි, ඇස්ටමේරියා වැනි මල් වර්ග ද රසවත් ස්ට්‍රෝබෙරි ද වැවූ බිම්කඩවල් පෙනෙන්නට තිබේ.
මේ කඳුකර පෙදෙසේ සෙමින් සීරුවට වැඩෙන තේ පදුරු වලින් ලෝකයේ අනර්ඝතම තේ වන වර්ගයක් වන ‘ඔරේන්ජ් පෙකෝ” තේ නිපද වේ. තවද නුවරඑළිය අවට ඇති තේ කර්මාන්තශාලා කිහිපයක් නියමු සංචාරයන් හා සාම්පල අත්හදා බැලිමට හෝ තේ මිලදී ගැනීමට අවස්ථාව සලසා දෙති.
හෝර්ටන් තැන්න - හෝර්ටන් තැන්න ජාතික උද්‍යානය ට ඇතුළු වීමට ඇති මුලික නගරය ද නුවරඑළිය නගරයයි. හෝර්ටන් තැන්න විවෘත තෘ‍ණ වන ලැහැබක් සහිත වන ජිවි කලාපයකි. දිවියා,ගස් ගෝනා සහ ඒක දේශික සත්වයෙකු වන කළු වඳුරා ද ඒක දේශික කඳුකර කුරැල්ලන් වන ශ්‍රී ලංකා සිතැසියා සහ ශ්‍රී ලංකා කහ කන් කොණ්ඩයා මෙහිදි දැක ගත හැකි සත්ව විශේෂයන්ය.

නීල ගරුඬ ඇල්ල

ලෝකාන්තය - තවද දෙස් විදෙස් ආකර්ශණය දිනා ගත් ලෝකාන්තය අයත් වන්නේ හෝර්ටන් තැන්නටම වේ. මෙය මීටර් 1050 බෑවුමක් සහිත ප්‍රපාතයක් වන අතර ප්‍රපාතයේ දර්ශණය වන්නේ බලංගොඩ නගරයයි.

බේකර්ස් ඇල්ල - බෙලිහුල් ඔයේ අතු ගංගාවකින් හටගන්නා මෙම දියඇල්ල, හෝර්ටන් තැන්න ජාතික වනෝද්‍යානයේ පිහිටා ඇත.

ග්‍රෙගරි වැව - නුවරඑළිය පිහිටි ග්‍රෙගරි වැව ආශ්‍රිත විල්ලුව සහිත කලාපය විශේෂ පාරිසරක සංරක්ෂිත කලාපයක් වේ. දෙසැම්බර් සෘතුවේ සීත කලාපීය සංචාරක පක්ෂීන්ගේ සංක්‍රමණ ආදිය මෙම ග්‍රෙගරි වැව ආශ්‍රිත පාරිසරක කලාපය තුල දැකගත හැකි වේ.

ලවර්ස් ලීප් ඇල්ල - ලවර්ස් ලීප් දිය ඇල්ල මීටර 30 ක පමණ උසකින් යුක්ත වූ සංචාරක ආකර්ෂණය සහිත ස්ථානයකි.

සීතා අම්මාන් කෝවිල - හනුමාන් කෝවිල ලෙසද වැහැරෙන සීතා අම්මාන් හින්දු කෝවිල හමුවන්නේ නුවරඑළියේ සිට බදුල්ලට යන විට හක්ගල උද්භිද උද්‍යානය හමුවීමට පෙරයි. මෙම කෝවිල පිහිටා ඇත්තේ සීතා එළිය නම් ගම්මානයේය. මෙම පලාත හින්දු දර්ශනයේ එන රාමායණය කතාවේ සඳහන් වේ. ජනශ්‍රැත වලට අනුව බලවත් රාවණා රජු, රාම ගේ බිසව වන සීතා දේවිය පැහැරගෙන විත් මෙම කෝවිල තනා ඇති ස්ථානයේ සඟවා තිබූ බව කියවේ.

නුවරඑළිය තැපැල් කාර්යාලය - 1894 වර්ෂයේ ඉදිකොට ඇති නුවරඑළිය පිහිටි තැපැල් කාර්යාලය මෙරට ඉදිකරන ලද පැරණිතම තැපැල් කාර්යාල අතුරින් එකක් ලෙස සැළකේ.

වික්ටෝරියා උද්‍යානය - නුවරඑළිය නගරයේ ඉදි කොට ඇති, මහජන උද්‍යානයක් වේ. 1987 වර්ෂයේ යෙදී තුබුණු වික්ටෝරියා රැජිනගේ දියමන්ති සංවත්සරය සිහිවීම වෙනුවෙන්, උද්‍යානය වික්ටෝරියා උද්‍යානය ලෙස නම් කොට තිබේ. වික්ටෝරියා උද්‍යානයේ දී ඉන්දියානු නිල් අවිච්චියා, කායුරු තිරසිකායා, ගෝමර තිරසිකායා, ලය කායුරු වී කුරුල්ලා, කාෂ්මීර රත් මැසිමාරා ඇතුළු පක්ෂීන් රාශියක් දැක ගත හැක.

ගැල්වේ කුරුලු උයන - ගැල්වේ කුරුළු අභය භුමිය ග්‍රෙගරි වැව ආසන්නයේ පිහිට වර්ග කි.මී. 0.6 ක භුමියකින් යුත් වනෝද්‍යානයකි.මෙහිදී ද ශ්‍රී ලංකාවට ආවේණික මෙන්ම සංචාරක කුරුලු විශේෂ රැසක් දැක ගැනීමේ හැකියාව ලැබේ.

වෙනත්සංස්කරණය

විලියම් රොජර්ස් සොහොන - ගොල්ෆ් පිටියක කෙලවරේ පිහිටා ඇති බ්‍රිතාන්‍ය‍ ‍‍ආණ්ඩුකාරවරයෙකු වූ මේජර් විලියම් රොජර්ස් ගේ සොහොන් කොත බොහෝ දෙනෙකු නොදන්නා එක් විෂේෂ ස්ථානයක් වේ[1]. ඔහු ප්‍රසිද්ධ අලි ඇතුන් දඩයම් කරුවකු වූ අතර අලිඇතුන් දහස් ගණනින් මරා ඇතැයි කියවේ. ජනශ්‍රැත වල කියවෙන පරිදි ඔහු මිය ගොස් ඇත්තේ හපුතලේ දී අකුණක් වැදීමෙනි. තමා සිදු කළ විශාල පාපය නිසා ඔහුගේ සොහොන් කොතට සෑම වසරකදී ම අකුණු සැර වදින බව කියවේ. කෙසේ වුවද වර්තමානයේ මෙම ස්ථානය සංචාරකයන්ට විවෘත නොවේ.

නගරයේ ආකර්ෂණිය අනෙකුත් දෑ සමහරක් ලෙස ගොල්ෆ් පිටිය, කන්දේ ඇල, තේ වතු, තේ කර්මාන්තශාලා ආදිය දැක්විය හැක. මෙහි එන දෙස් විදෙස් සංචාරකයන් හට නිරත විය හැකි විනෝදාත්මක ක්‍රියාකාරකම් රාශියක්ද ඇත. ග්‍රෙගරි වැවේ පැඩල් බෝට්ටු පැදීම, පෝනියන් පිට යාම, කන්දේ ඇල අසල සාදා ඇති වන මං පෙත් තරණය ආදිය මින් සමහරකි .
මෙම නගරයේ අසිරිය තවත් වැඩි කරන්නට එහි ඇති ඉස්තරම් හෝටල් ද අත්වැල සපයයි. ඉන් ප්‍රමුඛ හෝටලයක් වන්නේ ග්‍රෑන්ඩ් හෝටලය යි. එය හිටපු බ්‍රිතාන්‍ය ආණ්ඩුකාරවරයෙකුගෙ මන්දිරය වන අතර දැනට ඵය ‘ටැන්ගිරින් හෝටල් සමූහයට'[2] අයත් වේ. එය කොළඹින් පිටත ඇති වඩාත් ජනප්‍රිය හෝටලයකි. මේ මනහර යටත් විජිතවාදි ගොඩනැගිල්ල වසර 100 කටත් වඩා පැරණි ය. තවත් එවැනිම හෝටලයක් වන්නේ සෙන්. ඇන්ඩෲස් [3] හෝටලයයි. මෙය ද පැරණි ආණ්ඩුකාරවරයෙකුගෙ මන්දිරයක් වන අතර දැනට ජෙට්වින්ග් හෝටල් සමූහය යටතේ පාලනය වේ. මෙහි සුවිශේෂී අංග ලෙස වසර සියයක් පමණ පැරණි තඹ වහලය සහිත ආපන ශාලාවත්, එතරම්ම පැරණි බිලියඩ් මේසයත්, වයින් ගබඩාවත් දැක්විය හැක. මීට අමතරව ග්‍රෑන්ඩ් හෝටල අසලම වාගේ පිහිටි හිල් ක්ලබ් [4] යනු තවත් ආකර්ශණීය ස්ථානයකි. ගලින් නිමවූ මන්දිරයක් වන මෙය වර්ෂ 1876 දී බ්‍රිතාන්‍ය කෝපි වගාකරුවකු විසින් තනන ලද්දකි.

සුන්දර නුවරඑළියේ පවුලේ අය සහ මිතුරන් සමග විවෙකීව සිටීමට ඔබටම කියා නිවසක් සොයනවාද? එන්න අපේ නිවසට ඔබේ වගේ ඉදල යන්න.නිවස ව...
01/10/2020

සුන්දර නුවරඑළියේ පවුලේ අය සහ මිතුරන් සමග විවෙකීව සිටීමට ඔබටම කියා නිවසක් සොයනවාද? එන්න අපේ නිවසට ඔබේ වගේ ඉදල යන්න.

නිවස විසින් සපයනු ලබන පහසුකම්...

10 people can accommodate
Upto Three person per room allowed
BBQ
Self Cooking
Free Gas Cooker & Cooking Utensils
Water Heaters
Microwave Oven
Hot Water
Wifi
7 Minutes to Nuwaraeliya Town
Scenic & Clean Environment
Vehicle Parking
Outdoor camping areas
24/7 Friendly Care Taker

Hurry up and make your Reservation Now!!!

For reservation & more details,

Call Us On +9471 229 2245
Whatsapp +9471 126 6394

මේ මාර්තු සහ අප්‍රියෙල්  මාසයේ සුන්දර නුවරඑළියේ සංචාරය කරන ඔබට විශේෂ මිල අඩුකිරීමක් යටතේ නවාතැනක් අපෙන් වෙන්කරවා ගන්න.ඔබ...
01/10/2020

මේ මාර්තු සහ අප්‍රියෙල් මාසයේ සුන්දර නුවරඑළියේ සංචාරය කරන ඔබට විශේෂ මිල අඩුකිරීමක් යටතේ නවාතැනක් අපෙන් වෙන්කරවා ගන්න.ඔබට සුවපහසු ආරක්‍ෂිත නවාතැනක් වන කීවෙන් හෝම්ස්ස්ටෙයි නිවහන සාදාරණ මිලකට අප ලබාදෙන්නම්. දැන්ම අපව...
☎️071 229 2245
*ඉක්මන් කරන්න සීමිත වෙන්කරවා ගැනීම් ප්‍රමාණයක් පමණයි.

If you are visiting the beautiful Nuwara Eliya this October, book a special discounted accommodation from us. Call Us Now...
☎️071 229 2245
Hurry up, limited bookings only.

නුවරඑළියේ නවාතැනක් සාදාරණ මිලට සොයාගැනීමට අප අමතන්න.To Find a Home stay or Room in Nuwaraeliya contact us,071 229 2245 /...
01/10/2020

නුවරඑළියේ නවාතැනක් සාදාරණ මිලට සොයාගැනීමට අප අමතන්න.
To Find a Home stay or Room in Nuwaraeliya contact us,
071 229 2245 / 070 484 2639 / Whatsapp : 0060173470051

01/10/2020
01/10/2020

Address

No. 55, Rose Garden, Gamunupura, Magasthota
Nuwara Eliya
22200

Telephone

+94712292245

Website

Alerts

Be the first to know and let us send you an email when Kiveen HOME STAY Nuwaraeliya posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Kiveen HOME STAY Nuwaraeliya:

Share

Nearby travel agencies


Other Vacation Home Rental in Nuwara Eliya

Show All