03/07/2022
මේ දවස්වල මිනිස්සුන්ට දරා ගන්න බැරි බස් ගාස්තුව , ඉන්ධන පිරිවැය එක්ක ගොඩක් අය පොදු ප්‍රවාහනය විදියට දුම්රිය තෝරගෙන තියනව . ඉතින් කෝච්චියෙ නුවරඑළියේ යන්න කෙනෙක් බලාපොරොත්තුවෙන් ඉන්නව නම් ඒකට හොඳම කෝච්චිය තමයි කොළඹ - නානුඔය ටිකිරි මැණිකේ .මේ කෝච්චියෙ ගමනාන්තය නානුඔය හින්දා බදුල්ල කෝච්චිවල තරම් සෙනඟක් වැඩි කලබලයකුත් නෑ . මේක ධාවනය වෙන්නේ S12 පන්තියේ බලවේග කට්ටලයකින්. මේ කෝච්චිය දිනපතාම ධාවනය වෙනවා.
කොළඹ කොටුවෙන් දහවල් 12:40ට තමයි නානුඔය බලා ගමන් ආරම්භ කරන්නෙ . මහනුවරට ළඟාවන්නෙ පස්වරු 4ට පමණ. පැයයි විනාඩි 20 ක් විතර මේ කෝච්චිය නුවර ස්ටේශන් එකේ තියනව . ඒ හින්දා හදිස්සි නැති කෙනෙක්ට නුවර ටවුන් එකේ රවුමක් දාලා මොනාහරි බඩට එහෙම දාගෙන ආයෙ එන්න පුලුවන් . නුවරින් හවස 5:20ට තමයි නානුඔය බලා නැවත ගමන් ආරම්භ කරන්නෙ . රාත්‍රී 8 ට පමණ මේ දුම්රිය හැටන් වලට ළඟා වනවා. රාත්‍රී 9:20 වෙද්දී මේ කෝච්චිය නානුඔයට ළඟා වෙනවා. නුවරඑළියේ යන කෙනෙක්ට එතනින් නුවරඑළියට යන්න පුලුවන් . නානුඔය නවතින්න අවශ්‍ය කෙනෙක්ට දුම්රිය විවේක කාමර වල නවතින්නත් පුලුවන්
ඒ වගේම මේ කෝච්චිය ආයෙ උදේ 6ට නානුඔය ඉදන් මහනුවර සහ කොළඹ කොටුව බලා පිටත් වෙනවා. බදුල්ල ඉදන් එන කෝච්චි වල නානුඔයෙන් නගින කෙනෙක්ට ශීට් එකක් අල්ලගන්න එක හීනයක් .ඒත් මේ කෝච්චිය නානුඔය ඉදන් පටන් ගන්න හින්දා ඒක නම් ප්‍රශ්නයක් නෙවෙයි . මේක හැටන් වලට ළඟා වෙන්නේ උදේ 7:25ට පමණ.... මහනුවරට උදේ 10:20 වෙද්දී යනවා..... මහනුවරින් උදේ 10:40ට කොළඹ කොටුව බලා පිටත් වෙන මේ දුම්රිය පස්වරු 2:20ට කොළඹ කොටුවට ළඟා වෙනවා.
මේ දුම්රිය නානුඔය සහ පොල්ගහවෙල අතර සෑම දුම්රිය ස්ථානයකම නවත්තනවා. බුක් කරන්න පුලුවන් පළමු පන්තියේ වායුසමනය කල මැදිරිය පමණයි එහි වෙන්කල ගාස්තුව නානුඔය දක්වා 2000/=ක් වෙනවා. සාමාන්‍ය තුන්වෙනි පංතිය ගාස්තුව 215/=, සාමාන්‍ය දෙවනි පංතිය 380/= වෙනවා.
මේ දවස්වල නුවරඑළියේ යන්න හිතන් ඉන්න කෙනෙක්ට අඩුවට පහසුවෙන් ගිහින් එන්න පුලුවන් කෝච්චියක් තමයි ටිකිරි මැණිකේ .
සටහන සහ ජායාරූප : ශශින් විජේතුංග