Lodging.lk

Lodging.lk Lodging.lk offers a wide range of modern accommodation locations, Bungalows, villas & holiday homes around Sri Lanka. We always trying to serve you better
(34)

Lodging.lk is an online reservation Company, spear headed multi-model internet Media service provider to Sri Lanka, Lodging.lk is a 100% Sri Lankan based company owned by NSS Holdings Private Limited, under the Sri Lankan business law and operated by Sri Lankans with offices in United Arab Emirates (UAE) and Sri Lanka in business since 2012, we’d like to invite you visit us for your Holiday vacati

on. Lodging.lk offers a wide range of modern accommodation locations, Bungalows, villas & holiday homes around the Sri Lanka. We always trying to serve you better and given unforgatable Holiday expriencs. Lodging.lk – “Exploring the world in comfort”

මහනුවර ඇසල මහා මංගල්‍ය අදින් ඇරඹෙනා වගයි!🙏✨
10/08/2024

මහනුවර ඇසල මහා මංගල්‍ය අදින් ඇරඹෙනා වගයි!🙏✨


ශ්‍රී ලාංකික ඔලිම්පික් ක්‍රීඩා ඉතිහාසයේ ප්‍රථම වතාවට 2023 ආසියානු ධාවන ශූරී තරුෂි කරුණාතරත්නගේ  ක්‍රීඩා ඇදුම් කට්ටලයක් ස...
05/08/2024

ශ්‍රී ලාංකික ඔලිම්පික් ක්‍රීඩා ඉතිහාසයේ ප්‍රථම වතාවට 2023 ආසියානු ධාවන ශූරී තරුෂි කරුණාතරත්නගේ ක්‍රීඩා ඇදුම් කට්ටලයක් ස්ව්ට්සර්ලන්තයේ ලුසෑන් හි ඔලිම්පික් කෞතුකාගාරයේ ප්‍රදර්ශනය කෙරේ.

මෙවර 2024 පැරිස් ඔලිම්පික් මීටර් 800 ඉසව්ව නියෝජනය කිරීම සදහා ඇය භාවිතා කළ ක්‍රීඩා ඇදුම් කට්ටලය, ඔලිම්පික් කෞතුකාගාරයේ ප්‍රදර්ශන සහ වැඩසටහන් ජ්‍යෙෂ්ඨ කළමනාකාරිනී ඈන් ජැකාර්ඩ් මහත්මිය වෙත තරුෂි කරුණාරත්න විසින් අද දින සංකේතාත්මකව අත්සන් කර කෞතුකාගාරයේ ප්‍රදර්ශනය කිරීම සඳහා පිරිනමන ලදී.

මෙම අභිනය අගයමින් ජාත්‍යන්තර ඔලිම්පික් කමිටු සභාපතිවරයාගේ අත්සනින් යුත් සහතිකයක් ඇයට හිමි වනු ඇති අතර මෙම ඇගයීම ජාත්‍යන්තර ක්‍රීඩා වේදිකාවේදී, ජාතික ඔලිම්පික් ක්‍රීඩා කවුන්සලයට මෙන්ම ශ්‍රී ලංකාවට ඉමහත් ගෞරවයක් සනිටුහන් කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රධාන පෙලේ ඇඳුම් අපනයන සන්නාමයක් වන MAS Holdings ආයතනය මෙම ඇඳුම සඳහා අනුග්‍රහය දක්වා ඇත.

" නුවර" සමහර අයට නගරයක්තවත් අයට මේප්‍රේමණීයම නගරයක්තව සමහර අයටදෙව්ලොව ඇතිපුජනීයම නගරය  "මන්දාරම නගරය"මතක ගොන්නක් හිතේපොද...
05/08/2024

" නුවර" සමහර අයට නගරයක්
තවත් අයට මේ
ප්‍රේමණීයම නගරයක්
තව සමහර අයට
දෙව්ලොව ඇති
පුජනීයම නගරය
"මන්දාරම නගරය"
මතක ගොන්නක් හිතේ
පොදි බැදගත්ත
අදටත් යන්න ආසම කොහෙද
ඇහැව්වත් නුවර කියන
මේ ප්‍රේමනීය නගරය පෙම් කරාවි
හැමදාමත්
හේතුවකට හිමිකමක් කියන්න
නොකියාම......
🥺✨

මාදුරුඔය පැරණි සොරෝව්ව.******************************කැනේඩියානු ඉංජිනේරුවන් ගැමියකුගේ ප්‍රකාශය අසා ඒ ස්ථානය කැණිමෙන් පසු...
05/08/2024

මාදුරුඔය පැරණි සොරෝව්ව.
******************************
කැනේඩියානු ඉංජිනේරුවන් ගැමියකුගේ ප්‍රකාශය අසා ඒ ස්ථානය කැණිමෙන් පසු මතුවූ මාදුරුඔය පැරණි සොරෝව්ව දැක මවිත වූයේ ඔවුන්ගේ ඉංජිනේරු දැනුමට වඩා ගැමියා ගේ භූගෝලීය සාධක මත ජලය බැසයාමට මේ හරියේ සොරොව්වක් පිහිටන්න ඕන ප්‍රකාශය පිළිගෙන කැණිම් කරද්දි අඩි 06 යටින් සොරෝව්ව මතු වී එය දැක එදා හෙළ වාරි තාක්ෂණ ඥාණය තවමත් ගැමියා තුළ නොනැසි තිබීම පිළිබද කැනේඩියානු ඉංජිනේරුවන් මවිත වූහ.

ස්තුතියි චූලනී මැදගේ

🍂"පොෂ් අය නම් දැකල තියා අහලවත් නැතුව ඇති මේ මොනාද කියල.😱😍😋"පොෂ් වුනත් නැතත් අද කාලේ මෙව්වා අහලා නෑ කාල නෑ කීවට පුදුම වෙන...
31/07/2024

🍂"පොෂ් අය නම් දැකල තියා අහලවත් නැතුව ඇති මේ මොනාද කියල.😱😍😋"
පොෂ් වුනත් නැතත් අද කාලේ මෙව්වා අහලා නෑ කාල නෑ කීවට පුදුම වෙන්න දෙයක් නෑ. හැමෝම තරඟෙට කොහෙද මන්ද හැල්මෙ දුවනවා.
🍂අද ගෙනවා ටිපි ටිප්,Lays,French Fries පරාද වෙන කෑමක්. එච්චර වෙලා ගියෙත් නෑ.අම්මෝ රස.බොහොම අමාරුවෙන් ෆොටෝ එක ගත්තෙ.විනාඩි 5න් කාලත් ඉවරයි.
🍂මේවා කඩන්න ඉතින් ලඳු කැලෑ,බඩවැටි අස්සෙ රිංගන්න ඕනි.ඉස්සර ආච්චම්මල පොඩි කාලේ මේවා කන්න කොච්චර ආසද කියනව නම් එයාල නාන් නැතුව වද කරන කොට අම්මල කරල තියෙන්නෙ මේව කඩල ඇලට දාන එක.එතකොට පොඩි උන් තරඟෙට වතුරට පැනලා පීනලා ඇල දෙක කරල එකක් නෑර අල්ලගන්නව ලූ. 😅
🍂කොහොමත් නාල නෙ ගොඩට එන්න වෙන්නෙ එතකොට ? මොනාද ඉතින් මේ?

🍂මේ වෙල් බුත්සරණ නැතිනම් මුස්සැන්ද
Mussaenda frondosa කියන විද්‍යාත්මක නමින් හඳුන්වන Mussaenda ගණයට අයිති Wild Mussaendas කියල ලෝකෙම දන්න ගහේ සුදුපාටට හැදෙන මණිපත්‍ර.
🍂ගහේ ෆොටෝ එහෙකුත් දැම්මා.දැකල නැතිනම්.
🍂අපි පොඩිකාලේ කියන්නේ පපඩම් ගස් කියල.
🍂හේතුව දන්නෙ කෑවට පස්සෙ නේ?
🍂මහලොකු රෙසිපිය ක් නෑ.
✅මුස්සැන්ද කැඩුවා.
✅හොඳට හේදුවා.
✅පාන් පිටි චුට්ටක්,මිරිස් කුඩු,කහ,ලුණු අයිස් වතුරෙන් අනල අරන් මුස්සැන්ද ටික ඒ බැටර් එකේ දවටල තෙලේ බැදල ගත්තා.
🍂ලෙඩ රෝග රාශියකට දිව්‍ය ඖෂධයක් ලෙස සැලකෙන මේ මුස්සැන්ද නැතිනම් වෙල් බුත්සරණ මේ විදිහට කෑවොත් කුඩා දරුවන්නෙ ධාරණ ශක්තිය වර්ධනය කරනවා කියල පුරාණ වෙදපොත් වල සඳහන් වෙලා තිබෙනවා.
🍂කහට එහෙකුත් වක්කරගෙන ආව නම් පංකාදු පහයි ඕන්.
❤️හදපු හැටි බලන්න 👇👇👇

උපුටාගැනීමකි..

😍ලෝකප්‍රකට නගර අභ්‍යවකාශයට දිස්වෙන අයුරු 🌃Countries from Space 🌍
30/06/2024

😍ලෝකප්‍රකට නගර අභ්‍යවකාශයට දිස්වෙන අයුරු 🌃
Countries from Space 🌍

පිදුරුතලාගල කන්දට සිරීපාදේ පේන ආකාරයපිදුරුතලාගල කඳුවැටියට ඒ නම ලැබී ඇත්තේ අස්වනු නෙලීමෙන් පසු කමතක ගොඩ ගසන පිදුරු ගොඩවල්...
28/06/2024

පිදුරුතලාගල කන්දට සිරීපාදේ පේන ආකාරය

පිදුරුතලාගල කඳුවැටියට ඒ නම ලැබී ඇත්තේ අස්වනු නෙලීමෙන් පසු කමතක ගොඩ ගසන පිදුරු ගොඩවල් මෙන් දිස්වීම නිසායි. මේ පැතලි හැඩය නිසා ඈත දුරක සිට පිදුරුතලාගල හඳුනාගැනීම බොහෝදෙනාට අසීරුය. ඇත්තටම සමනල කන්දටත් වඩා බොහෝ දුර ප්‍රදේශ වලට පිදුරුතලාගල දිස්වේ. නමුත් මේ කන්ද හඳුනන්නේ නැති නිසා බොහෝ අය ඒ බව දන්නේ නැත. අනිත් අතට සමනල කන්දට එය දිස්වන ඕනෑම පැත්තකින් බැලූවිට පහසුවෙන් හඳුනාගතහැකි කැපී පෙනෙන හැඩයක් ඇත.

පිදුරුතලාගල සිට බැලූවිට ඇතැම් විට සමනල මුදුනට ඈතින් මුහුදු ක්ෂිතිජය දිස්වේ. සමනල මුදුන පහළින් පිහිටි නිසා මුහුද ඉහළින් දිස්විය යුතුයැයි සිතුනත් එසේ වන්නේද නැත මුහුදු සීමාව දිස්වන්නේ සිරිපා මළුවට පහතින් මහගිරි දඹය දෙපැත්තෙනි. ඒ පොළවේ වක්‍රතාවය නිසා ක්ෂිතිජය පහත් වීම හේතුවෙනි. ඒ නිසා බටහිර - නිරිත පැත්තේ මුහුදේ කොපමණ ඈත සිට දුටුවත් සමනල මුදුන පිදුරුතලාගලට වඩා උසින් දිස්වේ. ඒ නිසාද සමනල කන්ද උසම කන්ද ලෙස නාවිකයන්ට සිතෙයි.

සීගිරිය මුදුනේ බොහෝ තැන් නිමවනලෙස අතුරා තිබෙන්නේ චන්ද්‍ර කාන්ති පාෂාණ..ඒනිසා  සීගිරියට ඉහලින් පායන හඳට පුළුවන් රාත්‍රියේ...
21/06/2024

සීගිරිය මුදුනේ බොහෝ තැන් නිමවනලෙස අතුරා තිබෙන්නේ චන්ද්‍ර කාන්ති පාෂාණ..ඒනිසා සීගිරියට ඉහලින් පායන හඳට පුළුවන් රාත්‍රියේ මුළු සීගිරිය ම බබලවන්න...ඒ අත්දැකීම සියැසින් දකින්න ඔබට බොහෝ විට අවස්ථාවක් නොලැබේවි.එනිසා මගේ නෙත් පින් කළ ඒ දසුන් ඔබගේත් දරුවන්ගේත් දැක ගැනීම පිණිස ඔබ වෙත එවමි..

📸 credit එරන්ද ගුනසේකර
( seven days in Sigiriya with prof. Raj somadewa )

ලෝකේ ලොකුම දූපත් 100. බලන්න ශ්‍රී ලංකාව තියෙන තැන 😍
29/05/2024

ලෝකේ ලොකුම දූපත් 100. බලන්න ශ්‍රී ලංකාව තියෙන තැන 😍

💭හරිත කන්ද 💭බොහෝ දෙනා අසා ඇති සුන්දර කදුකර මිටියාවතක් වන හරිත කන්ද ( බෝ පත් තලාව) හැටන් බොගවන්තලාව ප්‍රදේශයේ පිහිටා ඇත. ...
28/05/2024

💭හරිත කන්ද 💭

බොහෝ දෙනා අසා ඇති සුන්දර කදුකර මිටියාවතක් වන හරිත කන්ද ( බෝ පත් තලාව) හැටන් බොගවන්තලාව ප්‍රදේශයේ පිහිටා ඇත. මෙය බොහෝ දෙනා ලංකාවේ බලාපොරොත්තු නොවන තරම්ම විශ්මයජනක වූ අලංකාර භූ ලක්ෂණ වලින් අනූන වූ නිසා මේ ලංකාවද කියල හිතන්න අමාරුයි.

යන අයට 🛵:-

හැටන් නගරයේ සිට බොගවන්තලාවට ගොස් (20km පමණ ඇත) එතැන් සිට හරිත කන්ද මාර්ගයේ මද දුරක් ගිය විට (අවශ්‍ය නම් ත්‍රීවීල් එකකින් ගමන් කළ හැක) පිවිසුමට ළඟා විය හැක. එතැන් සිට හරිත කන්ද camping area එකට ළඟා විය හැකිය.
නැතිනම් තලවකැලේ නගරයේ සිට ආගරපතන නගරයට පැමිණ එතැන් සිට බෝපත්තලාව දක්වා දිවෙන මාර්ගයෙන් ගමන් කළ හැක(ආගරපතන සිට 6km පමණ ඇත)



















වාරයක අවසානය සහ අවාරයක ආරම්භය.🙏☸️❤️📷 මුල් අයිතිකරුවන් සතුය .
24/05/2024

වාරයක අවසානය සහ අවාරයක ආරම්භය.🙏☸️❤️
📷 මුල් අයිතිකරුවන් සතුය .

හිතන්නට යමක්...
21/05/2024

හිතන්නට යමක්...

🔸 ඇටන්වල ගම්මානය 🔸ලංකාවේ ඇති සුන්දරම ගම්මාන අතරින් ඉහළම ස්ථානයක ඇති මේ ගම නකල්ස් වනාන්තරයට මායිම්ව පිහිටා ඇත. මානිගල පර්...
02/05/2024

🔸 ඇටන්වල ගම්මානය 🔸

ලංකාවේ ඇති සුන්දරම ගම්මාන අතරින් ඉහළම ස්ථානයක ඇති මේ ගම නකල්ස් වනාන්තරයට මායිම්ව පිහිටා ඇත. මානිගල පර්වතයට මුහුණලා පිහිටි ඒ අපූරු භූ විෂමතාව මේ ගමේ අනන්‍යතාවයයි. මෙම ප්‍රදේශය නගරයට තරමක් ඈතින් හුදකලාව පිහිටි ප්‍රදේශයක් නිසාම තවමත් අතීතයේ පැවැති ජන රටා මෙහි දැකගැනීමට හැකි අතරම බොහෝ දෙනා කෘෂිකර්මය හා බැඳුණු ආර්ථිකයට හිමිකම් කියයි. ඒ නිසාම මේ ප්‍රදේශය බොහෝ දුරට ස්වයංපෝෂිත ය. ලංකාවේ කුඩාම ගම වන වල්පොලමුල්ල ගම්මානයට පිවිසීමට ඇත්තේද මේ ඇටන්වල හරහායි. මෙහි තුළ ඉතා මනරම් ගංගා දිය ඇලි සුලබ දසුනකි. මෙම ගම්මානයේ බොහෝ වන සතුන් ගැවසෙන අතර ඉහළ ප්‍රදේශයේ වන අලි පවා දැකගත හැකිය. මෙම ප්‍රදේශයට පිවිසීමට ඇත්තේද ලංකාවේ ඇති සුන්දරම මාර්ගයක් වන වලාකුළු වනාන්තර පද්ධති, පතන්, කඳු වැටි අතරින් වැටී ඇති රිවස්ටන් මාර්ගය ඔස්සේ ය.

යන අයට 🛵

🔰මාතලේ රිවස්ටන් පිටවල පතන හරහා ගොස් පිටවලින් දකුණට ඇති රත්නින්ද මාර්ගයේ රත්නින්ද හරහා ගමට පිවිසිය හැක.
හෙට්ටිපොළ, පල්ලේගම, කළුගඟ හරහා ඉළුක්කුඹුර ට ගොස්‌ වම් අතට ඇති මහලකොටුව හරහා ඇති මාර්ගයෙන් රත්නින්දට ගොස් ගමට ඇතුල් විය හැකිය.

එහෙම ගිය පොඩි ගමන් නාවලපිරියේ/ බදුල්ලේ නැවතුනේ ඒ කාලේ...😍
24/04/2024

එහෙම ගිය පොඩි ගමන් නාවලපිරියේ/ බදුල්ලේ නැවතුනේ ඒ කාලේ...😍

දිවියලොකේට යන පාර....1930 ගණන්වල කළුපහණ හන්දිය සහ වර්තමානයේ.❤️🥰📷 credit goes to original photographer
17/04/2024

දිවියලොකේට යන පාර....
1930 ගණන්වල කළුපහණ හන්දිය සහ වර්තමානයේ.❤️🥰

📷 credit goes to original photographer

ලැබුවා වූ අලුත් අවුරුද්ද ඔබේ ජීවිතයට සෞභාග්‍ය උදා වන , ඔබගේ සියලු සිතුම් සහ අභිලාෂයන් පූර්ණ වන සිංහල හා හින්දු අලුත් අවු...
13/04/2024

ලැබුවා වූ අලුත් අවුරුද්ද ඔබේ ජීවිතයට සෞභාග්‍ය උදා වන , ඔබගේ සියලු සිතුම් සහ අභිලාෂයන් පූර්ණ වන සිංහල හා හින්දු අලුත් අවුරුද්දක් වේවා!! යහලුවන්, පවුලේ සුහෘදයන් සහ ඔබ ආදරය කරන සියලු දෙනා සමග මෙම නව වසර ආදරණීය, සමෘද්ධිමත් සහ ආනන්දයෙන් පිරෙණ වසරක් වේවා!!

--Lodging.lk--

මේ පිංතූරෙ වසන්ත කාලෙදි ගත්ත එක්ක. අපි නොදන්නව වුනාට පුංචි මී මැස්සන්ට දවසකට පැය අටක්වත් නිදාගන්න ඕනෙ.  මිනිස්සු වගේම තම...
27/02/2024

මේ පිංතූරෙ වසන්ත කාලෙදි ගත්ත එක්ක.

අපි නොදන්නව වුනාට පුංචි මී මැස්සන්ට දවසකට පැය අටක්වත් නිදාගන්න ඕනෙ.

මිනිස්සු වගේම තමයි මේ අයත් නිදාගන්නෙ රාත්‍රියට වුනාට ඉඳල හිටල මහන්සි වැඩි කමට දවල් කාලෙදිත් පොඩ්ඩක් නිදා ගන්නව.

ඒ වගේ කලාතුරකින් ලැබෙන අවස්ථාවක ගත්ත පිංතූරයක් තමයි මේ.

මලක් ඇතුලෙ මේ දෙන්න නිදාගෙන එන්නෙ එකිනෙකාගෙ අත් කකුල් එකට අල්ලගෙන.

ඒකට හේතු දෙකක් තියනව.. පලවෙනි එක ආරක්ශාව පිලිබඳ හැඟීම.
දෙවනි කාරණේ තමයි මේ අත් කකුල් නිතරම ඉබේ සෙලවෙනව වැඩ කරන්න යන්න මතක් කරන්න. එහෙම සෙලවෙන එක නතර කරන එක තමයි දෙවනි හේතුව.

පෘථිවියේ උතුරු අර්ධ ගෝලයේ අපි තවමත් ඉන්නෙ සීත කාලෙ මැද . මේ කාලෙ හිරු එලිය ලැබෙන්නෙ ඉතාම අඩුවෙන්.

සමහර විට සතිය දෙක යනකල් ඉර එලිය ලැබෙන්නෙ නෑ.
හිම වැටෙනව.. සීතල හුලඟ තදින් හමනව... ආයෙ වසන්තය එනකල් මල් පිපෙන්නෙත් නෑ.

එතකොට මේ මී මැස්සො ජීවත් වෙන්නෙ කොහොමද..?

ඒ අයත් අනිත් බොහොමයක් සත්තු වගේ ඉන්නෙ සිසිර නින්දෙ පතුලටම කිමිදිලා.
එකිනෙකාට බොහොම ලඟින් තුරුළු වෙලා නිදන්නෙ සීතලෙන් ආරක්ශා වෙන්න ඕනෙ නිසයි.

රැස්කර ගත්ත මී පැණි වලින් බොහෝම සුළු ප්‍රමාණයක් පරීසමින් කෑමට ගන්නව.
නමුත් අපි වගේ නෙවේ.. පුළුවන් තරම් අඩුවෙන් කෑම ගන්නෙ අනිත් එක්කෙනාට ඉතුරු කරන්න.

හිතුව හරි.. මේ අයගෙන් සීයට පනහක් හැටක් අතර ප්‍රමාණයක් සීත කාලයේදී මේ ලෝකය අතෑරල යන්න යනව.
ඉතුරු පිරිස බොහෝම පරිස්සමින් වසන්ත කාලෙ එනකල් මග බාලාගෙන පරිස්සමට නිදනව.

ඉස්සර වගේ නෙවේ... බොහොම යුරෝපීය ජාතීන් පරිස්සමින් මී මැස්සන්ව රැකබලා ගන්න උත්සාහ කරනව.

සමහර අය මී මැසි ජනපද කිට්ටුව සීනි මිශ්‍ර දියර භාජන තියනව කුසගින්න නිවන්න.

මී මැස්සො වැඩ කරන එක නැවැත්තුවොත් පරාගනය සිද්ධ වෙන්නෙ නෑ.
"මේ අය නැතිවුනොත් මිනිස්සුන්ට මේ ලෝකෙ ජීවත් වෙන්න පුළුවන් උපරිම කාලය අවුරුදු තුනක් හෝ හතරක් විතරයි."

ඒ ඔක්කොම දැනගෙනත් අපි මේ පුංචි සත්තුන්ට සලකනව හොඳටම මදි.
කෘමි නාශක.. කෘශි රසායන භාවිතය නිසා ලෝක මී මැසි ජනගහනය වේගයෙන් අඩුවෙමින් යන්නෙ.

නමුත් ඉතිහාසය... ජාතිය.. ආගම.. සංවර්ධනය ඔළුවෙ තියන් ඉන්න බුද්ධිමත් මනුස්සයාට ඒකෙ වගක් නෑ. ඒ අය හරි බුධිමත් බව ඒ අයම කියනව.

මී මැස්සො එන්නෙ නැති වත්තක හෝ මිදුලක ලස්සනක් කොහෙන්ද.

වසන්තයේ මුල හැමෝම දකින්න කැමති ලස්සනම දර්ශණය තමයි
"අළුත පිපුන මල් හොයන් එන මී මැස්සො."

මේ අපූරු වැඩ කාරයො මේ මොහොතෙ තද නින්දක ඉන්නෙ.. අපි ඒ අය ආපහු එනකල් බලාගෙන ඉන්නව.!
විශේෂ ස්තුතිය ලිපියේ මුල් අයිතිකරු Malcolm Sang මහතාට

*පිටරට ඉන්න මටත් TIN එකක් ඕන ද ?* 🙄🧐පිට රට ගිහින් ඉන්න ඔයාලට තමයි මේ ලිපිය. මම දන්නවා මේ වෙද්දී ගොඩාක් රට ඉන්න අය මේ ප්‍...
06/01/2024

*පිටරට ඉන්න මටත් TIN එකක් ඕන ද ?* 🙄🧐

පිට රට ගිහින් ඉන්න ඔයාලට තමයි මේ ලිපිය. මම දන්නවා මේ වෙද්දී ගොඩාක් රට ඉන්න අය මේ ප්‍රශ්නෙට හරි උත්තරයක් නැතුව අරගෙන් මෙයාගෙන් අහ අහ ඉන්නවා. එන්න අපි ඒ ගැන හරියට දැනගනිමු...🤗

2024 ජනවාරි 01 වනදා වෙනකොට අවුරුදු 18 ට වැඩි හැම කෙනෙක්ම බදු ගෙවන්නා හඳුනා ගැනීමේ අංකයක් (Taxpayer Identification Number - "TIN") ගන්න ඕන කියලා අපි දන්නවා. ඒ ගැන මගේ පෙර ලිපියක් තියනවා. (ලින්ක් එක පහලින් දාන්නම්). මේ නීතිය ආවේ අංක 2334/21 සහ 2023 මැයි 31 දින දරණ ගැසට් නිවේදනය හරහා. එම ගැසට් නිවේදනයේ විශයභාර අමාත්‍යවරයා සඳහන් කරලා තියනවා TIN එකක් ලබාගත යුතු අමතර පුද්ගල කණ්ඩායම් කවුද (Additional classes of persons) කියලා. එතැනදී කියන්නේ _ලංකාවේ වාසික තැනැත්තන් වන (Resident persons)_ 2023 දෙසැම්බර් 31 වන විට වයස අවුරුදු 18 හෝ ඊට වැඩි පුද්ගලයන් සහ 2024 ජනවාරි 01 වෙනිදායින් පසු අවුරුදු 18 ලබන සියලු දෙනා 18 ලැබීමෙන් පසුව බදු සඳහා ලියාපදිංචි විය යුතු බවයි.

*කවුද මේ ලංකාවේ වාසික තැනැත්තන් කියන්නේ ?* 🤔🤔

2017 අංක 24 දරණ සංශෝධිත ආදායම් බදු පණතේ 69(1) වගන්තියේ කියනවා මෙම පහත පුද්ගලයන් බදු කටයුතු සදහා ලංකාවේ වාසික තැනැත්තන් වෙනවා කියලා.

_1) ඔහු ලංකා වාසය කරයි නම්_

_2) ඔහු යම් බදු වසරක් තුල ලංකාවේ කායිකව (physically) සිටී නම් සහ එම කායිකව සිටීමේ කාල සීමාව හෝ කාල සීමාවල එකතුව මාස 12ක කාල සීමාවක් තුලදී ,දින 183ක් සපුරයි නම් හෝ ඊට වැඩි නම්_

_3) ඔහු ශ්‍රී ලංකාවේ රජයේ සේවකයෙකු හෝ නිලධරයෙකු වේ නම් සහ ඔහුගේ කලත්‍රයා අදාළ බදු වර්ෂය තුල විදේශයක සිටී නම්_

_4) ඔහු ශ්‍රී ලංකා නෞකාවක සේවයේ නියුක්තව සිටී නම් එම සේවයේ නියුක්තව සිටින කාල සීමාව තුළ_

ඉතින් ඔයා මේ උඩ කියන කැටගරි එකකවත් නැත්නම් ඔයා ලංකාවේ වාසිකයෙක් (Resident) නෙමේ. එහෙනම් ඔයාට TIN එකක් ඕනා නෑ.

උඩ කියපු (2) වෙනි කාරණාවනේ ගොඩක් අයට අදාළ වෙන්නේ. ඒ නිසා ඒ ගැන පොඩ්ඩක් කියන්නම්.

හිතන්න ඔයා පසුගිය මාස 12 තුල (මෙතනදි මාස 12 කියල කිව්වම ඒක ජනවාරි සිට දෙසම්බර් වෙන්න ඕනම නැහැ, ඕනම මාස 12ක කාලයක් හොඳේ. ඒ කියන්නේ 2022 නොවැම්බර් ඉඳන් 2023 ඔක්තෝබර් වගේ කාලයක් තුළ වෙන්නත් පුළුවන්) දින 183 කට වඩා ලංකාවේ කායිකව (physically) ඉඳලා තියෙනවා නම් ඔයා ලංකාවේ වාසිකයෙක් (Sri Lankan Resident). එහෙනම් ඔයාට TIN එකක් ගන්න වෙනවා. මේ වාසිකභාවය (Residency status) IRD එකෙන් ප්‍රැක්ටිකලි චෙක් කරන්නේ ඔයාගෙ පාස්පෝට් එකේ Immigration එකෙන් තියල තියන සීල් වල දිනේ බලලා සහ අනිකුත් උපකාරක ලියවිලි වලින්.

ඉතින් ඔයා නිතර ලංකාවට යන එන කෙනෙක් නම් පොඩි වෙලාවක් අරන් හදල බලන්න ඔයා පසුගිය මාස 12 තුළ දින කීයක් ලංකාවේ ගත කරලා තියෙනවද කියලා. ඒ අනුව ඔයාටම තීරණය කරන්න පුළුවන් මට TIN එකක් ඕනද නැත්ද කියලා.

ඔයා රට ගියේ ලඟකදී එන්න නෙමෙයි නම් ඉතින් බය නොවී ඉන්න. හැබැයි ලංකාවේ ඉන්න ඔයාගේ පවුලේ අයට TIN එක ලබා ගැනීම අනිවාර්ය බවත් අමතක කරන්න එපා.

කොහොම වුනත් බදු සම්බන්දව කටයුතු කරද්දී කවුරුවත් කියපු දෙයක්, කොහෙන්වත් දැකපු දෙයක් හොයන්නේ බලන්නේ නැතුව විශ්වාස කරනවට වඩා සුදුසුකම් ලත් බදු උපදේශකයෙක්ගේ උපදෙස් ලබා ගන්න එක නුවණට හුරුයි කියලත් මතක් කරනවා.

වැඩි දුර තොරතුරු සදහා අමතන්න 078 - 49 46 723.

නීතිඥ හේෂානි ජයතිස්ස
වරලත් බදු උපදේශක FCIT (SL)

කරුණාකර කතෘ අයිතිය සුරකින්න.

පෙර ලිපියට සබැඳිය -

https://m.facebook.com/story.php?story_fbid=6927672137309531&id=100002004401859&mibextid=Nif5oz

සංචාරකයන්ට තහනම් උණු, ලංකාවේ ලස්සනම ස්වාභාවික පිහිටීමක් අපේම සම හරක් නිසා තහනමට ලක්වුනා... ඒකත් හොදයි වෙලාවකට. 🌞🌈🌸🌊🌲❤️📸 ...
04/01/2024

සංචාරකයන්ට තහනම් උණු, ලංකාවේ ලස්සනම ස්වාභාවික පිහිටීමක් අපේම සම හරක් නිසා තහනමට ලක්වුනා... ඒකත් හොදයි වෙලාවකට. 🌞🌈🌸🌊🌲❤️

📸 credit goes to Orginal owners

2024 සුබ සිහින ඉටුවෙන, බලාපොරොත්තු ඉටුවෙන අලුත් අවුරුද්දක් වේවා... අපේ රට කොයිතරම් ලස්සන රටක්ද 😍🌿🌼 🇱🇰අන්තිම වෙනකන් බලන්න...
31/12/2023

2024 සුබ සිහින ඉටුවෙන, බලාපොරොත්තු ඉටුවෙන අලුත් අවුරුද්දක් වේවා...

අපේ රට කොයිතරම් ලස්සන රටක්ද 😍🌿🌼 🇱🇰
අන්තිම වෙනකන් බලන්න❤️

𝐁𝐞𝐚𝐮𝐭𝐲 𝐨𝐟 𝐒𝐫𝐢 𝐋𝐚𝐧𝐤𝐚

📸 DM For Credit Or Removal, Credit Always Goes to respective owners💚

-  කදුකරේ මේ නිහඬ පාළු සුන්දරත්වයට  "ඔහිය" ☘️🌼🥺❤️🌳ඔහියේ සිට කෙටි දුරකින් ඔබට නැරඹීමට යාහැකි ස්ථාන....🌿* බඹර කන්ද දිය ඇල්...
30/12/2023

- කදුකරේ මේ නිහඬ පාළු සුන්දරත්වයට "ඔහිය" ☘️🌼🥺❤️🌳

ඔහියේ සිට කෙටි දුරකින් ඔබට නැරඹීමට යාහැකි ස්ථාන....🌿

* බඹර කන්ද දිය ඇල්ල හා ලංකා ඇල්ල.
* යකාගේ පඩිපෙළ ( Devil's Staircase )
* හොර්ටන් තැන්න.
* උඩවේරිය වත්ත ආශ්‍රිතව ඔහිය වනාන්තරය.
* ලංකාවේ දෙවනි උසම කදුමුදුන වෙන කිරිගල්පොත්ත.
* ලංකාවේ තෙවනි උසම කදුමුදුන වෙන තොටුපොළ කන්ද.
* ඔහිය දුම්රිය ස්ථානය හා දුම්රිය උමං මාර්ග.
යමං රට වටේ ගෲප් එකටත් සෙට් වෙන්න 🤟🌳❤🌻🐛☘️🍃
📸Credits to respective owners

Big shout out to our newest top fans! 💎Kapila S Hewage
27/12/2023

Big shout out to our newest top fans! 💎

Kapila S Hewage

ජීවිතේ එක පාරක් හරි වන්දනා කලයුතු උතුම් ශ්‍රී පාදස්ථානය. මේ වන්දනා සමය හෙටින් ඇරබෙන උදුවප් පෝයදිනෙන් ඇරබෙන වගයි....කරුණා...
25/12/2023

ජීවිතේ එක පාරක් හරි වන්දනා කලයුතු උතුම් ශ්‍රී පාදස්ථානය. මේ වන්දනා සමය හෙටින් ඇරබෙන උදුවප් පෝයදිනෙන් ඇරබෙන වගයි....

කරුණා කරමු බැති සිතින් පොලිතින් බැග් සහ ප්ලාස්ටික් බෝතල්වලින් තොරව...

📸 original photographers

ඔබ සැමට සාමය සතුට පිරි සුබම සුබ නත්තලක් වේවා!!! 🎄🎅❄️Lodging.lk අපේ පැතුම
24/12/2023

ඔබ සැමට සාමය සතුට පිරි සුබම සුබ නත්තලක් වේවා!!! 🎄🎅❄️
Lodging.lk අපේ පැතුම

හෝර්ටන් තැන්න වගේම සමානකම් තියෙන පරිසර කලාපයක් තමයි "ගවරවිලතැන්න" මස්කෙලිය 🏜⛰💙⛱📷 original photographer
21/12/2023

හෝර්ටන් තැන්න වගේම සමානකම් තියෙන පරිසර කලාපයක් තමයි "ගවරවිලතැන්න" මස්කෙලිය 🏜⛰💙⛱
📷 original photographer

"කන්නෙළිය" රක්ශිතයේ සුන්දරත්වය 🍃🍁🍂🌺🙊☘️🌾🌸🎋🦋🦋Kanneliya Rain Forest Reserve, Galle |🇱🇰📷 credit goes to original photographe...
18/12/2023

"කන්නෙළිය" රක්ශිතයේ සුන්දරත්වය 🍃🍁🍂🌺🙊☘️🌾🌸🎋🦋🦋

Kanneliya Rain Forest Reserve, Galle |🇱🇰

📷 credit goes to original photographer

🚂 උඩරට දුම්රිය මාර්ගය ඉදිකරන අවධියේදී ගත් වටිනා ඡයාරූප සටහන් පෙළක්.📸 Ceylon railway
17/12/2023

🚂 උඩරට දුම්රිය මාර්ගය ඉදිකරන අවධියේදී ගත් වටිනා ඡයාරූප සටහන් පෙළක්.
📸 Ceylon railway

Address

283/C, Seelawimala Mawatha
Oruwala
10150

Alerts

Be the first to know and let us send you an email when Lodging.lk posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Lodging.lk:

Videos

Share