26/03/2024
කදුකර ගමන් සගයා....!!!
කන්දක් නගිනවා කියන්නේ එක්තරා Target එකක්.. ඒ Target එක කොහොම හරි Achieve කරන්න මං හරි කැමති.💪🧗♂️
කබරගල කන්ද නගිනකොට හම්බුන කෙනෙක් ගැනයි මං මේ කියන්න හදන්නේ. ඉතිං මං මේ කියන්නේ ටොමි ගැන. මගේ භාෂාවෙන් කියනවා නම් මග පෙන්වන්නෙක්, ඔයාලගේ භාෂාවෙන් කියනවා නම් බල්ලෙක්.
අපි මෙයාට නම දැම්මේ ටොමී කියලා. මොකද මගේ අතිජාති මිත්රයා කසුන්ටත් ඉන්නවා ටෝමි කියලා නම දාපු බල්ලෙක්. ඉන්න තැන් දෙක වෙනස් උනත් පෙනුම නම් වෙනසක් නොතිබුන නිසා අපිත් කතා කරේ ටොමී කියලා.
හුග කාලේකට පස්සේ මමයි කසුනයි නාවලපිටියට ගොඩ උනේ, නාවලපිටියෙ උසම කන්ද වුණු කබරගල නගින්න බලාගෙන. කොහොමෙන් කොහොම හරි නාවලපිටියේ බස් එකට ගොඩවෙලා 3 වෙද්දි මේරිවිල හංදියෙන් බැහැලා අපේ ගමන ආරම්භ කරා.
ඉතින් ටෝමී, ඔන්න ඔතනදි තමයි මට ඔයාව මුණගැහෙන්නේ. හරිම ආශාවෙන් අපිව පිළිගත්ත ටොමී අපි එක්ක කන්ද නගින්න ආවේ මහත් උද්යෝගයෙන්. සැරෙන් සැරේ මමයි කසුනයි තැන් තැන් වල ඉදගත්තේ මහන්සි නිසා. ටොමිත් මදකට නතර උනේ අපිත් එක්ක මහන්සිය නිවා ගන්න. "ඉතින් ටෝමී කන්දක් නගිනවා කියන්නේ එක්තරා Target එකක්, ඒ Target එක Achieve කරන්න මං හරි කැමති" කියලා මං ටෝමීට කිව්වා.
හවස 5 විතර වෙනකොට කබරගල පා මුලදි දැකපු කබරගල මුදුනට යන්න තිබුන ආසාව හැබෑ කරන්න අපිට උදව් කරේ ටෝමී. ඝන කැලෑව මැද්දේ පාරවල් වරදිනකොට අපිව අතරමං නොකර හරි පාර පෙන්නුවේ ටෝමී. රූස්ස ගස් යාය මැද්දේ තනිවෙනකොට අපේ තනියට හිටියේ ටොමී...
ඉර බහිනවත් එක්කම කසුන් කුඩාරම ගැහුවේ තනියම. මොකද ටොමියි මමයි හිටියේ ගොඩක් වෙහෙසිලා. කසුන් කුඩාරම ගහලා ඉවර වෙනවත් එක්කම මම පොඩ්ඩක් ඇතුලට ගියේ මහන්සිය නිවාගන්නයි. රෑ වෙනවත් එක්කම අපි රාත්රි ආහාරය ලෑස්ති කලේ ටොමීටත් එක්ක. ඒ වෙද්දි ටොමි අපේ ආරක්ෂාවට අපේ ළගින්ම හිටියා. රාත්රි ආහාරයෙන් පස්සේ අපි කුඩාරමට ගියා නිදාගන්න. ටොමී අපේ ආරක්ෂාවට එලියේ හිටියේ. රෑ 12 පහු වෙන කොටත් අධික හුලං, සීතල නිසා අපිට නින්ද ගියේ තරමක් පහුවෙලා. අධික හුලං නිසා අපි සැරෙන් සැරේ එලිය බලනකොට ටොමී හිටියේ ඇහැරිලා.
උදේ පාන්දර කසුන් නැගිට්ටේ ඉර උදාව බලන්න. මං නැගිටිනකන් පුදුම වදයක් දුන්නේ ටෝමී. අපි කුඩාරමෙන් එලියට එනකොට ටෝමී කුඩාරම අසල හොදටම නිදි. අපි සද්ද නොකර ඉස්සරහට ගියේ ඉර උදාව බලන්න. උදේ 7 විතර වෙනකොට අපි සියලු දේ අස්පස් කරලා යන්න ලෑස්ති උනේ 9ට කොළඹ යන Train එකේ එල්ලෙන්න. ඒ වෙනකොටත් ටෝමී හොදටම නිදි. ඉතින් ටෝමී මං මේ කතාව කියන්නේ උදේ තේ එක බොන ගමන්, ඔයා හොදටම නිදාගෙන ඉන්න වෙලාවේ. එහෙනම් ටෝමී අපිට යන්න අවසරයි. නැවත දවසක අපි ආයේ මුණ්ගැසෙමු..
මීට ටෝමීගේ,
සංචාරකයෝ දෙන්නා.
Memories...✍