04/08/2022
💻 මොකක්ද මේ කෘතිම බුද්ධිය නැතහොත් Artificial Intelligence (AI) කියන්නෙ?
💻 මොකක්ද මේ කෘතිම බුද්ධිය නැතහොත් Artificial Intelligence (AI) කියන්නෙ?
කෘතිම බුද්ධිය, නැත්නම් AI යන යෙදුම අපට ඇසෙන විට, සාමාන්‍යයෙන් මුලින්ම සිහියට නැගෙන්නේ රොබෝවරුන් ය. එ් චිත්‍රපට සහ නවකතා වල අප දැක ඇති පෘථිවියේ විනාශය සිදු කරන මිනිසුන් වැනි යන්ත්‍ර පිළිබඳ කථා ගෙතී ඇති බැවිනි. නමුත් අප එතනින් එහාට සිතීමට උත්සාහ දරන්නේ නම් AI අපට ගොඩක් ප්‍රයෝජනවත් වන බව අවබෝධ කර ගන්න පුළුවන්. මොකද, නූතන ලෝකයේ අපි AI වලින් වට වී ජීවත් වන බැවිනි.
කෘතිම බුද්ධිය කියල කියන්නේ ඉතාමත් ගැබුරින් අධ්‍යයනය කලයුතු ක්ෂේත්‍රයක්. මෙහි එන උප සංකල්ප 2ක් තියෙනව. එකක් තමයි යන්ත්‍ර ඉගෙනීම (Machine Learning) කියන්නෙ. අනෙත් එක තමයි ගැඹුරු ඉගෙනීම (Deep Learning) කියන්නෙ.
මුළින්ම බලමු මොකක්ද මේ Machine Learning කියන්නෙ කියල. මිනිසුන්ට අතීතයේ ලැබුන අත්දැකීම් තුළින් සහ ඉගෙනගන්නා ලද දැනුම තුළින් පුළුවන්කමක් ලැබිල තියෙනව අනාගතය පිළිබද තිරණ ගන්න.
ඒ වගේම තමයි අතීත දත්ත ඇතුලත් කරල එම දත්ත භාවිතයෙන් ඉගෙනගෙන තීරණ ගැනීමට හැකියාවක් ඇති යන්ත්‍රයක් නිපදවන්න පුළුවන් නම් බොහෝ කටයුතු පහසු කරගන්න හැකියාව ලැබෙනව. එවැනි යන්ත්‍රවලට පුළුවන් නිශ්චිත ඉලක්ක අවබෝධ කර ගැනීමට, ඒ ගැන ඉගෙනීමට සහ එම ඉගෙනීම තුළින් තීරණ ගැනීමට. එවැනි ක්‍රමයක් හඳුන්වන්නෙ යන්ත්‍ර ඉගෙනීම නැතහොත් Machine Learning කියල.
අපි උදාහරණයක් ආශ්‍රයෙන් එය පැහැදිළි කරගනිමු. මනුස්සයෙක් බල්ලෙක්ව හඳුනාගන්නා ආකාරය ගැන සිතන්න. ඔහුට බල්ලෙකුගේ හැසිරීම් රටාව, හැඩය, වර්ණය සහ විවිධ වර්ගයේ බල්ලන් පිළිබඳ පෙර අත්දැකීම් මෙන්ම අවබෝධයක් සහ දැනුමක් තියෙනව. ඒ දැනුම තුළින් ඔවුන්ට ක්ෂනිකව බල්ලෙකු දුටු විගස හඳුනාගැනීමේ හැකියාවක් ලැබිල තියෙනව.
එතකොට කොහොමද යන්ත්‍රයක් බල්ලෙක්ව හඳුනාගන්නා ආකාරයට නිර්මාණය කරන්නෙ. ඒ කියන්නෙ යන්ත්‍රයකට බල්ලකු පිංතූරයක් ලබා දුන් පසු යන්ත්‍රය එම සතාව ස්ව්‍යංක්‍රීයව හඳුනාගන්නා ආකාරයට නිර්මාණය කරන්නේ කොහොමද?
ඒක කරන්න නම් අපිට පුළුවන් බල්ලන්ගේ සහ අනෙකුත් සතුන්ගේ පිංතූර ඇතුලත් කරල Programme එකක් නිර්මාණය කරන්න. එම programme එකට එහි අඩංගු පිංතූර වලට සමාන බල්ලකුගේ පිංතූරයක් ඇතුල් කළහොත් එම සතාව හඳුනා ගන්නවා.
ගැටළුවක් වෙන්නේ එහි ඇති පිංතූර වලට අසමාන බල්ලකුලේ පිංතූරයක් ඇතුලත් කළහොත් කොහොමඳ එම සතා හඳුනාගන්නේ කියන එක. එවැනි අවස්ථාව වලදිතමයි මේ Machine Learning භාවිතා කරන්න සිදු වෙන්නේ.
කොහොමද ඒක කරන්නේ. ඊලගට ගැටළුව තමයි එය. ඒ සඳහා බල්ලන්ගේ සහ අනෙකුත් සතුන්ගෙ පිංතූරයක් රාශියක් ලබාදීමෙන් මෙම Machine Learning Programme නිර්මාණය කරන්නව. ඒ වගේම Machine Learning Model එකක් නිර්මාණය කරල එය පුහුණු කරනවා බල්ලන්ගේ පිංතූරවල Patterns හඳුනා ගන්න. එහිදී බල්ලන්ගේ හැඩයන් මොනවගේද, බල්ලන්ගෙ ස්වරූපයන් මොනවද, ඔවුන්ගෙ වර්ණ ආදි බල්ලන්ගේ ලක්ෂණ මොනවාද කියල එම යන්ත්‍රයට තනිවම හඳුනා ගැනීමේ හැකියාවක් ලබාදෙනව. ඒ ආකාරයට මෙම Programme එකට ලබාදී ඇති සියළුම සතුන්ගේ Patterns තනිවම ඉගෙන ගැනීමට හැකි ආකාරයට Programme එක නිර්මාණය කරනව. එය හඳුන්වන්නේ Machine Learning කියල.
දැන් ඔබට පැහැදිලි ඇති මොකක්ද මේ Machine Learning කියන්නෙ කියල. දැන් මේ Machine Learning Application විසින් තමයි Facebook වල Photo Tagging ක්‍රියාත්මක කරන්නෙ. ඒ වගේම YouTube වල අපි හොයන දෙයට සමාන දෙවල් අපිට ලබා දෙන්තේ (Recommendations) මේ Machine Learning Application විසින් තමයි.
එකකොට මොකක්ද මේ AI කියන්නේ? AI කියන්නේ මිනිසුන් මෙන් වැඩ කරන්න පුළුවන් යන්ත්‍රයක් වශයෙන් හඳුන්වන්න පුළුවන්. මෙහි ඇති විශේෂත්වය වන්නේ මිනිසුන්ගේ සහාය නොමැතිව පවතින දත්ත වලින් ස්වයංක්‍රීයව ඉගෙන ගැනීමට මෙම යන්ත්‍ර වලට ඇති හැකියාවයි. ඒ සඳහා යන්ත්‍රයට පෙළ, රූප සහ ශ්‍රව්‍ය වැනි දත්ත විශාල ප්‍රමාණයක් අවශෝෂණය කර ගැනීමට ඉඩ සලසයි. ඕනෑම AI පද්ධතියකට පහත ලක්ෂණ කිහිපයක් තිබිය යුතුය. එනම් නිරීක්ෂණ හැකියාව, විශ්ලේෂණ හැකියාව, ගැටළු විසඳීම හැකියාව සහ ඉගෙනීම ආදිය. එවැනි පද්ධතියක් AI පද්ධතියක් වශයෙන් හඳුන්වන්න පුළුවන්.
වර්තමානයේ AI අපගේ එදිනෙදා ජීවිතයේ බොහෝ කාර්යයන් සඳහා සහයෝගීතාවය ලබා ගන්නව. Alexa වැනි උපකරණ, Siri වැනි මෘදුකාංග, Amazon හි නිෂ්පාදන නිර්දේශ කිරීමට, Netflix සහ Spotify හි පෞද්ගලීකරණය කළ නිර්දේශ ලබාදීමට, Google හි අප කරන සෑම සෙවීමක්ම ක්ෂණිකව ලබාදීමට, වංචනික ක්‍රෙඩිට් කාඩ්පත් වලින් මිලදී ගැනීම්වලදී වන ආරක්ෂක ක්‍රියාවන් පරීක්‍ෂා කිරීමට, ශරීර සෞඛ්‍යය තත්ව සහ යෝග්‍යතා සොයාබැලීම වැනි කටයුතු වලදී AI භාවිතා කරනව.
මහාචාර්ය ස්ටීවන් හෝකින් විසින් AI පිළිබඳ අදහස් දක්වල තියෙනව. ඔහු පවසා ඇති ආකාරයට, "AI නිර්මාණය කිරීමේ සාර්ථකත්වය මානව ඉතිහාසයේ විශාලතම සිදුවීම වනු ඇත." හෝකින් තවද සඳහන් කර ඇත්තේ, "අවාසනාව වන්නේ, අවදානම් මඟහරවා ගන්නේ කෙසේදැයි අපි ඉගෙන නොගන්නේ නම්, එය මනුෂ්‍ය වර්ගයාගේ අවසනය ද වීමට හැකි බවයි."
ඔහු පවසන ආකාරයට "පූර්ණ කෘත්‍රිම බුද්ධිය වර්ධනය කිරීමෙන් මනුෂ්‍ය වර්ගයාගේ අවසානය සඳහන් කළ හැකිය." මක් නිසාද යත් තනිවම සිතිය හැකි තනිවම ක්‍රියා කල හැකි සහ තනිවම තීරණ ගත හැකි යන්ත්‍රයක් නිශ්පාදනය වූ දවසට මානව ඉතිහාසයේ මහා වෙනසක් සිදුවීමට ඉඩ ඇති බැවිනි. ඒ සඳහා දැනට පවතින AI නිර්මාණය තව තවත් දියුණුවටපත් විය යුතුය.
දැනටමත් සමහර රටවල් AI භාවිතයෙන් ස්වයංක්‍රීයව ක්‍රියා කරන ආයුධ නිර්මාණය කිරීමට පවා පෙළඹිලා තියෙනව. අද භාවිතා වන විශ්මයජනක AI තාක්ෂණය භාවිතයන් රාශියක පදනම වෙලා තියෙන්නේ AI. උදාහරණ ලෙස ද්‍රව්‍යයන්ගේ අන්තර්ජාලය (Internet of Things - IoT), අතථ්‍ය යථාර්ථය (Virtual Reality), චැට්බෝට් (Chatbots), මුහුණු හඳුනාගැනීම (Facial Recognition), රොබෝ විද්‍යාව (Robotics), ස්වයංක්‍රීයකරණය (Automation) සහ ස්වයංක්‍රීය මෝටර් රථ (Self-driving cars) පෙන්වා දිය හැකිය.
තාක්ෂණය ඉතා වේගයෙන් වර්ධනය වන අතර දිනෙන් දින විවිධ නව තාක්ෂණයන් සමඟ සම්බන්ධ වෙමින් පවතින අතර පරිගණක විද්‍යාවේ නැගී එන තාක්ෂණයන්ගෙන් එකක් වශයෙන් AI පෙන්වා දිය හැකිය. 4 වන කාර්මික විප්ලවයේ නවෝත්පාදන බොහොමයක පදනම වී ඇත්තේ AI බව පෙනී යයි.
-------------------------------------------------------------------------
මම හිතනවා ඔබ Dropbox පිළිබඳව යම් අවභෝදයක් ලබා ගන්න ඇති කියල.
ඔයාලට තවත් මෙවැනි තොරතුරු දැනගැනීමට vBlended Learning page (https://www.facebook.com/vblearning/) එකට like එකක් දාන්න.
ඒ වගේම ඔයාලාත් මේ ගැන තව ගොඩක් දේවල් දන්නවා ඇති එහෙම නැත්නම් Post එකේ දෙයක් නිවැරදි වෙන්න ඕනේ කියලා හිතෙනවා ඇති. එන්න අපි ඒ හැමදේම පහළ Comment Section එකේ කතා කරමු.