HDK Travels & Polonnaru Cab service

HDK Travels & Polonnaru Cab service ,,,,,
(2)

22/11/2023
08/11/2023

13.4K likes, 501 comments. “දාගන එන්න අමතක උනා කියාහන් කෝ ..👉👉 ඒ මොකක්ද දන්න අය කියන්න බලන්න .😁🤭 🇱🇰 ...

15/10/2023
15/10/2023

Check out hdk's video.

30/09/2023

🙂🙂

30/09/2023

චූටි සත්‍ය කතාවක් 🙃

උදේට හයර් එක ගන්න ගියාම
ශා බස් එකේ ලස්සන 🥰
අම්මෝ මේක ඇතුලෙ සුවඳ 🥳
මෙහෙම කියාගෙන තමයි ඇතුලට ඇවිත් වාඩිවෙන්නෙ, උදේ කෑම කන තැනට ගිහින් කෑම කාලා අත පිහදගන්න ලේන්සුවක් නැති උනාම ලස්සන බස් එකේ කර්ටන් එක එයාලට ලේන්සුවක් 🙂 ඒ වගේම ටිකක් දවල් වෙනකොට සුපිරි බස් එක ඒ අයට සුපිරි හෝටලයක්, බිස්කට් පැකට්, කෑම වල සමහර කැබලි බස් එකේ ඕනිතරම් බලාගන්න පුළුවන්, රෑ වෙනකොට කට්ටිය පදමට සප්පායම් උනාම හිස් බෝතල් දාන්නෙත් බස් එක ඇතුලෙ, සිගරට් ෆිල්ටර් හැම තැනම, අන්තිමේට ගෙදර ඇවිල්ලා බැහැලා යද්දි උදේ ගෙනාපු වතුර බෝතල්, අර උඩින් මම කියපු ගොඩක් දේවල් වගේ ඒවා බස් එකට තෑගි විදිහට තියලා තමයි යන්නෙ, ගොඩක් වෙලාවට හයර් එකක් ගිහින් එන්නෙ පාන්දර 2 ට 3 ට විතර, හැබැයි එයාලව ඒ වෙලාවෙ ගෙදරින් බස්සලා ආයෙත් උදේ 4.00 ට තව හයර් එකක් ගන්න යන්න තියෙනව කියලා එයාල දන්නෙ නෑ. එයාලව පරිස්සමින් උදේ නැග්ග තැනින් වෙනුවට ගෙවල් ලඟටම ගිහින් බස්සලා ඉතුරු වෙන පැයේ හරි දෙකේ හරි බස් එකත් කලින් දවසෙ උදේ තිබුනා වගේම ලස්සනට හදාගෙන නාලා පිරිසිදුවෙලා ඇහැට නින්දක් නැතුව ආයෙත් තව පිරිසක් එක්ක ගමනේ 😊

ට්‍රිප් යන ගොඩක් අය ඔය කතාව දන්නෙ නෑ ඉතිම්, පුලුවන්නම් ඔයාලගෙ ට්‍රිප් එක දවසට උදේ අරන් ගිය දේවල් ආපහු අරගෙන එන්න. කුණු බස් එකේ හැමතැනම දාන්නෙ නැතිව කසල බඳුනකට දාන්න. කට්ටිය නරඹන්න යන ගොඩක් තැන්වල වාහන පාර්ක් එකේ ඕනි තරම් කසල බඳුන් තියෙනවා. ඉතින් ඔයා මොන බස් එකේ ගියත් එ බස් එකේ සේවය කරන අයට ඔයා ඒ කරන දේ ගොඩාක් වටීවි ❤️

උපුටා ගැනීමක්..😊❤️

28/07/2023
28/07/2023

මිනිස්සු දුෂ්කරයි කියල අත හැරියෙ ලස්සනම තැන් 💚

📸 Mohan Dion

19/07/2023
19/07/2023
19/07/2023

මස්කෙලිය ප්‍රදේශයේ සිදු වූ කණගාටුදායක සිදුවීමක්.

මස්කෙලිය ප්‍රදේශයේ වතුකම්කරුවන් පිරිසකට තේ වත්තක සිටි කොටි පැටවුන් දෙදෙනෙකු හමුවී ඇති අතර එම පැටවුන් වනජීවී දෙපාර්තමේන්තුවට ලබා දීම සඳහා මෙලෙස රැගෙනවිත් ඇතැයි වාර්තා වේ.

බොහෝ තේ වතු ආශ්‍රිතව කඳුකර කොටි වාර්තා වන අතර ඔවුන් තමන්ගේ පැටවුන් ඔවුන්ට ආරක්ෂිත යැයි සිතෙන ස්ථාන වල (තේ වතු ආශ්‍රිතව පවා) සඟවා දිවා කාලයේදී ආහාර සොයා යෑම සිදු කරයි.

එවැනි අවස්ථාවන් වලදී මෙලෙස කොටි පැටවුන් දුටුවිට බොහෝ දෙනා සිතන්නෙ අතරමං වී ඇති පැටුවුන් ලෙසය. එලෙස සිතා කොටි පැටවුන් එම ස්ථානයෙන් ඉවත් කිරීම සිදුකරයි. එලෙස සිදුකිරීම නිසාවෙන් සිදු වන්නෙ මවු සතුන්ගෙන් පැටවුන් වෙන්වීමයි. ඇතැම්විට නැවත මවු සතුන් වෙත කොටි පැටවුන් ලබා දීමට කටයුතු කලද මිනිසුන් විසින් කොටි පැටවුන් ඇල්ලීම නිසා මවු සතුන් පැටවුන් ප්‍රතික්ෂේප කරනු ලබයි. මවු සතුන් මෙන් 100% පැටවුන් පෝෂණය කිරීමේ හැකියාවක් වනජීවී නිලධාරීන්ටද නොහැකි අතර නැවත පැටවුන් වනාන්තරයට හුරු කිරීම අසීරු කටයුක්තක් නිසාවෙන් නිරෝගී වනජීවී සම්පතක් අපට අහිමි වේ.

එම නිසාවෙන් මෙලෙස යම්කිසි ස්ථානයක පැටවුන් දුටුවහොත් ඔවුනට එම ස්ථානයයේම ආරක්ෂාව සලසා වනජීවී නිලධාරීන් දැනුවත් කිරීම කල යුතු වේ. එමගින් වනජීවී නිලධාරීන්ට පැටුවන් පිලිබඳව අධ්‍යනයේ නිරතව පැටවුන් අතරමං වී ඇත්දැයි නිගමනය කොට අවශ්‍ය කටයුතු සිදුකල හැකි වේ.

කොටි වාර්තාව වන ප්‍රදේශ වල ජනතාවගේ නොදැනුවත්කම නිසාවෙන් වටිනා වනජීවී සම්පත් අපට අහිමිවීම සිදුවන අතර ඒ පිළිබඳව අදාල ආයතන හා නිලධාරීන් මැදිහත් වී ප්‍රජාව නිරන්තරයෙන්ම දැනුවත්කොට සංරක්ෂණය සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගතයුතුව ඇත.

තොරතුරු උපුටාගත්තේ - Environmental Terrorist _ පරිසර ත්රස්තවාදීයා පිටුවෙන් 🙏

08/07/2023
08/07/2023
08/07/2023
05/01/2022
09/12/2021
09/12/2021

Address

Kaduruwela
Polonnaruwa

Telephone

+94779370825

Website

Alerts

Be the first to know and let us send you an email when HDK Travels & Polonnaru Cab service posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Videos

Share

Category