Lions Dale Tours

Lions  Dale Tours Tour Guide Travels & Tours company in Sri Lanka.
(2)

06/04/2024

Lions Dale Tours
Located Near BIA airport,Sri Lanka
0094712608319
[email protected]
Come to Sri Lanka We Care You!💐💐❤️❤️

Send a message to learn more

02/04/2024

Come to Sri Lanka We Care You!
Lions Dale Tours
[email protected]
+94712608319
Located Near BIA airport, Sri Lanka.

Lions Dale Toursinfo@lionsdaletours.com+94712608319Located Near BIA airport Sri Lanka.
30/03/2024

Lions Dale Tours
[email protected]
+94712608319
Located Near BIA airport Sri Lanka.

Thanks for choosed us Mr.Sachi (India💐💐)
30/03/2024

Thanks for choosed us Mr.Sachi (India💐💐)

Thanks for choosed us Mr.Manoj and Mr.Abishak (India💐💐)
29/03/2024

Thanks for choosed us Mr.Manoj and Mr.Abishak (India💐💐)

Thanks for travel with us (Sweden💐💐)
29/03/2024

Thanks for travel with us (Sweden💐💐)

Thanks for travel with us( Turkiye 💐💐)
29/03/2024

Thanks for travel with us( Turkiye 💐💐)

29/03/2024

Come to Sri Lanka We Care You❤️❤️👍

15/11/2022

අප ඉපදුණු දා පටන් ගෙවෙන මොහොතක් පාසාම වෙහෙස වන්නේ, කාලය වැය කරන්නේ මේ ජීවිතය සාරථක කර ගැනීමටය.

මේ ජීවිතය අවුරුදු හැට හැත්තෑවකින් ඉවර වන මුත්, අප අතීතයේ ගෙවා පැමිණි සංසාරයේ දිග උපමාවලින් වත් කියා දැක්වීමට නොහැක. එලෙසින්ම ඉදිරියට යෑමට තිබෙන සසරේ දීර්ඝ බවත් එලෙසින්මය.
සෑම මොහොතක් පාසාම සිතිවිලි ජනිත වේ. ඇතැම් සිතිවිලි වචන වලට පෙරළේ. ඇතැම ඒවා ක්‍රියාවන් බවට පත්වේ. සිතෙහි හටගන්නා ඒ සිතිවිලි වල පටන්, වාචික හා කායික වශයෙන් සිදු කරන දේ දක්වා අප අපේ සංසාරය ගොඩ නඟා ගනිමු. මේ සසර වෙන කෙනෙක් විසින් අපට තනා දෙන්නක් නොවේ. අපම විසින් තනා ගන්නකි.
ඉහත දැක්වූ මානසික, වාචික හා කායික ක්‍රියාවන් වලින් භවය සෑදේ. විපාකය යනු භවයයි. අප අද මේ භුක්ති විඳින සියලු සැප දුක් මැදහත් වේදනා, සියල්ල අප විසින්ම ගොඩ නඟා ගත් දේය. එනමුත් ඒවා කවදා කොතනදී ගොඩ නඟා ගත්තාදැයි අද අපිට මතක නැත.

නමුත් අපමණ පාරමී පුරා ප්‍රඥාව වඩවාගත් සම්මා සම්බුදු රජාණන්වහන්සේට ඒ ප්‍රඥාව ඇත. උන් වහන්සේට අතීත සංසාරය බැලිය හැකි ප්‍රමාණය නිමක් නැත. උන් වහන්සේගේ අවබෝධය නිමක් නැත. සෑම විපාකයකටම හේතු වූ කර්මය උන් වහන්සේ අතැඹුලක් සේ දන්නා සේක. එසේ දැන කර්ම හා විපාක ලෝකයාට දේශනා කරයි. එසේ දේශනා කරන්නේ මේ සසරේ භයානක බව අවබෝධ කර ගැනීමටයි.

අප වැඩිපුරම සතර අපායන්හි දුක් විඳ පැමිණ අද මේ ගෙවන මිනිස් ජීවිතය සුගතියකි. නමුත් අනෙක් භවයන් හා සසඳා බලන කල මිනිස් භවයක ඇති ආයුෂ ඉතාමත් අල්පය. අනෙක් භව වල ආයුෂ මනින්නේ කල්ප වලිනි. ඒවා අවුරුදු වලින් ගත් කල මිලියන බිලියන ට්‍රිලියන ගණන් ය. සතර අපායට නොගිය කෙනෙක් නැත. කටු ඉඹුලෙහි දුක් නොවිඳි කෙනෙක් නැත. ගින්නෙන් පිච්චි පිච්චී සරණක් සොයා ගිනි මතම එහාට මෙහාට දිව් අපට අද මදක් අව්වේ සිටීමට අපහසුය.
මේ සසර කවර නම් හිස් වූ දෙයක්ද..!
නැවතත් කර්ම සකසා ගන්න්නේ එවැනි දුක් විඳීමටය..

ප්‍රේත ලෝක වල සෙම් සොටු අසූචි අනුභව කරමින් දුක් විඳි දේ අපට අමතකය. තිරිසන් ලෝකයේ සතුන් දුක් විඳින අයුරු බලන්න. පිටතින් බැලූ විට අපට ඒවා සුන්දරත්වයක් ලෙස පෙනිය හැක. ඡායාරූපයකට ලස්සනට දිස් වෙනු ඇත. නමුත් ඒවා දෙස බැලිය යුත්තේ ඔවුන්ගේ සිතට ගොස් ය. ඔවුන් කයෙන් සිතෙන් විඳින දුක සිතන්න. සෑම විටම බිය, කුසගින්න, ද්වේෂය, රාගය , මෝහය හැර අන් දෙයක් ඒ සිත්වල නැත. බෝම්බ වලට බියෙන්, යුද්ධ වලට බියෙන් , ලෙඩ දුක් වලට බියෙන් අප කල් ගෙවන විට සිතේ කවර නම් සතුටක්ද.. නමුත් අපට ඒවා වලින් මිදී සතුටු විය හැකි අවස්ථා ඇත. පින් දහම් කර, බණ භාවනා කර සිත පිරිසිදු කර ගැනීමෙන් සතුටු විය හැක. එවැනි අවස්ථාවක් නොමැති ඒ තිරිසන් ලෝකයේ දුක කොපමණද යන්න හිතා බලන්න.

එසේ අනන්ත අපමණ දුක් විඳ පැමිණි අප මේ මිනිස් ජීවිතය තුළ අසීමිතව කාර්ය බහුල වී සිර වී නැවත සතර අපායටම දොර විවර කරගනී. ඇතැමුන් කුසලයක් කොට දෙව් බ්‍රහ්ම ලෝකවලට යති. නමුත් ඒ සැපයද තාවකාලිකය. ඒ පින නිමාවූ පසු නැවත මේ සසරේ දුකට වැටෙයි. නැවත පව් පින් කරයි. මේ සසර චක්‍රයක් ලෙසින් හඳුන්වන්නේ එනිසයි. නොයෙක් දෘෂ්ටි වලට බැස ගනිමින් නිරන්තර සංස්කාර ජනිත කර ගනිමින් මේ තාවකාලික ජීවිතය නිකරුණේ ගෙවා දමයි. අවසානයේ දුක් විඳියි.

සම්මා සම්බුදු රජාණන් වහන්සේ නමක් ලොවට පහළ වන්නේ මේ සංසාර චක්‍රයෙන් මිදෙන මාර්ගය පෙන්වා සදාකාලික නිවීමට සිත පත් කිරීමටයි. සසර ගමන නිමා කරලීමටයි.
උන් වහන්සේ මේ සංසාර ගමනේ භයානක බව සෑම කෙනෙක්ටම වඩා අවබෝධ කර ඇත. නමුත් ඒ සර්වඥතා ඥාණයෙන් කියු දේ පසෙක ලා, අප දුවන්නේ වෙන දේවල් පසු පසය. තණ්හාවෙන් නිරන්තරයෙන් බැට කමින් ආශාවම සන්තර්පණය කරයි.

අප කල යුත්තේ එය නොවේ. පසුතැවෙන්නට ඉඩ නොතබන්න.. ප්‍රඥාවටම මුල් තැන දෙන්න. අවම වශයෙන් සෝවාන් ඵලයෙන් වත් සැනසෙන්නට නොහැකි නම් මේ බුදු සසුනත් අහිමි කරගත්තා වෙයි. අතීතයේ අප පසුකර පැමිණි බුද්ධ ශාසන ගණන කොපමණද.. ඒ බුද්ධ ශාසන වලත් අප ඇතැම් විට අපායන්හි පැසෙන කර්ම කරන්නට ඇත. කල්ප ගණන් නිරා දුක් විඳින්නට ඇත. කෙසේ හෝ මේ අපට ලැබී ඇති ක්ෂණ සම්පත්තිය සුළු දෙයක් නම් නොවේ.

බාහිර ලෝකයට දී ඇති වටිනාකම් මදින් මඳ අවම කරන්න. තමන්ගේ සිත දෙසට හැරෙන්න. ඒ සඳහා භාවනා කරන්න. භාවනා කරමින් තම සිත දෙසට හැරී, සිත දකින්නට පුරුදු වෙන්න. සිත නොදක්නා තෙක් මේ ධර්මය සංඥා මාත්‍රයක් පමණි. කරුණු ටිකක් පමණි.
ධර්මය යනු සිතමය.
සිතෙන් දැකිය යුතු දෙයකි.
පංචස්කන්ධය ඔබ සැබවින්ම නොදක්නා තෙක් , වචන වලින් තේරුම් ගන්නා පංචස්කන්ධය හුදු සංඥාවක්ම පමණි. ධ්‍යාන , නිවන ආදියද එලෙසින්මය. වචන වලින් පිටින් මේ ධර්මය අවබෝධ කර නොහැකිය. එය දැකිය යුත්තේ සමාධියෙනි. ප්‍රඥාවෙනි. ධර්මය දැකීමට විවර කරගත යුත්තේ සමාධියයි. සමාධිය වැඩෙත්ම ප්‍රඥාවද ක්‍රමයෙන් වැඩෙයි.

ධර්මය දැකීමෙන් පමණක්ම බුදු රජාණන් වහන්සේ දැකිය හැකිය. ධර්මය දකින්නේ යම් තාක් දුරකටද ඒතාක් දුරකට බුදු රජාණන් වහන්සේ දැකිය හැකිය. රහත් වූ කෙනෙක්ට බුදු පියාණන් වහන්සේ ගැන ඇතිවන අසීමිත ගෞරවය, ප්‍රසාදය, ශ්‍රද්ධාව උපරිම වන්නේ උන් වහන්සේලා ධර්මය තුළින්ම තම හදවත තුළින්ම බුදු රජාණන් වහන්සේ දැක ඇති බැවිනි.

ධර්මය ගෝචර වන්නේ ප්‍රඥාවන්තයන්ට පමණි. ප්‍රඥාව යනු සංස්කාරන්ගේ ය්ථා ස්වභාවය දැකිය හැකි තරම් විනිවිද යන ප්‍රඥාවක් ඇති අයයි. "ඇවිත් බලන්න" ලෙසින් ප්‍රඥාව ඇති ඕනෑම කෙනෙක්ට විවෘතව අභීතව ආරාධනා කර හැකි සාන්දිට්ඨික ධර්මයකි.

ඒ ධර්මය අවබෝධ කර ගනිමින් සසර ගමන මේ ජීවිතය තුළඳීම කෙළවර කර ගැනීමට අප සියළු දෙනාටම ඉක්මනින්ම හැකියාව උදා වෙවා...!
මන්ද යත් ඉතිරිව ඇති කාලය ඉතා සීමිතය...!!!

අමා සුව

Address

No 478/3, Raddoluwa Raddolugama
Raddoluwa
11410

Alerts

Be the first to know and let us send you an email when Lions Dale Tours posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Videos

Share

Category


Other Tour Guides in Raddoluwa

Show All