පාද යාත්‍රා

  • Home
  • පාද යාත්‍රා

පාද යාත්‍රා Pada Yatra is a page and group created to bring nature and other places of tourist attracti

30/07/2023

මතක පමනක් ඉතුරු කරල අපි හැමෝම ලොකු දුර ගමනක් යයි කවද හරි.🕵️‍♂️
රස්තියාදුකාරයෙක් වෙන්න🧭🚶.තප්පරෙන් තප්පෙරේට ගෙවිල යන කාලය⏳⏱
සොදුරු මතකයන් එකතු කරන📖😌🍃

03/06/2023

🙏🏵️

27/05/2023

💚

මහතලා වරුණ~~~~~~~~~~~ලිපි අංක 05 - "පත්තිනි දෙවොළේ තේරු උත්සවය"හින්දු දහමේදී දෙවඟනන්ට හිමි වන්නේ සුවිශේෂ ස්ථානයකි. එහිදී...
12/03/2023

මහතලා වරුණ
~~~~~~~~~~~
ලිපි අංක 05 - "පත්තිනි දෙවොළේ තේරු උත්සවය"

හින්දු දහමේදී දෙවඟනන්ට හිමි වන්නේ සුවිශේෂ ස්ථානයකි. එහිදී ලක්ෂ්මි, සරස්වතී, දුර්ගා දේවීන් පිළිවෙළින් ධනය, අධ්‍යාපනය, ශක්තිය ගෙන දෙන බවට විශ්වාස කෙරෙන අතර, කරුණාව දයාව ඉස්මතු කරන පත්තිනි මෑණියන් මඟින් මාතෘත්වය පිළිබිඹු කරන අන්දම හඳුනාගත හැකිය.

ඉන්දියාවේ වැසියෝ පත්තිනි මෑණිය කමාච්චි, කාන්චි යන නමින්ද මදුරාසියේදී මීනාච්චි නමින්ද කාසි ප්‍රදේශයේදී විශාලච්චි නමින්ද හඳුන්වති. මෙහිදී පත්තිනි මෑණියන් විශේෂයෙන් පතිවෘත්තා මෑණියන් ලෙස හඳුන්වනු ලබන අතර, ස්වාමි භක්තියෙන් වැඩුණු පවිත්‍රතත්වය උතුම් ලෙස ආරක්ෂා කළ දෙවඟනක වන ඇය නමස්කාර කිරීමෙන් කාන්තාවෝ යහපතත් ශාන්තියත් බලාපොරොත්තු වෙති.

ලෝකයේ නොයෙක් තැන්හි පත්තිනි දේවාල ඉදි කර ඇති අතර, ලංකාවේද විවිධ ස්ථානවල පත්තිනි දේවාල පිහිටා තිබේ. මේ අතර ඓතිහාසික මාතලේ පුරවරයේ සුන්දර කඳුවළල්කට මැදිව ඉදි කර ඇති ශ්‍රී මුත්තුමාරි අම්මාන් දේවස්ථානයට හිමි වන්නේ සුවිශේෂ ස්ථානයකි.

මේ දේවස්ථානයේ ආරම්භය පිළිබඳ විවිධ මත පවතින අතර, විවිධ ජාතීන් ලංකාවට පැමිණීමත් සමඟ විශේෂයෙන් හින්දු භක්තිකයන්ගේ පැමිණීමත් සමඟ මේ දෙවොල ආරම්භ කිරීමට ඇති බවට අදහසක් පවතී. කෙසේ වෙතත් මෙය අතීතයේ සිට පැවත එන පූජනීය ඓතිහාසික ස්ථානයක් බවට විවිධ සාක්ෂි පවතින අතර, ඉන්දීය ජනයාගේ පැමිණීමත් සමඟ ශිව දෙවියන් මෙන්ම අනෙකුත් දෙවියන් නැමදීම සඳහාද හින්දු භක්තිකයන් මේ දෙවොල කරා පැමිණෙන්න ඇති බව ඉතිහාසයේ දක්නට ලැබේ. අද වන විට මේ පත්තිනි දේවාලය මුළුමහත් දිවයිනේ හින්දු මෙන්ම බෞද්ධ ජනතාවගේ නිරන්තර වන්දනා මානයට පාත්‍ර වන සථානයක්ව ඇති අතර සියලු ජනයා මහත් භක්තියෙන් යුතුව මෙහිදී පත්තිනි මෑණියන් වෙත සිය පූජෝපාහාර පවත්වති.
ඉතා මනරම් වූ භූමි භාගයන්ගෙන් සම්න්විත, කෙත්වතුවලින් හෙබි වඩාත් සශ්‍රික වූ බෞද්ධ සිද්ධස්ථානයන්ගෙන් පිරි මාතලේ නගරයේ කුඩා ස්ථානයක මුත්තමාරි අම්මන් දෙවොල පිහිටා ඇත. නගරයේ ව්‍යාපාරික පිරිස් සහ ප්‍රභුන් විසින් පාලක මණ්ඩලයකින් සමන්විතව දේවාලයේ කටයුතු සංවර්ධනය කරන අතර මූලාරම්භයේදී සොක්කලිංගම් සෙට්ටියාර්, අඹන්ගඟගෙයි මුත්තයියා නමැති අය දේවාලය සංවර්ධනය කිරීමට මූලිකත්වය ගෙන කටයුතු කළෝය. සුප්පයියා පිල්ලෙයි, කන්දසාමි සහ වෙල්ලකල් ජි මුරුගයියා, කන්දස්වාමි කුමාරස්ස්වාමි, තංගවේලු සෙට්ටායර්, මාරිමුත්තු චෙට්ටියාර්, කරුපයියා සරවනමුත්තු, මාවන්නා රාජරත්නම් නමැති බොහෝ ප්‍රභූන් දේවස්ථානයේ දියුණුව උදෙසා මහත් කැපවීමෙන් ක්‍රියා කළ අතර බොහෝ පිරිස දේවස්ථානයේ දියුණුව උදෙසා දායක වී තිබේ.

එමෙන්ම ශ්‍රී මුත්තුමාරි අම්මාන් දේවස්ථානයේ අභිවෘද්ධිය හා සුභසිද්ධිය වෙනුවෙන් කැප වී කටයුතු කළ බ්‍රහ්ම ශ්‍රී ත්‍යාගරාජා ස්වාමි, බ්‍රහ්ම ශ්‍රී කේත සුබ්‍රමණියම් ස්වාමි, බ්‍රහ්ම ශ්‍රී සරවනබවානදන් ස්වාමි දිගු කාලයක් තේරු උත්සවය ඇතුළු විවිධ කටයුතු සාර්ථක ලෙස පවත්වාගෙන යෑම සඳහා මහත් කැප වීමෙන් කටයුතු කිරීම අගය කළ යුතුය.
සැම වර්ෂකයකම මාර්තු මාසයේ මහත් උත්වශ්‍රීයෙන් පැවැත්වෙන තේරු උත්සවය මාතලේ පමණක් නොව මුළුමහත් දිවයිනේම විශාලතම තේරු උත්සවය ලෙස සැලකේ.
කප් සිටුවීමේ දිනයේ සිට දිවා-රාත්‍රි දේවාලයේ ඇතුළත දින 26ක් නොකඩවා දේව මෙහෙයන් සිදු කරන අතර, පත්තිනි මෑණියන් උදෙසා හක්ගෙඩි 108 සංඝාභිෂේක පූජාව පවත්වා රැස් වන සියලු බැතිමතුන්ට දහවල් දානය පිරිනමනු ලබයි.

අවසන් දින පත්තිනි මෑණියන්ගේ ප්‍රතිමාව රැගත් තේරු රථය ඉතා අලංකාරව මාතලේ නගරයේ විථි සංචාරය කරයි.

දේවස්ථාන භූමියේ සිට නාදස්වරම්, මේලම්, හේවිසි, කාවඩි හා විවිධ සංස්කෘතික නැටුම් රාශියක් සමඟ තේරු විදී සංචාරය සිදු කරන අතර දිය කැපීමද පසුව මල් ඔන්චිල්ලාවද දෙවියන් වෙනුවෙන් සිදු කෙර්.
මුත්තුමාරි අම්මන් දේවස්ථානයේ තේරු උත්සවය සදහා ලක්ෂ 4කට අධික පමණ පිරිසක් වාර්ෂිකව සහභාගි වන මේ තේරු උත්සවය සඳහා දකුණු ඉන්දියාවේ සිටද බැතිමතුන් පැමිණිම වාර්ෂිකව සිදු වේ.ශ්‍රී මුත්තුමාරි අම්මාන් දේවස්ථානයේ වාර්ෂික තේරු උත්සවය මෙම මස 06 දින පැවැත්වෙන අතර, එය මාතලේ නගරයට පමණක් නොව, මුළු මහත් දිවයිනටම මහත් දේවාශීර්වාදයක් ලෙස අවසාන වශයෙන් හැඳින්විය හැකිය.

උපුටා ගැනීම
මහේෂ් රුවන් කීර්තිරත්න
සිළුමිණ පුවත්පතට ලියූ ලිපියක් ඇසුරිනි.

ඡායාරූප මුල් හිමිකරුවන් සතුයි.

දැරණියගල උඩමාලිබොඩ හරහා සිරිපා කරුණාව🌎🍃🍁🐾🌴🍂🌿🙏🌼🌸⛈🌈☀️☔️-------------------------------------------------------------------
06/03/2023

දැරණියගල උඩමාලිබොඩ හරහා සිරිපා කරුණාව
🌎🍃🍁🐾🌴🍂🌿🙏🌼🌸⛈🌈☀️☔️
-------------------------------------------------------------------

🍂කස්ටියම හොයපු තැනක් 🌿 රාජාංගනය , Srilanka 🇱🇰
05/03/2023

🍂කස්ටියම හොයපු තැනක් 🌿
රාජාංගනය , Srilanka 🇱🇰

පුංචි නවසීලන්තය හෙවත්°හරිත කන්ද°🍃🇱🇰 sri lanka📸 Credit goes to respective owners 💚😍
04/03/2023

පුංචි නවසීලන්තය හෙවත්
°හරිත කන්ද°🍃
🇱🇰 sri lanka

📸 Credit goes to respective owners 💚😍

   |පූනාගල 🧡🌼🍂  🌴🌵🍃💭💚ජීවිතය විදින්න එන්න. ජීවිතය නම් ගමන් මගෙහි එක් විරමයකදි නැවැතී සොදුරු හුස්මක් ගන්න.නැවතී බලන්න ආ මග...
04/03/2023


|පූනාගල 🧡🌼🍂
🌴🌵🍃💭💚

ජීවිතය විදින්න එන්න. ජීවිතය නම් ගමන් මගෙහි එක් විරමයකදි නැවැතී සොදුරු හුස්මක් ගන්න.නැවතී බලන්න ආ මග කොතරම් සොදුරුද කියා..🤗

පාරාදීසයක් බදු සොදුරු නවාතැනක්|වාලිඹේ හෙල🏞️🍃අඩි -2159🌴🌵🍃💭💚
04/03/2023

පාරාදීසයක් බදු සොදුරු නවාතැනක්
|වාලිඹේ හෙල🏞️🍃
අඩි -2159
🌴🌵🍃💭💚

-Beach Camping පිස්සන්ගේ අපූරු නවාතැන-🌴😍🐬🐙 සුන්දර උස්සන්ගොඩ 🌈💦⛺️👣   😍👣  😍👀
04/03/2023

-Beach Camping පිස්සන්ගේ අපූරු නවාතැන-
🌴😍🐬🐙 සුන්දර උස්සන්ගොඩ 🌈💦⛺️👣

😍👣
😍👀

බඹරගලපතන🏕️🌄🍂🧡
03/03/2023

බඹරගලපතන🏕️🌄🍂🧡

|මා හට දැක පුරුදු විශේෂ ස්ථානයක් ගැන වෙනස් විදිහෙ පුවත් කිහිපයක් රූපවාහිනියේ සහ පුවත්පත් වල ඊයේ දිනයේදී මා හට ඇස ගැටුනා....
03/03/2023

|මා හට දැක පුරුදු විශේෂ ස්ථානයක් ගැන වෙනස් විදිහෙ පුවත් කිහිපයක් රූපවාහිනියේ සහ පුවත්පත් වල ඊයේ දිනයේදී මා හට ඇස ගැටුනා.
ඒ පුවත් වල යොදාතිබුනු "පුරාවිද්‍යා කණ්ඩායමක් කුමන රක්ශිතයෙන් බුදුපටුන සොයාගැනේ" ශීර්ෂපාඨය දුටු විගසම මා හට නැගුනේ සිනහවකි. පසුව යෙදී තිබූ වැඩ රාජකාරීන් නිසාවෙන් එය මුලුමනින්ම අමතකමවී තිබුනත් මගේ සංචාරක සටහන් කියවන ඒවා අගයන මිතුරන්ගෙන් තිබු කෙටි පණිවිඩ රාශිය නිසාවෙන්ම මේ ගැන සොයා බලා සටහනක් තබන්න සිතුවා.

මහාචාර්ය රාජ් සෝමදේවයන් කියන්නේ මා ඉතා ගරු කල චරිතයක් මොකද ඔහු නිසාවෙන් මා ලබාගත් ඉතිහාස දැනුම ඉමහත් බැවින්.

ඔහු ඇතුළු ඔහුගේ කණ්ඩායම මෙම ස්ථානය ප්‍රතවම සොයාගත් බවට ප්‍රසිද්ධ මද්‍යයන් වල ප්‍රකාශ කරන බව මම දුටිමි ඊටත් අමතරව එම කණ්ඩායමේ කිහිපදෙනෙක්ද මුහුණු පොතේ සහ සමාජ මාද්‍යජාලා හී එම ලෙසම පළකර ඇති බවද දුටිමි. රාජ් සෝමදේවයන් වැනි පරිනත අයකුගෙන් මා මෙවන් දෙයක් කිසිදා බලාපොරොත්තු නොවූවෙමි. මා ඔහුගේ දැනුම හෝ සොයාගැනීම් අභියෝගයට ලක් කිරීමට තරම් අයෙකු නොවන නමුත් ඔවුන් මෙම ස්ථානය මුලින්ම සොයා ගත්තාය යන ප්‍රකාශය සම්පුර්ණයෙන්ම සත්‍යයක් නොවන නිසා ඒ ගැන සමජගතකිරීමට කිසිසේත් පසුබට නොවෙමි.

1985 වර්ෂයේදී තමයි මේ විල ඔයේ සැඟවුන බුදුපටුන ගැන යම්කිසි මට්ටමකට සමාජගත වෙන්නේ. ඒ ජපාන පුරාවිද්‍යා කණ්ඩායමක්, අපගේ පුරාවිද්‍යා කණ්ඩායමක් සහ කොටියාගල ගමේ බණ්ඩාර මාමාගේ තාත්තගේ කණ්ඩායම සමග කල ගවේෂණයකදී. කෙසේ වෙතත් එකළ මේ භූමිය සොයාගත්තත් 1992 වනවිට මෙය නිධන් හොරුන් විසින් විනාශ කළ බව තමා දැනගන්න ලැබුනේ. එකළ මෙකළ ලෙස ක්‍රියාත්මක වුණා නම් අපිට තවමත් බුදු පිළිම වහන්සේලා ජීවමාන ලෙස බලාගන්න තිබුණා.

ජපන්නු පසෙකට තබමු,
මෑතකදී මෙම ස්ථානය ගැන සංචාරක සටහනක් ලිව්වේ අපේ අශාන් අයියා මට මතක විදහට 2012 එසේනම් මෙම ස්ථානය සොයාගත්තා යයි කියන වටිනාකම දිය යුත්තේ ඔහුටයි. ඉන්පසුව මා දැක්කේ කසුන් අයියාගේ සටහනයි 2014 දී. ඔවුන්ගේ සටහන් පරිශීලනයෙන් පසු තමයි මම සහ මාගේ සගයන් එහි ගියේ 2017 වසරේදී. මා මේ ගැන මාගේ සංචාරක සටහන මුහුණු පොතේ පලකල පසු බොහෝදෙනා මේ ස්ථානය ගැන දැනකියාගත් බවයි මගේ හැඟීම මොකද අශාන් අයියා හෝ කසුන් අයියා ඔවුනගේ සටහන් පළකලේ මුහුණුපොතේ නොවනනිසාත් එකළ මුහුණුපොත මෙතරම් පරිශීලනය නොවන නිසාත්.

අශාන් අයියගේ ඉඳන් මේ වෙනකන් ගියපු හැම කෙනාටම මඟ පෙන්නපු බණ්ඩාර මාමා කිව්වේ නම් බුදුපටුන ගැන එයාලගේ පැරැන්නෝ මුලින්ම සඳහන් කලේ 1887 කියලයි. මා මගේ සංචාරක සටහනත් අශාන් අයියගේ සටහනත් අප කණ්ඩායම මෙම ගමනේදී ලබාගත් චායාරූප කිහිපයක් අවසානයේ පළකරන්නම්.

බොහෝ දෙනා මෙවන් දේ ඉදිරිපත් කිරීමට පසුබටවනවා යම්කිසි හේතු නිසා. එහෙත් කව්රුන් හෝ එය කළයුතුයි නැතහොත් එය වැරදි ලෙසම සැමදා සිදුවේවි. සුදුස්සාට සුදුසු තැනද වටිනාකම දිය යුත්තට එම වටිනාකම නිසි කලට නිසි විදිහට ලැබිය යුතුයි.

මෙම කරුණු කාරණා අනුව මහාචාර්ය රාජ් සොමදේවයන්ගේ ගවේෂණය පිලිබඳ මාද්‍ය ප්‍රකාශය හා එම කණ්ඩායමේ කිහිපදෙනෙක් පළකල ඇති ප්‍රකාශ නිවරදි වියයුතු බවටයි මාගේ හැඟීම. කියවා සොයා බලා තීරණය කිරීම ඔබ සතුයි.|

උ ගැ ✍️

අලගල්ල:||||°°  credit goes original photograph°°  📸 🇱🇰🌸💙💖   🌻💥  #අලගල්ල
21/12/2022

අලගල්ල
:
|
|
|
|
°° credit goes original photograph°° 📸
🇱🇰🌸💙💖 🌻💥 #අලගල්ල

පිස්සු හැදෙන ලස්සනක් 😳පාලුවයි මීදුමයි බයන්කාර හැගීමයි එක්ක 😮 ට්‍රැවල් කරන්න සුපිරිම තැනක්🍂"උඩවේරිය තේ වත්‍ත"😍🍃
21/12/2022

පිස්සු හැදෙන ලස්සනක් 😳

පාලුවයි මීදුමයි බයන්කාර හැගීමයි
එක්ක 😮

ට්‍රැවල් කරන්න සුපිරිම තැනක්
🍂"උඩවේරිය තේ වත්‍ත"😍🍃

04/12/2022

හුදකලාවත් ප්‍රේමයක් ,
විරහවක් නොවූ ගීතයක් 🖤

📸 Credit goes to respective owners 💚😍
03/12/2022

📸 Credit goes to respective owners 💚😍

🖋️ඉපැරැණි ගැමි සුවඳ තවමත් ඉතිරිව ඇති ගලමුදුන ගම්මානයනකල්ස් වන මැද🍃💚️😍
03/12/2022

🖋️ඉපැරැණි ගැමි සුවඳ තවමත් ඉතිරිව ඇති ගලමුදුන ගම්මානය
නකල්ස් වන මැද🍃💚️😍

සිරිපා වන්දනාවට ඇති මාර්ග 6 🦋🦋🌼🌸🍀⛰️සිරිපා වන්දනා වාරයේදී දුර බැහැර ප්‍රදේශවල සිටින බැතිමතුන්ට සිරිපා කරුණා කිරීමට මාර්ග ...
03/12/2022

සිරිපා වන්දනාවට ඇති මාර්ග 6 🦋🦋🌼🌸🍀⛰️

සිරිපා වන්දනා වාරයේදී දුර බැහැර ප්‍රදේශවල සිටින බැතිමතුන්ට සිරිපා කරුණා කිරීමට මාර්ග හයක් ඇත. එහෙත් විදුලි ආලෝකය, සනීපාරක්‍ෂක පහසුකම්, අම්බලම්(නොමිලේ විඩා හරින තැන්) සහ ආරක්‍ෂාව ඇත්තේ ප්‍රධාන මාර්ග තුනක පමණි. එනම් හැටන් පාර, කුරුවිට එරත්න සහ රත්නපුර පලාබද්දල මාර්ග වල පමණි.හැකි නම් මෙම මාර්ග තුනෙන්ම සිරිපා වන්දනා කොට එම විවිධ මාර්ගවල සුන්දරත්වය විඳින්න.

දැරණියගල මාලිබොඩ පාර සහ හලූගස්තැන්න මූක්කුවත්ත පාර අතරමගදී කුරුවිට එරත්න පාර එක්වෙයි. මරේවත්ත පාර හෙවත් රාජමලේ පාර හැටන් පාරේ ඇහැළ කණුව අසලදී හැටන් පාරට එක්වෙයි.විවිධ මාර්ග වල ගමන් කිරීමේදී මුණ ගැසෙන වැදගත් ස්ථාන එකි නෙකට පාරවල් අනුව වෙනස් වේ.

ඔබ පළමුවරට සිරිපා කරුණාවට සැරසෙන්නේ නම් සතියේ මැද දවස් යොදා ගැනීම සුදුසුයි.සති අන්තයේ පිරිස් වැඩිය.දෙසැම්බර් වැසි සමයත් පසුවූ විට හොඳය.එලෙසම පෙබරවාරි මාසයෙන් පසුව දිනයක් යොදාගැනීමත් හොඳය.මක් නිසාද යන මාර්ගය දෙපස කඩ මුල් කාලයේ තිබෙන ප්‍රමාණය අඩුය.
උගැ 🖋️

21/11/2022

🍃🐘

පිදුරුතලාගල කන්ද  පෙනෙන මානයේ නිස්කලංක පරිසරය...😍😍😍mandaramnuwaraමන්දාරම්නුවර 🌺🌾🍂🍃🌻🐌🦎🐓🐦🐾️මන්දාරම්නුවර ගමට  යන  අය බොහෝ ද...
12/11/2022

පිදුරුතලාගල කන්ද පෙනෙන මානයේ නිස්කලංක පරිසරය...😍😍😍

mandaramnuwaraමන්දාරම්නුවර 🌺🌾🍂🍃🌻🐌🦎🐓🐦🐾️

මන්දාරම්නුවර ගමට යන අය බොහෝ දෙනා දන්නේ දන්නේ කොළපතන ඇල්ල බලන්න විතරයි හැබැයි අමතක කරන්න එපා බලන්න තව ගොඩාක් තැන් තියෙන බව.😌

බැලිය හැකි ස්ථාන කිහිපයක් පමණක්

01කොඩිගහන කන්ද නගින්න
02 කොලපතන දිය ඇල්ල
02 බෙරගහන දිය ඇල්ල
03 කබරගල දිය ඇල්ල
04 දාසය ඇල්ල
05 බොපත් ඇල්ල
06 අශ්වයා වැටුණු ඇල්ල
07 ගල්පාලම ලග දිය ඇල්ල
06 අප්ප්‍රසිද්ධ දිය ඇලි කිහිපයක්
08කබරගල තෙ වතු යාය
09 මන්දාරම් පරිසරය
10 කබරගල පයිනස් වතු යාය


මෙවාගේ තව දිය ඇලි 6 7 ක් ම බලන්න පුලුවන්

සැළකියයුතුයි
පරිසරයට හානිකරන පොලිතින් ප්ලාස්ටික් වැනි දෑ රැගෙන එන්න එපා 😐❌❗

සංචාරය කරන්න එන ඔබට වැදගත් වෙවි save කරලා තියාගන්න

දවසේ වැඩි වේලාවක් මීදුමෙන් වැසී තියෙන ...
මන්දාරම්නුවර

පහසුකම්
නැවාතැන් පහසුකම්
කෑම බීම සමදහා විමසන්න
📞0754540189
💻0769621504 whatsapp© මන්දාරම්නුවරධම්ම්ක

😍පිදුරුතලාගලින් උපත ලබන කොලපතන දිය ඇලි දාමය😍පිදුරුතලාගල කඳු වැටියෙන් උපත ලබන කොල පතන දිය ඇලි දාමය දිය ඇලි 7කින් යුක්ත අල...
12/11/2022

😍පිදුරුතලාගලින් උපත ලබන කොලපතන දිය ඇලි දාමය😍

පිදුරුතලාගල කඳු වැටියෙන් උපත ලබන කොල පතන දිය ඇලි දාමය දිය ඇලි 7කින් යුක්ත අලංකාර දිය ඇලි දාමයකි.කොලපතන දිය ඇල්ලේ ජලය මන්දාරම්නුවර වැසියන් තම අවශ්‍යතා සඳහා ⁣යොදා ගන්නා නිසා දිය ඇල්ලට බැසීම,ස්නානය තහනම් කර ඇත.දිය ඇල්ල නැරඹීම සඳහා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව මගින් ස්ථාපිත ප්‍රවේශ පත්‍ර කවුලුවෙන් රුපියල් 100.00ක ප්‍රවේශ පත්‍රයක් මිලදී ගෙන ගමන් කල හැක.

පහලම ඇල්ල කොලපතන ඇල්ල ලෙස හැදින්වුවද මෙය දිය ඇලි දාමයකි.ඉහලට ඉහලට යන්නට ඉතා විශාල දිය ඇලි දැක ගත හැකිය.❤️

❤මතකය රැගෙන යන්න පා සටහන් පමණක් තබා යන්න❤️
උගැ 😍📸

අඩුවෙන්ම ඉර පායන (පැය.6)- කොහොනාවල ගම☘️🎋🌿💐🌳🍃🌳අපි අද කතා කරන්න යන්නේ අපේ රටේ අඩුවෙන්ම ඉරපායන ගම ගැන...කොහොනාවල ගම්මානයේ ග...
10/11/2022

අඩුවෙන්ම ඉර පායන (පැය.6)- කොහොනාවල ගම☘️🎋🌿💐🌳🍃🌳

අපි අද කතා කරන්න යන්නේ අපේ රටේ අඩුවෙන්ම ඉරපායන ගම ගැන...

කොහොනාවල ගම්මානයේ ගැමියන් හිරු එළිය දකින්නේ දිනකට පැය හයක් කීවොත් එය නිවැරදියි...

අපි මේ ගම ගැන මීට පෙරද කියලා තියෙනවා මතක ඇති නේ ද?

ලුණුගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් වන මඩොල්සිම ග්‍රාම නිලධාරී වසමේ මේ අතිදුෂ්කර ගම්මානය කොහොනාවෙල කිව්වොත් නිවැරදී...

මේ ගමට අපේ ඉතිහාසයකට ද නෑකම් කියනවා...
1815දී ඌව වෙල්ලස්ස කැරැල්ලේදී සැඟව සිටීමට ආ කිහිප දෙනකුගෙන් කොහොනාවෙල ගමේ ආරම්භය සිදු වී ඇති බවට ඉතිහාස කතාවල සඳහන්ව තිබෙනවා..

අද වන විට ගම්මානයේ පවුල් පනස්පහක් පමණ ගොවිතැනින් ජීවත් වෙනවා..
යහන්ගල, ගල්උල්ල, හයින්දම්මාගල සහ වියන්ගල යන කඳු පන්ති අතර බෑවුමක තමා මේ ගම්මානය පිහිටා තියෙන්නේ...

මඩොල්සිම ප්‍රදේශයේ සිට ළිඳකට බසින්නාක් මෙන් කිලෝමීටර නවයක් ගලින් ගලට පනිමින් අවදානම් ගමනකින් ගමට යා යුතුව ඇත...

නැතිනම් කහටරුප්ප ප්‍රදේශයේ සිට කිලෝමීටර අටක දුරක් ගැල් කරත්තයකට පවා යෑමට නොහැකි අබලන් වූ පාරකින් ගමට පැමිණිය යුතුයි...
අපිට මේ ගම ලස්සන සුන්දර වුනාට ගමේ මිනිස්සුන්ට නම් එහෙම නෑ...

කොතරම් දුෂ්කරතා තිබුණත් ගම ඉතාම සුන්දරයි.

ඇත්තටම ගමට ඉර පායන්නේ උදේ 9ට කිව්වොත් හරි...

කොහොනාවෙල ගමට පාසලක් තියෙනවා... හැබැයි පාසලේ ළමයි ඉන්නේ හතයි.
ගුරුවරුත් හතක් ඉන්නවා. පාසලේ පන්ති පහ වසරින් ඉවරයි. ළමයි ටික දෙනෙක් මඩොල්සිමට සහ ගල්උල්ල පාසලටත් කහටරුප්ප පාසලටත් යනවා.

ළමයි ගෙදරින් යන්නේ උදේ 4.30ට. පාසලට යද්දී 7.30 වෙනවා. නැවත ගෙදරට එද්දී සවස 5.00 වෙනවා කියලයි දැනගන්න ලැබුනේ...

ඒ වගේම ගමේ ජීවත් වෙන්නේ එකම පරම්පරාවක ඥතීන් පිරිසක්.

ගොවිතැන හැරුණාම වෙන කරන්නම දෙයක් නෑ, කෙසෙල්, උක්, පුවක්, කුරුඳු ගමේ වගා කරනවා. කඳු, බෑවුම් ප්‍රදේශ නිසා වගා කරන්නත් තැනක් නෑ.

ගමේ නිෂ්පාදන තවලම් පිටින් හෝ කර මතින් ගමෙන් පිටතට ගෙන යෑමත් ඉතා අසීරුයි.

"සමහර නිලධාරීන් ගමට එන්නෙත් නෑ. ලියුම් ගන්න මඩොල්සිමට යා යුතුයි. ලෙඩ්ඩු රෝහලට අරන් යන්නේ ලීයක බැඳගෙන.

ගමට මඩොල්සිම පැත්තෙන් පාරක් තිබුණට ඒ පාරේ ගැල් පිටින්වත් යන්න බෑ.

"ගමේ පන්සලක් කියලා තිබුණට එතන හාමුදුරුවෝ කෙනෙක් නෑ. දහම්පාසලක් නෑ. පෝයකටවත් පන්සල් ගියාට හාමුදුරුවෝ නෑ. මළ ගෙයකට, පාංශුකූලයකට වඩම්මවන්න හාමුදුරුවෝ කෙනෙක් නෑ.

නිලධාරීන් ගමට වැඩියම එන්නේ ගමේ සුන්දරත්වය බලා යන්න විතරයි කියලයි ගමේ අය කියන්නේ..

මේ ගම ගැනත් අදාළ බලදාරීන් බලලා මිනිදුන්ට උදව් කරොත් හොදයි.. හමේ සුන්දරත්වයට හානියක් නොකර මේ මිනිසුන්ට ජීවත්වෙන්න මාර්ගයක් හදලා දෙන්න... Travel යන ඔයාලත් මේ වගේ ගමකට ගිහින් ඒ සුන්දරත්වය විදලා මේ ජනතාවට උදව් කරන්න අමතක කරන්න එපා...

පින්තූර මුල්හිමිකරු සතුයි📸🙏

💚👣🍃🕝⛅🚌සුන්දර පරිසරයක් මැදින් ධාවනය වන ජාතියේ ගමන් සගයා...🚌🚏ශ්‍රී ලං ග ම කැප්පෙටිපොළ ඩිපෝව මගින් වැලිමඩ මස්පන්න හරහා ගලනි...
03/11/2022

💚👣🍃🕝⛅🚌
සුන්දර පරිසරයක් මැදින් ධාවනය වන ජාතියේ ගමන් සගයා...🚌🚏

ශ්‍රී ලං ග ම කැප්පෙටිපොළ ඩිපෝව මගින් වැලිමඩ මස්පන්න හරහා ගලනිහ සේවාව සදහා යොදවා ඇති NA - 4966 බස් රථය
උගැ✒️

නන්දිමිත්‍ර යෝධයා උපන් කිඹුලාගල 🐊Kimbulagala Village ⛰️Vawniya, Sri Lanka 🇱🇰🦁🛡️⚔️🚜🍎🏡️🌄🍖වව්නියාව නගරයේ ඉඳන් හොරොව්පොතාන ප...
01/11/2022

නන්දිමිත්‍ර යෝධයා උපන් කිඹුලාගල 🐊
Kimbulagala Village ⛰️
Vawniya, Sri Lanka 🇱🇰
🦁🛡️⚔️🚜🍎🏡️🌄🍖

වව්නියාව නගරයේ ඉඳන් හොරොව්පොතාන පාරේ කිලෝමීටර් 4 ක් විතර ගියාම හම්බවෙන "වෙළිකුළම" පොලිස් මුරපොලෙන් වම් පැත්තට තියෙන "මාමඩුව" පාරේ ඇටඹගස්කඩ, මාමඩුව, මහකච්චකොඩිය පහුකරගෙන පදවිය පැත්තට කිලෝමීටර් 20 ක් වගේ යනකොට තමයි මේ සුන්දර ගම්මානය හමුවෙන්නේ.

එළාර - දුටුගැමුණු සටනේ හිටපු අභීත සෙන්පතියකු වූ නන්දිමිත්‍ර යෝධයාගෙ දැවැන්ත ප්‍රතිමාවක් ගමට ඇතුල්වෙනකොටම වම් පැත්තෙන් දැකගන්න පුළුවන්. ප්‍රතිමාවට දකුණු දෙසින් පාරේ විරුද්ධ පැත්තට වෙන්න එරුපොතාන හා කිඹුලාගල යන කඳුවැටි ද්විත්වයත් තියෙනවා. මෙම කන්ද ආශ්‍රිතව ක්‍රිස්තු පූර්ව 3 වන සියවසේ සිට ක්‍රිස්තු වර්ෂ 1 වන සියවස දක්වා කාල පරාසය තුල බ්‍රාහ්මීය අක්ෂරයෙන් ලියවුණු ලෙන් ලිපි 13 ක් සහිත කටාරම් කෙටූ ගල්ලෙන් 23 ක් තියෙනවා.

මහාවංශයේ සඳහන් වන ආකාරයට නන්දිමිත්‍ර යෝධයා උපත ලැබුවේ නැගෙනහිර කඩදොර ගමෙහි චිත්තපබ්ත සමීපයෙහියි. ඒ වගේම මේ පර්වතය නන්දිමිත්‍ර යෝධයාගේ සටන් මධ්‍යස්ථානයක් බවට පත්ව තිබූ බවටත් සඳහන් වෙනවා. ඒ නිසා දුටුගැමුණු රජතුමාද නිතර පැමිණි ස්ථානයක් ලෙස මෙම ස්ථානය සැලකෙනවා. මේ කියන ගල් පර්වතය කිඹුලකුගේ හැඩය ගන්න නිසා කිඹුලාගල විදියට හඳුන්වනු ලබනවා.

ඒ වගේම 360° කෝණයකින් අනුරාධපුරය, වව්නියාව, ත්‍රිකුණාමලය, මන්නාරම සහ මුලතිවු යන දිස්ත්‍රික්ක හරි අපූරුවට මෙතනට ගියාම බලන්න පුළුවන්. ඒ වගේම මේ ලඟ තියෙන වන්නි පුරාවිද්‍යා හා ජන කෞතුකාගාරයත් නොමිලේම බලන්න යන්න පුළුවන්.

උගැ ✒️👣
Photo credit goes to original photographer

✒️🍃☘️🌻😍📸🦋🌞🕝⛅
30/10/2022

✒️🍃☘️🌻😍📸🦋🌞🕝⛅

✒️හාස්කම් පිරුණ කිරි අම්මා දිය උල්පත🙏-----------------------------------------------------------------------අපේ පුංචි රට...
30/10/2022

✒️හාස්කම් පිරුණ කිරි අම්මා දිය උල්පත🙏
-----------------------------------------------------------------------

අපේ පුංචි රටේ ඉතාමත් සුන්දර තැන් බොහෝමයක් තියෙනවා,අපේ රටඇතුලේ නිතර දකින සොදුරු තැන් වගේම නිතර ඇසට හසු නොවන සුන්දර තැනුත් අප්‍රමාණයි.ඉතිං ඒ වගේ ගොඩක් ප්‍රසිද්ධ නැති තවත් සුන්දර වගේම දේව හාස්කම් වලින් පිරුණ තැනක් ගැනයි මේ සටහන.ඒ මාතලේ කිරි අම්මා දිය උල්පතයි.

මෙම උල්පත නැරඹීමට යන ගමන් මාර්ගය ගැන මුලින්ම බලමු.මාතලේ නගරයේ සිට දඹුල්ල පාරේ නාඋලට පැමිණ නාඋලින් මොරගහකන්ද පාරේ ගිස් ලග්ගලට යා යුතුයි.ලග්ගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ පල්ලේගම ගමේ මේ කිරි අම්මා දිය උල්පත ස්වභාව සෞන්දර්‍යෙන් පිරිපුන්ව පිහිටා තිබෙනවා.
වනාන්තරය ඇතුලට වන්නට පිහිටා තිබෙන මෙමෙ ස්ථානයට බොහෝ පිරිසක් භාරහාර පිදීමට පැමිණෙන්නේ මිනිසුන් අතර පවතින දැඩී විශ්වාසය හා මෙහි ඇති දේව හාස්කම් නිසාවෙනි.
ශ්‍රි ලංකාවේ අපිට ඕනෑ තරම් දිය උල්පත් උරුමව තිබෙනවා උණු දිය උප්ලතුත් ඕනෑ තරම්.නමුත් මෙහි සුවිශේෂි ලක්ෂණයක් තිබෙනවා.ස්වාභාවිකව ඇති වූ දියෞල්පතක් ලෙසයි මෙය දක්වන්නේ.

මේ පල්ලේගම ගම්මානය දාගැබිල්ල ලෙසත් හදුන්වනවා.අතීතයේ සිටම මේ ගම්මානය පත්තිනි මෑණියන් වෙසෙනා පින්බිමක් ලෙසට ගම්වාසීන් පිළිගනු ලබනවා.මේ විශ්වාසය මත ගම්වාසීන් එදා පටන් අද දක්වා මේ ස්ථානයේ පුද පූජා පවත්වනවා.මේ කිරිඅම්මා දිය උල්පත ආශ්‍රිතව ජනශ්‍රැති පවතිනවා.

ගම්වාසීන් කියන්නේ කිරිඅම්මා උල්පතේ කලකට පෙර අතීතයේ විශාල ආදෙකු ජීවත් වුන බවයි.ගම්මු මේ ආදාව අල්ලා යාගෙන ආහාරයට ගෙන තිබෙනවා,මේ ආදා අහාරයට ගත් නිවාස 12 ක ගම්වාසීන් ලේ අතීසාරය සෑදී මිය ගොත් තිබෙනවා.

තවත් කතාවක් නම් ගම්වාසින් මෙතනට විත් දේව කන්නලව්වක් කර ගොයම් කැපීමට දෑකැති ඉල්ලූ විට ගල්තලාව මත ඕනෑතරම් දෑකැති දකින්නට ලැබෙන බවයි.ගොයම් කපා අවසානයේ නැවත දෑකැති එම ස්ථානයට ගෙනවිත් තැබිය යුතු බවද කියවේ.මෙම දෑකැති රිදී ඒවාය.දිනක් මෙම දෑකැත්තක් ගොවියෙකු විසින් හොරකම් කිරීම නිසා යලිදු කිසි දිනක එම හාස්කම සිදු නොවුන බව ගමේ වැඩිහිටියන් පවසයි.

තවත් හාස්කමක් වන්නේ මේ ස්ථානය අසලින් ගමන් මාර්ග සැකසීමට ගෙනන යන්ත්‍ර කාර්මික දෝෂයන්ට ලක් වීමයි,නැවත නැවත යන්ත්‍ර ගෙන ආවද ඒ සියලු යන්ත්‍ර කැඩී දෝෂයන්ට ලක් වේ.අද වනතුරුත් මෙහි කිසිදු ඉදිකිරීමක් සිදු කල නොහැකි බැවින් මෙහි ඉදිකිරීම් සිදු නොකිරීමට බලධාරීන් තිරණය කර තිබෙනවා.මෙම පුද බිම තුල කිසිදු කපු මහතෙකු හෝ පිංපෙට්ටි ආදිය දකින්නට නොලැබීන මෙහි තවත් විශේෂයකි.

පුද පූජ සදහා පැමිණෙන අයවලුන් පත්තිනි මෑණියන් උදෙසා භාරහාර වී භක්තියෙන් කටයුතු කරයි.තමන් ප්‍රාර්තනා කළ දෑ ඉටු වීමෙන් පසු එම භාරය ඔප්පු කිරීමද භක්තිමත්ව සිදුකිරීමට මෙහි පැමිනෙන අයගෙන් දැකිය හැකිය.
ඒ වගේම තමන් සිදු කරන ප්‍රාර්ථනාව ඉටුවෙන්නේ දැයි දැනගැනීමේ හැකියාවක් මෙහි තිබෙනවා.

ඒ ක්‍රමය නම් බුලත් කොළයක් උඩ පඩුරු තබා දිය උල්පතේ බුබුළු දමන ස්ථානයේ තැබූ විට පඩුර සමග බුලත් කොළය දිය බුබුල තුලට ඇදගන්නවා නම් ප්‍රාර්ථනාව ඉටු වන බවත්,බුලත් කොළය පාවී පහලට යනවා නම් එම ප්‍රාර්ථනාව ඉෂ්ඨ නොවන බවත් පැවසේ.මේ විශ්වාසය නිසාම බොහෝ දෙනා මෙම ස්ථානයට පැමිණේ.මෙලෙස ඇද ගන්නා බුලත් කොළ හා පඩුරු වලට කුමක් වෙනවාදැයි මේ වනතුරු කිසිවෙක් දැනුවත් නැත.

මෙම කිරි අම්මා දිය උල්පත කිසිදු දිනක නොසිදෙන බවද ගම්වාසීන් පවසනවා.
මෙම භූමියට පැමිණීමේදී හාස්කම් දැඩි බැවින් බැතිමතුන් පේවී ආ යුතු බව දක්වනවා.
නිර්මාංශව පේවී පැමිණ තමන්ගේ ප්‍රාර්තනා සිදු කිරීමෙන් ප්‍රතිඵල ලාබා ගත හැකි බව විශ්වාසයක් පවතිනවා.ඕනෑම ලෙඩක් දුකක් සදහා,ගැටලු සදහා දරුවන් නොමැති අයවලුන් සදහා භාරහාර වන මෙහි භාර ඔප්පු කිරීමේ ක්‍රමයක්ද පවතිනවා.මේ සදහා
හිරු දෙවියන්ට කිරි ඉතිරවීම සිදු කළ යුතුය,මෙම භූමියේ එසේ ලිප් බැද තිබෙනවා දැකිය හැකිය.පත්තිනි මැණියන් ප්‍රමුඛව මෙහි වැඩ සිටියත් කතරගම,විශ්ණු,සමන්,දෙවොල් දෙවියන්ගේ ආශිර්වාදයද මෙහිදී ලැබෙන බව විශ්වාස කරනවා.

මාතලේ දිස්ත්‍රික්කයේ වියළි කලාපයට අයත් ලග්ගල ද නියඟයෙන් බැටකන ප්‍රදේශයක්. ලග්ගල කිරිඅම්මා උල්පත නියඟයටවත් නොසිඳෙන බැවින් එම දිය උල්පතට ගැමියෝ පැමිණ, එහි ජලය අරන් කිරි උතුරවා යාතිකා කර, ඊට පසු එම කිරි කුඹුරුවලට ඉසීමට රැගෙන යනවා. එම කිරි රැගෙන යන අතරම වැස්ස ලැබෙන බව තමයි ඔවුන් විශ්වාස කරන්නේ.

වැස්ස පමාවන බවට සොබාදහමේ නිමිතිවලින් ද නුවර කලාවියේ ගොවියා දැනගන්නවා. කිරල්ලු වැවේ ජලය රඳන කොටසේ බිත්තර දමන්නේ නම්, වඩු කුරුල්ලා වැව් තාවුල්ලේ කුඹුක් ගස්වල පහළ අතුවල කූඩු තනන්නේ නම් වැස්ස පමා වෙනවා. අහසේ වැහි වලාකුළු (වැහි බිත්තර) රවුම් හැඩයට පැතිරේ නම් වැස්ස හිඟ යි. වැහි වලාකුළු දිගවී නම් වර්ෂාව නිසැක යි.

වසර පුරාම දිය උල්පත බුබුළු දමමින් පවතින අතර මෙහි පැමිණීමේදී පොලිතීන් භාවිතයෙන් වළකින ලෙසට ගම්වාසීන් ඉල්ලා සිටිනවා.පරිසරය දැඩි හානියකට ලව ඇති බැවින් මෙය සංරක්ෂණය කිරීමට පියවර ගෙන තිබෙනවා,අපේ රටේ සුන්දර තැන් රැකගනිමින් කටයුතු කිරිම ඔබ සතු මනුසත්භාවය පිරිපුන් කරයි.

උගැ

📸 Credit goes to respective owners 🤗

💚🍃☘️🌻🦋🐝📸Photo credit goes to originalphotographer😍
29/10/2022

💚🍃☘️🌻🦋🐝📸
Photo credit goes to originalphotographer😍

✒️අවසානයේ තවත් එක් සොඳුරු මතකයක්ව අවසන් වූ අපගේ මෙවර සංචාරය......මුහුණු පොතෙන් ගත්  විස්තර, මගපෙන්වීම අප ලැබූ අත්දැකීම් ...
29/10/2022

✒️අවසානයේ තවත් එක් සොඳුරු මතකයක්ව අවසන් වූ අපගේ මෙවර සංචාරය......

මුහුණු පොතෙන් ගත් විස්තර, මගපෙන්වීම අප ලැබූ අත්දැකීම් සමග ගලපා මෙම ගමන් විස්තරය සටහන් කර ඇති බව සලකන්න.

අපි ගමන් සැලසුම් කළේ මීපිළිමාන සිට පට්ටිපොළ, හෝර්ටන් තැන්න,ඔහිය හරහා කලුපහන හන්දියෙන් ගමන අවසන් වන පරිදි. මෙවර සංචාරයේ සංවිධායක Dhanushka Chathuranga ඒ වැඩේ හරියටම කරලා තිබුණා. මනා සංවිධානයකින් හා සුදානමකින් ගියේ නැත්නම් මේ ගමන ටිකක් අසීරු වෙන්න පුළුවන්.

ඔහිය සිට කලුපහන දක්වා කිලෝමීටර් 22ක දුශ්කර හා සුන්දර ගමනාන්තය 👹 යකාගේ පඩිපෙළ 🌾🌸🌻🍀🐿

යකාගේ පඩිපෙළ එහෙමත් නැතිනම් Devil's Staircase කියල හඳුන්වන්නේ ගමන් කළ නොහැකි දුෂ්කර මාර්ගයක්.

ලංකාවේ නම් එවැනි මාර්ග රාශියක් දැකගන්න පුළුවන් වුනත් මේ කියන යකාගේ පඩිපෙළ පිහිටල තියෙන්නේ බඹරකන්ද ඇල්ල ආශ්‍රිතවයි...

කළුපහන - ඔහිය ප්‍රධාන මාර්ගයේ කොටසක් තමයි මේ නමින් හඳුන්වන්නේ...

මේ මාර්ගය යකාගේ පඩිපෙළ නමින් හඳුන්වන නිසා ඇතැමුන් හිතනවා පඩිපෙළවල් සහිත මාර්ගයක් කියලා...

එහෙම නැහැ හරිද මාර්ගයේ දුෂ්කරතාව හඳුන්වන්න ඕන නිසා තමයි ඒ විදියට මේ මාර්ගය හඳුන්වන්නේ.

කිලෝමීටර 22ක ඉතාම දුෂ්කර ගමන් මාර්ගයක් තමා මේ හැබැයි ඉතින් විඩාවක් නම් නෑ අවට පරිසරය ඒ තරමට සුන්දරයි...

බයික් එක තමා මේ ගමනට හොදම..ඒත් ලේසිනම් නෑ
පයින් යනවා නම් මේ කාලය පැය පහළොවක් පමණ උපරිමයක් විය හැකියි හොදේ..වැහි කබා, කූඩෑල්ලන්ට ගාන්න දේවල් මතක් කරලම ගෙනියන්න.

මේ මාර්ගයේදී හමුවන සුවිශේෂී ස්ථාන අතර හෝර්ටන් තැන්න, බඹරකන්ද ඇල්ල, ප්‍රසිද්ද වී වංගුව, උඩවේරිය වත්ත හමුවෙනවා...

ඒ වගේමයි ඔහියෙන් ගමන කෙලවර කලොත් ඊළගට පහසුවෙන්ම හෝටන් තැන්න වෙත පිවිසෙන්නත් ඔබට පුළුවන්.

කලුපහනෙන් ගමන කෙලවර කලොත් වංගෙඩිගල සහ සුරතලී ඇල්ල වෙත පහසුවෙන් පිවිසීමට හැකියි...

ඇත්තෙන්ම යකාගේ පඩිපෙළ පිහිටල තියෙන්නේ එකිනෙකට වෙනස් සංචාරක පාරදිසයන් දෙකක් එකට එක් කරමින් බවනම් බොහොම පැහැදිලිව කියන්න පුළුවන්...

ඕනෑම කාලයක මෙහි යන්න පුලුවන් වන අතර ඕනෑම වෙලාවක වැස්සකට මුහුණ දෙන්නත් බලාගෙනම යන්න හොදේ...

ඉතින් මේ තියෙන සුවිශේෂි පරිසර පද්ධතිය බලන්න ඔයාලත් යන්න හැබැයි පරිසරය විනාශ නොකර එන්න...
Chaminda premarathne❤️
📢Photo credit goes to original photographer

යක්දෙස්සාගල  ⛰️🌳🦋🦜🌄 🍃🐾️ 🇱🇰|•••🌍 ලාංකික ඉතිහාසය පිළිබඳ ප්‍රකාශ වන කරුණු අනුව කුවේණිය ට විශේෂ ස්ථානයක් හිමි වෙනවා .යක්ෂ ගෝ...
24/10/2022

යක්දෙස්සාගල ⛰️🌳🦋🦜🌄 🍃🐾️ 🇱🇰|•••🌍

ලාංකික ඉතිහාසය පිළිබඳ ප්‍රකාශ වන කරුණු අනුව කුවේණිය ට විශේෂ ස්ථානයක් හිමි වෙනවා .යක්ෂ ගෝත්‍රික කාන්තාවක වන කුවේණිය තම ඥාතීන් මරා මෙ රට පාලනය ඉන්දියාවේ සිට පැමිණි විජය කුමරුට ලැබීමට සැලැස්වූ බවයි ඉතිහාසයේ සඳහන් වන්නේ .මහා වංශයට අනුව විජය කුමරු ඇතුළු පිරිස ලක්දිවට පැමිණෙන විට කුවේණිය කපු කටිමින් සිටි බවත් විජය කුමරු ගේ සේනාව ඇය මායා බලෙන් සැඟ වූ බවත් කියැවෙන අතර ඒ අනුව කුවේණිය යම් බලවත් කාන්තාවක් ලෙසයි සලකනු ලබන්නේ .කෙසේ වෙතත් විජය රජු විසින් දරු දෙදෙනකු සමග අතහැර දැමූ කුවේණිය පසුව ඥාතීන් විසින් මරා දමන ලද අතර ඇය මරණයට පෙර විජය කුමරුට සහ ඔහුගෙන් පැවත එන සිංහල ජාතියට සාප කළ බවත් කියවේ .එසේ කුවේණියට සම්බන්ධ බව කියන ස්ථාන කිහිපයක් අදටද ලංකාවේ හඳුනා ගත හැක. ඒ අතරින් විශේෂතම ස්ථානය කී යක්දෙස්සා ගල .විජය කුමරුට හා සිංහල ජාතියට සාප කර ඒ මතින් පැන කුවේණිය දිවි නසා ගත් බවට ජනප්‍රවාදයේ පවතින අතර ,තවත් ජනප්‍රවාදයක තිබෙන්නේ කුවේණියගේ ඥාතීන් විසින් කුවේණියව මරා යක්දෙස්සා ගලින් පහළට ඇද දැමූ බවයි .තවද ඥාතීන් විසින් මරා දැමූ කුවේණියගේ දේඇස් යක්දෙස්සා ගල පිහිටි කිසියම් ස්ථානයක නිධන් කොට ඇති බව කියැවේ.වයඹ පළාතේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ පිහිටා ඇති යක්දෙස්සා ගල කන්ද එම පළාතේ උසින් දෙවැනි තැනට පවතින කන්ද වනවා .අඩි 495 ක ඌනතා අංශක යක් සහිත යක්දෙස්සා ගල තරණය කිරීම දුෂ්කර වුවද ඉතා සුන්දර ගමනකි 🚶🚶
උ.ගැ
Yakdessagala
Sri Lanka 🇱🇰
🌿🌼🥀🌳 👣⛰️🐘🧚🏻‍♀️🌸🌈🌞🌊🍃 🇱🇰

Like.😍

📸 Credit Always Goes to respective owner 💚

Address


Website

Alerts

Be the first to know and let us send you an email when පාද යාත්‍රා posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Videos

Shortcuts

  • Address
  • Alerts
  • Videos
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Travel Agency?

Share