18/11/2024
**Let's celebrate the dance of the tradition***
Ancient Sinhalese dance was only invited to the old men. Although the current feminine leads, it was extremely disgusting to women in the past. How influenced it was by the men themselves who portrayed folk drama characters such as skeleton and drama. But the only way to dance in corrupt Sri Lanka was Diggae dance.
This ritual system, which has been conducted in Sabaragamu Maha Saman Temple for about seven years, was last performed in it. 1948.
Digge
The formation of a special mandate named Diggeya in the Sri Lankan Devol design is an contents of the ancient Devol architecture. The larger galaxy is longer and wider than other places in the temple. Devotional salute to God. Used as dancing, singing, musical presentation, as a theatre in the past.
The dance performed in that place was called digge dance, digge dance. Factors confront that Diggayi dance style related to main temples in Sri Lanka. Digga dancing has been performed at the Douundara Maha Temple, Balangoda Uggal Aluthnuwara Katharagama Temple, Balangoda Soraguna Temple.
Diggayi dance style
It is acknowledgement of many critics that the diggai dance conducted by the women only by singing praises of God subjects, praising poetry was created through the influence of the Indian Devadasi dance style. In the past annual procession and water cutting ritual was the primary by the state ruler. Government rulers have taken it a custom to use Kings' extreme female actors as drama theatres.
It was the task of the dancers that sung the task of compromising the king's attending the procession, and praising the sexy emotion and pride. The song lyrics reveal that the playworks duhul was engaged in performing dances in a way that emotional emotionally naked (naked) in Yati Kaya. Diggei song lyrics shows that the woman who was authorized to stay in the temple after the king's demise, dressed up in Manthahat Taya and Osariya.
During the procession rituals of the past, the dramatists went to entertain the king by singing praising poems. It is popular that the king has later given the women nilatala and gambim and after the king's warning, the king has announced that the poetry performed with devotion to God Saman. Below is a Diggay poem that refers to that statement.
"One thousand prayers from Buddha was in fifty years.
Divel Gamwara Nilanamala is angano gem
Anganani is around the future with paduru pakudam in Thutusithina
Act with devotion, remove the majesty of Lakshmanan by the law of God.
This ritual arrangement that took place almost 53 years ago has now died completely from the Sabaragamu Maha Saman Temple..
K. M. An article by Mr. Saman Kumarathunga is an extraction -
· See original · Rate this translation
***සබරගමු සම්ප්‍රදායේ දිග්ගෙයි නර්තනය***
ඉපැරණි සිංහල නර්තනය වූ කලී පුරුෂයින්ටම පමණක් ආවේණික වූවකි. වර්තමානයේ ස්‌ත්‍රීහුද ප්‍රමුඛත්වයේ ලා ගැනුණද එය අතීතයේ ස්‌ත්‍රීන්ට අතිශයින්ම අකැප විය. එය කෙතරම් දුරට බලපැවැත් වූයේ ද යත් නර්තනයේදී මතු නොව කෝලම් සහ නාඩගම් වැනි ජන නාට්‍ය ආශ්‍රිත ස්‌ත්‍රී චරිත පවා නිරූපණය කළේ පිරිමින්ම විසිනි. එහෙත් ස්‌ත්‍රීන්ටම පමණක් ආවේණික ලංකාවේ එකම නර්තන ක්‍රමය වූයේ දිග්ගෙයි නර්තනයයි.
සබරගමු මහ සමන් දේවාලයේ වසර සත්සියයක් පමණ අඛණ්‌ඩව පවත්වාගෙන එන ලද මෙම චාරිත්‍ර ක්‍රමය අවසන් වරට එහි රඟ දක්‌වා තිබුණේ ක්‍රි.ව 1948 දීය.
දිග්ගෙය
ලාංකේය දෙවොල් නිර්මාණයේදී දිග්ගෙය නමින් විශේෂ මණ්‌ඩපයක් සැකසීම පුරාණ දෙවොල් වාස්‌තු ශිල්පයේ අන්තර්ගත ලක්‍ෂණයකි. දේවාලයේ වෙනත් ස්‌ථානවලට වඩා දිගින් සහ පළලින් විශාල මණ්‌ඩපය දිග්ගෙයයි. දෙවියන්ට භක්‌ති ප්‍රණාම දක්‌වනු වස් නර්තන, ගායන, වාදන ඉදිරිපත් කිරීමේ දිග්ගෙය, රඟමඬලක් ලෙස අතීතයේ භාවිතයට ගැනිණි.
එම ස්‌ථානයේ ඉදිරිපත් කළ නර්තනය දිග්ගෙයි නර්තනය, දිග්ගෙයි නැටුම ලෙස හැඳින්විණි. ලංකාවේ ප්‍රධාන දේවාල ආශ්‍රිතව දිග්ගෙයි නර්තන ශෛලිය පැවති බවට සාධක හමුවේ. අතීතයේ දෙවුන්දර මහ දේවාලයේත්, බළන්ගොඩ උග්ගල් අලුත්නුවර කතරගම දේවාලයේත්, බළන්ගොඩ සොරගුණ දේවාලයේත් දිග්ගෙයි නර්තනය පවත්වා තිබේ.
දිග්ගෙයි නර්තන ශෛලිය
භක්‌තිය පෙරදැරි කරගෙන දෙවියන් විෂයෙහි දේව ගීතිකා, ප්‍රශස්‌ති කාව්‍ය ගයමින් ස්‌ත්‍රීන් විසින්ම පමණක් පවත්වන ලද දිග්ගෙයි නර්තනය භාරතීය දේවදාසී නර්තන ක්‍රමයේ ආභාසයෙන් නිර්මාණය වූ බව බොහෝ විචාරකයින්ගේ පිළිගැනීම වේ. අතීතයේ වාර්ෂික පෙරහැර මංගල්ලයේ හා දිය කැපීමේ චාරිත්‍රයේදී මූලිකත්වය හෙබවූයේ රාජ්‍ය පාලකයා විසිනි. රජවරුන්ගේ අන්තඃපුර ස්‌ත්‍රීන් නළු නාටිකාංගනාවන් ලෙස පෙරහැර අලංකරණයට යොදා ගැනීම රාජ්‍ය පාලකයෝ සිරිතක් කොට ගත්හ.
පෙරහැරට සහභාගී වූ රජුගේ විඩාව සංසිඳවීමත්, සරාගී හැඟීම් උද්දීපනය හා අභිමානය වර්ණනා කිරීමත් ප්‍රශස්‌ති ගැයූ නෘත්‍යාංගනාවන්ගේ කාර්යය විය. එම නාටිකාංගනාවෝ යටි කයට දුහුල් වස්‌ත්‍ර ඇඟලා උඩුකය නග්නව (නිරුවත්ව) අනුරාගී හැඟීම් දනවන අයුරින් නර්තන ඉදිරිපත් කරන්නට යෙදුණ බවට එහි භාවිත ගීත සාහිත්‍යයෙන් අනාවරණය වේ. රජුගේ ඇවෑමෙන් පසුකාලීනව දේවාලයේ රැඟීමට නිලතල ලද ස්‌ත්‍රීහු මන්තහැට්‌ටය සහ ඔසරියෙන් සැරසී රංගනයේ නිරත වූ බව දිග්ගෙයි ගීත සාහිත්‍යයෙහි දැක්‌වේ.
අතීතයේ පෙරහැර චාරිත්‍ර හමාරයේ දී නාටිකාංගනාවෝ ප්‍රශස්‌ති කාව්‍ය ගයමින් රැඟුම් දක්‌වා රජු පිනවන්නට යෙදුණහ. පසුකාලීනව එම ස්‌ත්‍රීන්ට නිලතල හා ගම්බිම් ලබාදී රජතුමාගේ ඇවෑමෙන් පසුව සමන් දෙවියන්ට භක්‌තියෙන් එම කාව්‍ය රංගන ඉදිරිපත් කරන ලෙස රජු විසින් ප්‍රකාශ කරන ලද බව ජනප්‍රවාදයේ පවතී. එම ප්‍රකාශය සඳහන් වන දිග්ගෙයි කවියක් පහත දැක්‌වේ.
" බුදු වසින් එක් දහස් නමසිය අටපනස් වසරෙහි සිටා
දිවෙල් ගම්වර නිලනාමලත් අංගනෝ මාණික්‍ය ටා
තුටුසිතින දී පඬුරු පකුඩම් රැගෙන අඟනනි මතු වටා
බැතිසිතින් රඟ දෙවන් නිතියෙන් මහිමි ලක්‌ෂමණන් හටා "
දැනට වසර 53 කට පමණ ඉහතදී පැවතුණු මෙම චාරිත්‍ර පිළිවෙළ මේ වන විට සබරගමු මහ සමන් දේවාලයෙන් මුළුමනින්ම අභාවයට ගොසිනි..
කේ.එම්. සමන් කුමාරතුංග මහතාගේ ලිපියක් ඇසුරෙන් උපුටා ගැනීමකි -