11/06/2023
නිවේදනයයි:
Forsiter Global Services ආයතනය විසින් නීත්‍යානුකූල කිරීමේ සේවා සඳහා වෙන් කරන ලද දින නැවත කාලසටහන්ගත කිරීම.
හිතවත් අයදුම්කරුවනි,
ඉතාලි තානාපති කාර්යාලයේ උපදෙස් මත, Forsiter Global Services, ආයතනය විසින් දැනටමත් කාල වේලා වෙන් කර ඇති සියලුම " නීත්‍යානුකූල කිරීමේ හමුවන් " (Legalization Appointments) නැවත කාලසටහන්ගත කිරීමේ ක්‍රියාවලියක යෙදී සිටින බව අපි ඔබට මෙයින් දන්වා සිටිමු.
"නීත්‍යානුකූල කිරීමේ හමුවක් (Legalization Appointment)" යනුවෙන් මෙහිදී අර්ථ ගැන්වෙන්නෙ, පරිවර්තන සහ සත්‍යාපන ක්‍රියාවලිය (අදියර 1) සාර්ථකව නිමකර ගත් පුද්ගලයන්හට ඉතාලි තානාපති කාර්යාලය මඟින් නීත්‍යානුකූල කිරීම (අදියර 2) සඳහා තම ලියකියවිලි ඉදිරිපත් කිරීමට දී ඇති හමු වීමේ දිනයයි.
පරිවර්තනය, සත්‍යාපනය සහ නීතිගත කිරීම් සඳහා අදාලව Forsiter Global Services ආයතනය විසින් දෛනිකව සැපයිය යුතු හමුවීම් (Appointment) ප්‍රමාණය තීරණය කරනු ලබන්නේ ඉතාලි තානාපති කාර්යාලය විසින්ම පමනි.
නීත්‍යානුකූල කිරීමේ හමු සඳහා මේ දිනවල ඇති සුවිශේෂී ඉහළ ඉල්ලුම හේතුවෙන්, නීත්‍යානුකූල කිරීමේ හමු සඳහා පොරොත්තු ලේඛනයේ ඉතිරිව ඇති දින ලබාදීමට සිදුවනුයේ මාස කිහිපයකට පසුව බව අප දනිමු.
මෙම තත්වයට පිළියම් යෙදීම සඳහා Forsiter Global Services විසින් නැවත කාලසටහන්ගත කිරීමේ ක්‍රියාවලිය බාධාවකින් තොරව කාර්යක්ශම ව සිදු කරගෙන යෑම උදෙසා ඒ් වෙනුවෙන්ම කැපවූ කාර්ය සාධක බළකායක් පිහිටුවා ඇත. මෙම කාර්ය සාධක බළකාය නැවත කාලසටහන් ගත කිරීමේ ක්‍රියාවලිය කඩිනම් කිරීමට හැකි උපරිම උත්සාහයන් දරණු ඇති අතර මෙම නව සැලසුම ක්‍රියාත්මක වීමෙන් පසු මේ වන විටත් ඔබට ලබා දී ඇති හමුවීම් සඳහා අදාල දිනයට වඩා කලින් දිනයක් ඔබට ලැබෙන බව අපි සතුටින් දන්වා සිටිමු. ඔබගේ වත්මන් හමුවීමේ දිනය මත පදනම්ව හැකි ඉක්මන් ඉදිරි දිනයක් ඔබට නිකුත් කරනු ලබන අතර එම වෙන්කර ලබා දුන් දිනය Forsiter Global Services ආයතනය හට තවත් ඉදිරියට ගෙන ආ නොහැකි බව කාරුණිකව දන්වා සිටිමු.
මේ වෙනුවෙන්ම කැපවූ අපගේ නියොජිතයකු විසින් ඔබගේ හමුවීම නැවත කාලසටහන් ගත කිරීම සඳහා ඔබ හා සෘජුවම සම්බන්ධවනු ඇති අතර, සිදු කරන ලද වෙනස්කම් පිළිබඳව ඔබව දැනුවත් කර ඇති බව සහතික කිරීම උදෙසා, අප ආයතනය විසින් ඔබ හට අදාල නව දිනය සහ වේලාව පිළිබඳ සවිස්තරාත්මක තොරතුරු විද්‍යුත් තැපෑල සහ කෙටි පණිවුඩ හරහා ලබා දෙනු ඇත.
මෙම නැවත කාලසටහන් ගත කිරීමේ සේවාව ඔබට සම්පූර්ණයෙන්ම නොමිලේ ලබා දෙන බව මෙහිදී විශේෂයෙන් අවධාරණය කිරීමට කැමැත්තෙමු.
ඔබගේ නීත්‍යානුකූල කිරීමේ සේවා සඳහා වෙන් කරන ලද දින සම්බන්ධයෙන් ඔබට කිසියම් ගැටළුවක් ඇත්නම්, [email protected] විද්‍යුත් තැපෑල හරහා අපගේ පාරිභෝගික සේවා කණ්ඩායම වෙත සම්බන්ධ විය හැකි අතර ඔබට සහාය වීමට සහ අවශ්‍ය ඕනෑම පැහැදිලි කිරීමක් සිදුකිරීමට අපි උදක්ම බලාපොරොත්තු වෙමු.
ස්තූතියි.
Forsiter Global Services