09/04/2020
නිහඩ සංචාරකයා නිල් ගල සොයා සොයා ගිය අපූරු ගමන 🌿☘️🍀🍁
🌺තුරුලිය රුක්ගොමු මතින් වන අරණක සුවය සොයා🍃🌿🌾🌵
"නිල්ගල ඖෂධ වනාන්තරය" හෙක්ටයාර 26000 පමණ වපසරියකින් සමන්විත, මොනරාගල දිස්ත්‍රික්කයට අයත් වන අනිත් පසින් සේනානායක සමුද්‍රය, ගල් ඔය ජාතික වන උද්‍යානයට මායිම් වන අතරමැදි කලාපීය සදාහරිත වනාන්තරයකි. බුද්ධදාස රජුගේ ඔසු උයනක් ලෙස සැලකෙන නිල්ගල වන අරණ සේනානායක සමුද්‍රයේ ප්‍රධාන ජල පෝෂක පෙදෙසයි.. නිල්ගල, දැනිගල, යකුන්නහෙල, කහටඅත්ත හෙල, මාකඩකන්ද ,වඩිනාගල ,
කරාබුගල,රතු ගල ,වැනි රමණීය කදු මුදුන් වලින් සමන්විත නිල්ගල වනය අරලු, බුලු, නෙල්ලි, කුඹුක්, කලුවර වැනි වටිනා ශාක ඇතුලුව දුර්ලභ ඖෂධ විශේෂ රැසකින් සමන්විතයි... තවමත් ප්‍රතිසංස්කරණය නොකල පුරාවිද්‍යා වටිනාකමක් ඇති ඓතිහාසික නටබුන් රැසකට උරැමකම් කියන මේ පුන්‍ය භූමිය දැනට වන සoරක්ෂණ හා වනජීවී සoරක්ෂණ දේපාර්තමේන්තු යටතේ පවතී. නිල්ගල ඔසු උයනට ඇතුලුවීමට ප්‍රධාන මාර්ග තුනක් පවතී 1. නිල්ගල සිට "මකර"ට ඇති මාර්ගය 2. නිල්ගල සිට මුල්ලෙගම, කැබැල්ලබොක්ක හරහා පොතුලියැද්දට මාර්ගය 3. නිල්ගල සිට දිඹුල්දන, කොටබෝව හරහා මහවෙල මාර්ගය.මෙහි සිට ඇතුළත වනජීවී වනජීවී කාර්යාලය ට කිලෝමීටර් 10 පයින් ගමන් කල යුතු වන අතර එහි ඇතුළු වීමට ප්‍රවේශ පත්‍රය අනිවාර්ය වේ තවද එහි සිට මගපෙන්වන්නකු ඔබ සමඟ රැගෙන යාම ද අනිවාර්ය කාරණයකි ,
එම නැතහොත් එහි යාමට ඔබට අවසර නැත.
නිල්ගල කඳු මුදුනෙහි ඇති ඓතිහාසික ඖෂධ පොකුණ ජල දහරාවන්ගෙන් පිරී ඉතිරී යයි .මේ පිළිබඳ ජනප්‍රවාදයේ විවිධ මත දරයි .වනජීවී දෙපාර්තමේන්තුවට අයත් ගල්ඔය ජාතික වනෝද් යානය මෙය වේ. ගල් ඔයෙහි ශ්‍රී ලංකාවට ආවේණික බලපොතු මාළුවා ද අපට හමු විය .ලංකාව තුළ අපි දන්නා සියලුම සත්ත්ව විශේෂයන් 🐒🦌🐆🐅🐿️🐇🦅🐔🦆🦉🐸🐊🐢🐚🦀🦃🦎🐍🐦🐉🐟🦐🐠🐡️🦈🐌🦋🐛🐜🐝🐞🦗🕷️🕸🦂දේශීය ඖෂධ ශාකයන්.මෙහි ඇතුලත වේ .ඉතා මනස්කාන්ත චමත්කාර ජනක ගම් පියසක් ඌ නිල්ගල.
බැලූ තෙක් මානයේ වෙල් ඉපනැල්ල ඇසට ගෙනෙන්නට වූ ප්‍රියතාවය මනරම්ය .එහිදී අපට හමු වූ ගමන් සගයා නොහොත් ගුණදාස මාමා හට මේ ගමනේ විශේෂ ස්තූතිය පුද කරමි. ඔහු දැක්වූ ආගන්තුක සත්කාර ජීවිතයේ කෙදිනකවත් අමතක නොවේ .රාත්‍රී ආහාර වේලට බඩ ඉරිඟු සමග මුං ඇට තම්බා එය තෙම්පරාදු කර තිබුණි.එහි වූ රසය කියා නිම කරන්නට නොහැක. රාත්‍රිය ගත වූයේ පැල් රැකීම සඳහා වූ වාඩියෙ .. චමත්කාරජනක රාත්‍රී අහස හාත්පසින් වට වූ ඝන අඳුර ඈත ඉමක අහෙනා පැල් කවි සිතින් අප වෙනමම ලෝකයකට අරගෙන ගියා.ජීවිතයේ හැමෝම දිනක විඳින්නට අදිටන් කරගත යුතු ස්වභාව සෞන්දර්ය මෙය යි .ඔබත් දිනක එහි පිය නගන්න නිරතුරු පරිසරයට ආදරය කරන්න කිසි ම විටෙකවත් ඔබ රැගෙන යන කිසිම දෙයක් පරිසරයට එකතු නොකරන්න වගබලා ගන්න ඔබේ පියසටහන් පමණක් ඉතිරි කර පැමිණෙන👣👣👣🦋🦋🌻🌻🐝🐝🐝
🚫 සැ : යු
ගල්ඔය ජාතික වනෝද්‍යානය නැරඹීමට 4 X 4 විල් ජිප් රථයක් අනිවාර්ය වේ, ගල්ඔය වනජිවි කර්්‍යාලයෙන් ටිකට් පතක් සහ මගපෙන්වන්නෙකු අනිවාර්යෙන් ලබාගත යුතු වේ, එසේ නොමැතිව කිසිම විටක ගල්ඔය වනෝද්‍යානයට අැතුල්විය නොහැක.
(ස්තුතිය : ගල්ඔය වනජිවි කර්්‍යයාල සේවක මඩුල්ලට
විශේෂ ස්තුතිය : නිල්ගල ගමේ ගුණපාල මාමට
කඳවුරු රත්‍රිය පිලිබද ඉදිරි දිනයකදී👍