07/07/2023
කයිට්ස් දූපතේ හොල්මන් ගෙවල්? ⛰🌸👻🌺⛺️🌊❤️
ශ්‍රී ලංකාව වටේ දවස් 30ක් තනියම ස්කූටරයෙන් කරපු සංචාරය ගැන තමයි මේ ලිපි පෙළ ලියවෙන්නේ. කලින් මේ ලිපි කියවපු නැති අයට දැනගන්න කියන්නේ, මේ සංචාරය කරේ 2020 වර්ෂයේ මුල. ඒ කියන්නේ මේ කොරෝනා වසංගතයට කලින්.
අවසානෙට ලියපු ලිපිය නැවැත්තුවේ එළුවයිතිව් දූපතේ ඉඳන් කයිට්ස් වලට එන ගමනත් එක්ක. අද කතාව කයිට්ස් දූපතේ ඉදන් ඩෙල්ෆ් දූපත දක්වා ගමන ගැන!
අද ගමන ආරම්භ වෙන්නේ එළුවයිතිව් දූපතේ ඉඳන් ඇවිල්ලා ජැටියෙන් බැහැලා එතන ඉඳන් නාගදීපය නැත්තං නයිනතිව් සහ ඩෙල්ෆ්ට් දක්වා යන ජැටිය බලා. පළවෙනියටම කියන්න ඕන දේ තමයි කයිට්ස් දූපතට ඇතුළු වුන වෙලාවේ දැකපු අතහැරලා දාපු ගෙවල් ගැන. මේ ගෙවල් කයිට්ස් දූපතේ ඉඳන් ඩෙල්ෆ්ට් දක්වා යන මග දෙපස අඩියක් අඩියක් ගානේ දැකගන්න ලැබුණා. මේ ගෙවල් දකින වාරයක් වාරයක් ගානෙ මම හිතුව දෙයක් තමයි මේ ගෙවල්වල ඉතිහාසය නැත්තං කතන්දරය මොකක්ද කියන එක. යුද්ධය අවසානයේ උතුරු නැගෙනහිර ජන ජීවිතය ආයෙත් අලුතින් පටන් ගත්තත් මේ විදිහට කිසිම විදිහකින් අලුත් නොවුණු ගෙවල් ඉඩම් අනන්තවත් මේ ගමනෙදි මම දැක්කා. එක්කෝ මේ ගෙවල් ඉඩම් වල අයිතිකරුවන් විදේශගත වෙලා නැත්තං යුද්දෙන් ම මැරිලා. අපේ මේ පුංචි ලංකාවේ හැම ප්‍රදේශයක්ම බොහොම සශ්‍රීක ජන ජීවිතයට සුදුසු ප්‍රදේශ.වෙන රටවල් වල වගේ මිනිසුන්ට ඉන්න බැරි ගහක් කොළක් වැවෙන් නැති සතෙක් නැති ප්‍රදේශ ලංකාවේ නැති තරම්. ඉතින් මට හිතුන එක දෙයක් තමයි මේ අවුරුදු තිහක යුද්ධයකින් අපේ රටේ කොච්චර ප්‍රදේශයක් රටේ දියුණුවට අහිමි උනාද කියන එක, ඒ වගේම කොච්චර ප්‍රමාණයක් බුද්ධිමතුන් ශ්‍රමබලකාය අවුරුදු තිහක් පුරාවට රටේ දියුණුවට අහිමි උනාද කියන එක. ඒ තරම් කටුක අමිහිරි කාල පරිපරිච්ඡේදයක් පහුකරන් ආපු මේ ලංකාව සහ ලාංකිකයන් තවදුරටත් ආගම් අනුව, ජාතීන් අනුව, දේශපාලන පක්ෂ අනුව බෙදෙනවා දැක්කහම මටනම් හිතෙන්නේ එකම දෙයයි ඒ තමයි මේ රට කවදාවත් දියුණු වෙන්නේ නැහැ කියන එක. අපි කවදාවත් පාඩමක් ඉගෙන ගන්නේ නැති ජාතියක්.
මේ විදිහට විදිහට හිතේ දුකින් කම්පාවෙන් ඉස්සරහට ඇදුනු මට නාගදීපය හා ඩෙල්ෆ් දූපත් දක්වා යන ජැටියට ළඟා වෙන්න පුළුවන් වුණා. මේ ජැටිය පිහිටලා තියෙන්නේ කුරිකඩ්ඩුවන් කියන ප්‍රදේශයේ. නාගදීපයේ වන්දනාවේ ගිය අය නම් මේ විස්තර හොඳටම දන්නවා. බෞද්ධ ජනතාවගේ ප්‍රධාන සිද්ධස්ථානයක් නිසා නාගදීපයට බහුතරයක් අය ගිහින් ඇති. මට අවශ්‍ය වුණේ නාගදීපයට කලින් ඩෙල්ෆ්ට් දූපතේ සංචාරය කරලා ඉවරයක් කරන්න. ඇත්තටම මගේ ස්කූටරය ඩෙල්ෆ්ට් දූපතට අරන් යන එකතමා මගේ ප්‍රධාන අරමුණ වුනේ. එහෙත් අවාසනාවට ජැටියට ගිය මට දැනගන්න ලැබුණේ බයික් අරන් යන්න පුළුවන් ෆෙරිය නැත්නම් බෝට්ටුව තිබිලා තියෙන්නේ එදා දවසෙ උදේ, මට යන්න තියෙන ඊළඟ ෆෙරියේ බයික් දාගෙන යන්න බැහැ ඒක මිනිස්සුන්ට විතරක් යන්න පුලුවන් ෆෙරියක්. ඒ වගේම මම එතැනට ගිය වෙලාවෙ ඉඳන් තව පැය ගානක් ෆෙරිය එනකම් බලාගෙන ඉන්නත් වුණා.ඒ තමයි එදා දවසට තිබ්බ අන්තිම ෆෙරිය. පැය ගානක් බලාගෙන හිටියට පස්සෙ අවසානයේ ෆෙරිය ආවා. ෆෙරියක් කිව්වට ඇත්තටම මේක පොඩි නැවක් ඒ නිසාම මට මේ ගමන තවත් හොඳ අත්දැකීමක් වුණා. මට මතක විදිහට පැයක පමණ මුහුදු ගමනකින් අපි ඩෙල්ෆ්ට් දූපතට ළඟා වුණා.
ඩෙල්ෆ් දූපත ගැන කියනවනම් කිලෝමීටර් 8ක් දිග කිලෝමීටර් 6ක් පලල මේ දූපතත් එක ඉතිහාස කතා විශාල ප්‍රමාණයක් බැඳිලා තියෙනවා. දකුණු ඉන්දියානු ආක්‍රමණ සහ දමිළ රජවරුන්ගේ සම්බන්ධ වගේම පෘතුගීසි ලන්දේසි ආක්‍රමණ වලට ලක්උන දූපතක් තමයි ඩෙල්ෆ් දූපත කියන්නේ. ඉතින් මේ ඉතිහාස කතාවලට කතා වලට අදාල නටබුන් සෑහෙන ප්‍රමාණයක් මේ දූපතේ දකින්න ලැබෙනවා.
කොහොම නමුත් ඩෙල්ෆ්ට් දූපතේ දකින්නට ලැබෙන්නේ පාළු ස්වභාවයක්. ආරංචි විදිහට කලකට ඉහතදී මේ දූපතේ ජනතාව විශාල ප්‍රමාණයක් පදිංචිවෙලා ඉඳල තියනවා. නමුත් යුද්ධය නිසා සහ තවත් හේතු නිසා මේ වන විට දූපතේ පදිංචිව සිටින්නේ පොඩි ප්‍රමාණයක්. මේ දූපතේ නවාතැන් ගන්න තැන් කිහිපයක්ම තියෙනවා තියෙනවා ඒ නිසා නවාතැන් ගැන බයවෙන්න දෙයක් නැහැ. නමුත් මට තේරුන විදිහට නම් සංචාරකයින් විශාල ප්‍රමාණයක් මේ දූපතට එන්නේ නැහැ. ඒත් පහසුකම් වැඩිදුර දියුණු කළොත් මේ දූපතට දෙස් විදෙස් සංචාරකයින් විශාල ප්‍රමාණයක් ගෙන්න ගන්න අමාරු වෙන්නේ නැහැ එහෙම වුනොත් මේ දූපතේ ඉන්න පොඩි ප්‍රමාණයට හරි හොඳ ආදායමක් ලබා ගන්න ක්‍රමයක් ඇති වෙනවා. දූපතට ගොඩ බැහැලා නවාතැන්පොලක් හොයාගත්ත මම මීළඟට මූනදුන්නෙ බැරෑරුම් ප්‍රශ්නයකට. ඒ තමයි මේ දූපතේ කෑම ගන්න කඩවල් බොහොම සුළු ප්‍රමාණයක් තමයි තියෙන්නේ සුළු කිව්වට නැතිම තරම්. ආරංචි විදිහට විදියට ගොඩක් අය කරන්නේ මේ දූපතට එද්දි කෑම උයා ගන්න පුළුවන් විදියට බඩු හැමදේම අරං ඇවිල්ලා උයාගෙන කන එකලු. ඒත් ආතක් පාතක් නැතුව තනියම දූපතට ආපු මට කෑම හදාගන්න හදා ගන්න කිසිම හදා ගන්න කිසිම දෙයක් තිබ්බෙ නැහැ ඒ නිසාම කෑම කඩයක් හොයාගෙන මම නව නැවතුන නවාතැන් පොලෙන් ඉල්ලගත්ත ෆුට් සයිලයකින් එහේ මෙහේ ගිය මට පොඩි කෑම කඩයක් අවසානෙදි හම්බුනා ලොකුවට කෑම උයන ස්වභාවයක් මේ කඩේ තිබ්බේ නැතත් තියෙන දෙයක් කාලා බඩගින්න නිවා ගන්ඩ මට සිද්ධ වුණා. ඩෙල්ෆ්ට් දූපතට සංචාරය කරන්න එනවනං කෑම ගැන වැඩිපුර හිතලා බලන්න. හැමදේටම ලෑස්ති වෙලා එන්න. ඉතින් සුපුරුදු පරිදි මේ හැමදේකම අදාළ වීඩියෝ එක (episode 13) AURAA Youtube channel එකෙන් බලන්න පුළුවන්. එහෙනම් දූපතේ සිදුවුන අනිත් සිදුවීම් එක්ක තවත් travel note එකකින් ලඟදීම හම්බවෙමු. ජයවේවා!
උපුටාගැනීමකි මුල්හිමිකරුට ස්තූතියි 🙏