24/06/2022
#ආදරණීය_පුරවැසියෙනි..!
#හිතන්න ! අප රට තුල මෙතෙක් ක්‍රියාත්මක වූ පක්ෂ දේශපාලන ක්‍රමය තුලින් සිද්ධ වුනේ කුමක්ද ?
🔹 පවුල බෙදුනා, පංසල බෙදුනා, ගම බෙදුනා, මුළු සමාජයම බෙදුනා
🔹 ජාතික වශයෙන් එකතුවී නැගිටින්නට ඇති මඟ ඇහිරුනා
🔹 පක්ෂ ප්‍රතිපත්ති අනුව මිස, ජාතික ප්‍රතිපත්තික් අනුව රට ගොඩනගන්නට ඇති මඟ ඇහිරුනා
🔹 ජනතාවගේ කැමැත්ත දේශපාලකයා විමසුවේ තමන්ට බලය ලබා ගන්නට පමනක් වුනා
🔹 ජනතාවගේ බලය උදුරාගත් දේශපාලකයා තම ධූර කාලය අවසන් වන තෙක් ඔවුන්ට අවශ්‍ය දේ පමනක් කරන කම් ජනතාවට බලා ඉන්න වුනා
🔹 ජනතා පරමාධිපත්‍යට පයින් ගසමින් තමන්ට ඕනි විදිහට මන්ත්‍රී වරයෙකු ලෙස සිටියදීම පක්ෂ මාරු කලා
🔹 ජනතාවගේ කිසිදු කැමැත්තක් නොවිමසා අඩු තරමින් ජනතාව දැනුවත් නොකර ජනතාවගේ සම්පත් පිටරට්ටුන්ට විකිනුවා, බදු දුන්නා
🔹 පාර්ලිමේන්තු වරප්‍රසාද යනුවෙන් ඔවුන්ගේ අභිමතයට හදා ගත් වරප්‍රසාද යටතේ මේ රටේ උත්තරීතර නීතිය නිරතුරුවම හෑල්ලුවට ලක් කලා
🔹 පාලන බලය ලබා දෙන්නට ජන්දය දුන් ජනතාව හැමදාම යාචකයින් වුනා
🔹බලය ගත් පක්ෂවල දේශපාලකයින් උපරිම ධනවතුන් වුනා
🔹රටක් ලෙස ලෝකයේ ආර්ථිකව බංකොලොත් හිඟන රටක් බවට පත් වුනා
එසේනම්, අපි තවත් මේ පක්ෂ දේශපාලන ක්‍රමයේම සිටිය යුතුද?
නැත. අප මෙම ක්‍රමය උඩුයටිකුරු කරන #මහාසම්මතවාදී දේශකලමනාකරන ක්‍රමයට මාරුවිය යුතුය.
ඒ මහාසම්මතවාදය...
🔹පොදු එකඟතාවයෙන් තීන්දු තීරණ ගන්නා ක්‍රමයකි.
🔹දේශකලමනාකරන ක්‍රමයකි.
🔹මැතිවරණ නැති ඍජු මහා සම්මතවාදී ක්‍රමයකි.
🔹පාට පක්ෂ ජනවාර්ගික ආගමික භේද නොසලකමින් සියළුම දෙනා එකතු කරමින් *ගම්සභා* තනයි.
🔹ගම්සභා මගින් මහාසම්මතයෙන් පත් කරන නියෝජිතයින් (දේශකලමනාකරුවන්) එකතු කර ප්‍රාදේශීය සභා තනයි.
🔹ප්‍රාදේශීය සභා මගින් මහාසම්මතයෙන් පත් කරන නියෝජිතයින් (දේශකලමනාකරුවන්) එකතු කර දිස්ත්‍රික් සභා තනයි.
🔹දිස්ත්‍රික් සභා මගින් මහාසම්මතයෙන් පත් කරන නියෝජිතයින් (දේශකලමනාකරුවන්) එකතු කර රාජ්‍ය මණ්ත්‍රණ සභාව තනයි.
🔹මෙහි නැවත කැදවීමේ මූලධර්මයට අනුව පත් කරන නියෝජිතයා දූෂිත අකාර්යක්ෂම නම් නැවත කැදවිය හැකි ක්‍රමයකි.
🔹මෙහි ප්‍රතිස්තාපනය නම් වූ මූලධර්මයට අනුව, නැවත කැදවන නියෝජිතයා වෙනුවෙන් වෙනත් නියෝජිතයෙකු මහසම්මතයෙන් නැවත පත් කිරීමේ බලය පහල සභාවට ඇත.
🔹මෙහි ප්‍රතිසම්මතය නම් වූ මූලධර්මය තුලින් ඉහල සභාවක් මගින් සම්පාදනය කරගන්නා ජාතික වැදගත් කමකින් යුතු සියළු නීතියක් පනතක් ගිවිසුමක් පහල සභාවල (ජනසභාවල) අනුමැතියකින් තොරව සම්මත කර ගැනීමේ හැකියාවක් නැත.
මෙහිදී රට සංවර්ධනය කිරීමේ හා ආරක්ෂා කිරීමේ ප්‍රතිපත්ති සැලසුම් ක්‍රම සම්පාදනය කිරීමේ හා ක්‍රියාවට නැන්වීමේ බලය ජනතාවට ඍජුවම ලැබෙනවා නම් එම රටේ දූෂණය වංචාව හොරකම අපරාධ සිදු වන්නේ නැත. සමාජ අසාධාරණයෙන් නිලධාරීවාදයෙන් රදල වාදයෙන් වහල්වයෙන් ජනතාව මිදේ.
ඉතින් ආදරණීය පුරවැසියෙනි ! අපි සියලු දෙනා නොපමාව #මහසම්මතවාදයට එක්ව මේ රට දූෂිත පක්ෂ දේශපාලනයෙන් මුදා ගනිමු.
අප හා එක් වන්න ඔබගේ අදහස් බෙදා ගනිමින් රට තුළ සැබෑ වෙනසකට පංගුකාරයෙක් වෙමු.
https://chat.whatsapp.com/KZqFuNGW4seGMmQn57NXLs
වසන්ත අත්තනායක බණ්ඩාර
මෙහෙයුම් ප්‍රධානී (සභාපති)
මහාසම්මතවාදී ජනතා ව්‍යාපාරය
WhatsApp Group Invite