Wild Watching Team - Shen Safari

Wild Watching Team  - Shen Safari Best safari service in sri lanka
(21)

අලින් එකිනෙකා අමතන්නේ අදාළ අලියාට අනන්‍ය වූ නමක් පවසමින් බව නවතම අධ්‍යයනයකින් හෙළි වී තිබෙනවා.හඬ අනුකරණය කරමින් ඩොල්ෆින්...
13/06/2024

අලින් එකිනෙකා අමතන්නේ අදාළ අලියාට අනන්‍ය වූ නමක් පවසමින් බව නවතම අධ්‍යයනයකින් හෙළි වී තිබෙනවා.

හඬ අනුකරණය කරමින් ඩොල්ෆින් සතුන් සහ ගිරවුන් වැනි පක්ෂීන් තම වර්ගයට ම අයත් අනෙකුත් සතුන් අමතන බව මින් පෙර සොයාගෙන තිබුණත්, මේ අධ්‍යයනයට අනුව අනන්‍ය වූ නමක් පවසමින් ආමන්ත්‍රණය කරන බවට සොයාගෙන ඇති එක ම සත්ත්ව විශේෂය වන්නේ අලින්.

මේ අධ්‍යයනය සිදු කළ පර්යේෂකයන් කෘත්‍රිම බුද්ධිය පාදක කරගත් ඇල්ගොරිතමයක් මඟින් කෙන්යාවේ දී පටිගත කරන ලද කුංචනාද ගණනාවක් විශ්ලේෂණයට ලක් කර තිබුණා. මේ ශ්‍රව්‍ය පසුරුවල අන්තර්ගත වුණේ අප්‍රිකානු සැවානා හස්තීන්ගේ කෑගැසීම්.

අධ්‍යයනයේ ප්‍රධාන කර්තෘ Michael Pardo සඳහන් කරන පරිදි මෙහි දී ඔවුන්ට පෙනී ගෝස් තිබුණේ ඔවුන් එකිනෙකා අමතන්නේ විශේෂිත වූ හඬ භාවිතයන් මඟින් බවයි. මෙලෙස තවත් අලියෙකු තමා අමතන බව හඳුනා ගන්නා අලියෙක් අනෙකුත් අලින්ගේ හඬ නො සලකා හැර තමා ඇමතූ සගයාට ම ප්‍රතිචාර දක්වන බවත් මෙහි දී පෙනී ගොස් තිබුණා.

මෙහි දී යොදාගැනුණු ශ්‍රව්‍ය පසුරු 1986 සිට 2022 දක්වා කාලයේ දී කෙන්යාවේ Samburu ජාතික වන රක්ෂිතයේ දී සහ Amboseli ජාතික වනෝද්‍යානයේ දී පටිගත කරන ලද ඒවා බව පර්යේෂකයන් සඳහන් කරනවා.

කෘත්‍රිම බුද්ධි ඇල්ගොරිතමයේ සහාය ඇති ව අලි කෑගැසීම් 469ක් හඳුනා ගන්නට ඔවුන් සමත් ව තිබුණා. ඉන් 101 ක් ඇමතීම් වශයෙනුත්, 117ක් ඇමතීම්වලට ලැබෙන ප්‍රතිචාර වශයෙනුත් හඳුනා ගන්නට ඔවුන් සමත් ව තිබුණා.

The Guardian ඇසුරෙනි.

https://www.facebook.com/share/p/mbK42UcvxxAV9Mia/?mibextid=oFDknk

2024 - 06 - 11 Another Happy sri lankans 🇱🇰 Mr.kalum wickramasinghe & his familySeeking an exhilarating adventure? Look ...
12/06/2024

2024 - 06 - 11
Another Happy sri lankans 🇱🇰
Mr.kalum wickramasinghe & his family

Seeking an exhilarating adventure?

Look no further! Shen Safari promise an adrenaline-filled journey. 🐘🍃

🌟 What We Offer:
* Guided safari tours led by knowledgeable local experts
* Exciting expeditions into Sri Lanka's national parks and reserves( minneriya national park, Hurulu eco park, Kaudulla,Yala)
* Opportunities to witness majestic elephants, wild animals and colorful birds.
* Comfortable and safe rides in our well-equipped safari vehicles

📅 Book Your Adventure Today:

Don't miss out on the opportunity to embark on a journey like no other. Contact us now to reserve your spot and let the adventure begin!
Customize your own package. 🍃❤️

0714622002

❤️

ආසියානු අලින්ගේ රූපකාය සහ ශාරීරික ක්‍රියාකාරකම්                                              පොදුවේ අලින්ගේ පිරිමි සතා ග...
10/06/2024

ආසියානු අලින්ගේ රූපකාය සහ ශාරීරික ක්‍රියාකාරකම්

පොදුවේ අලින්ගේ පිරිමි සතා ගැහැණු සතාට සාපේක්ෂව වඩා විශාලය.බර ගැන සැලකීමේදී ආසියානු අලින්ගේ උප විශේෂයන්ට අනුව බර වෙනස් වන අතර ලංකාවේ අලින්ගේ පිරිමි අලියෙකුගේ සාමන්‍ය බර 4500kg පමණ ,ගැහැණු අලියෙකුගේ සාමාන්‍ය බර 2700kg ක් පමණ වේ. ආසියානු අලින්ගේ උරහිස් මට්ටමින් සාමන්‍ය උස පිරිමි සතෙකු නම් අඩි අටයි අගල් හයක් සහ ගැහැණු සතෙකු නම් අඩි හතයි අගල් හතරක් පමණ වේ.මිනිසුන් මෙන්ම උස සහ බර අනුව පැහැදිලි විශේෂතා පෙන්වන සාමාජිකයෝ අලි අතර ද සිටිති .උදාහරණයක් ලෙස අඩි13ක් පමන උස සහ 6500kg ක් පමණ බර ආසියානු අලි වාර්තා වූ අවස්ථා ඇත .

ශරීරයට සාපේක්ෂව පාද උසින් අඩු ආසියානු අලි මහත ස්වරූපයක් පෙන්නුම් කරති.ආසියානු අලියාගේ පිටකොන්ද පිහිටා ඇත්තේ උත්තල හැඩයකටය.මොවුන් නැගී සිටින විට ශරීරයේ ඉහලම ස්ථානය ලෙස දිස්වන්නේ හිස් මුදුනයි.මේ නිසා ආසියානු අලියාට කිසියම් තේජවන්ත පෙනුමක් ලැබී ඇත .

ආසියානු අලියාගේ කන ත්‍රිකෝණයක හැඩයකින් යුක්ත වන අතර බෙල්ලට සාපේක්ෂව පළලින් අඩුය.සමහර ආසියානු අලින්ගේ කනේ ගෝමරද පිහිටයි.

ආසියානු අලියාගේ සොඩයේ අග ඉහල කෙළවර දික් වී ඇත. මෙම කොටස ඉතා සංවේදී අතර සොඩයෙන් කිසියම් දෙයක් අල්ලාගැනීමේදී අපගේ අතක ඇගිල්ලක් මෙන් ක්‍රියාකරයී. මේ හේතුවෙන්ම අප මෙය සොඩැගිල්ල/ඇගිල්ල ලෙස නම් කරයි.
ආසියානු අලින්ගේ දළ දරන්නේ පිරිමි සත්තු පමණි. මේ අතර දළවලට සමාන රසායන සංයුතියක් ඇති කුඩා දුර්වල දළ/පණු දළ (tushes) සමහර පිරිමි හා ගැහැණු සතුන්ට ඇත.

පණු දළ දරන ආසියානු ගැහැණු සතා හදුන්වන්නේ - ඇතින්න පණු දළ නොදරන ගැහැණු සතා - කෙනර දළ දරන ආසියානු පිරිමි සතා - ඇතා පණු දළ දරන ආසියානු පිරිමි සතා - අලියා පණු දළවත් නොදරන පිරිමි සතා -පුස්සාය.

ආසියානු අලියාගේ රැලි ගතිය අඩු අතර සාපේක්ෂව ලෝම වැඩිය.මීට අමතරව ආසියානු අලින්ගේ සමට කාල වර්ණය ගෙන දෙන වර්ණක කණිකා සමේ සමහර ස්ථාන වල නොමැත.සාමන්‍ය වහරේ අප මෙවන් ස්ථාන හදුන්වන්නේ කබර හෝ ගෝමර ලෙසය.ආසියානු අලි සමහරෙකුගේ ගෝමර ඇත.මේවා බොහොවිට දැකගත හැක්කේ සොඩයේ,කන්වල සහ බෙල්ල ආදී ප්‍රදේශ වලයි.

ආසියානු අලි පිලිබද සැලකීමේදී සුදු අලි පිලිබදව වාර්තා වන අවස්ථා ඇත .බෞද්ධ ජාතක කථා වලද සුදු අලි පිලිබද තොරතුරු ඇත.
වර්තමානයේ නිදහසේ සැරිසරන සුදු ඇතින්නක් ලංකාවේද සිටී.යාල වනෝද්‍යානයේ අලි රංචුවක සිටින මෙම ඇතින්න 1933 සිටම වරින් වර වාර්තා වේ.

ආසියානු අලින්ගේ චාර්වක දත්වල මතුපිට පෘෂ්ඨයේ ඇත්තේ දික් අතට පිහිටි ඇලිය.මීට අමතරව ආසියානු අලින්ට ඉල ඇට යුගල 19 ක් ඇත.

අලි දත්                                                                                                                 ...
10/06/2024

අලි දත්

අලින්ගේ මුඛයේ කෘන්තක සහ චාර්වක ලෙස හදුන්වන දත් වර්ග දෙකක් ඇත.මෙයින් කෘන්තක දත් ඇත්තේ උඩුඇන්දේ පමණි.එය ගණනින් දෙකකි.මුල් අවස්ථවේ කිරි දත් ලෙස හැදින්විය හැකි ඉතා කුඩා දත් දෙකක් වර්ධනය වේ.පසුව එම දත් ඉවත් කරමින් ස්ථීර දත් වැඩෙයි.කෘන්තක දත් , පණු දල සහ දල ලෙස හදුන්වනු ලැබේ.පණුදල සහ දල සංයුතියෙන් සමානය.නමුත් දල වලට සාපේක්ෂව පණු දල සිහින් සහ කුඩාය.පණුදල වර්ධනය වීම බොහොවිට සිදුවන්නේ පහළ දිශාවටය.( පොලොව දෙසට).පණු දලයන්ට සාපේක්ෂව දල වඩා ඝනකම් අතර දිගින් වැඩේ.එසේම දල වර්ධනය වන්නේ ඉදිරියටය.සමහර අලින්ගේ කෘන්තක දත් ඇත්තේම නැත.

අලියෙකු සම්පූර්ණ ජීවිත කාලය ගෙවූවහොත් උඩ සහ යටි හකු දෙකේ වම් සහ දකුණු පැත්තේ චාර්වක දත් 6 බැගින් හටගනි.සමහරෙක් මෙම චාර්වක දත් 6 පුරස්චාර්වක 3ක් සහ චාර්වක 3ක් ලෙසද හදුන්වන අවස්ථා ඇත .එම දත් 6 හටගන්නේ ජීවිතේ එක් එක් වයස් වලදීය.
උදාහරණයක් ලෙස : පළමු දත හටගන්නේ ඉපදී දින කිහිපයක සිට මාස කිහිපයක් වෙද්දීය,එම දත මතුවී ටික කාලයක් යද්දී දෙවන දත මතු වේ.මෙය මිනිසාගේ සහ අනෙකුත් බොහෝ සතුන්ගේ මෙන් දත යට සිට උඩට මතුවීමක් නොවේ.මෙම දත හටගන්නේ හකුමූලයේය.අනතුරුව එය ක්‍රමයෙන් ඉදිරියට ඇදෙන අතර ඊට පෙර ඇති වූ දත ඉදිරියට තල්ලු වේ.මේ අවස්ථාව වන විට ගෙවීගොස් දිරායාම ආරම්භ වී ඇති පෙර දත කොටස් වශයෙන් ගැලවී හෝ කැඩි යයි.මේ අනුව ජීවිතේ ඕනෑම අවස්ථාවක උඩ හෝ යටි අලි හක්කක එක පැත්තක තිබිය හැකි උපරිම දත් ප්‍රමාණය දෙකකි.එ පැරණි දත සහ අලුතින් ඇතිවන දතයි.

අලියෙකුගේ දතක් සාමන්‍ය ජන වහරේ හඳුන්වන්නේ අලි හක්ක කියාය.දත කුමන චාර්වක දතදැයි හදුනාගැනීමට උපයෝගි කරගන්නේ දතේ විශාලත්වය , දත මතුපිට ඇති ප්‍රමාණය,දන්ත මූලයේ හක්ක තුළට ගිලාබසින මුල් සංබ්‍යාව සහ එහි ස්වභාවයයි.

චාර්වක දත් උපයෝගී කරගනුලබන්නේ ආහාර විකා කෑමටය.ආහාර කැබලි වලට කැඩීමට සහ ඇඹරීම චාර්වක දත්වල කාර්යයි.මෙසේ ආහාර විකීමේදි සහ ඇඹරීමේදි දත් ක්‍රමයෙන් ගෙවීයයි.මෙහිදී දත් මතුපිට ඇති නෙරුම් ගෙවීගොස් දත් සමතලා වේ.එවිට ආහාර කැඩීම හා ඇඹරීම නිසි පරිදි සිදු නොවේ.දත් ගෙවීම,දිරායාම සහ පසුපසින් අලුතින් එන දතින් තල්ලු කිරීම සහ කැබලි ලෙස කැඩීයයි.කැඩීයන දත් කැබලි බිම වැටේ.නොඑසේනම් ආහාර සමග අලියාටම ගිලේ.පසුව අලි බෙටි සමග මේ දත් කැබලි පිට වේ.

ඒ ඒ හණුවේ පළමු චාර්වක දත මාස කිහිපයකින් ඇති වෙන අතර , අවසාන දත අවුරුදු 30 - 40 දී පමණ මතු වේ.උඩ සහ යටි හකුවල කොන් අතරින් මතු වන 6 වන චාර්වක දත් මතුපිට ආහාර විකීමේදි ක්‍රමක් ක්‍රමයෙන් ගෙවීයාම සිදුවන අතර වයසට යද්දි පෙර දත් ලෙසම දත් වල කොටස් කැඩෙමින් විනාශයට පත් වේ.

ඇත් දළ                    මිනිසාගේ මුඛයේ දත් වර්ග 4ක් ඇත.ඒවා කෘන්තක,රදනක,පුරස්චාර්වක සහ චාර්වක යන හදුන්වයි.ආහාර කඩා ගැනී...
10/06/2024

ඇත් දළ

මිනිසාගේ මුඛයේ දත් වර්ග 4ක් ඇත.ඒවා කෘන්තක,රදනක,පුරස්චාර්වක සහ චාර්වක යන හදුන්වයි.ආහාර කඩා ගැනීම,සැපීම සහ ඇඹරීම සදහා සැකසී ඇති එම දත් වල ඇති හැඩයන් සහ සිදු කරන කර්තව්‍යයන් එකිනෙකට වෙනස් වේ.එසේම කිරිදත් සහ ස්ථිර දත් ලෙස දත් දෙවර්ගයකි.ලදරු විය අවසන් වීම සමග කිරිදත් හැලීයද්දි ස්ථිර දත් මතුවේ.බොහෝ ක්ෂීරපායි සතුන්ගේ දත් වල හැඩය සහ දත් සංබ්‍යව වෙනස් වුවත් දත් එන්නේ මිනිසුන්ගේ මෙනි.අලින්ගේ මුඛයේ දත් වල හැඩය සහ දන්ත වින්‍යාසය මෙන්ම දත් මතුවෙන ආකාරයද මෙයට වෙනස් වේ.
වෙනස් සතුන්ගේ මෙන්ම අලින්ගේත් උඩ හක්කේ සහ යටි හක්කේ දත් ඇති වේ.සාමාන්‍යයෙන් උපත ලබද්දී දත් විදුරු මසෙන් මතු වී නැත.අලින්ට ඇත්තේ ආකාර දෙකක දත්ය.ඒවා කෘන්තක සහ චාර්වක දත්ය.
අප්‍රිකානු අලින්ගේ ගැහැණු සහ පිරිමි අලි යන දෙගොල්ලන්ම දල දරති.ආසියානු අලින්ගේ පිරිමි අලි පමණක් දල දරති.ඔවුන් අතර ලංකාවේ වෙසෙන උප විශේෂයේ අලින්ගෙන් ඉතාමත් සුලු ප්‍රතිශතයක් දල දරති.දල හෝ පනුදල දැරීම හා නොදැරිම අනුව ජන වහරේ අලි නාමකරණය සිදුවේ.එයට අනුව ,
දල දරන අලි -ඇතුන්
සමහර අලි දල නොදරන නමුත් පනු දල දරති.මෙවන් අලි සාමාන්‍ය වහරේ හදුන්වන්නේ අලින් යනුවෙනි.
දල හෝ පනු දල නොදරන අලි හදුන්වන්නේ පුස්සන් ලෙසය.
ගැහැණු සතුන්ටද නාමයන් දී ඇත.මෙහිදී පනු දල දරන ගැහැණු සතුන් - ඇතින්නියන්
පනු දල නොදරන ගැහැණු සතුන් - කෙනර ලෙස හැදින්වේ.කෙසේවුවත් සාමාන්‍ය වහරේදී පිරිමි සතුන් අලියා සහ ඇතා ලෙසත්,ගැහැණු සතුන් පොදුවේ ඇතින්න ලෙසත් හදුන්වනු ලැබේ.

ඇත්තු අඩු විමට හේතුව නිශ්චිත නොවනවා මෙන්ම,ඇතුන් බිහිවීමට මවුපිය පාර්ශ්වය ජානමය වශයෙන් දක්වන දායකත්වය පිලිබදවද නිශ්චිත පිලිතුරු නැත.මේ අනුව ඇතුන් බිහිකිරීමට මුලීක ජාන පරම්පරාවෙන් පරම්පරාවට රැගෙන යන්නේ මවු පාර්ශ්වයද,පිය පර්ශවයද නැතහොත් දෙපර්ශවයමද යන්නටත් මේ දක්වා නිශ්චිත පිලිතුරක් ලැබී නොමැත .මෙම සංකීර්ණත්වයට උදාහරණ නම් ඇතුන්ට දාව ඉපදෙන සෑම පැටවෙක්ම ඇතෙකු නොවේ.එසේම අලින්ට දාවද ඇත්තු පැටව් බිහි වෙති.මව් ඇතින්න සැලකුවද,පනු දල දරන හා නොදරන අලි ගැහැණු සතුන් ඇත් පැටවුන් බිහි කරති.

ඇතුන්ට විවිධ හැඩයේ සහ විවිධ ප්‍රමාණයේ දල ඇත.මේ අතර දිග සහ කොට දලද ,වේවැල් මෙන් සිහින් සහ මහත දලද,ඉදිරියට සහ පැත්තට දික් වූ දලද ඇත.

තුන්පත් රෑන                                                                                                             ...
10/06/2024

තුන්පත් රෑන

සමහර අවස්ථාවන්හහිදී ඇතින්නියන් තම කුඩා පැටවාත් රැගෙන රංචුවෙන් තාවකලිකව ඉවත්ව ජීවත් වන අවස්ථාද ඇත.මෙය බොහෝ විට සිදුවන්නේ කෑම බහුලව නොමැති කාලවලදී ය.මෙම කාලවලදී රංචුව වැඩි දුරක් ගමනේ යෙදේ.මෙවිට සමහර ඇතින්නන් තම කුඩා පැටවා සමග ගමනේ යෙදීමෙන් වළකින අවස්ථාද ඇත.මෙවන් අවස්ථාවලදී ඇතින්න හා පැටවා සමග ඇතින්නිගේ පෙර පැටවාද නවතින අවස්ථා ඇත.පෙර පැටවා ගැහැණු හෝ පිරිමි පැටවකු විය හැකිය. එසේම ඇතින්නගේ සහෝදරියක හෝ ඇතින්නගේ මව හෙවත් පැටවාගේ ආච්චි වුව නැවතීමේ හැකියාව ඇත.මෙය තීරනය වන්නේ එකිනෙකා අතර ඇති අනෝන්‍ය බැදීම මතය. මෙසේ නැවතුනු කල මෙම තිදෙනා තුන්පත් රෑනක් ලෙස හදුන්වනු ලැබේ.

මෙහිදී පිරිමි පැටවකු තම මව සමග නැවතුනහොත් පැටවා සමග මව සහ පියා සිටින බවට අදහසක් සමහරෙකුට ඇති වේ.පිරිමි සතුන්ට සාපේක්ෂව ඇතින්නියෝ කුඩාය.මේ හේතුවෙන් අවුරුදු 10ක පමණ යෞවනය එළිපත්තේ සිටින පිරිමි පැටවුද මවගේ ප්‍රමාණයම හෝ ඊට වඩා විශාල දේහ ප්‍රමාණයකින් යුක්ත වෙති.

මීට අමතරව කිරි බොන පැටවකු සිටින මව් ඇතින්නක ලිංගිකව සක්‍රීය වූ කලෙක ප්‍රදේශයේ වෙසෙන පිරිමි අලි ඇය කරා ආකර්ශනය වෙති.එසේ පැමිණෙන අලින් අතරින් වඩාත් ශක්තිවන්තයාට ඇතින්න හිමි වේ. සති 16ක් පමණ දීර්ඝ ලිංගික චක්‍රයේ දින 04ක් පමණ වන ලිංගික සක්‍රීය කාලය සමහර ඇතින්නන් රංචුව තුළ සිටිද්දීම ගෙවයි.සමහරෙක් තාවකලිකව රංචුවෙන් ඉවත්ව වෙසෙන්නේ තම තාවකාලික සහකාරයාත් සමගය.මෙවන් අවස්ථාවල කිරි බොන වයසේ පැටවාද ඇය සමගය.මෙවන් තිදෙනකු ඇස ගැටුණ හොත් එය මව,පියා සහ පැටවා ලෙස වැරදි අවබෝධයක් ඇති වීමට හොදටම ඉඩ ඇත.මේ අනුව 'තුන්පත් රෑන ' යන්න සමාජය තුළ මව පියා සහ පැටවාගේ එකතුවක් ලෙස විස්තර වූවත් එය එසේ නොවන බව පැහැදිලිය.

අලින්ගේ සමාජ ජීවිතය                                                                      ලොව වෙසෙන සත්තුන්ගේ සමාජ සංවිධා...
10/06/2024

අලින්ගේ සමාජ ජීවිතය

ලොව වෙසෙන සත්තුන්ගේ සමාජ සංවිධානය සහ හැසිරීම් රටාවන් විවිවිධාකාරය.උදාහරණයක් ලෙස මිනිසා ඉතා සමාජශීලී සත්ත්ව විශේෂයකි.ඔවුන් සමූහයක් ලෙස ජීවත් වීමට කැමති අතර සමාජයේ එකිනෙකා අතර බොහෝ අන්තර්ක්‍රියා දක්නට ඇත.කොටින්,වලසුන් වැනි සත්තු හුදෙකලා දිවියක් ගෙවති.ඔවුන්ගේ පැටවුන් බෝවන කාලයට පමණක් පිරිමි සහ ගැහැණු සත්තු එකට ජීවත් වෙති.පැටවුන් රැකබලාගන්නා කාලයේදී මව් සතා තම පැටවු සමග වාසය කරයි.පැටව් වැඩුණු කල ඔවුන්ද හුදකලා දිවිය ආරම්භ කරති.අලින්,සිංහයන් සහ නරින් වැනි සත්තු රංචු ලෙස ජීවත් වෙති.රංචුව විශාල වූ අවස්ථාවල රංචු ලෙස නැවතත් බෙදීයාමක් සිදුවිය හැක.විටෙක වැඩුණු පිරිමි සත්තු රංචුව හැරදා යති.රංචු තුළ වෙසෙන ගැහැණු සහ පිරිමි සත්තු රංචුව හැරදා යති.රංචු තුළ වෙසෙන ගැහැණු සහ පිරිමි සතුන්ගෙ කාර්යභාරයන් විවිධාකාරය.

අලින්ගේ සමාජ සංවිධානය හදුන්වන්නේ මාතෘ මූලික සමාජයක් ලෙසය.අලි රංචුවේ නායකත්වය දරන්නේ වැඩුණු ගැහැනු සතෙකි.එසේම පවුල් ඒකක පවත්වාගෙන යෑම සිදුකරන්නේද ගැහැනු සත්තුය. අවුරුදු 60ක් 70ක් පමණ කාලයක් ජීවත්වන අලින්ටද මිනිසාට මෙන් ළදරු ,ළමා,යෞවන හා මහලු කාල වශයෙන් ජීවිතයේ එක් එක් අවදි ඇත.

අලි තාත්තාගේ කාර්යභාරය                          පිරිමි අලියා සමාජ ජීවිතයේ පියෙකු ලෙස ඉටුකරන කාර්යභාර්ය ඉතා සීමිතය.එය ඉපද...
10/06/2024

අලි තාත්තාගේ කාර්යභාරය

පිරිමි අලියා සමාජ ජීවිතයේ පියෙකු ලෙස ඉටුකරන කාර්යභාර්ය ඉතා සීමිතය.එය ඉපදෙන පැටවාට තමාගේ ජාන ප්‍රධානය කිරීමට පමණක් සීමා වී ඇත.ලිංගිකව සක්‍රීය ඇතින්නක ලැබුනහොත් අලියා එම කාලය පුරා ඇතින්න සමග කුලුපගව හැසිරේ.දින 4ක් පමණ වූ ඇතින්නගේ ලිංගික සක්‍රිය කාලය තුල බොහෝ වාර සංබ්‍යාවක් ලිංගික සංසර්ගයේ යෙදේ.ඇතින්නගේ ලිංගික සක්‍රිය කාලය අවසන් වූ කල අලියා ඇතින්න හැරදා යයි.

මේ නිසා තමා සමග සංසර්ගයේ යෙදී ගැබ්බර වන ඇතින්නක මාස 22ක පමණ කාලයකට පසු බිහිකරන පැටවා සමග කිසිදු දැනුවත් සම්බන්ධතාවක් අලි තාත්තට නැත.එසේම තමාට දාව පැටවෙකු ලබාදෙන ඇතින්න පිලිබදවද කිසිදු සැලකිල්ලක් අලි තාත්තාට නොමැත. නොසංසිදෙන ලිංගික ආශාවකින් පෙළෙන අලියා තම උපරිම උත්සහය යොදන්නේ ඔහුට දාව ජනිතයන් උපරිම සංබ්‍යාවක් බිහි කිරිමටය.ඔහු තව තවත් ඇතින්නන් කරා කෙළවරක් නොමැති ගමනක යෙදෙන්නේ හැකි තාක් තමාට දාව පැටවුන් බිහි කරලීමටය.මෙම ගමනේදී ඔහුට නැවත වරක් මීට පෙර අවස්ථා වලදී තමාට දාව පැටවුන් බිහිකළ ඇතින්නක හමුවනු ඇත.එසේම තමාගේ පීතෘත්වයන් ඉපදී,දැන් යෞවන වියට පත්ව සිටින ඇතින්නන්ද හමු විය හැකිය.මෙය ස්වාභාව ධර්මයෙන් අලි පියවරුන් ලැබූ උරුමයයි.

අලින්ගේ ගැහැණු සහ පිරිමි සතුන් අදුරගන්නේ කොහොමද  ?
10/06/2024

අලින්ගේ ගැහැණු සහ පිරිමි සතුන් අදුරගන්නේ කොහොමද ?

පිරිමි අලින්ගේ සමාජ ජීවිතය                                                                                              ...
10/06/2024

පිරිමි අලින්ගේ සමාජ ජීවිතය

මිනිසුන්ගේ මෙන්ම අලින්ගේද උපදින පැටවුන් අතර ගැහැණු පිරිමි ලිංගිකත්ව අනුපාතය 1:1කි.මෙසේ උපදින පැටවුන්ගේ ළමා කාලය ගෙවෙන්නේ අලි රංචුව තුළය.මෙහිදී ගැහැණු සහ පිරිමි අලි දෙකොටසම තම පූර්ව ළමා විය මවුන්ගේ සහ රංචුවේ අනෙකුත් සාමාජිකයන්ගේ ආරක්ෂාව ලබමින් වෙනසකින් තොරව ගත කරති.

පැටවු වයසේදී බාහිරින් බලා ගැහැණු පිරිමි බව නිර්ණය කිරීමට අපහසුය.කෙසේ වුවත් පිරිමි පැටවුන් මුත්‍රා කිරීමේදී ලිංගේන්ද්‍රය පැහැදිලිව දැකගත හැකි නිසා ගැහැණු පිරිමි බව නිශ්චය කරගැනීමට අවස්ථාව ලැබේ.

අලි වැඩිහිටියන් වූ කල ගැහැණු පිරිමි බව හඳුනාගැනීම තරමක් පහසුය.මෙහිදී මූලිකව උපයෝගී වන්නේ පිරිමි අලින්ගේ හුදකලා හැසිරීමත්,සාපෙක්ෂව ශරීරයේ විශාලත්වයත්,බාහිරව දක්නට ලැබෙන ලිංගික අවයවයත්යය.මීට අමතරව ගැහැණු සහ පිරිමි සතුන්ගේ පෙනුමේ වෙනසක් ඇත.ගැහැණු සතාගේ හිසෙන් පසුපස කොටස පෙට්ටියක හැඩයක් ගනී.මෙයට හේතුව පැටවුන් දැරීම සදහා ශ්‍රෝණි ප්‍රදේශයේ ඉඩ වැඩිකරගැනීමට ශරීරයේ හැඩගැසීමයයි.පිරිමි සතුන්ගේ පසුපස ප්‍රදේශය පහත් වී ඇත.මීට අමතරව පැටවුන් බිහිකිරීමට සූදානම් හෝ පෙර අවස්ථාවකදී පැටවුන් බිහි කල ඇතින්නන්ගේ සාපේක්ෂව විශාල තනපුඩු ඔවුන් වෙන් වෙන්ව හදුනාගැනීමට උපකර වෙයි.

අලි පැටවුන්ට වයස අවුරුදු 05ක පමණ වෙද්දී ගැහැණු සහ පිරිමි පැටවුන්ගේ හැසිරීම් රටා අතර වෙනස දිස්වන්නට පටන් ගනී.මෙම කාලය වෙද්දී පිරිමි පැටවුන්ගේ ප්‍රධාන ක්‍රීඩාව වන්නේ සම වයස් පිරිමි සතුන් සමග පොර අඅල්ලමින් ශක්තිය උරගා බැලීමය. එසේම ගැහැණු සතුන්වද රණ්ඩුවලට පොලඹවාගැනීමටද මොවුහු උනන්දුය.එසේම ගැහැණු හෝ පිරිමි සතුන්ගේ පිටමත නැගීමටද මොවුහු උත්සාහ කරති.

පිරිමි පැටවුන් තවදුරටත් වැඩීමේදි මව් ඇතින්නක් ආසන්නයේ සිටීමට ඇති රුචිය අනුක්‍රමයෙන් අඩුවේ.මෙම තත්ත්වය තවදුරටත් ක්‍රියාත්මක වී,රංචුව සමග ලිහිල් සම්බන්ධතා සහිතව ජීවත් වන කාලයක්ද පැමිණේ.මෙහිදී රංචුව පෙනෙන නොපෙනෙන දුරක රැදී සිටිමින් තණ බුදින එසේම විවේකගන්නා පිරිමි අලි දැකගත හැකිය.මේ ආකාරයට යෞවනත්වයට පත්වන ඔවූහූ රංචුව හැරදා ස්වාධීනව ජීවිත ගත කිරිම අරඹති.කෙසේවුවද මුල් කාලයේදි දින කිහිපයක් රංචුවෙන් පිට ගත කරන මෙම යෞවනයා නැවත වරක්‍ රංචුව කරා පැමිණෙන සහ නැවතත් පිටවන ආදී නිශ්චිත නොවන හැසිරීම්ද ප්‍රදර්ශනය කරන අවස්ථා ඇත.රංචුවෙන් පිටවන යෞවන අලි එකවරම හුදකලා නොවන අතර ,බොහෝවිට සමවයසේ අලින්ට හෝ වැඩිහිටි අලින්ටට එකතුවෙති.මෙහිදී තනි අලියෙකුට හෝ අලි කිහිපදෙනෙකු සිටින පිරිමි අලි රංචු වලට එකතුවන්ස් අවස්ථාද ඇත.වෙනත් අලි සමග එකතුවීමේන් මෙම නවකයන්ට ආරක්ෂාවක් ලැබෙන අතර ,අත්දැකීම් ඇති අලින්ගේ හැසිරීම් සහ ගමන් රටාවන් අනුගමනය කිරීම මගින් ඉගෙනුමක්ද ලැබෙති.මීට අමතරව සමහර ශාක විශේෂ බිමහෙලා කොල හා පොතු බුදීමට අලින් පුරුදුව ඇත.තරුණ අලින්ට මේ ආකාරයට ගස්බිදීමට තරම් ශක්තියක් නොමැත.මෙම අවස්ථාවන්හිදී වැඩුනු අලි හා සිටීමෙන් තරුණ අලින්ට වාසි අත්වේ.

පිරිමි අලි රංචු ස්ථාවර කණ්ඩායම් නොවේ.කෙසේ වුවත් මෙම රංචුවල සිටින සාමාජිකයන් අතර එකිනෙකාට බැඳීමක් තිබෙනු දැකගත හැකිය. මෙම රංචු එකට ගමන් කරන,සෙල්ලම් කරන ,තණ බුදින හා නාන අවස්ථා නිරීක්ෂණය කිරීමට පුළුවන. මෙම පිරිමි අලි රංචු අවුරුද්දෙ සමහර කාලවලදී උඩවලව සහ කවුඩුල්ල වැනි ජාතික වනෝද්‍යානයන්හිදී පහසුවෙන් දැකගැනීමට අවකාශ සැලසේ.

අලි රංචු මෙන්ම පිරිමි අලිද සාමකාමීය.තමාට කියා ප්‍රදේශයක් වෙන් කරගැනීමට,තමාට කියා වතුර වළක් වෙන් කරගැනීමට මොවුහු ක්‍රියා නොකරති.තමා වෙසෙන ප්‍රදේශයට පැමිණෙන පිටස්තර අලින් පිළිබදව මොවුහු උරණ නොවෙති.කෙසේ වුවත් තමා අවට වෙසෙන අලින් පිළිබද අවබෝධයක් සෑම අලියෙකුටම ඇත.මෙය අලින් වඩාත් සාමකාමී කිරීමට මුල් වී ඇති හේතුවයි.

අලි එකිනෙකා දුටු අවස්ථාවේදීම ප්‍රබලයා කවුරුදැයි අවබෝධ කරගැනීමට සමත්ය.එසේ නොවන අවස්ථාවන්හිදී ශක්තිය උරගා බැලිම මගින් ප්‍රබලයා ඉස්මතු කරගනිඋ.මෙම ශක්තිය උරගා බැලීම එකිනෙකා තල්ලු කරගැනීමේ සිට මාරාන්තික සටන් දක්වා වුව වර්ධනය විය හැකිය.මෙසේ ශක්තිය උරගා බැලීමේ අවස්ථා බොහෝ විට ඉස්මතු වන්නේ අවට ප්‍රදේශයේ වෙසෙන අලි රංචුවක ඇතින්නක ලිංගිකව සක්‍රිය වූ විටය.එවන් ඇතින්නක ඇති අවස්ථාවේ ඇය තමන් සතු කරගැනීමේ අවස්ථාව වැඩියෙන්ම ලැබෙන්නේ එම ප්‍රදේශයේ වෙසෙන වඩාත්ම ශක්තිමත් අලියාටය.

ගැහැණු සතෙකු හා ලිංගිකව එක්වීම පිළිබඳව පිරිමි සතුන්ට ඇති තීරණාත්මක සාධකය තමන් ගැවසෙන ප්‍රදේශයේ තමන්ට හිමි ප්‍රමුඛත්වයයි.මේ නිසා පිරිමි අලින් සෑම විටම උත්සාහ කරන්නේ තමා ජීවත් වන ප්‍රදේශයේ චණ්ඩියා වීමටයි.මේ සදහා අත්‍යවශ්‍යම දේ දේහ ශක්තිය වැඩි කරගැනීමයි.මෙය රැදී පවතින්නේ පෝෂණය මතය.ජීවිත අවදානමක් තිබෙද්දී වුව , මතුවන විවිධාකාර බාධාවන්ට අභියෝග කරමින් තමන්ට රුචි ආහාර වෙනුවෙන් ගම් වැදීමට තනි අලින් උත්තේජනය කරන ස්වාභාවික සාධකය මෙයයි.මෙහි අනෙක් පැත්ත වූ ගැහැණු සත්තු හෙවත් අලි රංචු දේහ ශක්තියට නොව,තම පැටවුන්ගේ ආරක්ෂාවට මුල් තැන දෙන බැවින් හැකි සෑම අවස්ථාවකම අවදානම්කාරී තත්ත්වයන් මග හැරීමට උත්සාහ කරති.

ගැහැණු අලින්ගේ සමාජ ජීවිතය   🐘❤️😘                                                                                       ...
10/06/2024

ගැහැණු අලින්ගේ සමාජ ජීවිතය 🐘❤️😘

ගැහැණු සතුන්ගේ ජීවිත කාලයම සාමූහිකත්වය සමග බැදී තිබේ.මව් කුසින් ඉපදෙන පැටවා එකතු වන්නේ තම මව සහ නෑදෑයන් පිරි රංචුවටයි.මෙම රංචුවේ සිටින නෑදෑයන් වනුයේ තමාගේ ආච්චි සහ ආච්චිගේ සහෝදරියෝය.සමහර විටෙක මිත්තනිය හා ඇගේ සොහොයුරියෝද සිටිති .මීට අමතරව තම ආච්චිගේ දූවරුන් වන පුංචි අම්මලා සහ ලොකු අම්මලාද අනෙකුත් නෑදෑයන් වන පුංචි අම්මලා හා ලොකු අම්මලාද වෙති .මීට අමතරව තම සහෝදරියෝද එම සහෝදරියන්ට දාව උපන් දූවරුන් හා පුතණුවන් වන අයද සිටිති . මේ අනුව රංචුවේ සිටින සියලු සත්තු ලේ නෑදෑයන් ය. මොවුන් අතර පෙර සදහන් කළ පරිදි ආච්චිලා,ලොකු ආච්චිලා , ලොකු අම්මලා , පුංචි අම්මලා, අක්කලා, අයියලා මෙන්ම දුවලා, පුතාලා මෙන්ම මුනුපුරු,මිනිපිරියෝද අලුත ඉපදෙන පැටවා වටා සිටිති .

රංචුවේ සංයුතිය අනුව වැඩිපුර සිටින්නේ ගැහැණු සත්තුය .මීට හේතුව පිරිමි සතුන් යෞවන වයසට පැමිණිමත් සමග හුදෙකලා දිවියක් කරා යොමු වීමය.රංචුව තුළ ඉතිරි ව සිටින පිරිමි සත්තු නම් ළදරු හා ළමා වයස පසු කරන්නෝ හා යෞවනත්වයට පැමිණෙන තරම් වයසට හිම්කම් කියන්නෝය. කෙසේ වුවද ඕනෑම වයසක පිරිමි අලින් රංචුව සමග ගැවසිය හැකිය. එහෙත් ඔවුහු රංචුවේ ස්‍තීර සාමාජිකත්වය දරන අය නොවෙති.රංචුව බහුතර ගැහැණු සතුන්ගන් සමන්විත වුවද එය කරා පිරිමි සතුන්ට පැමිණිමේ හෝ රැදී සිටීමේ තහනමක් නැත.

එසේම අලි රංචුවට නායකත්වයක් ඇත.මෙහිදී නායකත්වය දෙන ඇතින්න වයසින් වැඩුනු අත්දැකීම් බහුල එකියක් වේ.ඇයගේ සහයට වයසින් වැඩුනු ඇතින්නන්ද ඇය සමග කටයුතු කරනු දැකගත ක්හැකිය.නායකත්වය දරන ඇතින්නියෝ සෑම විටකම විමසිලිමත්ය .රංචුවක් සැලකිල්ලෙන් නිරීක්ෂණය කලහොත් නායක ඇතින්න හදුනාගැනීමට අපහසු නැත.අලි රංචුව් ජලය කරා ඇදෙද්දි සහ තණ බිමක් කරා ගමන් ආරම්භ කිරීමේදී ඉදිරියෙන් ඇදෙන්නේ නායක ඇතින්නයි.අනතුරකදි වුවත් පෙරමුණ ගන්නේ නායක ඇතින්න සහ ඇයගේ ජේෂ්ඨ සහයක ඇතින්නියෝය.

රංචුවේ හැසිරීම් රටා නීරීක්ෂනයේදී බොහෝ ක්‍රියාකාරකම් තීරනය වන්නේ කුඩා පැටවුන් මත බව දැකිය හැකිය .රංචුවේ ආරක්ෂාව පිළිබදව සැලකීමේදී මුලිකත්වය ලැබෙන්නේ පැටවුන්ට ය.එය ස්වාභාවික උවදුරු හෝ මනුෂ්‍යයන්ගෙන් අනතුරක් සිදු වන අවස්ථාවකදීද පොදුය.අනතුරුදායක විය හැකි ගමන් මාර්ගයක ගමන් කරද්දී ,පැටවුන්ට පහර දිය හැකි නරින් වැනි සතුන් රංචුව වෙත ළගා වීමේදී, මිනිස් අනතුරක ඉව වැටීමේදී ආරක්ෂක ක්‍රමෝපායන් ක්‍රියාවේ යොදවන්නේ පැටවුන් කේන්ද්‍ර කරගෙනය. එසේම දිනයක් තුළදී ගමන් කරන දුර ප්‍රමාණය,විවේක ගැනීම ආදී දේ තීරනය කරන්නේද පැටවුන්ට මූමූලිකත්වය දෙමිනි.රංචුවේ හැසිරීම් රටාව පිළිබදව තවදුරටත් විමසිලිමත් වුවහොත් පැටවුන්ගේ ආරක්ෂාව පිළිබදව ඉතා විමසිලිමත් වන ඇතින්නන් රංචුව තුළ සිටින බව දැකගත හැකිය .මොවුහු භේදයකින් තොරව සියලු පැටවුන් පිළිබදව හෝ තම මවගේ හෝ සොයුරියන්ගේ පැටවුන් වැනි ඔවුන්ට කිට්ටු සම්බන්ධයක් ඇති පැටවුන් පිළිබදව උනන්දුවෙන් කටයුතු කරති .මව් ඇතින්නෝද තම පැටවුන්ට මේ ආකාරයෙන් ඇතින්නන් සමග සිටීමට ඉඩ හරිති.

අලි රංචුවක් ලෙස මෙන්ම තනි තනිවද අනෙක් සතුන්‍ට වඩා ශක්තිමත්ය.කොතරම් ශක්තිමත් වුවත් අලි තම ශක්තිමත් බව අනෙක් සතුන්ට කරදරයක් වන ආකාරයට භාවිතයේ යොදන්නේ නැත.අලි සාමාජිකයන් රංචුව තුල ගෙවන්නේ සාමකාමී ජීවිතයකි.එසේම කැලයේ වෙසෙන අනෙකුත් සත්ව විශේෂ සමගත් සමගියෙන් ජීවත් වෙති.අලින් තමන්ට කියා වෙනම ප්‍රදේශ හෝ ජල ප්‍රබව වැනි සම්පත් වෙන් කරගන්නේ නැත.එසේම තමන් වෙසෙන ප්‍රදේශය තුල වෙසෙන කිසිදු සත්ත්වයෙකු පලවා හැරීමට උත්සාහ ගන්නේද නැත.එසේම තම විසුම් ප්‍රදේශයට පැමිනෙන තම වර්ගයා සමග ගැටුම් ඇති කරගන්නේද නැත.

වනයේ වෙසෙන වෙනත් සතුන්ගෙන් අලියෙකුට කරදරයක් සිදුවන්නේ ඉතා කලාතුරකිනි.මෙහිදී අන්තුරක් ඇතිවීමට හැකියාව ඇත්තේ කුඩා පැටවුන්ට හෝ රෝගී වී ඇද වැටෙන සතුන්ටය.තනි වූ කුඩා අලි පැටවුන්ට නරියන්,කොටියන්,සහ කිඹුලන් පහර දුන් අවස්ථා වාර්තා වී ඇත.එසේම මෙම සතුන් අතරමන් වූ අලි පැටවුන් මරා කා දැමු අවස්ථාද ඇත.අලිද මෙම සත්ත්ව විශේෂ අවට ඇති අවස්ථා වලදී ඉතා සුපරික්ෂාකාරිව ක්‍රියාත්මක වෙති.අලි රංචුව අසල නරින් හෝ කොටියන් සිටිය හොත් ඔවුන් බියකර පලවා හරිති.එසේම පැටවුන් සමග දිය බීමට හෝ නෑමට ජලයට බසිද්දී කිඹුලන් පිලිබද සුපරික්ෂාකාරි වෙති.

ඒ අනුව රංචුව තුළ ඉතා කිට්ටු නෑදෑයන්ගෙන් සැදුම් ලත් පවුල් ඒකක සිටින බව පැපැහැදිලි.රංචුවක් ලෙස සිටියත් තමාට සමීප ලේ නෑයන් පිළිබද අවබෝධයක් රංචුව තුළ සිටින සෑම සාමාජිකයෙකු සතුවම ඇත.මෙම නෑදෑ සම්බන්ධතාව මත අනතුරට පත් පැටවෙකු හෝ වැඩිහිටි සතෙකු පිලිබදව ප්‍රතිචාර දැක්වීමේදී එක් එක් සාමාජිකයාගේ ප්‍රතිචාරයන්හි වෙනස්කම් දැකගත හැකිය.

අවුරුද්දේ ඒ ඒ කාලය තුළ සපයාගත හැකි සම්පත්වලට අනුව මෙම පවුල් ඒකක එකතු වීම හෝ වෙන්ව ජීවත් වීම සිදුවේ. ආහාර සහ ජලය පහසුවෙන් ලබාගත හැකි තත්ත්ව යටතේ සියලු පවුල් ඒකක එක්ව ජීවත් වන අතර , මොවුන් විශාල රංචු ලෙස දැකගත හැකිය.උදාහරණයක් ලෙස මින්නේරිය වනෝද්‍යානයේ ජූලි සිට ඔක්තෝබර් දක්වා දැකගත හැකි අලි වෙතින් මෙම ලක්ෂණය නිරීක්ෂණය කළ හැකිය.මෙහිදී සාමාජිකයන් 40- 80 නියෝජනය කරන රංචු කීපයක් අපට දැකගැනීමට පුළුවන.මොවුන් මෙසේ එක්රැස්ව සිටින්නේ අවුරුද්දේ මෙම කාලය තුළ වැව් පිට්ටනියේ සරුවට වැවුණු තණ තිබීමත්,වැවේ අවශ්‍ය තරම් ජලය තීබීමත් නිසාය .මෙම විශාල රංචු විමසිලිමත්ව නිරීක්ෂණය කිරීමේදී දැකගත හැකි ලක්ෂණයක් වන්නේ රංචුවක් ලෙස දර්ශනය වුවත්,මොවුන් අතර නායකත්වය දෙන ඇතින්නන් කීප දෙනෙකු ඇති බවය.එසේම දවස් කිහිපයකට හෝ පැය කීපයකට පසුව වුව මොවුන් බෙදී වෙන්ව හැසිරෙන බවත් දැකිය හැකිය.

මේ ආකාරයේ රංචු අතර ඇත්තේ ලිහිල් බැදීමකි.මොවුහු දුරින් නෑදෑයන්ය.කලකට පෙර එකට විසුවද,මොවුහු මූලික රංචුව විශාල වීමේදී කණ්ඩායම් ලෙස තාවකලිකව ඉවත් වූ පිරිස් වෙතින් හැදුනු අලුත් රංචුය.කලකට පසු මොවුන් එකිනෙකා හමුවන අවස්ථාවලදී විවිධාකාර හැසිරීම් රටා පෙන්වමින් තම සතුට මෙන්ම උද්‍යෝගයද පෙන්නුම් කරනු දැකගත හැකිය. එසේම මෙම රංචු දවසේ යම්කිසි කාල වේලාවක් එකට සිට පසුව දුරස්ථ වීමේදී සමහර රංචු සාමාජිකයන් නොදැනුවත්වම තම රංචුවෙන් ඉවත්ව ගොස් සිටින අවස්ථා හමුවේ.මෙය බොහෝ විට යෞවන වයසට පැමිණෙමින් සිටින ගැහැණු හා පිරිමි සතුන්ට සිදුවේ.තමන් රංචුවෙන් වෙන් වූ බව දැනගත් පසු කම්පනයට හා බියට පත්වන මොවුන් මහත් හඬින් කෑගසමින් තම රංචුව කරා දිව යනු සමහර අවස්ථාවන්හිදී දැකගත හැකිය.

අලින්ගේ පරිසරය වනසන ආක්‍රමණීක ශාක                                                                       අලි ගැවසෙන ප්‍රද...
10/06/2024

අලින්ගේ පරිසරය වනසන ආක්‍රමණීක ශාක

අලි ගැවසෙන ප්‍රදේශවල ඔවුන්ගේ ස්වභාවික ආහාර භෝග වූ විවිධ තණකොළ වර්ග සහ අනෙකුත් පැළෑටි ව්‍යාප්තිය සීමාකරමින් පැතිර යන,

🔴ගදපාන 🔴පතොක්
🔴අගඩ 🔴 කලපු අන්දර

වැනි ආක්‍රමණීක ශාක අලි වාසස්ථානවල ශීඝ්‍රයෙන් වර්ධනයද අද දවසේ තවත් බරපතළ ගැටලුවකි.මෙම ශාක ව්‍යාප්තිය පිටුදැකීමේ නොයෙකුත් ක්‍රියාමාර්ග ගනු ලැබුවත් මේ දක්වා සාර්ථක ප්‍රතිඵල ලබාගැනීමට නොහැකිව ඇත.වනෝද්‍යාන තුළ මෙම ශාක ව්‍යාප්තිය සදහා ගෘහාශ්‍රිත ගවයන් දායකත්වයන් දරන බව සමහර පර්යේෂණ මගින් පෙන්වා දී ඇත .

අලි කැලෑවට රිංගන ගවයින්  🐘🌱🌳🐄😪                                                                                          ...
10/06/2024

අලි කැලෑවට රිංගන ගවයින් 🐘🌱🌳🐄😪

මිනිසුන් වක්‍රව අලින්ට පීඩා ගෙන දෙන තවත් කාරණාවක් නම් ගව පාලනයයි.අලි වෙසෙන කැලෑ තුල දහස් ගණනක් වූ මී සහ එළ හරකුන් අලි සමග තණකොළ ,ජලය ආදී සම්පත් සදහා තරග කරති.මේ අනුව වන සතුන් වෙනුවෙන් වෙන් කර ඇති වාසභූමි වල වැඩිපුර සම්පත් පරිභෝජනය කරන්නේ හරක්ය.මෙම හරක් රටේ කිරි සහ මස් අවශ්‍යතාව සැපයීම සදහා දායක වෙති.මේ අනුව රටේ හරක් මස් අනුභව කරන්නන්ගේ අවශ්‍යතාව සදහා අලි ඇතුලු වන සතුන්ට ලැබී ඇති සීමිත ඉඩ කඩේ පිහිටි සම්පත් හරකුන්ට පුද කිරීමට සිදුව ඇත.

හරකුන් සහ අලි ශාක භක්ෂකයන් වෙනවාක් මෙන්ම මොවුන් දෙකොට්සයම තණකොළ බුදීමට රුචිය.මෙම තත්ත්වය තුල අලි සහ හරක් අතර ඇත්තේ ඍජු තරගයකි.මෙම තරගයේදී ඉතා සාමකාමීව හැසිරෙන අලි ආක්‍රමණීක හරකුන්ට තමාට හිමි තණබිම් වල ගැවසෙන්නට ඉඩ හැර කැලෑ අවට මිනිසුන්ගේ භවබෝග ආහාරයට ගැනීමට ගොස් අමාරුවේ වැටෙති.නියං කාලයේදී සිදී යන වැව් සහ වතුර වළවල සීමිත ජලය පවා මෙම ගෘහාශ්‍රිත ගවයෝ විශාල වශයෙන් පරිභෝජනය කරති.වතුර ස්වල්පයක් ඉතිරිව ඇති කල ගෘහාශ්‍රිත මී ගවයින් එහි ලැගීම නිසා අලින්ට එම ජලයද පරිභෝජනයට ගැනීමට නොහැකි වේ.මේ නිසා ජලය සදහාද අලින්ට ගම් වැදීමට සිදු වේ.

සාමන්‍ය වශයෙන් හරක් 10-15 දෙනෙකු පමණ එක් වැඩුණු අලියෙකු ආහාරයට ගන්නා කෑම ප්‍රමාණය දිනකට පරිභෝජනය කරති.මෙවන් පරිසරයක අපගේ කැලෑ තුල හරක් නොමැති තත්ත්ව උපකල්පනය කලහොත් අද සිටිනවාමෙන් තුන් ගුණයක අලි නඩත්තු කිරීමට හැකි බව සිද්ධාන්තිකව දැක්විය හැකිය.තවත් වැදගත් කරුණක් නම් වනජීවී සංරක්ෂණයට ලැබෙන ප්‍රදන සහ ණය ලෙස ලබන මුදල් ආධාර මත සිදු කෙරෙන වාසස්ථාන සුපෝෂණ කටයුතු වලින් වැඩි ප්‍රතිලාභ ලබන්නේ ගව කර්මාන්තය වේ.

අලි ඇතුන්ගේ සන්නිවේදනය                                                         COMMUNICATION 🐘❤️
10/06/2024

අලි ඇතුන්ගේ සන්නිවේදනය COMMUNICATION 🐘❤️

අලි පැටවකුගේ උපත ❤️🐘                                                                                                    ...
10/06/2024

අලි පැටවකුගේ උපත ❤️🐘

ලොව සියලු සතුන්ට පොදු ධර්මතාවයක් නම් උපත සහ මරණයයි.අලි ගැහැණු සතෙකු සහ පිරිමි සතෙකු අතර ලිංගික එක්වීමෙන් අනතුරුව සංසේචනය වන ඩිම්බය ගැහැනු සතාගේ ගර්භාශයේ තැන්පත් වේ.මෙය අලි පැටවාගේ පිළිසිද ගැනීමයි.ඉනික්බිතව මවගේ ගර්භාශය තුළ වර්ධනය වන කළලය නිසි ලෙස මේරු පසු මෙලොවට බිහිවන්නේ තවත් අලි පැටවෙකුගේ උපත සනිටුහන් කරමිනි.

අලින්ගේ ප්‍රජනක පද්ධතිය අනෙකුත් ක්ෂීරපායි සත්ත්වයන්ගේ ප්‍රජනක පද්ධතියට සමානය.පිරිමි ප්‍රජනක පද්ධතියේ ඇති මූලික ලක්ෂණයක් නම් වෘෂණ කෝෂ ශරීරයේ අභ්‍යන්තරයේ පිහිටීමයි. තල්මසුන්, ඩොල්පින්, ඩියුගෝන් වැනි ජලජ ක්ෂීරපායින්ගේ වෘෂණ කෝෂ පිහිටන්නේද ශරීර අභ්‍යන්තරයේය.මේ හේතුව නිසා සමහරෙක් පර්යේෂකයෝ අලින්ගේ ආදි මුතුන් - මිත්තන් ජලයේ සිට ගොඩබිමට සංක්‍රමණය වී ඇතැයි මත පළ කරති.

The life cycle of the Elephant🐘❤️                                                                                   අලි ...
10/06/2024

The life cycle of the Elephant🐘❤️ අලි ඇතුන්ගේ ජීවන රටාව

අලියෙකුගේ සහ ඇතින්නකගේ ලිංගික එක්වීම 🐘❤️                                                                          ඇතින්න...
10/06/2024

අලියෙකුගේ සහ ඇතින්නකගේ ලිංගික එක්වීම 🐘❤️

ඇතින්නගේ යෝනි මාර්ගය පිහිටන්නේ පසුපස පාදවලට තරමක් ඉදිරියෙන් උදරය යට පැත්තේය.එසේම යෝනි විවරයේ සිට ගර්භාශයට අඩි 2-3ක සැලකිය යුතු දුරක් ඇත .වෙස්ටිබියුලය ලෙස හදුන්වන මෙම කොටස අනෙක් සත්ත්ව විශේෂයන්ට සාපේක්ෂව ඇතින්නන්ගේ ඉතා දිගුය.මේ නිසා ලිංගික එක්වීමේදී ඇතින්නගේ පිට මත නගින අලියා තම සමබරතාව රදවා ගනිමින් තම ලිංගේන්ද්‍රය යෝනිය ඔස්සේ හැකිතාක් ඉහළට යොමු කළ යුතුය.මේ සදහා අලියාට සෘජු වූ කල ඉතා දිගු ලිංගේන්ද්‍රයක් හිමි අතර ,හැඩයද යෝනි මාර්ගයට ගැළපෙන ආකාරයට සැකසී ඇත.මීට ඉහතදී විස්තර කළ ආකාරයට බොහෝ අවස්ථාවලදී ඇතින්න අලියාට සාපේක්ෂව කුඩාය.සමහර අවස්ථාවලදී අවුරුදු 10-12ක ඉතා කුඩා ඇතින්නන් සමග සාපේක්ෂව ඉතා විශාල අලි ලිංගිකව එක්වනු දැකගත හැකිය .මෙම අවස්ථාවේ විශාල අලියාගේ බර දරමින් ,සමබරතාවත් රැකගනිමින් ලිංගික සංසර්ගයේ යෙදීමට ඇතින්නට ඇති හැකියාව මවිත කරවනසුලුය.

අලියා විසින් ඇතින්නගේ වෙස්ටිබියුලය තුළ ශුක්‍රාණු පිරී ශුක්‍ර තරලය මිලි ලීටර් 100-300ක් පමණ තැන්පත් කරයි.චලනය වීමේ හැකියාව ඇති ශුක්‍රාණු ලිංගික මාර්ගය දිගේ බොහෝ දුරක් ගමන් කරන අතර නොයෙකුත් බාධා පසු කරමින් ගර්භාශය කරා පැමිණේ.පසුව පැලෝපීය නාලය ඔස්සෙ ඉහල නගී.මේ අවස්ථාවේදී ඩිම්බකෝෂයෙන් මිදී පැලෝපීය නාලය දිගේ පහලට ගමන් කරන ඩිම්බය සමග එක් වේ.ඇසට නොපෙනෙන තරමේ වූ ශුක්‍රාණු ලක්ෂ ගණනින් තැන්පත් කළද ඩිම්බය සමග එක් වීමෙ අවස්ථාව ලබන්නෙ එක් ශුක්‍රාණුවක් පමණි.

ලිංගිකව සක්‍රීය ගැහැණු සතා පිරිමි අලියෙකු හා එක් නොවුනහොත් හෝ ලින්ගිකව එක් වීමෙන් පසුව වුවද සරු ශුක්‍රාණු තැන්පත් වීමක් සිදු නොවුන හොත් හෝ ඇතින්නගෙන් නිදහස් වූ ඩිම්බයේ දුබල තාවක් හේතුවෙන් හෝ වෙනත් ශාරීරික තවත් නිසා ඩිම්බය සංසේචනය වීමක් සිදු නොවූ අවස්ථාවන්හීදී ගැබ් ගැනීමෙන් තොරව ලිංගික චක්‍රය අවසන් වේ.මේ නිසා නැවත වරක් සති 16ක් පමණ ගත වම ලිංගික චක්‍රය ක්‍රියාත්මක වේ. යෞවනත්වයට පිවිසීමත් සමග ඇරබෙන ගැහැණු සතුන්ගෙ ඊස්ට්‍රස් චක්‍රය ගැබ් ගන්නා අවස්ථා වලදී තාවකලිකව නවතී.ඇතින්න වයසට ගිය කල ස්වාභාව ධර්මයේ නියමයක් ලෙසින් මෙම චක්‍රය ස්ථීරවම නවතී.

ගැබ්ගත් ඇතින්න පැටවා බිහි කර මාස කිහිපයක් යන තෙක් ඊස්ට්‍රස් චක්‍රය නිසි ක්‍රියාකාරිත්වයට පත් නොවේ.මේ සදහා මාව් ඇතින්නගේ කිරි නිෂ්පාදනය කිරීමට හා පැටවා වෙත කිරි මුදාහැරීමට මුල් වල හෝමෝන වල බලපෑමක් ඇත.කෙසේවුවද පැටවා බිහි කිරීමෙන් අනතුරුව ඊස්ට්‍රස් චක්‍රය ආරම්භ වීමට ගත වන කාලය ඇතින්නගෙන් ඇතින්නට වෙනස් වන බව දැකිය හැකිය.මේ හේතුව නිසා ඇතින්නක් විසින් පැටවුන් බිහි කරන කාල අන්තරය අවුරුදු 2 1/2 ක සිට අවු 5 ක් හෝ ඊට වැඩි කාලයක් විය හැකිය.

Address

Habarana

Telephone

+94714622002

Website

Alerts

Be the first to know and let us send you an email when Wild Watching Team - Shen Safari posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Wild Watching Team - Shen Safari:

Videos

Share

Category


Other Travel Companies in Habarana

Show All