![ජීවිතය වෙනස් කරන ජපන් රහස් 7 ක්! 1- Shouganai - it is what it isඔයාට බලපෑම් කිරීමට නොහැකි සීමාවේ තියන දේවල් ගැන වද වීමෙන...](https://img3.travelagents10.com/877/950/898107808779508.jpg)
23/04/2024
ජීවිතය වෙනස් කරන ජපන් රහස් 7 ක්!
1- Shouganai - it is what it is
ඔයාට බලපෑම් කිරීමට නොහැකි සීමාවේ තියන දේවල් ගැන වද වීමෙන් වැළකෙන්ට. ඔයාට වෙනස් කරන්ට පුලුවන් දේවල් ගැන විතරක් focus කරන්ට.
බුද්ධිමත් බව කියලා හඳුන්වන්නේ ඔයා සටන් කරන්ට ඕන මොන අවස්ථාවෙද යටත් වෙන්ටෝන මොන අවස්තාවෙද කියලා හොඳ අවබෝධයක් තියන එකට.
2- Shinrin- Yoku " forest bathing "
ගස් වැල් සමග අඩුම තරමේ දවසට පැයක්වත් ගත කරන්ට කියලයි කියන්නෙ. මොකද සොබාදහම සමග සිටීමෙන් ඔයාගෙ තර්කන හැකියාව සහ නිර්මාණශීලි බව ඉහළ නංවනවා කියලා පිළිගන්නවා.
3- Uketomo - I humbly accept with an open heart
Uketomo කියන්නෙ ඒ මොහොතේ සිදුවෙන දේ සමග මුලු හදවතින්ම ජීවත් විය යුතු බව ඔයාට මතක් කිරීමක් කරගන්ට ඕන උනාම පවසන දෙයට. මේ නිසා ජීවිතයේ දී අපි දිහාට වීසි වෙන හොඳ වගේම නරකත් නිහතමානී හදවතින් භාරගන්ට පුලුවන් තරම් සැහැල්ලුවක් අපිට ලැබෙනවා.
4- Hara Hachi Bu- eat until you are 80% full
මම මේක Ikigai ගැන ලියනකොටත් කීවා. ජපන් අය තමන්ගෙ කුසෙන් 80% ක් පමණයි පිරෙන්ට කන්නෙ. පර්‍යේෂණයකින් හොයන් තියනවා අපේ කුස සම්පූර්ණයෙන් පිරිලා කියලා මොළයට දැනෙන්ට විනාඩි 15 විතර යනවා කියලා. මේකෙ ඇත්ත නැත්ත හරියටම දන්නෙ නෑ. කෝම උනත් අදික ලෙස ආහාර නොගෙන ශරීරයට ඇත්තටම අවශ්‍ය ප්‍රමාණයට ගන්නෙක හරිම වැදගත්. මේ නිසයි ජපන් අය කෑම කනකොට කුඩා කුඩා පීරිසි පහකට හයකට දාගෙන කන්නෙ.
5- Ikigai - your life purpose
මං මේ ගැන කීප වතාවක් ලියලා තියනවා. තමන්ගෙ ජීවිතයේ අරමුණ සොයාගැනීම තමයි මේකෙන් කියන්නෙ. ඔබ ආදරය කරන්නෙ මොනවටද? ඔබ වඩා හොඳ මොනවටද? ඔබෙන් ලෝකෙට අවශ්‍ය මොනවද? කියන එක.
6- Kaizen - Continuous improvement
මේකෙන් කියන්නෙ කිසිම දෙයක් perfect නෑ ඒක කිසියම් process එකක් කියන එක. අවසාන ඉලක්කයක් නැතිබව හැමදේම ටිකටික දියුණු වෙමින් කිසියම් process එකක පවතින බව. ඔයාවත්, ඔයාගෙ ආයතනයවත් , ඔයාගෙ රැකියාවවත් මේ කිසිම දෙයක් perfect නෑ.
7- zazen- zen meditation to quiet mind
ඔබ හිතන එක නවත්තන්ට උත්සහ කරන එක නවත්තන කියලා තමා මේකෙන් කියන්නෙ. එනකොට එන්ට දෙන්ට. යනකොට යන්ට දෙන්ට.
ඔයාට quiet mind එකක් පුහුණු වෙන්ටෝන නන් එකේ ඉදලා දහයට ගනන් කරන්ට. ඒ ගණන් කරන අතරතුරේ කිසිම සිතුවිල්ලක්ට ඔයාගෙ මනස හරහා යන්ට නොදෙන්ට. ඒක හිතලා නෙවෙයි ඉබේ සිදුවිය යුත්තක්. සිතුවිල්ලක් ගියොත් ආය එකේ ඉදන් පටන් ගන්ට.
මේ දේවල් අපේ ජීවිත වඩා හොඳ පැත්තකට වෙනස් කරනව කියන එක අත්දැකීමෙන් දන්න නිසයි මං මේ ටික ඔයාලා එක්කත් බෙදාගත්තෙ. ඔක්කොම බැරි උනත් කීපයක් හරි උත්සහ කරන්ට.
Copied
රොමානා 🍃 ❤