Around The Jaffna

Around The Jaffna Do not hesitate to call us when you are planning your dream trip in Jaffna. We are for you.!
(2)

Waited is over. Finally Vijayakanth Viyaskanth wish you all very best for your debut in IPL and make it more memorable.
08/05/2024

Waited is over.

Finally Vijayakanth Viyaskanth wish you all very best for your debut in IPL and make it more memorable.

Feel the unlimited beauty of Jaffna🍃Photo Credits : Kumaran Nadeeshan
29/02/2024

Feel the unlimited beauty of Jaffna🍃
Photo Credits : Kumaran Nadeeshan

12/02/2024

No any other place like this❤️ It's like a heaven. "one and only - Jaffna"

Credits to respectful owner🙌

දකුණු ඉන්දියාව ජයගත් යාපනයේ පුංචි ගායන තාරකාව❤️ දකුණු ඉන්දියාවේ පැවැත්වෙන සුවිශාලතම ළමා ගායන තරගයක් වන Saregamapa Li’l C...
17/12/2023

දකුණු ඉන්දියාව ජයගත් යාපනයේ පුංචි ගායන තාරකාව❤️

දකුණු ඉන්දියාවේ පැවැත්වෙන සුවිශාලතම ළමා ගායන තරගයක් වන Saregamapa Li’l Champs තුන්වන අදිරයෙහි මුළු ඉන්දියාවම අමන්දානන්දයට පත් කරමින් කිරුළු පලදින්නට යාපනයෙහි වෙසෙන kilmisa Udayaseelan තාරකාවිය සමත් විය. ලාංකීකයන් වශයෙන් මෙය ඉතා වැදගත් මෙන්ම ආඩම්භර විය හැකි සංදිස්ථානයක්❤️

අපගේ උණුසුම් සුභ පැතුම්🎉

Beauty of Jaffna Fort❤️Credits to respective owner ( Induwara Paranavithana)✌️
17/12/2023

Beauty of Jaffna Fort❤️

Credits to respective owner ( Induwara Paranavithana)✌️

හැමෝම යන්න කැමති යාපනය😍
08/10/2023

හැමෝම යන්න කැමති යාපනය😍

03/10/2023

Visit Jaffna ❤️

යාපනය කියන්නේ යන්නම ඕන තැනක් මචන්🙌යාපනේ ගිහින් ගහපු ඔයාගේ ලස්සනම photos ටිකත් Comment කරගෙනම යන්න❤️Credits to Nishadani ...
02/10/2023

යාපනය කියන්නේ යන්නම ඕන තැනක් මචන්🙌

යාපනේ ගිහින් ගහපු ඔයාගේ ලස්සනම photos ටිකත් Comment කරගෙනම යන්න❤️

Credits to Nishadani Deshani

🌍✈️ Celebrating World Tourism Day 2023! ✈️🌍Join us in commemorating the beauty of our world on this special day. As we n...
27/09/2023

🌍✈️ Celebrating World Tourism Day 2023! ✈️🌍

Join us in commemorating the beauty of our world on this special day. As we navigate through different cultures, cuisines, and landscapes, let's appreciate the diversity that makes our planet so remarkable. 🌏❤️

Let's share our favorite travel memories, offer travel tips, and connect with fellow wanderlusters. Together, we can inspire new adventures and promote responsible tourism. 🧳🌿

Happy World Tourism Day to all the explorers, dreamers, and adventurers out there! 🌎🗺️

"

යාපනය නල්ලූර් කන්දසාමි කෝවිලේ වාර්ෂික පූජා මහෝත්සවය -2023 |  Annual Festival of Nallur Kanthaswamy Kovil - Jaffnaමෙ නල්ල...
13/09/2023

යාපනය නල්ලූර් කන්දසාමි කෝවිලේ වාර්ෂික පූජා මහෝත්සවය -2023 | Annual Festival of Nallur Kanthaswamy Kovil - Jaffna

මෙ නල්ලූර් සැනකෙළි කාලයයි. සෑම වසරකම මැද භාගයේ, බොහෝ විට ජූනි, ජූලි, අගෝස්තු මාසවල, ආරම්භ වන මෙම සැණකෙලිය දින විසි පහක් පුරාවට පැවැත්වෙයි.

අප මෙය හඳුන්වන්නේ නල්ලූර් තිරුවිලා යන නමිනි. අනෙකුත් කෝවිල් තිරුවිලා නම් පැවැත්වෙන්නේ දින 10 ක කාලයක් පමණි. නමුත් නල්ලූර් තිරුවිලාව ඉතාමත් සුවිශේෂී එකකි. තිරුවිලා පැවැත්වෙන මාසයක කාලය තුල යාල්පානම අමුතුම අසිරියක් ගනියි. නන් දෙසින් බොහෝ ජනී ජනයා යාල්පානමට ඒකරාශී වෙති.

ඉන් බොහෝ දෙනා නල්ලූර් පූජා භූමියට පිවිසෙන්නේ කඩ සාප්පු වන්දනා කරගෙන ආපහු එමින් ගමන් කතරගම (මුරුගන්) දෙවියනුත් බැහැ දැක ඒමටයි.

අතේ මහ ලොකු මිල මුදලක් නැතත් අපේ කොලු රංචුවද හවසට නල්ලූර් පූජා භූමියට ගොස් රවුමක් දෙකක් ගසා පැමිණීම පුරුද්දක් කරගෙන සිටියෙමු. ඒ මන්ද යත් මුළු යාපනයේම සිටින ලස්සනම කෙල්ලන් සියළුම දෙනා පාහේ එකවර දැකබලා ගැනීමට එය මහඟු අවස්ථාවක් නිසාය. යාපනයේ පමණක් නොව කැනඩාව, ප්‍රංශය, ස්විස්ටර්ලන්තය වැනි රටවල් වල සිටද ඉතා රූමත් සරාගී යුවතියන් නල්ලූර් දෙවියන් වැඳ පුදා ගැනීමට කෝවිලට පැමිණෙති.

රෑ බෝ වීගෙන එන වෙලාවට නල්ලූර් දෙවියන්ව කරත්තයක නංවාගෙන කෝවිලෙන් එළියට කැන්දාගෙන එති. ඒ පැමිණ සිටින පිරිසට වන්දනාමාන කිරීමටයි. එම කරත්තය තෙවතාවක් කෝවිල වටා ගමන් කරවති. වැලි පොලොවේ අමාරුවෙන් එම කරත්තය ඇදගෙන යාමෙන් දෙවියන් කෙරෙහි ඔවුන් දක්වන භක්තිය පෙන්නුම් කරවයි. දහස් ගණන් ජනී ජනයා එම කරත්තය පිටුපස ඇදී යති. අපේ කොල්ලන් ඇතැමෙක් ඒ සෙනග අතරට ගොස් මුසුවන්නේ ලස්සන කෙල්ලන්ගේ ඇඟේ වැදී ඒමටයි.

එදින නල්ලූර් තිරුවිලාහි තවත් සුවිශේෂී දිනයක් විය. ඒ මුරුගන් දෙවියන්ගේත් ඔහුගේ බිරින්දෑවරුන් වන වල්ලි සහ දේයිවානි (දේවයානි) මෑණිවරුන්ගේත් සරණ මංගල්‍යයන් සංකේතවත් කිරීමේ සැණකෙළියයි. මුහුණු සයක් අත් දොළසක් ඇති කතරගම දෙවියන් නොහොත් මුරුගන් ගේ දෙපස දක්නට ලැබෙන කාන්තා රූප දෙක නම් වල්ලි සහ දේවයානි වේ. දේවයානි සෑම විටම වම් අත පැත්තෙනුත් වල්ලි දකුණු අත පැත්තෙනුත් සිටින්නෝය. මුරුගන්, සුරන් නැමැති අසුරයා සමග යුද වැද ඔහුව පරාජය කිරීම නිසා ඉන්දිරන් තම දියණිය වූ දේවයානිව ඔහුට සරණ පාවා දෙයි.

වල්ලි යනු මුරුගන්ගේ ප්‍රේමනීය බිරින්දෑවයි. මෙම වල්ලි පහත් යැයි සම්මතකුලයකින් පැවත එන්නියක් වීම විශේෂත්වයකි.
මුරුගන් මෙමගින් පෙන්වා දී තිබෙන්නේ ජීවිතයේ අප විසින් දේවල් සාක්ෂාත් කරගැනීමේ ක්‍රමවේද දෙකකි. ඇතැම් දේවල් අපව සොයාගෙන අවුත් අප හා සමග බැඳේ. ඇතැම් දේවල් අප විසින්ම සොයා යා යුතු වේ.

Credits goes to the respective owners.

26/08/2023

යාපනය කියන්නේ කෝවිල් විතරක්ම නෙවෙයි. වෙනස්ම කෑම ඡාතිවල පාරාදිසයක්❤️

යාපනය බලකොටුව යනු ශ්‍රී ලංකාවේ යාපනය දිස්ත්‍රික්කයේ පිහිටි ඓතිහාසික බලකොටුවකි.වර්ෂ 1618 දී පෘතුගීසින් විසින් යාපනය අල්ලා...
17/08/2023

යාපනය බලකොටුව යනු ශ්‍රී ලංකාවේ යාපනය දිස්ත්‍රික්කයේ පිහිටි ඓතිහාසික බලකොටුවකි.වර්ෂ 1618 දී පෘතුගීසින් විසින් යාපනය අල්ලා ගැනීමෙන් පසුව සිය හමුදා රැඳවීම සඳහා පෘතුගීසි ජාතික පිලිප් ද ඔලිවේරා යටතේ මෙම යාපනය කොටුව චතුරස්‍රාකාර ලෙස ඉදිකර ඇත.ලන්දේසී ජාතික රේක්ලොඔප් වැන් ගොයින්ස් යටතේ වර්ෂ 1658 දී ලන්දේසීන් විසින් යාපනය කොටුව අල්ලාගත් අතර පසුව ඔවුන් එය තවදුරටත් පුළුල් කර බැස්ටියන් 5කින් යුක්තව මෙම බලකොටුව ඉදිකර ඇත.අක්කර 56ක් පුරා පැතිරී ඇති යාපනය කොටුව තාරකා කොටුවක හැඩයෙන් නිර්මාණය කර ඇත.

නිරිත දිග අන්තය කලපුවට මායිම් වන ලෙස ඉඩිකර ඇති කොටුව වටා පිටප්‍රාකාර බැම්මක් සහ ඇතුල්ප්‍රකාර බැම්මක්ද ඒ අතර මැද දිය අගලක්ද කොරල් සහ හුණුගල් භාවිතාකොට නිමවා ඇත. දිය අගලට පිටතින් වන පිට ප්රාකාරයට ඇතුළතින් යුගල බැගින් නිර්මිත උමං මාර්ග පහක් දක්නා ලැබේ. මේවායෙහි දොරටු අද දක්නා නොලැබේ. එනමුත් මේවායෙහි උමං දොර තිබූ බවට සාධක දක්නා ලැබේ.

ප්‍රධාන ප්‍රවේශ දොරටුවේ සිට ප්‍රාකාර බැම්මේ ගමන් කරන විට ගිණිකොන දිශාවට මුහුනලා Holland බැස්ටියන් එකද, කොටුවට ඇතුල් වන දොරටුව හා දිය අගල ඊශාන දිශාවට මුහුනලා Gelderland බැස්ටියන් එකද, වයඹ දිශාවට මුහුනලා Utrecht බැස්ටියන් එකද, බටහිර දිශාවට මුහුනලා Friesland බැස්ටියන් එකද, දකුණු දිශාවට මුහුනලා Zeeland බැස්ටියන් එකද,ඉදිකර ඇත. සෑම බැස්ටියනයකම සිව් දිශාවට මුහුණලා කාලතුවක්කු රැදවුම් මධ්‍යස්ථාන පිහිටුවා ඇත.ඇතුල් පවුරේ නිරිත දිශාවට මුහුණලා තවත් උපදොරටුවක් ඉදිකර ඇත. ක්‍රි.ව. 1795දී ලන්දේසීන්ගෙන් මෙම කොටුව ඉංග්‍රීසින් අතට පත්වූ අතර වර්ෂ 1948 වන තෙක් ඉංග්‍රීසි පරිපාලන මධ්‍යස්ථානයක් ලෙස පවත්වාගෙන ගොස් ඇත.

යාපනය කොටුව පෘතුගී්‍රසි, ලන්දේසි හා ඉංගී්‍රසි යුගවල ඉදිවූ ගොඩනැගිලි බොහොමයක් ඒ ඒ යුගවල වාස්තු විද්‍යාත්මක ලක්ෂණ පිළිබිඹු කරයි. ලන්දේසි යුගයට අයත් ශී්‍ර ලංකාවේ දෙවන විශාලතම බලකොටුව වන යාපනය කොටුව පසුගිය 30 වසරක යුධමය වාතාවරණයට සෘජුවම බලපෑමට ලක්වූ පුරාවිද්‍යාත්මක ස්මාරකයක් වශයෙන් හැඳින්විය හැක. එල්ටීටීයි ප්‍රහාරයනට ලක්වූ කොටුපවුරේ මුහුදුබඩ මුහුණතේ කොටසක් විනාශයට ලක්වී ඇතත් සමස්ථයක් ලෙස සැලකීමේදී කොටු පවුර දැඩිව විනාශයට පත් වී නොමැත. කොටු පවුරෙහි ඇතුලත භුමියේ පවතින ස්මාරක සියල්ල යුධ වාතාවරණය හේතුවෙන් විනාශයට පත්ව ඇත. මේ අතරින් අතීතයේදී ක්වීන් පැලස් ලෙස හැඳින්වූ ගොඩනැගිල්ල අනෙක් ගොඩනැගිලිවලට සාපේක්ෂව සැලැස්ම හඳුනාගත හැකි මට්ටමකින් පවතී. මෙහි උපරි ව්‍යුහය සම්පූර්ණයෙන් විනාශයට පත්ව ඇත.

මෙම ගොඩනැගිල්ලට පිටුපසින් කොටුපවුරට ප්‍රවේශ වීම සඳහා අලංකාර ගරාදිවැටකින් යුතු මාර්ගයක් දක්නා ලැබේ. එය ලන්දේසි අවධියේදී කොටුපවුර වෙත ආයුධ ප්‍රවාහනය සඳහා භාවිත කරන්නට ඇතැයි අනුමාන කළ හැකිය. මෙම කුවීන්ස් ගොඩනැගිල්ලෙහි ඉදිරිපස ලන්දේසි වාස්තුවිද්‍යා ශෛලියට අයත් නිර්මාණ ලක්ෂණවලින් යුතු යුගල රවුම් කුළුණු සහිත බරාදයක් පැවති බවට සාධක දක්නට ලැබේ.

කොටු පවුර ඇතුළත භුමියේ පිහිටි පැරණි ලන්දේසි පල්ලිය මුළුමනින්ම පාහේ බෝම්බ ප්‍රහාර හමුවේ විනාශයට පත්ව ඇත. මෙම ගොඩනැගිල්ල විධිමත් ලේඛනගත කිරීමක් තුළින් එහි පැරණි ව්‍යුහය හඳුනාගත හැකිවේ. මෙහි පුළුල් බිත්ති හිරිගල් උපයෝගීකොටගෙන නිර්මාණය කර තිබේ.

කොටුපවුරේ මුහුදුබඩ සීමාවට ආසන්නව ලන්දේසි සමයේ ඉදිකළායැයි විශ්වාස කළ හැකි ලිදක් හා ඊට පසුකාලීනව ඉදිකරන ලද කුඩා කෝවිලක් දක්නට ලැබේ.

Photo Credits goes to respective Owners.

යන්නම ඕනි ගමනක් ලංකාවේ ලොකුම දූපත ඩෙල්ෆ්. වෙලාවක් හම්බ උනොත් අනිවර්යෙන් යන්න. සුන්දරත්වය විදින්න. තවත් සංචාරකයෙකූට ඒ සුන...
10/08/2023

යන්නම ඕනි ගමනක් ලංකාවේ ලොකුම දූපත ඩෙල්ෆ්. වෙලාවක් හම්බ උනොත් අනිවර්යෙන් යන්න. සුන්දරත්වය විදින්න. තවත් සංචාරකයෙකූට ඒ සුන්දරත්වය රකින්න.🌊🌳🐎⛵️🌅

Credits goes to the Respective owner

07/08/2023

යාපනයේ යනවා නම් අනිවාර්යෙන්ම බලන්න ඕන තැන් 10ක්😍
Best 10 Places to watch in Jaffna😍



Video credits goes to respective owner🙌

යාපනය කියන්නේ යන්න ඕන තැනක් කියන්නේ ඇයි?ඡිවිතයේ එකපාරක් හරි යාපනේ තියෙන නිදහස, සුන්දරත්වය අනිවාර්යෙන්ම අත්විදින්නම ඕනා. ...
03/08/2023

යාපනය කියන්නේ යන්න ඕන තැනක් කියන්නේ ඇයි?

ඡිවිතයේ එකපාරක් හරි යාපනේ තියෙන නිදහස, සුන්දරත්වය අනිවාර්යෙන්ම අත්විදින්නම ඕනා. ඔබ නොදුටු, නොවිදි ඒ සුන්දරත්වය විදින්න අපිත් එක්ක එකතු වෙන්න.

Photo Credits to the respective owner.

01/08/2023

Spend the time in Jaffna, Relax your Mind❤️

28/07/2023

උකුසු ඇසින් යාපනය❤️

ඩ්‍රෝන කැමරාවකින් යාපනයෙහි අසිරිය. ඉතින් එන්න අපිත් එක්ක එකතු වෙලා මේ සුන්දරත්වය විදගන්න.🙌

Video Credits goes to respective owner

#යාපනය

සුන්දර යාපනේ එක් දවසක .... 🍂යාපනේ රස්නේ ඉන්න බෑ එම කිව්වට එහෙම ලොකුවට රස්නේ නෑ හරිම සුන්දරයි ඇත්තම කිව්වොත් ඔනීම දෙයක් අ...
25/07/2023

සුන්දර යාපනේ එක් දවසක .... 🍂
යාපනේ රස්නේ ඉන්න බෑ එම කිව්වට එහෙම ලොකුවට රස්නේ නෑ හරිම සුන්දරයි ඇත්තම කිව්වොත් ඔනීම දෙයක් අපි ආසවෙන් ඇවිදිනකොට එක විදිනකොට රස්නෙද සීතලද කියලා අපිට ගානක්වත් නෑ මිනිස්සූ කටට හුරු වෙලා තියෙන්නෙ මොකක් හරි දෙයක් කියපු ගමන් කට කතාවට ඔහෙ වැඩක් නෑ යන්න එපා කියල කියන එකනේ. කට කතවට කියන එවට වහ වැටිලා ඉන්නෙ නැතුව යන්න තියෙන තැන් වල ගිහිල්ලා විදින්න ලස්සනට ජිවීතේ,

Photo Credits : Nilanka Umesh

සුන්දර යාපනය😍 - Beautiful Jaffnaඔබ නොදුටු යාපනයෙහි සුන්දරත්වය විදගන්න අපිත් සමග එක්වන්න.Photo Credit-  meglan
18/07/2023

සුන්දර යාපනය😍 - Beautiful Jaffna

ඔබ නොදුටු යාපනයෙහි සුන්දරත්වය විදගන්න අපිත් සමග එක්වන්න.

Photo Credit- meglan

14/07/2023

හවසට ඉර බහිනවා බලාගෙන එයත් එක්ක යමුද යාපනේ😍

• දැන් ආයෙත් Train එකෙන් යාපනේ ගිහින් එන්න ඔයාටත් පුලුවන් ⬇️

🚆 අලුත්ම දුම්රිය කාල සටහන ⬇️ 😍

✨️ ජූලි 15 ඉදන් මාසයකට කලින් Booking කරන්න තියෙනවා , ( ජුලි 21 වෙනකම් දැන් වුනත් Book කරන්න පුලුවන් )

01. 2023 ජූලි 15 ඉදන් කොළඹ කොටුව - කන්කසන්තුරේ අලුත්ම ⏱️ Train Time table eka ⬇️

🚆 4077 යාල්දේවි , Yarl Devi Train.

1st class Booking seats = 144 ( 2800/= )
2nd class Booking seats = 100 ( 1900/= )

ගල්කිස්ස station = 5.10 am
කොළඹ කොටුව station = 5.35 am
යාපනය station = 12.52 pm
කන්කසන්තුරේ station = 01.15 pm

🚆 4017 Vavniya Intercity Train.

1st class Booking seats = 104 ( 3200/= )
2nd class Booking seats = 64 ( 2500/= )
3rd class Booking seats = 90 ( 1800/= )

කොළඹ කොටුව station = 11.50 am
යාපනය station = 6.45 pm
කන්කසන්තුරේ station = 7.31 pm

🚆 4089 Jaffna Night mail Train.

1st class Booking seats = 144 ( 3200/= )
2nd class Booking seats = 100 ( 2200/= )

කොළඹ කොටුව station = 8.00 pm
යාපනය station = 3.51 am
කන්කසන්තුරේ station = 4.10 am

🔁 එද්දි

🚆 4078 යාල්දේවි , Yarl Devi Train.

1st class Booking seats = 144 ( 2800/= )
2nd class Booking seats = 100 ( 1900/= )

කන්කසන්තුරේ station = 1.40 pm
යාපනය station = 2.00 pm
කොළඹ කොටුව station = 9.20 pm
ගල්කිස්ස station = 9.50 pm

🚆 4018 Vavniya Intercity Train.

1st class Booking seats = 104 ( 3200/= )
2nd class Booking seats = 64 ( 2500/= )
3rd class Booking seats = 90 ( 1800/= )

කන්කසන්තුරේ station = 5.40 pm
යාපනය station = 6.16 am
කොළඹ කොටුව station = 1.23 pm

🚆 4090 Jaffna Night mail Train.

1st class Booking seats = 144 ( 3200/= )
2nd class Booking seats = 100 ( 2200/= )

කන්කසන්තුරේ station = 6.55 pm
යාපනය station = 7.32 am
කොළඹ කොටුව station = 4.40 am

🚅 Book කරන්නේ නැතුව යන්න පුලුවන් 2nd & 3rd class පෙට්ටිත් මේ Train වල තියෙනවා..

14/07/2023

Beauty of Jaffna😍.!

Spend your time in Jaffna Style.
ඔයාගේ නිවාඩුවත් යාපනේ ආරේට විදින්න, දැන්ම අපිත් එක්ක සෙට් වෙන්න.

Video Credit goes to respective owner of the video.


13/07/2023

Best Places to watch in Jaffna 😍 - යාපනයේ ඔබ නැරඹිය යුතුම ස්ථාන😍

We will bring you to the best places to watch in Jaffna and we will give the best Service for you.🤝 ස්භාව සෞන්දර්ය උපරිමය විදිය හැකි යාපනයෙහි සුන්දරම ස්ථාන නරඹන්නට, ඔබගේ චාරිකාව අප සුදානම් කරන්නම්🙌 එක්වන්න අදම Around The Jaffna සමගින්

Video Credits to the respective owner of the video.

#යාපනය

- යාපනේ කියන්නේ ලෙච්චමීල විතරක්ම නෙමෙයි 💫😍🌸🇱🇰Photo credit goes to original photographer
13/07/2023

- යාපනේ කියන්නේ ලෙච්චමීල විතරක්ම නෙමෙයි 💫😍🌸🇱🇰

Photo credit goes to original photographer

12/07/2023

Beauty of the Jaffna Town❤️

Jaffna (Tamil: யாழ்ப்பாணம், romanized: Yāḻppāṇam, Sinhala: යාපනය, romanized: Yāpanaya) is the capital city of the Northern Province of Sri Lanka. It is the administrative headquarters of the Jaffna District located on a peninsula of the same name. With a population of 88,138 in 2012, Jaffna is Sri Lanka's 12th most populous city. Jaffna is approximately six miles (9.7 kilometres) from Kandarodai which served as an emporium in the Jaffna peninsula from classical antiquity. Jaffna's suburb Nallur served as the capital of the four-century-long medieval Tamil Jaffna Kingdom.

Prior to the Sri Lankan Civil War, it was Sri Lanka's second most populous city after Colombo. The 1980s insurgent uprising led to extensive damage, expulsion of part of the population, and military occupation. Since the end of civil war in 2009, refugees and internally displaced people began returning to homes, while government and private sector reconstruction started taking place. Historically, Jaffna has been a contested city. It was made into a colonial port town during the Portuguese occupation of the Jaffna peninsula in 1619 who lost it to the Dutch, only to lose it to the British in 1796. During the civil war, the rebel Liberation Tigers of Tamil Eelam (LTTE) occupied Jaffna in 1986. The Indian Peace Keeping Force (IPKF) briefly occupied the city in 1987. The LTTE again occupied the city from 1989 until 1995, when the Sri Lankan Army regained control.

The majority of the city's population are Sri Lankan Tamils with a significant number of Sri Lankan Moors, Indian Tamils and other ethnic groups present in the city prior to the civil war. Most Sri Lankan Tamils are Hindus followed by Christians, Muslims and a small Buddhist minority. The city is home to number of educational institutions established during the colonial and post-colonial period. It also has number of commercial institutions, minor industrial units, banks, hotels and other government institutions. It is home to many historical sites such as the popular Jaffna library that was burnt down and rebuilt and the Jaffna fort which was rebuilt during the Dutch colonial period.

යාපනය (දෙමළ: யாழ்ப்பாணம், romanized: Yāḻppāṇam, romanized: Yāpanaya) යනු ශ්‍රී ලංකාවේ උතුරු පළාතේ අගනුවර වේ. එය එම නමින්ම අර්ධද්වීපයක පිහිටා ඇති යාපනය දිස්ත්‍රික්කයේ පරිපාලන මූලස්ථානයයි. 2012 දී 88,138 ක ජනගහනයක් සමඟ, යාපනය ශ්‍රී ලංකාවේ 12 වන ජනාකීර්ණ නගරය වේ. යාපනය කන්දරෝඩෙයි සිට සැතපුම් හයක් (කිලෝමීටර් 9.7) පමණ දුරින් පිහිටා ඇති අතර එය සම්භාව්‍ය පුරාණයේ සිට යාපනය අර්ධද්වීපයේ එම්පෝරියම් ලෙස සේවය කළේය. යාපනයේ තදාසන්න ප්‍රදේශයක් වන නල්ලූර් සියවස් හතරක් පුරා පැවති මධ්‍යකාලීන දෙමළ යාපනය රාජධානියේ අගනුවර ලෙස සේවය කළේය.

ශ්‍රී ලංකාවේ සිවිල් යුද්ධයට පෙර එය කොළඹට පසු ශ්‍රී ලංකාවේ දෙවන වැඩිම ජනගහනය සහිත නගරය විය. 1980 ගනන්වල කැරලිකාර නැගිටීම විශාල හානියකට, ජනගහනයෙන් කොටසක් නෙරපා හැරීමට සහ මිලිටරි වාඩිලෑමට හේතු විය. 2009 සිවිල් යුද්ධය අවසන් වීමෙන් පසු, සරණාගතයින් සහ අභ්‍යන්තරව අවතැන් වූවන් නැවත නිවෙස් කරා පැමිණීමට පටන් ගත් අතර, රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ ප්‍රතිසංස්කරණ කටයුතු ආරම්භ විය.[3] ඓතිහාසික වශයෙන් යාපනය තරඟකාරී නගරයකි. 1619 දී යාපනය අර්ධද්වීපයේ පෘතුගීසි ආක්‍රමණයේ දී එය යටත් විජිත වරාය නගරයක් බවට පත් කරන ලද අතර ලන්දේසීන්ට එය අහිමි වූ අතර, 1796 දී ඉංග්‍රීසින්ට එය අහිමි විය. සිවිල් යුද්ධය අතරතුර, දෙමළ ඊළාම් කැරලිකාර විමුක්ති කොටි (එල්ටීටීඊ) 1986 දී යාපනය අත්පත් කර ගන්නා ලදී. ඉන්දියානු සාම සාධක හමුදාව (IPKF) 1987 දී නගරය කෙටි කලකට අත්පත් කර ගත්හ. එල්ටීටීඊය 1989 සිට 1995 දක්වා ශ්‍රී ලංකා හමුදාව නැවත බලය ලබා ගන්නා තෙක් නගරය අල්ලා ගත්හ.

නගරයේ ජනගහනයෙන් බහුතරයක් ශ්‍රී ලාංකික දෙමළ ජාතිකයන් වන අතර සිවිල් යුද්ධයට පෙර නගරයේ සිටි ශ්‍රී ලාංකික මුවර්, ඉන්දියානු දෙමළ සහ අනෙකුත් ජනවාර්ගික කණ්ඩායම් සැලකිය යුතු ප්‍රමාණයක් ඇත. බොහෝ ශ්‍රී ලාංකික දෙමළ ජනතාව හින්දු භක්තිකයන් වන අතර පසුව ක්‍රිස්තියානි, මුස්ලිම් සහ කුඩා බෞද්ධ සුළුතරයකි. යටත් විජිත සහ පශ්චාත් යටත් විජිත යුගයේ පිහිටුවන ලද අධ්‍යාපන ආයතන ගණනාවකට නගරය නිවහන වේ. එහි වාණිජ ආයතන, සුළු කර්මාන්ත ඒකක, බැංකු, හෝටල් සහ වෙනත් රාජ්‍ය ආයතන ගණනාවක් ද ඇත. ගිනි තබා නැවත ගොඩනඟන ලද ජනප්‍රිය යාපනය පුස්තකාලය සහ ලන්දේසි යටත් විජිත සමයේ ප්‍රතිසංස්කරණය කරන ලද යාපනය බලකොටුව වැනි ඓතිහාසික ස්ථාන රැසකට නිවහන වේ.

Video Credits to respective Owner.

Address

Main Street
Jaffna

Telephone

+94771843960

Website

Alerts

Be the first to know and let us send you an email when Around The Jaffna posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Around The Jaffna:

Videos

Share

Category