TripAds.lk

TripAds.lk Tripads.lk is an online platform created for travel enthusiasts and travel service providers to meet
(1)

Fully vaccinated ද ? Dose දෙකම ගත්තද ?එහෙනම් ඉස්සරහට පිටරට යන්න වගේම රට ඇතුලේ පොදු ස්ථාන වලට යන්නත් vaccine card එක අරන්...
23/10/2021

Fully vaccinated ද ? Dose දෙකම ගත්තද ?

එහෙනම් ඉස්සරහට පිටරට යන්න වගේම රට ඇතුලේ පොදු ස්ථාන වලට යන්නත් vaccine card එක අරන් යන්න වෙයි. Vaccine card එක අරන් යනවට වඩා ලේසී නේද ඒක ඔයාගේ ෆෝන් එකේ තබ්බොත්. ඒකට තමයි Smart Vaccination Certificate (SVC) එක ඕන වෙන්නේ.

මේක ගන්නේ කොහොමද?

ගන්න විදි දෙක්ක තියෙනව. Online ගන්නත් පුලුවන්. තමන් ඉන්න ලිපිනයට අදාළ MOH එකට ගිහිල්ලත් පුලුවන්.

මේක ගන්න මොනවද ඕන වෙන්නේ ?

NIC එක, Passport එක, Vaccine card එක

ගන්න විදිය

Online ගන්නව නම් දවස් 14ක් වගේ යනව. පහල තියෙන link එකට ගහිල්ලා අහල තියෙන දේවල් පුරවලා submit කරන්න තියෙන්නේ. https://covid-19.health.gov.lk/certificate/ (මේක රට යන්න ඉන්න අයටම හදපු එකක් නිසා රට යන්න ඉන්න දවස තහවුරු කරන Document එක්ක upload කරන්න තියෙනව.)

MOH එකට ගිහින් උඩ කියපු දේවල් ටික දෙන්න විතරයි තියෙන්නේ. විනාඩි 30ක් වගේ යද්දී වැඩේ කරගන්න පුලුවන්. ( අදාල MOH එකේ වැඩ කරන කට්ටිය අනුව තමයි )

මේ මොන ක්‍රමේට ගියත් අන්තිමට ඔයාගේ ෆෝන් එකට SVC එකේ Link එක එනව. ඒක තමන්ට අවශ්‍ය නම් print කරල හරි තියාගන්න පුළුවන්.

Smart Vaccination Certificate - Online Issuing Portal

අඩුම වෙලාවකින් සුපිරිම Trip එකක් Plan කරන්න එන්න Tripads.lk එකට
21/03/2021

අඩුම වෙලාවකින් සුපිරිම Trip එකක් Plan කරන්න එන්න Tripads.lk එකට

ඇල්ලේ යන්න Plan කරනවද? Trip එකක් යනවා නම් Tripads.lk තමයි. ඔබත් අදම Tripads.lk එන්න
10/03/2021

ඇල්ලේ යන්න Plan කරනවද?
Trip එකක් යනවා නම් Tripads.lk තමයි. ඔබත් අදම Tripads.lk එන්න

Happy Independence Day Sri Lanka 🇱🇰
04/02/2021

Happy Independence Day Sri Lanka 🇱🇰

හෙල්ලෙන ගල ගල පිට ගල යනු කළුපාහාන ප්‍රදේශයෙන් හමු වූ අසාමාන්‍ය පාෂාණ නිර්මාණයකි.  එය වසර දහස් ගණනක් තිස්සේ බිමට නොවැටී ස...
31/01/2021

හෙල්ලෙන ගල

ගල පිට ගල යනු කළුපාහාන ප්‍රදේශයෙන් හමු වූ අසාමාන්‍ය පාෂාණ නිර්මාණයකි. එය වසර දහස් ගණනක් තිස්සේ බිමට නොවැටී සමතුලිතව පිහිට ඇත.. එබැවින් එය “ගල + පිටා + ගල” ලෙස හැඳින්වේ. එසේම එය “හෙල්ලෙන ගල ” ලෙසද (ස්විං රොක්) හැදින්වෙන්නේ යමෙකුට ඇඟිල්ලෙන් වුවද චලනය කළ හැකි බැවිනි.

මේ වගේම ලංකාවේ තවත් සුන්දරම ස්ථාන නැරබීමට https://tripads.lk/youtube වෙත දැන්නම් log වෙන්න

TripAds

පොත්ගුල් රාජමහා විහාරයරත්නපුර පොත්ගුල් රාජමහා විහාරය කඳු මුදුනක ඉදිකර ඇති මනරම් විහාරයකි. පළමුවන සියවසේදී වලගම්බා රජු (ක...
28/01/2021

පොත්ගුල් රාජමහා විහාරය

රත්නපුර පොත්ගුල් රාජමහා විහාරය කඳු මුදුනක ඉදිකර ඇති මනරම් විහාරයකි. පළමුවන සියවසේදී වලගම්බා රජු (ක්‍රි.පූ. 89-77) ලෙස හැඳින්වෙන වටා ගාමිනි අභයා රජු විසින් ඉදිකරන ලදැයි විශ්වාස කෙරේ. මහනුවර යුගයේ කීර්ති ශ්‍රී රාජසිංහ (1747 - 1781) රජතුමා විසින් පොත්ගුල් විහාරය ප්‍රතිසංස්කරණය කර ඇත

මේ වගේම ලංකාවේ තවත් සුන්දරම ස්ථාන නැරබීමට https://tripads.lk/youtube වෙත දැන්නම් log වෙන්න

රත්නපුර නගරයට ආසන්නව පිහිටා තිබෙන මෙම පොත්ගුල් රජමහා විහාරය 1වන සියවසේ වට්ට ගාමිණී අභය නැතහොත් වලගම්බා රජු විසින...

රුවන්වැලි මහ සෑ රජුන් වැදපුදා ගමුමේ නව වසරේ අපි මුලින්ම යන්නේ රුවන්වැලි මහසෑ රජුන් වැදපුදා ගන්න...රජරට අහසේ සුදට සුදේ බබ...
28/01/2021

රුවන්වැලි මහ සෑ රජුන් වැදපුදා ගමු

මේ නව වසරේ අපි මුලින්ම යන්නේ රුවන්වැලි මහසෑ රජුන් වැදපුදා ගන්න...
රජරට අහසේ සුදට සුදේ බබළමින් උසට දිස්වන රුවන්වැලි සෑය අප රටේ බොදු සැදැහැවතුන්ගේ වැඩිම වන්දනාවට පාත්‍ර වන දාගැබක් කිව්වොත් නිවැරදී..
රුවන්වැලි සෑය “රුවන්මැලි සෑය” නමින් ද, මහාථූපය නමින් ද, ස්වර්ණමාලි මහ චෛත්‍යය නමින් ද හැඳින්වෙනවා.
මෙලෙස නම් ලැබීමට හේතුවූ ජනප්‍රවාද මෙසෙයි...
දුටුගැමුණු රජ කාලයේ මෙම ථූපය ඉදිකිරීමට යන අවස්ථාවේ ඉදිකිරීමට නියමිත භූමියේ තෙලඹු ගසක් තිබිලා තියෙනවා...
නමුත් එය කපා දැමීමට සිදු ව තිබෙනවා..
එම ගසේ වැඩ සිටි දේවතාවියකට උපහාර පිණිස මෙය ස්වර්ණමාලි මහා චෛත්‍යය යන නම ලැබූ බවත් ජනප්‍රවාදවල සඳහන් වෙනවා...
එවකට රටේ ඉදිවූ විශාලම දාගැබ මෙය නිසා වංශකතාකරුවන් මේ දාගැබ මහා ථූපය නමින් ද හඳුන්වා තිබෙනවා.
රුවන්වැලිසෑය කරවූයේ දුට්ඨගාමිණී මහරජතුමා විසින්...
නමුත් රජුට එහි වැඩ නිම කිරීමට ඉඩ ලැබුණ් නැහැ.
රජුගේ මරණයෙන් පසු ඔහුගේ සහෝදර සද්ධාතිස්ස රජු දාගැබේ ගර්භයෙන් ඉහළ සිට වූ ඉතිරි වැඩ නිම කළ බව මහාවංශය සඳහන් කරනවා.
දාගැබේ එකල උස රියන් 120ක් හෙවත් අඩි 300ක් පමණ වුණු බව ඉතිහාසයේ සඳහන්.
අද එහි උස අඩි 338ක්. චෛත්‍යයේ විෂ්කම්භය අඩි 3790ක්. කොත පමණක් (චූඩා මාණික්‍යය සමඟ) අඩි 25ක් පමණ උසයි.
දාගැබ් මළුවේ පැත්තක දිග අඩි 465ක් වෙනවා.
දාගැබ් මළුවට වැටෙන වැහි වතුර එක්රැස්වීමට එසමයේ වෘත්තාකාර පොකුණු හතරක් ඉදිකර තිබුණා. අද ඉන් පොකුණු තුනක් විනාශ වෙලා...
දාගැබ් මළුවට පිවිසීම සඳහා පුරාණයේ දොරටු හතරක් සිව් පසින් ඉදිකර තිබුණා.
ඒ අතරින් නැගෙනහිර, උතුරු, සහ බටහිර දොරටු අදත් දක්නට තිබෙනවා. දකුණු දොරටුව නටබුන් වෙලා.
රුවන්වැලි දාගැබ අනුරාධපුර දිස්ත‍්‍රික්කයේ අනුරාධපුර පුජා නගරයේ ථුපාරාමය,ශ්‍රී මහාබෝධිය, බසවක්කුලම වැව යනාදියට මැදිව පිහිටි බෞද්ධ පුජ්‍යස්ථානයක්...
අටමස්ථානයන්ගෙන් ද එකක්...
සුදට සුදේ බබළන රුවන්වැලි සෑය වැදපුදා ගන්න ඔබත් යන්න...

පින්තූර මුල්හිමිකරු සතුයි
Credit goes to

අනුරාධපුරයේ විතරක් නෙමෙයි , ලංකාව වටේම තියන සිද්දස්ථාන වැඳපුදා ගන්න අවශ්‍ය නිවාඩු නිකේතන , සංචාරක හෝටල් ආදී සියලුම දේ නොමිලේම හොයාගන්න තියන smart ම විදිය, https://tripads.lk/

රෝඩ් ට්‍රිප් එකක් යන්න හිතාගෙන ඉන්නවානම්,මේක බලන්නම ඕන වීඩියෝ එකක්...මේ වගේම ලංකාවේ තවත් සුන්දරම ස්ථාන නැරබීමට https://t...
25/01/2021

රෝඩ් ට්‍රිප් එකක් යන්න හිතාගෙන ඉන්නවානම්,
මේක බලන්නම ඕන වීඩියෝ එකක්...

මේ වගේම ලංකාවේ තවත් සුන්දරම ස්ථාන නැරබීමට https://tripads.lk/youtube වෙත දැන්නම් log වෙන්න

A Road Trip around Sri Lanka in covering Riverston, Polonnaruwa, Thanamalwila starting from Colombo. The whole trip consists of 1000km in 3 different climate regions. Capturing the beauty of Srilanka in every aspect this was an exciting journey. 

තට්ටු තුනේ දිය කොමළී- කඩියන්ලෙන ඇල්ලඅද අපි කතා කරන්නේ කැටබුල ඇල්ල එහෙමත් නැත්නම් කඩියන්ලෙන ඇල්ල ගැන..කොටස් තුනකට ගලා යන ...
24/01/2021

තට්ටු තුනේ දිය කොමළී- කඩියන්ලෙන ඇල්ල

අද අපි කතා කරන්නේ කැටබුල ඇල්ල එහෙමත් නැත්නම් කඩියන්ලෙන ඇල්ල ගැන..
කොටස් තුනකට ගලා යන මේ දිය ඇල්ල හරිම අපූරුයි..
ඔයාලා දන්නවාද මේ ඇල්ලේ තුන්වෙනි කොටස බ්‍රිතාන්‍ය පාලන සමයේ ඉදිකල ආරුක්කු 3ක් සහිත පාලමක් යටින් තමා ගලාගෙන යන්නේ..
මේ ඇල්ල තියෙන්නේ කඩියන්ලෙන ගමේ ඉතින් ඒ නිසා මේ ඇල්ලට මේ නම දාලා තියෙනවා..
ඒ වගේම මේ ඇල්ල අසල තේවත්තක් තියෙනවා එය කැටබුල වත්ත කියලයි හදුන්වන්නේ අන්න ඒ නිසා මේ දියඇලි කොමළිට කැටබුල ඇල්ල කියලත් කියනවා..
නාන්න නම් ස්ථාන කිහිපයක්ම තියෙනවා හැබැයි ඉතින් වතුර වැඩිකාලේට නම් පරිස්සමින් හොදේ...
ආරුක්කු පාලම යටින් ගලා හැලෙන දිය දහර ස්වභාවික නාන තටාකයක් වගේ නාන්න පුලුවන් තැනක් තියෙනවා..
මේ කියන ආරුක්කු තුනේ පාලම උඩින් තමයි නාවලපිටිය - හැටන් හා නාවලපිටිය - තලවාකැලේ මාර්ගය දිව යන්නේ....
වැස්ස කාලෙක නම් ඇල්ල සුදට සුදේ ගලා හැලෙනවා..
ඇල්ලේ උඩම තට්ටුව ළඟටම යන්න පඩිපෙළක් එහෙමත් තියෙනවා.
එතන නාන්නත් පුළුවන්. නාන්නත් පුළුවන් කියලා කියන්නේ තමන්ගේ පරිස්සම තියාගන්න..
කැටබුල ඇල්ලෙන් කුඩා ජල විදුලි බලාගාර දෙකක් පෝෂණය ලබන අතර එක් කුඩා බලාගාරයකින් කැටබොලා වතුයායට විදුලිය ලබාදෙනවා.
මේ ඇල්ලට වතුර ගෙන එන්නේ ඇල්ලටම කිලෝමීටර් කිහිපයක් ඉහළින් ආරම්භවෙන ජල පෝශක වලින්..

පින්තූර මුල්හිමිකරු සතුයි
Credit goes to

කඩියන්ලෙන ඇල්ල විතරක් නෙමෙයි, ලංකාව වටේම තියන නවාතැන් , රෙස්ටුරන්ට් ඇතුලු trip එකට අවශ්‍ය හැමදෙයක්ම හොයාගන්න තියන smart ම විදිය, https://tripads.lk/

නිදහසේ ඉන්න සීතාවක Park යමුද?අද අපි කතා කරන්න යන්නේ ලස්සන උද්‍යානයක් ගැන.. ඒ නමින් සීතාවක තෙත් බිම් උද්භිද උද්‍යානයයි......
22/01/2021

නිදහසේ ඉන්න සීතාවක Park යමුද?
අද අපි කතා කරන්න යන්නේ ලස්සන උද්‍යානයක් ගැන.. ඒ නමින් සීතාවක තෙත් බිම් උද්භිද උද්‍යානයයි...
සීතාවක උද්භිද උද්‍යානය ශ්‍රී ලංකාවේ ඉදිකොට ඇති උද්භිද උද්‍යාන පහ අතුරින් අවසානයට ඉදිකල උද්‍යානයයි...
අනිත් උද්‍යානය ටිකත් මතක් කරන්නම්කෝ පේරාදෙණිය උද්භිද උද්‍යානය, හක්ගල උද්භිද උද්‍යානය, මිරිජ්ජවිල උද්භිද උද්‍යානය සහ හෙනරත්ගොඩ උද්භිද උද්‍යානය තමා...
අපි කියන සීතාවක උද්‍යානය තියෙන්නේ අවිස්සාවේල්ල ප්‍රදේශයේ..
මේ උද්‍යානය 2014 වසරේ අගභාගයේදී තමා මහජනයා වෙත විවෘත කරනු ලැබුවේ...
මේ උද්‍යානය භූමිය අක්කර 105ක භූමියක් පුරා විහිදෙනවා...
මේ උද්‍යානය ආරම්භ කිරීමේ මූලික පරමාර්ථය වෙලා තියෙන්නේ අභියෝගයට ලක්ව ඇති පහත රට තෙත් කලාපීය වනාන්තර වල ඇති වෘක්ෂලතාදිය අනාගත පරපුර සඳහා සංරක්ෂණය කිරීමට සුරුකුම් මධ්‍යස්ථානයක් ලෙස මෙය ඇරඹීමයි...
මේ උද්‍යානය තුල භූමිය ප්‍රධාන කොටස් කිහිපයකට බෙදා වෙන්කර තියෙනවා...
එනම්, තේ වගාව, මීවන උයන, රුක් උයන්, තර්ජිත ශාක එකතුව, තාල ශාක එකතුව, මුදුන් උයන/ රෝස උයන, මධ්‍යම තෘණ පිටිය සහ වැව ලෙසයි..
තරුණ ආදරවන්තයින්ගෙන් නම මේ උද්‍යානයට අඩුවක් නම් නෑ...
රිසිසේ පරිසරය විදිමින් ඇවිද යන්න කදිම තැනක්...
කොළඹ ඉදලා පොඩි වෙලාවකින් යන්න පුලුවන් නිසා අත්නොහැර ඒ අත්දැකීම විදින්න ඔබත් මෙහි යන්න....

පින්තූර මුල්හිමිකරු සතුයි
Credit goes to

සීතාවක විතරක් නෙමෙයි, ලංකාව වටේම තියන නවාතැන් , රෙස්ටුරන්ට් ඇතුලු trip එකට අවශ්‍ය හැමදෙයක්ම හොයාගන්න තියන smart ම විදිය, https://tripads.lk/

අම්බලන්තොට, නෝනගම  පිහිටි "ඔච්චම වෙරළ" තීරයට trip එකක් යමුද?මේ වගේම ලංකාවේ තවත් සුන්දරම ස්ථාන නැරබීමට  https://tripads.l...
22/01/2021

අම්බලන්තොට, නෝනගම පිහිටි "ඔච්චම වෙරළ" තීරයට trip එකක් යමුද?

මේ වගේම ලංකාවේ තවත් සුන්දරම ස්ථාන නැරබීමට https://tripads.lk/youtube වෙත දැන්නම් log වෙන්න

දකුණු පළාත‍ේ තිබෙන්නා වු මනරම් මුහුදු වෙරළවල් අතරින් ඉතාමත් ආකර්ශණිය මුහුදු වෙරලක් ලෙස න‍ොනගමට නුදුරින් තිබෙන්...

කල්පිටිය මුහුදු පතුලේ කොරල්පර බලමු....https://bit.ly/38wipxG මේ වගේ තවත් ලස්සන Travel Vlogs බලන්න, දැන්ම log වෙන්න...
14/01/2021

කල්පිටිය මුහුදු පතුලේ කොරල්පර බලමු....

https://bit.ly/38wipxG මේ වගේ තවත් ලස්සන Travel Vlogs බලන්න,
දැන්ම log වෙන්න...

A coral reef is an underwater ecosystem characterized by reef-building corals. Reefs are formed of colonies of coral polyps held together by calcium carbonate. Most coral reefs are built from stony corals, whose polyps cluster in groups.Coral belongs to the class Anthozoa in the animal phylum Cnidar...

Happy Pongal 🎋-team TripAds.lk-
13/01/2021

Happy Pongal 🎋

-team TripAds.lk-

We wish you a Prosperous and a year filled with Happiness & Good Health in 2021!-team TripAds.lk-
01/01/2021

We wish you a Prosperous and a year filled with Happiness & Good Health in 2021!
-team TripAds.lk-

මුහුදු පතුලට ටුවර් එකක් යමුද?මාලදිවයිනේ ලොකුම තල්මහ එහෙමත් නැත්නම් වේල් සබ්මෑරීන් එකේ රවුමක්...මේක තමයි ලොව විශාලතම හා ග...
24/12/2020

මුහුදු පතුලට ටුවර් එකක් යමුද?

මාලදිවයිනේ ලොකුම තල්මහ එහෙමත් නැත්නම් වේල් සබ්මෑරීන් එකේ රවුමක්...මේක තමයි ලොව විශාලතම හා ගැඹුරුම කිමිදුම් මගී සබ්මැරීනයයි.

https://bit.ly/38wipxG මේ වගේ තවත් ලස්සන Travel Vlogs බලන්න, දැන්ම log වෙන්න...

කෝමද යාලුවනේ මෙහාට නම් කෝරෝනා අඩුයි දැන්කලින් විලොග් එකෙන් අපි ගියෙ සෑන්ඩ් බෑන්ක් නේඔන්න අද අපේ ගැන්ග් එක යන්නේ .....

“Happy Holidays! I hope all of your Christmas wishes come true."
24/12/2020

“Happy Holidays! I hope all of your Christmas wishes come true."

Travel Offers හොය හොයා රට වටේ ඇවිදපු කාලේ ඉවරයි...සීතල නත්තලේ ලංකාවේ වටේම තියන හොට් Travel offers බලන්න...Log වෙන්න http...
17/12/2020

Travel Offers හොය හොයා රට වටේ ඇවිදපු කාලේ ඉවරයි...
සීතල නත්තලේ ලංකාවේ වටේම තියන හොට් Travel offers බලන්න...

Log වෙන්න https://bit.ly/2WoHSU3

"කප් එක කාටද" , අවසන් මහා තරගයේ දිනන කණ්ඩායම නම් කරලා, 5ස්ටාර් හොටෙල් එකක දෙදෙනෙකුට ඩිනර් එකක් දිනාගත් ජයග්‍රාහකයින් ......
17/12/2020

"කප් එක කාටද" , අවසන් මහා තරගයේ දිනන කණ්ඩායම නම් කරලා, 5ස්ටාර් හොටෙල් එකක දෙදෙනෙකුට ඩිනර් එකක් දිනාගත් ජයග්‍රාහකයින් .....

Congratulations Jaffna Stallions !!!
16/12/2020

Congratulations Jaffna Stallions !!!

කප් එක කාටද??අද අවසන් මහා තරගය දිනන කණ්ඩායම නම් කරලා5ස්ටාර් හොටෙල් එකක දෙදෙනෙකුට ඩිනර් එකක් දිනා ගන්න කරන්න තියෙන්නේ පේජ...
15/12/2020

කප් එක කාටද??

අද අවසන් මහා තරගය දිනන කණ්ඩායම නම් කරලා

5ස්ටාර් හොටෙල් එකක දෙදෙනෙකුට ඩිනර් එකක් දිනා ගන්න

කරන්න තියෙන්නේ පේජ් එකට ලයික් 1 ක් දාලා මැච් එක දිනන කණ්ඩායම නම් කරලා කමෙන්ට් කරන්න.. පොස්ට් එක ශෙයාර් කරන්නත් අමතක කරන්න එපා..

කොන්දේසි සහිතයි.

ෆ්යිනල් යන්නේ දඹුල්ලද? - යාපනයද?දිනන්නේ කවුද? කියලා නම් කරලා 5ස්ටාර් හොටෙල් එකක දෙදෙනෙකුට ඩිනර් එකක් දිනා ගන්න කරන්න තිය...
14/12/2020

ෆ්යිනල් යන්නේ දඹුල්ලද? - යාපනයද?

දිනන්නේ කවුද? කියලා නම් කරලා
5ස්ටාර් හොටෙල් එකක දෙදෙනෙකුට ඩිනර් එකක් දිනා ගන්න

කරන්න තියෙන්නේ පේජ් එකට ලයික් 1 ක් දාලා මැච් එක දිනන කණ්ඩායම නම් කරලා කමෙන්ට් කරන්න.. පොස්ට් එක ශෙයාර් කරන්නත් අමතක කරන්න එපා..
කොන්දේසි සහිතයි.

සුන්දර හපුතලේ යමු     "තණ්ඩලේ දෙන්නා දෙපොලේ දක්කනවා      කටු කැලේ ගාලේ නොලිහා වද දෙනවා      හපුතලේ කන්ද දැකලා බඩ දනවා   ...
16/11/2020

සුන්දර හපුතලේ යමු

"තණ්ඩලේ දෙන්නා දෙපොලේ දක්කනවා
කටු කැලේ ගාලේ නොලිහා වද දෙනවා
හපුතලේ කන්ද දැකලා බඩ දනවා
පවු කල ගොනෝ ඇදපන් හපුතල් යනවා"

ඒකාකාරී වෙහෙසකර ජිවිතයෙන් මිදිලා නිස්කලංක වටපිටාවක ආශ්වාදය විදින්නට යන්න හොදම තැනක් තමා හපුතලේ කියන්නේ..
රේල් පීලි දිගේ,තේ වතු මැදින් පරිසරයේ මිහිරියාව විදින්නට කැමැති පුද්ගලයෙකු නම් එයටද කදිම ස්ථානයක් තමා හපුතලේ...
හපුතලේ බදුල්ල දිස්ත්‍රික්කයේ පිහිටි රමණිය නගරක්..
හපුතලය නගරය බණ්ඩාරවෙල සහ දියතලාව යන නගර වලට ඉතා ආසන්නයි.....
කෝච්චියෙන් හපුතලේ යන ගමන නම් හරි සුන්දරයි...
සුන්දර තේ වතු මැදින් යන දුම්රිය ගමන ඔබේ විඩාව සන්සිදුවාවී...
කොළඹ කොටුවෙන් උදෑසන 8.30 ට පිටත් වෙන උඩරට මැණිකේ කෝච්චිය හපුතලේට ලගා වෙද්දී සවස 5 පමණ වෙනවා...
අහ් හපුතලේ දුම්රිය ස්ථානය ගැනත් කියන්න ඕනේ..
උඩරට දුම්රිය මාර්ගයේ 69 වන දුම්රිය ස්ථානයයි..
ඉදල්ගස්හින්න සහ දියතලාව දුම්රිය ස්ථානය අතර තමා හපුතලේ දුම්රිය ස්ථානය තියෙන්නේ...
1893 ජුනි 19 වන දින තමා හපුතලේ දුම්රිය ස්ථානය විවෘත කරලා තියෙන්නේ..
හපුතලේ ගියාම ඔයාලට බලන්න පුලුවන් තැන් ගොඩක් තියෙනවා ඒ තමා...

* හෝර්ටන් තැන්න
* ඇඩිසම් බංගලාව
* දියලුම දියඇල්ල
* බඹරකන්ද දියඇල්ල
* හල්දුම්මුල්ල
* ඉදල්ගස්හින්න
* බෙරගල කපොල්ල
* තන්ගමලේ අභයභූමිය
* සොරගුණේ දේවාලය
* ලිප්ටන් සීට්
* හපුතලේ කන්ද

හපුතලේ පිහිටලා තියෙන්නේ මුහුදු මට්ටමේ සිට මීටර් 1431ක් ඉහළින්..
ඒ නිසා අපිට හරියටම හපුතලේ කාලගුණය නම් කියන්න බෑ...
හැබැයි වර්ෂය මුළුල්ලේම පාහේ හපුතලේට සෞම්‍ය කාළගුණයක් තමා පවතින්නේ...
ඉතින් ඔයාලටත් නිවාඩුවක් හම්ඹුණාම හපුතලේ ගිහින් එන්න..
හපුතලේ view point එකත් හරිම ලස්සනයි.. එතනට ගියාම වටේ පෙනෙන්නේ හරිත මුහුදක් වගේ...
හපුතලේ කන්ද නගින ගොන්නු දෙන්නත් එතන ඉන්නවා.. ගිහින් බලන්න

පින්තූර මුල්හිමිකරු සතුයි
Credit goes to Travel for Education

හපුතලේ විතරක් නෙමෙයි, ලංකාව වටේම තියන නවාතැන් , රෙස්ටුරන්ට් ඇතුලු trip එකට අවශ්‍ය හැමදෙයක්ම හොයාගන්න තියන smart ම විදිය, https://tripads.lk/

Travel ජීවිතේ...Traveling කියන්නේ අපි හැමෝම ආස කරන දෙයක්. සමහර කට්ටිය කැමති තනියෙන් travel කරන්න. තවත් සමහරු කැමති යාළුව...
15/11/2020

Travel ජීවිතේ...

Traveling කියන්නේ අපි හැමෝම ආස කරන දෙයක්. සමහර කට්ටිය කැමති තනියෙන් travel කරන්න. තවත් සමහරු කැමති යාළුවොත් එක්ක එකතුවෙලා රට වටේම travel කරන්න. Neshan කියන්නෙත් ඒවගේ travel කරන්න ගොඩක් කැමති කෙනෙක්. හැම සති අන්තයකම කොහෙහරි travel කරන එක Neshanගේ පුරුද්දක්. මේ තියෙන්නේ එයා travel කරපු තැන් කිහිපයක්.

Travel පිස්සුව තියන අයට එකම බෙහෙත https://tripads.lk/…

TripAds.lk , Trip එකක් යන Smart ම විදිය.

Happy Diwali 🪔
14/11/2020

Happy Diwali 🪔



Some extra ordinary hotels you should try when traveling to Haputale...Visit more interesting properties https://bit.ly/...
14/11/2020

Some extra ordinary hotels you should try when traveling to Haputale...

Visit more interesting properties https://bit.ly/3pqcUrX

Travel ජීවිතේ... ජීවිතේ විදින්න මහ ලොකු දේවල් ඕනේ නෑ. Travel කියන්නේ ජීවිතේ විදින්න පුලුවන් එකම තැන..හැදුනොත් පිස්සුවක් ...
13/11/2020

Travel ජීවිතේ...

ජීවිතේ විදින්න මහ ලොකු දේවල් ඕනේ නෑ.
Travel කියන්නේ ජීවිතේ විදින්න පුලුවන් එකම තැන..
හැදුනොත් පිස්සුවක් රට වටේ ඇවිදින් හොද කරන්න නම් බෑ කවදාවත්...
ලොකු දේවල් ඕනේ නෑ.. නොගිය තැන් නොදැකපු තැන් සොයා තනියම ඇවිදින්න ඒවා ජීවිතේට නැවුම් අත්දැකීම් වෙයි නිසැකයි....
මේ ඉන්නෙත් ජීවිතේ තනියම විදින චරිතයක්...

ගම මාතර හැබැයි ලංකාවේ හැම අස්සක් මුල්ලක් සොයා යන Travel කොල්ලෙක්

Credit goes to
Travel for Education

මන්දාරම් අඳුරින් හැඩ වූ - මන්දාරම්නුවරඅද අපි කතා කරන්නේ හිරු එළිය අඩුවෙන් වැටෙන මනරම්ම ප්‍රදේශයක් ගැන..මේ මන්දාරම්නුවර ඉ...
13/11/2020

මන්දාරම් අඳුරින් හැඩ වූ - මන්දාරම්නුවර

අද අපි කතා කරන්නේ හිරු එළිය අඩුවෙන් වැටෙන මනරම්ම ප්‍රදේශයක් ගැන..
මේ මන්දාරම්නුවර ඉතිහාසයෙන් අපි කතාව පටන්ගමූ..

“විකුම් ඇදුරු මම් නිල ලද හළු වඩන
මන්දාරම්පුර පුවත පළකරමි සැකෙවින...”

විකුම් ඇදුරුතුමාගේ කෘතියක මන්දාරම්නුවර ගැන මෙහෙම සදහන් වෙලා තියෙනවා.මන්දාරම් නුවර කියන්නෙ පිදුරුතලාගල කඳු පාමුල පිහිටි ලස්සන ගම්මානයක්. කඳු පන්තියකින් වටවෙලා තියෙන මේ ගම්මානය දවස පුරාම මන්දාරම් ස්වභාවයක් ගන්න නිසයි “මන්දාරම් නුවර” කියල ප්‍රසිද්ධ වෙලා තියෙන්නේ.
මහනුවර හරහා රිකිල්ලගස්කඩට ඇවිත් එතනින් පදියපැලැල්ල හරහා ඉහලට 11km පමණ ගමන් කලවිට මන්දාරම් නුවරට ලගා වෙන්න පුලුවන්. මේ ගමන් මාර්ගය ප්‍රධාන ගමන් මාර්ගය විදිහටත් සැලකෙනවා.
ඔයාලා දන්නවද... මන්දාරම් නුවර කියන්නෙ ඉතා දිගු ඉතිහාසයක් තියෙන, සමහරු කියන විදිහට රාවණා යුගය දක්වා දිගු ඉතිහාසයක් තියන ගම්මානයක්. අතීතයේදී මන්දාරම්පුර ලෙස හැදින්වූ මෙම ගම්මානය අද එය මන්දාරම් නුවර ලෙසයි ජනප්‍රිය වී ඇත්තේ..
ක්‍රි. ව. 1604 -1627 වර්ෂයෙහි බලයට පත්වූ සෙනරත් රජු කුන්ස්තන්තීනු සෙනෙවියා ප්‍රමුඛ ප්‍රතිකාලුන් පරාජය කොට, රටෙහි සංචාරය කරන අවස්ථාවක මන්දාරම්පුරයෙහි වූ මාලිගාවට වැඩ දින හයක් නිදහස් සුවයෙන් ගත කළ බව සඳහන් වෙනවා
අද වුව නිදහස් සුවය විඳීමට කැමති අයෙක් වේ නම් මන්දාරම් නුවර ඊට අතිශයින් සුදුසු ස්ථානයක් බව මෙහිගිය කවුරුත් දන්නා කරුණකි.
විමලධර්මසූරිය රජු රට තොට සිරි නැරඹීම සඳහා මන්දාරම් පුරයට පැමිණි අවස්ථාවක දක්ෂයන්ට නොයෙක් ගරු සත්කාර ලැබීමට සැලැස්වූ අතර නළල්පටක් බඳින මඩුවේ අමාත්‍යවරයාට, කෙසෙල් ඇවරි තිස් දෙකක් දී සතුට ප්‍රකාශ කළේය.

“යළි වැඩි නිරිඳු රට තොට සිරි බලනුවට
නෙක ගරු මාන සලසා දී සමතුනට
දෙතිස් ඇවරි රඹකැන් දැක්වූ සතුට
නළල් පටක් බැඳි මඩුවේ මැතිඳු හට...”

මහනුවර රාජධානි යුගයේදී මෙය ඉතා බලගතු ශිව පූජකයකුගේ ග්‍රහණයට යටත් වී තිබූ බවත් පළමුවෙනි විමල ධර්මසූරිය රජු ඒ ශිව පූජකයාගේ බලය බිඳ මේ පුරය බේරාගත් බවත් “මන්දාරම්පුර පුවත” නම් ඓතිහාසික ග්‍රන්ථයේ සඳහන්..
දවසේ වැඩි වේලාවක් අඳුරු ස්වභාවයක් උසුලන ලස්සන ගම්මානයක්.. Trip යන අපිට මේ ගම ලස්සන වුනාට මේ ගමේ ජීවත්වන අහිංසක මිනිස්සුන්ට නම් මේ ගමේ ජීවිතේ සුන්දර නැත..

පින්තූර මුල්හිමිකරු සතුයි

Mandaram Nuwara

Mandaram Nuwara is a small village situated at the foot of the Piduruthalagala Mountain in the district of Nuwara Eliya. This beautiful village is surrounded by misty mountains and waterfalls and has a history which runs down to the era of King Ravana. The village is bounded from the west by Piduruthalagala and from the east by the Balagolla mountain ranges. It is a popular hiking area among both locals and foreigners.
Mystic Beauty of Mandaram Nuwara
Mandaram Nuwara is also known as the “Misty City” because it is surrounded by mountain ranges and is shrouded in mist for most part of the day. The beautiful “Kolapathana Ella” waterfall is also situated in this village. Wrapped up in cold mist with turquoise water, green forests and grasslands, Mandaram Nuwara is a heavenly location. Due to its geographic location, the village receives rainfall for most part of the year.

Credit goes to
Travel for Education

මන්දාරම්නුවර විතරක් නෙමෙයි, ලංකාව වටේම තියන නවාතැන් , රෙස්ටුරන්ට් ඇතුලු trip එකට අවශ්‍ය හැමදෙයක්ම
හොයාගන්න තියන smart ම විදිය, https://tripads.lk/

Stay Safe….Protect your Self & Others….
11/11/2020

Stay Safe….
Protect your Self & Others….

කතරගම යන ඔබට තවත් බලන්න යන්න ලස්සන තැන් ටිකක් ...කතරගම ගිහින් නවතින්න තැනක් හොයාගන්න එක දැන් එච්චර අමාරු නැහැ.කතරගම : ht...
10/11/2020

කතරගම යන ඔබට තවත් බලන්න යන්න ලස්සන තැන් ටිකක් ...

කතරගම ගිහින් නවතින්න තැනක් හොයාගන්න එක දැන් එච්චර අමාරු නැහැ.

කතරගම : https://bit.ly/3lczlhT
යාල : https://bit.ly/2Ujlp9P
තිස්සමහාරාමය https://bit.ly/36fmPI0
හම්බන්තොට : https://bit.ly/3phqdLt
කිරින්ද : https://bit.ly/2U9vGpg

ලංකාව වටේම තියන හොදම නවාතැන් හොයාගන්න log වෙන්න , https://tripads.lk/ads

📷 unknown

වෙනස්ම feel එකක් ගන්න වෙනස්ම place එකක්....ලංකාවේ මේ වගේ තවත් හැංගිච්ච ලස්සන නවාතැන් හොයාගන්න අදම set වෙන්න TripAds.lkht...
27/10/2020

වෙනස්ම feel එකක් ගන්න වෙනස්ම place එකක්....

ලංකාවේ මේ වගේ තවත් හැංගිච්ච ලස්සන නවාතැන් හොයාගන්න අදම set වෙන්න TripAds.lk

http://bit.ly/TripadsAccomodation

TripAds.lk , Trip එකක් යන smart ම විදිය...

ලංකාව පුරා මේ වගේ ලස්සන තැන් සොයා යන්න ඔයත් එන්න Tripads.lk එකට Trip එකක් Plan කරන Smart විදිහ. Click කරන්න https://bit....
24/10/2020

ලංකාව පුරා මේ වගේ ලස්සන තැන් සොයා යන්න ඔයත් එන්න Tripads.lk එකට
Trip එකක් Plan කරන Smart විදිහ.
Click කරන්න https://bit.ly/TripadsAccomodation

Campign යන්න අවශ්‍ය හැමදේම එකම තැනකින් හොයා ගන්න එන්න Tripads.lk එකට Trip එකක් Plan කරන Smart විදිහ. http://bit.ly/Tripa...
17/10/2020

Campign යන්න අවශ්‍ය හැමදේම එකම තැනකින් හොයා ගන්න එන්න Tripads.lk එකට
Trip එකක් Plan කරන Smart විදිහ.

http://bit.ly/Tripads_Campign

ලංකාව පුරා තියෙන ලස්සන තැන් හොයා යන්න එන්න Tripads.lk එකට Trip එකක් Plan කරන Smart විදිහ. Click කරන්න https://bit.ly/Tri...
16/10/2020

ලංකාව පුරා තියෙන ලස්සන තැන් හොයා යන්න එන්න Tripads.lk එකට
Trip එකක් Plan කරන Smart විදිහ.
Click කරන්න https://bit.ly/TripadsAccomodation

අඩුම වෙලාවකින් සුපිරිම Trip එකක් Plan කරන්න එන්න Tripads.lk එකට https://bit.ly/TripadsAllads
11/10/2020

අඩුම වෙලාවකින් සුපිරිම Trip එකක් Plan කරන්න එන්න Tripads.lk එකට https://bit.ly/TripadsAllads

Tripads.lk එකේ Search කරන්න 🔎https://bit.ly/TripadsAlladsTrip එකට අවශ්‍ය හැමදේම Plan කරන්න දැන් එකම තැනකින් පුළුවන්. Tri...
10/10/2020

Tripads.lk එකේ Search කරන්න 🔎
https://bit.ly/TripadsAllads

Trip එකට අවශ්‍ය හැමදේම Plan කරන්න දැන් එකම තැනකින් පුළුවන්. Tripads.lk තුලින් ඉන්න තැනක් විතරක් නෙමෙයි, යන්න වාහනයක්, කන්න තැන්, කරන්න තියෙන Activites මේ හැම දේම එකම තැනකින් Plan කරගන්න පුළුවන්.

TripAds.lk , trip එකක් යන smart ම විදිය...

Address

Kelaniya
11300

Alerts

Be the first to know and let us send you an email when TripAds.lk posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to TripAds.lk:

Share

Category

Tripads.lk

About us

It is most certainly the age of the explorer! What with stressful city lives, and hustle and bustle of traffic, who could stop the yearning to escape into the jungles, or beaches which abound our island country? To paraphrase everyone is bitten by the travel bug today, and we go about it in our own ways, be it through luxury vacays or off-the beaten track treks and hikes. Tripads.lk aims at making traveling an easy affair for the modern explorer. As fun as it can be, travelling also requires extensive planning, attention-to-detail, sourcing information and purchasing equipment. Tripads hopes to simply all of this for you, by bringing it all under a one-stop-shop with convenient access.

How Tripads.lk works

Redefine travelling in the digital age

Nearby travel agencies