Travel Episodes

Travel Episodes ලංකාවේ වගේම ලෝකයේ Traveling සඳහා වූ ලස්සන තැන් ගැන දැනගන්න එකතු වෙන්න.

මෙන්න නාන්න සුපිරිම තැනක් වැලිගම "ටැංකි වළ" Credit goes to respective owner.
07/02/2024

මෙන්න නාන්න සුපිරිම තැනක් වැලිගම "ටැංකි වළ"

Credit goes to respective owner.

කොහොමද මේ තැන..."පැලම්පිටිය View Point"©️Credit goes to respective owner.
21/01/2024

කොහොමද මේ තැන..."පැලම්පිටිය View Point"

©️Credit goes to respective owner.

19/01/2024

යමුකෝ අනේ.....

Credit goes to respective owner.

නාන්න යමුද "නෑබඩ" මෙතනත් සුපිරි හොදේ...Credit goes to respective owner.
17/01/2024

නාන්න යමුද "නෑබඩ" මෙතනත් සුපිරි හොදේ...

Credit goes to respective owner.

මස්කෙළියේ තියෙන සුන්දරම ඉස්ථානයක් තමයි "අප්කොට් 🌿" කියන්නේ, යන්නම ඕනී තැනක්.Credit always goes to respective owner.Trave...
09/01/2024

මස්කෙළියේ තියෙන සුන්දරම ඉස්ථානයක් තමයි "අප්කොට් 🌿" කියන්නේ, යන්නම ඕනී තැනක්.

Credit always goes to respective owner.

Travel Episodes

බඹරුන්ගේ අඩවිය බඹරගල පතනබඹරගල පතන කියන්නෙ ඌව පළාතෙ නමුණුකුල ප්‍රදේශයේ තියන ගොඩක් ලස්සන තැනක්.. නමුණුකුල ටවුන් එකේ ඉඳන් ම...
05/01/2024

බඹරුන්ගේ අඩවිය බඹරගල පතන

බඹරගල පතන කියන්නෙ ඌව පළාතෙ නමුණුකුල ප්‍රදේශයේ තියන ගොඩක් ලස්සන තැනක්.. නමුණුකුල ටවුන් එකේ ඉඳන් මෙතනට කිලෝමීටර් හතරයි.. ගොඩක් ලේසියෙන් වාහනේක උනත් camping site එකටම යන්න පුළුවන් නිසා camping කරන අය අතරේ මේක ගොඩක් ප්‍රසිද්ධයි..ඒ වගේම උදේට බඹරගල පතනෙ ඉඳන් sunrise එකත් ගොඩක් හොඳට බලන්න පුළුවන් ..

👉 පොදු ප්‍රවාහන සේවයේ එනවනම් බණ්ඩාරවෙලට ඇවිත් බණ්ඩාරවෙල- නමුණුකුල හරහා පස්සර බස් එක්ක නැගල , ක්ලබ් ( club ) හංදියට ටිකට් අරන් ක්ල්බ හංදියෙන් බැහැල , එතන ඉඳන් ක්ලබ් හංදියෙන් ඇතුලෙ පාරෙ පයින් ගිහින් බඹරගල පතනට යන්න පුළුවන් ..

👉 පෞද්ගලික වාහනේක එනවනම් නමුණුකුල ටවුන් එක පහුකරල නමුණුකුල-පස්සර පාරෙ කිලෝමීටරයක් විතර ගියාම ක්ලබ් හංදිය හම්බෙනව..ඒ ක්ලබ් හංදියෙන් ඇතුලෙ පාරෙ යන්න.

👉 උස වාහනවලිනුයි බයික් වලිනුයි බඹරගල පතන උඩටම යන්න පුළුවන් .. පොඩි වාහනවල යට වදින්න පුළුවන්.

👉 වාහනේ යට වදී කියල හිතෙනවනම් ක්ලබ් හංදියෙන් ඇතුලට දාල බඹරගල පතන පාරෙ යද්දි පන්සලක් හම්බෙනව.. ඒ පන්සල ගාව ගෙවල්වල වාහන පාක් කරන්න පහසුකම් හදල තියනව..

👉 කෑම්ප් කරන්න යනවනම් බඹරගල පතනෙ අයිනෙම කෑම්ප් කරන්න එපා ..එතනට රෑට හුලඟ එනව සැරටම..පහල පොඩි පිට්ටනියක් වගේ තියනව එතන කෑම්ප් කරනවනම් හොඳයි.

👉 දර කැලෙන් අහුලගන්න පුළුවන් ... හැබැයි කැලේ ගස් කපන්න එපා දරට.. හැමෝම ගස් කපන්න ගියොත් ටික කාලෙකිං කැලේ ඉවරවෙයි.. කෑම්පිං සයිට් එක තහනම් වෙන්නත් පුළුවන් .. ගමේ මිනිස්සුත් කැමති නෑ කැලේ කපනවට.

👉 වතුර අරන් යන්න.. බඹරගල පතන ලඟම කඩ තියනව .. වෙන ඕන දේවල් තියනවනම් එව්වයෙන් ගන්න පුළුවන්..

👉 භූමිතෙල් , වාහනවලට ඩීසල් ප්‍රෙට්‍රල් එහෙම ගහගන්නවනම් නමුණුකුල සෙඩ් එක හවස හතට වහනව.. ඊට කලින් යන්න.

pic credit to සහන් ලක්ෂිත (කැලෑ කොල්ලා)

04/01/2024

දිව්‍යලෝකේ 🌿

නකල්ස් වල තියෙන සුන්දරම දිය ඇල්ලක් තමයි දුම්බර දිය ඇල්ල 🏞️Photo credit goes to orginal photographer.
29/12/2023

නකල්ස් වල තියෙන සුන්දරම දිය ඇල්ලක් තමයි දුම්බර දිය ඇල්ල 🏞️

Photo credit goes to orginal photographer.

28/12/2023

ඔයා වික්ටෝරියා වේල්ල මේ වගේ ලස්සනට දැකලා තියෙනවද?.
ඒ වතුර ටික 😱

Video credit goes to orginal videographer.

සුන්දරත්වයෙන් නොඅඩු තංගල්ලගිහින් තියෙනවද මෙහෙ 🍃Photo credit goes to orginal photographer
27/12/2023

සුන්දරත්වයෙන් නොඅඩු තංගල්ල
ගිහින් තියෙනවද මෙහෙ 🍃

Photo credit goes to orginal photographer

මැරෙන්න කලින් ජීවිතේ එක පාරක් හරි විඳින්න ඕනි අත්දැකීමක් ♥️🌿අවාරෙ ශ්‍රීපාදය ⛰Photo credit goes to orginal photographer.
24/12/2023

මැරෙන්න කලින් ජීවිතේ එක පාරක් හරි විඳින්න ඕනි අත්දැකීමක් ♥️🌿

අවාරෙ ශ්‍රීපාදය ⛰

Photo credit goes to orginal photographer.

ට්‍රැවලින් කරන අයට යන්න පුලුවන් තවත් ලස්සන පැත්තක් තමයි ඉතින් මඩකලපුව කියන්නෙ 🤩 පවුලෙ අයත් එක්ක , යාළුවො එක්ක , කවුරුවත්...
23/12/2023

ට්‍රැවලින් කරන අයට යන්න පුලුවන්

තවත් ලස්සන පැත්තක් තමයි ඉතින් මඩකලපුව කියන්නෙ 🤩

පවුලෙ අයත් එක්ක , යාළුවො එක්ක , කවුරුවත් නෑ නම් තනියම හරි 😒 යන්න

බලන්න දේවල් ගොඩක්
තියෙනවා 🥰

Photo credit goes to orginal photographer.

ගොන්ගල කන්ද | දෙනියාය Photo credit goes to orginal photographer Travel Episodes
21/12/2023

ගොන්ගල කන්ද | දෙනියාය

Photo credit goes to orginal photographer

Travel Episodes

ගැරඬි ඇල්ල 🌳 | කලුගල 🥀📸 Photo credit goes to orginal photographer.
16/12/2023

ගැරඬි ඇල්ල 🌳 | කලුගල 🥀
📸 Photo credit goes to orginal photographer.

ලස්සන ලංකා   ඡායාරූප අයිතිය මුල් අයිතිකරුවා සතුයි.
13/12/2023

ලස්සන ලංකා

ඡායාරූප අයිතිය මුල් අයිතිකරුවා සතුයි.

ලංකාවේ සුන්දරතම පාරාදීසයක් "මන්දාරම් නුවර" 🦋🌿☘️මෙන්න Tour Guide එක ☘️🐙🐠🐬❤️⭕ ගමන් මගමහනුවර සිට රිකිල්ලගස්‌කඩ හඟුරන්කෙත පස...
11/12/2023

ලංකාවේ සුන්දරතම පාරාදීසයක් "මන්දාරම් නුවර" 🦋🌿☘️මෙන්න Tour Guide එක ☘️🐙🐠🐬❤️
⭕ ගමන් මග
මහනුවර සිට රිකිල්ලගස්‌කඩ හඟුරන්කෙත පසුකොට පදියපැලැල්ට විත් එළමලේ හන්දියෙන් හැරී කිලෝමීටර් 11 ක්‌ පමණ දුර ගිය කල මන්දාරම් නුවර මුණගැසේ.
මේ ගමට මන්දාරම් නුවර කියලා කියන්නේ ඇයි කියලා දන්නවද? ඒ තමයි වෙනදට වඩා පරක්කු වෙලා හිරු උදාව වෙනවා වගේම, හිරු බසින්නේ වෙන ගම් වලට වඩා ඉක්මනින්. මේකට හේතුව තමා මන්දාරම් නුවර කියන මේ ගම තිබෙන්නේ
පිදුරුතලාගල, ගෝනපිටිය, කබරගල සහ උඩගබ්බල කඳුවැටි සතරට මැදිව පිහිටි
කඳු වළල්ලක් මැද පතුලේ වීම.
අද ගම්මානයකට සීමාවී ඇති නමුදු මන්දාරම් නුවර යනු විශාල ඉතිහාස කතාන්දරයක්‌ සඟවාගෙන සිටින ගමකි. මන්දාරම්පුර පුවත නමින් කව් 866 කින් යුත් පැරැණි කව් පොත් තිබේ. සීතාවක රාජසිංහ රජුගේ සිට කීර්ති ශ්‍රී රාජසිංහ රජු දක්‌වා රජවරු 8 දෙනෙක්‌ ගැන මේ කව් පොතේ තොරතුරු විස්‌තර වේ. වෙනත් ලෙසකින් කිවහොත් ශත වර්ෂ 2 ක කාලයක්‌ උඩරට රාජධානියේ රජකම් කළ රජවරු ගැන මේ කව් පොතේ සඳහන් වේ.
මන්දාරම් නුවර ඈත ඉතිහාසයේ සිට රජවරුන්ට බොහෝ සේ ප්‍රයෝජනවත් වූ ආරක්‍ෂිත ස්‌ථානයකි. මහනුවර රාජධානියට මැඬලිය නොහැකි ප්‍රහාරයක්‌ එල්ල වූ හැම විටම රජවරු පලාගියේ මන්දාරම්පුරයටය. ඒ තනිවම නොවේ. රජ බිසව ඇතුළු අන්තඃපුර ස්‌ත්‍රීන්ද, රන්, රිදී, මුතු, මැණික්‌ ආදී සියලු ධනයද රැගෙනය.
මහනුවර යුද්ධයක්‌ නම් ඊට මුහුණදී ගත නොහැකි නම් රජවරු අන්ත(පුර බිසවුන් රාජාභරණ රං රිදී මුතු මැණික්‌ ගෙනැවිත් ආරක්‍ෂාවට තැබුවේ මන්දාරම් පුරයේය.
නමුත් මාළිගාතැන්න නමින් හැඳින්වෙන ස්‌ථානයක්‌ හැර රජවරු පදිංචිව සිටියාදැයි දැනගත හැකි කිසිදු පුරාවිද්‍යාත්මක සාක්‍ෂියක්‌ දැන් මන්දාරම් පුරෙහි දකින්නට නැත.
⭕ බලන්න තියෙන තැන්
✅ කොලපතන ඇල්ල.
“රජකාලෙ දි, මල්සරා කියල දේවීයක් ඇල්ල බලන්න කොළපතකට බත් ඔතාගෙන ඇවිත්, කොළපත එතැන දාල ගිහිල්ල. එදා ඉඳන් තමයි කොල පත දාලා ගිය ඇල්ල... කොළපතන ඇල්ල කියල නම වැටිලා තියෙන්නෙ.
* ගමන් මාර්ගය සකසා ඇත.
* රු.100.00 ප්‍රවේශ පත්‍රයක් ගත යුතුය.
* දිය ඇල්ලෙන් නෑම සහ බැසීම තහනම්.
* උදෑසන 8.00 සිට සවස 5 දක්වා ප්‍රවේශ පත්‍රා නිකුත් කරනු ලබයි.
✅ කොඩි ආර ගල
ගම්මානය ආසන්නයේම ඉතාමත් උස් වූ කඳු මුදුනක් තිබෙනවා.ඒකට තමයි කොඩියාකර කන්ද කියලා කියලා කියන්නේ.එහෙම නැත්නම් කොඩියාකර ගල කියලත් එය හඳුන්වනවා. ඔබට එහි යාමට අවැසි නම් ඒ සඳහා අවසර ලබා ගත යුතුයි.
* කූඩැල්ලන් බහුලය.
* බඹර කූඩු ඇති බැවින් ප්‍රවේශම් විය යුතුයි.
* සීග්‍ර නැග්මක් මෙන්ම බැසීමේදී බෑවුම අදිකය.
* ගම් වාසියකුගේ හෝ දන්නා පුද්ගලයකුගේ සහය නැතුව ගමන් කිරීමෙන් වලකින්න
* කන්ද නැගීමට මග පෙන්වීමට යන සමහරක් ගම්වාසීන් රු.2000 -3000 අතර මුදලක් අය කරයි.
✅ බෙර ගහන ඇල්ල.
ගම් වාසීන් පවසන ආකාරයට බෙරයක සද්දයක් මෙම දිය ඇල්ලෙන් අසන්නට ලැබෙන අතර ඈත අතීතයේ පටන් මෙ සදහා බෙර ගහන ඇල්ල ලෙස පවසන බවයි.මගුල් බෙර වාදනයක සද්දයක් මෙම දිය ඇල්ලෙන් නිහඩව කන් දෙන විට අපටද ඇසුනි...
* කොඩි ආර ගල යන මාර්ගයේ මග දුරක් ගමන් කර මගින් හැරී වනය මැදින් අනෙක් පසට ගමන් කල යුතුය.
* මාර්ගයක් නොමැත.කැලය මැදින් යා යුතුය.
✅ කොල්ලන්ගල
ගමට ගිය පසු වට පිට බැලූ විට විශේශයෙන් පෙනෙන පර්වතයකි.කොල්ලන්ගල නමින් එන විශාල ගල් පර්වතයක එක්‌ දිසාවකට අත දිගු කරගෙන සිටින මිනිස්‌ රූපයක්‌ කොටා තිබේ. මන්දාරම් පුරවැසියෝ අදටත් විශ්වාස කරන්නේ කොල්ලන්ගල නමැති මේ පර්වතයේ කොටා තිබෙන මිනිස්‌ රූපය අත දිගු කරගෙන සිටින්නේ නිධානය තිබෙන තැන දෙසටය යනුවෙනි. එහෙත් තවමත් කිසිවෙකුත් නිධානය සොයාගෙන නැත.
⭕ විශේෂ සටහන්
1.නුවර පාරෙන් රිකිල්ලගස්කඩ, හඟුරන්කෙතට ගිහින් මන්දාරම් නුවරට යන එක ලේසි වුණත් නුවරඑළිය, කඳපොළ හරහා මන්දාරම් නුවරට යන පාර තමයි ලස්සනම. නුවර එළියෙ ඉඳන් දුර තියෙන්නෙත් කිලෝමීටර 40ක් විතර නිසා ලොකු අවුලකුත් නෑනෙ.
2.මෙම රක්ෂිතයට අයත් කිසිදු ස්ථානයක විශේෂ අවසරයකින් තොරව camping ගහන්න නම් තහනම්. මේ ගම්මානයේ ජීවත්වන සියලූම දෙනා පානය කරන්නේ ගලාගෙන යන පිරිසිදු ජලය.
3.දිය නෑමට හැකි ස්ථාන ඇත.ගම් වාසියකුගේන් අසා දැන එම ස්තාන පමනක් දිය නෑමට භාවිතා කරන්න.
4.ආහාර පාන ගැනීමට ස්තාන ඇත. (ලොකු හෝටල් නෙමේ...ඒත් කෑම පට්ට රහයි) කලින් කතා කරන් යන්න පුලුවන් නම් ඒ තැනකට ගොඩක් පහසුවක් වෙයි.
5.ඝෝෂාකාරීව හැසිරීම,දුම් පානය සහ මත් පැන් පානය තහනම්.
බොහෝ පිරිස් මන්දාරමු නුවර ගොස් කොළපතන ඇල්ල පමණක් නරඹා එන වග අපි දනිමු. එහෙත් මන්දාරම්නුවර අවටම පවතින මේ සුන්දර ස්ථාන මගහැර ගනිති. කබරගල ඇල්ල ඇතිනිවල ඇල්ල රන්කොටියාබොක්ක නැරඹුම් ස්ථානය පෙයාර්ස් ගොවිපල,කොඩි ආර ගල,බෙර ගහන ඇල්ල....ඔයාලත් ගිහින් සුන්දරත්වය නරඹන්න...ඒත් විනාශ නොකර.
සටහන
චායාරූප මුල් හිමිකරුවන් සතුයි.

සමහර දසන් අපේ ආත්මය සුවපත් කරන අපූරුව 🌊Travel Episodes 📸 Photo credit goes to orginal photographer.
02/12/2023

සමහර දසන් අපේ ආත්මය සුවපත් කරන අපූරුව 🌊
Travel Episodes
📸 Photo credit goes to orginal photographer.

සීතල මීදුමත් එක්ක මේ දළදා මාලිගාව වැව වටේ ඉඳන් උදේට පේන හැටි 🇱🇰Photo copyright to original owners.Like, Follow & Share T...
28/11/2023

සීතල මීදුමත් එක්ක මේ දළදා මාලිගාව වැව වටේ ඉඳන් උදේට පේන හැටි 🇱🇰
Photo copyright to original owners.
Like, Follow & Share Travel Episodes

22/11/2023
මනම්පිටිය බස් රථ අනතුරින් දිවි අහිමි වූ සියලුම දෙනාට නිවන් සුව ලැබේවා...😭තුවාල ලැබූ සියලු දෙනාම ඉක්මනින් ම සුව වේවා....!
09/07/2023

මනම්පිටිය බස් රථ අනතුරින් දිවි අහිමි වූ සියලුම දෙනාට නිවන් සුව ලැබේවා...😭
තුවාල ලැබූ සියලු දෙනාම ඉක්මනින් ම සුව වේවා....!

යමුද ගොළුමලේ...🍃Photo Credit Goes To Original Photographer's
21/05/2023

යමුද ගොළුමලේ...🍃

Photo Credit Goes To Original Photographer's

The South American Green Vine Snake (Oxybelis fulgidus)අඩි 6.5 පමණ දිගට වැඩෙන සිහින් ශරීරයක් සහිත මෙම සර්ප විශේෂය ඔවුන්ග...
05/12/2022

The South American Green Vine Snake (Oxybelis fulgidus)

අඩි 6.5 පමණ දිගට වැඩෙන සිහින් ශරීරයක් සහිත මෙම සර්ප විශේෂය ඔවුන්ගේ ගොදුරේ සහ විලෝපිකයාගේ සෑම චලනයක්ම නිරීක්ෂණය කර නරඹන අතර ඔවුන්ගේ ගොදුර දර්ශනය වූ පසු අධික වේගයෙන් ගමන් කළ හැකිය.

මෙම සර්පයන්ගේ පසුපස දත් විෂ සහිත සහ විශාලත්වය නිසා ඔවුන්ට අධික විෂ ප්‍රමාණයක් නිපදවිය හැකිය.මෑත අධ්‍යනයන් (Silva 2019) වලින් පවා පෙන්වා දෙන්නේ මෙම සර්පයන් fulgimotoxon නම් ඔවුන්ගේම විෂ නිපදවන අතර ප්‍රවේශමෙන් හැසිරවිය යුතු බවයි.

ඇමරිකා එක්සත් ජනපදයේ හවායි දූපත් වල ඉතා අලංකාරවත් ඉර බැස යෑමක්.Photo credit goes to orginal photographer.Follow Travel E...
11/11/2022

ඇමරිකා එක්සත් ජනපදයේ හවායි දූපත් වල ඉතා අලංකාරවත් ඉර බැස යෑමක්.
Photo credit goes to orginal photographer.
Follow Travel Episodes

11/11/2022

යන්නම ඕනි තැනක්..🪶

Follow Travel Episodes

සුන්දරත්වයේ නිමක් නොමැති "නානු ඔය" 🍃☘️💚Follow Travel Episodes        photo credit goes to orginal photographer .
09/11/2022

සුන්දරත්වයේ නිමක් නොමැති "නානු ඔය" 🍃☘️💚

Follow Travel Episodes


photo credit goes to orginal photographer .

හුදකලා තැන්වල තියෙන්නෙම අමුතුම සුන්දරත්වයක්..🍃☘️☘️💚Follow Travel Episodes        photo credit goes to orginal photograph...
08/11/2022

හුදකලා තැන්වල තියෙන්නෙම අමුතුම සුන්දරත්වයක්..🍃☘️☘️💚

Follow Travel Episodes

photo credit goes to orginal photographer .

Address

Kuruwita
70500

Telephone

+94760049924

Website

Alerts

Be the first to know and let us send you an email when Travel Episodes posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Travel Episodes:

Videos

Share

Category