21/02/2023
27. රතු කගපත්. පළමු කොටස.
ළපටි අවදියේ දී සීයා මට කියූ කතා අතරින් මා වඩාත් ම ප්‍රිය කළේ රතු කගපත් කතාවට ය. කතාව කියා අවසන්වත්ම උස් හඬින් සිනා සෙන සීයා එය පැරැන්නන් විසින් ගොතන ලද මුසාවක් බව පැවසීම සිරිතක් කරගෙන තිබුණි. එනමුත් කුඩා අවධියේ සිට මට දැනුණේ සීයාගේ වචනයන් අතර සැඟවීගිය සත්‍යයක් තිබෙන බවය. මම තරුණ වියට පැමිණීමෙන් පසුව කිහිප වරක් ම සීයාගෙන් මෙහි සත්‍ය අසත්‍ය භාවය අසා දැන ගන්නට උත්සාහ කළ ද, කිසිවිටෙකත් කතාවෙන් එහා දෙයක් පැවසීම මටත් නොදැනෙන ලෙස මඟ හැරීය. දින කිහිපයකට පෙර සීයා තමන් ගෙන පැමිණි ආයුකාලය අවසන් කරදමා දිවි ගමන නිමා කර නොයෙන නින්දට ගියේය. ඔහු මියෙන තෙක් කිසිදු දිනයක රතු කගපත් ගැන මසිතෙහි තිබුණු කුතුහලය දුරු නොකළේ මන්දැයි යන්න මමත් නොදනිමි.
සීයාගේ වියෝවෙන් දෙසතියකට පමණ පසු මා සීයා ජීවත්ව සිටි කාලයේ පරිහරණය කළ කාමරය අස්පස් කරන්නට වූයේ රතු කගපත් කතාවේ සැඟවූ කතාව පිළිබඳ යම් තොරතුරක් සොයා ගැනීමට හැකිදැයි දැන ගැනීම සඳහාය. එනමුත් කිසිදු සවස් වනවිටත් මා හට තොරතුරක් සොයාගැනීමට නොහැකි විය. දූවිලි සළුවකින් පෙරවීගිය මකුළුවන් අරක්ගත් සීයාගේ පැරණි ට්‍රන්ක පෙට්ටිය මගේ නෙත ගැටුණේ පිටතට එන්නට හැරුණු පසුවය. එය ඇද යටට විසිකර දා තිබෙණු විනා, සීයා වත් එය පරිහරණයට ගන්නා බවක් මට මතක ඇති දිනයක දැක නොතිබුණි. එය විවෘත කර බැලීමට තප්පරයක් හෝ මා පසුබට නොවිය. ට්‍රංක පෙට්ටිය එළියට ගත් මා හෙමිහිට එය විවෘත කළහ. පරණ සරම් කිහිපයකුත් බැනියම් කිහිපයකුත් හැර වෙන කිසිවක් එහි නොවිය. ඇත්තටම මට එවර තදබල කේන්තියක් දැනුණි. නැගිට වැරෙන් පා පහරක් ට්‍රංක පෙට්ටිට එල්ල කළේ කේන්තිය පිට කර ගැනීමට ය. ට්‍රංක පෙට්ටි විසිව ගොස් ඇද කකුලේ වැදෙද්දිම එහි ඇතුළතින් අලවා ඇති හැඩ කඩදාසියට පිටුපසින් කිසිවක් ඇති බව මගේ නෙත ගැටුණි. මා ට්‍රංක පෙට්ටිය අසලට ගොස් බිම වාඩි වී එ හැඩ කඩදාසිය ඉරා දැමීමත් සමඟ පැරණි පත්‍රිකා තුනක් මතුවිය. නිසැකවම එවා රතු කගපත් කතාවට සම්බන්ධ බවක් මට ඉවෙන් මෙන් දැනුණි. මා එය බිම එළා පරීක්ෂා කළහ. ඉන් එකක වූයේ ගල් ගුහාවක සිතුවමකි. පැන්සලකින් ඇඳි සිතියම් දළ සටහනක් තවත් පත්‍රිකාවක තිබුණි. ඉතිරි පත්‍රිකාව අනෙක් පත්‍රිකාවන් දෙකට වඩා තුනී කඩදාසියක හඳුනා ගත නොහැකි අක්ෂර මඟින් ලියන ලද සටහන් තුනක් විය. ට්‍රංක පෙට්ටි නැවතත් තිබූ අයුරින්ම ඇද යටින් තැබූ මා පත්‍රිකා තුනත් රැගෙන මගේ කාමරයට පැමිණි හ.
මා කෙතරම් පරීක්‍ෂා කළත් එම පත්‍රිකා තුනෙන් එකකින් හෝ සුළු අවබෝධයක් ලබා ගැනීමටවත් නොහැකි විය. පැය ගණනක් කාලය එ වෙනුවෙන් මිඩංගු කළද කිසිදු ඵලක් නැති බවක් දැනුණි. මගේ කුතුහලය කළකිරීමක් දක්වාම වර්ධනය වීමක් හැර වෙන කිසිවක් ඉන් නොවිය. පත්‍රිකාවන් තුන මේස රෙද්ද යටින් තබා මම රෑ කෑමට ගියේය. එදින රැය පහන් වන තුරු ම ඇස් වලට නින්ද අහිමි බවක් දැනුණි. මේ ප්‍රහේළිකාව තනිවම විසඳා ගැනීමට නොහැකි බව වැටහුණ නිසාවෙන්ම මා මිතුරෙකුගේ උදව් ගෙන මෙය විසඳාගත යුතු බව තේරුම් ගත්හ.
රැය පහන් වන තුරු නොවිසෙල්ලෙන් බලා සිටි මට එළිවන ජාමයේ නින්ද ගොස් තිබිණි. මා අවදිවන විටත් උදෑසන නමය පමණ වී තිබීම මගේම කනස්සල්ලට හේතු විය. තවත් වේලා කල් නොමරා තුෂාරට ඇමතුමක් ගන්නට සිතුවේ මෙය විසඳා ගැනීමට ඔහු සුදුසු පුද්ගලයෙකු බව දැණුන නිසාවෙනි. ඔහුට කිහිප වරක් ඇමතූ නමුදු ඔහු දුරකථනයට ප්‍රතිචාරයක් නො දැක්විය. එ නිසාවෙන් මා කමල් වෙත ඇමතුමක් ගත්හ. ඔහු ඇමතුම ලබා ගැනීම ම මගේ සතුටට හේතු විය.
"රණේ. කොහොමද ඉතිං ඔයාට." කමල් විමසීම.
"හොඳයි. මොකද කරන්නෙ ඉතිං." මම විමසුවෙමි.
"අද නම් වැඩ." කමල් පිළිතුරු දුන්හ.
"හ්ම්. පොඩි දෙයක් කතා කරන්න හම්බ වෙන්න පුළුවන් ද.?" මම විමසුවෙමි.
"උඹ අවුලෙන් නේද තවම ඉන්නෙ. හරි මම හවස එන්නම් උඹලගේ ගෙදර." ඔහුගේ පිළිතුරෙන් මා ඉතා සෑහීමකට පත් විය.
"අනේ එ්ක නම් හොඳයි බං. පුළුවන් නම් තුෂාරයාවත් කතා කරගෙන වරෙන්කො. මම උෟට Call කරා. Answer කළේ නෑ." මම පැවසුවෙමි.
"වැඩ ඇති බං. මම එන ගමන් අඩගහගෙන එන්නම්." ඔහු පැවසීය.
තුෂාර හා කමල් එනතෙක් බලා සිටි මම සවස හත පසුවන විටත් ඔවුන් නොපැමිණි හෙයින්, දොර වසා දමා තම පියාගේ වියෝව නිසා තවමත් දුක්මුසුව කාලය ගෙවමින් සිටින මාගේ අම්මා ළඟට ගොස් ඇයව කතාවට අල්ලා ගතිමි. උයමින් සිටි ඇගේ මුහුණට මගේ කතා තුළින් සිනහවක් ගෙන ආවේය. මඳ වේලාවක් ගත වන විට මිදුලට යතුරු පැදි දෙකක් පැමිණ නතර කරන හඩ ඇසිණි. එ් මාගේ මිතුරන් බව මා හොඳින් ම දනිමි.
"මචං. එන්න ටිකක් පරක්කු වුණා." කමල් පැවසීය.
"උඹට වගේ ලේසියෙන් ගෙදරින් පැන ගන්න බෑ බං අපිට. ඔන්න උඹවත් මේ මළ කරදරේ නොවැටි ඉඳපන්. තුෂාර පැවසීය. මා සිනා සී,
"හැම කෙල්ලම එහෙම නෑ බං. අපි දැන ගන්න ඕන ගෑණු ගාණට තියාගෙන ඉන්න." මම පැවසුවෙමි. බයික් හඩට තාත්තා ද එළියට පැමිණිය.
"මෙයා දන්න තරම තමයි. නැද්ද අංකල්. අපිත් ඔහොම හිතුවා බං. බඳින්න කලින්." තුෂාර පැවසීය.
"අනේද කියන්නෙ පුතේ." තාත්තාත් ඔවුන් තහවුරු කළහ.
"අර පොතේ අත්සන් කළාට පස්සෙ අැස් වත් නෑරුණු බළල් පැටව් එවරෙඩි පුසො වෙලා එන්නෙ." කමල් එසේ පවසද්දී අපි හැමෝටම සිනාගියහ.
"මොකද මොකද මේ සද්දෙ." කියාගෙන අම්මාත් එළියට පැමිණිය.
"ආ මේ ළමයි නෙ. එන්න පුතේ ගෙට. ඇවිත් වාඩි වෙමු." යැයි පවසා ඇය කුස්සියට ගියේය.
"එන්න පුතාලා. අැවිත් වාඩි වෙන්න. මම බොන්න මොනවා හරි අරගෙන එන්නම්." කියා තාත්තාත් කුස්සිය දෙසට ගියේය.
"මොකද නිකන් අවුලෙන් වගේ." කමල් මගෙන් විමසීය.
"උඹලට මතකද සීයා අර කියන රතු කගපත් කතාව." මම විමසුවෙමි.
"ම්ම්ම්. අම්මෝ ඕක අහලම එපා වෙලා බං." තුෂාර පැවසීය.
"මට අද සීයගෙ කාමරේ තිබිලා අහු වුණා සටහන් වගයක්." මම පැවසුවෙමි.
"හරි. දැන් සීයගෙ කතාවයි, ඔය හමුවුණා කියන සටහනුයි අතර තියෙන සම්බන්ධය මොකද්ද.?" කමල් විමසිය.
"මම හැමදාම කියනවා වගේ මේක අැත්ත කතාවක් බං." මම පැවසුවෙමි. ඔවුන් දෙදෙනා සිනා සිය.
"පිස්සු ද බං. ඔය විකාර අතෑරලා දාපන්." කමල් පැවසීය.
"ඉඳපන්කො මම උඹලට එ් සටහන් ටික පෙන්වන්න." මම පැවසුවෙමි.
"පෙන්නපන් බලන්න." තුෂාර පැවසීය.
"යමන්කො කාමරේට." මම එසේ පවසන විටම තාත්තා සාලයට පැමිණිය හ.
"තේ ඩිංගක් බීලා ඉදිමු නේද පුතේ." තාත්තා එලෙස පවසමින් තේ පිළිගැන්වීය.
"ඉතිං කොහොමද මාමේ." කමල් විමසිය.
"ඔන්න ඔහේ ඉන්නවා පුතා." තාත්තා පිළිතුරු දුන්හ.
"එහෙම ඉන්න එපා මාමෙ. හොඳින් සතුටින් ඉන්න ඕන." කමල් පැවසීය.
"හ්ම්ම්ම්. මොන සතුටක්ද පුතා." තාත්තා පැවසීය.
"ජීවිතයක් තණකොළ ගහක අගිස්සෙ තියෙන පිනි බිංදුවක් වගේ ලු නෙ. ඊළඟ තප්පරේ වත් Shuwer නැති එහෙව් ජීවිතේ සීයා අවුරුදු අනූවක් අල්ලාගෙන හිටපු එක ගැනම අපි සතුටු වෙන්න ඕන." තුෂාර පැවසීය.
"අනිවාර්යයෙන්ම මචං." කමලුත් එය තහවුරු කළේය.
"මම එ්ක තේරුම් අරගෙන හිටියට පුතා නැන්දා දුකින් ඉන්නකොට මටත් අවුල් යනවා." තාත්තා පැවසීය.
"ම්ම්ම්.... එ්කට නම් කරන්න දෙයක් නැහැ මාමෙ. නැන්දාට දුක ඇති. අපි මොනවා කිව්වත් එයාගෙ තාත්තා නෙ." කමල් පැවසීය.
"අන්න එ්කනෙ පුතා. මම පොඩ්ඩක් එ් පැත්තට ගිහින් එන්නම්." කියා තාත්තා මුළුතැන්ගෙය වෙතට පිය නැගුවේය.
"හොඳයි, දැන් යමුකො උඹේ අර සටහන බලන්න." කියා තුෂාර නැගිට්ටේය. අපි තුන් දෙනාම මගෙ කාමරයට ගියෙමි.
"මේ බලපන් කො." කියා මම සටහන් තුන තුෂාරගෙ අතට දුන්හ. ඔහු එය අතට ගෙන ටිකක් පරීක්‍ෂා කර බලා,
"කමලෝ... මූ කියන කතාව අැත්ත වගේ... මේක ටිකක් හොයන්න ඕන එකක්." කියා තුෂාර අතට එක පිටුවක් දුන්හ.
"කෝ බලන්න." කියාගෙන ඔහු පිටුව අතට ගත්තේය.
"මේ අකුරු මොනවද බං." ඔහු කොලය අතට ගත් සැණින් විමසිය.
"හිතාගන්න බෑ. කලින් දැකලා නැහැ." කමල් පැවසීය.
"බ්‍රාහ්මීය අක්ෂර නම් නොවෙයි කියලා මට හිතෙනවා." මම පැවසුවෙමි.
"මටත් හිතෙනවා." කමල් පැවසීය.
"මට තව කොලයක් දියන් මචං." තුෂාර පැවසීය. එවර කමල් සටහන් තුනක් සහිත කොලය තුෂාර අතට දුන්හ.
"මේ කඩදාසි ගොඩක් පරණ කඩදාසි නම් නොවෙයි." කමල් පැවසීය.
"මේ අකුරු බ්‍රාහ්මීය අක්ෂරත් නොවෙයි. අවුරුදු පනහකට හැටකට පරණ නෑ මේ සටහන." තුෂාර පැවසීය.
"මේවා උඹේ සීයා ලියපු සටහන් වෙන්න බැරිද.?" කමල් විමසිය.
"සීයා ලියන්න කියවන්න දන්නෙ නැහැ මචං." මම පැවසුවෙමි.
"මවං.. මේ තියෙන්නෙ කවි පන්තියක්." තුෂාර පැවසීය.
"හොඳයි. කවී පන්තියක් කියමු. එතකොට මේක ලියපු භාෂාව මොකද්ද.? කවි පන්තියෙ තේරුම මොකද්ද.?" කමල් විමසිය.
"කමල්.... කලබල වෙන්න එපා. මේක මොළෙන් හිමිහිට ගහන්න ඕන ගේමක්." තුෂාර පැවසීය.
"මොකද්ද දැන් උඹ කරන්න හදන්නෙ." කමල් විමසිය.
"රණේ. හාෆ් ෂීට් කොලයකුයි පොල්තෙල් බෝතලෙයි අරන් වරෙන්." තුෂාර මා දෙස බලා පැවසීය.
මා සාලෙට පැමිණ බුදු මැදුරේ තිබුණු කුඩා පොල් තෙල් බෝතල රැගෙන කාමරයට ගියෙමි. මේසයේ ලාච්චුවෙනි හාෆ්ශේට් එකක් අරන් දුන්හ.
"මචං. තරහා වෙන්නෙ නැතිව Iron එක ගහපන් කො Current එකට. රත් වෙන්න." තුෂාර එලෙස පවසා පොල් තෙල් අතට ගෙන හාෆ්ශීට් එකේ තැවරුවේය. මා ඉස්ත්‍රීක්කය විදුලියට සම්බන්ධ කළේ ය.
"මචං මට වැඩක් නැති රෙදි කෑල්ලක් දියන්කො." තුෂාර පැවසීය. මා ලේන්සුවක් රැගෙන දුන්නේය.
"මේක වැඩක් නැති වෙනවා හොඳ ද, පොල් තෙල් ගෑවුණාම ආයෙ පාවිච්චි කරන්න බැහැ." තුෂාර මදෙස බලා පැවසීය.
"කමක් නැහැ එ්කට. ඕක පරණ එකක්." මම පැවසුවෙමි. ඔහු හාෆ්ශීට් එකේ ඇති පොල් තෙල් පිසදැමිය. පසුව මේසය මතින් තබා එය මතින් ලේන්සුව තබා අයන් කළහ. අයන් එක Off කර දැමූ ඔහු,
"රණේ. පැන්සලක් ගනින්කො." යැයි මදෙස බලා පැවසීය.
"පැන්සල් නම් හොයන්න බැරි වෙයි බං. පෑනක් නම් දෙන්නෙ පුළුවන්." මම පැවසුවෙමි.
"පෑන ලියවෙන්නෙ නෑ බං පොල් තෙල් උඩ." ඔහු පැවසීය.
"ඉඳපන්කො, මල්ලිගෙන් පැන්සලක් ඉල්ලන් එන්නම් මම." මම පැවසුවෙමි.
"ඉක්මනට අරගෙන වරෙන්කො." තුෂාර පැවසීය. මා පැන්සලක් ගෙනත් දුන්හ.
"මොකද්ද කරන්න හදන්නෙ." කමල් පැවසීය.
"ඉඳපන්කො චුට්ටක්." තුෂාර එලෙස පවසා ඔහු පොල් තෙල් අාලේප කර වියළා ගත් හාෆ්ෂිට් එක, සටහන් තුන තිබුණ කඩදාසිය මත තබා එහි අැති සටහන මත ලියා පිටපතක් සදා ගත්හ.
"දැන් හරි. මචං රණේ අඩිරූලක් හරි කතුරක් හරි දියන් කොල්ලො." තුෂාර පවසන විටම මා ලාච්චුවෙන් අඩි රූලක් අරගෙන දුන්හ.
ඔහු අඩිරූල තබා ලියා ගත් සටහන් තුන ඉරා වෙන් කර, එ්වා එක මත එක තබා නැගිට Light එකට අැල්ලීය.
"මචං. මේ තියෙන්නෙ එක කවියක අකුරු කෑලි කෑලි කවි තුනක ලියලා තියෙන්නෙ. උඹලට ම පේනවනෙ." ඔහු පැවසූ සේම එහි තිබුණේ ඉංග්‍රීසි බසින් ලියවුණ කවියකි.
"මේක ලියලා තියෙන්නෙ සුද්දෙක්. අර උඹලගෙ සීයා එක්ක Photo එකක් අරගෙන තියෙන අයගෙන් කෙනෙක් වෙන්න ඕන." කමල් පැවසීය.
"එ්කා කමක් වුණත් කමක් නෑ, මොකද්ද බලමු කවියෙ තේරුම." මට එහි තේරුම බලන තෙක් ඉවසුම් නැත. තුෂාර මගේ අතට සටහන් කොළ තුන දුන්හ.
"අැත් අැරලා දාපු මිනිරන් පතලක් බිත්තියෙ හංගපු දියමන්ති මිටක් තියෙන කඩුවක් ගැන තමයි කවියෙන් කියලා තියෙන්නෙ මචං." මම පැවසුවෙමි.
"එතකොට උඹලගෙ සීයගෙ කතාව සම්පූර්ණ අැත්ත නෙ මචං." තුෂාර පැවසීය.
"මේක හොයා ගත්තොත් නම් මචං..... අායෙ ටිකට් එකක් අැදුනා වගේ තමයි." කමල් පැවසීය.
"කෝටි ගාණක කඩුවක්. මේක අනිවාර්යයෙන්ම ගන්න ඕන මචං." මම පැවසුවෙමි.
"ඕක ගන්න ඕන වුණත් එ්ක ලේසි නම් නැහැ. එහෙම නේද.?" තුෂාර විමසිය.
"හ්ම්. සුද්දා කියන්නෙ එ්ක යක්ෂයෙක් අරක්ගත් කඩුවක් කියලා." මම පැවසුවෙමි.
"අන්න එ්ක තමයි ප්‍රශ්නය. කවියෙ හැටියට එකසිය ගණනකින් දෙන්නයි ඉතුරු වෙලා තියෙන්නෙ." තුෂාර පැවසීය.
"එ් දෙන්නා අනිවාර්යයෙන්ම උඹගෙ සීයයි, ඔය සටහන් ඇඳපු සුද්දයි වෙන්න ඕන." කමල් පැවසීය.
"ඔව්. එ් දෙන්නා විතරයි." මම එය තහවුරු කළහ.
"ඔන්න ඕක අතෑරලා දාමු මචං. සල්ලි වලට වඩා ජීවිතය වටිනවා නෙ." තුෂාර පැවසීය.
"පිස්සුද. යක්කු දැන් කොයින්ද මචං. අපි මේ කඩුව ගනිමු. අපිට ජීවතකාලෙම සතුටින් ඉන්න පුළුවන්." මම පැවසුවෙමි.
"ඔව්. එ්ක ඇත්ත. මටත් එපා වෙලා තියෙනවා. හම්බ කරන සල්ලි මාසෙ වියදම් වලට ම ඉවරයි. අපි ඔය කඩුව ගනිමු." කමල් පැවසීය.
"හොඳයි අපි වෙන දවස හමුවෙලා කතා කරමු." තුෂාරගේ කතාවෙන් ඔහු බය වූ බවක් දක්නට ලැබුණි.
"උඹ බයද.?" මම තුෂාරගෙන් විමසිය.
"ඔව්. මම බයයි." ඔහු පිළිගත්හ.
"බය වෙන්න එපා බං. දිනුවොත් අපි කෝටපොතියො වෙනවා. පැරදුනොත්..... මැරෙන්නෙ එක වතාවයි බං." කමල් පැවසීය.
"හ්ම්. මැරෙන්නෙ නම් එක වතාවයි තමයි. එ්ත් මගෙ මැණික බලාගන්නෙ කවුද.? මගෙ දුවට තාත්තා කෙනෙක් කොයින්ද.? මගෙ අම්මයි තාත්තයි බලාගන්නෙ කවුද.?" තුෂාර පැවසීය.
"හරි හරි. ප්‍රශ්නයක් වෙන්නෙ නැහැ. කල්පනාවෙන් වැඩ කරමු. අනික උඹ යන්නෙ නැතුව මේකෙ තියෙන ප්‍රහේළිකා විසඳන්නෙ කවුද.?" මම පැවසුවෙමි.
"හරි. කමක් නෑ. ඕන දෙයක්. කවද්ද දැන් අපි යන්නෙ." තුෂාර විමසිය.
"මේ සෙනසුරාදා යමු." මම පැවසුවෙමි.
"මේ... සතියෙ නම් යන්න බැහැ." කමල් පැවසීය.
"ඇයි මොකද අවුල." තුෂාර විමසිය.
"පවුල එක්ක චිත්‍රපටියක් බල්ලන යන්න දාගත්තා." කමල් පැවසීය.
"අනේ... මොකද්ද බං... චිත්‍රපට ලබන සතියෙත් පෙන්වනවා නෙ. ලබන සතියෙ පලයන්කො." මම පැවසුවෙමි.
"බැඳලා ඉඳපන්කො. උපදෙස් දෙන්න කලින්." කමල් පැවසීය.
"දැන් එතකොට යන්නෙ කවද්ද." මම විමසුවෙමි.
"හරි මේ සෙනසුරාදා යමු." කමල් එකඟ විය.
"ඔව් සෙනසුරාදා යමු." තුෂාරත් එකඟ විය.
"මම නම් කොහොමත් ලේස්ති පිට නෙ ඉන්නෙ. එහෙනම් මේ සෙනසුරාදා යමු." මම පැවසුවෙමි. ඉන්පසු අප තිදෙනා සාලයට පැමිණියේ ය. සාලයට වී රූපවාහිනීය නරඹමින් සිටි තාත්තා,
"පුතාලා, රෑට කෑම කාලම යමු." යැයි පවසමින් රෑ කෑමට අාරාධනා කළහ.
"අනේ අද නම් බැහැ මාමෙ. ගෙදර බත් උයලා මම එනකම් බලාගෙන ඉන්නවා." තුෂාර පැවසීය.
"අපෙත් එහෙම තමයි මාමෙ." කමලුත් එය තහවුරු කළහ.
"එහාමද. එහෙනම් ඉතිං මොනවා කරන්න ද.?" තාත්තා විමසිය.
"අපි වෙන වෙලාවක එන්නම් මාමෙ." කියා කමල් එළියට ගියේය.
"එහෙනම් අපි ගියා මචං." කියමින් තුෂාරත් යන්නට එළියට ගියේය.
එදින මා නින්දට ගියේ සිතේ කාලයක් තිස්සෙ කැකෑරෙමින් තිබුණු ප්‍රශ්නයට පිළිතුරු ලැබීමෙන් ලද සතුටින් ය. දියමන්ති එබ්බවූ මිට සහිත රන් කඩුව ලබා ගැනීම මගේ ඉලක්කය වී හමාරය. ඇඳට ගොස් හාන්සි වී සිවිලිම දෙස බලාන කල්පනා සයුරක ගිලුණි. එකවර ම මා වෙත පැමිණ සීයා,
"ඔය කඩුව ගන්න යන්න එපා. ඕක යක්ෂයෙක් අරක්ගතපු කඩුවක්. ඕක අතට ගන්න කවුරුවත් සතියකට වඩා ජීවත් වෙන්නෙ නෑ." යැයි පැවසීය. මා එකවර ම නින්දෙන් අවදි විය.
"එ්ක හීනයක්. කොහොම හරි මේ කඩුව ගන්න ඕන." මම මටම කියා ගතිමි.
පසුදින දහවල් මා නිවසට වී සිටින විට කමල් මා හට දුරකථන ඇමතුමක් ලබා ගෙන,
"මාර වැඩේ නෙ බං. ඊයෙ රෑ මම ගෙදර එනකොට උඹලයි සියා හම්බ වුණා නෙ." යැයි පවසන්නට විය.
"වෙන කවුරු හරි වයසක මනුස්සයෙක් වෙන්න ඇති බං. මැරිච්ච සීයා කොයින්ද උඹට හම්බ වෙන්නෙ." මම පැවසුවෙමි.
"නෑ බං. උඹලයි සීයා ම තමයි. තැනින් තැනින් මතුවෙලා බයික් එකට අත දැම්මා." ඔහු පැවසීය. මා සිනා සී,
"ඉතිං. උඹ නැවැත්තුවා.?" යැයි විමසිය.
"ඔව් ඉතිං. මම හෙන බයෙන් නැවැත්තුවා. නැත්නම් මාත් එක්ක අපෙ ගෙදරත් එයි උඹලයි සීයා." ඔහු පැවසීය. මා සිනා සිය.
"හිනා වෙන්න නොවෙයි බං. ඔය කඩුව ගන්න යන්න එපා කියලා කිව්වා. ඕක අතට ගන්න හැමෝම යකෙක් බිලිගන්නවා කියලා කිව්වෙ." ඔහු පැවසීය. මා සිනා සී,
"විකාර කියවන්නෙ නැතුව සෙනසුරාදාට යන්න ලෑස්ති වෙයන්. බය නම් එන්න එපා. උඹලා දෙන්නා නාවත් මම තනියම හරි යනවා." මම පැවසුවෙමි.
"නෑ නෑ. මම එනවා." ඔහු පැවසීය. මා අැමතුම විසන්ධි කළහ.
මතු සම්බන්ධයි.
කර්තෘ :- නලින්ද රණවක.
2022 අගෝස්තු 30.