25/03/2021
=== දිවයින පුරා ඉදි කෙරෙන "සුහුරු බස් නැවතුම්පලවල් 3000 ව්‍යාපෘතිය ඇරඹේ.. ===
අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන්ගේ සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමන්ගේ පූර්ණ ආශිර්වාදයෙන්,
මහා මාර්ග අමාත්‍යාංශය, මාර්ග සංවර්ධන අධිකාරිය හා එක්ව අධිවේගී මාර්ග ප්‍රවාහන පුද්ගලික සමාගම විසින් ක්‍රියාත්මක කරන "3000 Smart Bus Stop" සංකල්පයට අදාලව ඉදි කරනු ලැබූ පළමු සුහුරු බස් නැවතුම්පල,
ගරු මහා මාර්ග අමාත්‍ය, ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක ජොන්ස්ටන් ප්‍රනාන්දු මැතිතුමන් විසින් අද දිනයේ රාජගිරියේදී විවෘත කරනු ලැබුවා...
ඒ සඳහා කොළඹ දිස්ත්‍රික් ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී මධුර විතානගේ මැතිතුමන් හා අධිවේගී මාර්ග ප්‍රවාහන පුද්ගලික සමාගමේ සභාපති කැලුම් ජයසුමන මැතිතුමන් සහභාගී වුනා..
රජයේ මුදල් සතයක්වත් වැය නොකර ඉදිකෙරෙන මෙම බස් නැවතුම් පලවල් සියල්ල තුලම CCTV කැමරා හරහා ආරක්ෂාව තහවුරු කෙරෙන අතර, බස් නැවතුම්පලේ රැදෙන සෑම මගියෙකුම රුපියල් මිලියනයක ජීවිත රක්ෂණයකට හිමිකම් කියයි. එකවර ජංගම දුරකථන නවයක් සඳහා බැටරි ආරෝපණය කිරීමේ පහසුකම් සලසා ඇත. සුහුරු රූපවාහිණිය තුල විගස පුවත්, සංචාරක පුවත් ආදී වැඩසටහන් නැරඹීමේ හැකියාව ඇත. මෙය ප්‍රධාන වශයෙන්ම සූර්ය කෝෂ හරහා පරිසර හිතකාමී ලෙසින් බල ගැන්වෙන ලෙස සකස් කර ඇත.
මේ තුල ඔබගේ ප්‍රචාරණයන් කර ගත හැකි අතර ඒ පිළිබඳ විමසීම් +94706300905 දුරකථනයෙන් සහ [email protected] විද්‍යුත් ලිපිනයෙන් ලබාගත හැක.