රෝන්දේ යමු Ronde Yamu

රෝන්දේ යමු Ronde Yamu නේකවිධ දේවල්වලින් සැරසී ඇති ලෝකය විද 🏞️ - පරිසරයේ රූපිකම සොයා යන සෙවණැල්ලක්. 🌿✨

𝐕𝗂𝗌𝗂𝗍 𝐒𝗋𝗂 𝐋αN𝗄α 🍀🇱🇰 __________________ •••••©️•••••                                                             📸 Credit...
20/08/2024

𝐕𝗂𝗌𝗂𝗍 𝐒𝗋𝗂 𝐋αN𝗄α 🍀🇱🇰
__________________
•••••©️•••••







📸 Credit to Respective Owner
🇱🇰 Sri Lanka

More Pictures - https://linktr.ee/hey_beauty𝐕𝗂𝗌𝗂𝗍 𝐒𝗋𝗂 𝐋αN𝗄α 🍀🇱🇰 __________________ •••••©️•••••                         ...
20/08/2024

More Pictures - https://linktr.ee/hey_beauty
𝐕𝗂𝗌𝗂𝗍 𝐒𝗋𝗂 𝐋αN𝗄α 🍀🇱🇰
__________________
•••••©️•••••







📸 Credit to Respective Owner
🇱🇰 Sri Lanka

සොබාදහම කොතරම් බලවත්ද යන්න පෙන්වන "ඇරිසෝනා රැල්ල"(Arizona Wave)මේ Arizona Wave කියලා කියන්නෙ වැලිගල් පෂාන මගින් නිර්මාණ...
17/08/2024

සොබාදහම කොතරම් බලවත්ද යන්න පෙන්වන "ඇරිසෝනා රැල්ල"(Arizona Wave)

මේ Arizona Wave කියලා කියන්නෙ වැලිගල් පෂාන මගින් නිර්මාණය වු සොබාවධර්මයේ අති විශිෂ්ට නිර්මාණයක් කිවහොත් මම නිවැරැදියි.මේක පිහිටලා තියෙන්නේ ඇමරිකාවේ ඇරිසෝනා කියන ප්‍රාන්තයේ කොලරාඩෝ සානුවේ පිහිටි කොයෝට් බූට්ස් කියන කඳු බෑවුමේ.

ඡායාරූප ශිල්පීන් සහ ඉතා ත්‍රාසජනක කඳු නගින්නන් අතර ඉතාමත් ප්‍රසිද්ධ මේ පෂාන මිටියාවත වසර මිලියන 190 කට පෙර පැවති ජුරාසික් යුගය දක්වා විහිදෙන බව පරීක්ෂණ මගින් සානාථ වෙලා තිබෙනවා.ජුරාසික් යුගයේ පැවති නවාජෝ නම් වැලි ගල් ඛාදනය වීම මගින් අද මේ අපි දකින පාට රැලි සහිත හැඩ වලට මූලික වෙලා තියෙනවා කියලා තමයි පරීක්ෂකයින් විශ්වාස කරන්නේ.

උපුටා ගැනීමකි ✍️






🎉 2024 කන්ද උඩරට ඇසළ පෙරහර මහා මංගල්ලයේ සමාරම්භය සනිටුහන් කරමින්, පළමු කුඹල් පෙරහර වෙනුවෙන් 🐘 ඉන්දිරාජා මඟුලැතු සධාතුක ප...
12/08/2024

🎉 2024 කන්ද උඩරට ඇසළ පෙරහර මහා මංගල්ලයේ සමාරම්භය සනිටුහන් කරමින්, පළමු කුඹල් පෙරහර වෙනුවෙන් 🐘 ඉන්දිරාජා මඟුලැතු සධාතුක පෙරහර කරඬු වහන්සේ දරාගනිමින් 🌕 සඳගලට පා තැබු පින්බර මෙහෙොත.

__________________
•••••©️•••••







📸 Credit to Respective Owner
🇱🇰 Sri Lanka

ඇට්ටේරිය පුෂ්පය-------------------------------මෙහි උද්භිද විද්‍යාත්මකනාමය Murraya Paniculta(L)Jack වන අතරRutacea කුලයට අ...
01/10/2023

ඇට්ටේරිය පුෂ්පය
-------------------------------
මෙහි උද්භිද විද්‍යාත්මකනාමය Murraya Paniculta(L)Jack වන අතර
Rutacea කුලයට අයත්ය.
මෙම ශාකය ඖෂධීය වශයෙන් ඉතා වැදගත් වූවක් ලෙස හඳුන්වයි. ආයුර්වේද බෙහෙත් වට්ටෝරුවල දී සුරබි, සීසප හා යාපුරං යන නම්වලින් හඳුන්වයි. ඉංග්‍රීසි භාෂාවෙන් මෙය "Dharsuubatae Neepasae" යනුවෙන් දැක්වේ. ශාකයේ ස්වභාවය ගත් විට ගස මීටර පහක් තරම් උසට වැඩෙන අතර පඳුරු ස්වභාවයක් ගනී. පත්‍ර දෙහි කොළයක හැඩයට සමාන වන අතර දිලිසෙන සංයුක්ත පත්‍ර වේ. රාත්‍රි සඳ එළියත් සමඟ පිපෙන මෙම මල් සුදු පැහැයෙන් යුක්තය.

මෙම ශාක ලංකාවේ පහත රට වියළි කලාපයේ හා අතරමැදි කලාපයේ බහුල වශයෙන් ව්‍යාප්ත වී ඇත. වි‍ශේෂයෙන් ම පහත රට මෝසම් වැසි වනාන්තරවල සහ ගල් කුහරවල වැඩි වශයෙන් දක්නට ලැබේ. ඒ හැරෙන්නට ඉන්දියාව, බුරුමය, ඉන්දුනීසියාව, මැලේසියාව යන ආසියාතික රටවල සහ ඕස්ට්‍රේලියාවේ ව්‍යාප්ත වී ඇත.

මෙම ඇට්ටේරිය ශාකයේ ප්‍රයෝජන පිළිබඳ සළකා බලන විට ප්‍රධාන වශයෙන් ගෘහස්ත වගාවට සුදුසු ය. අද වන විට මේවා විසිතුරු බඳුන් වගා ක්‍රමයක් ලෙස අලෙවිය සඳහා යොදාගෙන ති‍බේ. ශාක කඳ ගෘහ කර්මාන්තයේ දී කැටයම් කැපීම, භාණ්ඩ නිෂ්පාදනය යන අංශවලට යොදා ගනියි. ශාක පොතු සුවඳ විලවුන් නිෂ්පාදනය කිරීමටත්, පොත්තේ යුෂ ආහාර ජීර්ණය පහසු කිරීමටත් යොදා ගන්නා ඔසුවක් ලෙස නම් කෙරේ. මෙය වයඹ පලාත් පුෂ්පය ලෙසද හදුන්වනු ලබයි..


#රෝන්දේයමු



#ඇට්ටේරියා


29/09/2023

Arugam Bay  #රෝන්දේයමු
28/09/2023

Arugam Bay
#රෝන්දේයමු



ගුරුළු රාජ පුෂ්පය-----------------ශ්‍රීලංකාව තුළ ඇති රාජ වර්ගයට අයත් ශාකයක් ලෙස ගුරුළු රාජ ශාකය සලකනු ලැබේ. වර්තමානයේ මෙ...
26/09/2023

ගුරුළු රාජ පුෂ්පය
-----------------
ශ්‍රීලංකාව තුළ ඇති රාජ වර්ගයට අයත් ශාකයක් ලෙස ගුරුළු රාජ ශාකය සලකනු ලැබේ. වර්තමානයේ මෙම ශාකයේ විද්‍යාත්මක නාමය වනුයේ Rhynchostylis retusa වන අතර මෙය orchidaceae කුලයට හා Rhynchostylis ඝණයට අයත් වේ. මෙය ශ්‍රීලංකාව තුල දැකිය හැකි Rhynchostylis ඝණයට අයත් එකම දුර්ලබ උඩවැඩියා ශාකය මෙන්ම මෙය ශ්‍රීලංකාවට ආවේණික ශාකයකි. අතීතයේ මෙම ශාකය බොහෝ සෙයින් දැකගත හැකි උනද වර්තමානයේ ශ්‍රීපාද අඩවිය, සිංහරාජය වැනි වනාන්තර තුළ මෙන්ම පේරාදෙණිය වැනි උද්‍යානවලට පමණක් සීමා වී ඇත. ගුරුළු රාජ ඌව පළාත තුළ ස්වභාවිකවම වැවෙන බැවින් එය ඌව පළාතට විශේෂ ශාකයක් වන අතර ගුරුළු රාජ පුෂ්පය ඌව පළාත් පුෂ්පය වේ.



#ගුරුළුරාජපුෂ්පය
#ගුරුළු
#රෝන්දේයමු


03/09/2023

කල්අඩි පාලම @මඩකලපුව
29/07/2023

කල්අඩි පාලම @මඩකලපුව

13/02/2023

31/01/2023

#රෝන්දේයමු ුත් අලුත් දේ හමුවිය හැක. ලෝකයේ නේකවිධ දේවල්වලින් සැරසී ඇත. පරිසරය, සතුන්...

රොරයිමා කන්ද-----------------පෘථිවියේ පැරණිතම භූ විද්‍යාත්මක සැකැස්මක් ලෙස සලකන රොරයිමා (Roraima) කන්ද  යුනෙස්කෝ ලෝක උරු...
08/12/2022

රොරයිමා කන්ද
-----------------
පෘථිවියේ පැරණිතම භූ විද්‍යාත්මක සැකැස්මක් ලෙස සලකන රොරයිමා (Roraima) කන්ද යුනෙස්කෝ ලෝක උරුම අඩවියක් වන වෙනිසියුලාවේ කැනයිමා ජාතික උද්‍යානයේ (canaima national park) පිහිටා ඇත.
මෙය වසර බිලියන දෙකකට පමණ පෙර ප්‍රාකේම්බ්‍රිය යුගයේ සිට පැවත එන්නකි. එම කාලයට පෙර නිර්මාණය වූ වැලිගල් හා පෘථිවියේ පැරණිතම පාෂාණ අතර වන ක්වාට්ස් තැන්පතු විශාල ප්‍රමාණයක් මෙහි අඩංගු වෙයි.
බ්‍රසීලය, වෙනිසියුලාව සහ ගයනාව අතර ත්‍රිත්ව මායිම ආශ්‍රිතව පවතින මෙම කඳු මුදුනේ සුවිශේෂී භූ විෂමතාවය නිසා භූගෝලීය හුදකලා වීමට හා එයට ආවේණික ශාක හා සත්ව විශේෂවල නිවහනක් වී ඇත.
රොරයිමා කන්ද මුදුනේ දිග කිලෝමීටර 10 කට වඩා වැඩි සහ පළල කිලෝමීටර 5ක් වෙයි. එහි උන්නතාංශය (උස)මීටර් 2600-2700 පමණ වෙයි.
ඩයිනොසෝරයන්ගේ කතාන්දරයක් වන ශ්‍රීමත් ආතර් කොනන් ඩොයිල් විසින් 1912 රචිත ද ලොස්ට් වර්ල්ඩ් (the Lost World) නවකතාව සදහා රොරයිමා කන්ද ආභාෂ කරගෙන ඇත.

Copied
ලෝක පුරාවිද්‍යාව හා ඉතිහාසය

20/11/2022

දෙමෝදර ආරුක්කු පාලම ඉදිකිරීම් කටයුතු කරන දුර්ලබ ඡායාරූපයක්   #රෝන්දේයමු
30/10/2022

දෙමෝදර ආරුක්කු පාලම ඉදිකිරීම් කටයුතු කරන දුර්ලබ ඡායාරූපයක්


#රෝන්දේයමු

ලිප්ටන් සීට්....පළාත් 5ක් දකින්න පුළුවන් ලංකාවේ එකම තැනලංකාවේ පළාත් පහක් එකම තැනක ඉදන් බලන්නට පුඵවන් එකම ස්ථානය බදුල්ල ද...
26/10/2022

ලිප්ටන් සීට්....

පළාත් 5ක් දකින්න පුළුවන් ලංකාවේ එකම තැන
ලංකාවේ පළාත් පහක් එකම තැනක ඉදන් බලන්නට පුඵවන් එකම ස්ථානය බදුල්ල දිස්ත්රික්කයේ විතරක් නොවෙයි ලෝකයේ සුන්දරම තැන් වලින් එකක්. ලංකාවේ තේ ලෝකය හදුනන්නේ ‘ලිප්ටන් තේ’ කියලයි. ලිප්ටන් ගේ තේ වත්ත තියෙන්නේ හපුතලේ දඹේතැන්න – බණ්ඩාරවෙල පූනාගල අතර කදු ඉස්මත්තාවේ.
ලෝකයේ රසම තේ විදිහට එදා එංගලන්තයේ බොහෝ දෙනෙක් සැලකුවේ ලිප්ටන් ගේ තේ වත්තේ තේ කොලයි. අදටත් ලිප්ටන් නාමය තේ ලොවේ ඉහළම තැනක වැජබෙනවා. අද අපි මේ විස්තරය කියන්නේ ලිප්ටන් ගේ තේ වත්තේ තියෙන ‘ලිප්ටන් සීට්’ ගැනයි.
ලිප්ටන් සීට් කියන්නේ කඳු නිම්න තුනක් එකිනෙක හමුවෙන ඉතාම පටු කදු මුදුනක්. තෝමස් ලිප්ටන් දඹේතැන්න වත්ත මිලදී ගෙන එහි සුන්දරත්වය විදිමින් ගත කළ ස්ථානයට මෙතැන යැයි බොහෝ දෙනා විශ්වාස කරනවා. ලංකාවේ ජීවත් වූ සෑම කාල වකවානු වල දී බොහෝ සැදෑ සමයන් හි ඔහු මෙම ස්ථනායට පැමිණි විනෝද වූ බවත් තමන්ගේ විදේශීය මිතුරන් තමන්ගේ තේ වත්තේ අතිශයින්ම සුන්දර ස්ථානය වෙත රැගෙන විත් සාද පැවැත්වූ බවත් කියවෙනවා. එදා යුරෝපයේ ලිප්ටන් තේ ගැන කියන කොට ඒ තේ නිපදවෙන අතිශයින් සුන්දර වටපිටාව ගැනත් සදහන් කරන්නට එයත් එක් හේතුවක් වෙලා තිබුණා.
ලංකාවට තේ වගාව හදුන්වලා දුන්න ජේම්ස් ටේලර් සමග එක්වෙලා පසුකාලයක “සර් තෝමස් ජේ. ලිප්ටන්” ලංකාවේ තේ යුරෝපයට රැගෙන ගියා. ඒ අතර ඔහු දඹේතැන්නට පැමිණ එහි දැවැන්ත වතු යායක් සංවර්ධනය කළා. ලිප්ටන් සීට් වටේටම තියෙන්නේ ඒ තෝමස් ජේ ලිප්ටන් ගේ තේ වත්ත තමයි. හපුතලේ සිට බණ්ඩාරවෙල දක්වාම මේ තේ වත්තත් එයට අනුබද්ධ තේ වගාවත් පැතිර තිබෙනවා. දඹේතැන්න තමයි, ලංකාවේ ලොකුම තේ කම්හල පිහිටලා තියෙන්නෙත්. කාලයක් ලෝකයේ හොඳම කළු තේ නිශ්පාදන කම්හල කියලයි හඳුන්වන්නේ.
මේ දඹතැන්න වතුයාය අක්කර 925 ක් වෙනවා. කිසිම විවාදයක් නෑ. වත්තේ තියෙන සුන්දරම ස්ථානය තමයි, අංශක 360 ක දර්ශනයක් බලාගන්න පුඵවන් වත්තේ උසම ස්ථානය.
මීදුම නැති දවසක ලිප්ටන් සීට් හි සිට ඌව, සබරගමුව, දකුණ, නැගෙනහිර, සහ මධ්යම පළාත් එක වර බලන්නට පුඵවන්. හැබැයි ඒකට වාසනාවක් තියෙන්න ඕනි.

coped
#රෝන්දේයමු


Address

Sri Jayavardhanapura
00800

Website

Alerts

Be the first to know and let us send you an email when රෝන්දේ යමු Ronde Yamu posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to රෝන්දේ යමු Ronde Yamu:

Videos

Share

Category

Nearby travel agencies


Other Travel Companies in Sri Jayavardhanapura

Show All